4. කිංඵලජාතකවණ‍්ණනා 54 අට‍්ඨකථා
4. කිංඵලජාතකවණ‍්ණනා (54)
4. කිංඵල ජාතකය (54)
නායං රුක‍්ඛො දුරාරුහාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ඵලකුසලං උපාසකං ආරබ‍්භ කථෙසි. එකො කිර සාවත්‍ථිවාසී කුටුම‍්බිකො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා අත‍්තනො ආරාමෙ නිසීදාපෙත්‍වා යාගුඛජ‍්ජකං දත්‍වා උය්‍යානපාලං ආණාපෙසි “භික‍්ඛූහි සද‍්ධිං උය්‍යානෙ විචරිත්‍වා අය්‍යානං අම‍්බාදීනි නානාඵලානි දෙහී”ති. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා භික‍්ඛූසඞ‍්ඝමාදාය උය්‍යානෙ විචරන‍්තො රුක‍්ඛං උල‍්ලොකෙත්‍වාව “එතං ඵලං ආමං, එතං න සුපක‍්කං, එතං සුපක‍්ක”න‍්ති ජානාති. යං සො වදති, තං තථෙව හොති. භික‍්ඛූ ගන‍්ත්‍වා තථාගතස‍්ස ආරොචෙසුං “භන‍්තෙ, අයං උය්‍යානපාලො ඵලකුසලො භූමියං ඨිතොව රුක‍්ඛං උල‍්ලොකෙත්‍වා ‘එතං ඵලං ආමං, එතං න සුපක‍්කං, එතං සුපක‍්ක’න‍්ති ජානාති. යං සො වදති, තං තථෙව හොතී”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, අයමෙව උය්‍යානපාලො ඵලකුසලො, පුබ‍්බෙ පණ‍්ඩිතාපි ඵලකුසලායෙව අහෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.
“නායං රුක්‍ඛො දුරාරූහොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ගෙඩි වර්ග දැනීමෙන් දක්‍ෂ උපාසකයකු අරබයා දෙසූහ. සැවැත් නුවර වැසි කෙළෙඹියෙක් බුදුපාමොක් මහ සඟන තම උයනෙහි වඩා හිඳුවා කැඳ කැවිලි පිළිගන්වා උයන්පල්ලාට භික්‍ෂූන් සමග උයනෙහි හැසිර සංඝයාට අඹ ආදී නොයෙක් ගෙඩි ලබා දෙන ලෙස අණ කළේය. ඔහු ද මැනවැ යි පිළිගෙන භික්‍ෂූහු රැගෙන උයනෙහි හැසිරෙන්නේ, ගස දෙස බලා ම මේ ගෙඩිය අමුය. මෙය පැසුණේය. මේ මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියයි ද ඒ එ සේ මය. මෙකරුණ භික්‍ෂූහු ගොස් බුදුරජුන්ට සැල කළහ. ස්වාමීනි, මේ උයන්පල්ලා ගෙඩි ගැන දක්‍ෂයෙකි. බිම සිටි සේ ම ගස දෙස බලා මේ ගෙඩිය අමුය. මෙය මැනවින් නො පැසුණේය. මෙය මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියා ද එය එ සේ ම වෙයි. මහණෙනි, මේ උයන්පල්ලා ගෙඩි වර්ග පිළිබඳ දක්‍ෂයකු වූයේ දැන් පමණ නො වේ. පෙර ද නුවණැත්තේ ගෙඩි ගැන දක්‍ෂයෝ වූහ. ඉකුත් වත ගෙන හැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සත්‍ථවාහකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පඤ‍්චහි සකටසතෙහි වණිජ‍්ජං කරොන‍්තො එකස‍්මිං කාලෙ මහාවත‍්තනිඅටවිං පත්‍වා අටවිමුඛෙ ඨත්‍වා සබ‍්බෙ මනුස‍්සෙ සන‍්නිපාතාපෙත්‍වා “ඉමිස‍්සා අටවියා විසරුක‍්ඛා නාම හොන‍්ති, විසපත‍්තානි, විසපුප‍්ඵානි, විසඵලානි, විසමධූනි හොන‍්තියෙව, පුබ‍්බෙ තුම‍්හෙහි අපරිභුත‍්තං, යං කිඤ‍්චි පත‍්තං වා පුප‍්ඵං වා ඵලං වා පල‍්ලවං වා මං අපරිපුච‍්ඡිත්‍වා මා ඛාදථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා අටවිං ඔතරිංසු. අටවිමුඛෙ ච එකස‍්මිං ගාමද‍්වාරෙ කිංඵලරුක‍්ඛො නාම අත්‍ථි, තස‍්ස ඛන්‍ධසාඛාපලාසපුප‍්ඵඵලානි සබ‍්බානි අම‍්බසදිසානෙව හොන‍්ති. න කෙවලං වණ‍්ණසණ‍්ඨානතොව, ගන්‍ධරසෙහිපිස‍්ස ආමපක‍්කානි ඵලානි අම‍්බඵලසදිසානෙව, ඛාදිතානි පන හලාහලවිසං විය තඞ‍්ඛණඤ‍්ඤෙව ජීවිතක‍්ඛයං පාපෙන‍්ති. පුරතො ගච‍්ඡන‍්තා එකච‍්චෙ ලොලපුරිසා “අම‍්බුරුක‍්ඛො අය”න‍්ති සඤ‍්ඤාය ඵලානි ඛාදිංසු, එකච‍්චෙ “සත්‍ථවාහං පුච‍්ඡිත්‍වාව ඛාදිස‍්සාමා”ති හත්‍ථෙන ගහෙත්‍වා අට‍්ඨංසු. තෙ සත්‍ථවාහෙ ආගතෙ “අය්‍ය, ඉමානි අම‍්බඵලානි ඛාදාමා”ති පුච‍්ඡිංසු. බොධිසත‍්තො “නායං අම‍්බරුක‍්ඛො”ති ඤත්‍වා “කිං ඵලරුක‍්ඛො නාමෙස, නායං අම‍්බරුක‍්ඛො, මා ඛාදිත්‍ථා”ති වාරෙත්‍වා යෙ ඛාදිංසු. තෙපි වමාපෙත්‍වා චතුමධුරං පායෙත්‍වා නිරොගෙ අකාසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සිටු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව පන්සියයක් ගැල් යොදා වෙළඳාම් කරන්නෝ, එක් කලෙක බෝසත්හු මහමඟ වනයට පැමිණ වන මුව දොර සිට සියලු මිනිසුන් රැස්කැරවා මේ වනයෙහි විෂ ගස් තිබේ. එ සේ ම විෂ කොළ, මල්, ගෙඩි, මී ඇත. එම නිසා තොප විසින් පෙර පරිභෝග නො කරන ලද කොළයක්, මලක්, ගෙඩියක් මා නො විචාරා නො කෑ යුතුයැ යි කීහ. ඔවුහු ද ඒ මැනවැ යි පිළිගෙන වනයට පිවිසියහ. එක් වනය අද්දර ගම් දොරක කිම්ඵල නම් ගසක් ඇත. ඒ ගසෙහි කඳ, අතුරිති, මල්, ගෙඩි සියල්ලම අඹ ගසට සමානය. වර්ණයෙන් පමණක් නොව පැසුණු නො පැසුණු ගෙඩි ගඳ, රසයෙන් ද අඹ ගෙඩි සමාන විය. කෑ කල්හි හලාහල විෂයක් මෙන් එකෙණෙහි ම දිවි තොර කරයි. පෙරටුව ගිය සමහර කෑදර පුරුෂයෝ මේ අඹ ගසක්යැ හැඟීමෙන් කිම්ඵල කෑහ. සමහරු ගෙඩි ගෙන සාත්තු නායකයා විචාරා කමු යි අතින් ගෙන සිටියහ. ඔවුහු සාත්තු නායකයා පැමිණි කල ආර්යයෙනි, මේ අඹ ඵල කන්නෙමු යි විචාළහ. බෝසත්හු ඔවුන් අමතා දරුවනි, මේ අඹ නො වේ. නො කවු, ඔවුන් වළකා, යම් කෙනකු කෑ ද ඔවුන් වමනය කැරවීමෙන් චතුමධුර පොවා සුවපත් කළහ.
පුබ‍්බෙ පන ඉමස‍්මිං රුක‍්ඛමූලෙ මනුස‍්සා නිවාසං කප‍්පෙත්‍වා “අම‍්බඵලානී”ති සඤ‍්ඤාය ඉමානි විසඵලානි ඛාදිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණන‍්ති. පුනදිවසෙ ගාමවාසිනො නික‍්ඛමිත්‍වා මතමනුස‍්සෙ දිස‍්වා පාදෙ ගණ‍්හිත්‍වා පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඡඩ‍්ඩෙත්‍වා සකටෙහි සද‍්ධිංයෙව සබ‍්බං තෙසං සන‍්තකං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. තෙ තං දිවසම‍්පි අරුණුග‍්ගමනකාලෙයෙව “මය‍්හං බලිබද‍්දො භවිස‍්සති, මය‍්හං සකටං, මය‍්හං භණ‍්ඩ”න‍්ති වෙගෙන තං රුක‍්ඛමූලං ගන‍්ත්‍වා මනුස‍්සෙ නිරොගෙ දිස‍්වා “කථං තුම‍්හෙ ඉමං රුක‍්ඛං ‘නායං අම‍්බරුක‍්ඛො’ති ජානිත්‍ථා”ති පුච‍්ඡිංසු. තෙ “මයං න ජානාම, සත්‍ථවාහජෙට‍්ඨකො නො ජානාතී”ති ආහංසු. මනුස‍්සා බොධිසත‍්තං පුච‍්ඡිංසු “පණ‍්ඩිත, කින‍්ති කත්‍වා ත්‍වං ඉමස‍්ස රුක‍්ඛස‍්ස අනම‍්බරුක‍්ඛභාවං අඤ‍්ඤාසී”ති? සො “ද‍්වීහි කාරණෙහි අඤ‍්ඤාසි”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –
පෙර ද මිනිස්සු මේ ගස මුල නවාතැන් ගෙන අඹ ගෙඩියැ යි සිතා මේ විෂ ගෙඩි කා මරණයට පැමිණෙති. ගම් වාසීහු පසු දින නික්ම ඒ මළ මිනිසුන් දැක පාදයෙන් ගෙන මළ සිරුර කැලයට ඇද දමා ගැල් සමග ඔවුන් සන්තක දේ රැගෙන යති. මෙදින ද ඒ මිනිස්සු අරුණු නැගෙන වේලෙහිම අවුත් ගොනුන් මටය. ගැල මටය. මේ මේ භාණ්ඩ මටයැ යි කියමින් ගස ළඟට පැමිණ නිරෝගී ව සිටි මිනිසුන් දැක ඔබ මේ ගස අඹ නො වන බව කෙසේ දැන ගත්තහු ද? අපි නො දනිමු. අපේ ගැල් දෙටු නායකයා දැන ගත්හ යි කීහ. මිනිස්සු බෝසත්නු වෙත පැමිණ නුවණැත්තෙහි, ඔබ මේ ගස අඹ නො වන බව කෙසේ දත්තහු ද? මම කරුණු දෙකකින් ඒ දැන ගතිමි යි කියා මේ ගාථාව කීහ.
“නායං රුක‍්ඛො දුරාරුහො, නපි ගාමතො ආරකා; ආකාරණෙන ජානාමි, නායං සාදුඵලො දුමො”ති.
“නායං රුක්ඛො දුරාරූහො නපි ගාමතො ආරකා, ආකාරකෙන ජානාමි නායං සාදුඵලො දුමොති”
“මේ ගසට නැඟීමට අපහසු නො වේ. ගමින් දුර වූයේ ද නො වෙයි. එ සේ වුවත් රසවත් ගෙඩි පිරී ඇති ගසකි. මෙකරුණින් මේ ගස යහපත් ගෙඩි ඇති ගසක් නො වන බව දනිමි.”
තත්‍ථ නායං රුක‍්ඛො දුරාරුහොති අයං විසරුක‍්ඛො න දුක‍්ඛාරුහො, උක‍්ඛිපිත්‍වා ඨපිතනිස‍්සෙණී විය සුඛෙනාරොහිතුං සක‍්කාති වදති. නපි ගාමතො ආරකාති ගාමතො දූරෙ ඨිතොපි න හොති, ගාමද‍්වාරෙ ඨිතොයෙවාති දීපෙති. ආකාරණෙන ජානාමීති ඉමිනා දුවිධෙන කාරණෙනාහං ඉමං රුක‍්ඛං ජානාමි. කින‍්ති? නායං සාදුඵලො දුමොති. සචෙ හි අයං මධුරඵලො අම‍්බරුක‍්ඛො අභවිස‍්ස, එවං සුඛාරුළ‍්හෙ අවිදූරෙ ඨිතෙ එතස‍්මිං එකම‍්පි ඵලං න තිට‍්ඨෙය්‍ය, ඵලඛාදකමනුස‍්සෙහි නිච‍්චං පරිවුතොව අස‍්ස. එවං අහං අත‍්තනො ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ඉමස‍්ස විසරුක‍්ඛභාවං අඤ‍්ඤාසින‍්ති මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා සොත්‍ථිගමනං ගතො.
එහි “නායං රුක්ඛො දුරාරූහො” මේ විෂ ගසට සුව සේ නැඟිය හැකිය. ඔසවා තබන ලද හිනි මඟක් ලෙහෙසියෙන් නැඟිය හැකි බව කියයි. “නපි ගාමතො ආරකා” ගමින් ඉතා බැහැර නො වේ. ගම් දොර පිහිටියේමැ යි කියයි. “ආකාරකෙන ජානාමි” ඉදින්, මේ ගස මිහිරි ගෙඩි ඇති අඹ ගසක් වූයේ නම්, ගම් දොර පිහිටි සුව සේ නැඟිය හැකි මේ ගසෙහි එක ගෙඩියක්වත් ඉතිරි නො වන්නේය. ගෙඩි කන මිනිසුන් විසින් නිතර පිරිවරන ලද්දේ ම වන්නේය. මෙසේ මම මගේ ම ඥානයෙන් මේ විෂ ගසක් බව දන්නෙමි. මෙසේ බෝසත්හු මහජනයාට දම් දෙසා යහපත් ගමනක් ගියහ.
සත්‍ථාපි “එවං, භික‍්ඛවෙ, පුබ‍්බෙ පණ‍්ඩිතාපි ඵලකුසලා අහෙසු”න‍්ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පරිසා බුද‍්ධපරිසා අහෙසුං, සත්‍ථවාහො පන අහමෙව අහොසි”න‍්ති.
බුදු රජහු මහණෙනි, පෙර පඬිවරු ද ගෙඩි වර්ග දැනීමෙහි දක්‍ෂයෝ වූහ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා වදාරා ජාතකය නිමා කළහ. එකල පිරිස බුදුපිරිස වූහ. ගැල් නායකයා මම ම වීමි.
කිංඵලජාතකවණ‍්ණනා චතුත්‍ථා.