9. ආයාචිතභත‍්තජාතකවණ‍්ණනා 19 අට‍්ඨකථා
9. ආයාචිතභත‍්තජාතකවණ‍්ණනා (19)
9. ආයාචිතභත්ත ජාතකය (19)
සචෙ මුච‍්චෙ පෙච‍්ච මුච‍්චෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවතානං ආයාචනබලිකම‍්මං ආරබ‍්භ කථෙසි. තදා කිර මනුස‍්සා වණිජ‍්ජාය ගච‍්ඡන‍්තා පාණෙ වධිත්‍වා දෙවතානං බලිකම‍්මං කත්‍වා “මයං අනන‍්තරායෙන අත්‍ථසිද‍්ධිං පත්‍වා ආගන‍්ත්‍වා පුන තුම‍්හාකං බලිකම‍්මං කරිස‍්සාමා”ති ආයාචිත්‍වා ගච‍්ඡන‍්ති. තත්‍ථානන‍්තරායෙන අත්‍ථසිද‍්ධිං පත්‍වා ආගතා “දෙවතානුභාවෙන ඉදං ජාත”න‍්ති මඤ‍්ඤමානා බහූ පාණෙ වධිත්‍වා ආයාචනතො මුච‍්චිතුං බලිකම‍්මං කරොන‍්ති, තං දිස‍්වා භික‍්ඛූ “අත්‍ථි නු ඛො, භන‍්තෙ, එත්‍ථ අත්‍ථො”ති භගවන‍්තං පුච‍්ඡිංසු. භගවා අතීතං ආහරි.
“සචෙ මුඤ්චෙ” යන මේ ජාතකය බුදුරදහු දෙව්රම් වෙහෙර වසමින් දේව කන්නලව් බිලි පූජාවක් අරබයා දේශනා කළහ. එදවස මිනිස්සු වෙළඳාම් පිණිස යන්නාහු, සතුන් මරා දෙවියන්ට බලිපූජා කොට අපි අනතුරක් නැතිව බලාපොරොත්තු ඉටුකර ගෙන අවුත් නැවත ඔබට බලිපූජාවක් කරන්නෙමු යි භාරහාර වී යත්. අනතුරක් නැතිව අර්ථ සිද්ධියට පත්ව ආවාහු, දේවානුභාවයෙන් මෙය සිදුවූයේයැ යි පිළිගන්නාහු, බොහෝ සතුන් මරා භාරයෙන් මිදීම සඳහා බලිපූජා කරත්. භික්‍ෂූහු ඒ දැක ස්වාමීනි, මෙයින් යහපතක් ඇත්දැ යි බුදුරදුන්ගෙන් ඇසූහ. උන්වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ කාසිරට‍්ඨෙ එකස‍්මිං ගාමකෙ කුටුම‍්බිකො ගාමද‍්වාරෙ ඨිතනිග්‍රොධරුක‍්ඛෙ දෙවතාය බලිකම‍්මං පටිජානිත්‍වා අනන‍්තරායෙන ආගන‍්ත්‍වා බහූ පාණෙ වධිත්‍වා “ආයාචනතො මුච‍්චිස‍්සාමී”ති රුක‍්ඛමූලං ගතො. රුක‍්ඛදෙවතා ඛන්‍ධවිටපෙ ඨත්‍වා ඉමං ගාථමාහ –
පෙර කසීරට එක් කුඩා ගමක කෙළෙඹියෙක් ගම්දොර තිබුණු නුග රුකෙහි දෙවියාට බලිපූජාවක් කරන බවට පොරොන්දු වී අනතුරකින් තොරව අවුත් බොහෝ සතුන් මරා භාරයෙන් මිදෙන්නෙමියැ යි රුක් මුලට ගියේය. රුක්දෙවියා ගස් දෙබලෙහි සිට මේ ගාථාව කීය.
“සචෙ මුච‍්චෙ පෙච‍්ච මුච‍්චෙ, මුච‍්චමානො හි බජ‍්ඣති; න හෙවං ධීරා මුච්චන්ති, මුත්ති බාලස‍්ස බන්‍ධන”න‍්ති.
“සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ මුච්චමානො හි බජ්ඣති, නහෙවං ධීරා මුච්චන්ති මුත්ති බාලස්ස බන්‍ධනන්ති”
“මිදෙනු කැමැත්තේ නම් පරලොවින් මිදෙන්නේය. මිදුණෝද බැඳෙයි. නුවණැත්තෝ එ සේ නො මිදෙත්. මෝඩයාගේ මිදීම බැඳීමකි.”
තත්‍ථ සචෙ මුච‍්චෙ පෙච‍්ච මුච‍්චෙති භො පුරිස, ත්‍වං සචෙ මුච‍්චෙ යදි මුච‍්චිතුකාමොසි. පෙච‍්ච මුච‍්චෙති යථා පරලොකෙ න බජ‍්ඣසි, එවං මුච‍්චාහි. මුච‍්චමානො හි බජ‍්ඣතීති යථා පන ත්‍වං පාණං වධිත්‍වා මුච‍්චිතුං ඉච‍්ඡසි, එවං මුච‍්චමානො හි පාපකම‍්මෙන බජ‍්ඣති. තස‍්මා න හෙවං ධීරා මුච‍්චන‍්තීති යෙ පණ‍්ඩිතපුරිසා, තෙ එවං පටිස‍්සවතො න මුච‍්චන‍්ති. කිංකාරණා? එවරූපා හි මුත‍්ති බාලස‍්ස බන්‍ධනං, එසා පාණාතිපාතං කත්‍වා මුත‍්ති නාම බාලස‍්ස බන්‍ධනමෙව හොතීති ධම‍්මං දෙසෙසි. තතො පට‍්ඨාය මනුස‍්සා එවරූපා පාණාතිපාතකම‍්මා විරතා ධම‍්මං චරිත්‍වා දෙවනගරං පූරයිංසු.
එහි “සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ” පින්වත් පුරුෂය, ඉදින් ඔබ මිදෙනු කැමැත්තේ නම් පරලොවින් මිදෙන්නේය. පරලොවින් බැඳෙන්නේ නම් “මුඤ්චමානො හි බජ්ඣති” ඔබ මෙසේ සතුන් මරමින් මිදෙන්න කැමැති නම්, එ සේ මිදෙන්නේ ද පවින් බැඳේ. එනිසා “නහෙවං ධීරා මුච්චන්ති” නුවණැත්තේ ගිවිසුමෙන් මෙසේ නො මිදෙත්. කවර හෙයින් ද යත් “මුත්ති බාලස්ස බන්‍ධනන්ති” මේ සතුන් මැරීම කොටමිදීම නම් නුවණ නැත්තන්ගේ බැඳීම ම වේයැ යි දහම් දෙසීය. එතැන් පටන් මිනිස්සු මෙබඳු පාණාතිපාත කර්මයෙන් මිදී ධර්මයෙහි හැසිර දේව නගරය පිරවූහ.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “අහං තෙන සමයෙන රුක‍්ඛදෙවතා අහොසි”න‍්ති.
බුදුරදහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. මම එසමයෙහි රුක්දෙවියා වීමි.
ආයාචිතභත‍්තජාතකවණ‍්ණනා නවමා.