යෙදුමෙන් කියවන්න

10. නළපානජාතකවණ‍්ණනා 20 අට‍්ඨකථා

10. නළපානජාතකවණ‍්ණනා (20)

10. නළපාන ජාතකය (20)

දිස‍්වා පදමනුත‍්තිණ‍්ණන‍්ති ඉදං සත්‍ථා කොසලෙසු චාරිකං චරමානො නළකපානගාමං පත්‍වා නළකපානපොක‍්ඛරණියං කෙතකවනෙ විහරන‍්තො නළදණ‍්ඩකෙ ආරබ‍්භ කථෙසි. තදා කිර භික‍්ඛූ නළකපානපොක‍්ඛරණියං න‍්හත්‍වා සූචිඝරත්‍ථාය සාමණෙරෙහි නළදණ‍්ඩකෙ ගාහාපෙත්‍වා තෙ සබ‍්බත්‍ථකමෙව ඡිද‍්දෙ දිස‍්වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, මයං සූචිඝරත්‍ථාය නළදණ‍්ඩකෙ ගණ‍්හාපෙම, තෙ මූලතො යාව අග‍්ගා සබ‍්බත්‍ථකමෙව ඡිද‍්දා, කිං නු ඛො එත”න‍්ති පුච‍්ඡිංසු. සත්‍ථා “ඉදං, භික‍්ඛවෙ, මය‍්හං පොරාණකඅධිට‍්ඨාන”න‍්ති වත්‍වා අතීතං ආහරි.

“දිස්වා පදමනුත්තිණ්ණං” යන මේ ජාතක දේශනාව බුදුරදහු කොසොල් දනව්වෙහි චාරිකාවෙහි වඩින්නාහු නළකපාන නම් ගමට වැඩ නළකපාණ පොකුණ අසබඩ දුනුකේ වනයෙහි වැඩවසන සේක් බටදඬු අරබයා වදාළහ. එදවස භික්‍ෂූහු නළකපාණ පොකුණින් නා ඉඳිකුලා (ඉඳිකටු දමන පෙට්ටිය) සඳහා හෙරණුන් ලවා බට දඬු ගෙන්වාගෙන ඒවා මුල සිට අගට එක ම සිදුරක් බව දැක බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි, අපි ඉඳිකුලා සඳහා බටදඬු ගෙන්වා ගතිමු. ඒවා මුලසිට අගට එකම සිදුරක් ඇත්තේය. මේ කිමෙක්දැ යි විමසූහ. මහණෙනි, පෙර බවයක මගේ අධිෂ්ඨානයකැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.

පුබ‍්බෙ කිර සො වනසණ‍්ඩො අරඤ‍්ඤො අහොසි. තස‍්සාපි පොක‍්ඛරණියා එකො දකරක‍්ඛසො ඔතිණ‍්ණොතිණ‍්ණෙ ඛාදති. තදා බොධිසත‍්තො රොහිතමිගපොතකප‍්පමාණො කපිරාජා හුත්‍වා අසීතිසහස‍්සමත‍්තවානරපරිවුතො යූථං පරිහරන‍්තො තස‍්මිං අරඤ‍්ඤෙ වසති. සො වානරගණස‍්ස ඔවාදං අදාසි “තාතා, ඉමස‍්මිං අරඤ‍්ඤෙ විසරුක‍්ඛාපි අමනුස‍්සපරිග‍්ගහිතපොක‍්ඛරණියොපි හොන‍්ති, තුම‍්හෙ අඛාදිතපුබ‍්බං ඵලාඵලං ඛාදන‍්තා වා අපීතපුබ‍්බං පානීයං පිවන‍්තා වා මං පටිපුච‍්ඡෙය්‍යාථා”ති. තෙ “සාධූ”ති පටිස‍්සුණිත්‍වා එකදිවසං අගතපුබ‍්බට‍්ඨානං ගතා තත්‍ථ බහුදෙව දිවසං චරිත්‍වා පානීයං ගවෙසමානා එකං පොක‍්ඛරණිං දිස‍්වා පානීයං අපිවිත්‍වාව බොධිසත‍්තස‍්සාගමනං ඔලොකයමානා නිසීදිංසු. බොධිසත‍්තො ආගන‍්ත්‍වා “කිං තාතා, පානීයං න පිවථා”ති ආහ. “තුම‍්හාකං ආගමනං ඔලොකෙමා”ති. “සුට‍්ඨු, තාතා”ති බොධිසත‍්තො පොක‍්ඛරණිං ආවිජ‍්ඣිත්‍වා පදං පරිච‍්ඡින්‍දන‍්තො ඔතිණ‍්ණමෙව පස‍්සි, න උත‍්තිණ‍්ණං. සො “නිස‍්සංසයං එසා අමනුස‍්සපරිග‍්ගහිතා”ති ඤත්‍වා “සුට‍්ඨු වො කතං, තාතා, පානීයං අපිවන‍්තෙහි, අමනුස‍්සපරිග‍්ගහිතා අය”න‍්ති ආහ.

පෙර ඒ වන ලැහැබ ඝන වනාන්තරයක් විය. මේ පොකුණෙහි හිඳිනා ජල රකුසෙක් බට බට ප්‍රාණීන් කයි. එදවස බෝසත්හු හෝලු මුවෙක් පමණ වඳුරු රජෙක් ව අසූදහසක් පමණ වඳුරන් පිරිවරන ලදුව රැළ රැක ගනිමින් ඒ වනයෙහි වෙසෙයි. ඔහු වඳුරු රැළට අවවාද දුන්නේය. දරුවනි, මේ වනයෙහි විස සහිත ගස් ද අමනුස්සයන් අරක්ගත් පොකුණු ද ඇත. තොපි පෙර නො කෑවිරූ ගෙඩි කන්නාහු නම් හෝ පෙර නො පීවිරූ ජලය බොන්නාහු නම් හෝ මගෙන් විමසනු. ඔවුහු ද මැනවැ යි පිළිගෙන, පෙර නො ගිය පෙදෙසකට ගියහ. ඔවුහු දවසෙහි බොහෝ වේලාවක් ඔබිමොබ හැසිර ජලය සොයන්නාහු එක් පොකුණක් දැක පැන් නො බී බෝසතුන්ගේ පැමිණීම බලමින් හුන්හ. බෝසත්හු පැමිණ දරුවනි, තොපි පැන් නො බොන්නාහදැ යි ඇසූහ. අපි ඔබතුමන්ගේ පැමිණීම බලමින් සිටියෙමු යි කීහ. මැනවි දරුවනි, බෝසත්හු පොකුණ සිසාරා බලා පොකුණට බට පිය මිස නැගි පිය නො දුටහ. ඒකාන්තයෙන් මේ පොකුණ අමනුස්ස අධිගෘහිතයැ යි දැන දරුවනි, පැන් නො බීමෙන් තොප කළ දේ මැනවි. මෙහි නම් අමනුෂ්‍යය අධිගෘහිතය.

දකරක‍්ඛසොපි තෙසං අනොතරණභාවං ඤත්‍වා නීලොදරො පණ‍්ඩරමුඛො සුරත‍්තහත්‍ථපාදො බීභච‍්ඡදස‍්සනො හුත්‍වා උදකං ද‍්විධා කත්‍වා නික‍්ඛමිත්‍වා “කස‍්මා නිසින‍්නාත්‍ථ, ඔතරිත්‍වා පානීයං පිවථා”ති ආහ. අථ නං බොධිසත‍්තො පුච‍්ඡි “ත්‍වං ඉධ නිබ‍්බත‍්තදකරක‍්ඛසොසී”ති? “ආම, අහ”න‍්ති. “ත්‍වං පොක‍්ඛරණිං ඔතිණ‍්ණකෙ ලභසී”ති? “ආම, ලභාමි, අහං ඉධොතිණ‍්ණං අන‍්තමසො සකුණිකං උපාදාය න කිඤ‍්චි මුඤ‍්චාමි, තුම‍්හෙපි සබ‍්බෙ ඛාදිස‍්සාමී”ති. “න මයං අත‍්තානං තුය‍්හං ඛාදිතුං දස‍්සාමා”ති. “පානීයං පන පිවිස‍්සථා”ති. “ආම, පානීයං පිවිස‍්සාම, න ච තෙ වසං ගමිස‍්සාමා”ති. “අථ කථං පානීයං පිවිස‍්සථා”ති? කිං පන ත්‍වං මඤ‍්ඤසි “ඔතරිත්‍වා පිවිස‍්සන‍්තී”ති. “මයඤ‍්හි අනොතරිත්‍වා අසීතිසහස‍්සානිපි එකමෙකං නළදණ‍්ඩකං ගහෙත්‍වා උප‍්පලනාළෙන උදකං පිවන‍්තා විය තව පොක‍්ඛරණියා පානීයං පිවිස‍්සාම, එවං නො ත්‍වං ඛාදිතුං න සක‍්ඛිස‍්සසී”ති. එතමත්‍ථං විදිත්‍වා සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමිස‍්සා ගාථාය පුරිමපදද‍්වයං අභාසි –

දියරකුසා ද ඔවුන් පොකුණට නො බස්නා බව දැක නිල්වන් බඩ, සුදු මුහුණ හා රන්වන් අත්පා ඇතිව පිළිකුල් දැකුමෙන් යුතුව දිය දෙබෑකොට පිටතට අවුත් බලා සිටින්නේ ඇයි? පොකුණට බැස පැන් බොවු යි කීය. ඉක්බිති බෝසත්හු, මෙසේ ඇසූහ. ඔබ මෙහි උපන් ජල රකුසා ද? එ සේය. මෙහි බට කුඩා කුරුල්ලකුගේ සිට කිසිවකු නො මුදමි. තොප හැම දෙනකු මම කන්නෙමි. බෝසත්හු, අපි කෑම නො දෙමු. එ සේ නම් පැන් නො බොන්නේ ද? පැන් ද බොන්නෙමු. එහෙත් ඔබගේ වසඟයට නො ගන්නෙමු. එ සේ නම් පැන් බොන්නේ කෙසේ ද? පොකුණට බැස පැන් බොතැ යි ඔබ සිතුවෙහි ද? අපි අසූදහස ම පොකුණට නො බැස එක් එක් බටදඬුවක් ගෙන උපුල් නළයකින් පැන් උරා බොන්නාක් මෙන් ඔබගේ පොකුණින් පැන් බොන්නෙමු. එවිට අප ඔබට කෑමට නො හැක්කේයැ යි දැන බෝසත්හු බුදු වී මේ ගාථාවෙහි පළමු පද දෙක වදාළහ.

“දිස‍්වා පදමනුත‍්තිණ‍්ණං, දිස‍්වානොතරිතං පද”න‍්ති.

“දිස්වා පද මනුත්තිණ්ණං දිස්වා නොතරිතං පදං, නළෙන වාරිං පිවිස්සාම නෙ ව මං ත්‍වං වධිස්සසීති”

පොකුණින් නො නැඟණු පිය සටහන් දැක දියට බට පිය සටහන් දැක මම බට නළයෙන් පැන් බොමි. ඔබ මා නො නසන්නෙහිය.

තස‍්සත්‍ථො – භික‍්ඛවෙ, සො කපිරාජා තස‍්සා පොක‍්ඛරණියා එකම‍්පි උත‍්තිණ‍්ණපදං නාද‍්දස, ඔතරිතං පන ඔතිණ‍්ණපදමෙව අද‍්දස. එවං දිස‍්වා පදං අනුත‍්තිණ‍්ණං දිස‍්වාන ඔතරිතං පදං “අද‍්ධායං පොක‍්ඛරණී අමනුස‍්සපරිග‍්ගහිතා”ති ඤත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො සපරිසො ආහ –

මෙහි අර්ථය නම්: මහණෙනි, ඒ වඳුරු රජ ඒ පොකුණෙන් ගොඩ නැගීමක් පිය සටහනක් නුදුටුවේය. ජලයට බසින පිය ම දැක්කේය. මෙසේ බට පිය දැක නැගි පිය නො දැක මේ පොකුණ ඒකාන්තයෙන් අමනුෂ්‍යයන් අරක්ගත් බව දැන ඔව්හු සමග කථා කරමින් වඳුරු පිරිස සමග ම මෙසේ කීය.

“නළෙන වාරිං පිස‍්සාමා”ති;

“නළෙන වාරිං පිවිස්සාමා”

තස‍්සත්‍ථො – මයං තව පොක‍්ඛරණියං නළෙන පානීයං පිවිස‍්සාමාති. පුන මහාසත‍්තො ආහ –

මෙහි අර්ථය නම් අපි ඔබගේ පොකුණෙන් බට දඬුවෙන් පැන් බොන්නෙමු. නැවත බෝසත්හු ම කීහ.

“නෙව මං ත්‍වං වධිස‍්සසී”ති;

“නෙ ව මං ත්‍වං වධිස්සසීති”

එවං නළෙන පානීයං පිවන‍්තං සපරිසම‍්පි මං ත්‍වං නෙව වධිස‍්සසීති අත්‍ථො.

මෙසේ නළයෙන් පැන් බොන පිරිස සහිත මා නො නසන්නේය යන අර්ථයයි.

එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො එකං නළදණ‍්ඩකං ආහරාපෙත්‍වා පාරමියො ආවජ‍්ජෙත්‍වා සච‍්චකිරියං කත්‍වා මුඛෙන ධමි, නළො අන‍්තො කිඤ‍්චි ගණ‍්ඨිං අසෙසෙත්‍වා සබ‍්බත්‍ථකමෙව සුසිරො අහොසි . ඉමිනා නියාමෙන අපරම‍්පි අපරම‍්පි ආහරාපෙත්‍වා මුඛෙන ධමිත්‍වා අදාසි. එවං සන‍්තෙපි න සක‍්කා නිට‍්ඨාපෙතුං, තස‍්මා එවං න ගහෙතබ‍්බං. බොධිසත‍්තො පන “ඉමං පොක‍්ඛරණිං පරිවාරෙත්‍වා ජාතා සබ‍්බෙපි නළා එකච‍්ඡිද‍්දා හොන‍්තූ”ති අධිට‍්ඨාසි . බොධිසත‍්තානඤ‍්හි හිතූපචාරස‍්ස මහන‍්තතාය අධිට‍්ඨානං සමිජ‍්ඣති. තතො පට‍්ඨාය සබ‍්බෙපි තං පොක‍්ඛරණිං පරිවාරෙත්‍වා උට‍්ඨිතනළා එකච‍්ඡිද‍්දා ජාතා. ඉමස‍්මිඤ‍්හි කප‍්පෙ චත‍්තාරි කප‍්පට‍්ඨියපාටිහාරියානි නාම. කතමානි චත‍්තාරි? චන්‍දෙ සසලක‍්ඛණං සකලම‍්පි ඉමං කප‍්පං ඨස‍්සති, වට‍්ටකජාතකෙ අග‍්ගිනො නිබ‍්බුතට‍්ඨානං සකලම‍්පි ඉමං කප‍්පං අග‍්ගි න ඣායිස‍්සති, ඝටීකාරනිවෙසනට‍්ඨානං සකලම‍්පි ඉමං කප‍්පං අනොවස‍්සකං ඨස‍්සති, ඉමං පොක‍්ඛරණිං පරිවාරෙත්‍වා උට‍්ඨිතනළා සකලම‍්පි ඉමං කප‍්පං එකච‍්ඡිද‍්දා භවිස‍්සන‍්තීති ඉමානි චත‍්තාරි කප‍්පට‍්ඨියපාටිහාරියානි නාම.

ඉක්බිති, බෝසත්හු මෙසේ කීහ. එක් බට දඬුවක් ගෙන්වා පාරමී සිහිකොට සත්‍යය ක්‍රියාකොට පිම්බේය. ඇතුළත සියලු ගැට නැතිවී එක ම සිදුරක් විය. මෙනයින් නැවත නැවත ගෙන්වාගෙන පිඹ පිඹ දුන්නේය. මෙසේ ඇතිකල කෙළවරක් කළ නො හැකි විය. ඒ නිසා මෙසේ නො ගත යුතුය. බෝසත්හු පොකුණ වට හටගත් සියලු බට එක සිදුරක් වේවා යි අධිෂ්ඨාන කළහ. බෝසතුන්ගේ පරහිතකාමී බව මහත් බැවින් අධිෂ්ඨානය සඵල වේ. එතැන් පටන් පොකුණ වටා හටගත් සියලු බට එක ම සිදුරු ඇත්තේ විය. මේ කල්පයෙහි කල්පය පවතින පෙළහර සතරකි. ඒ කවරේ ද යත්, සඳෙහි සස ලකුණ මේ මුළු කප ම සිටී. වට්ටක ජාතකයෙහි ගිනි නිමුණු තැන, මෙකප ගින්නෙන් නො දැවෙන්නේය. ඝටීකාර ගෘහය මේ මුළු කප ම නො තෙමී සිටී. මේ පොකුණ වටා හටගන්නා බට එක් සිදුරක් වන්නේය. මේ කප පුරා පවතින පෙළහර සතරයි. බෝසත්හු මෙසේ අධිෂ්ඨාන කොට එක් නළයක් ගෙන හිඳගත්හ. අනෙක් අසූදහසක් වඳුරෝ ද එක එක බටය ගෙන පොකුණ වටා හුන්හ.

බොධිසත‍්තො එවං අධිට‍්ඨහිත්‍වා එකං නළං ආදාය නිසීදි. තෙපි අසීතිසහස‍්සවානරා එකෙකං ආදාය පොක‍්ඛරණිං පරිවාරෙත්‍වා නිසීදිංසු. තෙපි බොධිසත‍්තස‍්ස නළෙන ආකඩ‍්ඪිත්‍වා පානීයං පිවනකාලෙ සබ‍්බෙ තීරෙ නිසින‍්නාව පිවිංසු. එවං තෙහි පානීයෙ පිවිතෙ දකරක‍්ඛසො කිඤ‍්චි අලභිත්‍වා අනත‍්තමනො සකනිවෙසනමෙව ගතො. බොධිසත‍්තොපි සපරිවාරො අරඤ‍්ඤමෙව පාවිසි.

බෝසතුන් බට නළයෙන් පැන් උරාබොන කල්හි සියලු වඳුරෝ ඉවුරෙහි හිඳ ම බීහ. මෙසේ ඔවුන් පැන් බී කල්හි, දියරකුසා කිසිවක් නො ලැබ නො සතුටු ව සිය නිවසට ම ගියේය. බෝසත්හු ද පිරිවර සහිතව වනයට ම පිවිසියෝය.

සත්‍ථා පන “ඉමෙසං, භික‍්ඛවෙ, නළානං එකච‍්ඡිද‍්දභාවො නාම මය‍්හමෙවෙතං පොරාණකඅධිට‍්ඨාන”න‍්ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දකරක‍්ඛසො දෙවදත‍්තො අහොසි, අසීතිසහස‍්සවානරා බුද‍්ධපරිසා, උපායකුසලො පන කපිරාජා අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මහණෙනි, මේ බට ගස්වල එක් සිදුරක් වීම මගේ ම පැරණි අධිෂ්ඨානයෙකැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එදා දියරකුසා දෙව්දත් විය. අසූදහසක් වඳුරු පිරිස මෙදා බුදුපිරිසය. උපායෙහි දක්‍ෂ වඳුරු රජ වනාහි මම ම වීමි.

නළපානජාතකවණ‍්ණනා දසමා.

සීලවග‍්ගො දුතියො.

දෙවැනි ශීල වර්ගයයි.

තස‍්සුද‍්දානං –

නිග්‍රොධං ලක‍්ඛණං කණ‍්ඩි, වාතමිගං ඛරාදියං; තිපල‍්ලත්‍ථං මාලුතඤ‍්ච, මතභත‍්ත අයාචිතං; නළපානන‍්ති තෙ දසාති.