යෙදුමෙන් කියවන්න

5. පඤ‍්චාවුධජාතකවණ‍්ණනා 55 අට‍්ඨකථා

5. පඤ‍්චාවුධජාතකවණ‍්ණනා (55)

5. පඤ්චාවුධ ජාතකය (55)

යො අලීනෙන චිත‍්තෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ඔස‍්සට‍්ඨවීරියං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා ආමන‍්තෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ඔස‍්සට‍්ඨවීරියොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භගවා”ති වුත‍්තෙ “භික‍්ඛු පුබ‍්බෙ පණ‍්ඩිතා වීරියං කාතුං යුත‍්තට‍්ඨානෙ වීරියං කත්‍වා රජ‍්ජසම‍්පත‍්තිං පාපුණිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

“යො අලීනෙන චිත්තෙන” යන මේ ජාතකය බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, හළ වීර්යය ඇති භික්‍ෂුවක් අරබයා වදාළහ. උන්වහන්සේ ඒ භික්‍ෂුව අමතා මහණ, ඔබ වීර්යය අත්හළේ සත්‍යයදැ යි විමසා සත්‍යයැ යි භාග්‍යවතුන් වහන්ස, කී කල්හි, පෙර නුවණැත්තෝ වීර්යය කිරීමට සුදුසු තැනදී වීරියකොට රජ සැපතට පත්වූහ යි වදාරා ඉකුත් වත දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ අට‍්ඨසතෙ බ්‍රාහ‍්මණෙ සබ‍්බකාමෙහි සන‍්තප‍්පෙත්‍වා ලක‍්ඛණානි පුච‍්ඡිංසු. ලක‍්ඛණකුසලා බ්‍රාහ‍්මණා ලක‍්ඛණසම‍්පත‍්තිං දිස‍්වා “පුඤ‍්ඤසම‍්පන‍්නො, මහාරාජ, කුමාරො තුම‍්හාකං අච‍්චයෙන රජ‍්ජං පාපුණිස‍්සති, පඤ‍්චාවුධකම‍්මෙ පඤ‍්ඤාතො පාකටො ජම‍්බුදීපෙ අග‍්ගපුරිසො භවිස‍්සතී”ති බ්‍යාකරිංසු. රාජා බ්‍රාහ‍්මණානං වචනං සුත්‍වා කුමාරස‍්ස නාමං ගණ‍්හන‍්තො “පඤ‍්චාවුධකුමාරො”ති නාමං අකාසි. අථ නං විඤ‍්ඤුතං පත්‍වා සොළසවස‍්සුද‍්දෙසෙ ඨිතං රාජා ආමන‍්තෙත්‍වා “තාත, සිප‍්පං උග‍්ගණ‍්හාහී”ති ආහ. “කස‍්ස සන‍්තිකෙ උග‍්ගණ‍්හාමි, දෙවා”ති? “ගච‍්ඡ, තාත, ගන්‍ධාරරට‍්ඨෙ තක‍්කසිලනගරෙ දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ උග‍්ගණ‍්හ, ඉදඤ‍්චස‍්ස ආචරියභාගං දජ‍්ජෙය්‍යාසී”ති සහස‍්සං දත්‍වා උය්‍යොජෙසි. සො තත්‍ථ ගන‍්ත්‍වා සිප‍්පං සික‍්ඛිත්‍වා ආචරියෙන දින‍්නං පඤ‍්චාවුධං ගහෙත්‍වා ආචරියං වන්‍දිත්‍වා තක‍්කසිලනගරතො නික‍්ඛමිත්‍වා සන‍්නද‍්ධපඤ‍්චාවුධො බාරාණසිමග‍්ගං පටිපජ‍්ජි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් ඒ රජුගේ අග මෙහෙසිය කුස උපන්හ. ඔහුට නම් තබන දිනයෙහි අටතුරා සියක් බමුණන් කැමැති සියලු දෙයින් සතප්පවා කුමරුගේ ලකුණු විචාළහ. ලකුණු සතරෙහි දක්‍ෂ වූ බමුණෝ ලකුණු සම්පත් පිරික්සා මහරජ, කුමරා පින්වත්ය. ඔබගේ ඇවෑමෙන් රජ වන්නේය. පංච ආයුධ කර්මයෙහි කැපී පෙනෙන්නේ ප්‍රකට ව දඹදිව ශ්‍රේෂ්ඨ පුරුෂයා වන්නේයැ යි ප්‍රකාශ කළහ. බමුණන්ගේ වදන් ඇසූ කුමරුට නම් තබන්නාහු. පඤ්චායුධ කුමාරයා යි නම් තැබූහ. පිය රජු සොළොස් වියෙහි සිටි ඔහු අමතා දරුව, ශිල්ප උගනුව යි කීය. පියාණෙනි, කවුරු ළඟ උගනිමි ද? දරුව, ගන්‍ධාර රට තක්සලා නුවරට යව. එහි දිසාපාමොක් ඇදුරුගේ ළඟ ශිල්ප උගනිවු යි ඔහුට ගුරු දීමනා වශයෙන් දෙන්නැ යි දහසක් දී පිටත් කළේය. කුමරා එහි ගොස් සිප්සතර හදාරා ගුරුන් විසින් දෙන ලද පංචායුධය ගෙන ගුරුන් වැඳ තක්සලා නුවරින් නික්ම පංචායුධයෙන් සැරසී බරණැස් නුවර මඟට පිවිසියේය.

සො අන‍්තරාමග‍්ගෙ සිලෙසලොමයක‍්ඛෙන නාම අධිට‍්ඨිතං එකං අටවිං පාපුණි. අථ නං අටවිමුඛෙ මනුස‍්සා දිස‍්වා “භො මාණව, මා ඉමං අටවිං පවිස, සිලෙසලොමයක‍්ඛො නාමෙත්‍ථ අත්‍ථි, සො දිට‍්ඨදිට‍්ඨෙ මනුස‍්සෙ ජීවිතක‍්ඛයං පාපෙතී”ති වාරයිංසු. බොධිසත‍්තො අත‍්තානං තක‍්කෙන‍්තො අසම‍්භීතකෙසරසීහො විය අටවිං පාවිසියෙව. තස‍්මිං අටවිමජ‍්ඣං සම‍්පත‍්තෙ සො යක‍්ඛො තාලමත‍්තො හුත්‍වා කූටාගාරමත‍්තං සීසං පත‍්තප‍්පමාණානි අක‍්ඛීනි, දකලිමකුළමත‍්තා ද‍්වෙ දාඨා ච මාපෙත්‍වා සෙතමුඛො කබරකුච‍්ඡි නීලහත්‍ථපාදො හුත්‍වා බොධිසත‍්තස‍්ස අත‍්තානං දස‍්සෙත්‍වා “කහං යාසි, තිට‍්ඨ භක‍්ඛොසි මෙ”ති ආහ. අථ නං බොධිසත‍්තො “යක‍්ඛ, අහං අත‍්තානං තක‍්කෙත්‍වා ඉධ පවිට‍්ඨො, ත්‍වං අප‍්පමත‍්තො හුත්‍වා මං උපගච‍්ඡෙය්‍යාසි. විසපීතෙන හි සරෙන තං විජ‍්ඣිත්‍වා එත්‍ථෙව පාතෙස‍්සාමී”ති සන‍්තජ‍්ජෙත්‍වා හලාහලවිසපීතං සරං සන‍්නය‍්හිත්‍වා මුඤ‍්චි, සො යක‍්ඛස‍්ස ලොමෙසුයෙව අල‍්ලීයි. තතො අඤ‍්ඤං, තතො අඤ‍්ඤන‍්ති එවං පඤ‍්ඤාස සරෙ මුඤ‍්චි, සබ‍්බෙ තස‍්ස ලොමෙසුයෙව අල‍්ලීයිංසු. යක‍්ඛො සබ‍්බෙපි තෙ සරෙ ඵොටෙත්‍වා අත‍්තනො පාදමූලෙයෙව පාතෙත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමි.

එතුමෝ අතරමඟ සිලෙසලෝම නම් යකකු විසින් අරක් ගන්නා ලද වනයකට පැමිණියහ. වන මුවෙහි සිටි මිනිස්සු එතුමන් දැක පින්වත් තරුණය, මේ වනයට නො පිවිසෙනු මැනව. මෙහි ඇලෙන ලොම් ඇති යකකු ඇත. ඔහු දුටු දුටු මිනිසුන් මරතැ යි වැළකූහ. එහෙත් බෝසත්හු තමා ම තර්ක කරමින් නිර්භීත කේසර සිංහයකු සෙයින් වනයට පිවිසියෝ මය. බෝසතුන් වන මැදට පැමිණි කල්හි ඒ යක්‍ෂයා තල් ගසක් පමණ මැවී, කුළු ගෙයක් පමණ හිස හා පාත්‍රයක් පමණ ඇස් ඇතිව නෙළුම් අල මෙන් දළ දෙකක් මවා සුදු මුහුණින් හා ලප ඇති කුසින් යුතුව නිල්වන් අත් පා ඇත්තේ, බෝසතුන්ට තමා දැක්වීය. සිටුව, කොහි යන්නෙහි ද? මගේ භෝජනය වෙහි යි කීය. එවිට බෝසත්හු, යක්‍ෂය, මම මගේ පමණ දැන මෙහි පිවිසියෙමි. ඔබ අප්‍රමාද ව මා වෙත ආ යුතුය. විෂ පොවන ලද මේ ඊයෙන් විද ඔබ මෙතැන ම හෙළමි යි තැති ගන්වා හලාහල විෂ පෙවූ ඊයක් මුදා හැරියේය. ඊය යකුගේ ලොම්වල ඇලිණි. මෙසේ නැවත විදින්නාහු, ඊ පණසක් මුදාහළහ. ඒ සියල්ල ලොම්වල ඇලිණි. එවිට යක්‍ෂයා ඇඟ කිළිපොලා සියලු ම ඊ පාමුල හෙළා බෝසතුන් වෙත පැමිණියේය.

බොධිසත‍්තො පුනපි තං තජ‍්ජෙත්‍වා ඛග‍්ගං කඩ‍්ඪිත්‍වා පහරි, තෙත‍්තිංසඞ‍්ගුලායතො ඛග‍්ගො ලොමෙසුයෙව අල‍්ලීයි. අථ නං කණයෙන පහරි, සොපි ලොමෙසුයෙව අල‍්ලීයි. තස‍්ස අල‍්ලීනභාවං ඤත්‍වා මුග‍්ගරෙන පහරි, සොපි ලොමෙසුයෙව අල‍්ලීයි. තස‍්ස අල‍්ලීනභාවං ඤත්‍වා කුන‍්තෙන පහරි, සොපි ලොමෙසුයෙව අල‍්ලීයි. තස‍්ස අල‍්ලීනභාවං ඤත්‍වා “භො යක‍්ඛන, තෙ අහං ‘පඤ‍්චාවුධකුමාරො නාමා’ති සුතපුබ‍්බො, අහං තයා අධිට‍්ඨිතං අටවිං පවිසන‍්තො න ධනුආදීනි තක‍්කෙත්‍වා පවිට‍්ඨො, අත‍්තානංයෙව පන තක‍්කෙත්‍වා පවිට‍්ඨො, අජ‍්ජ තං පොථෙත්‍වා චුණ‍්ණවිචුණ‍්ණං කරිස‍්සාමී”ති උන‍්නාදෙන‍්තො අත‍්තානං තක‍්කෙත්‍වා දක‍්ඛිණහත්‍ථෙන යක‍්ඛං පහරි, හත්‍ථො ලොමෙසුයෙව අල‍්ලීයි. වාමහත්‍ථෙන පහරි, සොපි අල‍්ලීයි. දක‍්ඛිණපාදෙන පහරි, සොපි අල‍්ලීයි. වාමපාදෙන පහරි, සොපි අල‍්ලීයි. “සීසෙන තං පොථෙත්‍වා චුණ‍්ණවිචුණ‍්ණං කරිස‍්සාමී”ති සීසෙන පහරි, තම‍්පි ලොමෙසුයෙව අල‍්ලීයි. සො පඤ‍්චොඩ‍්ඩිතො පඤ‍්චසු ඨානෙසු බද‍්ධො ඔලම‍්බන‍්තොපි නිබ‍්භයො නිස‍්සාරජ‍්ජොව අහොසි.

බෝසත්හු නැවතත් යකු බිය ගන්වා කඩුව ගෙන පහරක් ගැසීය. තෙතිස් අඟලක් දික් වූ කඩුව යකුගේ ලොම්වල ම ඇලිණි. ඊළඟට බෝසත්හු උලෙන් පහර දුන්හ. එය ද යකුගේ ලොම්වල ම ගැළිණි. මුගුරෙන් පහර දුනි. එය ද ලොම්වල ඇලිණි. ඔහු ඇලෙන බව දැන බෝසත්හු යකු අමතා යක්‍ෂය, මම පඤ්චායුධ කුමාරයා බව ඔබ නො ඇසූ විරූ ද? මා ඔබ අරක්ගත් මේ අඩවියට පැමිණියේ දුනු ආදී ආයුධ තකාගෙන නො වේ. තමා ගැන ම විශ්වාසය තබා පැමිණියෙමි. අද මම ඔබ අතින් තල සුණුවිසුණු කරන්නෙමි යි අධිෂ්ඨාන බව දක්වා ඝෝෂා කොට දකුණතින් පහරක් දුන්හ. අත ලොම්වල ඇලී ගියේය. මෙසේ වම් අතින් පහර දුන්හ. එය ද ඇලිණි. දකුණු පය ද වම් පය ද යක්‍ෂයාගේ ලොම්වල ඇලිණි. හිසින් යකු සුණුවිසුණු කරමි යි හිසින් පහර දුන්නේය. හිස ද ලොම්වල ඇලිණි. ඒ බෝසත්හු මෙසේ පස් තැනකින් ඔසවාගෙන පස් තැනකින් බැඳී යකුගේ සිරුරෙහි එල්ලෙමින් සිටිය ද අභීත ව අදීන ව සිටියහ.

යක‍්ඛො චින‍්තෙසි “අයං එකො පුරිසසීහො පුරිසාජානීයො, න පුරිසමත‍්තොව, මාදිසෙන නාමස‍්ස යක‍්ඛෙන ගහිතස‍්ස සන‍්තාසමත‍්තම‍්පි න භවිස‍්සති, මයා ඉමං මග‍්ගං හනන‍්තෙන එකොපි එවරූපො පුරිසො න දිට‍්ඨපුබ‍්බො, කස‍්මා නු ඛො එස න භායතී”ති. සො තං ඛාදිතුං අවිසහන‍්තො “කස‍්මා නු ඛො, ත්‍වං මාණව, මරණභයං න භායසී”ති පුච‍්ඡි. “කිංකාරණා, යක‍්ඛ, භායිස‍්සාමි. එකස‍්මිඤ‍්හි අත‍්තභාවෙ එකං මරණං නියතමෙව, අපිච මය‍්හං කුච‍්ඡිම‍්හි වජිරාවුධං අත්‍ථි. සචෙ මං ඛාදිස‍්සසි, තං ආවුධං ජීරාපෙතුං න සක‍්ඛිස‍්සසි, තං තෙ අන‍්තානි ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සති. ඉති උභොපි නස‍්සිස‍්සාම, ඉමිනා කාරණෙනාහං න භායාමී”ති. ඉදං කිර බොධිසත‍්තො අත‍්තනො අබ‍්භන‍්තරෙ ඤාණාවුධං සන්‍ධාය කථෙසි. තං සුත්‍වා යක‍්ඛො චින‍්තෙසි “අයං මාණවො සච‍්චමෙව භණති, ඉමස‍්ස පුරිසසීහස‍්ස සරීරතො මුග‍්ගබීජමත‍්තම‍්පි මංසඛණ‍්ඩං මය‍්හං කුච‍්ඡි ජීරෙතුං න සක‍්ඛිස‍්සති, විස‍්සජ‍්ජෙස‍්සාමි න”න‍්ති මරණභයතජ‍්ජිතො බොධිසත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා “මාණව, පුරිසසීහො ත්‍වං, න තෙ අහං මංසං ඛාදිස‍්සාමි, ත්‍වං අජ‍්ජ රාහුමුඛා මුත‍්තචන්‍දො විය මම හත්‍ථතො මුච‍්චිත්‍වා ඤාතිසුහජ‍්ජමණ‍්ඩලං තොසෙන‍්තො යාහී”ති ආහ.

යක්‍ෂයා මෙසේ සිතීය. මොහු වනාහි නාම මාත්‍රයෙන් පුරුෂයකු නො වේ. පුරුෂ සිංහයෙකි. ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. මා වැනි යකකු විසින් අල්ලාගත් කළ පවා තැති ගැස්මක් නැත්තේය. මේ මඟෙහි දී මරන ලද පුරුෂයන් අතර මෙවැනි එක් පුරුෂයකුවත් නො දුටු විරූය. මොහු බය නො වන්නේ කුමක් නිසාදැ යි ඇසීය. මානවකය, ඔබ බය නො වීමට හේතුව කුමක් ද? යක්‍ෂය, මා බය වන්නේ කුමක් නිසා ද? එක් අත් බවක් තුළ එක් මරණයක් නියතමැ යි. ඒ හැරත් මගේ කුස තුළ වජිර (දියමන්ති) ආයුධයක් ඇත. ඉදින්, මා අනුභව කරන්නෙහි නම් එම ආයුධය දිරවන්න නො හැකි වන්නෙහිය. ඔබගේ අතුනු බහන් කඩ කඩ වී මරණයට පත් කරන්නේය. එ සේ වත් ම අපි දෙදෙනා ම නසින්නෙමු. මම මෙකරුණින් බය නො වෙමි යි, මෙහි දී බෝසත්හු තම අභ්‍යන්තරයෙහි ඇති ඥානය නැමැති ආයුධය සඳහා කීහ. ඒ අසා යක්‍ෂයා මෙසේ සිතී. මේ මානවකයා ඇත්තක් ම කියයි. මේ උතුම් පුරුෂයාගේ සිරුරින් මුං පියල්ලක් පමණ වූ හෝ මස් කැබැල්ලක, මගේ කුස තුළ දිරවන්න නො හැකි වන්නේය. මොහු මුදා හරිමි යි, මරණ බයින් තැති ගත්තේ, බෝසතුන් මුදා හැර මානවකය, ඔබ උතුම් පුරුෂයෙකි. ඔබගේ මාංශ මම නුබුදිමි. ඔබ අද රාහු මුවින් මිඳුණු සඳ මෙන් මගේ අතින් මිදී නෑ මිතුර මඩුල්ල සතුටු කරමින් යව යි කීය.

අථ නං බොධිසත‍්තො ආහ – “යක‍්ඛ, අහං තාව ගච‍්ඡිස‍්සාමි, ත්‍වං පන පුබ‍්බෙපි අකුසලං කත්‍වා ලුද‍්දො ලොහිතපාණි පරරුහිරමංසභක‍්ඛො යක‍්ඛො හුත්‍වා නිබ‍්බත‍්තො. සචෙ ඉධාපි ඨත්‍වා අකුසලමෙව කරිස‍්සසි, අන්‍ධකාරා අන්‍ධකාරමෙව ගමිස‍්සසි, මං දිට‍්ඨකාලතො පට‍්ඨාය පන න සක‍්කා තයා අකුසලං කාතුං, පාණාතිපාතකම‍්මං නාම නිරයෙ තිරච‍්ඡානයොනියං පෙත‍්තිවිසයෙ අසුරකායෙ ච නිබ‍්බත‍්තෙති, මනුස‍්සෙසු නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ අප‍්පායුකසංවත‍්තනිකං හොතී”ති එවමාදිනා නයෙන පඤ‍්චන‍්නං දුස‍්සීල්‍යකම‍්මානං ආදීනවං, පඤ‍්චන‍්නං සීලානං ආනිසංසඤ‍්ච කථෙත්‍වා නානාකාරණෙහි යක‍්ඛං තජ‍්ජෙත්‍වා ධම‍්මං දෙසෙත්‍වා දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා තස‍්සායෙව නං අටවියා බලිපටිග‍්ගාහකං දෙවතං කත්‍වා අප‍්පමාදෙන ඔවදිත්‍වා අටවිතො නික‍්ඛමිත්‍වා අටවිමුඛෙ මනුස‍්සානං ආචික‍්ඛිත්‍වා සන‍්නද‍්ධපඤ‍්චාවුධො බාරාණසිං ගන‍්ත්‍වා මාතාපිතරො දිස‍්වා අපරභාගෙ රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

ඉක්බිති, බෝසත්හු යක්‍ෂයාට කියන්නාහු, යක්‍ෂය, මම යමි. ඔබ පෙරත් අකුසල්කොට මෙරමා මස්, ලේ බුදින පරුෂ යකකු වී උපන්නෙහිය. දැනුත් ඔබ අකුසල් ම කරන්නෙහිය. අඳුරෙන් අඳුරට ම යන්නෙහිය. මා හමුවූ මේ මොහොතේ සිට ඔබට පව් කළ නො හැකිය. පර පණ නැසීම නම් අපාය, තිරිසන් භවය, ප්‍රේත භවය, අසුර කාය යන සිව් දුගතියෙහි උපදවයි. මිනිසුන් අතර උපන් තන්හි මඳ ආයු ඇත්තකු වේ. මේ ආදී ක්‍රමයෙන් ප්‍රාණඝාතාදී පස් දුසිරිතෙහි ආදීනව ද පන්සිල්හි අනුසස් ද දක්වා නොයෙක් කරුණු ගෙනහැර දක්වා යකු බිය ගන්වා දම් දෙසා දමනය කොට පන්සිල්හි පිහිටුවා එම වන පියසෙහි ම පූජාවන් පිළිගන්නා දෙවියකු කොට සිහිනුවණින් වෙසෙන ලෙස අවවාද කොට වනයෙන් නික්මෙන්නාහු, වන මුවෙහු සිටි මිනිසුන්ට තතු පහදා දී පඤ්චායුධයෙන් සැරසී බරණැස් නුවරට ගොස් මව්පියන් දැක පසු කාලයෙහි රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කරන්නාහු, දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියහ.

සත්‍ථාපි ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජහු ද මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා සම්බුදු වූ සේක්, මේ ගාථාව වදාළහ.

“යො අලීනෙන චිත‍්තෙන, අලීනමනසො නරො; භාවෙති කුසලං ධම‍්මං, යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා; පාපුණෙ අනුපුබ‍්බෙන, සබ‍්බසංයොජනක‍්ඛය”න‍්ති.

“යො අලීනෙන චිත්තෙන අලීනමනසෝ නරො, භාවෙත කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා, පාපුණෙ අනුපුබ්බෙන සබ්බ සංයොජනක්‍ඛයන්ති”

“නිවන සඳහා යොමු වූ උදාර අදහස් ඇති යම් මිනිසෙක් නොපසුබට සිතින් යොගක්ඛෙම නම් වූ නිවනට පැමිණීම සඳහා කුසල ධර්ම වඩයි ද, හෙතෙම පිළිවෙලින් සියලු සසර බැමි නැති කරන රහත් ඵලයට පැමිණෙයි.”

තත්‍රායං පිණ‍්ඩත්‍ථො – යො පුරිසො අලීනෙන අසංකුටිතෙන චිත‍්තෙන පකතියාපි අලීනමනො අලීනජ‍්ඣාසයොව හුත්‍වා අනවජ‍්ජට‍්ඨෙන කුසලං සත‍්තතිං සබොධිපක‍්ඛියභෙදං ධම‍්මං භාවෙති වඩ‍්ඪෙති, විසාලෙන චිත‍්තෙන විපස‍්සනං අනුයුඤ‍්ජති චතූහි යොගෙහි ඛෙමස‍්ස නිබ‍්බානස‍්ස පත‍්තියා, සො එවං සබ‍්බසඞ‍්ඛාරෙසු “අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා”ති තිලක‍්ඛණං ආරොපෙත්‍වා තරුණවිපස‍්සනතො පට‍්ඨාය උප‍්පන‍්නෙ බොධිපක‍්ඛියධම‍්මෙ භාවෙන‍්තො අනුපුබ‍්බෙන එකසංයොජනම‍්පි අනවසෙසෙත්‍වා සබ‍්බසංයොජනක‍්ඛයකරස‍්ස චතුත්‍ථමග‍්ගස‍්ස පරියොසානෙ උප‍්පන‍්නත‍්තා “සබ‍්බසංයොජනක‍්ඛයො”ති සඞ‍්ඛ්‍යං ගතං අරහත‍්තං පාපුණෙය්‍යාති.

එහි පිණ්ඩාර්ථය කැටිකොට ගත් අර්ථය නම් “යො” යම් පුරුෂයෙක්, “අලීනෙන” නො පසුබට, “චිත්තෙන්ති” ස්වභාවයෙන් ම වීර්යයවත් වූ සිත් ඇත්තේ, උදාර අදහස් ඇත්තේ වී නිවැරදි යන අරුතින් “කුසලං” කුසල නම් වූ සත් තිස් බෝධිපාක්‍ෂික නම් “ධම්මං භාවෙති” දහම් වඩයි ද නො හැකුලුණු සිතින් විදසුන් වඩයි ද සිව් වැදෑරුම් යෝගයෙන් නිර්භය වූ නිවනට පැමිණීම සඳහා ඔහු සියලු සංඛාරයන් අනිච්ච, දුක්‍ඛ, අනත්ත යන ත්‍රිලක්‍ෂණයට නඟා ශක්තිමත් විදසුනෙහි පටන් අත්වන බෝධිපාක්‍ෂික ධර්ම වඩා, “අනුපුබ්බෙන” පිළිවෙලින් එක සංයෝජනයකුදු ඉතිරි නො කොට නැති කරන සිව් වැනි මාර්ග ඥානය කෙළවර උපන් බැවින් “සබ්බ සංයොජනක්‍ඛයන්ති” සියලු සංස්කාර බන්ධන කෙළවර කිරීම නම් වූ රහත් බවට පැමිණෙන්නේය.

එවං සත්‍ථා අරහත‍්තෙන ධම‍්මදෙසනාය කූටං ගහෙත්‍වා මත්‍ථකෙ චත‍්තාරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු අරහත‍්තං පාපුණි. සත්‍ථා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා යක‍්ඛො අඞ‍්ගුලිමාලො අහොසි, පඤ‍්චාවුධකුමාරො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදුරජහු රහත් බවෙන් දේශනාව කෙළවරකොට සිව්සස් දෙසූහ. සිව්සස් කෙළවර ඒ භික්‍ෂුව රහත් බවට පත්විය. මෙසේ උන්වහන්සේ අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදා යක්‍ෂයා අංගුලිමාල විය. පංචායුධ කුමාරයා මම ම වීමි.

පඤ‍්චාවුධජාතකවණ‍්ණනා පඤ‍්චමා.