යෙදුමෙන් කියවන්න

10. සුඛවිහාරිජාතකවණ‍්ණනා 10 අට‍්ඨකථා

10. සුඛවිහාරිජාතකවණ‍්ණනා (10)

10. සුඛවිහාරි ජාතකය (10)

යඤ‍්ච අඤ‍්ඤෙ න රක‍්ඛන‍්තීති ඉදං සත්‍ථා අනුපියනගරං නිස‍්සාය අනුපියඅම‍්බවනෙ විහරන‍්තො සුඛවිහාරිං භද‍්දියත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. සුඛවිහාරී භද‍්දියත්‍ථෙරො ඡඛත‍්තියසමාගමෙ උපාලිසත‍්තමො පබ‍්බජිතො. තෙසු භද‍්දියත්‍ථෙරො ච, කිමිලත්‍ථෙරො ච, භගුත්‍ථෙරො ච, උපාලිත්‍ථෙරො ච අරහත‍්තං පත‍්තා, ආනන්‍දත්‍ථෙරො සොතාපන‍්නො ජාතො, අනුරුද‍්ධත්‍ථෙරො දිබ‍්බචක‍්ඛුකො, දෙවදත‍්තො ඣානලාභී ජාතො. ඡන‍්නං පන ඛත‍්තියානං වත්‍ථු යාව අනුපියනගරා ඛණ‍්ඩහාලජාතකෙ ආවිභවිස‍්සති. ආයස‍්මා පන භද‍්දියො රාජකාලෙ අත‍්තනො රක‍්ඛසංවිධානඤ‍්චෙව තාව බහූහි රක‍්ඛාහි රක‍්ඛියමානස‍්ස උපරිපාසාදවරතලෙ මහාසයනෙ සම‍්පරිවත‍්තමානස‍්සාපි අත‍්තනො භයුප‍්පත‍්තිඤ‍්ච ඉදානි අරහත‍්තං පත්‍වා අරඤ‍්ඤාදීසු යත්‍ථ කත්‍ථචි විහරන‍්තොපි අත‍්තනො විගතභයතඤ‍්ච සමනුස‍්සරන‍්තො “අහො සුඛං, අහො සුඛ”න‍්ති උදානං උදානෙසි. තං සුත්‍වා භික‍්ඛූ “ආයස‍්මා භද‍්දියො අඤ‍්ඤං බ්‍යාකරොතී”ති භගවතො ආරොචෙසුං. භගවා “න, භික‍්ඛවෙ , භද‍්දියො ඉදානෙව සුඛවිහාරී, පුබ‍්බෙපි සුඛවිහාරීයෙවා”ති ආහ. භික‍්ඛූ තස‍්සත්‍ථස‍්සාවිභාවත්‍ථාය භගවන‍්තං යාචිංසු. භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

“යඤ්ච අඤ්ඤෙ න රක්‍ඛන්ති” යන මේ ජාතකය බුදු රජහු අනුපිය නගරය ඇසුරු කොට අනුපිය අඹ වනයෙහි වැඩ වසන සේක්, සැප විහරණ ඇති භද්දිය තෙරණුවන් අරබයා වදාළහ. සැප විහරණ ඇති භද්දිය තෙරණුවෝ, ක්‍ෂත්‍රීයයන් සය දෙනාගේ සමාගමයෙහි උපාලි සත් වැනි කොට පැවිදි වූහ. ඔවුනතුරෙන් භද්දිය තෙර, කිම්බිල තෙර, භගු තෙර, උපාලි තෙර යන තෙරවරු රහත් වූහ. අනඳ තෙරණුවෝ සෝවාන් වූහ. අනුරුද්ධ තෙරණුවෝ දිවැස් ඇත්තෙක් වූහ. දෙව්දත් තෙර ධ්‍යාන ලාභියකු විය. මේ සය ක්‍ෂත්‍රීයන්ගේ කථා පුවත අනුපිය නගරය දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි පහළ වන්නේය. ආයුෂ්මත් භද්දිය තෙරණුවෝ රජ කරන කල්හි තමා රැකීම සඳහා ආරක්‍ෂක සංවිධාන යොදා තිබියදීත් බොහෝ රැකවලුන් විසින් තමා රකිනු ලබද්දීත් උඩු මහළෙහි මහා යහනෙහි පෙරළෙමින් සිටියදීත් තමා බියට පත් වූ බව ද දැන් රහත් බව පැමිණ වන සෙනසුන් ආදියෙහි කොතැනක හැසිරෙන්නේ වුව ද පහ වූ බිය ඇති බව ද සම්මර්ෂණය කරන්නේ අහෝ සැපයි, අහෝ සැපයි යැයි උදන් ඇනූහ. මේ ඇසූ භික්‍ෂූහු භද්දිය තෙරණුවෝ විරුද්ධ දෙයක් ප්‍රකාශ කරතැයි බුදුරදුන් සැල කළහ. බුදුරදහු මහණෙනි, භද්දිය සුඛවිහාරී වූයේ දැන් පමණක් නො වේ. පෙර ද සුඛවිහාරී වූයේයැ යි වදාළහ. භික්‍ෂූහු එඅරුත පැහැදිලි කරනු, බුදුරදුන් අයැදියහ. බුදුරදහු භවාන්තරයෙන් වැසී ගිය මෙපුවත ප්‍රකට කළහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරයමානෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණමහාසාලො හුත්‍වා කාමෙසු ආදීනවං, නෙක‍්ඛම‍්මෙ චානිසංසං දිස‍්වා කාමෙ පහාය හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසි, පරිවාරොපිස‍්ස මහා අහොසි පඤ‍්ච තාපසසතානි. සො වස‍්සකාලෙ හිමවන‍්තතො නික‍්ඛමිත්‍වා තාපසගණපරිවුතො ගාමනිගමාදීසු චාරිකං චරන‍්තො බාරාණසිං පත්‍වා රාජානං නිස‍්සාය රාජුය්‍යානෙ වාසං කප‍්පෙසි. තත්‍ථ වස‍්සිකෙ චත‍්තාරො මාසෙ වසිත්‍වා රාජානං ආපුච‍්ඡි. අථ නං රාජා “තුම‍්හෙ, භන‍්තෙ, මහල‍්ලකා, කිං වො හිමවන‍්තෙන, අන‍්තෙවාසිකෙ හිමවන‍්තං පෙසෙත්‍වා ඉධෙව වසථා”ති යාචි. බොධිසත‍්තො ජෙට‍්ඨන‍්තෙවාසිකං පඤ‍්ච තාපසසතානි පටිච‍්ඡාපෙත්‍වා “ගච‍්ඡ, ත්‍වං ඉමෙහි සද‍්ධිං හිමවන‍්තෙ වස, අහං පන ඉධෙව වසිස‍්සාමී”ති තෙ උය්‍යොජෙත්‍වා සයං තත්‍ථෙව වාසං කප‍්පෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජ රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ උසස් බමුණු මහසල් කුලයෙහි ඉපිද කාමයන්හි ආදීනව ද පැවිද්දෙහි අනුසස් ද දැක හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව අට සමවත් ඉපදවීය. ඔහුට පන්සියයක් පමණ තවුස් පිරිවර විය. ඔහු වැසි කාලයෙහි හිමවතින් නික්ම තවුස් සමූහයා පිරිවරාගෙන ගම් නියම්ගම් ආදියෙහි හැසිරෙමින් බරණැසට පැමිණ රජු ඇසුරුකොට රජ උයනෙහි වාසය කළේය. වැසි සාරමස එහි වැස රජු විමසීය. එවිට රජතුමා ස්වාමීනි, දැන් ඔබවහන්සේ මහළුය. හිමවතෙහි විසීමෙන් ප්‍රයෝජනය කුමක් ද? අතවැස්සන් හිමවතට යවා ඔබවහන්සේ මෙහි ම වසන්නැ යි අයැදීය. බෝසතාණෝ පන්සියයක් තවුසන් දෙටු අත වැසියාට පවරා යන්න. මොවුන් හිමවතෙහි වසන්න. මම මෙහි ම වසන්නෙමි යි ගුවනින් යවා එහි ම විසීය.

සො පනස‍්ස ජෙට‍්ඨන‍්තෙවාසිකො රාජපබ‍්බජිතො මහන‍්තං රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා අට‍්ඨසමාපත‍්තිලාභී අහොසි. සො තාපසෙහි සද‍්ධිං හිමවන‍්තෙ වසමානො එකදිවසං ආචරියං දට‍්ඨුකාමො හුත්‍වා තෙ තාපසෙ ආමන‍්තෙත්‍වා “තුම‍්හෙ අනුක‍්කණ‍්ඨමානා ඉධෙව වසථ, අහං ආචරියං වන්‍දිත්‍වා ආගමිස‍්සාමී”ති ආචරියස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකං කට‍්ඨත්‍ථරිකං අත්‍ථරිත්‍වා ආචරියස‍්ස සන‍්තිකෙයෙව නිපජ‍්ජි. තස‍්මිඤ‍්ච සමයෙ රාජා “තාපසං පස‍්සිස‍්සාමී”ති උය්‍යානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අන‍්තෙවාසිකතාපසො රාජානං දිස‍්වා නෙව වුට‍්ඨාසි, නිපන‍්නොයෙව පන “අහො සුඛං, අහො සුඛ”න‍්ති උදානං උදානෙසි. රාජා “අයං තාපසො මං දිස‍්වාපි න උට‍්ඨිතො”ති අනත‍්තමනො බොධිසත‍්තං ආහ – “භන‍්තෙ, අයං තාපසො යදිච‍්ඡකං භුත‍්තො භවිස‍්සති, උදානං උදානෙන‍්තො සුඛසෙය්‍යමෙව කප‍්පෙතී”ති. මහාරාජ, අයං තාපසො පුබ‍්බෙ තුම‍්හාදිසො එකො රාජා අහොසි, ස‍්වායං “අහං පුබ‍්බෙ ගිහිකාලෙ රජ‍්ජසිරිං අනුභවන‍්තො ආවුධහත්‍ථෙහි බහූහි රක‍්ඛියමානොපි එවරූපං සුඛං නාම නාලත්‍ථ”න‍්ති අත‍්තනො පබ‍්බජ‍්ජාසුඛං ඣානසුඛඤ‍්ච ආරබ‍්භ ඉමං උදානං උදානෙතීති. එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො රඤ‍්ඤො ධම‍්මකථං කථෙතුං ඉමං ගාථමාහ –

ඒ දෙටු අතවැසියා රජ කුලයෙන් පැවිදි වූවෙකි. මහාරාජ්‍යයක් අතහැර කසිණු පිරියම් කොට අට සමවත් ලැබූවකු විය. ඔහු තවුසන් සමග හිමවතෙහි වසන්නේ එක් දවසක් ගුරුතුමන් දකිනු කැමැත්තැතිව තවුසන් අමතා ඔබලා උකටලී නොව මෙහි ම වසන්න. මම ගුරුතුමන් වැඳ ආපසු එන්නෙමි යි ගුරුන් වෙත ගොස් වැඳ පිළිසඳර කථා කොට තණ ඇතිරියක් අතුරා ගුරුන් සමීපයේ ම හොත්තේය. එසමයෙහි ම රජතුමා තාපසයන් දකිමි යි උයනට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. අතවැසි තවුසා රජු දැක නො නැගිට හුන් අයුරින් ම වැද හොත්තේ, ඉතා සැපයි. අනේ සැපයියැ යි උදන් ඇනීය. රජතුමා මේ තවුසා මා දැක නො නැගිට්ටේයැ යි නො සතුටුව බෝසතුන්ට කීය. ස්වාමීනි, මේ තවුසා හැකිතාක් කා උදන් අනන්නේ විය යුතුය. උදන් අනමින් සැප විහරණය ම කරන්නේය. මහරජ, මේ තවුසා පෙර ඔබ මෙන් රජකු විය. ඒ ඔහු පෙර ගිහි කල මම රජසිරි විඳිමින් අවිගත් බොහෝ දෙනා විසින් රකිනු ලබන්නේ වුව ද මෙබඳු සැපයක් නො ලැබුවෙමි යි තමාගේ පැවිදි සැපය අරබයා මේ උදන් අනතැ යි කියා බෝසත්හු රජුට ධර්ම කථාවක් කීමට මේ ගාථාව ප්‍රකාශ කළහ.

“යඤ‍්ච අඤ‍්ඤෙ න රක‍්ඛන‍්ති, යො ච අඤ‍්ඤෙ න රක‍්ඛති; ස වෙ රාජ සුඛං සෙති, කාමෙසු අනපෙක‍්ඛවා”ති.

“යඤ්ච අඤ්ඤෙ න රක්‍ඛන්ති යො ච අඤ්ඤෙ න රක්‍ඛති, ස වෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙක්‍ඛවාති”

“අතපයෙන් යමකු රක්‍ෂා නො කැරේ ද? යමෙක් අන් බොහෝ දෙනා නො රකිත් ද මහරජ, ඔහු කාමයන්හි අනපේක්‍ෂිතව සැප සේ හොවයි.”

තත්‍ථ යඤ‍්ච අඤ‍්ඤෙ න රක‍්ඛන‍්තීති යං පුග‍්ගලං අඤ‍්ඤෙ බහූ පුග‍්ගලා න රක‍්ඛන‍්ති. යො ච අඤ‍්ඤෙ න රක‍්ඛතීති යො ච “එකකො අහං රජ‍්ජං කාරෙමී”ති අඤ‍්ඤෙ බහූ ජනෙ න රක‍්ඛති. ස වෙ රාජ සුඛං සෙතීති මහාරාජ සො පුග‍්ගලො එකො අදුතියො පවිවිත‍්තො කායිකචෙතසිකසුඛසමඞ‍්ගී හුත්‍වා සුඛං සෙති. ඉදඤ‍්ච දෙසනාසීසමෙව. න කෙවලං පන සෙතියෙව, එවරූපො පන පුග‍්ගලො සුඛං ගච‍්ඡති තිට‍්ඨති නිසීදති සයතීති සබ‍්බිරියාපථෙසු සුඛප‍්පත‍්තොව හොති. කාමෙසු අනපෙක‍්ඛවාති වත්‍ථු කාමකිලෙසකාමෙසු අපෙක‍්ඛාරහිතො විගතච‍්ඡන්‍දරාගො නිත‍්තණ‍්හො එවරූපො පුග‍්ගලො සබ‍්බිරියාපථෙසු සුඛං විහරති මහාරාජාති.

එහි “යඤ්ච අඤ්ඤෙ න රක්‍ඛන්ති” යනු යම් පුද්ගලයෙක් අන් බොහෝ පුද්ගලයෝ නො රකිත්. “යො ච අඤ්ඤෙ න රක්‍ඛති” යනු යමකු අන් බොහෝ අය නො රකී. “ස වෙ රාජ සුඛං සෙති” යනු මහරජ, ඒ දෙවැන්නකු නැති තනි පුද්ගලයා විවේකී වූයේ, කායික මානසික සැපයෙන් යුක්ත වූයේ, සැප සේ නිදයි. මෙබඳු පුද්ගලයා හොවින්නේ පමණක් නොව සැප සේ යයි. සිටියි. හිඳියි. නිදයි. සියලු ඉරියව්වල දී සැපය පැමිණියේම වෙයි. “කාමෙසු අනපෙක්‍ඛවාති” යනු වත්‍ථු කාම, කිලෙස කාම දෙකෙහි අපේක්ෂා රහිත වූයේ, පහ වූ ඡන්ද රාග ඇත්තෙක්, තෘෂ්ණා නැත්තෙක් වෙත්. පුද්ගලයා සියලු ඉරියව්වල දී සැපසේ වාසය කරයි.

රාජා ධම‍්මදෙසනං සුත්‍වා තුට‍්ඨමානසො වන්‍දිත්‍වා නිවෙසනමෙව ගතො, අන‍්තෙවාසිකොපි ආචරියං වන්‍දිත්‍වා හිමවන‍්තමෙව ගතො. බොධිසත‍්තො පන තත්‍ථෙව විහරන‍්තො අපරිහීනජ‍්ඣානො කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති.

රජතුමා දම් දෙසුම අසා සතුටු සිතින් වැඳ සිය වාසස්ථානයට ම ගියේය. අතවැසියා ද ගුරුන් වැඳ හිමවතට ම ගියේය. බෝසත්හු වනාහි එහි ම වෙසෙමින් නො පිරිහුණු දැහැනින් කලුරිය කොට බඹලොව උපන්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා දස‍්සෙත්‍වා ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අන‍්තෙවාසිකො භද‍්දියත්‍ථෙරො අහොසි, ගණසත්‍ථා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා කථා දෙපුවත කියා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එකල්හි අතවැසියා නම් භද්දිය තෙරණුවන්ය. ගණ ඇදුරා මම ම වීමි.

සුඛවිහාරිජාතකවණ‍්ණනා දසමා.

අපණ‍්ණකවග‍්ගො පඨමො.

පළමු අපණ්ණක වර්ගයයි.

තස‍්සුද‍්දානං –

අපණ‍්ණකං වණ‍්ණුපථං, සෙරිවං චූළසෙට‍්ඨි ච; තණ‍්ඩුලං දෙවධම‍්මඤ‍්ච, කට‍්ඨවාහනගාමණි; මඝදෙවං විහාරීති, පිණ‍්ඩිතා දස ජාතකාති.