3. පුණ‍්ණපාතිජාතකවණ‍්ණනා 53 අට‍්ඨකථා
3. පුණ‍්ණපාතිජාතකවණ‍්ණනා (53)
3. පුණ්ණපාති ජාතකය (53)
තථෙව පුණ‍්ණා පාතියොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විසවාරුණිං ආරබ‍්භ කථෙසි. එකං සමයං සාවත්‍ථියං සුරාධුත‍්තා සන‍්නිපතිත්‍වා මන‍්තයිංසු – “සුරාමූලං නො ඛීණං, කහං නු ඛො ලභිස‍්සාමා”ති. අථෙකො කක‍්ඛළධුත‍්තො ආහ “මා චින‍්තයිත්‍ථ, අත්‍ථෙකො උපායො”ති. “කතරො උපායො නාමා”ති? “අනාථපිණ‍්ඩිකො අඞ‍්ගුලිමුද‍්දිකා පිළන්‍ධිත්‍වා මට‍්ඨසාටකනිවත්‍ථො රාජුපට‍්ඨානං ගච‍්ඡති, මයං සුරාපාතියං විසඤ‍්ඤීකරණං භෙසජ‍්ජං පක‍්ඛිපිත්‍වා ආපානං සජ‍්ජෙත්‍වා නිසීදිත්‍වා අනාථපිණ‍්ඩිකස‍්ස ආගමනකාලෙ ‘ඉතො එහි මහාසෙට‍්ඨී’ති පක‍්කොසිත්‍වා තං සුරං පායෙත්‍වා විසඤ‍්ඤීභූතස‍්ස අඞ‍්ගුලිමුද‍්දිකා ච සාටකෙ ච ගහෙත්‍වා සුරාමූලං කරිස‍්සාමා”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා කත්‍වා සෙට‍්ඨිස‍්ස ආගමනකාලෙ පටිමග‍්ගං ගන‍්ත්‍වා “සාමි, ඉතො තාව ආගච‍්ඡථ , අයං අම‍්හාකං සන‍්තිකෙ අතිමනාපා සුරා, ථොකං පිවිත්‍වා ගච‍්ඡථා”ති වදිංසු. සොතාපන‍්නො අරියසාවකො කිං සුරං පිවිස‍්සති, අනත්‍ථිකො සමානොපි පන “ඉමෙ ධුත‍්තෙ පරිග‍්ගණ‍්හිස‍්සාමී”ති තෙසං ආපානභූමිං ගන‍්ත්‍වා තෙසං කිරියං ඔලොකෙත්‍වා “අයං සුරා ඉමෙහි ඉමිනා නාම කාරණෙන යොජිතා”ති ඤත්‍වා “ඉතො දානි පට‍්ඨාය ඉමෙ ඉතො පලාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ – “හරෙ දුට‍්ඨධුත‍්තා, තුම‍්හෙ ‘සුරාපාතියං භෙසජ‍්ජං පක‍්ඛිපිත්‍වා ආගතාගතෙ පායෙත්‍වා විසඤ‍්ඤී කත්‍වා විලුම‍්පිස‍්සාමා’ති ආපානමණ‍්ඩලං සජ‍්ජෙත්‍වා නිසින‍්නා කෙවලං ඉමං සුරං වණ‍්ණෙථ, එකොපි තං උක‍්ඛිපිත්‍වා පිවිතුං න උස‍්සහති. සචෙ අයං අයොජිතා අස‍්ස, ඉමං තුම‍්හෙව පිවෙය්‍යාථා”ති තෙ ධුත‍්තෙ තජ‍්ජෙත්‍වා තතො පලාපෙත්‍වා අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා “ධුත‍්තෙහි කතකාරණං තථාගතස‍්ස ආරොචෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො ජෙතවනං ගන‍්ත්‍වා ආරොචෙසි. සත්‍ථා “ඉදානි තාව ගහපති තෙ ධුත‍්තා තං වඤ‍්චෙතුකාමා ජාතා, පුබ‍්බෙ පන පණ‍්ඩිතෙපි වඤ‍්චෙතුකාමා අහෙසු”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
“තථෙව පුණ්ණාපාතියොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, විෂ සුරාවක් අරබයා දෙසූහ. එක් කලෙක සැවැත් නුවර සුරා සොඬහු රැස්ව කුමන්ත්‍රණ කළහ. අපගේ සුරා මුදල් අවසන් විණි. දැන් ඒ කොහෙන් ලබන්නෙමු ද? එහි සිටි සැර පරුෂ සොඬකු මෙසේ කීය. ඒ පිළිබඳ නො සිතවු. උපායක් ඇත. කවර උපායක් ද? අනේපිඬු මහසිටුහු රාජ්‍යය සේවයට යන්නාහු, ඇඟිලි මුදු පැළඳ මටසිලුටු වස්ත්‍ර ඇඳ යති. අපි රා බඳුනට සිහි නැතිවෙන බෙහෙතක් යොදා අවන්හලක් සදා සිටාණන් එන කල මහසිටුතුමනි, මෙහෙන් එන්නයැ යි කැඳවා ඒ සුරා පොවා සිහි නැති වූ කල ඇඟිලි මුදු හා සළු පැහැරගෙන අපගෙ සුරා මුදල සොයා ගනිමු. අනෙක් සුරා සොඬහු ද ඒ පිළිගෙන එ සේ කොට සිටාණන් එන වේලෙහි පෙර ගමන්කොට සිටුතුමනි, මෙහෙන් එන්න. අපගේ ළඟ ඉමිහිරි සුරා ඇත. මඳක් බී යන්නැ යි කීවාහුය. කිම, සෝවාන් වීමෙන් අරී සව්වකු වූ සිටුතුමා රහමෙර බොන්නේ ද? අවශ්‍යතාවක් නැතිව ද සිටුතුමා ඒ සුරා සොඬුන් නිග්‍රහ කරනු පිණිස අවන් බිමට ගොස් ඔවුන්ගේ කාර්යය ද බලා මේ සුරාව මොවුන් විසින් මෙවැනි කරුණකට යොදන ලද්දේයැ යි දැන මෙතැන් පටන් ඔවුන් මෙයින් පලවා හරින්නෙමි යි සිතා මෙසේ කීය. එම්බා ක්‍රෑර ධූර්තයෙනි, තොපි සුරා බඳුනට බෙහෙත් යොදා පැමිණියවුන්ට පොවා සිහිසුන්කොට මිනිසුන් පහරන්නෙහු යි අවන්හලක් සදා හුන්නාහු, හුදෙක් සුරාව අගය කිරීම පමණක් කරන්නාහුය. තොපගෙන් එකෙක්වත් මඳක්වත් බීමට නො පෙළඹෙන්නෙහිය. ඉදින්, මෙහි එවැනි බෙහෙතක් නො යොදන ලද නම් තොපිත් බොවුහ යි ඔවුන් තැතිගන්වා පලවා හැර තමාගේ ගෙට ගොස් ධූර්තයන් කළ කරුණ බුදුරජුන්ට දන්වන්නෙමි යි අටියෙන් ගොස් දැන්වීය. එවිට බුදුරජහු මහසිට, මේ සුරා සොඬහු දැන් ඔබ වංචා කිරීමට කැමැත්තෝ මුත් පෙර නුවණැතුන් පවා වංචා කිරීමට කැමැත්තෝ වූහ යි වදාරා ඔහු විසින් අයදනා ලද්දාහු, අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසිසෙට‍්ඨි අහොසි. තදාපෙතෙ ධුත‍්තා එවමෙව සම‍්මන‍්තෙත්‍වා සුරං යොජෙත්‍වා බාරාණසිසෙට‍්ඨිස‍්ස ආගමනකාලෙ පටිමග‍්ගං ගන‍්ත්‍වා එවමෙව කථයිංසු. සෙට‍්ඨි අනත්‍ථිකොපි හුත්‍වා තෙ පරිග‍්ගණ‍්හිතුකාමො ගන‍්ත්‍වා තෙසං කිරියං ඔලොකෙත්‍වා “ඉදං නාමෙතෙ කාතුකාමා, පලාපෙස‍්සාමි නෙ ඉතො”ති චින‍්තෙත්‍වා එවමාහ “භොන‍්තො, ධුත‍්තා සුරං පිවිත්‍වා රාජකුලං ගන‍්තුං නාම අයුත‍්තං, රාජානං දිස‍්වා පුන ආගච‍්ඡන‍්තො ජානිස‍්සාමි, තුම‍්හෙ ඉධෙව නිසීදථා”ති රාජුපට‍්ඨානං ගන‍්ත්‍වා පච‍්චාගඤ‍්ඡි. ධුත‍්තා “ඉතො එථ, සාමී”ති. සොපි තත්‍ථ ගන‍්ත්‍වා භෙසජ‍්ජෙන සංයොජිතා සුරාපාතියො ඔලොකෙත්‍වා එවමාහ “භොන‍්තො ධුත‍්තා තුම‍්හාකං කිරියා මය‍්හං න රුච‍්චති, තුම‍්හාකං සුරාපාතියො යථාපූරිතාව ඨිතා, තුම‍්හෙ කෙවලං සුරං වණ‍්ණෙථ, න පන පිවථ. සචායං මනාපා අස‍්ස, තුම‍්හෙපි පිවෙය්‍යාථ, ඉමාය පන විසසංයුත‍්තාය භවිතබ‍්බ”න‍්ති තෙසං මනොරථං භින්‍දන‍්තො ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන සමයෙහි බෝසත්හු බරණැස් සිටුහු වූහ. එදා ද මේ ධූර්තයෝ එපරිද්දෙන් ම කුමන්ත්‍රණ කොට විෂ සුරා සකසා බරණැස් සිටු එන විට පෙර මඟට ගොස් පෙර මෙන් ම කීහ. එවිට සිටුතුමා නො කැමැති ව ඔවුන්ට පරිභව කරනු පිණිස ගොස් ඔවුන්ගේ කාර්යය ද බලා මේ සුරාව මොවුන් විසින් මෙවැනි කරුණකට යොදන ලද්දේයැ යි දැන පලවා හරින්නෙමි යි සිතා මෙසේ කීය. පින්වත් ධූර්තයනි, රජු වෙත යන විට සුරා පානය සුදුසු නො වේ. රජු බැහැ දැක එන විට බලමු. තොපි මෙහි ම හිඳුව යි කියා රාජ්‍ය සේවය අවසන්කොට ආපසු ආවේය. ධූර්තයෝ සිටුතුමනි, එනු මැනවැ යි ඇවිටිලි කළහ. සිටු ද එහි ගොස් බෙහෙත් යොදන ලද සුරා සැළ බලා ධූර්තයනි, තොපගේ ක්‍රියාපටිපාටිය මට රුචි නො වේ. තොපගේ සුරා සැළ පුරවන ලද පරිදි ම තිබේ. තොපි සුරාව අගය කරනවා පමණයි. නො බොන්නහුය. සුරා මෙතරම් මිහිරි නම් තොප ද බොවු. ඒකාන්තයෙන් මේ සුරා විෂ මිශ්‍ර විය යුතුයැ යි සුරා සොඬුන්ගේ මනදොළ සිඳිමින් මේ ගාථාව කීහ.
“තථෙව පුණ‍්ණා පාතියො, අඤ‍්ඤායං වත්තතෙ කථා; ආකාරණෙන ජානාමි, න චායං භද‍්දිකා සුරා”ති.
“තථෙව පුණ්ණාපාතියො අඤ්ඤායං වත්තතෙ කථා, ආකාරකෙන ජානාමි න චායං භද්දිකා සුරාති”
“සුරා බඳුන් පිරී පවතී. සුරා අගයන වෙනත් කථා පවථී. පවතින ආකාරයෙන් මේ යහපත් සුරා නො වන බව දනිමි.”
තත්‍ථ තථෙවාති යථා මයා ගමනකාලෙ දිට‍්ඨා, ඉදානිපි ඉමා සුරාපාතියො තථෙව පුණ‍්ණා. අඤ‍්ඤායං වත‍්තතෙ කථාති යා අයං තුම‍්හාකං සුරාවණ‍්ණනකථා වත‍්තති, සා අඤ‍්ඤාව අභූතා අතච‍්ඡා. යදි හි එසා සුරා මනාපා අස‍්ස, තුම‍්හෙපි පිවෙය්‍යාථ, උපඩ‍්ඪපාතියො අවසිස‍්සෙය්‍යුං. තුම‍්හාකං පන එකෙනාපි සුරා න පීතා. ආකාරණෙන ජානාමීති තස‍්මා ඉමිනා කාරණෙන ජානාමි. න චායං භද්දිකා සුරාති “නෙවායං භද‍්දිකා සුරා, විසසංයොජිතාය එතාය භවිතබ‍්බ”න‍්ති ධුත‍්තෙ නිග‍්ගණ‍්හිත්‍වා යථා න පුන එවරූපං කරොන‍්ති, තථා තෙ තජ‍්ජෙත්‍වා විස‍්සජ‍්ජෙසි. සො යාවජීවං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.
එහි “තථෙව” මා පැමිණෙන කාලයෙහි දුටු පරිදි දැනුදු ඒ පාත්‍ර එලෙස ම පිරී පවතී. “අඤ්ඤායං වත්තතෙ කථා” තොපගේ යම් සුරා අගයන කථා බොරුවකි. සත්‍යයයෙන් තොරය. ඉදින්, මේ සුරා මිහිරි නම් තොප ද බිය යුතුයි. එ සේ නම් ඉතිරි වන්නේ අඩක් පිරුණු සුරා බඳුන්ය. තොපගෙන් එකකු විසින් හෝ මේ සුරා පානය නො කරන ලදි. “ආකාරකෙන ජානාමි” එම නිසා මේ ආකාරයෙන් දනිමි. “න චායං භද්දිකා සුරාති” මේ සුරා යහපත් නො වන්නේය. මේවා විෂ යෙදූ සුරා විය යුතුයි. මෙසේ ධූර්තයන් අල්ලාගෙන නැවත එවැන්නක් නො කරන ලෙස තර්ජනයකොට අත්හළය. ඔහු දිවි හිමියෙන් දානාදී පිං කොට කම් වූ පරිදි මිය ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ධුත‍්තා එතරහි ධුත‍්තා, බාරාණසිසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජහු මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා සුරා සොඬහු දැන් ධූර්තයෝ ම වූහ. බරණැස් සිටු මම ම වීමි.
පුණ‍්ණපාතිජාතකවණ‍්ණනා තතියා.