4. කුලාවකවග‍්ගො
4. කුලාවක වර්‍ගය
31. කුලාවකා මාතලි සිම‍්බලිස‍්මිං ඊසාමුඛෙන පරිවජ‍්ජයස‍්සු, කාමං චජාම අසුරෙසු පාණං මායිමෙ දිජා විකුලාවා අහෙසු’න‍්ති.
31. මාතලිය, සුපර්‍ණ පොතකයෝ (ගුරුළු පැටව්) ඉඹුල් වෙනෙහි එලී හොවිති. ඔවුන් රථ ශීර්‍ෂයෙන් දුරු කරව. (ඔවුන්ගෙන් රථ ශීර්‍ෂය දුරු කරව යූ සේයි.) අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිම්හ. මේ සුපර්‍ණ පෝතකයෝ කැදැල්ලෙන් පහවූවාහු නො වෙත්වා.
1. කුලාවකජාතකං.
1. කුලාවක ජාතකය.
32. රුදං මනුඤ‍්ඤං රුචියා ච පිට‍්ඨි වෙළුරියණ‍්ණුපනිභා ච ගීවා, ව්‍යාමමත‍්තානි ච පෙඛුණානි නච‍්චෙන තෙ ධීතරං නො දදාමී’ති.
32. මයුරය තාගේ ශබ්දය මනෝඥ ය. පිට ද සිත්කලු ය. ග්‍රීවය ද වෛදුර්‍ය්‍ය මාණික්‍යයෙහි වර්‍ණය හා සමානය. පිල් ද බඹයක් පමණ ය. (මෙසේ රූපී වුවද ලජ්ජා භය නැති) නැටීම හේතු කොට තට මාගේ දුව නො දෙමි.
2. නච‍්චජාතකං.
2. නච්ච ජාතකය.
33. සම‍්මොදමානා ගච‍්ඡන‍්ති ජාලමාදාය පක‍්ඛිනො, යදා තෙ විවදිස‍්සන‍්ති තදා එහින‍්ති මෙ වස’න‍්ති.
33. වටු පක්‍ෂීහු සමගි වූවාහු වෙත්. විවාද නො කරන්නාහු දැල ඔසවාගෙන යෙති. ඔවුහු යම් කලෙක්හි විවාද කෙරෙත් ද එකල්හි මාගේ වසයට එති.
3. සම‍්මොදමානජාතකං.
3. සම්මොදමාන ජාතකය.
34. න මං සීතං න මං උණ‍්හං න මං ජාලස‍්මිං බාධනං, යඤ‍්ච මං මඤ‍්ඤතෙ මච‍්ඡි අඤ‍්ඤං සො රතියා ගතො’ති.
34. ශීතල මා පෙළන්නේ නො වෙයි. උෂ්ණය මා පෙළන්නේ නො වෙයි. දැලෙහි බැඳීම ද මා පෙළන්නේ නො වෙයි. යම් හෙයෙකින් මා නො දක්නා වූ මත්ස්‍යධෙනු තොමෝ හේ (මත්ස්‍යයා) අන්‍ය මත්ස්‍ය ධේනුවක් හා කාමරතිය පිණිස ගියේ යැ යි සිතා ද එය මේ සියලු දුකට වඩා මා පෙළන්නේ ය යි.
4. මච‍්ඡජාතකං.
4. මච්ඡ ජාතකය.
35. සන‍්ති පක‍්ඛා අපතනා සන‍්ති පාදා අවඤ‍්චනා, මාතා පිතා ච නික‍්ඛන‍්තා ජාතවෙද පටික‍්කමා’ති.
35. මාගේ පියාපත් ඇත. (එහෙත්) පියාසර කරන්නට අසමර්‍ත්‍ථ ය. පාදයෝ ඇත. (එහෙත්) පියවර ගමනින් යන්නට අපොහොසත් ය. මෑණියෝ ද පියාණෝ ද මා හැරැ ගියහ. ජාතවෙදය (ගින්න) පහවව (නවතුව).
5. වට‍්ටකජාතකං.
5. වට්ටක ජාතකය.
36. යං නිස‍්සිතා ජගතිරුහං විහඞ‍්ගමා ස‍්වායං අග‍්ගිං පමුඤ‍්චති, දිසා භජථ වක‍්කඞ‍්ගා ජාතං සරණතො භයන‍්ති.
36. පක්‍ෂීහු යම් රුකක් ආශ්‍රය කළෝ ද ඒ රුක මැ ගිනි හරනේ යැ. පක්‍ෂීනි, සරණස්ථානයෙන් හෙවත් පිහිටවනස්ථානයෙන් භය උපනි. (එහෙයින්) දිශා භජනය කරව (රුක හැර යව).
6. සකුණජාතකං
6. සකුණ ජාතකය.
37. යෙ වද‍්ධමපචායන‍්ති නරා ධම‍්මස‍්ස කොවිදා, දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසා සම‍්පරායෙ ච සුග‍්ගති’ති.
37. (වැඩිහිටියන් සැලැකීම නම් වූ) ගුණධර්‍මයෙහි දක්‍ෂ වූ යම් කෙනෙක් ගුණයෙන් ද වයසින් ද වැඩිහිටියන් පුදත් ද ඔවුහු මෙලොව දී ම පැසැසියයුතු වෙති. පරලොවෙහි ද සුගතිය වෙයි.
7. තිත‍්තිරජාතකං.
7. තිත්තිර ජාතකය.
38. නාච‍්චන‍්තං නිකතිප‍්පඤ‍්ඤො නිකත්‍යා සුඛමෙධති, ආරාධෙති නිකතිප‍්පඤ‍්ඤො ඛකො කක‍්කටකාමිවා’ති.
38. වඤ්චන බුද්ධි ඇත්තේ තමාගේම වංචා හේතුවෙන් නිත්‍යයෙන් සුව නො වඩයි. කිසි සුවයෙක්හි නො පිහිටයි. වඤ්චන බුද්ධි ඇත්තේ (තමා කළ වැරදිවල කටුක විපාක) ලබයි. කකුළුවාගෙන් (ගෙල සිඳගත්) කොකා මෙනි.
8. බකජාතකං.
8. බක ජාතකය.
39. මඤ‍්ඤෙ සොවණ‍්ණයො රාසි සොවණ‍්ණමාලා ච නන්‍දකො, යත්‍ථ දාසො ආමජාතො ඨිතො ථුල‍්ලානි ගජ‍්ජතී’ති.
39. කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්‍දක දාස තෙමේ යම් තැනෙක්හි සිටියේ පරුෂ කොට ගර්‍ජනා කෙරේ ද (බෙණේ ද) ස්වර්‍ණරාශීය ද ස්වර්‍ණමාලා ද එතැන්හි යැ යි හඟිමි.
9. නන්‍දජාතකං.
9. නන්‍ද ජාතකය.
40. කාමං පතාමි නිරයං උද‍්ධපාදො අවංසිරො, නානරියං කරිස‍්සාමි හන්‍ද පිණ‍්ඩං පටිග‍්ගහා’ති.
40. ඌර්‍ධවපාද ඇත්තෙමි. අධඃකෘත හිස ඇත්තෙමි. ඒකාන්තයෙන් නරකයෙහි වැටෙමි. (එතෙකුදු වුවත් දන් නොදීම සිල් නොරැකීම ආදී) අනාර්‍ය්‍ය ක්‍රියාවක් නො කරමි. එබැවින් පිණ්ඩ නම් ලද බත පිළිගන්නේ මැනැවි.
10. ඛදිරඞ‍්ගාරජාතකං.
10. ඛදිරඞ්ගාර ජාතකය.
කුලාවකවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි කුලාවක වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දාන:
සිරිමාතලිධීතරපක‍්ඛිවරො රතිරාගතොමාතාපිතා ච පුන, ජගතීරුහවුද‍්ධසුකක‍්කටකො තථා නන්‍දකපිණ‍්ඩවරෙන දස.
සිරිමාතලී (කුලාවක) ධීතර (නච්ච) පක්ඛීචර (සම්මොදමාන) රතිරාගගත (මච්ඡ) මාතාපිතා ච පුන (නැවත වට්ටක) ජගති රුහ (සකුණ) වුද්ධසු (තිත්තිර) කක්කට (බක) තථා නන්‍දක (එසේම නන්‍දා) පිණ්ඩචර (ඛදිරඞ්ගාර) යන්න සමග දසය යි.