යෙදුමෙන් කියවන්න

3. කුරුඞ‍්ගවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. කුරුඞ්ග වර්‍ගය

21. ඤාතමෙතං කුරුඞ‍්ගස‍්ස යං ත්‍වං සෙපණ‍්ණි සෙය්‍යසි, අඤ‍්ඤං සෙපණ‍්ණිං ගච‍්ඡාමි න මෙ තෙ රුච‍්චතෙ ඵලන‍්ති.

21. එම්බා ඇද්දෙමට රුක, තෝ යම් හෙයකින් (ඉදිරියෙහි පල) විසුරුවනු වූයෙහි ද මේ කාරණය කුරුඞ්ග මෘගයා දන්නා ලදි. අන් ඇද්දෙමට රුකක් කරා යමි. තාගේ පල මට නො රුස්නේ ය.

1. කුරුඞ‍්ගමිගජාතකං.

1. කුරුඞ්ගමිග ජාතකය.

22. යෙ කුක‍්කුරා රාජකුලම‍්හි වද‍්ධා කොලෙය්‍යකා වණ‍්ණඛලූපපන‍්නා, තෙ’මෙ න වජ‍්ඣා මයමස‍්ම වජ‍්ඣා නායං සඝච‍්චා දුබ‍්බලඝාතිකායන‍්ති.

22. වර්‍ණයෙන් හා කායබලයෙන් යුක්ත වූ රාජකුලයෙහි උපන් රජගෙයි වැඩුණු යම් බලු කෙනෙක් ඇද්ද, ඒ මේ බල්ලෝ වධයට සුදුස්සෝ නො වෙති. අපි වධයට (විනාශයට) සුදුසුවම්හ. මේ වධය ප්‍රබල වධ නම් නො වේ. මේ දුර්‍වල වධ නම් වේ.

2. කුක‍්කුරජාතකං.

2. කුක්කුර ජාතකය.

23. අපි පස‍්සෙන සෙමානො සල‍්ලෙහි සල‍්ලීකතො, සෙය්‍යො ව වළවා භොජ‍්ජො යුඤ‍්ජ මඤ‍්ඤෙව සාරථි’ති.

23. ශරයෙන් විදින ලද එහෙයින් ම එක පාර්ශ්වයෙකින් හෝනා ද වු, භෝජාජානීය වූ ජාති සෛන්‍ධවයා ම ඛලුඞ්ක අශ්වයාට (සින්‍ධු දේශයෙන් අන්‍ය දේශයෙහි උපන් කුඩා අශ්වයාට වඩා) උතුම, සාරථිය, මා මැ යුද්ධයෙහි යොදව.

3. භොජාජානීයජාතකං.

3. භෝජාජානීය ජාතකය.

24. යදා යදා යත්‍ථ යදා යත්‍ථ යත්‍ථ යදා යදා, ආජඤ‍්ඤො කුරුතෙ වෙගං හායන‍්ති තත්‍ථ වාළවා’ති.

24. (පෙරවරු ආදි) යම් යම් කාලයෙක්හි වේවා, ග්‍රාමාදී යම් තැනෙක්හි වේවා, යම් ක්‍ෂණයෙක්හි වේවා, (යුද්ධ මණ්ඩලාදි) යම් යම් ස්ථානයෙක්හි වේවා, උපහාර ලැබුම් ආදි යම් යම් කාලයෙක්හි වේවා (සාරථියාගේ අභිප්‍රාය දන්නා සුලුවූ) උතුම් සෛන්‍ධවයා ම වීර්‍ය්‍ය කිරීමට පටන්ගනී ද එහි දී ඛලූඞඞ්ක අශ්වයෝ පිරිහෙත්. (පසුබසිත්)

4. ආජඤ‍්ඤජාතකං.

4. ආජඤ්ඤ ජාතකය.

25. අඤ‍්ඤමඤ‍්ඤෙහි තිත්‍ථෙහි අස‍්සං පායෙහි සාරථි, අච‍්චාසනස‍්ස පුරිසො පායාසස‍්සපි තප‍්පතී’ති.

25. සාරථිය අනෙක් අනෙක් තොටෙකින් අශ්වයා පොව. (නහවව) පුරුෂ තෙමේ අධික කොට කෑමෙන් මිහිරි පායාසයෙන් ද තෘප‍්ත වේ. (මතු නොකනු කැමැත්තේ වේ.)

5. තිත්‍ථජාතකං.

5. තීථි ජාතකය.

26. පුරාණචොරාන වචො නිසම‍්ම මභිලාමුඛො පොථයමානුචාරි සුසඤ‍්ඤතානං හි වචො නිසම‍්ම. ගජුත‍්තමො සබ‍්බගුණෙසු අට‍්ඨාති.

26. මහිලාමුඛ නම් ඇතා පළමු සොරුන්ගේ (රෞද්‍ර) වචනය අසා (හමු වූවන්) මරමින් සොරුන්ගේ වචනය අනුවැ හැසුරුණේ ය. සුසංයත වූ සිල්වතුන්ගේ මෘදු මොළොක් තෙපුල් අසා උත්තම හස්තියා (පළමු තමා තුළ තුබුණු) සියලු ගුණයෙහි (නැවත) පිහිටියේ ය.

6. මහිලාමුඛජාතකං.

6. මහිලාමුඛ ජාතකය.

27. නාලං කබළං පදාතවෙ න ච පිණ‍්ඩං න කුසෙ න ඝංසිතුං, මඤ‍්ඤාමි අභිණ‍්හදස‍්සනා නාගො සිනෙහමකාසි කුක‍්කුරෙති.

27. (බතට පළමුව දෙන) කටුක බෙහෙත් පිණ්ඩය ගන්නට හෙවත් අනුභව කරන්නට නො සමත් ය. බත් පිඬු ගන්නට ද නො සමත්ය. තෘණ ගන්නට ද නොසමත්ය. (නහවන වේලෙහි) ඇඟ උළාලීමෙහි ද නොසමත් ය. ඇත් තෙමේ නිතර දැකීමෙන් බල්ලා කෙරෙහි ස්නෙහ කෙළේ ය යි හඟිමි.

7. අභිණ‍්හජාතකං.

7. අභිණ්හ ජාතකය.

28. මනුඤ‍්ඤමෙව භාසෙය්‍ය නාමනුඤ‍්ඤං කුදාචනං මනුඤ‍්ඤං භාසමානස‍්ස ගරුභාරං උද‍්දධරි, ධනඤ‍්ච නං අලබ‍්භෙසි තෙනචත‍්තමනො අහූ’ති.

28. මනෝඥ වචනයක් ම කියන්නේ ය. කිසි කලෙක්හිදු අමනෝඥ කොට නො බණන්නේ ය. මනෝඥ කොට බණන්නහුගේ (ප්‍රමාණ වශයෙන් ගැල් සියයක්) බරවූ සකට භාරය ඉදිරියට අද්පී ය. එයින් බමුණා ධන ද ලැබ්බවිය. සතුටු සිතැත්තේ ද විය.

8. නන්‍දිවිසාලජාතකං.

8. නන්‍දිවිසාල ජාතකය.

29. යතො යතො ගරුධුරං යතො ගම‍්භිරවත‍්තනි, තදස‍්සු කණ‍්හං යුඤ‍්ජන‍්ති ස‍්වාස‍්සු තං වහතෙ ධුරන‍්ති.

29. යම් තැනෙක්හි (ගැල්) ධුරය ඉතා බරවේ ද යම් තැනෙක්හි (දිය හා මඩ ඇති බැවින්) ගැඹුරු වූ මාර්‍ගයෙක් වේ ද එකල්හි කණ්හ නම් බිලිවර්දයා (ගොනා) යොදත්. හෙතෙමේ ඒ ධුරය උසුලන්නේ ය.

9. කණ‍්හජාතකං.

9. කණ්හ ජාතකය.

30. මා මුනිකස‍්ස පිහයි ආතුරන‍්තානි භුඤ‍්ජති, අප‍්පොස‍්සුක‍්කො භුසං ඛාද එතං දීඝායුලක‍්ඛණන‍්ති.

30. මුනික නම් ශුකරයාගේ භෝජනය ප්‍රාර්‍ත්‍ථනා නො කරව. (කුමක් හෙයින් ද යත්) මුනික ශුකර තෙමේ මරණ භෝජන අනුභව කරයි. (මධුරාභාරය) අලේපත්සුක ව තමා විසින් ලබන තෘණපත් අනුභව කරව. මෙය දීර්‍ඝායු ලක්‍ෂණයෙකි.

10. මුනිකජාතකං.

10. මුනික ජාතකය.

කුරඞ‍්ගවග‍්ගො තතියො.

තෙවෙනි කුරුඞ්ග වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දාන:

කුරුඞ‍්ගස‍්සකුක‍්කුරභොජවරො පුන වාළවස‍්සසිරිවයතො, මහිළාමුඛනාමනුඤ‍්ඤවරො වහතෙධුරමුනිකෙන දස.

කුරුඞ්ගමිග කුක්කුරු භෝජාජානීය වාළව (ආජඤ්ඤ) සිරිවය (තිත්‍ථ) මහිලාමුඛ තාග (අහිණ්හ) මනුඤ්ඤචර (නන්‍දිවිසාල) වහතෙ (කණ්හ) මුනික යන දසයයි.