යෙදුමෙන් කියවන්න

1. ලක‍්ඛණමිගජාතකවණ‍්ණනා 11 අට‍්ඨකථා

1. ලක‍්ඛණමිගජාතකවණ‍්ණනා (11)

1. ලක්ඛණමිග ජාතකය (11)

හොති සීලවතං අත්‍ථොති ඉදං සත්‍ථා රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. දෙවදත‍්තස‍්ස වත්‍ථු යාව අභිමාරප‍්පයොජනා ඛණ‍්ඩහාලජාතකෙ ආවිභවිස‍්සති, යාව ධනපාලකවිස‍්සජ‍්ජනා පන චූළහංසජාතකෙ ආවිභවිස‍්සති, යාව පථවිප‍්පවෙසනා ද‍්වාදසනිපාතෙ සමුද‍්දවාණිජජාතකෙ ආවිභවිස‍්සති.

“හොති සීලවතං අත්‍ථො” යන මෙය බුදු රජහු රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වැඩවසන්නේ දෙව්දතුන් අරබයා දේශනා කළහ. දෙව්දතුන්ගේ කථා පුවත දුනුවායන් යෙදීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි එන්නේය. ධනපාල ඇතු මෙහෙයවීම දක්වා චුල්ල හංස ජාතකයෙහි වන්නේය. පොළොව ගිලීම දක්වා සොළොස් වන නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි වන්නේය.

එකස‍්මිඤ‍්හි සමයෙ දෙවදත‍්තො පඤ‍්ච වත්‍ථූනි යාචිත්‍වා අලභන‍්තො සඞ‍්ඝං භින්‍දිත්‍වා පඤ‍්ච භික‍්ඛුසතානි ආදාය ගයාසීසෙ විහරති. අථ තෙසං භික‍්ඛූනං ඤාණං පරිපාකං අගමාසි. තං ඤත්‍වා සත්‍ථා ද‍්වෙ අග‍්ගසාවකෙ ආමන‍්තෙසි “සාරිපුත‍්තා, තුම‍්හාකං නිස‍්සිතකා පඤ‍්චසතා භික‍්ඛූ දෙවදත‍්තස‍්ස ලද‍්ධිං රොචෙත්‍වා තෙන සද‍්ධිං ගතා, ඉදානි පන තෙසං ඤාණං පරිපාකං ගතං, තුම‍්හෙ බහූහි භික‍්ඛූහි සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා තෙසං ධම‍්මං දෙසෙත්‍වා තෙ භික‍්ඛූ මග‍්ගඵලෙහි පබොධෙත්‍වා ගහෙත්‍වා ආගච‍්ඡථා”ති. තෙ තථෙව ගන‍්ත්‍වා තෙසං ධම‍්මං දෙසෙත්‍වා මග‍්ගඵලෙහි පබොධෙත්‍වා පුනදිවසෙ අරුණුග‍්ගමනවෙලාය තෙ භික‍්ඛූ ආදාය වෙළුවනමෙව ආගමංසු. ආගන‍්ත්‍වා ච පන සාරිපුත‍්තත්‍ථෙරස‍්ස භගවන‍්තං වන්‍දිත්‍වා ඨිතකාලෙ භික‍්ඛූ ථෙරං පසංසිත්‍වා භගවන‍්තං ආහංසු – “භන‍්තෙ, අම‍්හාකං ජෙට‍්ඨභාතිකො ධම‍්මසෙනාපති පඤ‍්චහි භික‍්ඛුසතෙහි පරිවුතො ආගච‍්ඡන‍්තො අතිවිය සොභති, දෙවදත‍්තො පන පරිහීනපරිවාරො ජාතො”ති. න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො ඉදානෙව ඤාතිසඞ‍්ඝපරිවුතො ආගච‍්ඡන‍්තො සොභති, පුබ‍්බෙපි සොභියෙව. දෙවදත‍්තොපි න ඉදානෙව ගණතො පරිහීනො, පුබ‍්බෙපි පරිහීනොයෙවාති. භික‍්ඛූ තස‍්සත්‍ථස‍්සාවිභාවත්‍ථාය භගවන‍්තං යාචිංසු, භගවා භවන‍්තරෙන පටිච‍්ඡන‍්නං කාරණං පාකටං අකාසි.

එක් කලෙක දෙව්දත් පඤ්ච වස්තූන් ඉල්ලා නො ලබන්නේ සංඝයා භේද කොට පන්සියයක් භික්‍ෂූන් රැගෙන ගයා සීසයෙහි වෙසෙයි. ඉක්බිති ඒ භික්‍ෂූන්ගේ නුවණ මුහුකුරා ගියේය. බුදුරදහු ඒ දැන දෑග සව්වන් අමතා සාරිපුත්‍රයෙනි, තොප ඇසුරු කළ පන්සියයක් භික්‍ෂූහු දෙව්දත්ගේ ලබ්ධිය රුචි කොට ඔහු සමග ගියාහුය. දැන් ඔවුන්ගේ නුවණ මුහුකුරා ගියේය. ඔබ බොහෝ භික්‍ෂූන් සමග එහි ගොස් ඔවුන්ට ධර්මය දේශනා කොට ඒ භික්‍ෂූන්ට මගඵල අවබෝධ කැරවා ඔවුන් රැගෙන එනු මැනව. සව්වෝ ද වදාළ පරිදි එහි ගොස් ඔවුන්ට දම් දෙසා මඟඵලින් ඔවුන් අවබෝධ කැරවා දෙවන දවස්හි අරුණු නැගෙන වේලාවෙහි ඒ භික්‍ෂූන් ද රැගෙන වේළුවනයටම පැමිණියහ. සැරියුත් තෙරුන් බුදුරදුන් වැඳ සිටිකල්හි භික්‍ෂූහු තෙරුන්ට පසසා බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, අප දෙටු සොයුරු දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ පන්සියයක් භික්‍ෂූන් පිරිවරා පැමිණෙන විට ඉතා හොබනේය. දෙව්දත් වනාහි පිරිහුණු පිරිවර ඇත්තෙක් විය. මහණෙනි, සැරියුත් ඤාති සමූහයා පිරිවරාගෙන පැමිණෙන විට බැබලෙන්නේ දැන් පමණක් නොවෙයි. පෙරත් බැබලුණේය. දෙව්දත් ද සමූහයාගෙන් පිරිහුණේ දැන් පමණක් නොවෙයි. පෙරත් පිරිහුණේ මය. භික්‍ෂූහු මෙකරුණ හෙළිදරව් කිරීම පිණිස බුදුරදුන් අයැද සිටියහ. බුදුරදහු භවාන්තරයෙන් වැසුණු ඒ කරුණ ප්‍රකට කළහ.

අතීතෙ මගධරට‍්ඨෙ රාජගහනගරෙ එකො මගධරාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො මිගයොනියං පටිසන්‍ධිං ගහෙත්‍වා වුද‍්ධිප‍්පත‍්තො මිගසහස‍්සපරිවාරො අරඤ‍්ඤෙ වසති. තස‍්ස ලක‍්ඛණො ච කාළො චාති ද‍්වෙ පුත‍්තා අහෙසුං. සො අත‍්තනො මහල‍්ලකකාලෙ “තාතා, අහං ඉදානි මහල‍්ලකො, තුම‍්හෙ ඉමං ගණං පරිහරථා”ති පඤ‍්ච පඤ‍්ච මිගසතානි එකෙකං පුත‍්තං පටිච‍්ඡාපෙසි . තතො පට‍්ඨාය තෙ ද‍්වෙ ජනා මිගගණං පරිහරන‍්ති. මගධරට‍්ඨස‍්මිඤ‍්ච සස‍්සපාකසමයෙ කිට‍්ඨසම‍්බාධෙ අරඤ‍්ඤෙ මිගානං පරිපන්‍ථො හොති. මනුස‍්සා සස‍්සඛාදකානං මිගානං මාරණත්‍ථාය තත්‍ථ තත්‍ථ ඔපාතං ඛණන‍්ති, සූලානි රොපෙන‍්ති, පාසාණයන‍්තානි සජ‍්ජෙන‍්ති, කූටපාසාදයො පාසෙ ඔඩ‍්ඩෙන‍්ති, බහූ මිගා විනාසං ආපජ‍්ජන‍්ති. බොධිසත‍්තො කිට‍්ඨසම‍්බාධසමයං ඤත්‍වා ද‍්වෙ පුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා ආහ – “තාතා, අයං කිට‍්ඨසම‍්බාධසමයො, බහූ මිගා විනාසං පාපුණන‍්ති, මයං මහල‍්ලකා යෙන කෙනචි උපායෙන එකස‍්මිං ඨානෙ වීතිනාමෙස‍්සාම, තුම‍්හෙ තුම‍්හාකං මිගගණෙ ගහෙත්‍වා අරඤ‍්ඤෙ පබ‍්බතපාදං පවිසිත්‍වා සස‍්සානං උද‍්ධටකාලෙ ආගච‍්ඡෙය්‍යාථා”ති. තෙ “සාධූ”ති පිතු වචනං සුත්‍වා සපරිවාරා නික‍්ඛමිංසු. තෙසං පන ගමනමග‍්ගං මනුස‍්සා ජානන‍්ති “ඉමස‍්මිං කාලෙ මිගා පබ‍්බතමාරොහන‍්ති, ඉමස‍්මිං කාලෙ ඔරොහන‍්තී”ති. තෙ තත්‍ථ තත්‍ථ පටිච‍්ඡන‍්නට‍්ඨානෙ නිලීනා බහූ මිගෙ විජ‍්ඣිත්‍වා මාරෙන‍්ති.

පෙර මගධ රට රජගහනුවර එක් මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු මුව ජාතියෙහි වැඩිවිය පැමිණියේ මුවන් දහසක් පිරිවරාගෙන මහවනයෙහි වෙසෙති. ඔහුට ලක්‍ඛණ, කාල නමින් පුතුන් දෙදෙනෙක් වූහ. ඔහු මහලු කල දරුවනේ, මම දැන් මහලු වෙමි. තෙපි මේ මුව සමූහය රැකගනිවු යි පුතුන් දෙදෙනාට පන්සියය බැගින් පවරා දුන්නේය. එතැන් පටන් ඒ දෙදෙනා මුව සමූහය රකිත්. මගධ රට ශස්‍යය සමයෙහි වනයෙහි වසන මුවන්ට උවදුරු වෙයි. මිනිස්සු ගොයම් කන මුවන් මරනු පිණිස තැන් තැන්වල වළවල් හාරත්. උල් සිටුවත් ගල් උගුල් අටවත්. සොරමල ආදී උගුල් තබත්. බොහෝ මුවෝ විනාශයට පත්වෙති. බෝසත්හු කෘෂිකාර්මික කාලයයැ යි දැන පුතුන් කැඳවා දරුවනි, මේ කෘෂිකාර්මික කාලය යි. බොහෝ මුවෝ විනාශ වෙත්. දැන් අප මහලුය. අපි කෙසේ හෝ එක් තැනක හිඳ ජීවත්වෙමු. තෙපි තොපගේ මුව සමූහය ගෙන වනයෙහි පර්වත පාදයට ගොස් සස් නෙලූ කල ආපසු පැමිණෙවු. ඒ දෙදෙනා ද මැනවැ යි පියාගේ වදන් අසා පිරිවර සහිත ව නික්මුණහ. මිනිස්සු ද මුවන්ගේ ගමන් මං දනිත්. මේ කාලයෙහි මුවන් පර්වතය නගිති යි, මේ කාලයෙහි බසිති යි දැන තැන්තැන්වල සැඟවී සිට බොහෝ මුවන් විද මරත්.

කාළමිගො අත‍්තනො දන්‍ධතාය “ඉමාය නාම වෙලාය ගන‍්තබ‍්බං, ඉමාය වෙලාය න ගන‍්තබ‍්බ”න‍්ති අජානන‍්තො මිගගණං ආදාය පුබ‍්බණ‍්හෙපි සායන‍්හෙපි පදොසෙපි පච‍්චූසෙපි ගාමද‍්වාරෙන ගච‍්ඡති. මනුස‍්සා තත්‍ථ තත්‍ථ පකතියා ඨිතා ච නිලීනා ච බහූ මිගෙ විනාසං පාපෙන‍්ති. එවං සො අත‍්තනො දන්‍ධතාය බහූ මිගෙ විනාසං පාපෙත්‍වා අප‍්පකෙහෙව මිගෙහි අරඤ‍්ඤං පාවිසි. ලක‍්ඛණමිගො පන පණ‍්ඩිතො බ්‍යත‍්තො උපායකුසලො “ඉමාය වෙලාය ගන‍්තබ‍්බං, ඉමාය වෙලාය න ගන‍්තබ‍්බ”න‍්ති ජානාති. සො ගාමද‍්වාරෙනපි න ගච‍්ඡති , දිවාපි න ගච‍්ඡති, පදොසෙපි න ගච‍්ඡති, පච‍්චූසෙපි න ගච‍්ඡති, මිගගණං ආදාය අඩ‍්ඪරත‍්තසමයෙයෙව ගච‍්ඡති. තස‍්මා එකම‍්පි මිගං අවිනාසෙත්‍වා අරඤ‍්ඤං පාවිසි. තෙ තත්‍ථ චත‍්තාරො මාසෙ වසිත්‍වා සස‍්සෙසු උද‍්ධටෙසු පබ‍්බතා ඔතරිංසු.

කාල මුවා ද තමාගේ දන්‍ධ බව (මෝඩ බව) නිසා මේ වේලාවේ යා යුතුය. මේ වේලාවේ නො යා යුතුයැ යි නොදැන මුව රැළ ගෙන පෙරවරුවෙහි ද පස්වරුවෙහි ද සැඳෑ කාලයෙහි ද අළුයම ද ගම් දොරින් යයි. එමඟ පදිංචිකරුවෝ ද සැඟවී සිටියෝ බොහෝ මුවන් මරත්. මෙසේ ඔහු තම දන්‍ධ බව නිසා බොහෝ මුවන් විනාශ්‍යට පමුණුවා ටිකදෙනකු සමග වනයට ගියේය. ලක්‍ඛණ මුවා වනාහි පණ්ඩිතය. දක්‍ෂය. උපාය දන්නේය. මේ වෙලාවෙහි යා යුතුය. මේ වේලාවෙහි නො යා යුතුයැ යි දනී. ඔහු ගම්දොරින් ද නො යයි. දවල් කල ද නො යයි. සන්ධ්‍යාවෙහි ද නො යයි. අළුයම ද නො යයි. මුවරැළ පිරිවරාගෙන මැදියම් රැයෙහි ම යයි. එම නිසා එක් මුවකුවත් විනාශ නො කොට වනයට පිවිසියේය. මෙසේ ඔවුහු එහි සිව් මසක් පර්වත පාදයෙහි වැස සස් නෙලා ගස් පසු පව්වෙන් බැස්සාහ.

කාළො පච‍්චාගච‍්ඡන‍්තොපි පුරිමනයෙනෙව අවසෙසමිගෙ විනාසං පාපෙන‍්තො එකකොව ආගමි. ලක‍්ඛණො පන එකමිගම‍්පි අවිනාසෙත්‍වා පඤ‍්චහි මිගසතෙහි පරිවුතො මාතාපිතූනං සන‍්තිකං ආගමි. බොධිසත‍්තො ද‍්වෙපි පුත‍්තෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා මිගගණෙන සද‍්ධිං මන‍්තෙන‍්තො ඉමං ගාථං සමුට‍්ඨාපෙසි –

කාල මුවා ආපසු එන්නේ පෙරකී පරිදි සෙසු මුවන් විනාශයට පමුණුවා එකලාව පැමිණියේය. ලක්‍ඛණ මුවා එක මුවකු ද මරණයට ඉඩ නො තබා පන්සියයක් මුවන් පිරිවරා මව්පියන් වෙත පැමිණියේය. බෝසත්හු එන්නා වූ දෙපුතුන් දැක මුව රැළ සමග මන්ත්‍රණය කරන්නේ මේ ගාථාව මතු කළහ.

“හොති සීලවතං අත්‍ථො, පටිසන්‍ථාරවුත‍්තිනං; ලක‍්ඛණං පස‍්ස ආයන‍්තං, ඤාතිසඞ‍්ඝපුරක‍්ඛතං; අථ පස‍්සසිමං කාළං, සුවිහීනංව ඤාතිභී”ති.

“හොති සීලවතං අත්‍ථො පටිසන්‍ථාර වුත්තිනං, ලක්‍ඛණං පස්ස ආයන්තං ඤාතිසංඝපුරක්‍ඛතං, අථ පස්සසි මං කාළං සුවිහීනං ච ඤාතිහීති”

“සිල්වත් වූ සුහද පැවතුම් ඇත්තවුන්ට අභිවෘද්ධිය වේ. ඤාති සමූහයා විසින් පිරිවරන ලදුව පැමිණෙන ලක්‍ඛණ දෙස බලව. අනතුරුව වෙසෙසින් නෑයන්ගෙන් පිරිහුණු කාල දෙස බලව.”

තත්‍ථ සීලවතන‍්ති සුඛසීලතාය සීලවන‍්තානං ආචාරසම‍්පන‍්නානං. අත්‍ථොති වුඩ‍්ඪි. පටිසන්‍ථාරවුත‍්තිනන‍්ති ධම‍්මපටිසන්‍ථාරො ච ආමිසපටිසන්‍ථාරො ච එතෙසං වුත‍්තීති පටිසන්‍ථාරවුත‍්තිනො, තෙසං පටිසන්‍ථාරවුත‍්තිනං. එත්‍ථ ච පාපනිවාරණඔවාදානුසාසනිවසෙන ධම‍්මපටිසන්‍ථාරො ච, ගොචරලාභාපනගිලානුපට‍්ඨානධම‍්මිකරක‍්ඛාවසෙන ආමිසපටිසන්‍ථාරො ච වෙදිතබ‍්බො. ඉදං වුත‍්තං හොති – ඉමෙසු ද‍්වීසු පටිසන්‍ථාරෙසු ඨිතානං ආචාරසම‍්පන‍්නානං පණ‍්ඩිතානං වුඩ‍්ඪි නාම හොතීති. ඉදානි තං වුඩ‍්ඪිං දස‍්සෙතුං පුත‍්තමාතරං ආලපන‍්තො විය “ලක‍්ඛණං පස‍්සා”තිආදිමාහ. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – ආචාරපටිසන්‍ථාරසම‍්පන‍්නං අත‍්තනො පුත‍්තං එකමිගම‍්පි අවිනාසෙත්‍වා ඤාතිසඞ‍්ඝෙන පුරක‍්ඛතං පරිවාරිතං ආගච‍්ඡන‍්තං පස‍්ස. තාය පන ආචාරපටිසන්‍ථාරසම‍්පදාය විහීනං දන්‍ධපඤ‍්ඤං අථ පස‍්සසිමං කාළං එකම‍්පි ඤාතිං අනවසෙසෙත්‍වා සුවිහීනමෙව ඤාතීහි එකකං ආගච‍්ඡන‍්තන‍්ති. එවං පුත‍්තං අභිනන්‍දිත්‍වා පන බොධිසත‍්තො යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතො.

එහි “සීලවතං” යනු සැප ස්වභාවය ඇත්තේ බැවින්, සිල්වතුන්ටය. සදාචාර සම්පන්න වූවන්ටය. “අත්‍ථො” යනු වැඩීමය. “පටිසන්‍ථාර වුත්තිනං” ධර්ම ආමිස පිළිසඳර මොවුන්ගේ පැවැත්මයි. පිළිසඳර පැවැත්ම ඇත්තවුන්ට මෙහි ද පවින් වළක්වන අවවාද අනුසාසනා කිරීම් වශයෙන් ධම්ම පටිසන්‍ථාරය ද සිවුපස ලබාදීම, ගිලන් උවටැන, දැහැමි රැකවරණය වශයෙන් ආමිස පටිසන්‍ථාරය ද දතයුතු. මෙය කියන ලදි. මේ දෙවැදෑරුම් පිළිසඳරෙහි යෙදුණු සදාචාර සම්පන්න නැණවතුන් දියුණුව වෙයි යනුයි. දැන් ඒ දියුණුව පෙන්වීමට පුත්‍රයා සහ මව අමතා කියන්නාක මෙන් “ලක්‍ඛණං පස්ස” ආදිය කීහ. මේ මෙහි ලුහුඬු අදහසයි. සිරිත්වලින් හා සුහද බැවින් යුත් තම පුත්‍රයා එක් මුවකුවත් නො නසා ඤාති සමූහයා පිරිවරා පෙරටු කොට එන අයුරු බලව. ඒ සිරිත්වලින් හා සුහද බැවින් තොර වූ නුවණ අඩු “අථ පස්සසි මං කාළං” මේ කාල එක ඤාතියකුවත් ඉතිරි නො කොට ඤාතීන්ගෙන් පිරිහී එකලා ව එන අයුරු බලන්න. මෙසේ සිය පුත්‍රයා සතුටින් පිළිගෙන බෝසතාණෝ ආයු ඇතිතාක් සිට කම් වූ පරිදි මිය පරලොව ගියහ.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො ඉදානෙව ඤාතිසඞ‍්ඝපරිවාරිතො සොභති, පුබ‍්බෙපි සොභතියෙව. න ච දෙවදත‍්තො එතරහියෙව ගණම‍්හා පරිහීනො, පුබ‍්බෙපි පරිහීනොයෙවා”ති ඉමං ධම‍්මදෙසනං දස‍්සෙත්‍වා ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කාළො දෙවදත‍්තො අහොසි, පරිසාපිස‍්ස දෙවදත‍්තපරිසාව, ලක‍්ඛණො සාරිපුත‍්තො, පරිසා පනස‍්ස බුද‍්ධපරිසා, මාතා රාහුලමාතා, පිතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මහණෙනි, සැරියුත් තෙරණුවෝ ඤාතීන් පිරිවරා බැබළුණෝ දැන් පමණක් නොවෙති. පෙරත් බැබළුණෝ ය. දෙව්දත් සිය පිරිවරින් පිරිහුණේ දැන් පමණක් නොවේ. පෙරත් පිරිහුණේමයැ යි මෙම දම් දෙසුම දක්වා කථා දෙපුවත් ගළපා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එකල්හි කාල, දේවදත්ත විය. ඔහුගේ පිරිස දේවදත්ත පිරිසම වූහ. ලක්‍ඛණ, සාරිපුත්‍ර විය. ඔහුගේ පිරිස බුදු පිරිසය. මව රාහුල මාතාව වූවාය. පියා වනාහි මම් ම වීමි.

ලක‍්ඛණමිගජාතකවණ‍්ණනා පඨමා.