යෙදුමෙන් කියවන්න

8. වෙදබ‍්බජාතකවණ‍්ණනා 48 අට‍්ඨකථා

8. වෙදබ‍්බජාතකවණ‍්ණනා (48)

8. වේදබ්භ ජාතකය (48)

අනුපායෙන යො අත්‍ථන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දුබ‍්බචභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා “න ත්‍වං භික‍්ඛු ඉදානෙව දුබ‍්බචො, පුබ‍්බෙපි දුබ‍්බචොයෙව, තෙනෙව ච කාරණෙන පණ‍්ඩිතානං වචනං අකත්‍වා තිණ‍්හෙන අසිනා ද‍්විධා කත්‍වා ඡින‍්නො හුත්‍වා මග‍්ගෙ නිපතිත්‍ථ, තඤ‍්ච එකකං නිස‍්සාය පුරිසසහස‍්සං ජීවිතක‍්ඛයං පත‍්ත”න‍්ති වත්‍වා අතීතං ආහරි.

“අනුපායෙන යො අත්‍ථන්ති” යන මේ ජාතක දේශනාව බුදුරජුන් දෙව්රම් වෙහෙර වැඩ වසන්නාහු, අකීකරු භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදුරජහු ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ අකීකරු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් එ සේ ම වූවෙහිය. මේ කරුණින් ම නැණවතුන්ගේ වදන් නො පිළිගෙන තියුණු කඩුවෙන් දෙපළුකොට කැපී මඟ වැටුණෙහි. ඒ එක පුද්ගලයා නිසා පුරුෂයන් දහසක් මරණයට පත්වූහැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකස‍්මිං ගාමකෙ අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො වෙදබ‍්බං නාම මන‍්තං ජානාති. සො කිර මන‍්තො අනග‍්ඝො මහාරහො, නක‍්ඛත‍්තයොගෙ ලද‍්ධෙ තං මන‍්තං පරිවත‍්තෙත්‍වා ආකාසෙ උල‍්ලොකිතෙ ආකාසතො සත‍්තරතනවස‍්සං වස‍්සති. තදා බොධිසත‍්තො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හාති. අථෙකදිවසං බ්‍රාහ‍්මණො බොධිසත‍්තං ආදාය කෙනචිදෙව කරණීයෙන අත‍්තනො ගාමා නික‍්ඛමිත්‍වා චෙතරට‍්ඨං අගමාසි, අන‍්තරාමග‍්ගෙ ච එකස‍්මිං අරඤ‍්ඤට‍්ඨානෙ පඤ‍්චසතා පෙසනකචොරා නාම පන්‍ථඝාතං කරොන‍්ති. තෙ බොධිසත‍්තඤ‍්ච වෙදබ‍්බබ්‍රාහ‍්මණඤ‍්ච ගණ‍්හිංසු. කස‍්මා පනෙතෙ “පෙසනකචොරා”ති වුච‍්චන‍්ති? තෙ කිර ද‍්වෙ ජනෙ ගහෙත්‍වා එකං ධනාහරණත්‍ථාය පෙසෙන‍්ති, තස‍්මා “පෙසනකචොරා”ත්‍වෙව වුච‍්චන‍්ති. තෙපි ච පිතාපුත‍්තෙ ගහෙත්‍වා පිතරං “ත්‍වං අම‍්හාකං ධනං ආහරිත්‍වා පුත‍්තං ගහෙත්‍වා යාහී”ති වදන‍්ති. එතෙනුපායෙන මාතුධීතරො ගහෙත්‍වා මාතරං විස‍්සජ‍්ජෙන‍්ති, ජෙට‍්ඨකනිට‍්ඨෙ ගහෙත්‍වා ජෙට‍්ඨභාතිකං විස‍්සජ‍්ජෙන‍්ති, ආචරියන‍්තෙවාසිකෙ ගහෙත්‍වා අන‍්තෙවාසිකං විස‍්සජ‍්ජෙන‍්ති. තෙ තස‍්මිං කාලෙ වෙදබ‍්බබ්‍රාහ‍්මණං ගහෙත්‍වා බොධිසත‍්තං විස‍්සජ‍්ජෙසුං.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි එක් කුඩා ගමක එක්තරා බමුණෙක් වෙදබ්භ නම් මන්ත්‍රයක් දනී. ඒ මන්ත්‍රය අගනේය. මහාර්ඝය. නැකැත් යෝගයක් අනුව ඒ මන්ත්‍රය ජපකොට අහස බැලූ කල්හි අහසින් සත් රුවන් වැසි වසී. එදවස බෝසත්හු එම බමුණා ළඟ සිප්සතර හදාරති. එක් දවසක් බමුණා බෝසතුන් රැගෙන කිසියම් කාර්යයක් සඳහා තම ගමින් නික්ම චේතිය රටට ගියේය. අතරමග වනබද පෙදෙසක පන්සියයක් පමණ පණිවිඩ යවා වස්තු ගෙන්වන සොරු (පෙසනක චොරා) මං පැහැරීම කරත්. ඔවුහු බෝසතුන් ද වේදබ්භ බමුණා ද අල්ලා ගත්හ. ඔවුන් යවා බඩු ගෙන්වන සොරුන් (පෙසනක චොරා) යැයි කියනු ලබන්නේ කෙසේ ද? ඒ සොරු වනාහි දෙදෙනකු අල්ලාගෙන එකකු ධනය ගෙන ඒම පිණිස යවත්, එම නිසා මෙනමින් හඳුන්වනු ලබන පිය පුතුන් දෙදෙන ගත්විට පුතා තබාගෙන අපට ධනය ගෙනවුත් දී පුතා රැගෙන යව යි පියා යවත්. මේ අනුව මව හා දියණිය ගත්විට දියණිය රඳවාගෙන මව යවත්. දෙටු කනිටු සොහොයුරන් ගත්විට කනිටු සොහොයුරා තබා දෙටු සොහොයුරා යවත්. ගුරු අතවැසියන් ගත් විට අතවැසියා යවන්නෝය. එදින ද වේදබ්භ බමුණා රඳවාගෙන බෝසතුන් යැවූහ.

බොධිසත‍්තො ආචරියං වන්‍දිත්‍වා “අහං එකාහද‍්වීහච‍්චයෙන ආගමිස‍්සාමි, තුම‍්හෙ මා භායිත්‍ථ, අපිච ඛො පන මම වචනං කරොථ, අජ‍්ජ ධනවස‍්සාපනකනක‍්ඛත‍්තයොගො භවිස‍්සති, මා ඛො තුම‍්හෙ දුක‍්ඛං අසහන‍්තා මන‍්තං පරිවත‍්තෙත්‍වා ධනං වස‍්සාපයිත්‍ථ. සචෙ වස‍්සාපෙස‍්සථ, තුම‍්හෙ ච විනාසං පාපුණිස‍්සථ, ඉමෙ ච පඤ‍්චසතා චොරා”ති එවං ආචරියං ඔවදිත්‍වා ධනත්‍ථාය අගමාසි. චොරාපි සූරියෙ අත්‍ථඞ‍්ගතෙ බ්‍රාහ‍්මණං බන්‍ධිත්‍වා නිපජ‍්ජාපෙසුං. තඞ‍්ඛණඤ‍්ඤෙව පාචීනලොකධාතුතො පරිපුණ‍්ණචන්‍දමණ‍්ඩලං උට‍්ඨහි. බ්‍රාහ‍්මණො නක‍්ඛත‍්තං ඔලොකෙන‍්තො “ධනවස‍්සාපනකනක‍්ඛත‍්තයොගො ලද‍්ධො, කිං මෙ දුක‍්ඛෙන අනුභූතෙන, මන‍්තං පරිවත‍්තෙත්‍වා රතනවස‍්සං වස‍්සාපෙත්‍වා චොරානං ධනං දත්‍වා යථාසුඛං ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා චොරෙ ආමන‍්තෙසි “භොන‍්තො චොරා, තුම‍්හෙ මං කිමත්‍ථාය ගණ‍්හථා”ති? “ධනත්‍ථාය, අය්‍යා”ති. “සචෙ වො, ධනෙන අත්‍ථො, ඛිප‍්පං මං බන්‍ධනා මොචෙත්‍වා සීසං න‍්හාපෙත්‍වා අහතවත්‍ථානි අච‍්ඡාදෙත්‍වා ගන්‍ධෙහි විලිම‍්පාපෙත්‍වා පුප‍්ඵානි පිලන්‍ධාපෙත්‍වා ඨපෙථා”ති. “චොරා තස‍්ස කථං සුත්‍වා තථා අකංසු”.

බෝසත්හු ගුරුන් වැඳ ගුරුතුමනි, මම දිනකින් හෝ දෙකකින් ආපසු එමි. ඔබතුමා බය නො වන්න. එ සේ වුව ද මගේ වචනය පිළිපදිනු මැනවි. අද දින ධන වස්සන නැකැත් යෝගය උදා වන්නේය. ඔබතුමා දුක ඉවසනු නො හැකිව මන්ත්‍රය ජපකොට ධනය නො වස්සනු මැනවි. ඉදින් එ සේ වස්සවන්නේ නම් ඔබතුමා ද විනාශ වන්නේය. මේ පන්සියයක් සොරු ද විනාශ වන්නාහ. මෙසේ ගුරුතුමන්ට අවවාද දී ධනය සෙවීම පිණිස ගියහ. සොරු ද ඉර බැස ගිය කල්හි බමුණා බැඳ දැමූහ. එකෙණෙහි ම පෙර දිගින් පිරිපුන් සඳ මඬල උදාවිය. බමුණා නැකැත් බලන්නේ ධන වස්සන නැකැත් යෝගය උදා වූ බව දැක මම දුක් විඳීමෙහි ඵලය කිම. මන්ත්‍රය ජපකොට ධනය වස්සවා සොරුන්ට දී සුව සේ යන්නෙමි යි සිතා පින්වත් සොරුනි, මා රඳවා ගත්තේ මක් නිසා ද? පින්වත, ධනය සඳහාය. ඔබට ධනය අවශ්‍යම නම් මා බැම්මෙන් මුදා නාවා අළුත් වස්ත්‍ර අන්දවා, සුවඳ ගල්වා, මල් පළඳවා තබන්න. සොරු ඔහුගේ කථාව අසා එසේ කළාහුය.

බ්‍රාහ‍්මණො නක‍්ඛත‍්තයොගං ඤත්‍වා මන‍්තං පරිවත‍්තෙත්‍වා ආකාසං උල‍්ලොකෙසි, තාවදෙව ආකාසතො රතනානි පතිංසු. චොරා තං ධනං සඞ‍්කඩ‍්ඪිත්‍වා උත‍්තරාසඞ‍්ගෙසු භණ‍්ඩිකං කත්‍වා පායිංසු. බ්‍රාහ‍්මණොපි තෙසං පච‍්ඡතොව අගමාසි. අථ තෙ චොරෙ අඤ‍්ඤෙ පඤ‍්චසතා චොරා ගණ‍්හිංසු. “කිමත්‍ථං අම‍්හෙ ගණ‍්හථා”ති ච වුත‍්තා “ධනත්‍ථායා”ති ආහංසු. “යදි වො ධනෙන අත්‍ථො, එතං බ්‍රාහ‍්මණං ගණ‍්හථ, එසො ආකාසං උල‍්ලොකෙත්‍වා ධනං වස‍්සාපෙසි, අම‍්හාකම‍්පෙතං එතෙනෙව දින‍්න”න‍්ති. චොරා චොරෙ විස‍්සජ‍්ජෙත්‍වා “අම‍්හාකම‍්පි ධනං දෙහී”ති බ්‍රාහ‍්මණං ගණ‍්හිංසු. බ්‍රාහ‍්මණො “අහං තුම‍්හාකං ධනං දදෙය්‍යං, ධනවස‍්සාපනකනක‍්ඛත‍්තයොගො පන ඉතො සංවච‍්ඡරමත්‍ථකෙ භවිස‍්සති. යදි වො ධනෙනත්‍ථො, අධිවාසෙථ, තදා ධනවස‍්සං වස‍්සාපෙස‍්සාමී”ති ආහ. චොරා කුජ‍්ඣිත්‍වා “අම‍්භො, දුට‍්ඨබ්‍රාහ‍්මණ, අඤ‍්ඤෙසං ඉදානෙව ධනං වස‍්සාපෙත්‍වා අම‍්හෙ අඤ‍්ඤං සංවච‍්ඡරං අධිවාසාපෙසී”ති තිණ‍්හෙන අසිනා බ්‍රාහ‍්මණං ද‍්විධා ඡින්‍දිත්‍වා මග‍්ගෙ ඡඩ‍්ඩෙත්‍වා වෙගෙන අනුබන්‍ධිත්‍වා තෙහි චොරෙහි සද‍්ධිං යුජ‍්ඣිත්‍වා තෙ සබ‍්බෙපි මාරෙත්‍වා ධනං ආදාය පුන ද‍්වෙ කොට‍්ඨාසා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං යුජ‍්ඣිත්‍වා අඩ‍්ඪතෙය්‍යානි පුරිසසතානි ඝාතෙත්‍වා එතෙන උපායෙන යාව ද‍්වෙ ජනා අවසිට‍්ඨා අහෙසුං, තාව අඤ‍්ඤමඤ‍්ඤං ඝාතයිංසු. එවං තං පුරිසසහස‍්සං විනාසං පත‍්තං.

බමුණැ නැකැත් යෝගය දැන මන්ත්‍ර ජපකොට අහස දෙස බැලීය. එකෙණෙහි ම අහසින් රුවන් වරුසා වට සොරු ඒ ධනය උතුරු සලුවෙන් පොදි බැඳගෙන පැන ගියහ. බමුණා ද ඔවුන් පසුපස ම ගියේය. ඉක්බිති ව වෙනත් පන්සියයක් සොරු ඔවුන් අල්ලාගත්හ. අප අල්ලා ගත්තේ කුමකටදැ යි අසන ලද්දාහු ධනය සඳහායැ යි කීහ. ඉදින් තොපට ධනය අවශ්‍ය නම් මේ බමුණා අල්ලා ගනිවු. මොහු අහස බලා ධනය වැස්සවීය. අපට මේ ධනය ලබාදුන්නේ ද ඔහුය. සොරුන් අතහැර අපට ද ධනය දෙව යි බමුණා අල්ලා ගත්හ. එවිට බමුණා මම තොපට ධනය ලබා දෙන්නෙමි. ධනය වස්සන නැකැත් යෝගය මෙයින් වසරකින් පසු එළැඹෙන්නේය. ඉදින්, තොපි ධනය කැමැත්තාහු නම් ඉවසා සිටිනු. එදාට ධනය වස්සවමි යි කීය. සොරු කිපී එම්බල පවිටු බමුණ, දැන් අනික් සොරුන්ට ධනය වස්සවා දී අපට වසරක් සිටින්නට සැලැස්වීය. තියුණු කඩුවෙන් කපා දෙපලුකොට මඟ දමා වේගයෙන් ලුහුබැඳ ඒ සොරුන් සමග යුද්ධකොට ඒ සියල්ලන් මරා ධනය පැහැරනෙග නැවත ඔවුන් දෙකොටසක් වී ඔවුනොවුන් යුද්ධකොට දෙසිය පනසක් පුරුෂයන් මරා මේ ක්‍රමයෙන් දෙදෙනෙකු පමණක් ඉතිරි වන තුරු මරා ගත්හ. මෙසේ වනවිට පුරුෂයන් දහසක් මරණයට පත්වූහ.

තෙ පන ද‍්වෙ ජනා උපායෙන තං ධනං ආහරිත්‍වා එකස‍්මිං ගාමසමීපෙ ගහනට‍්ඨානෙ ධනං පටිච‍්ඡාදෙත්‍වා එකො ඛග‍්ගං ගහෙත්‍වා රක‍්ඛන‍්තො නිසීදි, එකො තණ‍්ඩුලෙ ගහෙත්‍වා භත‍්තං පචාපෙතුං ගාමං පාවිසි. ලොභො ච නාමෙස විනාසමූලමෙවාති ධනසන‍්තිකෙ නිසින‍්නො චින‍්තෙසි “තස‍්මිං ආගතෙ ඉදං ධනං ද‍්වෙ කොට‍්ඨාසා භවිස‍්සන‍්ති, යංනූනාහං තං ආගතමත‍්තමෙව ඛග‍්ගෙන පහරිත්‍වා ඝාතෙය්‍ය”න‍්ති. සො ඛග‍්ගං සන‍්නය‍්හිත්‍වා තස‍්ස ආගමනං ඔලොකෙන‍්තො නිසීදි. ඉතරොපි චින‍්තෙසි “තං ධනං ද‍්වෙ කොට‍්ඨාසා භවිස‍්සන‍්ති, යංනූනාහං භත‍්තෙ විසං පක‍්ඛිපිත්‍වා තං පුරිසං භොජෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා එකකොව ධනං ගණ‍්හෙය්‍ය”න‍්ති. සො නිට‍්ඨිතෙ භත‍්තෙ සයං භුඤ‍්ජිත්‍වා සෙසකෙ විසං පක‍්ඛිපිත්‍වා තං ආදාය තත්‍ථ අගමාසි. තං භත‍්තං ඔතාරෙත්‍වා ඨිතමත‍්තමෙව ඉතරො ඛග‍්ගෙන ද‍්විධා ඡින්‍දිත්‍වා තං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඡඩ‍්ඩෙත්‍වා තඤ‍්ච භත‍්තං භුඤ‍්ජිත්‍වා සයම‍්පි තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි. එවඤ‍්ච තං ධනං නිස‍්සාය සබ‍්බෙව විනාසං පාපුණිංසු.

ඉතිරි වූ දෙදෙනා උපායෙන් ධනය ගෙනවුත් එක් ගමක් සමීපයෙහි වන ලැහැබක ධනය සඟවා එකෙක් කඩුවක් ගෙන ධනය රකිමින් සිටියේය. අනිකා සහල් ගෙන බත් පිසවීම සඳහා ගමට ගියේය. මේ ලෝභය වනාහි විනාශයට මුල වේයැ යි ධනය රකිමින් සිටි පුරුෂයා සිතුවේය. අනිකා ආ කල මේ ධනය දෙකොටසට බෙදී යන්නේය. එම නිසා ඔහු ආ කෙණෙහි ම මේ කඩුවෙන් දෙපළු කරන්නෙමි යි කඩුව දරා ඔහු එනතෙක් මඟ බලා හුන්නේය. අනිකා ද මෙසේ සිතීය. මේ දෙකොටසක් වන්නේය. බතට විෂ යොදා ඔහු මරා තමා ම ධනය අයත් කැර ගැනීම මැනවැ යි බතට විෂ දමා මිනිසාට කවා ඔහු මරා තනිව ම ධනය ගන්නෙමි යි බත් කා අවසන් වූ කල තමා ද කා ඉතිරියෙහි විෂ දමා එය රැගෙන එතැනට ගියේය. ඔහු ආ කෙණෙහි ම අනිකා කඩුවෙන් ඔහු දෙපලුකොට එය එහි ම දමා බත් කා තෙමේ ද එහි ම මරණයට පත්විය. මෙසේ මේ ධනය නිසා සියල්ලෝ ම මරණයට පත්වූහ.

බොධිසත‍්තොපි ඛො එකාහද‍්වීහච‍්චයෙන ධනං ආදාය ආගතො තස‍්මිං ඨානෙ ආචරියං අදිස‍්වා විප‍්පකිණ‍්ණං පන ධනං දිස‍්වා “ආචරියෙන මම වචනං අකත්‍වා ධනං වස‍්සාපිතං භවිස‍්සති, සබ‍්බෙහි විනාසං පත‍්තෙහි භවිතබ‍්බ”න‍්ති මහාමග‍්ගෙන පායාසි. ගච‍්ඡන‍්තො ආචරියං මහාමග‍්ගෙ ද‍්විධා ඡින‍්නං දිස‍්වා “මම වචනං අකත්‍වා මතො”ති දාරූනි උද‍්ධරිත්‍වා චිතකං කත්‍වා ආචරියං ඣාපෙත්‍වා වනපුප‍්ඵෙහි පූජෙත්‍වා පුරතො ගච‍්ඡන‍්තො ජීවිතක‍්ඛයං පත‍්තෙ පඤ‍්චසතෙ, පුරතො අඩ‍්ඪතෙය්‍යසතෙති අනුක‍්කමෙන අවසානෙ ද‍්වෙ ජනෙ ජීවිතක‍්ඛයං පත‍්තෙ දිස‍්වා චින‍්තෙසි “ඉමං ද‍්වීහි ඌනං පුරිසසහස‍්සං විනාසං පත‍්තං, අඤ‍්ඤෙහි ද‍්වීහි චොරෙහි භවිතබ‍්බං, තෙපි සන්‍ථම‍්භිතුං න සක‍්ඛිස‍්සන‍්ති, කහං නු ඛො තෙ ගතා”ති ගච‍්ඡන‍්තො තෙසං ධනං ආදාය ගහනට‍්ඨානං පවිට‍්ඨමග‍්ගං දිස‍්වා ගච‍්ඡන‍්තො භණ‍්ඩිකබද‍්ධස‍්ස ධනස‍්ස රාසිං දිස‍්වා එකං භත‍්තපාතිං අවත්‍ථරිත්‍වා මතං අද‍්දස. තතො “ඉදං නාම තෙහි කතං භවිස‍්සතී”ති සබ‍්බං ඤත්‍වා “කහං නු ඛො සො පුරිසො”ති විචිනන‍්තො තම‍්පි පටිච‍්ඡන‍්නට‍්ඨානෙ අපවිද‍්ධං දිස‍්වා “අම‍්හාකං ආචරියො මම වචනං අකත්‍වා අත‍්තනො දුබ‍්බචභාවෙන අත‍්තනාපි විනාසං පත‍්තො, අපරම‍්පි තෙන පුරිසසහස‍්සං විනාසිතං, අනුපායෙන වත අකාරණෙන අත‍්තනො වුඩ‍්ඪිං පත්‍ථයමානා අම‍්හාකං ආචරියො විය මහාවිනාසමෙව පාපුණිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

බෝසත්හු ද දිනක් දෙකක් පසුකොට ධනය ද රැගෙන පැමිණියහ. එතැන ගුරුන් නො දැක තැන තැන විසුරුණු ධනය දැක ගුරුතුමා මගේ වචනය නො පිළිගෙන ධනය වස්සවන ලද්දේ විය යුතුයි. සියල්ලෝම විනාශ වූවෝ විය යුතුයැ යි සිතා මහමඟින් ගමන් කළහ. එ සේ යන විට දෙකඩ වූ ගුරුන්ගේ මළ සිරුර දැක තමාගේ වචනය නො පිළිපැද මළේයැ යි දැව දඩු එක්තැන්කොට දර සෑයක් සකසා ගුරුතුමාගේ මළ සිරුර දවා වන මලින් පුදා ඉදිරියට යන්නාහු, මළා වූ පන්සියයක් පුරුෂයන් ද තවත් ඉදිරියට යනවිට දෙසිය පනසක් පුරුෂයන් ද ක්‍රමයෙන් අවසන දෙදෙනෙකුගෙන් අඩු දහසක් මිනිස්සු විනාශයට පත්වූහ. අනිත් සොරු දෙදෙන ඉතිරි විය යුතුය. ඔවුහු කොහි ගියෝදැ යි සොයන්නාහු, ඒ දෙදෙනා ධනය රැගෙන වන ලැහැබට පිවිසි මඟ දැක ඉදිරියට යන්නේ පොදි බඳින ලද ධන රාශිය දැක එතැන ම බත් පත මත වැතිරී මිය ගිය මළ සිරුරක් ද දුටහ. බෝසත්හු ඉන් පසු මේ නම් ඒ දෙදෙනා විසින් කරන ලද්දේ විය යුතුයැ යි සියල්ල දැන සොයන්නාහු, ඔහු පිළිසන් තැනක අත්හැර දමන ලද්දේ දැක අපගේ ගුරුතුමා මගේ වචනය නො පිළිගෙන තමාගේ දුර්බව නිසා ඔහු ද විනාශ වූයේය. තවත් පුරුෂයන් දහයසකුත් විනාශ කරන ලද්දේය. වැරදි මඟින් නිකරුනේ තමාගේ අභිවෘද්ධිය පතන්නන් අපගේ ගුරුතුමා මෙන් විනාශයට ම පැමිණෙන්නේයැ යි සිතා මේ ගාථාව කීහ.

“අනුපායෙන යො අත්‍ථං, ඉච‍්ඡති සො විහඤ‍්ඤති; චෙතා හනිංසු වෙදබ‍්බං, සබ‍්බෙ තෙ බ්‍යසනමජ‍්ඣගූ”ති.

“අනුපායෙන යො අත්‍ථං ඉච්ඡති සො විහඤ්ඤති, චෙතා හනිංසු වෙදබ්භං සබ්බෙ තෙ ව්‍යසනමජ්ඣගුති”

“යමෙක් වැරදි මඟින් අභිවෘද්ධිය කැමැති වේ ද හෙතෙම විනාශ වෙයි. චේතිය රට වැසියෝ වෙදබ්භ බමුණා නැසූහ. ඒ සොරු සියල්ලෝම විනාශ වූහ.”

තත්‍ථ සො විහඤ‍්ඤතීති සො අනුපායෙන “අත‍්තනො අත්‍ථං වුඩ‍්ඪිං සුඛං ඉච‍්ඡාමී”ති අකාලෙ වායාමං කරොන‍්තො පුග‍්ගලො විහඤ‍්ඤති කිලමති මහාවිනාසං පාපුණාති. චෙතාති චෙතරට‍්ඨවාසිනො චොරා. හනිංසු වෙදබ‍්බන‍්ති වෙදබ‍්බමන‍්තවසෙන “වෙදබ‍්බො”ති ලද‍්ධනාමං බ්‍රාහ‍්මණං හනිංසු. සබ‍්බෙ තෙ බ්‍යසනමජ‍්ඣගූති තෙපි ච අනවසෙසා අඤ‍්ඤමඤ‍්ඤං ඝාතයමානා බ්‍යසනං අධිගච‍්ඡිංසු පටිලභිංසූති.

එහි “සො විහඤ්ඤති” හෙතෙම වැරදි මඟින් අභිවෘද්ධිය - යහපත කැමැති වෙමි යි නුසුදුසු කල උත්සාහ කරන පුද්ගලයා නැසෙයි. වෙහෙසෙයි. මහත් විනාශයකට පත්වෙයි. “චෙතා” චේතිය රට වාසී සොරු, “හනිංසු වෙදබ්භං” වෙදබ්භ මන්ත්‍රය නිසා එනම් ලැබූ බමුණා නැසූහ. “සබ්බෙ තෙ ව්‍යසනමජ්ඣගු” ඒ සියල්ලෝ ද ඉතිරි නො වන සේ ඔවුනොවුන් මරා ගනිමින් මහත් විනාශයක් ලැබූහ.

එවං බොධිසත‍්තො “යථා අම‍්හාකං ආචරියො අනුපායෙන අට‍්ඨානෙ පරක‍්කමං කරොන‍්තො ධනං වස‍්සාපෙත්‍වා අත‍්තනාපි ජීවිතක‍්ඛයං පත‍්තො, අඤ‍්ඤෙසඤ‍්ච විනාසපච‍්චයො ජාතො, එවමෙව යො අඤ‍්ඤොපි අනුපායෙන අත‍්තනො අත්‍ථං ඉච‍්ඡන‍්තො වායාමං කරිස‍්සති, සබ‍්බො සො අත‍්තනා ච විනස‍්සිස‍්සති, පරෙසඤ‍්ච විනාසපච‍්චයො භවිස‍්සතී”ති වනං උන‍්නාදෙන‍්තො දෙවතාසු සාධුකාරං දදමානාසු ඉමාය ගාථාය ධම‍්මං දෙසෙත්‍වා තං ධනං උපායෙන අත‍්තනො ගෙහං ආහරිත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්තො යාවතායුකං ඨත්‍වා ජීවිතපරියොසානෙ සග‍්ගපථං පූරයමානො අගමාසි.

මෙසේ බෝසත්හු යම් සේ අපගේ ගුරුතුමා වැරදි මඟින් නුසුදුසු තැන උත්සාහ කරමින් ධනය වස්සවා තමා ද මරණයට පත් වූයේය. අනුන්ගේ විනාශයට ද හේතුවක් වන්නේය. මේ අයුරින් යමෙක් වැරදි මඟින් තමාගේ අභිවෘද්ධිය කැමැති ව උත්සාහ කරයි ද තමා ද විනාශ වෙයි. අනුන්ගේ විනාශයට ද හේතු වෙයි. වනය නින්නාද කරමින් දෙවියන් සාදු නාද කරද්දී මේ ගාථාවෙන් දම් දෙසා ඒ ධනය උපායෙන් තම නිවසට ගෙන්වා දානාදී පිං කම් කරන්නේ ආයු ඇතිතාක් ජීවත් ව දිවි කෙළවර ස්වර්ග මාර්ගය පුරවමින් ගියහ.

සත්‍ථාපි “න ත්‍වං භික‍්ඛු ඉදානෙව දුබ‍්බචො, පුබ‍්බෙපි දුබ‍්බචොව, දුබ‍්බචත‍්තා පන මහාවිනාසං පත‍්තො”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා වෙදබ‍්බබ්‍රාහ‍්මණො දුබ‍්බචභික‍්ඛු අහොසි, අන‍්තෙවාසිකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු, මහණ, ඔබ දැන් පමණක් දුර්වච වූයේ නො වේ. පෙරත් දුර්වච භාවය නිසා මහා විනාශයට පැමිණියෙහි යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එකල වේදබ්භ බමුණා අකීකරු භික්‍ෂුව විය. ඔහු අතවැසියා මම ම වීමි.

වෙදබ‍්බජාතකවණ‍්ණනා අට‍්ඨමා.