යෙදුමෙන් කියවන්න

7. කට‍්ඨහාරිජාතකවණ‍්ණනා 7 අට‍්ඨකථා

7. කට‍්ඨහාරිජාතකවණ‍්ණනා (7)

7. කට්ඨහාරි ජාතකය (7)

පුත‍්තො ත්‍යාහං මහාරාජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො වාසභඛත‍්තියං ආරබ‍්භ කථෙසි. වාසභඛත‍්තියාය වත්‍ථු ද‍්වාදසකනිපාතෙ භද‍්දසාලජාතකෙ ආවිභවිස‍්සති. සා කිර මහානාමස‍්ස සක‍්කස‍්ස ධීතා නාගමුණ‍්ඩාය නාම දාසියා කුච‍්ඡිස‍්මිං ජාතා කොසලරාජස‍්ස අග‍්ගමහෙසී අහොසි. සා රඤ‍්ඤො පුත‍්තං විජායි. රාජා පනස‍්සා පච‍්ඡා දාසිභාවං ඤත්‍වා ඨානං පරිහාපෙසි, පුත‍්තස‍්ස විටටූභස‍්සාපි ඨානං පරිහාපෙසියෙව. තෙ උභොපි අන‍්තොනිවෙසනෙයෙව වසන‍්ති. සත්‍ථා තං කාරණං ඤත්‍වා පුබ‍්බණ‍්හසමයෙ පඤ‍්චසතභික‍්ඛුපරිවුතො රඤ‍්ඤො නිවෙසනං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “මහාරාජ, කහං වාසභඛත‍්තියා”ති ආහ. “රාජා තං කාරණං ආරොචෙසි. මහාරාජ වාසභඛත‍්තියා කස‍්ස ධීතා”ති? “මහානාමස‍්ස භන‍්තෙ”ති. “ආගච‍්ඡමානා කස‍්ස ආගතා”ති? “මය‍්හං භන‍්තෙ”ති. මහාරාජ සා රඤ‍්ඤො ධීතා, රඤ‍්ඤොව ආගතා, රාජානංයෙව පටිච‍්ච පුත‍්තං ලභි, සො පුත‍්තො කිංකාරණා පිතු සන‍්තකස‍්ස රජ‍්ජස‍්ස සාමිකො න හොති, පුබ‍්බෙ රාජානො මුහුත‍්තිකාය කට‍්ඨහාරිකාය කුච‍්ඡිස‍්මිම‍්පි පුත‍්තං ලභිත්‍වා පුත‍්තස‍්ස රජ‍්ජං අදංසූති. රාජා තස‍්සත්‍ථස‍්සාවිභාවත්‍ථාය භගවන‍්තං යාචි, භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

“පුත්තො ත්‍යාහං මහාරාජා” යන මේ ජාතකය බුදුරදහු දෙව්රමෙහි වැඩ වසන්නෝ වාසභ ඛත්තියා නම් කුමරියගේ කථාව අරබයා දේශනා කළහ. වාසභඛත්තියාගේ කථා පුවත දොළොස් වැනි නිපාතයේ භද්දසාල ජාතක කථාවෙහි එන්නේය. ඕ වනාහි මහානාම ශාක්‍ය රජුගේ දියණියකි. නාගමුණ්ඩා නම් දාසියගේ කුස උපන්නීය. කොසොල් රජුගේ අග මෙහෙසිය වූවාය. ඕ රජුට දාව පුතකු වැදුවාය. රජතුමා පසුව ඇයගේ දාසිභාවය දැන අග මෙහෙසි තනතුරින් පිරිහෙළීය. පුත් වූ විඩූඩභ කුමරුගේ ස්ථානය ද පිරිහෙළීය. දෙදෙනා ම රජමැදුර තුළ ම වෙසෙති. බුදු රජහු මේ කරුණ දැන, පෙරවරුයෙහි පන්සියයක් සඟුන් පිරිවරා රජ මැදුරට වැඩමවා, පනවනලද අසුනෙහි වැඩහිඳ, මහා රජ, වාසභඛත්තියා කොහි ද? රජතුමා එපුවත් සැල කෙළේය. මහා රජ, වාසභ ඛත්තියා කවරකුගේ දියණියක් ද? ස්වාමීනි, මහානාමගේය. කවරකු උදෙසා මෙහි පැමිණියා ද? ස්වාමීනි, මා උදෙසාය. එසේ නම් මහ රජ, මෝ තොමෝ රාජ දියණියකි. රජකු උදෙසා ම පැමිණියාය. ඔබට ම දාව පුතකු ද ලැබුවාය. එම පුත්‍රයා පිය සතු රාජ්‍යයට හිමියෙකු නො වන්නේ කුමක් නිසා ද? පෙර රජවරු එකෙණෙහි බිරිය බවට පත්, දර ගෙනයන්නියගේ කුසෙහි ඉපදුනු පුතුට ද රාජ්‍යය දුන්හ. කොසොල් රජතුමා මෙම පුවත හෙළිදරව් කිරීම පිණිස බුදුරදහු අයැද සිටියේය. බුදුරදහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්‍රකට කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො රාජා මහන‍්තෙන යසෙන උය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථ පුප‍්ඵඵලලොභෙන විචරන‍්තො උය්‍යානවනසණ‍්ඩෙ ගායිත්‍වා දාරූනි උද‍්ධරමානං එකං ඉත්‍ථිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො සංවාසං කප‍්පෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙව බොධිසත‍්තො තස‍්සා කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි, තාවදෙව තස‍්සා වජිරපූරිතා විය ගරුකා කුච‍්ඡි අහොසි. සා ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා “ගබ‍්භො මෙ, දෙව, පතිට‍්ඨිතො”ති ආහ. රාජා අඞ‍්ගුලිමුද‍්දිකං දත්‍වා “සචෙ ධීතා හොති, ඉමං විස‍්සජ‍්ජෙත්‍වා පොසෙය්‍යාසි, සචෙ පුත‍්තො හොති, අඞ‍්ගුලිමුද‍්දිකාය සද‍්ධිං මම සන‍්තිකං ආනෙය්‍යාසී”ති වත්‍වා පක‍්කාමි.

පෙර බරණැස් නුවර බඹදත් රජ මහත් යසසින් උයනට ගොස් එහි මල් ගෙඩි කෙරෙහි ලොබින් උයන් වන ලැහැබෙහි හැසිරෙන්නේ උයන් වන ලැහැබෙහි ගී ගයමින් දර නෙළන ගැහැනියක දැක, ඇය පිළිබඳ සිත් ඇතිව සංවාසය කෙළේය. එකෙණෙහි ම බෝසතාණෝ ඇය කුස පිළිසිඳ ගත්හ. ඒ සමග ම ඇගේ කුස වීදුරු පිරුණාක් මෙන් බර විය. ඇය දරු ගැබක් පිහිටි බව දැන දේවයිනි, මා කුස දරු ගැබක් පිහිටියේය. රජතුමා ඇඟිලි මුදුවක් දී, ඉදින් දුවක් නම් මෙය වියදම් කොට පෝෂණය කරව. පුත්‍රයකු නම් මා වෙත ගෙන එවයි කියා සිටියේය.

සාපි පරිපක‍්කගබ‍්භා බොධිසත‍්තං විජායි. තස‍්ස ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ කීළාමණ‍්ඩලෙ කීළන‍්තස‍්ස එවං වත‍්තාරො හොන‍්ති “නිප‍්පිතිකෙනම‍්හා පහටා”ති. තං සුත්‍වා බොධිසත‍්තො මාතු සන‍්තිකං ගන‍්ත්‍වා “අම‍්ම, කො මය‍්හං පිතා”ති පුච‍්ඡි. “තාත, ත්‍වං බාරාණසිරඤ‍්ඤො පුත‍්තො”ති. “අම‍්ම, අත්‍ථි පන කොචි සක‍්ඛී”ති? තාත රාජා ඉමං මුද‍්දිකං දත්‍වා “සචෙ ධීතා හොති, ඉමං විස‍්සජ‍්ජෙත්‍වා පොසෙය්‍යාසි, සචෙ පුත‍්තො හොති, ඉමාය අඞ‍්ගුලිමුද‍්දිකාය සද‍්ධිං ආනෙය්‍යාසී”ති වත්‍වා ගතොති. “අම‍්ම, එවං සන‍්තෙ කස‍්මා මං පිතු සන‍්තිකං න නෙසී”ති . සා පුත‍්තස‍්ස අජ‍්ඣාසයං ඤත්‍වා රාජද‍්වාරං ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචාපෙසි. රඤ‍්ඤා ච පක‍්කොසාපිතා පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා “අයං තෙ, දෙව, පුත‍්තො”ති ආහ. රාජා ජානන‍්තොපි පරිසමජ‍්ඣෙ ලජ‍්ජාය “න මය‍්හං පුත‍්තො”ති ආහ. “අයං තෙ, දෙව, මුද‍්දිකා, ඉමං සඤ‍්ජානාසී”ති. “අයම‍්පි මය‍්හං මුද‍්දිකා න හොතී”ති. “දෙව, ඉදානි ඨපෙත්‍වා සච‍්චකිරියං අඤ‍්ඤො මම සක‍්ඛි නත්‍ථි, සචායං දාරකො තුම‍්හෙ පටිච‍්ච ජාතො, ආකාසෙ තිට‍්ඨතු, නො චෙ, භූමියං පතිත්‍වා මරතූ”ති බොධිසත‍්තස‍්ස පාදෙ ගහෙත්‍වා ආකාසෙ ඛිපි. බොධිසත‍්තො ආකාසෙ පල‍්ලඞ‍්කමාභුජිත්‍වා නිසින‍්නො මධුරස‍්සරෙන පිතු ධම‍්මං කථෙන‍්තො ඉමං ගාථමාහ –

ඕ තුමූ ද මුහුකුරා ගිය ගැබ් ඇත්තී බෝසතුන් බිහි කළාය. ඔහු දුව පැන හැසිරෙන කල්හි කෙළි මඬලෙහි සෙල්ලම් කරන්නහු මෙසේ කියන්නෝ වෙත්. පියා නැත්තා විසින් පහරන ලද්දෝ වෙමු. ඒ ඇසූ බෝසත්හු මව වෙත ගොස් මෑණියනි, මගේ පියා කවරෙක් ද? දරුව, ඔබ බරණැස් රජුගේ පුත්‍රයාය. මෑණියනි, ඒ සඳහා කිසියම් සාක්‍ෂියක් ඇත්තේ ද? රජ මේ මුද්ද දී ඉඳින් දුවක වූයේ නම් මෙය වියදම් කොට පෝෂණය කරන්නැ යි ද පුතෙක් වී නම් මේ මුදුව සමග තමා වෙත ගෙන එන්නැ යි ද කියා ගියේය. එසේ නම් මා පියා ළඟට නො පමුණුවන්නේ ඇයි? පුතුගේ අදහස දැනගත් ඇය පුතු සමග රජ දොරටුව වෙත ගොස් තමා පැමිණි බව දන්වා සිටියාය. රජු විසින් කැඳවන ලද්දී, එවිට රජුන් වැඳ දේවයිනි, මේ ඔබතුමාගේ පුත්‍රයායැ යි කීවාය. රජතුමා දන්නේ නමුදු පිරිස් මැද ලජ්ජාවෙන් මගේ පුත්‍රයකු නො වේයැ යි කීය. දේවයිනි, මේ ඔබතුමන්ගේ ඇඟිලි මුදුවයි. එය හඳුනන්නහුදැ යි ඇසුවාය. මේ මුදුව ද මගේ නො වේ. දේවයිනි, දැන් මට සත්‍යය ක්‍රියාව හැර වෙන සාක්‍ෂියක් නැත. ඉදින් මේ දරුවා ඔබතුමා නිසා උපන්නේ නම් අහසෙහි සිටීවා. එ සේ නොවේ නම් බිම වැටී මැරේවා යි බෝසතුන් පාදයෙන් ගෙන අහසට විසි කළාය. බෝසතාණෝ අහසෙහි පළක් බැඳ හුන්නේ මිහිරි හඬින් තම පියාට දම් දෙසන්නේ මේ ගාථාව දෙසූහ.

“පුත‍්තො ත්‍යාහං මහාරාජ, ත්‍වං මං පොස ජනාධිප; අඤ‍්ඤෙපි දෙවො පොසෙති, කිඤ‍්ච දෙවො සකං පජ”න‍්ති.

“පුත්තො ත්‍යාහං මහාරාජ ත්‍වං මං පොස ජනාධිප, අඤ්ඤෙපි දෙවො පොසෙති කිඤ්ච දෙවො සකං පජන්ති”

“මහරජතුමනි, මම ඔබතුමාගේ පුත්‍ර වෙමි. ජන නායකතුමනි, ඔබතුමා මා පෝෂණය කරනු මැනවි. දේවයන් වහන්සේ සේවකාදී අන්‍යයන්ද පෝෂණය කරයි. සිය පුත්‍රයා පෝෂණය නො කරන්නේ මන්ද?”

තත්‍ථ පුත‍්තො ත්‍යාහන‍්ති පුත‍්තො තෙ අහං. පුත‍්තො ච නාමෙස අත්‍රජො, ඛෙත‍්තජො, අන‍්තෙවාසිකො, දින‍්නකොති චතුබ‍්බිධො. තත්‍ථ අත‍්තානං පටිච‍්ච ජාතො අත්‍රජො නාම. සයනපිට‍්ඨෙ පල‍්ලඞ‍්කෙ උරෙතිඑවමාදීසු නිබ‍්බත‍්තො ඛෙත‍්තජො නාම. සන‍්තිකෙ සිප‍්පුග‍්ගණ‍්හනකො අන‍්තෙවාසිකො නාම. පොසාවනත්‍ථාය දින‍්නො දින‍්නකො නාම. ඉධ පන අත්‍රජං සන්‍ධාය “පුත‍්තො”ති වුත‍්තං. චතූහි සඞ‍්ගහවත්‍ථූහි ජනං රඤ‍්ජෙතීති රාජා, මහන‍්තො රාජා මහාරාජා. තමාලපන‍්තො ආහ “මහාරාජා”ති. ත්‍වං මං පොස ජනාධිපාති ජනාධිප මහාජනජෙට‍්ඨක ත්‍වං මං පොස භරස‍්සු වඩ‍්ඪෙහි. අඤ‍්ඤෙපි දෙවො පොසෙතීති අඤ‍්ඤෙපි හත්‍ථිබන්‍ධාදයො මනුස‍්සෙ, හත්‍ථිඅස‍්සාදයො තිරච‍්ඡානගතෙ ච බහුජනෙ දෙවො පොසෙති. කිඤ‍්ච දෙවො සකං පජන‍්ති එත්‍ථ පන කිඤ‍්චාති ගරහත්‍ථෙ ච අනුග‍්ගහණත්‍ථෙ ච නිපාතො. “සකං පජං අත‍්තනො පුත‍්තං මං දෙවො න පොසෙතී”ති වදන‍්තො ගරහති නාම, “අඤ‍්ඤෙ බහුජනෙ පොසෙතී”ති වදන‍්තො අනුග‍්ගණ‍්හති නාම. ඉති බොධිසත‍්තො ගරහන‍්තොපි අනුග‍්ගණ‍්හන‍්තොපි “කිඤ‍්ච දෙවො සකං පජ”න‍්ති ආහ.

එහි “පුත්තො ත්‍යාහ” යනු, මම ඔබගේ පුත්‍රයා වෙමි. පුත්‍රයා වනාහි, අත්‍රජ, ඛෙත්තජ අන්තෙවාසික, දින්නක වශයෙන් සිව් ආකාරය. එහි, තමා නිසා උපන්නේ අත්‍රජ නමි. යහන මත, පළඟ මත, ළය මත ආදී තන්හි උපන්නේ ඛෙත්තජ නමි. ඇසුරෙහි සිප්සතර හදාරන්නේ අන්තෙවාසික නමි. පෝෂණය කරනු සඳහා දෙන ලද්දේ දින්නක නමි. මෙහි දී අත්‍රජ පුත්‍රයා සඳහා කියන ලදි. සතර සංග්‍රහ වස්තුවෙන් ජනයා සතුටු කෙරේනුයි රාජ නමි. මහත් වූ රාජයා, මහරාජ නමින් අමතන්නේ මහා රාජයැ යි කීය. “ත්‍වං මං පොස ජනාධිප” යනු ජනපතිතුමනි, - දනදෙටුතුමනි, ඔබතුමා මා පෝෂණය කරනු මැනවි. නඩත්තු කැමැති නම් වර්ධනය කරනු මැනවි යන්නයි. “අඤ්ඤෙපි දෙවො පොසෙති” යනු අනෙක් ඇත්ගොව් ආදී මිනිසුන් ද ඇත්, අස් ආදී තිරිසනුන් ද වෙනත් බොහෝ ජනයා ද පෝෂණය කරයි යන්නයි. “කිඤ්ච දෙවො සකං පජං” මෙහි “කිඤ්ච” යන්න නින්දා අරුතෙහි ද අනුග්‍රහ අරුතෙහි ද නිපාත පදයකි. ඔබතුමාගේ පුත්‍රයකු වූ මා දේවයන්වහන්සේ පෝෂණය කරතැ යි කියත් ම, අනුග්‍රහ කැරේ නම් වෙයි. බෝසත්හු මෙසේ නින්දා කැරෙමින් ද අනුග්‍රහ කැරෙමින් ද “කිඤ්ච දෙවො සකං පජං” යනුවෙන් කීහ.

රාජා බොධිසත‍්තස‍්ස ආකාසෙ නිසීදිත්‍වා එවං ධම‍්මං දෙසෙන‍්තස‍්ස සුත්‍වා “එහි, තාතා”ති හත්‍ථං පසාරෙසි, “අහමෙව පොසෙස‍්සාමි, අහමෙව පොසෙස‍්සාමී”ති හත්‍ථසහස‍්සං පසාරියිත්‍ථ. බොධිසත‍්තො අඤ‍්ඤස‍්ස හත්‍ථෙ අනොතරිත්‍වා රඤ‍්ඤොව හත්‍ථෙ ඔතරිත්‍වා අඞ‍්කෙ නිසීදි. රාජා තස‍්ස ඔපරජ‍්ජං දත්‍වා මාතරං අග‍්ගමහෙසිං අකාසි. සො පිතු අච‍්චයෙන කට‍්ඨවාහනරාජා නාම හුත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා යථාකම‍්මං ගතො.

බෝසතාණන් අහසෙහි සිට මෙසේ දහම් දෙසනු අසා රජතුමා දරුව, එනු මැන. මම ම ඔබ පෝෂණය කරමි යි අත දිගු කළේය. දහස් ගණන් අත් දිගු කෙරිණ. බෝසතාණෝ අනිකකුගේ අතට නොබැස රජුගේ අතට ම බැස ඇකයෙහි හිඳගත්හ. රජතුමා ඔහු යුවරජ පදවිය දී මව අග මෙහෙසිය කළේය. හේ පියරජු ඇවෑමෙන් කට්ඨවාහන නමින් රජ වී දැහැමෙන් රාජ්‍යය කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.

සත්‍ථා කොසලරඤ‍්ඤො ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ද‍්වෙ වත්‍ථූනි දස‍්සෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාතා මහාමායා අහොසි, පිතා සුද‍්ධොදනමහාරාජා, කට‍්ඨවාහනරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරදහු කොසොල් රජුට මේ කථාව ගෙනහැර දක්වා අනුසන්ධි ගලපා ජාතක කතාව නිම කළහ. එකල මව නම් මහාමායා වූවාය. පියතුමා සුද්ධෝදන මහ රජ විය. කට්ඨවාහන රජ මම ම වීමි.

කට‍්ඨහාරිජාතකවණ‍්ණනා සත‍්තමා.