යෙදුමෙන් කියවන්න

9. මඝදෙවජාතකවණ‍්ණනා 9 අට‍්ඨකථා

9. මඝදෙවජාතකවණ‍්ණනා (9)

9. මඛාදේව ජාතකය (9)

උත‍්තමඞ‍්ගරුහා මය‍්හන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. තං හෙට‍්ඨා නිදානකථායං කථිතමෙව. තස‍්මිං පන කාලෙ භික‍්ඛූ දසබලස‍්ස නෙක‍්ඛම‍්මං වණ‍්ණයන‍්තා නිසීදිංසු. අථ සත්‍ථා ධම‍්මසභං ආගන‍්ත්‍වා බුද‍්ධාසනෙ නිසින‍්නො භික‍්ඛූ ආමන‍්තෙසි “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති. “භන‍්තෙ, න අඤ‍්ඤාය කථාය, තුම‍්හාකංයෙව පන නෙක‍්ඛම‍්මං වණ‍්ණයමානා නිසින‍්නාම‍්හා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, තථාගතො එතරහියෙව නෙක‍්ඛම‍්මං නික‍්ඛන‍්තො, පුබ‍්බෙපි නික‍්ඛන‍්තොයෙවා”ති ආහ. භික‍්ඛූ තස‍්සත්‍ථස‍්සාවිභාවත්‍ථං භගවන‍්තං යාචිංසු, භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

“උත්තමඞ්ගරුහා මය්හං” යන මෙය බුදුරදහු දෙව්රමෙහි වැඩ වසනුයේ මහා අභිනිෂ්ක්‍රමණය අරබයා වදාළහ. ඒ පුවත යට නිදාන කථාවෙහි කියන ලදමය. ඒ කාලයෙහි භික්‍ෂූහු බුදුරදුන්ගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නාහුය. බුදුරදහු දම්සභාවට වැඩමවා බුදු අසුනෙහි හිඳ මහ සඟන ඇමතූහ. මහණෙනි, දැන් කවර කථාවක් කරමින් සිටියාහුද? ස්වාමීනි අන් කථාවක් නොව ඔබවහන්සේගේ ගිහිගෙන් නික්මීම වනමින් හුන්නෙමු. මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් මහබිනික්මන් කළාහු නො වෙති. පෙර ද නික්මුනාහුමයැ යි වදාළහ. භික්‍ෂූහු එම අරුත පැහැදිලි කරනු සඳහා බුදු රදුන් අයැදියහ. බුදු රජහු භවාන්තරයෙන් වැසුණු කරුණ ප්‍රකට කොට වදාළහ.

අතීතෙ විදෙහරට‍්ඨෙ මිථිලායං මඝදෙවො නාම රාජා අහොසි ධම‍්මිකො ධම‍්මරාජා. සො චතුරාසීති වස‍්සසහස‍්සානි කුමාරකීළං කීළි, තථා ඔපරජ‍්ජං, තථා මහාරජ‍්ජං කත්‍වා දීඝමද‍්ධානං ඛෙපෙත්‍වා එකදිවසං කප‍්පකං ආමන‍්තෙසි “යදා මෙ, සම‍්ම කප‍්පක, සිරස‍්මිං පලිතානි පස‍්සෙය්‍යාසි, අථ මෙ ආරොචෙය්‍යාසී”ති. කප‍්පකොපි දීඝමද‍්ධානං ඛෙපෙත්‍වා එකදිවසං රඤ‍්ඤො අඤ‍්ජනවණ‍්ණානං කෙසානං අන‍්තරෙ එකමෙව පලිතං දිස‍්වා “දෙව, එකං තෙ පලිතං දිස‍්සතී”ති ආරොචෙසි. “තෙන හි මෙ, සම‍්ම, තං පලිතං උද‍්ධරිත්‍වා පාණිම‍්හි ඨපෙහී”ති ච වුත‍්තෙ සුවණ‍්ණසණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා රඤ‍්ඤො පාණිම‍්හි පතිට‍්ඨාපෙසි. තදා රඤ‍්ඤො චතුරාසීති වස‍්සසහස‍්සානි ආයු අවසිට‍්ඨං හොති. එවං සන‍්තෙපි පලිතං දිස‍්වාව මච‍්චුරාජානං ආගන‍්ත්‍වා සමීපෙ ඨිතං විය අත‍්තානං ආදිත‍්තපණ‍්ණසාලං පවිට‍්ඨං විය ච මඤ‍්ඤමානො සංවෙගං ආපජ‍්ජිත්‍වා “බාල මඝදෙව, යාව පලිතස‍්සුප‍්පාදාව ඉමෙ කිලෙසෙ ජහිතුං නාසක‍්ඛී”ති චින‍්තෙසි.

පෙර විදේහ රට මිථිලා නුවර මඛාදේව නම් රජකු විය. ඔහු දැහැමි රජෙකි. ඔහු වසර සූඅසූ දහසක් කුමාර ක්‍රීඩා කළේය. එපමණ කලක් යුව රජය ද එපමණ කලක් ම මහරජය ද කොට දිගුකලක් ගෙවා දිනක් කරණවෑමියා ඇමතීය. යහළුව, කපුව, යම් දවසක මගේ හිසෙහි පැසුණු කෙස් දක්නේ නම් මට දන්වනු. කපුවා ද දිගු කලක් ගෙවා එක් දවසක් අඳුන්වන් කෙස් අතර පැසුණු කෙසක් දැක “දේවයනි, එක් පැසුණු කෙසක් පෙනේයැ යි සැලකළේය. එ සේ නම් යහළුව, ඒ නර කෙස උදුරා මගේ අල්ලේ තබනු යි කියනු ලැබුයේ රන් අඬුවෙන් උදුරා රජුගේ අල්ලෙහි තැබීය. එතැන් සිට රජුට සූඅසූදහසක් අවුරුදු ඉතිරි ව තිබුණේය. එසේ තිබියදීත් නර කෙස දැක, මරුවා අවුත් ඉදිරියෙහි සිටියාක් මෙන් ද ගිනිගත් පන්සලකට පිවිසියාක් මෙන් ද සිතමින් සංවේගයට පැමිණ, බොළඳ මඛාදේවයනි, කෙස් පැසෙන තුරුත් ඔබට කෙළෙස් අත්හරින්ට නො හැකි වූවෙහියැ යි සිතී.

තස‍්සෙවං පලිතපාතුභාවං ආවජ‍්ජෙන‍්තස‍්ස අන‍්තොඩාහො උප‍්පජ‍්ජි, සරීරා සෙදා මුච‍්චිංසු, සාටකා පීළෙත්‍වා අපනෙතබ‍්බාකාරප‍්පත‍්තා අහෙසුං. සො “අජ‍්ජෙව මයා නික‍්ඛමිත්‍වා පබ‍්බජිතුං වට‍්ටතී”ති කප‍්පකස‍්ස සතසහස‍්සුට‍්ඨානකං ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං පක‍්කොසාපෙත්‍වා “තාත, මම සීසෙ පලිතං පාතුභූතං, මහල‍්ලකොම‍්හි ජාතො, භුත‍්තා ඛො පන මෙ මානුසකා කාමා, ඉදානි දිබ‍්බෙ කාමෙ පරියෙසිස‍්සාමි, නෙක‍්ඛම‍්මකාලො මය‍්හං, ත්‍වං ඉමං රජ‍්ජං පටිපජ‍්ජ, අහං පන පබ‍්බජිත්‍වා මඝදෙවඅම‍්බවනුය්‍යානෙ වසන‍්තො සමණධම‍්මං කරිස‍්සාමී”ති ආහ. තං එවං පබ‍්බජිතුකාමං අමච‍්චා උපසඞ‍්කමිත්‍වා “දෙව, කිං තුම‍්හාකං පබ‍්බජ‍්ජාකාරණ”න‍්ති පුච‍්ඡිංසු. රාජා පලිතං හත්‍ථෙන ගහෙත්‍වා අමච‍්චානං ඉමං ගාථමාහ –

මෙසේ රජු නර කෙස් හටගත් බව සිතත් සිතත් ම ඇතුළත දාහය හටගනී. සිරුරින් ඩහදිය වැගිරිණි. ඇඳි පිළි මිරිකා ඉවත් කළ යුතු ආකාරයට පත්විය. අද ම නික්මී පැවිදි විය යුතුයැ යි කරණවෑමියාට ලක්‍ෂයක් උපදනා ගම්වරයක් දී දෙටු පුතු කැඳවා දරුව, මගේ හිසෙහි නර කෙස් පහළ විය. මම මහල්ලෙක් වීමි. මවිසින් මිනිස් ලොව කම් සැප විඳින ලදි. දැන් දෙව් ලොව කම් සැප සොයන්නෙමි. ගිහිගෙයින් නික්මීමට දැන් කාලයයි. ඔබ මේ රාජ්‍යය කරවන්න. මම පැවිදි වී මේ මඛාදේව අඹ වනයෙහි වෙසෙමින් මහණ දම් පුරන්නෙමි යි කීය. මෙසේ මහණ වනු කැමති ඔහු වෙත ඇමැතියෝ පැමිණ දේවයන්වහන්ස, ඔබවහන්සේට පැවිදි වීමට කුමක් හේතු වීදැ යි විමසූහ. රජු පැසුණු කෙස් අතින් ගෙන ඇමැතියන්ට මේ ගාථව කීය.

“උත‍්තමඞ‍්ගරුහා මය‍්හං, ඉමෙ ජාතා වයොහරා; පාතුභූතා දෙවදූතා, පබ‍්බජ‍්ජාසමයො මමා”ති.

“උත්තමඞ්ගරුහා මය්හං ඉමෙ ජාතා වයොහරා, පාතු භූතා දෙවදූතා පබ්බජ්ජාසමයො මමාති”

“මගේ වයස පැහැර ගන්නා නරකෙස් හටගනී. මේ දේවදූතයෝ පහළ වූහ. මට පැවිදි වීමට කාලයයි.”

තත්‍ථ උත‍්තමඞ‍්ගරුහාති කෙසා. කෙසා හි සබ‍්බෙසං හත්‍ථපාදාදීනං අඞ‍්ගානං උත‍්තමෙ සිරස‍්මිං රුහත‍්තා “උත‍්තමඞ‍්ගරුහා”ති වුච‍්චන‍්ති. ඉමෙ ජාතා වයොහරාති පස‍්සථ, තාතා, පලිතපාතුභාවෙන තිණ‍්ණං වයානං හරණතො ඉමෙ ජාතා වයොහරා. පාතුභූතාති නිබ‍්බත‍්තා. දෙවදූතාති දෙවො වුච‍්චති මච‍්චු, තස‍්ස දූතාති දෙවදූතා. සිරස‍්මිඤ‍්හි පලිතෙසු පාතුභූතෙසු මච‍්චුරාජස‍්ස සන‍්තිකෙ ඨිතො විය හොති, තස‍්මා පලිතානි “මච‍්චුදෙවස‍්ස දූතා”ති වුච‍්චන‍්ති. දෙවා විය දූතාතිපි දෙවදූතා. යථා හි අලඞ‍්කතපටියත‍්තාය දෙවතාය ආකාසෙ ඨත්‍වා “අසුකදිවසෙ ත්‍වං මරිස‍්සසී”ති වුත‍්තෙ තං තථෙව හොති, එවං සිරස‍්මිං පලිතෙසු පාතුභූතෙසු දෙවතාය බ්‍යාකරණසදිසමෙව හොති, තස‍්මා පලිතානි “දෙවසදිසා දූතා”ති වුච‍්චන‍්ති. විසුද‍්ධිදෙවානං දූතාතිපි දෙවදූතා. සබ‍්බබොධිසත‍්තා හි ජිණ‍්ණබ්‍යාධිමතපබ‍්බජිතෙ දිස‍්වාව සංවෙගමාපජ‍්ජිත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජන‍්ති. යථාහ –

එහි “උත්තමඞ්ගරුහා” යනු කෙස්ය. කෙස් නම් අත් පා ආදි අනෙක් අඟපසඟයන්ට වඩා උසස් වූ හිසෙහි වැඩුණු බැවින් “උත්තමඞ්ගරුහා” යැයි කියනු ලැබේ. “ඉමෙ ජාතා වයොහරා” යනු දරුවනි, බලන්න. නර කෙස් පහළ වූ බැවින් ත්‍රිවිධ වයස් (බාල, තරුණ, මහලු) පැහැර ගන්නා හෙයින් මේ නෙම් “වයොහරා” නමි. “පාතු භූතා” යනු උපන්නේය. “දෙවදූතා” හි දේව නම් මරුවාය. ඔහුගේ දූතයා දේවදූත නමි. හිසෙහි නර කෙස් පහළ වූ කල්හි මරුවාගේ ළඟ සිටියාක් මෙන් වෙයි. එම නිසා නර කෙස් මාරයාගේ දූතයන්යැ යි කියනු ලැබේ. දෙවියන් වැනි දූතයන් දේවදූත නමි. මෙසේ සිව්බරණින් සැරසුණු දේවතාවියක අහසෙහි සිට අසවල් දවසෙහි මිය යන්නේයැ යි කී කල්හි ඒ එසේම වෙයි. එසේ හිසෙහි නරකෙස් පහළ වූ කල්හි එය දේවතාවියකගේ ප්‍රකාශනයක් හා සමාන වෙයි. එම නිසා නරකෙස් දෙවියන් සමාන දූතයන්යැ යි කියනු ලැබේ. විසුද්ධි දෙවියන්ගේ දූත යන අරුතින් ද දේවදූත නමි. සියලු බෝසත්වරු මහල්ලකු, රෝගියකු, මළ සිරුරක්, පැවිද්දකු යන පෙරනිමිති දැක සංවේගය පැමිණ යහනෙන් නික්ම පැවිදි වෙත්. එහෙයින් කීහ.

“ජිණ‍්ණඤ‍්ච දිස‍්වා දුඛිතඤ‍්ච බ්‍යාධිතං, මතඤ‍්ච දිස‍්වා ගතමායුසඞ‍්ඛයං; කාසායවත්‍ථං පබ‍්බජිතඤ‍්ච දිස‍්වා, තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජා”ති. (ථෙරගා· 73 ථොකං විසදිසං);

“ජිණ්ණඤ්ච දිස්වා දුඛිතං ච ව්‍යාධිතං මතඤ්ච දිස්වා ගතමායුසඞ්ඛයං, කාසාවවත්‍ථං පබ්බජිතඤ්ච දිස්වා තස්මා අහං පබ්බජිතොම්හි රාජාති”

“මහරජ, මම මහල්ලකු ද රෝගයකින් දුකට පත් වූවෙකු ද දැක එසේම ආයු ගෙවී ගිය මළ සිරුරක් ද දැක කසාවත් හැඳි පැවිද්දකු ද දැක පැවිදි වූවෙමි.”

ඉමිනා පරියායෙන පලිතානි විසුද‍්ධිදෙවානං දූතත‍්තා “දෙවදූතා”ති වුච‍්චන‍්ති. පබ‍්බජ‍්ජාසමයො මමාති ගිහිභාවතො නික‍්ඛන‍්තට‍්ඨෙන “පබ‍්බජ‍්ජා”ති ලද‍්ධනාමස‍්ස සමණලිඞ‍්ගගහණස‍්ස කාලො මය‍්හන‍්ති දස‍්සෙති.

මේ අයුරින් නර කෙස් විසුද්ධි දෙවියන්ගේ දූතයන් නිසා දේවදූතයැ යි කියනු ලැබේ. “පබ්බජ්ජාසමයො මමා” හි ගිහිබවින් නික්මුණු අරුතින් “පබ්බජ්ජ” පැවිද්ද යන නම් ලද ශ්‍රමණ ස්වරූපය ගැනීමට මට සුදුසු කාලයයැ යි දැක්වේ.

සො එවං වත්‍වා තං දිවසමෙව රජ‍්ජං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තස‍්මිංයෙව මඝදෙවඅම‍්බවනෙ විහරන‍්තො චතුරාසීති වස‍්සසහස‍්සානි චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා අපරිහීනජ‍්ඣානෙ ඨිතො කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා පුන තතො චුතො මිථිලායංයෙව නිමි නාම රාජා හුත්‍වා ඔසක‍්කමානං අත‍්තනො වංසං ඝටෙත්‍වා තත්‍ථෙව අම‍්බවනෙ පබ‍්බජිත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා පුන බ්‍රහ‍්මලොකූපගොව අහොසි.

ඔහු මෙසේ කීහ. එදින ම රාජ්‍යය අතහැර තාපස පැවිද්දෙන් පැවිදිව මඛාදේව අඹ වනයෙහි ම වෙසෙමින් සුවාසූදහසක් අවුරුදු සිව් බඹ විහරණ වඩා නො පිරිහුණු දැහැනෙහි සිට කලුරිය කොට බඹලොව ඉපිද නැවත එයින් චුතව මිථිලා නුවර ම නිමි නම් රජව ඉපිද පිරිහෙමින් පැවැති තම රාජ වංසය ශක්තිමත් කො එම අඹ උයනෙහි ම පැවිදි ව බඹ විහරණ වඩා නැවත බඹලොව ගියේ විය.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො, පුබ‍්බෙපි නික‍්ඛන‍්තොයෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා දස‍්සෙත්‍වා චත‍්තාරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො. ඉති භගවා ඉමානි ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා කප‍්පකො ආනන්‍දො අහොසි, පුත‍්තො රාහුලො, මඝදෙවරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු ද මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් මහබිනික්මන් කළාහු නො වෙති. පෙර ද නික්මුනාහුයැ යි මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. ඇතමෙක් සෝවාන් වූහ. ඇතැමෙක් සකදාගාමි වූහ. ඇතමෙක් අනාගාමී වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ දෙපුවත් කියා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එදා පනික්කියා (කරණවෑමියා) ආනන්දය, පුත්‍රයා රාහුලය. මඛාදේව රජ මම ම වීමි.

මඝදෙවජාතකවණ‍්ණනා නවමා.