9. නක්ඛත්තජාතකවණ්ණනා 49 අට්ඨකථා
9. නක්ඛත්තජාතකවණ්ණනා (49)
9. නක්ඛත්ත ජාතකය (49)
නක්ඛත්තං පතිමානෙන්තන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං ආජීවකං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිරෙකං කුලධීතරං ජනපදෙ එකො කුලපුත්තො අත්තනො පුත්තස්ස වාරෙත්වා “අසුකදිවසෙ නාම ගණ්හිස්සාමී”ති දිවසං ඨපෙත්වා තස්මිං දිවසෙ සම්පත්තෙ අත්තනො කුලූපකං ආජීවකං පුච්ඡි “භන්තෙ, අජ්ජ මයං එකං මඞ්ගලං කරිස්සාම, සොභනං නු ඛො නක්ඛත්ත”න්ති. සො “අයං මං පඨමං අපුච්ඡිත්වාව දිවසං ඨපෙත්වා ඉදානි පටිපුච්ඡති, හොතු, සික්ඛාපෙස්සාමි න”න්ති කුජ්ඣිත්වා “අජ්ජ අසොභනං නක්ඛත්තං, මා අජ්ජ මඞ්ගලං කරිත්ථ, සචෙ කරිස්සථ, මහාවිනාසො භවිස්සතී”ති ආහ. තස්මිං කුලෙ මනුස්සා තස්ස සද්දහිත්වා තං දිවසං න ගච්ඡිංසු. නගරවාසිනො සබ්බං මඞ්ගලකිරියං කත්වා තෙසං අනාගමනං දිස්වා “තෙහි අජ්ජ දිවසො ඨපිතො, නො ච ඛො ආගතා, අම්හාකම්පි බහු වයකම්මං කතං, කිං නො තෙහි, අම්හාකං ධීතරං අඤ්ඤස්ස දස්සාමා”ති යථාකතෙනෙව මඞ්ගලෙන ධීතරං අඤ්ඤස්ස කුලස්ස අදංසු.
“නක්ඛත්තං පතිමානෙත්තන්ති” යන මේ ජාතකය බුදුරජුන් දෙව්රම් වෙහෙර වසන සේක්, එක්තරා ආජීවකයකු අරබයා දේශනා කළහ. සැවැත් නුවර එක් කුල පුත්‍රයෙක් තමාගේ පුත්‍රයාට ජනපදයෙහි එක් කුල දුවක කැමැති කැරවා අසුවල් දින ගන්නෙමි යි දින නියමකොට නියම දිනය පැමිණි කල්හි, හේ තම කුලුපග ආජීවකයකුගෙන් විමසා ස්වාමීනි, අද අපි මඟුලක් කරන්නෙමු නැකත සුදුසුදැ යි විමසීය. ඔහු ද මොහු පළමු ව මගෙන් නො විමසා දිනය නියමකොට දැන් විමසයි. හොඳයි. මොහු හික්ම වන්නෙමි යි සිතා අද ඉතා අශුභ දිනයකි. අද විවාහ මංගල්‍යය සිදු කළහොත් මහත් විනාශයක් වන්නේයැ යි කීය. ඒ පවුලෙහි මිනිස්සු ඔහුගේ කටයුතු සූදානම්කොට ඔවුන් නො එන බව දැන ඔවුන් විසින් ම දිනය නියම කරන ලදි. එහෙත් නො ආවෝය. අපට ද බොහෝ මුදල් වියදම් විය. ඔවුන්ගෙන් ඇති වැඩය කුමක් ද? අපේ දුව වෙන අයකු හට දෙමු යි පිළිවෙල කළ උත්සවයෙන් ම දුව අන් අයකුට දුන්හ.
ඉතරෙ පුනදිවසෙ ආගන්ත්වා “දෙථ නො දාරික”න්ති ආහංසු. අථ නෙ සාවත්ථිවාසිනො “ජනපදවාසිනො නාම තුම්හෙ ගහපතිකා පාපමනුස්සා දිවසං ඨපෙත්වා අවඤ්ඤාය න ආගතා, ආගතමග්ගෙනෙව පටිගච්ඡථ , අම්හෙහි අඤ්ඤෙසං දාරිකා දින්නා”ති පරිභාසිංසු. තෙ තෙහි සද්ධිං කලහං කත්වා දාරිකං අලභිත්වා යථාගතමග්ගෙනෙව ගතා. තෙනපි ආජීවකෙන තෙසං මනුස්සානං මඞ්ගලන්තරායස්ස කතභාවො භික්ඛූනං අන්තරෙ පාකටො ජාතො. තෙ භික්ඛූ ධම්මසභායං සන්නිපතිතා “ආවුසො, ආජීවකෙන කුලස්ස මඞ්ගලන්තරායො කතො”ති කථයමානා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි. තෙ “ඉමාය නාමා”ති කථයිංසු. “න, භික්ඛවෙ, ඉදානෙව ආජීවකො තස්ස කුලස්ස මඞ්ගලන්තරායං කරොති, පුබ්බෙපි එස තෙසං කුජ්ඣිත්වා මඞ්ගලන්තරායං අකාසියෙවා”ති වත්වා අතීතං ආහරි.
අනෙක් අය දෙවැනි දවසෙහි අවුත් තොපගේ දුව දෙව යි කියා සිටියහ. සැවැත් නුවර වාසීහු දනව් වැසි ඔබ ගැහැවියෝය. පවිටු අදහස් ඇත්තෝය. දවස නියමකොට නො දන්වා නො පැමිණියෝය. ආ ගමනින් ම ආපසු යවු. අප විසින් දැරිය අනිකකු හට දෙන ලද්දීයැ යි අපහාස කළහ. ඔවුහු ඔවුන් සමග කලහකොට ආ මඟින් ම ආපසු ගියහ. ආජීවකයා විසින් ඒ මිනිසුන්ගේ මංගල්‍යයට අනතුරක් කළ බව භික්ෂූන් අතර පැතිර ගියේය. ඒ භික්ෂූහු දම් සභාවෙහි රැස්වූවාහු. ඇවැත්නි, ආජීවකයා විසින් කුලයක මංගල අන්තරාය කරන ලද්දේයැ යි කථා කරමින් හුන්හ. බුදුරජහු වැඩ මහණෙනි, කවර කථාවෙකින් හුන්නාහුදැ යි විමසූහ. ඔවුහු මේ කථාවෙනැ යි කීහ. මේ ආජීවකයා මංගල අන්තරාය කළේ දැන් පමණක් නො වේ. පෙරත් මොහු ඔවුන්ට කිපී මංගල අන්තරාය කළේමැ යි වදාරා ඉකුත් වත දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ නගරවාසිනො ජනපදවාසීනං ධීතරං වාරෙත්වා දිවසං ඨපෙත්වා අත්තනො කුලූපකං ආජීවකං පුච්ඡිංසු “භන්තෙ, අජ්ජ අම්හාකං එකා මඞ්ගලකිරියා, සොභනං නු ඛො නක්ඛත්ත”න්ති. සො “ඉමෙ අත්තනො රුචියා දිවසං ඨපෙත්වා ඉදානි මං පුච්ඡන්තී”ති කුජ්ඣිත්වා “අජ්ජ නෙසං මඞ්ගලන්තරායං කරිස්සාමී”ති චින්තෙත්වා “අජ්ජ අසොභනං නක්ඛත්තං, සචෙ කරොථ, මහාවිනාසං පාපුණිස්සථා”ති ආහ. තෙ තස්ස සද්දහිත්වා න ගමිංසු. ජනපදවාසිනො තෙසං අනාගමනං ඤත්වා “තෙ අජ්ජ දිවසං ඨපෙත්වාපි න ආගතා, කිං නො තෙහි, අඤ්ඤෙසං ධීතරං දස්සාමා”ති අඤ්ඤෙසං ධීතරං අදංසු. නගරවාසිනො පුනදිවසෙ ආගන්ත්වා දාරිකං යාචිංසු. ජනපදවාසිනො “තුම්හෙ නගරවාසිනො නාම ඡින්නහිරිකා ගහපතිකා, දිවසං ඨපෙත්වා දාරිකං න ගණ්හිත්ථ, මයං තුම්හාකං අනාගමනභාවෙන අඤ්ඤෙසං අදම්හා”ති. මයං ආජීවකං පටිපුච්ඡිත්වා “‘නක්ඛත්තං න සොභන’න්ති නාගතා, දෙථ නො දාරික”න්ති. “අම්හෙහි තුම්හාකං අනාගමනභාවෙන අඤ්ඤෙසං දින්නා, ඉදානි දින්නදාරිකං කථං පුන ආනෙස්සාමා”ති.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි නගර වාසීහු දනව් වාසීන්ට දියණියක කැමැති කැරවා ගෙන දිනය නියමකොට තම කුළුපග ආජීවක පැවිද්දාගෙන්, ස්වාමීනි, අද අපගේ මංගල කාර්යයක් ඇත. නැකැත සුබදැ යි ඇසූහ. ඔහු මොවුහු තම කැමැත්තෙන් දිනය නියම කැර ගෙන දැන් මගෙන් විමසති යි කිපී මොවුන්ගේ මංගල්‍යයට අන්තරායක් කරන්නෙමි යි සිතා අද නැකත අසුබය. අද දින මංගල්‍යය සිදු කළහොත් මහත් විනාශයකට පැමිණෙන්නාහුයැ යි කීය. ඔවුහු ආජීවකගේ වචනය අදහා නො පැමිණියහ. දනව් වැසියෝ ඔවුන්ගේ නො පැමිණීම දැන ඔවුහු තුමූ ම දින නියමකොට නො පැමිණියෝය. අපට ඔවුන්ගෙන් කම් නැතැ යි වෙනත් අයකු හට දැරිය දුන්හ. නගර වැසියෝ දෙවැනි දින පැමිණ දැරිය ඉල්ලූහ. දනව් වැසියෝ ඔබලා නගර වැසියෝය. ලජ්ජා නැති ගැහැවියෝය. දිනය නියමකොට ඇවිත් නො ගත්තාහුය. ඔබලා නො පැමිණි බැවින් අපි අනිකකු හට දුනිමු. අපි ආජීවකයාගෙන් නැකත අසුබයැ යි අසා නො පැමිණියෙමු. අපට දැරිය දෙවු. අපි ඔබ නො පැමිණි බැවින් අනෙකකු හට දෙන ලද්දේය. දැන් දුන් දැරිය කෙසේ ආපසු ගෙන එන්නෙමුදැ යි,
එවං තෙසු අඤ්ඤමඤ්ඤං කලහං කරොන්තෙසු එකො නගරවාසී පණ්ඩිතපුරිසො එකෙන කම්මෙන ජනපදං ගතො තෙසං නගරවාසීනං “මයං ආජීවකං පුච්ඡිත්වා නක්ඛත්තස්ස අසොභනභාවෙන නාගතා”ති කථෙන්තානං සුත්වා “නක්ඛත්තෙන කො අත්ථො, නනු දාරිකාය ලද්ධභාවොව නක්ඛත්ත”න්ති වත්වා ඉමං ගාථමාහ –
මෙසේ ඔවුනොවුන් කලහ කරද්දී එක් නගර වැසි නැණවත් පුරුෂයෙක් එක් කරුණක් සඳහා දනව් ජනපදයට ගියේය. නුවර වැසියන්ගේ නැකත අසුබ නිසා නො පැමිණියෙමු යි කියන වචනය අසා නැකතින් කවර වැඩක් වේ දැ, දැරිය ලැබීම ම නැකත නො වේදැ යි කියා මේ ගාථාව කීය.
“නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා; අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා”ති.
“නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකාති”
“අභිමතාර්ථය සඳහා නැකැත් බලමින් සිටින බාලයා ඉක්ම යයි අභිමතාර්ථය සඵල වීම ම නැකත වේ. අහසෙහි තරු කුමක් කරන්න ද?”
තත්ථ පතිමානෙන්තන්ති ඔලොකෙන්තං, “ඉදානි නක්ඛත්තං භවිස්සති, ඉදානි නක්ඛත්තං භවිස්සතී”ති ආගමයමානං. අත්ථො බාලං උපච්චගාති එතං නගරවාසිකං බාලං දාරිකාපටිලාභසඞ්ඛාතො අත්ථො අතික්කන්තො. අත්ථො අත්ථස්ස නක්ඛත්තන්ති යං අත්ථං පරියෙසන්තො චරති, සො පටිලද්ධො අත්ථොව අත්ථස්ස නක්ඛත්තං නාම. කිං කරිස්සන්ති තාරකාති ඉතරෙ පන ආකාසෙ තාරකා කිං කරිස්සන්ති, කතරං අත්ථං සාධෙස්සන්තීති අත්ථො. නගරවාසිනො කලහං කත්වා දාරිකං අලභිත්වාව අගමංසු.
එහි “පතිමානෙන්තං” දැන් දැන් නැකැත් එති යි බලාපොරොත්තුවෙන් බලමින් සිටින්නා, “අත්ථො බාලං උපච්චගා” ඒ නගර වැසි බාලයා යුවතිය ලැබීම නම් වූ අභිමතාර්ථය ඉක්ම වූයේය. “අත්ථො අත්ථස්ස නක්ඛත්තං” යම් අභිවෘද්ධියක් පතමින් සිට එය සඵල වීම ම ඒ අභිවෘද්ධියට නැකත වේ. “කිං කරිස්සන්ති තාරකාති” ඉන් බැහැර අහසෙහි තරු කුමක් කරයි ද, කවර නම් යහපතක් කරයි ද යන අර්ථයි. නගර වැසියෝ කලහකොට දැරිය නො ලැබ ආපසු ගියහ.
සත්ථා “න, භික්ඛවෙ, එස ආජීවකො ඉදානෙව කුලස්ස මඞ්ගලන්තරායං කරොති, පුබ්බෙපි අකාසියෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා ආජීවකො එතරහි ආජීවකොව අහොසි, තානිපි කුලානි එතරහි කුලානියෙව, ගාථං වත්වා ඨිතො පණ්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජහු මහණෙනි, මේ ආජීවකයා මේ කුලයට මංගල අන්තරායක් කළේ දැන් පමණක් නො වේ. පෙර ද අන්තරායක් කළේමැ යි බුදුරජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එදා ආජීවකයා දැන් ආජීවකයා ම විය. ඒ කුල දෙක ද දැන් කුල ම විය. ගාථාව කියූ නුවණැති පුරුෂයා මම ම වීමි.
නක්ඛත්තජාතකවණ්ණනා නවමා.