7. වාරුණිදූසකජාතකවණ්ණනා 47 අට්ඨකථා
7. වාරුණිදූසකජාතකවණ්ණනා (47)
7. වාරුණී ජාතකය (47)
න වෙ අනත්ථකුසලෙනාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො වාරුණිදූසකං ආරබ්භ කථෙසි. අනාථපිණ්ඩිකස්ස කිර සහායො එකො වාරුණිවාණිජො තිඛිණං වාරුණිං යොජෙත්වා හිරඤ්ඤසුවණ්ණාදීනි ගහෙත්වා වික්කිණන්තො මහාජනෙ සන්නිපතිතෙ “තාත, ත්වං මූලං ගහෙත්වා වාරුණිං දෙහී”ති අන්තෙවාසිකං ආණාපෙත්වා සයං න්හායිතුං අගමාසි. අන්තෙවාසිකො මහාජනස්ස වාරුණිං දෙන්තො මනුස්සෙ අන්තරන්තරා ලොණසක්ඛරා ආහරාපෙත්වා ඛාදන්තෙ දිස්වා “අයං සුරා අලොණිකා භවිස්සති, ලොණමෙත්ථ පක්ඛිපිස්සාමී”ති සුරාචාටියං නාළිමත්තං ලොණං පක්ඛිපිත්වා තෙසං සුරං අදාසි. තෙ මුඛං පූරෙත්වා පූරෙත්වා ඡඩ්ඩෙත්වා “කිං තෙ කත”න්ති පුච්ඡිංසු. “තුම්හෙ සුරං පිවිත්වා ලොණං ආහරාපෙන්තෙ දිස්වා ලොණෙන යොජෙසි”න්ති. “එවරූපං නාම මනාපං වාරුණිං නාසෙසි බාලා”ති තං ගරහිත්වා උට්ඨායුට්ඨාය පක්කන්තා. වාරුණිවාණිජො ආගන්ත්වා එකම්පි අදිස්වා “වාරුණිපායකා කහං ගතා”ති පුච්ඡි, සො තමත්ථං ආරොචෙසි. අථ නං ආචරියො “බාල, එවරූපා නාම තෙ සුරා නාසිතා”ති ගරහිත්වා ඉමං කාරණං අනාථපිණ්ඩිකස්ස ආරොචෙසි. අනාථපිණ්ඩිකො “අත්ථිදානි මෙ ඉදං කථාපාභත”න්ති ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එතමත්ථං ආරොචෙසි. සත්ථා “න එස, ගහපති, ඉදානෙව වාරුණිදූසකො, පුබ්බෙපි වාරුණිදූසකොයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“න වෙ අනත්ථ කුසලෙනාති” යන මේ ජාතකය බුදු රජුන් දෙව්රම් වෙහෙර වසන සේක්, සුරා දූතයකු අරබයා දෙසූහ. අනේපිඬු සිටුහුගේ යහළු සුරා වෙළෙන්දෙක් තියුණු මත සුරාවක් සාදා රන් රිදී ගෙන විකුණන්නේ මහජනයා රැස්වූ කල්හි අතවැසියා බණවා දරුව, මුදල් ගෙන සුරා දෙව යි තෙමේ නෑමට ගියේය. අතවැසියා මහජනයාට සුරා දෙන්නේ, මිනිසුන් අතරින්පතර ලුණු, සකුරු ගෙන්වා ගෙන කනු දැක සුරාවට ලුණු නැති සේයැ යි සිතා මෙහි ලුණු දමමි යි සුරා සැළෙහි නැලියක් පමණ ලුණු දමා ඔවුන්ට සුරා දුන්නේය. මිනිස්සු මුව පුරා ගෙන ඉවත දමා ඔබ කළේ කුමක්දැ යි ඇසූහ. ඔබ සුරා බී ලුණු ගෙන්වා ගෙන ඇත. ලුණු යෙදීමි. මෝඩය, මෙතරම් මිහිරි පානය තෝ විනාශ කළේයැ යි නැඟිට ගියහ. සුරා වෙළෙන්දා අවුත් එක සුරා බොන්නකු ද නො දැක සුරා බොන්නන් කොහි ගියාදැ යි විමසීය. අතවැසියා සියලු පුවත් කීය. සුරා වෙළේනදා මෝඩය, මෙබඳු දෙයින් තා විසින් විනාශ කරන ලද්දේදැ යි අතවැසියාට නින්දාකොට මෙපුවත අනේ පිඬු සිටාණන්ට සැල කළේය. සිටුතුමා මෙය බුදුරජුන්ට සැලකළ යුතු කථා පඬුරක්යැ යි දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජුන් වැඳ සැලකළේය. බුදුරජහු ගැහැවිය, මොහු සුරා දූෂකයකු වූයේ දැන් පමණක් නො වේ. පෙරදීත් මොහු සුරා දූෂකයකු වූයේමැ යි වදාරා ඔහු විසින් යාචිත වූයේ ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසියං සෙට්ඨි අහොසි. තං උපනිස්සාය එකො වාරුණිවාණිජො ජීවති. සො තිඛිණං සුරං යොජෙත්වා “ඉමං වික්කිණාහී”ති අන්තෙවාසිකං වත්වා න්හායිතුං ගතො. අන්තෙවාසිකො තස්මිං ගතමත්තෙයෙව සුරාය ලොණං පක්ඛිපිත්වා ඉමිනාව නයෙන සුරං විනාසෙසි. අථස්ස ආචරියො ආගන්ත්වා තං කාරණං ඤත්වා සෙට්ඨිස්ස ආරොචෙසි. සෙට්ඨි “අනත්ථකුසලා නාම බාලා ‘අත්ථං කරිස්සාමා’ති අනත්ථමෙව කරොන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි බෝසත්හු බරණැස සිටුවරයා විය. ඔහු ඇසුරුකොට එක් සුරා වෙළෙන්දෙක්, මෙසේ තියුණු සුරාවක් සාදා මෙය විකුණුව යි අතවැසියාට කියා නෑමට ගියේය. අතවැසියා ඔහු ගිය කෙණෙහි ම සුරාවෙහි ලුණු දමා මේ ක්‍රමයෙන් සුරාව නැසීය. ඉක්බිති, ඔහුගේ ගුරුවරයා පැමිණ ඒ කරුණ දැන සිටුවරයාට දැන්වීය. මෝඩයෝ නම් අනර්ථ කිරීමෙන් දක්නෝය. යහපතක් කරන්නෙමි යි අයහපතක් ම කරතැ යි කියා මේ ගාථාව කීය.
“න වෙ අනත්ථකුසලෙන, අත්ථචරියා සුඛාවහා; හාපෙති අත්ථං දුම්මෙධො, කොණ්ඩඤ්ඤො වාරුණිං යථා”ති.
“න වෙ අනත්ථ කුසලෙන අත්ථචරියා සුඛාවහා, හාපෙති අත්ථං දුම්මෙධො කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති”
තත්ථ කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති යථා අයං කොණ්ඩඤ්ඤනාමකො අන්තෙවාසිකො “අත්ථං කරිස්සාමී”ති ලොණං පක්ඛිපිත්වා වාරුණිං හාපෙසි පරිහාපෙසි විනාසෙසි, එවං සබ්බොපි අනත්ථකුසලො අත්ථං හාපෙතීති බොධිසත්තො ඉමාය ගාථාය ධම්මං දෙසෙසි.
එහි “කොණ්ඩඤ්ඤො වාරුණිං යථා” යනු යම් සේ කොණ්ඩඤ්ඤ නම් අතවැසියා යහපතක් කරමි යි ලුණු දැමීමෙන් සුරාව නැති කළේ ද මෙසේ සියලු අනර්ථයෙහි දක්ෂයා යහපත පිරිහෙළයි. විනාශ කරයි. බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසූහ.
සත්ථාපි “න එස ගහපති ඉදානෙව වාරුණිදූසකො, පුබ්බෙපි වාරුණිදූසකොයෙවා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා වාරුණිදූසකො ඉදානිපි වාරුණිදූසකොව අහොසි, බාරාණසිසෙට්ඨි පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු ගැහැවිය. මොහු සුරා දූෂකයකු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් සුරා දූෂකයකු වූයේ යි වදාරා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එදා සුරා දූෂක දැනුත් සුරා දූෂක විය. බරණැස් සිටු මම ම වීමි.
වාරුණිදූසකජාතකවණ්ණනා සත්තමා.