5. අත්ථකාමවග්ගො
5. අත්ථකාම වර්ගය
41. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං. අජියා පාදමොලුබ්භ මිත්තකො විය සොචතීති.
41. අභිවෘද්ධි කැමැතිවැ හිත චිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද (එසේ වූ පුරුෂ තෙමේ) එළියගේ පය ගෙනැ ශෝක කරන මිත්ත වින්දකයා මෙන් ශෝක කරයි. (මිත්ත වින්දකයා ශෝක කළාක් මෙන් ශෝක කරයි.)
1. ලොසකජාතකං.
1. ලොසක ජාතකය.
42. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං, කපොතකස්ස වචනං අකත්වා අමිත්තහත්ථත්ථගතොව සෙතී’ති.
42. අර්‍ත්‍ථයක් කැමැතිවැ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද පරවියාගේ වචනය නො කොට අමිත්‍ර වූ සූදයගේ (අරක්කැමියා) අතට ගිය කාකයා මෙන් (ව්‍යසනයට පැමිණැ) හෝනේ ය.
2. කපොතකජාතකං.
2. කපොත ජාතකය.
43. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො ඔවජ්ජමානො න කාරොති සාසනං, එවං සො නිහතො සෙති වෙළුකස්ස යථා පිතා’ති.
43. දියුණුව කැමැත්තා වූ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනය ඔවා ලබන යමෙක් නො කෙරේ ද හෙතෙමේ වේළුක නම් සර්පයාගේ පිය යම්සේ ද එපරිද්දෙන් නෂ්ට ව හෝනේ ය.
3. වෙළුකජාතකං.
3. වේළුක ජාතකය.
44. සෙය්යො අමිත්තො මතියා උපෙතො නත්ථෙව මිත්තො මතිවිප්පහීනො, මකසං වධිස්සන්ති හි එළමූගො පුත්තො පිතු අබ්භිදා උත්තමඞ්ගන්ති.
44. ප්‍රඥායෙන් යුක්ත වූ අමිත්‍ර තෙමේ උතුම් වේ. ප්‍රඥායෙන් විප්‍රහීණ වූ (නුවණ නැති) මිත්‍ර තෙමේ උතුම් නො වේ මැ යි (කුමක් හෙයින් යත්) මූඪ (කෙළතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළී ය.
4. මකසජාතකං.
4. මකස ජාතකය.
45. සෙය්යො අමිත්තො මෙධාවී යඤ්චෙ බාලානුකම්පකො, පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචති’ති.
45. අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද (ඔහුට වඩා) නුවණැත්තා වූ අමිත්‍රයා උතුම් වේ. බාලවූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව (මැස්සන් මරමි යි) මව මරා ශෝක කරන්නී ය.
5. රොහිණීජාතකං.
5. රෝහිණී ජාතකය.
46. න වෙ අනත්ථකුසලෙන අත්ථචරියා සුඛාවහා, හාපෙති අත්ථං දුම්මෙධො කපි ආරාමිකො යථා’ති.
46. අනර්‍ත්‍ථයෙහි දක්ෂයා විසින් කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
6. ආරාමදූසකජාතකං.
6. ආරාමදූෂක ජාතකය.
47. න චෙ අනත්ථකුසලෙන අත්ථචරියා සුඛාවහා, හාපෙති අත්ථං දුම්මෙධො කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති.
47. අනර්‍ත්‍ථයෙහි දක්ෂයා විසින් (අර්‍ත්‍ථයෙහි අදක්ෂයා විසින්) කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් ශිෂ්‍යයා මෙනි.
7. වාරුණීදූසකජාතකං
7. වාරුණී ජාතකය.
48. අනුපායෙන යො අත්ථං ඉච්ඡති සො විහඤ්ඤති, චෙතා හනිංසු වෙදබ්භං සබ්බෙ තෙ ව්යසනමජ්ඣගූති
48. යමෙක් අනුපායයෙන් (වැරදි මගින්) අභිවෘද්ධි කැමති වේ ද හෙතෙමේ (එයින්) විනාශ වෙයි. චේතිය නම් රටවැසි සොරු (වෛදර්භ නම් මන්ත්‍රය හේතුකොටගෙන) වේදබ්භ නම් බමුණා නැසූහ. ඒ සොරු සියලු දෙනා ද (ඔවුනොවුන් ඇන කොටාගෙන) විනාශයට පැමිණියෝ ය.
8. වෙදබ්භජාතකං.
8. වේදබ්භ ජාතකය.
49. නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ති
49. අර්ත්ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්ත්ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)
9. නක්ඛත්තජාතකං.
9. නක්ඛත්ත ජාතකය.
50. දුම්මෙධානං සහස්සෙන යඤ්ඤො මෙ උපයාචිතො, ඉදානි ඛොහං යජිස්සාමි බහූ අධම්මිකො ජනො’ති.
50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
10. දුම්මෙධජාතකං.
10. දුම්මේධ ජාතකය.
අත්ථකාමවග්ගො පඤ්චමො.
පස්වැනි අත්ථකාම වර්ග යි.
පඨමො පණ්ණාසකො.
පළමු පණ්ණාසක යි.
තස්සුද්දානං:
එහි උද්දාන:
අථමිත්තකමාතුකපොතවරො තථාවෙළුකඑළමූගොරොහිණී, කපිවාරුණිචෙතචරා ච පුන තථා තාරකයඤ්ඤචරෙන දස
මිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.