යෙදුමෙන් කියවන්න

6. ආරාමදූසකජාතකවණ‍්ණනා 46 අට‍්ඨකථා

6. ආරාමදූසකජාතකවණ‍්ණනා (46)

6. ආරාමදූෂක ජාතකය (46)

න වෙ අනත්‍ථකුසලෙනාති ඉදං සත්‍ථා අඤ‍්ඤතරස‍්මිං කොසලගාමකෙ විහරන‍්තො උය්‍යානදූසකං ආරබ‍්භ කථෙසි. සත්‍ථා කිර කොසලෙසු චාරිකං චරමානො අඤ‍්ඤතරං ගාමකං සම‍්පාපුණි. තත්‍ථෙකො කුටුම‍්බිකො තථාගතං නිමන‍්තෙත්‍වා අත‍්තනො උය්‍යානෙ නිසීදාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා “භන‍්තෙ, යථාරුචියා ඉමස‍්මිං උය්‍යානෙ විචරථා”ති ආහ. භික‍්ඛූ උට‍්ඨාය උය්‍යානපාලං ගහෙත්‍වා උය්‍යානෙ විචරන‍්තා එකං අඞ‍්ගණට‍්ඨානං දිස‍්වා උය්‍යානපාලං පුච‍්ඡිංසු “උපාසක, ඉමං උය්‍යානං අඤ‍්ඤත්‍ථ සන්‍දච‍්ඡායං, ඉමස‍්මිං පන ඨානෙ න කොචි රුක‍්ඛො වා ගච‍්ඡො වා අත්‍ථි, කිං නු ඛො කාරණ”න‍්ති? “භන‍්තෙ, ඉමස‍්ස උය්‍යානස‍්ස රොපනකාලෙ එකො ගාමදාරකො උදකං සිඤ‍්චන‍්තො ඉමස‍්මිං ඨානෙ රුක‍්ඛපොතකෙ උම‍්මූලං කත්‍වා මූලප‍්පමාණෙන උදකං සිඤ‍්චි . තෙ රුක‍්ඛපොතකා මිලායිත්‍වා මතා. ඉමිනා කාරණෙන ඉදං ඨානං අඞ‍්ගණං ජාත”න‍්ති. භික‍්ඛූ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, සො ගාමදාරකො ඉදානෙව ආරාමදූසකො, පුබ‍්බෙපි ආරාමදූසකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“න වෙ අනත්‍ථ කුසලෙනාති” යන මේ ජාතකය කොසොල් දනව්වෙහි එක්තරා කුඩා ගමක උයන් දූෂකයකු අරබයා දෙසූහ. බුදුරජහු කොසොල් රට සැරිසරමින් එක්තරා කුඩා ගමකට වැඩියහ. එහි එක් කෙළඹියක් බුදුරජුන්ට ආරාධනාකොට තම උයනෙහි වඩා හිඳුවා බුදුපාමොක් මහසඟනට දන් දී ස්වාමීනි, කැමැති සේ උයනෙහි හැසිරෙන ලෙස කීවේය. භික්‍ෂූහු නැඟිට උද්‍යාන පාලක සමග උයනෙහි ඔබිනොබ හැසිරෙන්නාහු, මුඩු බිමක් දැක උපාසකය, මේ උයනෙහි අන් තැන් ගස් සෙවනින් යුක්තය. එහෙත් මෙතැන මුඩු බිමකි. ගස් පඳුරු ආදී කිසිවක් නැත. ඊට හේතුව කුම්ක ද? ස්වාමීනි, මේ උයන රෝපණය කරන කාලයෙහි එක් ගම් දරුවෙක් ජලය ඉසින්නේ, කුඩා පැළ උදුරා මුලට ප්‍රමාණ වන සේ ජලය වත් කළේය. ඒ කුඩා පැළ මැලවී වියලිණි. මේ නිසා මේ ස්ථානය මුඩු බිමක් විය. අනතුරුව භික්‍ෂූහු බුදුරජුන්ට ඒ කරුණු සැලකළහ. මහණෙනි, එගම් දරුවා ආරාම දූෂක වූයේ දැන් පමණක් නො වේ. පෙරත් ආරාම දූෂකයකු වූයේමැ යි, ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසියං නක‍්ඛත‍්තං ඝොසයිංසු. නක‍්ඛත‍්තභෙරිසද‍්දසවනකාලතො පට‍්ඨාය සකලනගරවාසිනො නක‍්ඛත‍්තනිස‍්සිතකා හුත්‍වා විචරන‍්ති. තදා රඤ‍්ඤො උය්‍යානෙ බහූ මක‍්කටා වසන‍්ති. උය්‍යානපාලො චින‍්තෙසි “නගරෙ නක‍්ඛත‍්තං ඝුට‍්ඨං, ඉමෙ වානරෙ ‘උදකං සිඤ‍්චථා’ති වත්‍වා අහං නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති ජෙට‍්ඨකවානරං උපසඞ‍්කමිත්‍වා “සම‍්ම වානරජෙට‍්ඨක, ඉමං උය්‍යානං තුම‍්හාකම‍්පි බහූපකාරං, තුම‍්හෙ එත්‍ථ පුප‍්ඵඵලපල‍්ලවානි ඛාදථ, නගරෙ නක‍්ඛත‍්තං ඝුට‍්ඨං, අහං නක‍්ඛත‍්තං කීළිස‍්සාමි. යාවාහං ආගච‍්ඡාමි, තාව ඉමස‍්මිං උය්‍යානෙ රුක‍්ඛපොතකෙසු උදකං සිඤ‍්චිතුං සක‍්ඛිස‍්සථා”ති පුච‍්ඡි. “සාධු, සිඤ‍්චිස‍්සාමී”ති. “තෙන හි අප‍්පමත‍්තා හොථා”ති උදකසිඤ‍්චනත්‍ථාය තෙසං චම‍්මකුටෙ ච දාරුකුටෙ ච දත්‍වා ගතො. වානරා චම‍්මකුටෙ චෙව දාරුකුටෙ ච ගහෙත්‍වා රුක‍්ඛපොතකෙසු උදකං සිඤ‍්චන‍්ති. අථ නෙ වානරජෙට‍්ඨකො එවමාහ “භොන‍්තො වානරා, උදකං නාම රක‍්ඛිතබ‍්බං, තුම‍්හෙ රුක‍්ඛපොතකෙසු උදකං සිඤ‍්චන‍්තා උප‍්පාටෙත්‍වා උප‍්පාටෙත්‍වා මූලං ඔලොකෙත්‍වා ගම‍්භීරගතෙසු මූලෙසු බහුං උදකං සිඤ‍්චථ, අගම‍්භීරගතෙසු අප‍්පං, පච‍්ඡා අම‍්හාකං උදකං දුල‍්ලභං භවිස‍්සතී”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බරණැස් නුවර නැකැත් කෙළිය ප්‍රචාරය කළහ. නැකැත් බෙර හඬ ඇසුණු තැන් පටන් සියලු නුවර වැසියෝ නැකැත් කෙළියෙහි නියැළි හැසිරෙත්. එදා රජුගේ උයනෙහි බොහෝ වඳුරෝ වසති. උයන් පාලකයා මෙසේ සිතීය. නුවර නැකැත් ප්‍රචාරය කරන ලදි. වඳුරන්ට දිය ඉසුව යි කියා මම නැකැත් කෙළිමි යි, දෙටු වඳුරා වෙත ගොස් යහළු දෙටු වඳුරාණෙනි, මේ උයන ඔබලාට ද මහත් උපකාරය. ඔබලා මෙහි මල්, ඵල, දලු කන්නාහුය. අද නුවර නැකැත් කෙළි ප්‍රචාරය කරන ලදි. මම නැකැත් කෙළි කෙළිමි. මා එනතුරු මේ උයනෙහි ගස්, පැළවලට ජලය දැමීමට හැකිදැ යි විචාළේය. එ සේය, අපි දිය ඉසින්නෙමු. එ සේ නම් අප්‍රමාදී ව කරව යි කියා දි ඉසීම පිණිස හම් මල්ල ද දිය නඟන දඬු කැබලි ද දී ගියේය. වඳුරෝ හම් මල්ල ද ලී කැබලි ද ගෙන පැළ ගස්වලට වතුර දමුත්. එවිට වඳුරු දෙටුවා ඔවුන් අමතා වඳුරනි, ජලය රැකගත යුතුය. තොපි ගස්, පැළවලට වතුර දමන කල්හි එක එක පැළය උගුලා මුල බලා මුල් ගැඹුරට ගිය තැනට වතුර වැඩියෙන් එක්කළ යුතුය. වැඩි කළ යුතුය. නො ගැඹුරු තැන්වලට වතුර ටිකක් දමනු. එ සේ නො කළ පසුව අපට වතුර හිඟ වන්නේය. වඳුරෝ ද මැනවැ යි පිළිගෙන එ සේ කළහ.

තස‍්මිං සමයෙ එකො පණ‍්ඩිතපුරිසො රාජුය්‍යානෙ තෙ වානරෙ තථා කරොන‍්තෙ දිස‍්වා එවමාහ “භොන‍්තො වානරා, කස‍්මා තුම‍්හෙ රුක‍්ඛපොතකෙ උප‍්පාටෙත්‍වා උප‍්පාටෙත්‍වා මූලප‍්පමාණෙන උදකං සිඤ‍්චථා”ති? තෙ “එවං නො වානරජෙට‍්ඨකො ඔවදතී”ති ආහංසු. සො තං වචනං සුත්‍වා “අහො වත භො බාලා අපණ‍්ඩිතා, ‘අත්‍ථං කරිස‍්සාමා’ති අනත්‍ථමෙව කරොන‍්තී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

එවෙලාවෙහි එක් නුවණැති මිනිසෙක් වඳුරන් එ සේ කරනු දැක යහළු වඳුරනි, තොපි මෙසේ පැළෑටි උදුර උදුරා මුල පමණට දිය ඉසින්නේ මක් නිසා ද? අප දෙටු වඳුරා උපදෙස් දෙන්නේ ඒ අයුරිනි යි කීහ. ඔවුන්ගේ වචනය අසා අගේමැ යි බාලයෝ, නුවණ නැත්තේ යහපතක් කරමු යි අවැඩැක් ම කරතැ යි සිතා මේ ගාථාව කීය.

“න වෙ අනත්‍ථකුසලෙන, අත්‍ථචරියා සුඛාවහා; හාපෙති අත්‍ථං දුම‍්මෙධො, කපි ආරාමිකො යථා”ති.

“න වෙ අනත්‍ථ කුසලෙන අත්‍ථචරියා සුඛාවහා, හාපෙති අත්‍ථං දුම්මෙධො කපි ආරාමිකො යථාති”

“අයහපතෙහි දක්‍ෂයා විසින් කරන ලද යහපත ද හිත සුව පිණිස නො වේ. නුවණ නැති බාලයා යහපත පිරිහෙළයි. කෙසේ ද යත්, උයනෙහි වඳුරා මෙනි.”

තත්‍ථ වෙති නිපාතමත‍්තං. අනත්‍ථකුසලෙනාති අනත්‍ථෙ අනායතනෙ කුසලෙන, අත්‍ථෙ ආයතනෙ කාරණෙ අකුසලෙන වාති අත්‍ථො. අත්‍ථචරියාති වුඩ‍්ඪිකිරියා. සුඛාවහාති එවරූපෙන අනත්‍ථකුසලෙන කායිකචෙතසිකසුඛසඞ‍්ඛාතස‍්ස අත්‍ථස‍්ස චරියා න සුඛාවහා, න සක‍්කා ආවහිතුන‍්ති අත්‍ථො. කිංකාරණා? එකන‍්තෙනෙව හි හාපෙති අත්‍ථං දුම‍්මෙධොති, බාලපුග‍්ගලො “අත්‍ථං කරිස‍්සාමී”ති අත්‍ථං හාපෙත්‍වා අනත්‍ථමෙව කරොති. කපි ආරාමිකො යථාති යථා ආරාමෙ නියුත‍්තො ආරාමරක‍්ඛනකො මක‍්කටො “අත්‍ථං කරිස‍්සාමී”ති අනත්‍ථමෙව කරොති, එවං යො කොචි අනත්‍ථකුසලො, තෙන න සක‍්කා අත්‍ථචරියං ආවහිතුං, සො එකංසෙන අත්‍ථං හාපෙතියෙවාති. එවං සො පණ‍්ඩිතො පුරිසො ඉමාය ගාථාය වානරජෙට‍්ඨකං ගරහිත්‍වා අත‍්තනො පරිසං ආදාය උය්‍යානා නික‍්ඛමි.

එහි “වෙ” යනු නිපාත මාත්‍රයකි. “අනත්‍ථ කුසලෙන” අනර්ථයෙහි නුසුදුසු දේ පිළිබඳ දක්‍ෂයා, සුදුසු දේ පිළිබඳ - යහපතෙහි අදක්‍ෂයා යනු අර්ථයි. “අත්‍ථචරියා” දියුණුවට අදාළ ක්‍රියා, “සුඛාවහා” මෙබඳු අයහපතෙහි දක්‍ෂා විසින් කායික මානසික සැප සංඛ්‍යාත වූ සැපය ගෙන දීමට නො හැකි යන අර්ථයි. මක් නිසා ද යත්, “හාපෙති අත්‍ථං දුම්මෙධො” ඒකාන්තයෙන් අනුවණ පුඟුලා යහපතක් කරමි යි සිතා යහපත යටපත්කොට අයහපත ම කරයි. “කපි ආරාමිකො යථා” යම් සේ උයනෙහි නියුතු උයන රකින වඳුරා යහපතක් කැර අනර්ථයක් ම කරයි ද එ සේ යමකු අනර්ථයෙහි දක්ෂයකු වේ ද ඔහු විසින් යහපත් දෙයක් ගෙන දීමට නො හැකිය. ඔහු ඒකාන්තයෙන් යහපත පිරිහෙළයි. මෙසේ ඒ නුවණැති මිනිසා මේ ගාථාවෙන් වඳුරු දෙටුවාට නින්දාකොට තම පිරිස ගෙන උයනින් නික්ම ගියේය.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, එස ගාමදාරකො ඉදානෙව ආරාමදූසකො, පුබ‍්බෙපි ආරාමදූසකොයෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා වානරජෙට‍්ඨකො ආරාමදූසකගාමදාරකො අහොසි, පණ‍්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජහු, මහණෙනි, මේ ගම් දරුවා උයන් පාලනය කළේ දැන් පමණක් නො වේ. පෙරත් උයන් පාළුවකු බව කියා මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා බුදුරජහු ජාතකය නිමා කළහ. එකල දෙටු වඳුරා දැන් ගම් දරුවාය. නුවණැති පුරුෂයා මම ම වීමි.

ආරාමදූසකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.