යෙදුමෙන් කියවන්න

1. කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා 21 අට‍්ඨකථා

1. කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා (21)

1. කුරුඞ්ගමිග ජාතකය (21)

ඤාතමෙතං කුරුඞ‍්ගස‍්සාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ “ආවුසො දෙවදත‍්තො තථාගතස‍්ස ඝාතනත්‍ථාය ධනුග‍්ගහෙ පයොජෙසි, සිලං පවිජ‍්ඣි, ධනපාලං විස‍්සජ‍්ජෙසි, සබ‍්බථාපි දසබලස‍්ස වධාය පරිසක‍්කතී”ති දෙවදත‍්තස‍්ස අවණ‍්ණං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡි. භන‍්තෙ, දෙවදත‍්තො තුම‍්හාකං වධාය පරිසක‍්කතීති තස‍්ස අගුණකථාය සන‍්නිසින‍්නාම‍්හාති. සත්‍ථා “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මම වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි මම වධාය පරිසක‍්කියෙව, න ච පන මං වධිතුං අසක‍්ඛී”ති වත්‍වා අතීතං ආහරි.

“ඤාතමෙතං කුරුඞ්ගස්සාති” යන මේ දම් දෙසුම බුදු රජුන් වේළුවනයෙහි වැඩවසමින් දෙව්දත් අරබයා දේශනා කළහ. එක් සමයෙක්හි දම්සභාවට රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, දෙව්දත් බුදුන් නසනු පිණිස දුනුවායන් යෙදවීය. ගලක් පෙරළීය. ධනපාල ඇත් විහිදවීය. හැම අයුරින් ම බුදු රදුන් නැසීම සඳහා උපක්‍රම කෙරේ යි දෙව්දත්ගේ නුගුණ කියමින් හුන්හ. බුදුරදුන් වැඩ පනවනලද අසුනෙහි වැඩහුන් සේක්, මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාළ සේක. ස්වාමීනි, දෙව්දත් ඔබවහන්සේ නැසීමට උපක්‍රම කරයි. ඔහුගේ නුගුණ කථාකරමින් හුන්නෙමු. මහණෙනි, දෙව්දත් මා නැසීමට උපක්‍රම කරන්නේ දැන් පමණක් නො වේ. පෙරත් කළේය. එහෙත් නසන්න නො හැකි වීයැ යි ඉකුත් වන ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කුරුඞ‍්ගමිගො හුත්‍වා එකස‍්මිං අරඤ‍්ඤායතනෙ ඵලානි ඛාදන‍්තො වසති. සො එකස‍්මිං කාලෙ ඵලසම‍්පන‍්නෙ සෙපණ‍්ණිරුක‍්ඛෙ සෙපණ‍්ණිඵලානි ඛාදති. අථෙකො ගාමවාසී අට‍්ටකලුද‍්දකො ඵලරුක‍්ඛමූලෙසු මිගානං පදානි උපධාරෙත්‍වා උපරිරුක‍්ඛෙ අට‍්ටකං බන්‍ධිත්‍වා තත්‍ථ නිසීදිත්‍වා ඵලානි ඛාදිතුං ආගතාගතෙ මිගෙ සත‍්තියා විජ‍්ඣිත්‍වා තෙසං මංසං වික‍්කිණන‍්තො ජීවිකං කප‍්පෙති. සො එකදිවසං තස‍්මිං රුක‍්ඛමූලෙ බොධිසත‍්තස‍්ස පදවළඤ‍්ජං දිස‍්වා තස‍්මිං සෙපණ‍්ණිරුක‍්ඛෙ අට‍්ටකං බන්‍ධිත්‍වා පාතොව භුඤ‍්ජිත්‍වා සත‍්තිං ආදාය වනං පවිසිත්‍වා තං රුක‍්ඛං ආරුහිත්‍වා අට‍්ටකෙ නිසීදි. බොධිසත‍්තොපි පාතොව වසනට‍්ඨානා නික‍්ඛමිත්‍වා “සෙපණ‍්ණිඵලානි ඛාදිස‍්සාමී”ති ආගම‍්ම තං රුක‍්ඛමූලං සහසාව අපවිසිත්‍වා “කදාචි අට‍්ටකලුද‍්දකා රුක‍්ඛෙසු අට‍්ටකං බන්‍ධන‍්ති, අත්‍ථි නු ඛො එවරූපො උපද‍්දවො”ති පරිග‍්ගණ‍්හන‍්තො බාහිරතොව අට‍්ඨාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණෝ තිත්මුවෙක්ව එක් වනයට ගෙඩි කමින් වෙසෙයි. එක් කලෙක ඔහු ජලයෙන් පිරුණු ඇත්දෙමට ගසක ගෙඩි කයි. එකල ගම්වැසි, අටළුවල සතුන් මරන වැද්දෙක් ගෙඩි ඇති ගස්මුල්වල මුවන්ගේ පියසටහන් පිරික්සා කොට ගස මත අටල්ලක් බැඳ එහි හිඳ ගෙඩි කෑමට ආ මුවන් අඩයටියෙන් විද ඔවුන්ගේ මස් විකුණමින් ජීවිකාව කළේය. දිනක් ඔහු ඒ ගසමුල බෝසතුන්ගේ පා සලකුණු දැක ඒ දෙමට ගසෙහි අටල්ලක් බැඳ උදෙන් ම කා අඩයටිය ගෙන වනයට පිවිස ඒ ගසට නැඟී අටල්ලෙහි හුන්නේය. බෝසත්හු ද අලුයම වසන තැනින් නික්ම දෙමට ගෙඩි කන්නෙමි යි අවුත් වහා ම රුක්මුලට නො පිවිස අටළු වැද්දෝ ගස්වල අටළු බඳිත්. එවැනි අනතුරක් ඇත්දැ යි විමසමින් පිටත සිටියේය.

ලුද‍්දකොපි බොධිසත‍්තස‍්ස අනාගමනභාවං ඤත්‍වා අට‍්ටකෙ නිසින‍්නොව සෙපණ‍්ණිඵලානි ඛිපිත්‍වා ඛිපිත්‍වා තස‍්ස පුරතො පාතෙසි. බොධිසත‍්තො “ඉමානි ඵලානි ආගන‍්ත්‍වා මය‍්හං පුරතො පතන‍්ති, අත්‍ථි නු ඛො උපරි ලුද‍්දකො”ති පුනප‍්පුනං උල‍්ලොකෙන‍්තො ලුද‍්දකං දිස‍්වා අපස‍්සන‍්තො විය හුත්‍වා “අම‍්භො, රුක‍්ඛ-පුබ‍්බෙ ත්‍වං ඔලම‍්බකං චාරෙන‍්තො විය උජුකමෙව ඵලානි පාතෙසි, අජ‍්ජ පන තෙ රුක‍්ඛධම‍්මො පරිච‍්චත‍්තො, එවං තයා රුක‍්ඛධම‍්මෙ පරිච‍්චත‍්තෙ අහම‍්පි අඤ‍්ඤං රුක‍්ඛමූලං උපසඞ‍්කමිත්‍වා මය‍්හං ආහාරං පරියෙසිස‍්සාමී”ති වත්‍වා ඉමං ගාථමාහ –

වැද්දා බෝසතුන් නො එන බව දැන අටල්ලෙහි හුන්නේ දෙමටගෙඩි කඩා ඔහු ඉදිරියෙහි හෙලුවේය. එවිට බෝසතුන්, මේ ගෙඩි අවුත් මා ඉදිරියෙහි වැටෙයි. ගස උඩ වැද්දකු සිටීදැ යි නැවත උඩ බලන්නාහු, වැද්දා දැක නො දුටුවාක් මෙන් සිට එම්බා ගස, පෙර තෝ ලඹය හෙලන්නාක් මෙන් එක එල්ලේ ගෙඩි හෙලුවේය. අද තෝ ගසෙහි රුක් දහම අත්හළෙහිය. මෙසේ තා විසින් රුක් දහම අත්හළ කල්හි මම අන් ගසක් මුලට එළඹ මගේ අහර සොයා ගන්නෙමි යි කියා මේ ගාථාව කීවේය.

“ඤාතමෙතං කුරුඞ‍්ගස‍්ස, යං ත්‍වං සෙපණ‍්ණි සෙය්‍යසි; අඤ‍්ඤං සෙපණ‍්ණි ගච‍්ඡාමි, න මෙ තෙ රුච‍්චතෙ ඵල”න‍්ති.

“ඤාතමෙතං කරඞ්ගස්ස යං ත්‍වං සෙපණ්ණි සෙය්‍යසි, අඤ්ඤං සෙපණ්ණිං ගච්ඡාමි න මෙ තෙ රුච්චතෙ ඵලන්ති”

“එම්බා දෙමට ගස, තෝ යම් කරුණකින් ඉදිරිය ගෙඩි විසුරුවන්නෙහි ද, ඒ කාරණය තිත් මුවාට පැහැදිලිය. මම වෙනත් දෙමට ගසක් වෙත යමි. තගේ ගෙඩි මට රුචි නො වේ.”

තත්‍ථ ඤාතන‍්ති පාකටං ජාතං. එතන‍්ති ඉදං. කුරුඞ‍්ගස‍්සාති කුරුඞ‍්ගමිගස‍්ස. යං ත්‍වං සෙපණ‍්ණි සෙය්‍යසීති යං ත්‍වං අම‍්භො සෙපණ‍්ණිරුක‍්ඛ පුරතො ඵලානි පාතයමානො සෙය්‍යසි විසෙය්‍යසි විසිණ‍්ණඵලො හොසි, තං සබ‍්බං කුරුඞ‍්ගමිගස‍්ස පාකටං ජාතං. න මෙ තෙ රුච‍්චතෙ ඵලන‍්ති එවං ඵලං දදමානාය න මෙ තව ඵලං රුච‍්චති, තිට‍්ඨ ත්‍වං, අහං අඤ‍්ඤත්‍ථ ගච‍්ඡිස‍්සාමීති අගමාසි.

එහි “ඤාතං” ප්‍රකට විය. “එතං” මේ කරුණ, “කුරුඞ්ගස්ස” තිත්මුවා හට, “යං ත්‍වං සෙපණ්ණි සෙය්‍යසි” එම්බල දෙමට ගස, තෝ පෙරට ගෙඩි විසුරුවන්නෙහිය, වඩා වඩාත් විසුරුවන්නෙහි ද? මේ කරුණු සියල්ල තිත්මුවාට ප්‍රකට විය. “න මෙ තෙ රුච්චතෙ ඵලන්ති” මෙසේ ගෙඩි දෙන කල්හි තගේ ගෙඩි මට රුචි නො වේ. තෝ සිටු මම වෙන තැනකට යන්නෙමි යි, ගියේය.

අථස‍්ස ලුද‍්දකො අට‍්ටකෙ නිසින‍්නොව සත‍්තිං ඛිපිත්‍වා “ගච‍්ඡ, විරද‍්ධො දානිම‍්හි ත”න‍්ති ආහ. බොධිසත‍්තො නිවත‍්තිත්‍වා ඨිතො ආහ “අම‍්භො පුරිස, ඉදානීසි කිඤ‍්චාපි මං විරද‍්ධො, අට‍්ඨ පන මහානිරයෙ සොළසඋස‍්සදනිරයෙ පඤ‍්චවිධබන්‍ධනාදීනි ච කම‍්මකාරණානි අවිරද‍්ධොයෙවාසී”ති. එවඤ‍්ච පන වත්‍වා පලායිත්‍වා යථාරුචිං ගතො, ලුද‍්දොපි ඔතරිත්‍වා යථාරුචිං ගතො.

ඉක්බිති, වැද්දා අටල්ලෙහි සිට ම අඩයවිය දමා ගසා යව, එය වරදවා ගනිමි යි කීය. බෝසත්හු නැවතී සිටි කීහ. එම්බා පුරුෂය, දැන් තට වැරදුනා විය හැකිය. තට අට මහ නිරය, සොළොස් පිරිවාර නිරය හා පස් වැදෑරුම් බැඳුම් ද හා දුක් කම්කටොළු ද නො වරදින්නේමැ යි කියා පලා ගොස් කැමැති පරිදි ගියේය. වැද්දා ද බැස කැමැති සේ ගියේය.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මම වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙව, න ච පන මං වධිතුං අසක‍්ඛී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අට‍්ටකලුද‍්දකො දෙවදත‍්තො අහොසි, කුරුඞ‍්ගමිගො පන අහමෙව අහොසි”න‍්ති.

මහණෙනි, දෙව්දත් මා නැසීමට තැත් කරනුයේ දැන් පමණක් නො වේ. පෙර ද තැත් කළේය. නැසීමට නො හැකි වීයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතක කථාව නිමවූහ. එදා අටළු වැද්දා නම් දෙව්දත්ය. තිත් මුවා නම් මම ම වීමි.

කුරුඞ‍්ගමිගජාතකවණ‍්ණනා පඨමා.