6. ආසිංසවග්ගො
6. ආසිංස වර්ගය
51. ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහූති
51. පුරුෂ තෙමේ (පටන්ගන්නා ලද ක්‍රියාවෙහි නිමාවට පැමිණෙනු සඳහා) ආශා කරන්නේ මැ ය. නුවණැත්තේ (වීර්‍ය්‍ය වඩනුයේ) උකටලි නො වන්නේ යැ. බලාපොරොත්තුව නො සිඳ ගන්නේය.) යම්සේ බලාපොරොත්තු වීම ද, එසේ මැ වී. මම (එයින් රාජ සම්පත්තියට පැමිණි) තම දක්මි.
1. මහාසීලවජාතකං.
1. මහාසීලව ජාතකය.
52. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භත’න්ති
52. පුරුෂ තෙමේ වෑයම් කරන්නේ මැ යැ. නුවණැත්තේ (අපේක්ෂාව සාදාගතහැකි දැ යි) උකටලි නො වන්නේ ය. මම (වීර්‍ය්‍යයෙන් සාගරය පීනා) දියෙන් ගොඩට නැංගා වූ තමා දක්මි.
2. චූළජනකජාතකං.
2. චූළජනක ජාතකය.
53. තථෙව පුණ්ණා පාතියො අඤ්ඤායං වත්තතෙ කථා, ආකාරකෙන ජානාමි න චායං භද්දිකා සුරාති.
53. සුරා පාත්‍රයෝ එසේ මැ (මා යන කලැ තුබූසේ මැ) පිරුණාහ. යම් මේ (සුරාවර්ණනා) කතාවක් පවතී ද (මේ) අනෙකක් මැ යැ. (බොරුවෙක් මැ යැ.) ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නො වේ යැ යි.
3. පුණ්ණපාතිජාතකං.
3. පුණ්ණපාති ජාතකය.
54. නායං රුක්ඛො දුරාරූහො නපි ගාමතො ආරකා, ආකාරකෙන ජානාමි නායං සාදුඵලො දුමොති.
54. මේ වෘක්ෂය දුකසේ නැංග යුත්තේ නො වෙයි. (සුවසේ නැඟියැහෙයි.) ගමින් දුරුවූයේ ද නො වෙයි. (ඉදින් මිහිරි ඵල ඇත් නම් එක ද පලයක් ඉතිරි නො වේ. එයින්) මේ වෘක්ෂය මිහිරි පල ඇත්තේ නො වෙයි (මෙ කරුණ) ආකාරයෙන් දනිමි.
4. කිංඵලජාතකං.
4. කිංඵල ජාතකය.
55. යො අලීනෙන චිත්තෙන අලීනමනසො නරො, භාවෙති කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා පාපුණෙ අනුපුබ්බෙන සබ්බසඤ්ඤොජනක්ඛයන්ති.
55. (චතුර්විධ) යෝගක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා උදාර වූ අදහස් ඇති යම් මනුෂ්‍යයෙක් නො පසුබට වූ සිතින් කුශල ධර්මයන් වඩා ද හෙතෙමේ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයයට හෙවත් රහත්ඵලයට පැමිණෙයි.
5. පඤ්චාවුධජාතකං.
5. පඤ්චාවුධ ජාතකය.
56. යො පහට්ඨෙන චිත්තෙන පහට්ඨමනසො නරො භාවෙති කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා පාපුණෙ අනුපුබ්බෙන සබ්බසංයොජනක්ඛයන්ති.
56. යෝගක්‍ෂේමයට හහෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශලධර්මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්ෂයයට හෙවත් රහත්ඵලයට පිළිවෙළින් පැමිණෙයි.
6. කඤ්චනක්ඛන්ධජාතකං.
6. කඤ්චනක්ඛන්ධ ජාතකය.
57. යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථා තව, සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතිවත්තතී’ති.
57. වානරේන්ද්රය, වාක්සත්‍යය, පරික්‍ෂාඥානය, ධෛර්ය්යය, ත්‍යාගය යන මේ සතර ධර්මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්‍යමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)
7. වානරින්ද ජාතකං.
7. වානරින්ද ජාතකය.
58. යස්ස එතෙ තයො ධම්මා වානරින්ද යථා තව. දක්ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සො අතිවත්තතී’ති.
58. වානරේන්ද්රය, දක්ෂභාවය ද, නිර්භයභාවය ද, උපාය කෞශල්‍යඥානය ද යන මේ ත්‍රිවිධ ධර්මයෝ තට මෙන් යමකුට ඇත් ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ.
8. තයොධම්මජාතකං.
8. තයෝධම්ම ජාතකය.
59. ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං හි පාපකං, ධන්තෙන හි සතං ලද්ධං අතිධන්තෙන නාසිත’න්ති.
59. බෙර ගසන්නේ ය. බෙර ගසන්නේ ය. (ප්‍රමාණය ඉක්මවා) අතිශයින් නො ගසන්නේ ය. නිරන්තරයෙන් බෙර ගැසීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය.) බෙර ගසන්නාහු විසින් (කහවණු) සියයක් ලබන ලද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නහු විසින් (ඒ ධනය නසන ලදී.)
9. භෙරිවාදජාතකං.
9. භේරිවාද ජාතකය.
60. ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං පාපකං, ධන්තෙනාධිගතා භොගා තෙ තාතො විධමී ධමන්ති.
60. සක් පිඹින්නේ ය. සක් පිඹින්නේ ය. (කල් නො බලා) අධික කොට නො පිඹින්නේ ය. අධික කොට පිඹීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය) සක් පිඹින්නහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පිය නැවත නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේ ය.
10. සඞ්ඛධමනජාතකං.
10. සඞ්ඛධමන ජාතකය.
ආසිංසවග්ගො ඡට්ඨො.
සවැනි ආසිංස වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දාන:
යථාඉච්ඡිං තථාහුදකාථලා සුරසාදුඵලොවඅලීනමනො, සම්පහට්ඨමනො චතුරො ච තයො සතලද්ධකභොගධනෙනදස.
යථා ඉච්ඡිං තථා අහූ (මහාසීලව) දකථල (මූළජනක) සුරා (පුණ්ණපාති) සාදුඵල (කිංඵල) අලීනමනෝ (පංචාවුධ) සම්පහට්ඨමනෝ (කඤ්චනක්ඛන්ධ) චතුරො (වානරින්ද) තයො (තයෝධම්ම) සතලද්ධ (භේරිවද) භොගධන (සංඛධමන) යන දසය යි.