2. නිග්රොධමිගජාතකවණ්ණනා 12 අට්ඨකථා
2. නිග්රොධමිගජාතකවණ්ණනා (12)
2. නිග්‍රෝධමිග ජාතකය (12)
නිග්රොධමෙව සෙවෙය්යාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කුමාරකස්සපත්ථෙරස්ස මාතරං ආරබ්භ කථෙසි. සා කිර රාජගහනගරෙ මහාවිභවස්ස සෙට්ඨිනො ධීතා අහොසි උස්සන්නකුසලමූලා පරිමද්දිතසඞ්ඛාරා පච්ඡිමභවිකා, අන්තොඝටෙ පදීපො විය තස්සා හදයෙ අරහත්තූපනිස්සයො ජලති. සා අත්තානං ජානනකාලතො පට්ඨාය ගෙහෙ අනභිරතා පබ්බජිතුකාමා හුත්වා මාතාපිතරො ආහ – “අම්මතාතා, මය්හං ඝරාවාසෙ චිත්තං නාභිරමති, අහං නිය්යානිකෙ බුද්ධසාසනෙ පබ්බජිතුකාමා, පබ්බාජෙථ ම”න්ති. අම්ම, කිං වදෙසි, ඉදං කුලං බහුවිභවං, ත්වඤ්ච අම්හාකං එකධීතා, න ලබ්භා තයා පබ්බජිතුන්ති. සා පුනප්පුනං යාචිත්වාපි මාතාපිතූනං සන්තිකා පබ්බජ්ජං අලභමානා චින්තෙසි “හොතු, පතිකුලං ගතා සාමිකං ආරාධෙත්වා පබ්බජිස්සාමී”ති. සා වයප්පත්තා පතිකුලං ගන්ත්වා පතිදෙවතා හුත්වා සීලවතී කල්යාණධම්මා අගාරං අජ්ඣාවසි.
“නිග්රොධමෙව සෙවෙය්යා” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩවසමින් කුමාර කස්සප තෙරණුවන්ගේ මව අරබයා දේශනා කළහ. ඕ වනාහි බොහෝ වස්තු ඇති සිටුගේ දුවක් වූවාය. උත්සන්න වූ කුසල් මුල් ඇත්තී, මඩින ලද සංස්කාර ඇත්තී, අන්තිම අත්බවෙහි සිටින්නී වූවාය. කුළයෙහි (ගෙයක මුදුනෙහි) පහන මෙන් ඇගේ රහත් වීමේ හේතු සම්පත් දැල්වෙයි. තමා ගැන දන්නා කාලයේ සිට ගිහිගෙයි නො ඇලුණාය. පැවිදි වනු කැමැති වී ඕ මව් පියන් අමතා මෑණියනි, පියාණෙනි, ගිහිගෙයි සිත නො ඇලෙයි. නෛර්යානික බුදුසසුනෙහි පැවිදිවනු කැමැත්තෙමි. මා පැවිද කැරවනු මැනවැයි කීවාය. දියණියනි, කුමක් කියන්නෙහි ද? මේ කුලය බොහෝ වස්තු ඇත්තකි. ඔබ අපගේ එක ම දියණියයි. පැවිදිවීමට ඉඩ නො ලැබේ. ඕ නැවත නැවත ඇවිටිලි කළ ද මව්පියන් වෙතින් පැවිද්දට අවසර නො ලබන්නී මෙසේ සිතුවාය. එසේ නම් පතිකුලයට ගිය කල්හි සැමියාගේ සිත් ගෙන පැවිදි වන්නෙමි යි, ඒ සුදුසු වියට පත් කල්හි පතිකුලයට ගොස් හිමියා දෙවියකු කොට සලකා සිල්වත් ව කලණදම් ඇත්තීව ගිහිගෙයි විසුවාය.
අථස්සා සංවාසමන්වාය කුච්ඡියං ගබ්භො පතිට්ඨහි. සා ගබ්භස්ස පතිට්ඨිතභාවං න අඤ්ඤාසි. අථ තස්මිං නගරෙ නක්ඛත්තං ඝොසයිංසු, සකලනගරවාසිනො නක්ඛත්තං කීළිංසු, නගරං දෙවනගරං විය අලඞ්කතපටියත්තං අහොසි. සා පන තාව උළාරායපි නක්ඛත්තකීළාය වත්තමානාය අත්තනො සරීරං න විලිම්පති නාලඞ්කරොති, පකතිවෙසෙනෙව විචරති.
ඔවුන්ගේ සහවාසය නිසා ඇගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඕ ගැබ පිහිටි බව නො දන්නීය. මේ අතර එනගරයෙහි නැකැත් කෙළියක් ප්‍රසිද්ධියට පත් කළහ. සියලු නගර වැස්සෝ නැකැත් ක්‍රීඩා කළහ. නගරය දෙව් පුරයක් ලෙස අලංකාරව පිළියෙල කරන ලද්දේය. ඕ මෙවැනි අති උදාර නැකැත් කෙළියක් පැවැත්වෙද්දීත් තම සිරුරෙහි සුවඳ විලවුන් නො ගල්වයි. සිරුර අලංකාර නො කරයි. සාමාන්‍ය පියවි ලෙසින් ම හැසිරේ.
අථ නං සාමිකො ආහ – “භද්දෙ, සකලනගරං නක්ඛත්තනිස්සිතං, ත්වං පන සරීරං නප්පටිජග්ගසී”ති. අය්යපුත්ත, ද්වත්තිංසාය මෙ කුණපෙහි පූරිතං සරීරං, කිං ඉමිනා අලඞ්කතෙන, අයඤ්හි කායො නෙව දෙවනිම්මිතො, න බ්රහ්මනිම්මිතො, න සුවණ්ණමයො, න මණිමයො, න හරිචන්දනමයො, න පුණ්ඩරීකකුමුදුප්පලගබ්භසම්භූතො , න අමතොසධපූරිතො, අථ ඛො කුණපෙ ජාතො, මාතාපෙත්තිකසම්භවො, අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, කටසිවඩ්ඪනො, තණ්හූපාදින්නො, සොකානං නිදානං, පරිදෙවානං වත්ථු, සබ්බරොගානං ආලයො, කම්මකරණානං පටිග්ගහො, අන්තොපූති, බහි නිච්චපග්ඝරණො, කිමිකුලානං ආවාසො, සිවථිකපයාතො, මරණපරියොසානො, සබ්බලොකස්ස චක්ඛුපථෙ වත්තමානොපි –
ඇගේ හිමියා සොඳුර, මෙම පුරය ම නැකැත් කෙළියෙහි බැඳුණේය. ඔබ ඔබගේ සිරුර කුමක් නිසා නො සරසන්නී ද? හිමියනි, මාගේ සිරුර දෙතිස් කුණපයකින් පිරුණේය. මේ සිරුර සැරසීමෙන් ප්‍රයෝජනය කුමක්ද? මේ කය වනාහි දේව නිර්මාණයක් නො වේ. බ්‍රහ්ම නිර්මාණයක් ද නො වේ. රනින්, මිණියෙන්, සඳුනෙන් කළේ ද නො වේ. හෙළ පියුම්, රත් පියුම් හෝ උපුල් ගැබක උපන්නේ ද නො වේ. ඇතුළත අමා ඔසුයෙන් පිරුණේ ද නො වේ. හුදෙක් කසළෙහි උපන්නකි. මව්පියන් නිසා හට ගත්තකි. අනිස බව, ඉලීම, පිරිමැදීම, බිඳෙන බව, විසිරෙන බව ස්වභාව කොට ඇත්තකි. සොහොන් පොළොව වඩන්නකි. තණ්හාවෙන් දැඩිව අල්ලා ගත්තකි. ශෝකාදියට හේතුවකි. වැලපීම් ආදියට හේතුවකි. සියලු රෝගයන්ට හේතුවකි. සියලු ක්‍රියාවන් පිළිගන්නකි. ඇතුළත කුණු පිටතට නිතර වැගිරෙන සුලුය. පණු කැලට ගෙයකි. සොහොන පිහිට කොට ඇත්තකි. මරණය කෙළවර කොට ඇත්තකි. සියලු ලෝවැස්සන්ගේ ඇස් ඉදිරියෙහි ම සිටිය ද
“අට්ඨිනහාරුසංයුත්තො, තචමංසාවලෙපනො; ඡවියා කායො පටිච්ඡන්නො, යථාභූතං න දිස්සති.
“ඇට හා නහරින් බැඳුනේය. හම සහිත මසින් ගල්වන ලද්දේය. සිවියෙන් ශරීරය වැසුණේය. එම නිසා යථා තත්ත්වය නො පෙනේ.
“අන්තපූරො උදරපූරො, යකනපෙළස්ස වත්ථිනො; හදයස්ස පප්ඵාසස්ස, වක්කස්ස පිහකස්ස ච.
බඩවැලින් පිරුණේය. උදරයෙන් පිරුණේය. අක්මාවෙන් හා හෘදය මාංශයෙන් ද පපුගඩුවෙන් ද වකුගඩුවෙන් ද බඩදිවින් ද,
“සිඞ්ඝාණිකාය ඛෙළස්ස, සෙදස්ස ච මෙදස්ස ච; ලොහිතස්ස ලසිකාය, පිත්තස්ස ච වසාය ච.
සොටුයෙන් ද කෙලින් ද දහඩියෙන් ද වසා තෙලින් ද ලෙයින් ද සඳ මිදුලෙන් ද පිතෙන් ද තෙලින් ද පිරුණේය.
“අථස්ස නවහි සොතෙහි, අසුචී සවති සබ්බදා; අක්ඛිම්හා අක්ඛිගූථකො, කණ්ණම්හා කණ්ණගූථකො.
තව ද සැමදා නව දොරකින් අපවිත්‍ර දෑ වැගිරෙයි. ඇස්වලින් කබ ද කනින් කන් කෑදුරු ද,
“සිඞ්ඝාණිකා ච නාසතො, මුඛෙන වමතෙකදා; පිත්තං සෙම්හඤ්ච වමති, කායම්හා සෙදජල්ලිකා.
නාසයෙන් සොටු ද කටින් වමනය ද පිත ද සෙම ද සමහරවිට සිරුරින් දහඩිය බිඳු ද වැගිරෙයි.
“අථස්ස සුසිරං සීසං, මත්ථලුඞ්ගස්ස පූරිතං; සුභතො නං මඤ්ඤති බාලො, අවිජ්ජාය පුරක්ඛතො. (සු· නි· 196-201);
ඔහුගේ හිස් කුහරය මොළයෙන් පිරුණේය. අවිද්‍යාවෙහි උතුම් වූ බාලයා, ඒ සිරුර සුබ වශයෙන් පතයි.
“අනන්තාදීනවො කායො, විසරුක්ඛසමූපමො; ආවාසො සබ්බරොගානං, පුඤ්ජො දුක්ඛස්ස කෙවලො. (අප· ථෙර 2.54.55);
විස සහිත ගසක් සමාන වූ මේ සිරුර නිමක් නැති ආදීනව ඇත්තේය. සියලු රෝගයන්ට නිවෙස් වූ මේ සිරුර හුදු දුක් ගොඩකි.
“සචෙ ඉමස්ස කායස්ස, අන්තො බාහිරකො සියා; දණ්ඩං නූන ගහෙත්වාන, කාකෙ සොණෙ ච වාරයෙ.
ඉදින්, මේ සිරුරෙහි ඇතුල් පැත්ත පිටතින් තිබුණේ නම් දඬකඩක් ගෙන කපුටන් හා බල්ලන් එළවීමට සිදුවන්නේය.
“දුග්ගන්ධො අසුචි කායො, කුණපො උක්කරූපමො; නින්දිතො චක්ඛුභූතෙහි, කායො බාලාභිනන්දිතො.
මේ සිරුර දුගඳය. අපිරිසිදුය. පිළිකුල්ය. කසල ගොඩක් වැනිය. නුවණැත්තන් විසින් නින්දිත වූ මේ කය බාලයන්ට සතුට ගෙන දේ.”
“අල්ලචම්මපටිච්ඡන්නො, නවද්වාරො මහාවණො; සමන්තතො පග්ඝරති, අසුචී පූතිගන්ධියො”ති. (විසුද්ධි· 1.122);
[missing trans]
අය්යපුත්ත , ඉමං කායං අලඞ්කරිත්වා කිං කරිස්සාමි? නනු ඉමස්ස අලඞ්කතකරණං ගූථපුණ්ණඝටස්ස බහි චිත්තකම්මකරණං විය හොතීති? සෙට්ඨිපුත්තො තස්සා වචනං සුත්වා ආහ “භද්දෙ, ත්වං ඉමස්ස සරීරස්ස ඉමෙ දොසෙ පස්සමානා කස්මා න පබ්බජසී”ති? “අය්යපුත්ත, අහං පබ්බජ්ජං ලභමානා අජ්ජෙව පබ්බජෙය්ය”න්ති. සෙට්ඨිපුත්තො “සාධු, අහං තං පබ්බාජෙස්සාමී”ති වත්වා මහාදානං පවත්තෙත්වා මහාසක්කාරං කත්වා මහන්තෙන පරිවාරෙන භික්ඛුනුපස්සයං නෙත්වා තං පබ්බාජෙන්තො දෙවදත්තපක්ඛියානං භික්ඛුනීනං සන්තිකෙ පබ්බාජෙසි. සා පබ්බජ්ජං ලභිත්වා පරිපුණ්ණසඞ්කප්පා අත්තමනා අහොසි.
හිමියනි, මේ සිරුර සරසා කුමක් කරන්නෙහිද? මේ කය අලංකාර කිරීම අසූචි පිරුණු බඳුනක් පිටතින් කැටයම් කිරීමක් නො වන්නේ ද? සිටු පුත් ඇගේ වදන් අසා සොඳුර, මේ සිරුරෙහි මෙබඳු ආදීනව දැක දැකත් මක්නිසා ඔබ පැවිදි නො වන්නෙහි ද? හිමියනි, මට පැවිදිවීමට ලැබෙන්නේ නම් අද ම පැවිදි වන්නෙමි. සිටු පුත්, මැනවි. මම ඔබ පැවිදි කරවන්නෙමි යි කියා මහදන් පවත්වා මහත් පිරිවරින් මෙහෙණවරට ගෙන පමුණුවා පැවිදි කරනු ලබන්නී, දෙව්දත් තෙරුන්ට පක්ෂපාතී භික්ෂුණීන් වෙත පැවිදි කරවීය. ඕ තුමූ පැවිද්ද ලැබ සිතැඟි ඉටුවීමෙන් සතුටු වූවාය.
අථස්සා ගබ්භෙ පරිපාකං ගච්ඡන්තෙ ඉන්ද්රියානං අඤ්ඤථත්තං හත්ථපාදපිට්ඨීනං බහලත්තං උදරපටලස්ස ච මහන්තතං දිස්වා භික්ඛුනියො තං පුච්ඡිංසු “අය්යෙ, ත්වං ගබ්භිනී විය පඤ්ඤායසි, කිං එත”න්ති? අය්යෙ, “ඉදං නාම කාරණ”න්ති න ජානාමි, සීලං පන මෙ පරිපුණ්ණන්ති . අථ නං තා භික්ඛුනියො දෙවදත්තස්ස සන්තිකං නෙත්වා දෙවදත්තං පුච්ඡිංසු “අය්ය, අයං කුලධීතා කිච්ඡෙන සාමිකං ආරාධෙත්වා පබ්බජ්ජං ලභි, ඉදානි පනස්සා ගබ්භො පඤ්ඤායති, මයං ඉමස්ස ගබ්භස්ස ගිහිකාලෙ වා පබ්බජිතකාලෙ වා ලද්ධභාවං න ජානාම, කිංදානි කරොමා”ති? දෙවදත්තො අත්තනො අබුද්ධභාවෙන ච ඛන්තිමෙත්තානුද්දයානඤ්ච නත්ථිතාය එවං චින්තෙසි “දෙවදත්තපක්ඛිකා භික්ඛුනී කුච්ඡිනා ගබ්භං පරිහරති, දෙවදත්තො ච තං අජ්ඣුපෙක්ඛතියෙවාති මය්හං ගරහා උප්පජ්ජිස්සති, මයා ඉමං උප්පබ්බාජෙතුං වට්ටතී”ති. සො අවීමංසිත්වාව සෙලගුළං පවට්ටයමානො විය පක්ඛන්‍දිත්‍වා “ගච්ඡථ, ඉමං උප්පබ්බාජෙථා”ති ආහ. තා තස්ස වචනං සුත්වා උට්ඨාය වන්දිත්වා උපස්සයං ගතා.
එහෙත් ඇයගේ දරු ගැබ මුහුකුරා යත් ම ඉඳුරන්ගේ වෙනස් බවත් අත්පා, පිට මහත් බවත් උදර පටලයෙහි මහත් බවත් දුටු මෙහෙණිවරු ඇගෙන් විමසූහ. නැගණිය, ඔබ ගැබිනියක මෙන් පෙනේ. මේ කිමෙක් ද? සොහොයුරියනි, මම මේ කරුණක් නො දනිමි. මගේ සීලය පිරිපුන්ය. මෙහෙණියෝ ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙන ගොස් විචාළහ. ස්වාමීනි, මේ කුල දුව ඉතා අපහසුවෙන් හිමියාගෙන් අවසර ලබා ගෙන පැවිදි වූවාය. දැන් මැයගේ කුස දරු ගැබක් ඇති බව පෙනීයයි. දරු ගැබ ගිහි කල හෝ පැවිදි කල පිහිටි බවක් අපි නො දනිමු. දැන් කුමක් කරමු ද? දෙව්දත් තෙරණුවෝ තමා තුළ මුදු බවක් නැති බැවින් ද ඉවසීම, මෙත්තාව, කරුණාව, අනුකම්පාව ආදී ගුණ නැති බැවින් ද මෙසේ සිතීය. දේවදත්ත පාක්ෂික භික්ෂුණීහු දරුගැබ් දරති. දෙව්දත් තෙරණුවෝ ද ඒ පිළිබඳව මැදහත්ව සිටිති. මට නින්දාවක් වන්නේයැ යි සිතා විමසීමක් නො කොට මවිසින් මැය උපැවිදි කළ යුතුයැ යි සිතා ගල්වටක් පෙරලන්නාක් මෙන් ඉදිරිය පැන යවු. මැය උපැවිදි කරවුයැ යි කීහ. ඕ ද ඔහු වචනය අසා වැඳ මෙහෙණවරට ගියාය.
අථ සා දහරා තා භික්ඛුනියො ආහ – “අය්යෙ, න දෙවදත්තත්ථෙරො බුද්ධො, නාපි මය්හං තස්ස සන්තිකෙ පබ්බජ්ජා, ලොකෙ පන අග්ගපුග්ගලස්ස සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ මය්හං පබ්බජ්ජා, සා ච පන මෙ දුක්ඛෙන ලද්ධා, මා නං අන්තරධාපෙථ, එථ මං ගහෙත්වා සත්ථු සන්තිකං ජෙතවනං ගච්ඡථා”ති. තා තං ආදාය රාජගහා පඤ්චචත්තාලීසයොජනිකං මග්ගං අතික්කම්ම අනුපුබ්බෙන ජෙතවනං පත්වා සත්ථාරං වන්දිත්වා තමත්ථං ආරොචෙසුං. සත්ථා චින්තෙසි – “කිඤ්චාපි ගිහිකාලෙ එතිස්සා ගබ්භො පතිට්ඨිතො, එවං සන්තෙපි ‘සමණො ගොතමො දෙවදත්තෙන ජහිතං ආදාය චරතී’ති තිත්ථියානං ඔකාසො භවිස්සති. තස්මා ඉමං කථං පච්ඡින්දිතුං සරාජිකාය පරිසාය මජ්ඣෙ ඉමං අධිකරණං විනිච්ඡිතුං වට්ටතී”ති. පුනදිවසෙ රාජානං පසෙනදිකොසලං මහාඅනාථපිණ්ඩිකං චූළඅනාථපිණ්ඩිකං විසාඛං මහාඋපාසිකං අඤ්ඤානි ච අභිඤ්ඤාතානි මහාකුලානි පක්කොසාපෙත්වා සායන්හසමයෙ චතූසු පරිසාසු සන්නිපතිතාසු උපාලිත්ථෙරං ආමන්තෙසි “ගච්ඡ, ත්වං චතුපරිසමජ්ඣෙ ඉමිස්සා දහරභික්ඛුනියා කම්මං සොධෙහී”ති. “සාධු, භන්තෙ”ති ථෙරො පරිසමජ්ඣං ගන්ත්වා අත්තනො පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා රඤ්ඤො පුරතො විසාඛං උපාසිකං පක්කොසාපෙත්වා ඉමං අධිකරණං පටිච්ඡාපෙසි “ගච්ඡ විසාඛෙ, ‘අයං දහරා අසුකමාසෙ අසුකදිවසෙ පබ්බජිතා’ති තථතො ඤත්වා ඉමස්ස ගබ්භස්ස පුරෙ වා පච්ඡා වා ලද්ධභාවං ජානාහී”ති. උපාසිකා “සාධූ”ති සම්පටිච්ඡිත්වා සාණිං පරික්ඛිපාපෙත්වා අන්තොසාණියං දහරභික්ඛුනියා හත්ථපාදනාභිඋදරපරියොසානාදීනි ඔලොකෙත්වා මාසදිවසෙ සමානෙත්වා ගිහිභාවෙ ගබ්භස්ස ලද්ධභාවං තථතො ඤත්වා ථෙරස්ස සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසි. ථෙරො චතුපරිසමජ්ඣෙ තං භික්ඛුනිං සුද්ධං අකාසි. සා සුද්ධා හුත්වා භික්ඛුසඞ්ඝඤ්ච සත්ථාරඤ්ච වන්දිත්වා භික්ඛුනීහි සද්ධිං උපස්සයමෙව ගතා. සා ගබ්භපරිපාකමන්වාය පදුමුත්තරපාදමූලෙ පත්ථිතපත්ථනං මහානුභාවං පුත්තං විජායි.
ඉක්බිති, ඕ තරුණ මෙහෙණියන් අමතා සොහොයුරියනි, දෙව්දත් තෙරණුවෝ බුදු නො වෙති. මගේ පැවිද්ද ඔහු සතු නො වේ. ලෝක නායක සම්මා සම්බුදු හිමියන් ළඟ මම පැවිදි වූවෙමි. එය ද මා ලැබුවේ ඉතා දුක සේ ය. පැවිදි බව මා කෙරෙන් අතුරුදහන් නො කරන්න. මා සමග එන්න. දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන බුදුරදුන් වෙත මා පමුණුවන්නැ යි කීවාය. මෙහෙණියෝ ඇය රැගෙන රජගහ නුවර සිට පන්සාළිස් යොදුන් මඟ ගෙවා පිළිවෙලින් දෙව්රම් වෙහෙරට පැමිණ බුදුරදුන් වැඳ එපුවත් සැලකළහ. බුදුරදහු මෙසේ සිතූහ. මැගේ දරු ගැබ ගිහි කල පිහිටි බව සත්‍යය වුව ද මහණ ගොයුම්හි දෙව්දතුන් විසින් බැහැර කරන ලද මෙහෙණක තම සසුනට ඇතුළත් කොට ඇතැ යි කීමට තීර්ථකාදීන්ට ඉඩක් ලැබෙන්නේය. එම නිසා මේ කථාව ඛණ්ඩනය කිරීමට රජුන් සහිත පිරිස මැද මෙම චෝදනාව විසඳන්න සුදුසුයැ යි සිතා දෙවන දවස් පසේනදි කොසොල් රජතුමා ද අනේපිඬු මහ සිටු ද සුලු අනේපිඬු ද විසාඛා උවැසිය ද වෙනත් ප්‍රසිද්ධ මහා පවුල් ද කැඳවා සවස් භාගයෙහි සිව්පිරිස රැස් වූ කල්හි උපාලි තෙරුන් අමතා යව. සිව්පිරිස් මැද මේ තරුණ භික්ෂුණියගේ අධිකරණය සමථ කරව යි කීහ. උපාලි තෙරහු ද මැනව ස්වාමීනි යි සිව්පිරිස් මැදට වැඩමවා තමා හට පැමිණි අසුනෙහි වැඩහිඳ රජු ඉදිරියෙහි විසාඛා උවැසිය කැඳවා මේ අධිකරණය ඉදිරිපත් කළහ. යන්න විසාඛාවෙනි. මේ දහර මෙහෙණ අසවල් මස අසවල් දින පැවිදි වූවායැ යි තත්වූ පරිදි දැන මැයගේ දරුගැබ එදිනට පෙර හෝ පසුව පිහිටියේදැ යි දැන ගනුව යි කීහ. උපාසිකාව මැනවැ යි පිළිගෙන තිරයක් වටකොට තිරය ඇතුළත දහර මෙහෙණගේ අත්පා, නැබ, උදරය කෙළවර කොට සියලු අවයව බලා මාස දින ගණන් කොට ගිහි කළ ගැබ පිහිටි බව තත්වූ පරිදි දැන තෙරුන් වෙත ගොස් ඒ බව සැලකළාය. තෙරණුවෝ සිව් පිරිස් මැද මෙහෙණ පිරිසිදු බවට පත් කළහ. ශීලයෙන් පිරිසිදු බව ලැබ බුදුරදුන් සහ මහසඟන වැඳ භික්ෂුණීන් සමග මෙහෙණවරට ම ගියාය. ඇය ගැබ මුහුකුරා ගිය කල පියුමතුරා බුදුන් කල ප්‍රාර්ථනා කරන ලද මහානුභාව ඇති පුතකු බිහි කළාය.
අථෙකදිවසං රාජා භික්ඛුනුපස්සයසමීපෙන ගච්ඡන්තො දාරකසද්දං සුත්වා අමච්චෙ පුච්ඡි. අමච්චා තං කාරණං ඤත්වා “දෙව, දහරභික්ඛුනී පුත්තං විජාතා, තස්සෙසො සද්දො”ති ආහංසු. “භික්ඛුනීනං, භණෙ, දාරකපටිජග්ගනං නාම පලිබොධො, මයං නං පටිජග්ගිස්සාමා”ති රාජා තං දාරකං නාටකිත්ථීනං දාපෙත්වා කුමාරපරිහාරෙන වඩ්ඪාපෙසි. නාමග්ගහණදිවසෙ චස්ස “කස්සපො”ති නාමං අකංසු. අථ නං කුමාරපරිහාරෙන වඩ්ඪිතත්තා “කුමාරකස්සපො”ති සඤ්ජානිංසු. සො සත්තවස්සිකකාලෙ සත්ථු සන්තිකෙ පබ්බජිත්වා පරිපුණ්ණවස්සො උපසම්පදං ලභිත්වා ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ ධම්මකථිකෙසු චිත්රකථී අහොසි. අථ නං සත්ථා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො”ති (අ· නි· 1.209, 217) එතදග්ගෙ ඨපෙසි. සො පච්ඡා වම්මිකසුත්තෙ (ම· නි· 1.249 ආදයො) අරහත්තං පාපුණි. මාතාපිස්ස භික්ඛුනී විපස්සනං වඩ්ඪෙත්වා අග්ගඵලං පත්තා. කුමාරකස්සපත්ථෙරො බුද්ධසාසනෙ ගගනමජ්ඣෙ පුණ්ණචන්දො විය පාකටො ජාතො.
ඉක්බිති, එක් දවසක් රජු මෙහෙණවර සමීපයෙන් යන්නේ ළදරු හඬක් අසා ඇමැතියන්ගෙන් විමසීය. ඇමතියෝ එම කරුණ දැන දේවයිනි, ඒ තරුණ මෙහෙණ පුතකු බිහි කළාය. මේ ඔහුගේ ශබ්දයයැ යි කීවාහුය. සගයිනි, මෙහෙණවරුන්ට දරුවන් ඇති දැඩි කිරීම බාධා සහිතය. අපි ඔහු පෝෂණය කරන්නෙමු. රජ ඒ කුමරා නළඟනන්ට දෙවා රජ කුමර පෙරහරින් පෝෂණය කරවීය. නම් තබන දිනයෙහි ඔහුට කස්සප යි නමක් තැබූහ. මෙසේ දරුවා කුමර පෙරහරින් වැඩුණු හෙයින් පසු කල කුමාර කස්සප නමින් හැඳින්වූහ. කුමරා සත් අවුරුදු කල බුදුන් ළඟ පැවිදි වී පිරිපුන් වස් ඇත්තේ උපසපන් ව කල්යත් ම ධර්ම කථිකයන් අතුරින් කථිකයකු විය. බුදුරදහු ද මහණෙනි, මේ කස්සප මාගේ ශ්‍රාවක විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් අතුරින් යමෙක් අග්‍රවේ ද ඒ කුමාර කස්සප වෙත්යැ යි අගතන්හි තැබූහ. ඔහු ධම්මික සූත්‍රය අසා රහත් බවට පැමිණියේය. කස්සප තෙරණුවන්ගේ මව් මෙහෙණියෝ ද විදසුන් වඩා අග්‍රඵලයට පත්වූවාය. බුදු සසුනෙහි අහස් මැද පුන්සඳ මෙන් ප්‍රසිද්ධ වූහ.
අථෙකදිවසං තථාගතො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛූනං ඔවාදං දත්වා ගන්ධකුටිං පාවිසි. භික්ඛූ ඔවාදං ගහෙත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානෙසු දිවසභාගං ඛෙපෙත්වා සායන්හසමයෙ ධම්මසභායං සන්නිපතිත්වා “ආවුසො, දෙවදත්තෙන අත්තනො අබුද්ධභාවෙන චෙව ඛන්තිමෙත්තාදීනඤ්ච අභාවෙන කුමාරකස්සපත්ථෙරො ච ථෙරී ච උභො නාසිතා, සම්මාසම්බුද්ධො පන අත්තනො ධම්මරාජතාය චෙව ඛන්තිමෙත්තානුද්දයසම්පත්තියා ච උභින්නම්පි තෙසං පච්චයො ජාතො”ති බුද්ධගුණෙ වණ්ණයමානා නිසීදිංසු. සත්ථා බුද්ධලීලාය ධම්මසභං ආගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි. “භන්තෙ, තුම්හාකමෙව ගුණකථායා”ති සබ්බං ආරොචයිංසු. න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව ඉමෙසං උභින්නං පච්චයො ච පතිට්ඨා ච ජාතො, පුබ්බෙපි අහොසියෙවාති. භික්ඛූ තස්සත්ථස්සාවිභාවත්ථාය භගවන්තං යාචිංසු. භගවා භවන්තරෙන පටිච්ඡන්නං කාරණං පාකටං අකාසි.
එක් දවසක් බුදුරදහු පිඬු පිණිස වැඩ පසු බත්හි භික්ෂූන්ට ඔවදන් දී ගඳකිළියට වැඩියහ. භික්ෂූහු ද ඔවදන් ගෙන තම තමන්ගේ දිවා රාත්‍රී වාසස්ථානවල දහවල් කාලය ගතකොට සවස් භාගයෙහි දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, දෙව්දත් තමා බුදු නො වන බැවින් ද ක්ෂාන්තිය, මෛත්‍රිය ආදී ගුණ නැති බැවින් ද කුමර කසුප් තෙරුන් හා මව් තෙරණිය ඇසිල්ලකින් නසන ලද්දෝය. සම්බුදුරදහු වනාහි තමන්වහන්සේ ධර්මරාජ වන බැවින් ද ක්ෂාන්ති, මෛත්‍රි, අනුකම්පා ආදී ගුණ සම්පත්තියෙන් පිරිපුන් බැවින් ද ඒ දෙදෙනාට ම පිහිට වූහ. මෙසේ බුදුගුණ වනමින් හුන්නාහුය. බුදුරදහු සම්බුදු සිරියෙන් දම් සබය වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහිඳ මහණෙනි, දැන් ඔබලා කවර කථාවකින් හුන්නාහුදැ යි විචාළහ. ස්වාමීනි, අපි බුදු රදුන්ගේ ම ගුණ කථාවෙන් හුන්නෙමු යි සියලු පුවත් සැලකළහ. මහණෙනි, බුදුරදහු මේ දෙදෙනාට ආධාරක වූයේ, පිහිට වූයේ දැන් පමණක් නො වෙත්. පෙරදී ද පිහිටවූහ යි කීහ. භික්ෂූහු මෙම පුවත හෙළිදරව් කරනු සඳහා අයැද සිටියහ. බුදුරදහු භවාන්තරයෙන් වැසීගිය පුවත හෙළිකළහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරයමානෙ බොධිසත්තො මිගයොනියං පටිසන්ධිං ගණ්හි. සො මාතුකුච්ඡිතො නික්ඛන්තො සුවණ්ණවණ්ණො අහොසි, අක්ඛීනි පනස්ස මණිගුළසදිසානි අහෙසුං, සිඞ්ගානි රජතවණ්ණානි, මුඛං රත්තකම්බලපුඤ්ජවණ්ණං, හත්ථපාදපරියන්තා ලාඛාරසපරිකම්මකතා විය, වාලධි චමරස්ස විය අහොසි, සරීරං පනස්ස මහන්තං අස්සපොතකප්පමාණං අහොසි. සො පඤ්චසතමිගපරිවාරො අරඤ්ඤෙ වාසං කප්පෙසි නාමෙන නිග්රොධමිගරාජා නාම. අවිදූරෙ පනස්ස අඤ්ඤොපි පඤ්චසතමිගපරිවාරො සාඛමිගො නාම වසති, සොපි සුවණ්ණවණ්ණොව අහොසි.
ඉකුත් දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ මුව යෝනියෙහි පිළිසිඳ ගත්හ. හේ මව් කුසින් නික්මෙන කල්හි ම රන්වන් විය. ඔහුගේ ඇස් මිණිකැට මෙන් විය. අං යුවල රිදීවන් විය. මුහුණ රත්පළස් හුය සමානය. අත්පා කෙළවර දක්වා ලාකඩ පිරියම් කළාක් මෙන් විය. වලිගය සෙමර මුවකුගේ මෙන් විය. ඔහුගේ සිරුර අස් පොව්වකුගේ පමණ මහත් විය. හේ පන්සියයක් මුවන් පිරිවරාගෙන වනයෙහි වාසය කළේය. නමින් නිග්‍රෝධ මිගරාජ විය. ඔහුට නුදුරු ව පන්සියයක් මුවන් පිරිවරකොට ඇති සාඛ නම් තවත් මුවෙක් වෙසෙයි. ඔහු ද රන්වන් විය.
තෙන සමයෙන බාරාණසිරාජා මිගවධප්පසුතො හොති, විනා මංසෙන න භුඤ්ජති, මනුස්සානං කම්මච්ඡෙදං කත්වා සබ්බෙ නෙගමජානපදෙ සන්නිපාතෙත්වා දෙවසිකං මිගවං ගච්ඡති. මනුස්සා චින්තෙසුං – “අයං රාජා අම්හාකං කම්මච්ඡෙදං කරොති, යංනූන මයං උය්යානෙ මිගානං නිවාපං වපිත්වා පානීයං සම්පාදෙත්වා බහූ මිගෙ උය්යානං පවෙසෙත්වා ද්වාරං බන්ධිත්වා රඤ්ඤො නිය්යාදෙය්යාමා”ති. තෙ සබ්බෙ උය්යානෙ මිගානං නිවාපතිණානි රොපෙත්වා උදකං සම්පාදෙත්වා ද්වාරං යොජෙත්වා වාගුරානි ආදාය මුග්ගරාදිනානාවුධහත්ථා අරඤ්ඤං පවිසිත්වා මිගෙ පරියෙසමානා “මජ්ඣෙ ඨිතෙ මිගෙ ගණ්හිස්සාමා”ති යොජනමත්තං ඨානං පරික්ඛිපිත්වා සඞ්ඛිපමානා නිග්රොධමිගසාඛමිගානං වසනට්ඨානං මජ්ඣෙ කත්වා පරික්ඛිපිංසු. අථ නං මිගගණං දිස්වා රුක්ඛගුම්බාදයො ච භූමිඤ්ච මුග්ගරෙහි පහරන්තා මිගගණං ගහනට්ඨානතො නීහරිත්වා අසිසත්තිධනුආදීනි ආවුධානි උග්ගිරිත්වා මහානාදං නදන්තා තං මිගගණං උය්යානං පවෙසෙත්වා ද්වාරං පිධාය රාජානං උපසඞ්කමිත්වා “දෙව, නිබද්ධං මිගවං ගච්ඡන්තා අම්හාකං කම්මං නාසෙථ, අම්හෙහි අරඤ්ඤතො මිගෙ ආනෙත්වා තුම්හාකං උය්යානං පූරිතං, ඉතො පට්ඨාය තෙසං මංසානි ඛාදථා”ති රාජානං ආපුච්ඡිත්වා පක්කමිංසු.
එසමයෙහි බරණැස් රජු මුවන් මැරීමේ නිරත වූයේ වෙයි. මස් නැතිව ආහාර අනුභව නො කරයි. ජනතාවගේ රැකීරක්ෂා කටයුතු සිඳ දමා ගම්, නියම්ගම්, දනව් වැසියන් රැස්කරවා දිනපතා මුව දඩයමේ යයි. ජනතාව මෙසේ සිතූහ. මේ රජ අපගේ ජීවන කටයුතු සිඳ දමයි. අපි උයන තුළ මුවගාලක් තනා එහි කෑ යුතු දේ වපුරා ජලය සපයා බොහෝ මුවන් එහි පිවිස්වා දොරක් යොදා රජුට පවරා දෙමු යි ඔවුහු සියල්ලෝ උයනෙහි මුවන්ට කෑ හැකි තණ වවා ජලය සපයා දොරක් යොදා මුගුරු ආදිය අතැතිව වනය පිවිස මුවන් සොයමින් මැද පෙදෙසෙහි සිටින මුවන් අල්ලා ගනිමු යි යොදුනක් පමණ තැන් වටකොට මුවන් එක්තැන් කරමින් නිග්‍රෝධමිග, සාඛමිග දෙදෙනාගේ නිවාස ස්ථාන මැදිකොට පිරිකෙව් කළහ. ඉක්බිති ඔවුහු මුව සමූහය දැක ගස් අකුල් ආදියට ද පොළොවට ද මුගුරු ආදියෙන් ගසමින් මුවරැල සැඟවී සිටි තැනින් බැහැරට ගෙන කඩු, දුනු, අඩයටි ආදී ආයුධ ඔසවා ඝෝෂා කරමින් මුවරැල උයනට ඇතුළුකොට දොර වසා රජු වෙත ගොස් දේවනියි, ඔබ නිබඳව මුව දඩයමේ යන්නේ අපගේ කාර්යයන් නසන්නහුය. අප විසින් වනයෙන් මුවන් ගෙනවුත් උයනෙහි පුරවන ලදි. මෙතැන් පටන් ඔවුන්ගේ මස් කනු මැනවැ යි රජුට දන්වා ගියහ.
රාජා තෙසං වචනං සුත්වා උය්යානං ගන්ත්වා මිගෙ ඔලොකෙන්තො ද්වෙ සුවණ්ණමිගෙ දිස්වා තෙසං අභයං අදාසි. තතො පට්ඨාය පන කදාචි සයං ගන්ත්වා එකං මිගං විජ්ඣිත්වා ආනෙති, කදාචිස්ස භත්තකාරකො ගන්ත්වා විජ්ඣිත්වා ආහරති. මිගා ධනුං දිස්වාව මරණභයෙන තජ්ජිතා පලායන්ති, ද්වෙ තයො පහාරෙ ලභිත්වා කිලමන්තිපි, ගිලානාපි හොන්ති, මරණම්පි පාපුණන්ති. මිගගණො තං පවත්තිං බොධිසත්තස්ස ආරොචෙසි. සො සාඛං පක්කොසාපෙත්වා ආහ – “සම්ම, බහූ මිගා නස්සන්ති, එකංසෙන මරිතබ්බෙ සති ඉතො පට්ඨාය මා කණ්ඩෙන මිගෙ විජ්ඣන්තු, ධම්මගණ්ඩිකට්ඨානෙ මිගානං වාරො හොතු. එකදිවසං මම පරිසාය වාරො පාපුණාතු, එකදිවසං තව පරිසාය, වාරප්පත්තො මිගො ගන්ත්වා ධම්මගණ්ඩිකාය ගීවං ඨපෙත්වා නිපජ්ජතු, එවං සන්තෙ මිගා කිලන්තා න භවිස්සන්තී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡි. තතො පට්ඨාය වාරප්පත්තොව මිගො ගන්ත්වා ධම්මගණ්ඩිකාය ගීවං ඨපෙත්වා නිපජ්ජති, භත්තකාරකො ආගන්ත්වා තත්ථ නිපන්නකමෙව ගහෙත්වා ගච්ඡති.
රජතුමා ඔවුන්ගේ කථාව අසා උයනට ගොස් ඔවුන් බලන්නේ රන්වන් මුවන් දෙදෙනකු දැක ඔවුන්ට අභය දානය දුන්නේය. එතැන්පටන් ඔහු, තෙමේ ම ගොස් මුවකු විද මරා ගෙන එයි. සමහර විට ඔහුගේ අරක්කැමියා ගොස් මුවකු මරාගෙන එයි. මුවෝ දුන්න දැක මරණ බියෙන් තැතිගෙන පළායත්. සමහර මුවෝ දෙතුන් වරක් ඊපහර ලැබ ක්ලාන්ත වෙත්. ගිලන් වෙත්. මරණයට ද පැමිණෙත්. මුවෝ මෙකරුණ බෝසතුන්ට සැළකළහ. ඔහු සංඛ මුවා කැඳවා යහළුව, බොහෝ මුවෝ නැසෙත්. ඒකාන්තයෙන් අප මැරිය යුතු වූ විට මෙතැන් පටන් ඊයෙන් මුවන්ට නො විදිත්වා. වධක ස්ථානයෙහි මුවන්ට වාරය පැමිණේවා. වාරය පැමිණි මුවා දංගෙඩියට ගොස් හිස තබා වැදහොවා. මෙසේ ඇති කල මුවන්ට තුවාල සිදු නො වේ. සංඛ මුවා මැනවැ යි පිළිගනී. එතැන් පටන් වාරය පැමිණි මුවා දංගෙඩියෙහි ගෙල තබා හොවයි. අරක්කැමියා ඒ මුවා ම මරා ගෙනයයි.
අථෙකදිවසං සාඛමිගස්ස පරිසාය එකිස්සා ගබ්භිනිමිගියා වාරො පාපුණි. සා සාඛං උපසඞ්කමිත්වා “සාමි, අහං ගබ්භිනී, පුත්තං විජායිත්වා ද්වෙ ජනා වාරං ගමිස්සාම, මය්හං වාරං අතික්කාමෙහී”ති ආහ. සො “න සක්කා තව වාරං අඤ්ඤෙසං පාපෙතුං, ත්වමෙව තුය්හං වාරං ජානිස්සසි, ගච්ඡාහී”ති ආහ. සා තස්ස සන්තිකා අනුග්ගහං අලභමානා බොධිසත්තං උපසඞ්කමිත්වා තමත්ථං ආරොචෙසි. සො තස්සා වචනං සුත්වා “හොතු ගච්ඡ ත්වං, අහං තෙ වාරං අතික්කාමෙස්සාමී”ති සයං ගන්ත්වා ධම්මගණ්ඩිකාය සීසං කත්වා නිපජ්ජි. භත්තකාරකො තං දිස්වා “ලද්ධාභයො මිගරාජා ධම්මගණ්ඩිකාය නිපන්නො, කිං නු ඛො කාරණ”න්ති වෙගෙන ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි.
එක් දිනක් සංඛ මුවාගේ රැලෙහි ගැබිණි මුව දෙනකට වාරය පැමිණියේය. ඇය සංඛ මුවා වෙත ගොස් හිමියනි, මම ගැබිනියක්මි. මා දරුවා වදා දෙදෙනාට ම වාරය අනුව යා හැකිය. එම නිසා මගේ වාරය ඉක්මවනු මැනවැ යි කීවාය. තිගේ වාරය අනිකකු හට පවරන්න නො හැකිය. තිගේ වාරය තීම ගනුව. යව යි කීවේය. ඇය ඔහු වෙතින් පිටිවහලක් නො ලබන්නී, බෝසතුන් වෙත එළඹ ඒ බව කීවාය. බෝසත් මුවා ඇගේ වචනය අසා එ සේ වේවා තී යව. තිගේ වාරය ඉක්මවන්නෙමි යි තමා ම ගොස් දංගෙඩියෙහි හිස තබා හෙවීය. අරක්කැමියා මුව රජු දැක අභයදානය ලත් මුව රජු මෙසේ දංගෙඩියට හිස තබා හෙවින්නේ මන්දැ යි යුහුව ගොස් රජතුමාට සැලකැර සිටියේය.
රාජා තාවදෙව රථං ආරුය්හ මහන්තෙන පරිවාරෙන ආගන්ත්වා බොධිසත්තං දිස්වා ආහ “සම්ම මිගරාජ, නනු මයා තුය්හං අභයං දින්නං, කස්මා ත්වං ඉධ නිපන්නො”ති. මහාරාජ, ගබ්භිනී මිගී ආගන්ත්වා “මම වාරං අඤ්ඤස්ස පාපෙහී”ති ආහ, න සක්කා ඛො පන මයා එකස්ස මරණදුක්ඛං අඤ්ඤස්ස උපරි නික්ඛිපිතුං, ස්වාහං අත්තනො ජීවිතං තස්සා දත්වා තස්සා සන්තකං මරණං ගහෙත්වා ඉධ නිපන්නො, මා අඤ්ඤං කිඤ්චි ආසඞ්කිත්ථ, මහාරාජාති. රාජා ආහ – “සාමි, සුවණ්ණවණ්ණමිගරාජ, මයා න තාදිසො ඛන්තිමෙත්තානුද්දයසම්පන්නො මනුස්සෙසුපි දිට්ඨපුබ්බො, තෙන තෙ පසන්නොස්මි, උට්ඨෙහි, තුය්හඤ්ච තස්සා ච අභයං දම්මී”ති. “ද්වීහි අභයෙ ලද්ධෙ අවසෙසා කිං කරිස්සන්ති, නරින්දා”ති? “අවසෙසානම්පි අභයං දම්මි, සාමී”ති. “මහාරාජ, එවම්පි උය්යානෙයෙව මිගා අභයං ලභිස්සන්ති, සෙසා කිං කරිස්සන්තී”ති? “එතෙසම්පි අභයං දම්මි, සාමී”ති. “මහාරාජ, මිගා තාව අභයං ලභන්තු, සෙසා චතුප්පදා කිං කරිස්සන්තී”ති ? “එතෙසම්පි අභයං දම්මි, සාමී”ති. “මහාරාජ, චතුප්පදා තාව අභයං ලභන්තු, දිජගණා කිං කරිස්සන්තී”ති? “එතෙසම්පි අභයං දම්මි, සාමී”ති. “මහාරාජ, දිජගණා තාව අභයං ලභන්තු, උදකෙ වසන්තා මච්ඡා කිං කරිස්සන්තී”ති? “එතෙසම්පි අභයං දම්මි, සාමී”ති. එවං මහාසත්තො රාජානං සබ්බසත්තානං අභයං යාචිත්වා උට්ඨාය රාජානං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා “ධම්මං චර, මහාරාජ, මාතාපිතූසු පුත්තධීතාසු බ්රාහ්මණගහපතිකෙසු නෙගමජානපදෙසු ධම්මං චරන්තො සමං චරන්තො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං ගමිස්සසී”ති රඤ්ඤො බුද්ධලීලාය ධම්මං දෙසෙත්වා කතිපාහං උය්යානෙ වසිත්වා රඤ්ඤො ඔවාදං දත්වා මිගගණපරිවුතො අරඤ්ඤං පාවිසි. සාපි ඛො මිගධෙනු පුප්ඵකණ්ණිකසදිසං පුත්තං විජායි. සො කීළමානො සාඛමිගස්ස සන්තිකං ගච්ඡති. අථ නං මාතා තස්ස සන්තිකං ගච්ඡන්තං දිස්වා “පුත්ත, ඉතො පට්ඨාය මා එතස්ස සන්තිකං ගච්ඡ, නිග්රොධස්සෙව සන්තිකං ගච්ඡෙය්යාසී”ති ඔවදන්තී ඉමං ගාථමාහ –
රජතුමා ද එකෙණෙහි ම රියට නැගී මහත් පිරිවර සහිත ව අවුත් බෝසතුන් දැක යහළු මුව රජ, මා ඔබට ජීවිතදානය කළේ නො වේ ද? මෙහි මෙසේ හොවින්නේ මක්නිසාද? මහරජ, ගැබිනි දෙනක් අවුත් ඇගේ වාරය අනිකකුට පවරන ලෙස ඉල්ලා සිටියාය. එහෙත් කෙනකුගේ මරණ දුක අන් අයකු මත දැමීම මට කළ නො හැකිය. ඒ නිසා මම මගේ දිවිය ඇයට දී ඈ සතු මරණය ගෙන මෙහි හොවීමි. මහ රජ, මේ පිළිබඳ වෙන සැකයක් ඇතිකැර ගනු නො මැනවි. එවිට රජතුමා ස්වාමීනි, රන්වන් මුව රජතුමනි, මම ඔබ වැනි ක්ෂාන්තිය. මෛත්‍රිය, අනුකම්පාව ආදී ගුණවලින් යුත් අයකු මිනිසුන් අතර ද නො දක්නා වෙයි. මෙකරුණින් ඔබ ගැන පැහැදුනෙමි. නැඟිටිනු මැනවි. ඔබගේ ද ඇයගේ ද ජීවිත දෙමි. දේවයිනි, අප දෙදෙනා දිවි ලදුවන් උයනෙහි අනෙක් මුවෝ කුමක් කරන්නෝ ද? යහළුව, අනෙක් මුවන්ට ද අභය දෙමි. මහ රජ මෙසේ උයනෙහි මුවෝ අභය ලබන්නාහුය. සෙස්සන් කුමක් කරන්නාහු ද? ඔවුන්ට ද අභය දෙමි. මෙසේ මුවෝ පමණක් ලබත්වා. වෙනත් සිවුපාවෝ කුමක් කරන්නෝ ද? ස්වාමීනි, ඔවුන්ට ද අභය දෙමි. මහ රජ, සිව්පාවෝ මෙසේ අභය ලබත්වා. පක්ෂී සමූහයා කුමක් කරන්නෝ ද? යහළුව, ඔවුන්ට ද අභය දෙමි. මහ රජ පක්ෂි සමූහයා අභය ලබත්වා. ජලයෙහි වසන මත්ස්‍යයෝ කුමක් කරන්නෝ ද? ඔවුන්ට ද අභය දෙමි. මෙසේ බෝසත්හු රජුගෙන් සියලු සතුන්ට අභය ඉල්ලා නැගිට රජු පන්සිල්හි පිහිටුවා මහ රජ, ධර්මයෙහි හැසිරෙන්න. මව්පියන් කෙරෙහිත් දූපුතුන් කෙරෙහිත් බමුණු ගැහැවියන් කෙරෙහිත් ගම්, නියම්ගම්, දනව් වැසියන් කෙරෙහිත් දැහැමින් හා සෙමෙන් හැසිරෙමින් ශරීරය බිඳී යාමෙන් මරණය මතු සුගතිය නම් වූ දෙව්ලොව යන්නෙහියැ යි රජතුමාට බුදුරදුන් දෙසන අයුරින් දම් දෙසා දින කීපයක් උයනෙහි වැස රජුට ඔවදන් දී මුවරැල පිරිවරාගෙන වනයට පිවිසියේය. ඒ මුවදෙන ද මල් කිනිත්තක් බඳු පුතකු බිහිකළාය. ඔහු සෙල්ලම් කරමින් සංඛ මුවාගේ ළඟට යයි. මව් මුව දෙන සංඛ මුවා වෙත යන ඔහු දැක පුත, මෙතැන් සිට ඔහු ළඟට නො යනු. නිග්‍රෝධ මුව රජු වෙත යන්නැ යි ඔවදන් දෙන්නී, මේ ගාථාව කීවාය.
“නිග්රොධමෙව සෙවෙය්ය, න සාඛමුපසංවසෙ; නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛස්මි ජීවිත”න්ති.
“නිග්රොධමෙව සෙවෙය්ය න සාඛමුපසංවසෙ, නිග්රොධස්මිං මතං සෙය්යො යඤ්චෙ සාඛස්මිං ජීවිතන්ති”
“නිග්‍රෝධ මුව රජුව ඇසුරු කරන්නේය. සංඛ මුවා සමග නොවසන්නේය. සාඛ මුවා සමග ජීවත් වීමට වඩා නිග්‍රෝධ ළඟ මරණය උතුම්ය.”
තත්ථ නිග්රොධමෙව සෙවෙය්යාති තාත ත්වං වා අඤ්ඤො වා අත්තනො හිතකාමො නිග්රොධමෙව සෙවෙය්ය භජෙය්ය උපසඞ්කමෙය්ය, න සාඛමුපසංවසෙති සාඛමිගං පන න උපසංවසෙ උපගම්ම න සංවසෙය්ය, එතං නිස්සාය ජීවිකං න කප්පෙය්ය. නිග්රොධස්මිං මතං සෙය්යොති නිග්රොධරඤ්ඤො පාදමූලෙ මරණම්පි සෙය්යො වරං උත්තමං. යඤ්චෙ සාඛස්මි ජීවිතන්ති යං පන සාඛස්ස සන්තිකෙ ජීවිතං, තං නෙව සෙය්යො න වරං න උත්තමන්ති අත්ථො.
මෙහි “නිග්රොධමෙව සෙවෙය්යි” යනු පුත, ඔබ හෝ අනිකකු හෝ තමහට වැඩ කැමැත්තේ නිග්‍රෝධ මුව රජු ම ඇසුරු කරන්නේය. භජනය කරන්නේය, ඔහු වෙත එළඹෙන්නේය. “න සාඛමුපසංවසෙ” යනු සංඛ මුවා ළඟ නො වසන්නේය, එළඹ ඇසුරු නො කරන්නේය, මොහු නිසා ජීවත් නො වන්නේය. “නිග්රොධස්මිං මතං සෙය්යො” යනු නිග්‍රෝධ මුව රජුගේ පාමුල මරණය ද වටිනේය, උතුම් වන්නේය, “යඤ්චෙ සංඛස්මිං ජීවිතන්ත” යනු යමකු ඒ සංඛ මුවා සමග ජීවත් වෙයි ද, එය උතුම් නො වන්නේය. නො වටිනේය යන අර්ථයයි.
තතො පට්ඨාය ච පන අභයලද්ධකා මිගා මනුස්සානං සස්සානි ඛාදන්ති, මනුස්සා “ලද්ධාභයා ඉමෙ මිගා”ති මිගෙ පහරිතුං වා පලාපෙතුං වා න විසහන්ති, තෙ රාජඞ්ගණෙ සන්නිපතිත්වා රඤ්ඤො තමත්ථං ආරොචෙසුං. රාජා “මයා පසන්නෙන නිග්රොධමිගරාජස්ස වරො දින්නො, අහං රජ්ජං ජහෙය්යං, න ච තං පටිඤ්ඤං භින්දාමි, ගච්ඡථ න කොචි මම විජිතෙ මිගෙ පහරිතුං ලභතී”ති ආහ. නිග්රොධමිගො තං පවත්තිං සුත්වා මිගගණං සන්නිපාතාපෙත්වා “ඉතො පට්ඨාය පරෙසං සස්සං ඛාදිතුං න ලභිස්සථා”ති මිගෙ ඔවදිත්වා මනුස්සානං ආරොචාපෙසි “ඉතො පට්ඨාය සස්සකාරකා මනුස්සා සස්සරක්ඛණත්ථං වතිං මා කරොන්තු, ඛෙත්තං පන ආවිජ්ඣිත්වා පණ්ණසඤ්ඤං බන්ධන්තූ”ති. තතො පට්ඨාය කිර ඛෙත්තෙසු පණ්ණබන්ධනසඤ්ඤා උදපාදි. තතො පට්ඨාය පණ්ණසඤ්ඤං අතික්කමනමිගො නාම නත්ථි. අයං කිර නෙසං බොධිසත්තතො ලද්ධඔවාදො. එවං මිගගණං ඔවදිත්වා බොධිසත්තො යාවතායුකං ඨත්වා සද්ධිං මිගෙහි යථාකම්මං ගතො, රාජාපි බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
එතැන් පටන් ජීවිත දානය ලැබූ මුවෝ මිනිසුන්ගේ ශස්‍යය කා දමත්. ඔවුන් රජුගෙන් ජීවිත දානය ලැබූ නිසා පහර දෙන්න හෝ පළවා හරින්න සමත් නො වෙත්. මිනිස්සු රජ මිදුලෙහි රැස්ව එපුවත් රජුට සැල කළහ. රජතුමා, නිග්‍රෝධ රජු කෙරෙහි පැහැදුණු මවිසින් වරයක් දෙන ලද්දේය. රාජ්‍යය අත්හැරිය ද එම ප්‍රතිඥාව නො කඩමි. තොපි යව්. මගේ විජිතයෙහි කිසිවකුගෙන් මුවන්ට පහර දීමක් නොලැබෙයි. නිග්‍රෝධ මුවරජ ඒ පුවත අසා මුවරැල රැස් කරවා මින්මතු අන්සතු ශස්‍යය කෑමක් නොලබනුයැ යි මුවන් වළකා මිනිසුන්ට එපවත් දැන්වීය. මෙතැන් සිට ගොවියෝ ගොයම් රැකීම පිණිස වැට නො බඳිත්. කෙත වටකොට කොළ සලකුණු බඳිත්. කෙත්වල කොළ බැඳීමේ සංඥාව ඇතිවිය. එවක් පටන් පණ්ණ සංඥාව (කොළ බැඳ කරනු ලබන සංඥාව) ඉක්මවන එක මුවකු හෝ නැත. මේ ඔවුන්ට බෝසතුන්ගෙන් ලැබුණු උපදේශයයි. මෙසේ බෝසත්හු මුවරැලට අවවාදකොට ආයු කෙළවර මුව සමූහයා සමග කම් වූ පරිදි මිය පරලොව ගියහ. රජතුමා ද බෝසතුන්ගේ ඔවදන්හි පිහිටා පින්කම් කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙවාහං ථෙරියා ච කුමාරකස්සපස්ස ච අවස්සයො, පුබ්බෙපි අවස්සයො එවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා චතුසච්චධම්මදෙසනං විනිවට්ටෙත්වා ද්වෙ වත්ථූනි කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි “තදා සාඛමිගො දෙවදත්තො අහොසි, පරිසාපිස්ස දෙවදත්තපරිසාව, මිගධෙනු ථෙරී අහොසි, පුත්තො කුමාරකස්සපො, රාජා ආනන්දො, නිග්රොධමිගරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරදහු මහණෙහි, මා තෙරණියටත් කුමාර කාශ්‍යපටත් පිළිසරණ වූයේ දැන් පමණක් නො වේ. පෙර ද පිළිසරණ වූවෙමි යි මේ දම් දෙසුම ගෙන හැර දක්වා සිව්සස් දෙසුම උඩුකුරු කැර කථා දෙපුවත් කියා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එකල සාඛ මුවා දෙව්දත් විය. ඔහුගේ පිරිස ද දෙව්දත් පිරිසමය. මුව දෙන තෙරණිය වූවාය. පුතු කුමාර කාශ්‍යප විය. රජතුමා ආනන්ද විය. නිග්‍රෝධ මුව රජු මම ම වීමි.
නිග්රොධමිගජාතකවණ්ණනා දුතියා.