5. රොහිණිජාතකවණ‍්ණනා 45 අට‍්ඨකථා
5. රොහිණිජාතකවණ‍්ණනා (45)
5. රෝහිණී ජාතකය (45)
සෙය්‍යො අමිත‍්තොතිඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිනො දාසිං ආරබ‍්භ කථෙසි. අනාථපිණ‍්ඩිකස‍්ස කිර එකා රොහිණී නාම දාසී අහොසි. තස‍්සා වීහිපහරණට‍්ඨානෙ ආගන‍්ත්‍වා මහල‍්ලිකා මාතා නිපජ‍්ජි, තං මක‍්ඛිකා පරිවාරෙත්‍වා සූචියාවිජ‍්ඣමානා විය ඛාදන‍්ති. සා ධීතරං ආහ – “අම‍්ම, මක‍්ඛිකා මං ඛාදන‍්ති, එතා වාරෙහී”ති. සා “වාරෙස‍්සාමි, අම‍්මා”ති මුසලං උක‍්ඛිපිත්‍වා “මාතු සරීරෙ මක‍්ඛිකා මාරෙත්‍වා විනාසං පාපෙස‍්සාමී”ති මාතරං මුසලෙන පහරිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසි. තං දිස‍්වා “මාතා මෙ මතා”ති රොදිතුං ආරභි. තං පවත‍්තිං සෙට‍්ඨිස‍්ස ආරොචෙසුං. සෙට‍්ඨි තස‍්සා සරීරකිච‍්චං කාරෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සබ‍්බං තං පවත‍්තිං සත්‍ථු ආරොචෙසි. සත්‍ථා “න ඛො, ගහපති, එසා ‘මාතු සරීරෙ මක‍්ඛිකා මාරෙස‍්සාමී’ති ඉදානෙව මුසලෙන පහරිත්‍වා මාතරං මාරෙසි, පුබ‍්බෙපි මාරෙසියෙවා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
“සෙය්‍යො අමිත්තොති” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේ පිඬු මහසිටුතුමාගේ එක් දාසියක අරබයා වදාළ සේක. අනේ පිඬු සිටුතුමාට වනාහි රෝහිණී නම් එක් දාසියක් වූවාය. ඈ වී කොටන තැනට අවුත් ඇගේ මහලු මව වැදහොත්තීය. මැස්සෝ ඈ පිරිවරා ඉදිකටුවෙන් විදින්නාක් මෙන් කති. ඕ තුමූ දුවට කීවාය. දරුව, මැස්සෝ මා කති. මොවුන් වළක්වවු. ඕ තුමූ මෑණියනි, වළක්වමි යි මෝල් ගසක් ඔසවා මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරා විනාශයට පමුණුවන්නෙමි යි මවට මොහොලෙන් පහර දී ජීවිතක්‍ෂයට පැමිණ වූවාය. එය දැක මව් තුමූ මැරුණෝයැ යි හඬන්නට පටන් ගත්තාය. මේ පුවත සිටාණන්ට සැලකළහ. සිටු තෙම ඇගේ අවසන් කටයුතු කැරවා විහාරයට ගොස් ඒ සියලු පුවත් බුදුරජාණන් වහන්සේට සැලකළේය. බුදුරජාණන් වහන්සේ ගෘහපතිය, මෝ තුමූ මෑණියන්ගේ සිරුරෙහි මැස්සන් මරමි යි දැන් පමණක් මොහොලින් පහර දී මව නො මැරුවාය. පෙරත් මැරුවේමැ යි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ ඉකුත් වත ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පිතුඅච‍්චයෙන සෙට‍්ඨිට‍්ඨානං පාපුණි. තස‍්සාපි රොහිණීයෙව නාම දාසී අහොසි. සාපි අත‍්තනො වීහිපහරණට‍්ඨානං ආගන‍්ත්‍වා නිපන‍්නං මාතරං “මක‍්ඛිකා මෙ, අම‍්ම, වාරෙහී”ති වුත‍්තා එවමෙව මුසලෙන පහරිත්‍වා මාතරං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා රොදිතුං ආරභි. බොධිසත‍්තො තං පවත‍්තිං සුත්‍වා “අමිත‍්තොපි හි ඉමස‍්මිං ලොකෙ පණ‍්ඩිතොව සෙය්‍යො”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පැමිණියේය. ඔහුට ද රෝහිණී නම් දාසියක විය. ඈ ද තමන්ගේ වී කොටන තැනට පැමිණ හුන්නා වූ මව, දරුව, මා මැස්සන්ගෙන් වළක්වව යි කියන ලද්දී, මෙපරිද්දෙන් ම මොහොලින් පහර දී මව මරණයට පමුණුවා හඬන්නට පටන් ගත්තාය. බෝසත් තෙම ඒ ප්‍රවෘත්තිය අසා සතුරා වුව ද මේ ලෝකයෙහි නුවණ ඇත්තා ම ශ්‍රේෂ්ඨයැ යි සිතා මේ ගාථාව කීවේය.
“සෙය්‍යො අමිත්තො මෙධාවී, යඤ්චෙ බාලානුකම්පකො; පස්ස රොහිණිකං ජම්මිං, මාතරං හන‍්ත්‍වාන සොචතී”ති.
“සෙය්‍යො අමිත්තො මෙධාවී යඤ්චෙ බාලානුකම්පකො, පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචතීති”
“අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද? (ඔහුට වඩා) නුවණ ඇත්තා වූ පස මිතුරා උතුම් වේ. බාල වූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව, මව මරා ශෝක කරන්නීය.”
තත්‍ථ මෙධාවීති පණ‍්ඩිතො ඤාණී විභාවී. යඤ‍්චෙ බාලානුකම‍්පකොති එත්‍ථ යන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො, චෙති නාමත්‍ථෙ නිපාතො. යො නාම බාලො අනුකම‍්පකො, තතො සතගුණෙන සහස‍්සගුණෙන පණ‍්ඩිතො අමිත‍්තො හොන‍්තොපි සෙය්‍යොයෙවාති අත්‍ථො. අථ වා යන‍්ති පටිසෙධනත්‍ථෙ නිපාතො, නො චෙ බාලානුකම‍්පකොති අත්‍ථො. ජම‍්මින‍්ති ලාමිකං දන්‍ධං. මාතරං හන්ත්වාන සොචතීති “මක‍්ඛිකා මාරෙස‍්සාමී”ති මාතරං හන‍්ත්‍වා ඉදානි අයං බාලා සයමෙව රොදති පරිදෙවති. ඉමිනා කාරණෙන ඉමස‍්මිං ලොකෙ අමිත‍්තොපි පණ‍්ඩිතො සෙය්‍යොති බොධිසත‍්තො පණ‍්ඩිතං පසංසන‍්තො ඉමාය ගාථාය ධම‍්මං දෙසෙසි.
එහි “මෙධාවීති” නුවණ ඇති, ඥානවන්ත, “යඤ්චෙ බාලානුකම්පකොති” මෙහි “යන්ති” යනු ලිඞ්ග විපර්‍ය්‍යාසයක් කරන ලද්දේය. “චෙති” නාමාර්ථයෙහි නිපාතයකි. යම් කිසි මෝඩයෙක් අනුකම්පා ඇත්තේ ද එයට වඩා සිය දහස් ගුණයෙන් නුවණ ඇති පස මිතුරා ශ්‍රේෂ්ඨයැ යි යන අර්ථයයි. තව ද, “යන්ති” අතිශ්‍රේෂ්ඨ අර්ථයෙහි නිපාතයකි. නැතිනම් මෝඩ අනුකම්පා ඇත්තා යන තේරුමයි. “ජම්මිංති” පහත්, මෝඩ, “මාතරං හන්ත්වාන සොචතීති” මැස්සන් මරන්නෙමි යි මව මරා දැන් මෝ මෝඩි තමා ම හඬයි. වැළපෙන්නීය. මේ කරුණින් මේ ලෝකයෙහි පස මිතුරා වුව ද නුවණ ඇති නම් ශ්‍රේෂ්ඨයි. බෝසතාණන් වහන්සේ නුවණ ඇත්තාට පසසමින් මේ ගාථාවෙන් දහම් දෙසූ සේක.
සත්‍ථා “න ඛො, ගහපති, එසා ඉදානෙව ‘මක‍්ඛිකා මාරෙස‍්සාමී’ති මාතරං ඝාතෙසි, පුබ‍්බෙපි ඝාතෙසියෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාතායෙව මාතා අහොසි, ධීතායෙව ධීතා, මහාසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ, ගෘහපතිය, මේ තැනැත්ති මැස්සන් මරමි යි මව මැරුවේ දැන් පමණක් නොව පෙරත් ඝාතනය කළේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්‍ධි ගළපා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මව මේ මව ම වූවාය. ඒ දුව ම මේ දුව වූවාය. මහ සිටුතුමා වනාහි මම ම වෙමි යි වදාළ සේක.
රොහිණිජාතකවණ‍්ණනා පඤ‍්චමා.