යෙදුමෙන් කියවන්න

10. දුම‍්මෙධජාතකවණ‍්ණනා 50 අට‍්ඨකථා

10. දුම‍්මෙධජාතකවණ‍්ණනා (50)

10. දුම්මේධ ජාතකය (50)

දුම‍්මෙධානන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලොකත්‍ථචරියං ආරබ‍්භ කථෙසි. සා ද‍්වාදසකනිපාතෙ මහාකණ‍්හජාතකෙ (ජා· 1.12.61 ආදයො) ආවි භවිස‍්සති.

“දුම්මෙධානං” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ලෝකාර්ථ චර්යාව අරබයා වදාළහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තස‍්ස නාමග‍්ගහණදිවසෙ “බ්‍රහ‍්මදත‍්තකුමාරො”ති නාමං අකංසු. සො සොළසවස‍්සුද‍්දෙසිකො හුත්‍වා තක‍්කසිලායං සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා තිණ‍්ණං වෙදානං පාරං ගන‍්ත්‍වා අට‍්ඨාරසන‍්නං විජ‍්ජට‍්ඨානානං නිප‍්ඵත‍්තිං පාපුණි, අථස‍්ස පිතා ඔපරජ‍්ජං අදාසි. තස‍්මිං සමයෙ බාරාණසිවාසිනො දෙවතාමඞ‍්ගලිකා හොන‍්ති, දෙවතා නමස‍්සන‍්ති, බහූ අජෙළකකුක‍්කුටභූකරාදයො වධිත්‍වා නානප‍්පකාරෙහි පුප‍්ඵගන්‍ධෙහි චෙව මංසලොහිතෙහි ච බලිකම‍්මං කරොන‍්ති. බොධිසත‍්තො චින‍්තෙසි “ඉදානි සත‍්තා දෙවතාමඞ‍්ගලිකා, බහුං පාණවධං කරොන‍්ති, මහාජනො යෙභුය්‍යෙන අධම‍්මස‍්මිංයෙව නිවිට‍්ඨො, අහං පිතු අච‍්චයෙන රජ‍්ජං ලභිත්‍වා එකම‍්පි අකිලමෙත්‍වා උපායෙනෙව පාණවධං කාතුං න දස‍්සාමී”ති. සො එකදිවසං රථං අභිරුය‍්හ නගරා නික‍්ඛන‍්තො අද‍්දස එකස‍්මිං මහන‍්තෙ වටරුක‍්ඛෙ මහාජනං සන‍්නිපතිතං, තස‍්මිං රුක‍්ඛෙ නිබ‍්බත‍්තදෙවතාය සන‍්තිකෙ පුත‍්තධීතුයසධනාදීසු යං යං ඉච‍්ඡති, තං තං පත්‍ථෙන‍්තං. සො තං දිස‍්වා රථා ඔරුය‍්හ තං රුක‍්ඛං උපසඞ‍්කමිත්‍වා ගන්‍ධපුප‍්ඵෙහි පූජෙත්‍වා උදකෙන අභිසෙකං කත්‍වා රුක‍්ඛං පදක‍්ඛිණං කත්‍වා දෙවතාමඞ‍්ගලිකො විය හුත්‍වා දෙවතං නමස‍්සිත්‍වා රථං අභිරුය‍්හ නගරං පාවිසි. තතො පට‍්ඨාය ඉමිනාව නියාමෙන අන‍්තරන‍්තරෙ තත්‍ථ ගන‍්ත්‍වා දෙවතාමඞ‍්ගලිකො විය පූජං කරොති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. මව් කුසින් නික්මුණු ඔහුට නම් තබන දවසෙහි බ්‍රහ්මදත්ත කුමරා යි නම් කළහ. කුමරා සොළොස් වියට පත් ව තක්සලාවෙහි සිප්සතර හදාරා ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් අටළොස් විද්‍යාවන්හි කෙළවරට පත්වූහ. ඉක්බිති, ඔහුගේ පියා කුමරුන්ට යුව රජ පදවිය දුන්නේය. එකල බරණැස් නුවර වැසියෝ දෙවියන් යදින්නෝ වූහ. දෙවියන් වඳිත්. බොහෝ එළු, බැටළු, කුකුල්, ඌරු ආදී සතුන් මරා නන් වැදෑරුම් සුවඳ දුම් මල් ආදියෙන් ද මල් ලේවලින් ද බිලි පූජා කරත්. බෝසත්හු මෙසේ සිතූහ. දැන් මිනිස්සු දෙවියන් යදිත්. බොහෝ අන්ත වධ කරත්. මහජනයා බෙහෙවින් දුසිරිතෙහි ගැලී සිටී. මම පියා ඇවෑමෙන් රාජ්‍යය ලැබ එකකුවත් නො වෙහෙසා උපායෙන් ම ප්‍රාණ වධ කිරීමට ඉඩ නො දෙන්නෙමි. ඔහු දිනක් රියට නැඟී නගරයෙන් නික්මෙන්නේ එක් නුග ගසක් අබියෙස මහජනයා රැස්ව සිටිනු දුටුවේය. එම ගසෙහි උපන් දෙවියාගේ ඉදිරියෙහි තමතමන් කැමැති දූපුතුන්, යසඉසුරු පතා බිලි පූජා කරන්නවුන් විය. කුමරා ද රියෙන් බැස ගස ළඟට ගොස් සුවඳ මලින් පුදා පැන් ඉස ගස පැදකුණුකොට දෙවියන් යදින්නකු වී දෙවියන් නැමැද රථයට නැඟී නගරයට ම ගියහ. එතැන් පටන් බෝසත්හු මේ ආකාරයෙන් වරින්වර එහි ගොස් දෙවියන් යදින්නකු මෙන් පූජා පවත්වති.

සො අපරෙන සමයෙන පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය චතස‍්සො අගතියො වජ‍්ජෙත්‍වා දස රාජධම‍්මෙ අකොපෙන‍්තො ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො චින‍්තෙසි “මය‍්හං මනොරථො මත්‍ථකං පත‍්තො, රජ‍්ජෙ පතිට‍්ඨිතොම‍්හි. යං පනාහං පුබ‍්බෙ එකං අත්‍ථං චින‍්තයිං, ඉදානි තං මත්‍ථකං පාපෙස‍්සාමී”ති අමච‍්චෙ ච බ්‍රාහ‍්මණගහපතිකාදයො ච සන‍්නිපාතාපෙත්‍වා ආමන‍්තෙසි “ජානාථ භො මයා කෙන කාරණෙන රජ‍්ජං පත‍්ත”න‍්ති? “න ජානාම, දෙවා”ති. “අපි වොහං අසුකං නාම වටරුක‍්ඛං ගන්‍ධාදීහි පූජෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා නමස‍්සමානො දිට‍්ඨපුබ‍්බො”ති. “ආම, දෙවා”ති. තදාහං පත්‍ථනං අකාසිං “සචෙ රජ‍්ජං පාපුණිස‍්සාමි, බලිකම‍්මං තෙ කරිස‍්සාමී”ති. “තස‍්සා මෙ දෙවතාය ආනුභාවෙන ඉදං රජ‍්ජං ලද‍්ධං, ඉදානිස‍්සා බලිකම‍්මං කරිස‍්සාමි, තුම‍්හෙ පපඤ‍්චං අකත්‍වා ඛිප‍්පං දෙවතාය බලිකම‍්මං සජ‍්ජෙථා”ති. “කිං කිං ගණ‍්හාම, දෙවා”ති? භො අහං දෙවතාය ආයාචමානො “යෙ මය‍්හං රජ‍්ජෙ පාණාතිපාතාදීනි පඤ‍්ච දුස‍්සීලකම‍්මානි දස අකුසලකම‍්මපථෙ සමාදාය වත‍්තිස‍්සන‍්ති, තෙ ඝාතෙත්‍වා අන‍්තවට‍්ටිමංසලොහිතාදීහි බලිකම‍්මං කරිස‍්සාමී”ති ආයාචිං. තස‍්මා තුම‍්හෙ එවං භෙරිං චරාපෙථ “අම‍්හාකං රාජා උපරාජකාලෙයෙව එවං ආයාචි ‘සචාහං රජ‍්ජං පාපුණිස‍්සාමි, යෙ මෙ රජ‍්ජෙ දුස‍්සීලා භවිස‍්සන‍්ති, තෙ සබ‍්බෙ ඝාතෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමී’ති, සො ඉදානි පඤ‍්චවිධං දුස‍්සීලකම‍්මං දසවිධං අකුසලකම‍්මපථං සමාදාය වත‍්තමානානං දුස‍්සීලානං සහස‍්සං ඝාතෙත්‍වා තෙසං හදයමංසාදීනි ගාහාපෙත්‍වා දෙවතාය බලිකම‍්මං කාතුකාමො, එවං නගරවාසිනො ජානන‍්තූ”ති. එවඤ‍්ච පන වත්‍වා “යෙදානි ඉතො පට‍්ඨාය දුස‍්සීලකම‍්මෙ වත‍්තිස‍්සන‍්ති, තෙසං සහස‍්සං ඝාතෙත්‍වා යඤ‍්ඤං යජිත්‍වා ආයාචනතො මුච‍්චිස‍්සාමී”ති එතමත්‍ථං පකාසෙන‍්තො ඉමං ගාථමාහ –

පසු කලෙක බෝසත්හු පියාගේ ඇවෑමෙන් රජ පදවියෙහි පිහිටා සිව් අගතිායෙන් තොරව දශරාජ ධර්ම නො ඉක්මවා දැහැමින් රාජ්‍යය කරවන්නාහු, මෙසේ සිතූහ. මගේ මනදොළ පිරිණි. රාජ්‍යයෙහි පිහිටමින් මම පෙර එක් කරුණක් ගැන සිතීමි. දැන් ඒ අදහස මුදුන් පමුණුවා ගන්නෙමි යි ඇමතියන්, බමුණන්, ගෘහපතියන් එක් රැස් කරවා ඔවුන් ඇමතූහ. පින්වත්නි, මා රාජ්‍යයට පත් වූයේ කවර කරුණකින් ද යන්න දන්නහු ද? දේවයිනි, නො දනිමි. මම අසවල් නුග ගස අබියෙස සුවඳ මලින් පුදා ඇඳිලි බැඳ වැඳීමෙන් සිටිනු දුටු විරූ ද? එ සේය දේවයිනි, ඉදින්, මට රාජ්‍යය ලැබෙන්නේ නම් ඔබට බිලි පූජාවක් කරමියි පැතීමක් කළෙමි. මා මේ රාජ්‍යය ලැබුවේ දෙවියාගේ බලයෙනි. දැන් ඔහුට බිලි පූජාව කරන්නට තොපි ප්‍රමාද නො වී බිලි පූජාව පිළියෙල කරව්. දේවයිනි, ඒ සඳහා කවර කවර දේ ගනිමු ද? පින්වත්නි, මම දේවතාවාට ආයාචනා කරන්නේ, යමකු මගේ රාජ්‍යයෙහි සතුන් මැරීම ආදී පස් දුසිල් කම් කැරෙමින් දශ අකුසල මඟෙහි යන්නේ නම් ඔවුන් මරා ඔවුන්ගේ අතුනුබහන්, ලේ, මස් ආදියෙන් බිලි පූජාවක් කරන්නෙමි යි දෙවියාට භාර වීමි. දැන් ඔබලා මෙසේ බෙර හසුරුවනු. අප රජු යුව රජ කල මෙබඳු භාරයක් විය. මම රජ වන්නෙම් නම් මගේ රාජ්‍යය තුළ දුසිල්හු වෙත් ද ඒ සියල්ලන් මරා බිලි පූජාවක් කරන්නෙමි. අප රජු දැන් පස් පව්, දශ අකුසල් කරන්නවුන් දහසක් මරා ඔවුන්ගේ හෘදය, මාංශාදිය ගෙන්වා බිලිපූජාවක් දේවතාවාට කරනු කැමැත්තේය. නගර වැසියෝ මේ කරුණ දැන ගනිත්වා. එබන්දන් දහසක් මරා යාගයක් කොට භාරයෙන් මිදෙන්නෙමි. ඒ බව ප්‍රකාශ කරන්නේ මේ ගාථාව කීය.

“දුම‍්මෙධානං සහස‍්සෙන, යඤ‍්ඤො මෙ උපයාචිතො; ඉදානි ඛොහං යජිස‍්සාමි, බහු අධම‍්මිකො ජනො”ති.

“දුම්මෙධානං සහස්සෙන යඤ්ඤො මෙ උපයාචිතො, ඉදානි ඛො හං යජිස්සාමි බහූ අධම්මිකො ජනොති”

“නුවණ නැති මිනිසුන් දහසකින් යාගයක් කරමි යි දෙවියන්ට මම භාර වීමි. මම දැන් යාගය කරන්නෙමි. මක් නිසා ද යත්, බොහෝ ජනයා අධාර්මික බැවිනි.”

තත්‍ථ දුම‍්මෙධානං සහස‍්සෙනාති “ඉදං කම‍්මං කාතුං වට‍්ටති, ඉදං න වට‍්ටතී”ති අජානනභාවෙන, දසසු වා පන අකුසලකම‍්මපථෙසු සමාදාය වත‍්තනභාවෙන දුට‍්ඨා මෙධා එතෙසන‍්ති දුම‍්මෙධා, තෙසං දුම‍්මෙධානං නිප‍්පඤ‍්ඤානං බාලපුග‍්ගලානං ගණිත්‍වා ගහිතෙන සහස‍්සෙන. යඤ‍්ඤො මෙ උපයාචිතොති මයා දෙවතං උපසඞ‍්කමිත්‍වා “එවං යජිස‍්සාමී”ති යඤ‍්ඤො යාචිතො. ඉදානි ඛොහං යජිස‍්සාමීති සො අහං ඉමිනා ආයාචනෙන රජ‍්ජස‍්ස පටිලද‍්ධත‍්තා ඉදානි යජිස‍්සාමි. කිංකාරණා? ඉදානි හි බහු අධම‍්මිකො ජනො, තස‍්මා ඉදානෙව නං ගහෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමීති.

එහි, “දුම්මෙධානං සහස්සෙන” මේ ක්‍රියා කරන්න වටී, මේ ක්‍රියාව කරන්න නො වටී යි නො දන්නා බැවින් හෝ දශ අකුසල් කර්ම මාර්ගයෙහි ගමන් කරන බැවින් හෝ දූෂිත ඥානය මොවුන්ට ඇත්තේ, “දුම්මෙධ” නමි. එබඳු නුවණ නැත්තන් ගැන ගන්නවුන් දහසකින්, “යඤ්ඤො මෙ උපයාචිතො” මා විසින් දෙවියා වෙත එළැඹ මෙබඳු යාගයක් කරන්නෙමි යි යාගයක් ඉල්ලා සිටින ලදි. “ඉදානි ඛො හං යජිස්සාමි” ඒ මම බාර ගත් රාජ්‍යය ලබා ගත් නිසා දැන් ඒ බිලි පූජාව කරන්නෙමි. මක් නිසා ද යත්, දැන් ජනයා නො දැහැමිය. එම නිසා දැන් මම ඒ නො දැහැමියන් ගෙන බිලි පූජාව කරන්නෙමි.

අමච‍්චා බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා “සාධු, දෙවා”ති ද‍්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ භෙරිං චරාපෙසුං. භෙරියා ආණං සුත්‍වා එකම‍්පි දුස‍්සීලකම‍්මං සමාදාය ඨිතො එකපුරිසොපි නාහොසි. ඉති යාව බොධිසත‍්තො රජ‍්ජං කාරෙසි, තාව එකපුග‍්ගලොපි පඤ‍්චසු දසසු වා දුස‍්සීලකම‍්මෙසු එකම‍්පි කම‍්මං කරොන‍්තො න පඤ‍්ඤායිත්‍ථ. එවං බොධිසත‍්තො එකපුග‍්ගලම‍්පි අකිලමෙන‍්තො සකලරට‍්ඨවාසිනො සීලං රක‍්ඛාපෙත්‍වා සයම‍්පි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ජීවිතපරියොසානෙ අත‍්තනො පරිසං ආදාය දෙවනගරං පූරෙන‍්තො අගමාසි.

ඇමැතියෝ බෝසතුන්ගේ වචනය අසා දේවයිනි, ඉතා මැනවැ යි දොළොස් යොදුනක් වූ බරණැස් නුවර බෙර හැසිර වූහ. බෙරයෙහි ආඥාව අසා දුසිල් කම් කළ එක ද පුරුෂකු නො වීය. යම් තාක් කලක් බෝසත්හු රාජ්‍යය කළෝ ද ඒ තාක් කල් එක් පුද්ගලයකුවත් පස් පව් හෝ දශ අකුසල් එකක් හෝ කළ පුද්ගලයකු නොවීය. මෙසේ බෝසත්හු එක පුද්ගලයකු හෝ නො වෙහෙසවා සියලු රට වැසියන් සිල් රක්කවා තුමූ ද දානාදී පිංකොට දිවි කෙළවර තමන්ගේ පිරිස රැගෙන දෙවි නුවර පුරවමින් ගියහ.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව ලොකස‍්ස අත්‍ථං චරති, පුබ‍්බෙපි චරියෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදාපරිසා බුද‍්ධපරිසා අහෙසුං, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මහණෙනි, තථාගතයෝ ලෝකාර්ථයෙහි යෙදුණෝ දැන් පමණක් නො වෙති. පෙර ද යෙදුනාහුමැ යි ධර්ම දේශනාව ගෙනහැර අනුසන්ධි ගළපා ජාතක කතාව නිමවූහ. එදා පිරිස බුදු පිරිස මය. බරණැස් රජ වනාහි මම ම වීමි.

දුම‍්මෙධජාතකවණ‍්ණනා දසමා.

අත්‍ථකාමවග‍්ගො පඤ‍්චමො.

පස් වැනි අර්ථකාම වර්ගයයි.

තස‍්සුද‍්දානං –

ලොසකතිස‍්සකපොත, වෙළුකං මකසම‍්පි ච; රොහිණී ආරාමදූසං, වාරුණීදූසවෙදබ‍්බං; නක‍්ඛත‍්තං දුම‍්මෙධං දසාති.

පඨමො පණ‍්ණාසකො.

පළමු පණස නිමියේය.