යෙදුමෙන් කියවන්න

4. මකසජාතකවණ‍්ණනා 44 අට‍්ඨකථා

4. මකසජාතකවණ‍්ණනා (44)

4. මකස ජාතකය (44)

සෙය්‍යො අමිත‍්තොති ඉදං සත්‍ථා මගධෙසු චාරිකං චරමානො අඤ‍්ඤතරස‍්මිං ගාමකෙ බාලගාමිකමනුස‍්සෙ ආරබ‍්භ කථෙසි. තථාගතො කිර එකස‍්මිං සමයෙ සාවත්‍ථිතො මගධරට‍්ඨං ගන‍්ත්‍වා තත්‍ථ චාරිකං චරමානො අඤ‍්ඤතරං ගාමකං සම‍්පාපුණි. සො ච ගාමකො යෙභුය්‍යෙන අන්‍ධබාලමනුස‍්සෙහියෙව උස‍්සන‍්නො. තත්‍ථෙකදිවසං තෙ අන්‍ධබාලමනුස‍්සා සන‍්නිපතිත්‍වා “භො, අම‍්හෙ අරඤ‍්ඤං පවිසිත්‍වා කම‍්මං කරොන‍්තෙ මකසා ඛාදන‍්ති, තප‍්පච‍්චයා අම‍්හාකං කම‍්මච‍්ඡෙදො හොති, සබ‍්බෙව ධනූනි චෙව ආවුධානි ච ආදාය ගන‍්ත්‍වා මකසෙහි සද‍්ධිං යුජ‍්ඣිත්‍වා සබ‍්බමකසෙ විජ‍්ඣිත්‍වා ඡින්‍දිත්‍වා ච මාරෙස‍්සාමා”ති මන‍්තයිත්‍වා අරඤ‍්ඤං ගන‍්ත්‍වා “මකසෙ විජ‍්ඣිස‍්සාමා”ති අඤ‍්ඤමඤ‍්ඤං විජ‍්ඣිත්‍වා ච පහරිත්‍වා ච දුක‍්ඛප‍්පත‍්තා ආගන‍්ත්‍වා අන‍්තොගාමෙ ච ගාමමජ‍්ඣෙ ච ගාමද‍්වාරෙ ච නිපජ‍්ජිංසු.

“සෙය්‍යා අමිත්තො” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ මගධ රජ චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමක මෝඩ ගැමි මිනිසුන් අරබයා දේශනා කළ සේක. බුදු රජාණන් වහන්සේ එක් කාලයක සැවැත් නුවරින් මගධ රටට වැඩමවා එහි චාරිකාවෙහි හැසිරෙන්නේ, එක්තරා කුඩා ගමකට පැමිණි සේක. ඒ කුඩා ගම බොහෝ සෙයින් මෝඩ මිනිසුන්ගෙන් ම පිරුණේය. එහි එක් දිනක් ඒ අන්ධ බාල මිනිසුන් එක්රැස්ව පින්වත්නි, අප කැලයට පිවිස කර්මාන්ත කරන විට මදුරුවෝ කති. එයින් අපේ කර්මාන්තය නවතියි. සියල්ලෝ ම දුනු ද ආයුධ ද ගෙන ගොස් මදුරුවන් සමග යුද්ධකොට සියලු මදුරුවන් විද සිඳ මරමු යි කතිකාකොට ගෙන කැලයට ගොස් මදුරුවන් විදින්නෙමු යි ඔවුනොවුන් විද පහර දී දුකට පැමිණියෝ අවුත් ඇතුල් ගම ද ගම මැද ද ගම් දොර ද වැද හොත්තේය.

සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො තං ගාමං පිණ‍්ඩාය පාවිසි. අවසෙසා පණ‍්ඩිතමනුස‍්සා භගවන‍්තං දිස‍්වා ගාමද‍්වාරෙ මණ‍්ඩපං කාරෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තස‍්මිං තස‍්මිං ඨානෙ පතිතමනුස‍්සෙ දිස‍්වා තෙ උපාසකෙ පුච‍්ඡි “බහූ ඉමෙ ගිලානා මනුස‍්සා, කිං එතෙහි කත”න‍්ති? “භන‍්තෙ, එතෙ මනුස‍්සා ‘මකසයුද‍්ධං කරිස‍්සාමා’ති ගන‍්ත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං විජ‍්ඣිත්‍වා සයං ගිලානා ජාතා”ති. සත්‍ථා “න ඉදානෙව අන්‍ධබාලමනුස‍්සා ‘මකසෙ පහරිස‍්සාමා’ති අත‍්තානං පහරන‍්ති, පුබ‍්බෙපි ‘මකසං පහරිස‍්සාමා’ති පරං පහරණකමනුස‍්සා අහෙසුංයෙවා”ති වත්‍වා තෙහි මනුස‍්සෙහි යාචිතො අතීතං ආහරි.

බුදුරජාණන් වහන්සේ සංඝයා විසින් පිරිවරන ලද්දේ, එගමට පිඬු පිණිස වැඩම කළ සේක. සෙසු නුවණ ඇති මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැක ගම් දොර මණ්ඩපයක් කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී බුදුරජුන් වැඳ හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන වැටුණු මිනිසුන් දැක ඒ උවැසියන් විචාළ සේක. මේ බොහෝ දෙනා ගිලන් මිනිසුන්දැ යි විචාළ සේක. මොවුන් විසින් කුමක් කරන ලද්දේ ද? ස්වාමීනි, ඒ මිනිස්සු මදුරු යුද්ධයක් කරන්නට ගොස් ඔවුනොවුන්ට විද තමා ම ගිලන් වූහ. බුදුරජාණන් වහන්සේ, දැන් පමණක් අන්ධ බාල මිනිස්සු මදුරුවන්ට පහර දෙමැ යි තම තමන්ට පහර දෙති. පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි අනුන්ට පහර දෙන මිනිස්සු වූවෝමැ යි වදාරා ඒ මිනිසුන් විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙන හැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො වණිජ‍්ජාය ජීවිකං කප‍්පෙති. තදා කාසිරට‍්ඨෙ එකස‍්මිං පච‍්චන‍්තගාමෙ බහූ වඩ‍්ඪකී වසන‍්ති. තත්‍ථෙකො ඛලිතවඩ‍්ඪකී රුක‍්ඛං තච‍්ඡති, අථස‍්ස එකො මකසො තම‍්බලොහථාලකපිට‍්ඨිසදිසෙ සීසෙ නිසීදිත්‍වා සත‍්තියා පහරන‍්තො විය සීසං මුඛතුණ‍්ඩකෙන විජ‍්ඣි. සො අත‍්තනො සන‍්තිකෙ නිසින‍්නං පුත‍්තං ආහ – “තාත, මය‍්හං සීසං මකසො සත‍්තියා පහරන‍්තො විය විජ‍්ඣති, වාරෙහි න”න‍්ති. “තාත, අධිවාසෙහි, එකප‍්පහාරෙනෙව තං මාරෙස‍්සාමී”ති. තස‍්මිං සමයෙ බොධිසත‍්තොපි අත‍්තනො භණ‍්ඩං පරියෙසමානො තං ගාමං පත්‍වා තස‍්සා වඩ‍්ඪකිසාලාය නිසින‍්නො හොති. අථ සො වඩ‍්ඪකී පුත‍්තං ආහ – “තාත, ඉමං මකසං වාරෙහී”ති. සො “වාරෙස‍්සාමි, තාතා”ති තිඛිණං මහාඵරසුං උක‍්ඛිපිත්‍වා පිතු පිට‍්ඨිපස‍්සෙ ඨත්‍වා “මකසං පහරිස‍්සාමී”ති පිතු මත්‍ථකං ද‍්විධා භින්‍දි, වඩ‍්ඪකී තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තො.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙමේ වෙළඳාමෙන් ජීවිකාව කරයි. එකල්හි කසී රට එක් පසල් ගමක බොහෝ වඩුවෝ වාසය කරති. එහි එක් හිස් කෙස් සුදු වූ එක් වඩුවෙක් ගසක් අහියි. ඉක්බිති, එක් මදුරුවකු තඹ ලෝ තලියක පිටක් සේ වූ හිසෙහි හිඳ අඩයටියෙන් පහර දෙන්නා සේ හිස මුව තුඩින් විද්දේය. හෙතෙම තමන් සමීපයෙහි හුන් පුතාට කීවේය. දරුව, මගේ හිස මදුරුවෙක් අඩයටියෙන් පහර දෙන්නාක් මෙන් විදියි. ඌ වළක්වනු. පියාණෙනි, ඉවසනු මැනවි. එක පහරින් ම ඌ මරන්නෙමි යි තියුණු ලොකු පොරව ගෙන පියාගේ පිටුපස සිට මදුරුවාට පහර දෙන්නෙමි යි පියාගේ හිස දෙකට පැලුවේය. වඩුවා එහි ම මරණයට පැමිණියේය.

බොධිසත‍්තො තස‍්ස තං කම‍්මං දිස‍්වා “පච‍්චාමිත‍්තොපි පණ‍්ඩිතොව සෙය්‍යො. සො හි දණ‍්ඩභයෙනපි මනුස‍්සෙ න මාරෙස‍්සතී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

එකල බෝසතාණෝ වහන්සේ ද තමන්ගේ භාණ්ඩ සොයමින් ඒ ගමට පැමිණ ඒ වඩුවාගේ ශාලාවෙහි හුන්නේ, ඔහුගේ ඒ ක්‍රියාව දැක සතුරා වුව ද නුවණ ඇත්තා ම ශ්‍රේෂ්ඨයැ යි ද ඔහු වනාහි දඬුවමට බියෙන් හෝ මිනිසුන් නො මරන්නේයැ යි ද කියා මේ ගාථාව කීවේය.

“සෙය්‍යො අමිත‍්තො මතියා උපෙතො, න ත්‍වෙව මිත‍්තො මතිවිප‍්පහීනො; ‘මකසං වධිස‍්ස’න‍්ති හි එළමූගො, පුත‍්තො පිතු අබ‍්භිදා උත‍්තමඞ‍්ග”න‍්ති.

“සෙය්‍යො අමිත්තො මතියා උපෙතො, තත්‍ථෙව මිත්තො මතිවිප්පහිනො, මකසං වධිස්සන්ති හි එළමූගො, පුත්තො පිතූ අබ්හිදා උත්තමඞ්ගන්ති”

“නුවණ ඇති සතුරා වුව ද උතුම් වේ. නුවණ නැති නම් මිතුරා වුව ද උතුම් නො වේමැ යි (කුමක් හෙයින් ද යත්) මූඪ (කෙලතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළීය.”

තත්‍ථ සෙය්‍යොති පවරො උත‍්තමො. මතියා උපෙතොති පඤ‍්ඤාය සමන‍්නාගතො. එළමූගොති ලාලාමුඛො බාලො. පුත‍්තො පිතු අබ‍්භිදා උත‍්තමඞ‍්ගන‍්ති අත‍්තනො බාලතාය පුත‍්තොපි හුත්‍වා පිතු උත‍්තමඞ‍්ගං මත්‍ථකං “මකසං පහරිස‍්සාමී”ති ද‍්විධා භින්‍දි. තස‍්මා බාලමිත‍්තතො පණ‍්ඩිතඅමිත‍්තොව සෙය්‍යොති ඉමං ගාථං වත්‍වා බොධිසත‍්තො උට‍්ඨාය යථාකම‍්මං ගතො. වඩ‍්ඪකිස‍්සපි ඤාතකා සරීරකිච‍්චං අකංසු.

එහි, “සෙය්‍යොති” ශ්‍රේෂ්ඨ, උත්තම, “මතියා උපෙතොති” නුවණින් යුක්ත වූ, “එළමූගොති” කෙළ තොලු නලවන මුව ඇති බාලයා, “පුත්තො පිතූ අබ්හිදා උත්තමඞ්ගන්ති” තමුන්ගේ මෝඩකම නිසා පුතකු වුව ද පියාගේ හිස මදුරුවකු මරන්නෙමි යි දෙපලු කළේය. ඒ නිසා මෝඩ නුවණ නැත්තා පස මිතුරු වුව ද ශ්‍රේෂ්ඨයැ යි, මේ ගාථාව වදාරා බෝසතාණන් වහන්සේ නැඟට ගොස් කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. වඩුවාගේ ඤාතීහු ඔහුගේ භූමදාන කටයුතු කළාහුය.

සත්‍ථා “එවං උපාසකා පුබ‍්බෙපි ‘මකසං පහරිස‍්සාමා’ති පරං පහරණකමනුස‍්සා අහෙසුංයෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා ගාථං වත්‍වා පක‍්කන‍්තො පණ‍්ඩිතවාණිජො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ, උපාසකවරුනි, පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි අන්‍යයන්ට පහර දුන් මිනිස්සු වූවාහු මයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්‍ධි ගළපා ජාතක කතාව නිමවා වදාළ සේක. එකල්හි ගාථාවක් කියා ගිය නුවණ ඇති වෙළෙන්දා වනාහි මම ම වෙමි යි වදාළ සේක.

මකසජාතකවණ‍්ණනා චතුත්‍ථා.