8. ගාමණිජාතකවණ්ණනා 8 අට්ඨකථා
8. ගාමණිජාතකවණ්ණනා (8)
8. ගාමණී ජාතකය (8)
අපි අතරමානානන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ඔස්සට්ඨවීරියං භික්ඛුං ආරබ්භ කථෙසි. ඉමස්මිං පන ජාතකෙ පච්චුප්පන්නවත්ථු ච අතීතවත්ථු ච එකාදසකනිපාතෙ සංවරජාතකෙ ආවිභවිස්සති. වත්ථු හි තස්මිඤ්ච ඉමස්මිඤ්ච එකසදිසමෙව, ගාථා පන නානා. ගාමණිකුමාරො බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා භාතිකසතස්ස කනිට්ඨොපි හුත්වා භාතිකසතපරිවාරිතො සෙතච්ඡත්තස්සහෙට්ඨා වරපල්ලඞ්කෙ නිසින්නො අත්තනො යසසම්පත්තිං ඔලොකෙත්වා “අයං මය්හං යසසම්පත්ති අම්හාකං ආචරියස්ස සන්තකා”ති තුට්ඨො ඉමං උදානං උදානෙසි –
“අපි අතරමානාන” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසමින් වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දේශනා කළහ. මේ ජාතකයෙහි වත්මන් කථාව ද ඉකුත් කථාව ද එකොළොස් වැනි නිපාතයෙහි සංවර ජාතකයෙහි වන්නේය. කථාව එහි ද මෙහි ද එක සමානය. ගාථා පමණක් වෙනස් වේ. ගාමිණී කුමරා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා සොහොයුරන් සියයකට කනිටු වී ඒ සොහොයුරන් පිරිවරා සේසත යට උතුම් පළඟෙහි හිඳ තම යසස හා සම්පත් බලා මගේ මේ සියලු යස සම්පත මගේ ගුරුතුමා සතුයැ යි සතුටු ව මේ උදානය (සතුටු වාක්‍යය) ප්‍රකාශ කළේය.
“අපි අතරමානානං, ඵලාසාව සමිජ්ඣති; විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි ගාමණී”ති.
“අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති, විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි ගාමණී”
“නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා නො ඉක්මන් ව කටයුතු කරන්නන්ගේ පවා ඵල ආශාව, ප්‍රාර්ථනා ඉටු වේ. මම මුහුකුරා ගිය බ්‍රහ්ම චර්යාව ඇත්තෙමි. ගාමිණිය, මෙසේ දනුව.”
තත්ථ අපීති නිපාතමත්තං. අතරමානානන්ති පණ්ඩිතානං ඔවාදෙ ඨත්වා අතරිත්වා අවෙගායිත්වා උපායෙන කම්මං කරොන්තානං. ඵලාසාව සමිජ්ඣතීති යථාපත්ථිකෙ ඵලෙ ආසා තස්ස ඵලස්ස නිප්ඵත්තියා සමිජ්ඣතියෙව. අථ වා ඵලාසාති ආසාඵලං, යථාපත්ථිතං ඵලං සමිජ්ඣතියෙවාති අත්ථො. විපක්කබ්රහ්මචරියොස්මීති එත්ථ චත්තාරි සඞ්ගහවත්ථූනි සෙට්ඨචරියත්තා බ්රහ්මචරියං නාම, තඤ්ච තම්මූලිකාය යසසම්පත්තියා පටිලද්ධත්තා විපක්කං නාම. යො වාස්ස යසො නිප්ඵන්නො, සොපි සෙට්ඨට්ඨෙන බ්රහ්මචරියං නාම. තෙනාහ “විපක්කබ්රහ්මචරියොස්මී”ති. එවං ජානාහි ගාමණීති කත්ථචි ගාමිකපුරිසොපි ගාමජෙට්ඨකොපි ගාමණී. ඉධ පන සබ්බජනජෙට්ඨකං අත්තානං සන්ධායාහ. අම්භො ගාමණි, ත්වං එතං කාරණං එවං ජානාහි, ආචරියං නිස්සාය භාතිකසතං අතික්කමිත්වා ඉදං මහාරජ්ජං පත්තොස්මීති උදානං උදානෙසි.
එහි “අපි” යනු නිපාත මාත්‍රයකි. “අතරමානානං” යනු පඬුවන්ගේ උපදෙසෙහි පිහිටා ඉක්මන් නොවී උපායෙන් කටයුතු කරන්නන්ය. “ඵලාසාව සමිජ්ඣති” යනු යම් සේ පතන ලද ඵලයෙහි ආශාව, එය ලැබීමෙන් ඉටුවේ ම ය. එහි “ඵලාසාව” යනු ආශා ඵලය පතන ලද පරිදි ඉටුවීම අර්ථයයි. “විපක්ක බ්රහ්මචරියොස්මි” යන මෙහි සතර සංග්‍රහ වස්තු, උසස් චර්යාව නිසා බ්‍රහ්මචරිය නමි. එය ද ඊට මුල් වූ සම්පත ලැබූ බැවින් මුහුකුරා ගියා වේ. ඔහුට යම් කීර්තියක් ලැබුණේ ද එය ද උසස් යන අර්ථයෙන් බ්‍රහ්මචරිය නමි. එහෙයින් කීය. මුහුකුරා ගිය බ්‍රහ්මචරිය ඇත්තේ වෙමි. “ත්වං ජානාහි ගාමණී” සමහර තැනක ගම් වැසියා ද ගම් දෙටුවා ද ගාමිණී නමි. මෙහි දී සියලු ජන නායක වූ තමා සඳහා කීය. එම්බා ගාමිණිය, ඔබ මේ කරුණු මෙසේ දනුව. ඔබ ඇදුරා නිසා සොහොයුරන් සියයක් ඉක්මවා මේ මහා රාජ්‍යයට පැමිණියේ වෙමි යි උදන් ඇනීය.
තස්මිං පන රජ්ජං පත්තෙ සත්තට්ඨදිවසච්චයෙන සබ්බෙපි භාතරො අත්තනො අත්තනො වසනට්ඨානං ගතා . ගාමණිරාජා ධම්මෙන රජ්ජං කාරෙත්වා යථාකම්මං ගතො, බොධිසත්තොපි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
ඔහු රාජ්‍යයට පැමිණි කල්හි සත් අට දිනක් ඇවෑමෙන් සියලු සොහොයුරෝ තම තමන්ගේ වාසස්ථානයන්ට ගියාහුය. ගාමිණී රජ දැහැමෙන් රාජ්‍යය කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය. බෝසත්හු ද පින් කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා දස්සෙත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ ඔස්සට්ඨවීරියො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතො. සත්ථා ද්වෙ වත්ථූනි කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා ගාමණිකුමාරො ඔස්සට්ඨවීරියො භික්ඛු අහොසි, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්‍රකාශ කළහ. ඒ කෙළවර හළ වීර්යය ඇති ඔහු රහත් ඵලයෙහි පිහිටියේය. බුදුරදහු දෙසුමක් කියා අනුසන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක.
ගාමණිජාතකවණ්ණනා අට්ඨමා.