1. මහාසීලවජාතකවණ්ණනා 51 අට්ඨකථා
1. මහාසීලවජාතකවණ්ණනා (51)
1. මහා සීලව ජාතකය (51)
ආසීසෙථෙව පුරිසොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ඔස්සට්ඨවීරියං භික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු ඔස්සට්ඨවීරියොසී”ති පුච්ඡි. “ආම, භන්තෙ”ති ච වුත්තෙ “කස්මා ත්වං භික්ඛු එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා වීරියං ඔස්සජි, පුබ්බෙ පණ්ඩිතා රජ්ජා පරිහායිත්වාපි අත්තනො වීරියෙ ඨත්වාව නට්ඨම්පි යසං පුන උප්පාදයිංසූ”ති වත්වා අතීතං ආහරි.
“ආසිංසෙථෙව පුරිසොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, හළ වීරිය ඇති භික්ෂුවක් අරබයා දේශනා කළහ. බුදුරජහු ඒ භික්ෂුව අමතා හළ වීර්යය ඇත්තෙහිදැ යි ඇසූහ. එ සේය ස්වාමීනි, කිමෙක් ද මහණ, මෙබඳු නෛර්යාණික සසුනෙහි පැවිදි ව වීර්යය අත්හළේ කුමක් නිසා ද? පෙර පඬිවරු රාජ්‍යය පිරිහෙන්න හළ ද වීර්යයෙහි පිහිටා නැති වූ සම්පත් උපදවා ගත්තාහුමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තො. තස්ස නාමග්ගහණදිවසෙ “සීලවකුමාරො”ති නාමං අකංසු. සො සොළසවස්සුද්දෙසිකොව සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පත්වා අපරභාගෙ පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨිතො මහාසීලවරාජා නාම අහොසි ධම්මිකො ධම්මරාජා. සො නගරස්ස චතූසු ද්වාරෙසු චතස්සො, මජ්ඣෙ එකං, නිවෙසනද්වාරෙ එකන්ති නිච්චං ඡ දානසාලායො කාරාපෙත්වා කපණද්ධිකානං දානං දෙති, සීලං රක්ඛති, උපොසථකම්මං කරොති, ඛන්තිමෙත්තානුද්දයසම්පන්නො අඞ්කෙ නිසින්නං පුත්තං පරිතොසයමානො විය සබ්බසත්තෙ පරිතොසයමානො ධම්මෙන රජ්ජං කාරෙති. තස්සෙකො අමච්චො අන්තෙපුරෙ පදුබ්භිත්වා අපරභාගෙ පාකටො ජාතො. අමච්චා රඤ්ඤො ආරොචෙසුං. රාජා පරිග්ගණ්හන්තො අත්තනා පච්චක්ඛතො ඤත්වා තං අමච්චං පක්කොසාපෙත්වා “අන්ධබාල අයුත්තං තෙ කතං, න ත්වං මම විජිතෙ වසිතුං අරහසි, අත්තනො ධනඤ්ච පුත්තදාරෙ ච ගහෙත්වා අඤ්ඤත්ථ යාහී”ති රට්ඨා පබ්බාජෙසි. සො නික්ඛමිත්වා කාසිරට්ඨං අතික්කම්ම කොසලජනපදං ගන්ත්වා කොසලරාජානං උපට්ඨහන්තො අනුක්කමෙන රඤ්ඤො අබ්භන්තරිකො විස්සාසිකො ජාතො.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්හ. ඔහුට නම් තබන දිනයෙහි සීලව කුමරා යි නම් තැබූහ. එතුමා සොළොස් වියේදී ම සිප්සතරෙහි පරතෙරට පැමිණි පසු කල පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටියේ මහා සීලව කුමරු නම් වූයේය. දැහැමි රජෙක් වූයේය. නගරයෙහි සතර දිසාවෙහි සතරක් ද මැද එකක් ද තම රජ මැදුර ඉදිරියෙහි එකක් ද වශයෙන් දාන ශාලා සයක් කැරවා දුගී මගීන්ට දන් දෙයි. සිල් රකියි. පොහොය කර්ම කරයි. ඉවසීම, මෙත, කරුණාදියෙන් යුත් රජතුමා තම ඇකෙහි හුන් පුතු සතුට කරන්නාක් මෙන් සියලු සතුන් සතුටු කරමින් දැහැමෙන් රාජ්ය්ය කරයි. එතුමන්ගේ ඇමැතියෙක් අන්තඃපුරයෙහි වරදෙහි හැසිර පසු කාලයෙහි ප්‍රකට විය. ඇමැතියෝ රජුට මෙකරුණ සැලකළහ. රජතුමා පිරික්සා ප්රත්යක්ෂව දැන ඒ ඇමැතියා කැඳවා බාලය, ඔබ කළේ වරදකි. මගේ රාජ්‍යයෙහි විසීමට ඔබ සුදුසු නො වේ. තමාගේ ධනය ද අඹුදරුවෝ ද ගෙන වෙනත් තැනකට යව යි පිටුවහල් කළේය. ඔහු කසී රට ඉක්මවා කොසොල් රජුට සේවය කරමින් ක්‍රමයෙන් රජුගේ අභ්‍යන්තර හිතවතකු විය.
සො එකදිවසං කොසලරාජානං ආහ – “දෙව බාරාණසිරජ්ජං නාම නිම්මක්ඛිකමධුපටලසදිසං, රාජා අතිමුදුකො, අප්පෙනෙව බලවාහනෙන සක්කා බාරාණසිරජ්ජං ගණ්හිතු”න්ති. රාජා තස්ස වචනං සුත්වා “බාරාණසිරජ්ජං නාම මහා, අයඤ්ච ‘අප්පෙනෙව බලවාහනෙන සක්කා බාරාණසිරජ්ජං ගණ්හිතු’න්ති ආහ, කිං නු ඛො පන පයුත්තකචොරො සියා”ති චින්තෙත්වා “පයුත්තකොසි මඤ්ඤෙ”ති ආහ. “නාහං, දෙව, පයුත්තකො, සච්චමෙව වදාමි. සචෙ මෙ න සද්දහථ, මනුස්සෙ පෙසෙත්වා පච්චන්තගාමං හනාපෙථ, තෙ මනුස්සෙ ගහෙත්වා අත්තනො සන්තිකං නීතෙ ධනං දත්වා විස්සජ්ජෙස්සතී”ති. රාජා “අයං අතිවිය සූරො හුත්වා වදති, වීමංසිස්සාමි තාවා”ති අත්තනො පුරිසෙ පෙසෙත්වා පච්චන්තගාමං හනාපෙසි. මනුස්සා තෙ චොරෙ ගහෙත්වා බාරාණසිරඤ්ඤො දස්සෙසුං. රාජා තෙ දිස්වා “තාතා, කස්මා ගාමං හනථා”ති පුච්ඡි. “ජීවිතුං අසක්කොන්තා, දෙවා”ති වුත්තෙ රාජා “අථ කස්මා මම සන්තිකං නාගමිත්ථ, ඉතොදානි පට්ඨාය එවරූපං කම්මං මා කරිත්ථා”ති තෙසං ධනං දත්වා විස්සජ්ජෙසි. තෙ ගන්ත්වා කොසලරඤ්ඤො තං පවත්තිං ආරොචෙසුං. සො එත්තකෙනාපි ගන්තුං අවිසහන්තො පුන මජ්ඣෙජනපදං හනාපෙසි. තෙපි චොරෙ රාජා තථෙව ධනං දත්වා විස්සජ්ජෙසි. සො එත්තකෙනාපි අගන්ත්වා පුන පෙසෙත්වා අන්තරවීථියං විලුම්පාපෙසි, රාජා තෙසම්පි චොරානං ධනං දත්වා විස්සජ්ජෙසියෙව. තදා කොසලරාජා “අතිවිය ධම්මිකො රාජා”ති ඤත්වා “බාරාණසිරජ්ජං ගහෙස්සාමී”ති බලවාහනං ආදාය නිය්යාසි.
දිනක් ඔහු රජුට මෙසේ කීය. දේවයිනි, බරණැස් රාජ්‍යය මී මැස්සන් නැති මී වදයක් සමාන වේ. රජු ඉතා ලාමකය. සුළු හමුදාවක් යොදා බරණැස් රාජ්‍යය ගත හැකිය. රජ ඔහුගේ වචනය අසා මෙසේ සිතීය. බරණැස් රාජ්‍යය අති විශාලය. මොහු සුළු හමුදාවකින් ජය ගත හැකි බව කීය. මොහු ඔත්තුකරුවකු විය හැකියැ යි සිතා ඔබ චර පුරුෂයකුදැ යි ඇසීය. දේවයිනි, මම චර පුරුෂයෙක් නොවෙමි. ඇත්ත ම කියමි. ඉදින්, මගේ වචනය නො අදහන්නේ නම්, මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කරනු මැනවි. එවිට ඒ ගම් පහරන මිනිසුන් ගෙන තමන් වෙත ගෙන ආ විට කසී රට රජු ඔවුන්ට ධනය දී නිදහස් කරන්නේය. කොසොල් රජු, මොහු ඉතා ශූර ලෙස කියයි. ඔහු විමසමි යි තමාගේ මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කැර වීය. මේ වැසියෝ කොල්ලකරුවන් අල්ලා රජුට දැක්වූහ. රජ ඔවුන් දැක දරුවනි, කුමක් නිසා ගම විනාශ කරනු ද? දේවයිනි, ජීවත් වීමට මඟක් නැත. එ සේ න්ම මා ළඟට නො පැමිණියේ මන් ද? මෙතැන් පටන් එවැනි දේ නො කරනු යි පවසා ඔවුන්ට ධනය දී නිදහස් කළේය. ඔවුහු ගොස් කොසොල් රජුට මෙපුවත් සැලකළහ. රජ මෙපමණකින් නො සෑහී රට මැද දනව්වක් වැනසීය. ඒ මිනිසුන්ට ද රජ ධනය දී යැවීය. ඔහු මෙතෙකුනු නො සෑහී නැවත මිනිසුන් යවා මහා වීදිය කොල්ල කෑවේය. රජ ඔවුන්ට ද ධනය දී යැවීය. ඉක්බිති, කොසොල් රජ මොහු ඉතා දැහැමි රජෙකැ යි සිතා බරණැස් රාජ්‍යය ගනු පිණිස බල සෙනග රැගෙන ගියේය.
තදා පන බාරාණසිරඤ්ඤො මත්තවාරණෙපි අභිමුඛං ආගච්ඡන්තෙ අනිවත්තනධම්මා අසනියාපි සීසෙ පතන්තියා අසන්තසනසභාවා සීලවමහාරාජස්ස රුචියා සති සකලජම්බුදීපෙ රජ්ජං ගහෙතුං සමත්ථා සහස්සමත්තා අභෙජ්ජවරසූරා මහායොධා හොන්ති. තෙ “කොසලරාජා ආගච්ඡතී”ති සුත්වා රාජානං උපසඞ්කමිත්වා “දෙව, කොසලරාජා කිර ‘බාරාණසිරජ්ජං ගණ්හිස්සාමී’ති ආගච්ඡති, ගච්ඡාම, නං අම්හාකං රජ්ජසීමං අනොක්කන්තමෙව පොථෙත්වා ගණ්හාමා”ති වදිංසු. රාජා “තාතා, මං නිස්සාය අඤ්ඤෙසං කිලමනකිච්චං නත්ථි, රජ්ජත්ථිකො රජ්ජං ගණ්හාතු, මාගමිත්ථා”ති නිවාරෙසි. කොසලරාජා රජ්ජසීමං අතික්කමිත්වා ජනපදමජ්ඣං පාවිසි. අමච්චා පුනපි රාජානං උපසඞ්කමිත්වා තථෙව වදිංසු, රාජා පුරිමනයෙනෙව නිවාරෙසි. කොසලරාජා බහිනගරෙ ඨත්වා “රජ්ජං වා දෙතු යුද්ධං වා”ති සීලවමහාරාජස්ස සාසනං පෙසෙසි. රාජා තං සුත්වා “නත්ථි මයා සද්ධිං යුද්ධං, රජ්ජං ගණ්හාතූ”ති පටිසාසනං පෙසෙසි. පුනපි අමච්චා රාජානං උපසඞ්කමිත්වා “දෙව, න මයං කොසලරඤ්ඤො නගරං පවිසිතුං දෙම, බහිනගරෙයෙව නං පොථෙත්වා ගණ්හාමා”ති ආහංසු, රාජා පුරිමනයෙනෙව නිවාරෙත්වා නගරද්වාරානි විවරාපෙත්වා සද්ධිං අමච්චසහස්සෙන මහාතලෙ පල්ලඞ්කමජ්ඣෙ නිසීදි.
එකල බරණැස් රජුට මතැතකු ඉදිරියට එන කල්හි පවා ආපසු නො හැරෙන හිසෙහි හෙණ පිපිරුණ ද බිය නො වන, සීලව මහරජුගේ කැමැත්ත තිබේ නම් මුළු දඹදිව රාජ්‍යයන් නතු කැර ගැනීමට සමත් පරාජය කළ නො හැකි දක්ෂ දහසක් පමණ යුද සෙබළුන් වෙයි. ඔවුහු කොසොල් රජු එතැ යි අසා රජුන් වෙත එළැඹ දේවයිනි, කොසොල් රජ බරණැස් රාජ්‍යය ගන්නෙමි යි පැමිණෙයි. අපි යමු. අපගේ රාජ්‍යය සීමාව ආක්‍රමණය කළ විගස ඔවුන්ට පහරදී අල්ලා ගනිමු යි කීහ. දරුවනි, මා නිසා අනුන් වෙහෙසන බවක් නැත. රාජ්‍යය කැමැත්තෝ රාජ්‍යය ම ගනිත්වා. නො යවු යි වැළැක්වීය. කොසොල් රජ රාජ්‍ය සීමාව ඉක්මවා දනව් මැදට පිවිසියේය. ඇමැතියෝ නැවතත් රජු වෙත එළැඹ පෙර සේ ම කීහ. රජු පෙර පරිදි ම වැළැක්වීය. කොසොල් රජු පිට නගරයේ සිට රාජ්‍යය දෙනු නැතිනම් යුද්ධය යි සීලව මහරජුට හසුන් යැවීය. රජ ඒ අසා මා සමග යුද්ධයක් නැත. රාජ්‍යය ගනු, යනුවෙන් පිළිහසුන් යැවීය. නැවතත් ඇමතිවරු රජු වෙත එළැඹ දේවයිනි, අපි කොසොල් රජුට අප නුවරට පිවිසෙන්න ඉඩ නො දෙමු. පිට නුවර දී ම ඔවුන්ට පහර දී අල්ලා ගනිමු යි කීහ. රජු පෙර පරිදි ම වළකා සියලු නගර දොරටු හැරදමා ඇමැතීන් දහස සමග මහවාසලෙහි සිහසුන මත හුන්නේය.
කොසලරාජා මහන්තෙන බලවාහනෙන බාරාණසිං පාවිසි. සො එකම්පි පටිසත්තුං අපස්සන්තො රඤ්ඤො නිවෙසනද්වාරං ගන්ත්වා අමච්චගණපරිවුතො අපාරුතද්වාරෙ නිවෙසනෙ අලඞ්කතපටියත්තං මහාතලං ආරුය්හ නිසින්නං නිරාපරාධං සීලවමහාරාජානං සද්ධිං අමච්චසහස්සෙන ගණ්හාපෙත්වා “ගච්ඡථ, ඉමං රාජානං සද්ධිං අමච්චෙහි පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ආමකසුසානං නෙත්වා ගලප්පමාණෙ ආවාටෙ ඛනිත්වා යථා එකොපි හත්ථං උක්ඛිපිතුං න සක්කොති, එවං පංසුං පක්ඛිපිත්වා නිඛනථ, රත්තිං සිඞ්ගාලා ආගන්ත්වා එතෙසං කාතබ්බයුත්තකං කරිස්සන්තී”ති ආහ. මනුස්සා චොරරඤ්ඤො ආණං සුත්වා රාජානං සද්ධිං අමච්චෙහි පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා නික්ඛමිංසු. තස්මිම්පි කාලෙ සීලවමහාරාජා චොරරඤ්ඤො ආඝාතමත්තම්පි නාකාසි. තෙසුපි අමච්චෙසු එවං බන්ධිත්වා නීයමානෙසු එකොපි රඤ්ඤො වචනං භින්දිතුං සමත්ථො නාම නාහොසි. එවං සුවිනීතා කිරස්ස පරිසා. අථ තෙ රාජපුරිසා සාමච්චං සීලවමහාරාජානං ආමකසුසානං නෙත්වා ගලප්පමාණෙ ආවාටෙ ඛනිත්වා සීලවමහාරාජානං මජ්ඣෙ , උභොසු පස්සෙසු සෙසඅමච්චෙති එවං සබ්බෙපි ආවාටෙසු ඔතාරෙත්වා පංසුං ආකිරිත්වා ඝනං ආකොටෙත්වා අගමංසු. තදා සීලවමහාරාජා අමච්චෙ ආමන්තෙත්වා “චොරරඤ්ඤො උපරි කොපං අකත්වා මෙත්තං එව භාවෙථ, තාතා”ති ඔවදි.
කොසොල් රජු මහත් බල සෙනගින් යුතු බරණැස් නුවරට පිවිසියේය. එක ද සතුරකු නුදුටු ඔහු රජ මැදුරට ගොස් දොරවල් නො වැසූ නිවසනයෙහි සරසන ලද අසුනෙහි ඇමැතියන් පිරිවරා හුන් නිදොස් වූ සීලව මහරජුන් දහසක් ඇමැතියන් සමග අල්ලාගෙන තම සේනාවට මෙසේ අණ කළේය. යවු, මේ රජුත් ඇමැතියනුත් සමග පිටිතල දැඩිව බැඳ අමු සොහොනට ගෙන ගොස් ගෙල පමණ සිටින සේ වළ කැන යම් සේ එකකුවත් අතක් පවා එසවිය නො හැකි වේ ද එ සේ පස් දමා වළ දමනු. රාත්‍රියෙහි සිවල්ලු අවුත් මොවුන්ට කළ යුතු දෙය කරන්නාහ. මිනිස්සු රජුගේ අණ අසා රජුත් ඇමැතියන් සමග පිටතල බැඳ එක් කළහ. එකල්හි ද සීලව මහරජතුමා සතුරු රජුට වෛර මාත්‍රයක්වත් වෛර නො කළේය. ඇමැතියන් ද මෙසේ බැඳගෙන යන කල්හි එකකුවත් රජුගේ වචනය ඉක්මවීමට සමතකු නො වීය. සීලව රජුගේ පිරිස මනාව හික්මුණු අය වූහ. ඉක්බිති, රාජ පුරුෂයෝ සීලව රජු අමු සොහොනට ගෙන ගොස් ගෙල වටක් වළ කැන සීලව රජු මැද ද දෙපසෙහි සෙසු ඇමැතියන් ද සිටින සේ වළට බස්වා පස් දමා තද වන සේ කොටා ගියහ. සීලව රජ ඇමැතියන් අමතා දරුවනි, සතුරු රජු කෙරෙහි වෛර නො කොට මෙත් වඩව යි අවවාද කළේය.
අථ අඩ්ඪරත්තසමයෙ “මනුස්සමංසං ඛාදිස්සාමා”ති සිඞ්ගාලා ආගමිංසු. තෙ දිස්වා රාජා ච අමච්චා ච එකප්පහාරෙනෙව සද්දමකංසු, සිඞ්ගාලා භීතා පලායිංසු. තෙ නිවත්තිත්වා ඔලොකෙන්තා පච්ඡතො කස්සචි අනාගමනභාවං ඤත්වා පුන පච්චාගමිංසු. ඉතරෙපි තථෙව සද්දමකංසු. එවං යාවතතියං පලායිත්වා පුන ඔලොකෙන්තා තෙසු එකස්සපි අනාගමනභාවං ඤත්වා “වජ්ඣප්පත්තා එතෙ භවිස්සන්තී”ති සූරා හුත්වා නිවත්තිත්වා පුන තෙසු සද්දං කරොන්තෙසුපි න පලායිංසු. ජෙට්ඨකසිඞ්ගාලො රාජානං උපගඤ්ඡි, සෙසා සිඞ්ගාලා සෙසානං අමච්චානං සන්තිකං අගමංසු. උපායකුසලො රාජා තස්ස අත්තනො සන්තිකං ආගතභාවං ඤත්වා ඩංසිතුං ඔකාසං දෙන්තො විය ගීවං උක්ඛිපිත්වා තං ගීවාය ඩංසමානං හනුකට්ඨිකෙන ආකඩ්ඪිත්වා යන්තෙ පක්ඛිපිත්වා විය ගාළ්හං ගණ්හි, නාගබලෙන රඤ්ඤා හනුකට්ඨිකෙන ආකඩ්ඪිත්වා ගීවාය ගාළ්හං ගහිතසිඞ්ගාලො අත්තානං මොචෙතුං අසක්කොන්තො මරණභයතජ්ජිතො මහාවිරවං විරවි. අවසෙසා සිඞ්ගාලා තස්ස තං අට්ටස්සරං සුත්වා “එකෙන පුරිසෙන සුග්ගහිතො භවිස්සතී”ති අමච්චෙ උපසඞ්කමිතුං අසක්කොන්තා මරණභයතජ්ජිතා සබ්බෙ පලායිංසු. රඤ්ඤො හනුකට්ඨිකෙන දළ්හං කත්වා ගහිතසිඞ්ගාලෙ අපරාපරං සඤ්චරන්තෙ පංසු සිථිලා අහොසි. සොපි සිඞ්ගාලො මරණභයභීතො චතූහි පාදෙහි රඤ්ඤො උපරිභාගෙ පංසුං අපබ්යූහි, රාජා පංසුනො සිථිලභාවං ඤත්වා සිඞ්ගාලං විස්සජ්ජෙත්වා නාගබලො ථාමසම්පන්නො අපරාපරං සඤ්චරන්තො උභො හත්ථෙ උක්ඛිපිත්වා ආවාටමුඛවට්ටියං ඔලුබ්භ වාතච්ඡින්නවලාහකො විය නික්ඛමිත්වා ඨිතො අමච්චෙ අස්සාසෙත්වා පංසුං වියූහිත්වා සබ්බෙ උද්ධරිත්වා අමච්චපරිවුතො ආමකසුසානෙ අට්ඨාසි.
ඉක්බිති, මැදියම් රැයෙහි මිනී මස් කන්නෙමි යි සිවල්ලු පැමිණියෝය. ඔවුන් දැක රජ ද ඇමැතියෝ ද එක්වර ම ශබ්ද කළහ. සිවල්ලු බිය වී පලා ගියහ. ඔවුහු නැවතී බලන්නාහු, පසු පසින් කිසිවකු නො එනු දැක නැවතත් පැමිණියහ. එවර ද පෙර සේ මහා ශබ්ද කළහ. මෙසේ තෙවරක් පලාගොස් නැවත බලන්නාහු, ඔවුන් එකකුවත් නො එන බව දැන මොවුන් වදයට පත් කළ වූහ. එය දැන නැවත ශබ්ද කළ ද පලා නො ගියහ. දෙටු සිවලා රජු වෙත ළඟා වූහ. සෙස්සෝ සෙස්සන් වෙත ළඟා වූහ. උපාය දක්ෂ රජතුමා ඔහු ළඟට පැමිණි බව දැන ඩැහැ ගැනීමට ඉඩ දෙන්නාක් මෙන් ගෙල ඔසවා ගෙල ඩැහැගන්නා සමග ම හකු ඇටයෙන් ඇද යන්ත්‍රයක බහන්නාක් මෙන් ගත්තේය. ඇතකුගේ බලයෙන් රජ විසින් හකු ඇටයෙන් ඇද ගෙලෙන් දැඩිව අල්ලාගත් සිවලා තමා මිදීමට නො හැක්කේ මරණ බියෙන් මහ හඬින් කෑගැසීය. සෙසු සිවල්ලු ඔහුගේ මර හඬ අසා එක් පුරුෂයකු විසින් ගන්නා ලද්දේයැ යි ඇමැතින් වෙත ළං විය නො හැකිව මරණ බයෙන් තැතිගෙන පලා ගියහ. රජතුමාගේ හකු ඇටයෙන් තදකොට ගත් සිවලා ඒ මේ අතට දඟලන විට පස් බුරුල් විය. ඒ හිවලා ද මරණ බියෙන් බියපත් ව රජුගේ ඉහළ කොටස පා සතරින් කනින්නේ පස් ඉවත්විය. පස බුරුල් වූ බව දැනගත් පසු රජතුමා හිවලා අතහැර තමාගේ ඇත් බල ඇති ශක්ති සම්පන්න අත ඒ මේ හරවමින් දෙ අත් ඔසවා වළෙහි මුවවිටෙහි එළැඹී සුළඟින් දෙකඩ වූ වලාකුළක් මෙන් පිටතට අවුත් ඇමැතියන් අස්වසා පස් මෑත්කොට සියල්ලන් ගොඩගෙන ඇමැතියන් පිරිවරා අමු සොහොනෙහි සිටියේය.
තස්මිං සමයෙ මනුස්සා එකං මතමනුස්සං ආමකසුසානෙ ඡඩ්ඩෙන්තා ද්වින්නං යක්ඛානං සීමන්තරිකාය ඡඩ්ඩෙසුං. තෙ යක්ඛා තං මතමනුස්සං භාජෙතුං අසක්කොන්තා “න මයං ඉමං භාජෙතුං සක්කොම, අයං සීලවරාජා ධම්මිකො, එස නො භාජෙත්වා දස්සති, එතස්ස සන්තිකං ගච්ඡාමා”ති තං මතමනුස්සං පාදෙ ගහෙත්වා ආකඩ්ඪන්තා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “දෙව, අම්හාකං ඉමං මතකං භාජෙත්වා දෙහී”ති ආහංසු. “භො යක්ඛා, අහං ඉමං තුම්හාකං භාජෙත්වා දදෙය්යං, අපරිසුද්ධො පනම්හි, න්හායිස්සාමි තාවා”ති. යක්ඛා චොරරඤ්ඤො ඨපිතං වාසිතඋදකං අත්තනො ආනුභාවෙන ආහරිත්වා රඤ්ඤො න්හානත්ථාය අදංසු. න්හත්වා ඨිතස්ස සංහරිත්වා ඨපිතෙ චොරරඤ්ඤො සාටකෙ ආහරිත්වා අදංසු, තෙ නිවාසෙත්වා ඨිතස්ස චතුජ්ජාතියගන්ධසමුග්ගං ආහරිත්වා අදංසු, ගන්ධෙ විලිම්පිත්වා ඨිතස්ස සුවණ්ණසමුග්ගෙ මණිතාලවණ්ටෙසු ඨපිතානි නානාපුප්ඵානි ආහරිත්වා අදංසු. පුප්ඵානි පිළන්ධිත්වා ඨිතකාලෙ “අඤ්ඤං කිං කරොමා”ති පුච්ඡිංසු. රාජා අත්තනො ඡාතකාකාරං දස්සෙසි, තෙ ගන්ත්වා චොරරඤ්ඤො සම්පාදිතං නානග්ගරසභොජනං ආහරිත්වා අදංසු, රාජා න්හාතානුලිත්තො සුමණ්ඩිතප්පසාධිතො නානග්ගරසභොජනං භුඤ්ජි. යක්ඛා චොරරඤ්ඤො ඨපිතං වාසිතපානීයං සුවණ්ණභිඞ්කාරෙනෙව සුවණ්ණසරකෙනපි සද්ධිං ආහරිංසු. අථස්ස පානීයං පිවිත්වා මුඛං වික්ඛාලෙත්වා හත්ථෙ ධොවිත්වා ඨිතකාලෙ චොරරඤ්ඤො සම්පාදිතං පඤ්චසුගන්ධිකසුපරිභාවිතං තම්බූලං ආහරිත්වා අදංසු. තං ඛාදිත්වා ඨිතකාලෙ “අඤ්ඤං කිං කරොමා”ති පුච්ඡිංසු. ගන්ත්වා චොරරඤ්ඤො උස්සීසකෙ නික්ඛිත්තං මඞ්ගලඛග්ගං ආහරථාති. තම්පි ගන්ත්වා ආහරිංසු. රාජා තං ඛග්ගං ගහෙත්වා තං මතමනුස්සං උජුකං ඨපාපෙත්වා මත්ථකමජ්ඣෙ අසිනා පහරිත්වා ද්වෙ කොට්ඨාසෙ කත්වා ද්වින්නං යක්ඛානං සමවිභත්තමෙව විභජිත්වා අදාසි, දත්වා ච පන ඛග්ගං ධොවිත්වා සන්නය්හිත්වා අට්ඨාසි. අථ තෙ යක්ඛා මනුස්සමංසං ඛාදිත්වා සුහිතා හුත්වා තුට්ඨචිත්තා “අඤ්ඤං තෙ, මහාරාජ, කිං කරොමා”ති පුච්ඡිංසු. තෙන හි තුම්හෙ අත්තනො ආනුභාවෙන මං චොරරඤ්ඤො සිරිගබ්භෙ ඔතාරෙථ, ඉමෙ ච අමච්චෙ අත්තනො අත්තනො ගෙහෙසු පතිට්ඨාපෙථාති. තෙ “සාධු දෙවා”ති සම්පටිච්ඡිත්වා තථා අකංසු.
ඒ වෙලාවෙහි මිනිස්සු මළ මිනිසකු අමු සොහොනෙහි දමන්නාහු, යකුන් දෙදෙනෙකුට අයත් සීමා මැදට දැමූහ. ඒ යකුන් දෙදෙනා මළ සිරුර බෙදා ගැනීමට නො හැකිව අපට මෙය බෙදා ගැනීමට නො හැකිය. මේ සීලව රජු දැහැමිය. ඔහු අපට බෙදා දෙනු ඇතැ යි ඔහු ළඟට යමු යි මළ මිනිසා පාදයෙන් ගෙන අඳින්නාහු, රජු වෙත ගොස් දේවයිනි, මෙය අපට බෙදා දෙනු මැනවැ යි කීහ. පින්වත් යකුනි, මම මෙය ඔබට බෙදා දෙමි. එහෙත් මම අපිරිසිදු වෙමි. පළමුකොට ස්නානය කළයුතු වෙමි. එවිට යකුන් දෙදෙන සතුරු රජුට පිළියෙල කළ සුවඳවත් කළ ජලය තමන් ආනුභාවයෙන් ගෙනවුත් රජුට නෑම සඳහා දුන්හ. ඔවුහු සතුරු රජුට හැඳ පැළඳ ගැනීමට සැකසූ දෑ ගද සුවඳ ගෙනවුත් දුන්හ. සුවඳ ආලේපකොට සිටි රජුට සිව් දුගඳ සුමුගුවක් ගැල්වූ පසු රන් සුමුගුවක තැබූ නානා විධි මල් ගෙනවුත් දුන්හ. මල් පැළඳ සිටි කල්හි තවත් කුමක් කළ යුතුදැ යි විමසූහ. රජ තමාට කුසගිනි බවක් දැක්වීය. ඔවුහු ගොස් සතුරු රජුට සැකසූ විවිධ අග්‍ර රසයෙන් යුත් භෝජන එළවූහ. රජතුමා ස්නානකොට පවිත්‍ර ව සුවඳ ගල්වා නානාග්ර රස බොජුන් වැළඳීය. අනතුරුව යක්ෂයෝ සතුරු රජුට එළවූ සුවඳවත් කළ පැන් කෙණ්ඩිය හා බොන රන් බඳුනින් මුව දොවා අත් දොවා සිටි කල සතුරු රජුට සැකසූ සුවඳ බුලත් ගෙන ආහ. එය කා සිටි කල්හි වෙන කුමක් කරමුදැ යි ඇසූ කල්හි තොප ගොස් හිස ළඟ ඇති මඟුල් කඩුව ගෙන එව යි කීය. යක්ෂයෝ එය ද ගෙනවුත් දුන්හ. රජතුමා කඩුව ගෙන ඒ මළ මිනිය සෘජුව තබවා හිස මැදින් කඩුවෙන් ගසා දෙපලුකොට සතුන් දෙදෙනාට සම ව බෙදා දුන්නේය. එ සේ දී කඩුව සෝදා සන්නද්ධව සිටියේය. යක්ෂයෝ මිනී මස් කා අහරින් සංතෘප්තව සතුටු සිතින් මහරජතුමනි වෙනත් කුමක් කරමුදැ යි විමසූහ. එසේ නම් ඔබ ආනුභාවයෙන් මා සතුරු රජුගේ සිරියහන් ගැබෙහි තබවු. මේ ඇමැතියන් ද තම තමාගේ ගෙවලට ම ඇරලවු. යක්ෂයා මැනවි දේවයිනි යි සතුටින් පිළිගෙන එ සේ කළහ.
තස්මිං සමයෙ චොරරාජා අලඞ්කතසිරිගබ්භෙ සිරිසයනපිට්ඨෙ නිපන්නො නිද්දායති. රාජා තස්ස පමත්තස්ස නිද්දායන්තස්ස ඛග්ගතලෙන උදරං පහරි. සො භීතො පබුජ්ඣිත්වා දීපාලොකෙන සීලවමහාරාජානං සඤ්ජානිත්වා සයනා උට්ඨාය සතිං උපට්ඨපෙත්වා ඨිතො රාජානං ආහ “මහාරාජ, එවරූපාය රත්තියා ගහිතාරක්ඛෙ පිහිතද්වාරෙ භවනෙ ආරක්ඛමනුස්සෙහි නිරොකාසෙ ඨානෙ ඛග්ගං සන්නය්හිත්වා අලඞ්කතපටියත්තො කථං නාම ත්වං ඉමං සයනපිට්ඨං ආගතොසී”ති. රාජා අත්තනො ආගමනාකාරං සබ්බං විත්ථාරතො කථෙසි. තං සුත්වා චොරරාජා සංවිග්ගමානසො “මහාරාජ, අහං මනුස්සභූතොපි සමානො තුම්හාකං ගුණෙ න ජානාමි, පරෙසං ලොහිතමංසඛාදකෙහි පන කක්ඛළෙහි ඵරුසෙහි යක්ඛෙහි තව ගුණා ඤාතා, න දානාහං, නරින්ද , එවරූපෙ සීලසම්පන්නෙ තයි දුබ්භිස්සාමී”ති ඛග්ගං ආදාය සපථං කත්වා රාජානං ඛමාපෙත්වා මහාසයනෙ නිපජ්ජාපෙත්වා අත්තනා ඛුද්දකමඤ්චකෙ නිපජ්ජිත්වා පභාතාය රත්තියා උට්ඨිතෙ සූරියෙ භෙරිං චරාපෙත්වා සබ්බසෙනියො ච අමච්චබ්රාහ්මණගහපතිකෙ ච සන්නිපාතාපෙත්වා තෙසං පුරතො ආකාසෙ පුණ්ණචන්දං උක්ඛිපන්තො විය සීලවරඤ්ඤො ගුණෙ කථෙත්වා පරිසමජ්ඣෙයෙව පුන රාජානං ඛමාපෙත්වා රජ්ජං පටිච්ඡාපෙත්වා “මහාරාජ, ඉතො පට්ඨාය තුම්හාකං උප්පන්නො චොරූපද්දවො මය්හං භාරො, මයා ගහිතාරක්ඛා තුම්හෙ රජ්ජං කරොථා”ති වත්වා පෙසුඤ්ඤකාරකස්ස ආණං කාරෙත්වා අත්තනො බලවාහනං ආදාය සකරට්ඨමෙව ගතො.
ඒ වෙලාවෙහි සතුරු රජු සිරියහන් ගැබෙහි මාහැඟි යහනෙහි වැඳහෙව නිදයි. බරණැස් රජු බමන මතින් නිදන සතුරු රජුගේ උදරයට කඩු තලයෙන් ගැසීය. ඔහු බයින් පිබිදී පහන් එළියෙන් සීලව රජ හැඳින සයනයෙන් නැඟිට සිහි එළවා සිට රජුගෙන් මෙසේ ඇසීය. මහරජ, මෙබඳු රැයෙහි රැකවල් යෙදූ වැසූ දොරවල් ඇති මැදුරෙහි ආරක්ෂක පුරුෂයන්ගෙන් තොර නො වූ මෙතැන කඩුව දරා සිව් බරණින් සැරසී මේ යහන් ගැබට කෙසේ නම් පැමිණියේ ද? එවිට සීලව රජතුමා එතැනට පැමිණි ආකාරය සවිස්තරව කීය. ඒ ඇසූ සතුරු රජ සංවේගයට පත් සිත් ඇතිව මහරජතුමනි, මම මිනිසකුවත්ව ඔබතුමන්ගේ ගුණ නො දනිමි. මෙරමා මස් ලේ බුදින ඉතා රළු දරුණු යකුන් විසින් ඔබ ගුණ දන්නා ලද්දේය. රජතුමා දැන් මම මෙබඳු සිල්වත් ඔබ කෙරෙහි ද්‍රෝහී නො වන්නෙමි යි කඩුව ගෙන දිවුරා සීලව කමා කැරවා මහා සයනෙහි සතපවා තමා කුඩා ඇඳක සැතපී රාත්‍රිය ගෙවී හිරු උදා වූ කල්හි බෙර හසුරුවා සියලු බල සෙනග ද ඇමැති බමුණු ගැහැවියන් රැස් කැරවා ඔවුන් ඉදිරියෙහි අහසෙහි පුන්සඳ වන්නාක් මෙන් සීලව රජුගේ ගුණ කියා පිරිස් මැද ම නැවත රජු කමා කැරවා රාජ්‍යය නැවත පිළිගන්වා මින් පසු ඔබට ඇතිවන සතුරු බිය මට භාරය. මා විසින් ආරක්ෂා කරනු ලබන රාජ්‍යය කැර ගෙන යනු මැනවැ යි කියා කේලාම් කී පුරුෂයාට රාජාඥාව පනවා තමාගේ බල සෙනග රැගෙන සිය රටට ම ගියේය.
සීලවරාජාපි ඛො අලඞ්කතපටියත්තො සෙතච්ඡත්තස්ස හෙට්ඨා සරභපාදකෙ කඤ්චනපල්ලඞ්කෙ නිසින්නො අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා “අයඤ්ච එවරූපා සම්පත්ති අමච්චසහස්සස්ස ච ජීවිතපටිලාභො මයි වීරියං අකරොන්තෙ න කිඤ්චි අභවිස්ස, වීරියබලෙන පනාහං නට්ඨඤ්ච ඉමං යසං පටිලභිං, අමච්චසහස්සස්ස ච ජීවිතදානං අදාසිං, ආසච්ඡෙදං වත අකත්වා වීරියමෙව කත්තබ්බං. කතවීරියස්ස හි ඵලං නාම එවං සමිජ්ඣතී”ති චින්තෙත්වා උදානවසෙන ඉමං ගාථමාහ –
සීලව මහරජතුමා ද සිව් බරණින් සැරසී, සේසත යට පනවන ලද ව්යාඝ්ර පාද යෙදූ රන්මුවා පළඟෙහි හිඳ තමාගේ මහත් සම්පත් බලා මා උත්සාහ නො කළේ නම් මේ මහා සම්පත ද දහසක් ඇමැතියන්ගේ ජීවිත ප්‍රතිලාභය ද යන කිසිවක් නො වන්න තිබිණි. උත්සාහය නිසා නැතිවී ගිය මේ මහා සම්පත නැවත ලැබීමි. දහසක් ඇමැතියන්ගේ ජීවිත ද ලබා දුනිමි. එනිසා ඒකාන්තයෙන් ඉච්ඡාභංගය නො කොට උත්සාහ ම කළ යුතුයි. උත්සාහ කළ අයට ප්‍රතිඵල සඵල වන්නේමැ යි සිතා ප්‍රීති වාක්‍යය වශයෙන් මේ ගාථාව කීහ.
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහූ”ති.
“ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහූති”
“පුරුෂ තෙමේ ක්‍රියාවෙහි ඵලය දක්වා ආශා කරන්නේය. නුවණැත්තේ උකටලී නො වන්නේය. මා යම් සේ කැමැති වී ද එසේ ම සිදුවිය. එ සේ වූ මම දකිමි.”
තත්ථ ආසීසෙථෙවාති “එවාහං වීරියං ආරභන්තො ඉමම්හා දුක්ඛා මුච්චිස්සාමී”ති අත්තනො වීරියබලෙන ආසං කරොථෙව. න නිබ්බින්දෙය්ය පණ්ඩිතොති පණ්ඩිතො උපායකුසලො යුත්තට්ඨානෙ වීරියං කරොන්තො “අහං ඉමස්ස වීරියස්ස ඵලං න ලභිස්සාමී”ති න උක්කණ්ඨෙය්ය, ආසච්ඡෙදං කරෙය්යාති අත්ථො. පස්සාමි වොහං අත්තානන්ති එත්ථ වොති නිපාතමත්තං , අහං අජ්ජ අත්තානං පස්සාමි. යථා ඉච්ඡිං තථා අහූති අහඤ්හි ආවාටෙ නිඛාතො තම්හා දුක්ඛා මුච්චිත්වා පුන අත්තනො රජ්ජසම්පත්තිං ඉච්ඡිං, සො අහං ඉමං සම්පත්තිං පත්තං අත්තානං පස්සාමි. යථෙවාහං පුබ්බෙ ඉච්ඡිං, තථෙව මෙ අත්තා ජාතොති. එවං බොධිසත්තො “අහො වත භො සීලසම්පන්නානං වීරියඵලං නාම සමිජ්ඣතී”ති ඉමාය ගාථාය උදානං උදානෙත්වා යාවජීවං පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
එහි, “ආසිංසෙථෙව” මා මෙසේ උත්සාහය ආරම්භ කරන්නේ මේ දුකින් මිදෙමි යි තමාගේ වීර්යය බලය පිළිබඳ ආශා කළයුතුමය. “න නිබ්බින්දෙය්ය පණ්ඩිතො” උපායෙන් දක්ෂ නුවණැත්තා සුදුසු තැන වීර්යය කරමින් මම මේ උත්සාහයෙහි ප්‍රතිඵලය නො ලබමි යි පසුතැවිලි නො වන්නේ ය. උත්සාහය පිළිබඳ ආශාව අත් නො හරින්නේය යන අර්ථයයි. “පස්සාමි වොහං අත්තානං” මෙහි “වො” යන නිපාතයි. විශේෂ අරුතක් නැත. මම අද තමා දකිමි. “යථා ඉච්ඡිං තථා අහූති” මම වළෙහි ගිලී සිටිය ද ඒ දුකින් මිදී නැවත තමාට අයත් රාජ්‍යයට පැමිණීම කැමති වීමි. මම ඒ සම්පතට පැමිණි තමා දකිමි. යම් සේ මම මුලින් කැමැති වී ද ඒ අයුරින් ම පැමිණියේ ය. මෙසේ බෝසත්හු අහෝ පින්වත්නි, සිල්වතුන්ගේ වීර්යය ඵලය නම් ඉටුවන්නේමැ යි මේ ගාථාවෙන් උදන් අනා දිවි ඇතිතාක් පිංකොට කම් වූ පරිදි මිය ගියහ.
සත්ථාපි ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ ඔස්සට්ඨවීරියො භික්ඛු අරහත්තෙ පතිට්ඨාසි. සත්ථා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා පදුට්ඨාමච්චො දෙවදත්තො අහොසි, අමච්චසහස්සං බුද්ධපරිසා, සීලවමහාරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජහු මේ මේ ජාතක ධර්ම දේශනය ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. සිව්සස් කෙළවර විරිය හළ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. බුදුරජහු අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එදා දුෂ්ට ඇමැතියා දෙව්දත් විය. ඇමැතියන් දහස බුදුපිරිසය. සීලව මහරජ මම ම වීමි.
මහාසීලවජාතකවණ්ණනා පඨමා.