2. සීලවග‍්ගො
2. සීල වර්‍ගය
11. හොති සීලවතං අත්‍ථො පටිසන්‍ථාරවුත‍්තිනං, ලක‍්ඛණං පස‍්ස ආයන‍්තං ඤාතිසඞ‍්ඝපුරක‍්ඛතං අථ පස‍්සසිමං කාළං සුවිහීනංව ඤාතිහීති.
11. සිල්වත් වූ හෙවත් ආචාර සම්පන්න වූ (ආමිස පටිසන්‍ථාර ධම්ම පටිසන්‍ථාර යන) පිළිසඳර පෙවෙතින් යුක්ත වූවන්ට අභිවෘද්ධි (සිදු) වන්නේ ය. ඥාති සමූහයා විසින් පිරිවරන ලදුව එන්නා වූ ලක්‍ෂණ (මෘග) යා බලව. වැළි දු නෑයන්ගෙන් විශේෂයෙන් හීන වූ මේ කාල (මෘග) යා බලව. මේ දෙදෙනා දෙස බැලීමෙන් සිල්වත් බව හා පිළිසඳර පෙවෙත හා දෙක්හි වෙනස දතහේ යැ යූ සේ යි.
1. ලක‍්ඛණමිගජාතකං.
1. ලක්ඛණමිග ජාතකය.
12. නිග්‍රොධමෙව සෙවෙය්‍ය න සාඛමුපසංවසෙ, නිග්‍රොධස‍්මිං මතං සෙය්‍යො යඤ‍්චෙ සාඛස‍්මිං ජීවිතන‍්ති.
12. (දියුණුව කැමැත්තේ වී නම්) න්‍යග්‍රෝධ මෘගරාජයා සේවනය කරන්නේ ය. සාඛ මෘගය කරා නො එළඹෙන්නේ ය. සාඛ මෘගයා සමීපයෙහි යම් ජීවත් වීමෙක් ඇද්ද (එයට වඩා) න්‍යග්‍රෝධ මෘගරාජයා පාමුලැ (වැදැහෙව) මිය යෑම උතුම් වන්නේ ය.
2. නිග්‍රොධමිගජාතකං.
2. න්‍යග්‍රෝධමිග ජාතකය.
13. ධිරත්‍ථු කණ‍්ඩිනං සල‍්ලං පුරිසං ගාළ‍්හවෙධිනං, ධිරත්‍ථු තං ජනපදං යත්‍ථිත්‍ථි පරිනායිකා, තෙ චාපි ධික‍්කිතා සත‍්තා යෙ ඉත්‍ථීනං වසං ගතාති.
13. කණ්ඩින නම් ශරය ඇති දැඩි කොට විදිනා වූ පුරුෂයාට නින්‍දා වේවා! යම් ජනපදයෙක්හි ස්ත්‍රියක් තොමෝ පරිණායිකා වන්නී ද ඒ ජනපදයට නින්‍දා වේවා ! යම් කෙනෙක් ස්ත්‍රීන්ගේ වසයට ගියාහු ද ඒ සත්ත්‍වයෝ ද නින්‍දිතයහ.
3. කණ‍්ඩිනජාතකං.
3. කණ්ඩින ජාතකය.
14. න කිරත්‍ථි රසෙහි පාපියො ආවසෙහි වා සන්‍ථවෙහි වා, වාතමිගං ගෙහනිස‍්සිතං වසමානෙසි රසෙහි සඤ‍්ජයොති.
14. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහි ද මිත්‍ර සන්‍ථවයෙහි ද (ඡන්‍දරාගය) ලාමක ය. දිවට දැනෙන රසයෙහි ඡන්‍දරාගය යටැ කී දෙකරුණෙහි ඇල්මට වැඩ ලාමකතරය. ඊට වැඩ අධික ඡන්‍දරාගයක් නො ම ඇත්තේල. සඤ්ජය නම් උයන්පලු තෙමේ වනගහන ස්ථානයෙහි වූ වාතමෘගයා රසයෙන් පොළොඹවා තමාගේ වසයට පැමිණැවීය.
4. වාතමිගජාතකං.
4. වාතමිග ජාතකය.
15. අට‍්ඨඛුරං ඛරාදියෙ මිගං වඞ‍්කාතිවඞ‍්කිතං, සත‍්තහි කලාහතික‍්කන‍්තං න තං ඔවදිතුස‍්සහෙති.
15. ඛරාදිය නමැත්තිය කුර අටක් ඇති මුලින් වක් වූ අං ඇති හෙයින් වඞ්කාතිවඞ්කිත වූ අවවාද කාලසතක් ඉක්මවා සිටි අකීකරු ඒ මෘගයාට අවවාද කරන්නට උත්සාහ නැත්තෙමි.
5. ඛරාදියජාතකං.
5. ඛරාදිය ජාතකය.
16. මිගන‍්ති පල‍්ලත්‍ථමනෙකමායං අට‍්ඨඛුරං අඩ‍්ඪරත‍්තාවපායිං, එකෙන සොතෙන ඡමාස‍්සසන‍්තො ඡහි කලාහතිභොති භාගිනෙය්‍යොති.
16. සහෝදරිය, ත්‍රිවිධාකාරයෙකින් ශයනය කරන්නා වූ අට කුරයක් ඇති බොහෝ මෘගමායා දන්නා වූ මාධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නා වූ (බෑනණු) මෘගයාට (මෘගමායා) හොඳින් ඉගැන්වීමි. (ඒ කෙසේ ද යත්) යට වූ එක් නාසිකා ශ්‍රෝතසකින් පොළොවට ආශ්වාස හරනේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් බෑනණු තෙමේ වැද්දා වංචා කරන්නේ ය.
6. තිපල‍්ලත්‍ථමිගජාතකං.
6. තිපල්ලත්ථමිග ජාතකය.
17. කාළෙ වා යදි වා ජුණ‍්හෙ යදා වායති මාලුතො, වාතජානි හි සීතානි උභොත්‍ථමපරාජිතාති.
17. කෘෂ්ණ පක්‍ෂයෙහි වේවයි ශුක්ල පක්‍ෂයෙහි වේවයි යම් කාලයෙක්හි වාතය හමාද (එසමයෙහි ශීත වේ. කුමක් හෙයින් ද යත්:) ශීතයෝ නම් වාතයෙන් හටගන්නාහු ය. එහෙයින් මේ වාදයෙහි ලා සිංහ ව්‍යාඝ්‍ර තෙපි දෙදෙනා ම නො පැරදුණාහුය.
7. මාලුතජාතකං.
7. මාලුත ජාතකය.
18. එවඤ‍්ච සත‍්තා ජානෙය්‍යුං දුක‍්ඛායං ජාතිසම‍්භවො. න පාණො පාණිනං හඤ‍්ඤෙ පාණඝාතී හි සොචතීති.
18. මේ ( ඒ ඒ තන්හි) ඉපැදීම ද වැඩීම ද (ජරා ව්‍යාධි මරණාදී) දුකට කාරණාවනුයෙන් දුක් වන්නේය යි. සත්ත්‍වයෝ මෙසේ දන්නාහු නම්, ප්‍රාණයෙක් අන් ප්‍රාණයකු නො නසන්නේ ය. යම් හෙයකින් ප්‍රාණ විනාශය කරන්නේ ශෝක කරන්නේ වේ ද එහෙයිනි.
8. මතකභත‍්තජාතකං.
8. මතකභත්ත ජාතකය.
19. සචෙ මුඤ‍්චෙ පෙච‍්ච මුඤ‍්චෙ මුච‍්චමානො හි බජ‍්ඣති, නාහෙවං ධීරා මුච‍්චන‍්තී මුත‍්ති බාලස‍්ස බන්‍ධන’න‍්ති.
19. ඉදින් අන්තරායවලින් මිදෙනු කැමැත්තේ වී නම් යම්සේ පරලොව්හි කර්‍මබන්‍ධනයෙන් නො බැඳේ ද එපරිද්දෙන් මිදෙව. (ප්‍රාණවධාදි දුශ්චරිත කොට දැන්) මිදෙන්නේ ඒකාන්තයෙන් ම (මතු පාප පාශයෙන්) බැඳෙන්නේ ය. නුවණැත්තෝ එපරිද්දෙන් නො මිදෙන්නාහු ම ය. බාලයාගේ මිදීම (තවත්) බැඳීමෙකි. යමෙක් ප්‍රාණවධ කොට අන්තරායෙන් මිදේ ද හේ පරලොව පාප පාශයෙන් නො මිදෙන හෙයින් මිදුණත් බැඳුණාහු නම් වෙති.
9. ආයාචිතභත‍්තජාතකං.
9. ආයාචිතභත්ත ජාතකය.
20. දිස‍්වා පදමනුත‍්තිණ‍්ණං දිස‍්වා නොතරිතං පදං, නළෙන වාරිං පිවිස‍්සාම නෙව මං ත්‍වං වධිස‍්සසී’ති.
20. දියෙන් ගොඩට නො නැගී පියවර දැකැ (දියෙන් ගොඩට නැගි පියවර නොදැකැ යූ සේ යි.) දියට බට පියවර(ම) දැකැ බට නළින් ජලයබොන්නෙමු. තෝ මා නො නසන්නෙහි ය (නසනු නො හැක්කෙහි ය).
10. නළපානජාතකං.
10. නළපාන ජාතකය.
සීලවග‍්ගො දුතියො.
දෙවැනි ශීල වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දාන:
අථලක‍්ඛණසාඛධිරත්‍ථුපුන නකිරත්‍ථිරසෙහිඛරාදියා, අතිභොතිරසමාලුතපාණ මුච‍්චෙනනළඅව‍්හයන‍්තෙ භවන‍්ති දස.
ලක්ඛණ මිග, සාඛ න්‍යග්‍රෝධ මිග, ධිරත්‍ථු (කණ්ඩින) නාකිරත්‍ථි රස (වාතමිග) ඛරාදිස අතිහොති (තිපල්ලත්‍ථමිග) මාලුත පාණ (මතක භත්ත) මුච්ච (ආයාචිත භත්ත) නළපාන යන මේ නම් ඇති දසය යි.