යෙදුමෙන් කියවන්න

2. චූළජනකජාතකවණ‍්ණනා 52 අට‍්ඨකථා

2. චූළජනකජාතකවණ‍්ණනා (52)

2. චූළජනක ජාතකය (52)

වායමෙථෙව පුරිසොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඔස‍්සට‍්ඨවීරියමෙවාරබ‍්භ කථෙසි. තත්‍ථ යං වත‍්තබ‍්බං, තං සබ‍්බං මහාජනකජාතකෙ (ජා· 2.22.123 ආදයො) ආවි භවිස‍්සති. ජනකරාජා පන සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා නිසින‍්නො ඉමං ගාථමාහ –

“වායමෙථෙව පුරිසොති” යන මේ ජාතකය බුදුරජහු දෙව්රමෙහි වසන සේක්, වීරිය අත්හළ භික්‍ෂුවකු අරබයා දෙසූහ. මෙහි කිය යුතු යමක් වේ නම් එය මහා ජනක ජාතකයේ එන්නේය. ජනක රජ වනාහි සේසත යට හිඳ මේ ගාථාව කීය.

“වායමෙථෙව පුරිසො, න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො; පස‍්සාමි වොහං අත‍්තානං, උදකා ථලමුබ‍්භත”න‍්ති.

“වායමෙථෙව පුරිසො න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතන්ති”

“පුරුෂ තෙම වෑයම් කරන්නේ මය. නුවණැත්තේ උකටලී නො වන්නේය. මම වීර්යයෙන් දියෙන් ගොඩ නැංගා වූ තමා දකිමි.”

තත්‍ථ වායමෙථෙවාති වායාමං කරොථෙව. උදකා ථලමුබ‍්භතන‍්ති උදකතො ථලමුත‍්තිණ‍්ණං ථලෙ පතිට‍්ඨිතං අත‍්තානං පස‍්සාමීති. ඉධාපි ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛු අරහත‍්තං පත‍්තො, ජනකරාජා සම‍්මාසම‍්බුද‍්ධොව අහොසීති.

එහි, “වායමෙථෙව” උත්සාහ කරන්නේ මය. “උදකා ථලමුබ්භතන්ති” මෙහි දී ද වීර්යය අත්හළ භික්‍ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. ජනක රජ සම්මා සම්බුදු ම විය.

චූළජනකජාතකවණ‍්ණනා දුතියා.