යෙදුමෙන් කියවන්න

10. සඞ‍්ඛධමජාතකවණ‍්ණනා 60 අට‍්ඨකථා

10. සඞ‍්ඛධමජාතකවණ‍්ණනා (60)

10. සඞ්ඛධමන ජාතකය (60)

ධමෙ ධමෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දුබ‍්බචමෙවාරබ‍්භ කථෙසි.

“ධමෙ ධමෙති” යන මේ දේශනාව බුදු රජහු බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අකීකරු වූ භික්‍ෂුවක් අරභයා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සඞ‍්ඛධමකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බාරාණසියං නක‍්ඛත‍්තෙ ඝුට‍්ඨෙ පිතරං ආදාය සඞ‍්ඛධමනකම‍්මෙන ධනං ලභිත්‍වා ආගමනකාලෙ චොරාටවියං පිතරං නිරන‍්තරං සඞ‍්ඛං ධමන‍්තං වාරෙසි. සො “සඞ‍්ඛසද‍්දෙන චොරෙ පලාපෙස‍්සාමී”ති නිරන‍්තරමෙව ධමි, චොරා පුරිමනයෙනෙව ආගන‍්ත්‍වා විලුම‍්පිංසු. බොධිසත‍්තො පුරිමනයෙනෙව ගාථං අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු සක් පිඹින කුලයෙහි ඉපදී බරණැස් නුවර නැකත් සැණකෙළිය ප්‍රචාරය වූ කල්හි පියා රැගෙන සක් පිඹීමේ ක්‍රියාවෙන් ධනය ලැබ එන කල්හි සොරු ගැවසෙන කැලයෙහි දී පියා විසින් නිරතුරුව සක් පිඹීම වළක්වන ලදි. හෙතෙම සක් හඬින් සොරුන් පලවා හරින්නෙමි යි නිරතුරුව ම පිම්බේය. සොරු පෙර පරිදි ම අවුත් ධනය පැහැර ගත්හ. බෝසත්හු පෙර පරිදි ම ගාථාව කීහ.

“ධමෙ ධමෙ නාතිධමෙ, අතිධන‍්තඤ‍්හි පාපකං; ධන‍්තෙනාධිගතා භොගා, තෙ තාතො විධමී ධම”න‍්ති.

“ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තඤ්හි පාපකං, ධන්තෙනාධිගතා භොගා තෙ තාතො විධමී ධමන්තී”

තත්‍ථ තෙ තාතො විධමී ධමන‍්ති තෙ සඞ‍්ඛං ධමිත්‍වා ලද‍්ධභොගෙ මම පිතා පුනප‍්පුනං ධමන‍්තො විධමි විද‍්ධංසෙසි විනාසෙසීති.

“සක් පිඹින්නේය. සක් පිඹින්නේය. (කල් නො බලා) අධිකකොට නො පිඹින්නේය. අධිකකොට පිඹීම ලාමකය. (අනර්ථය) සක් පිඹින්නාහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පියා නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේය.”

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පිතා දුබ‍්බචභික‍්ඛු අහොසි, පුත‍්තො පනස‍්ස අහමෙව අහොසි”න‍්ති.

එහි, “තෙ තතො විධමී ධමන්තී” ඔවුන් සක් පිඹ ලබන ලද ධනය මගේ පියා නැවත නැවත පිඹින්නේ, “විධමීති” පිඹි විනාශ කළේය. බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනු සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එදා පියා අකීකරු භික්‍ෂුවයි. පුතා වනාහි මම ම වීමි.

සඞ‍්ඛධමජාතකවණ‍්ණනා දසමා.

ආසීසවග‍්ගො ඡට‍්ඨො.

සවැනි ආශංසන වර්ගයයි.

තස‍්සුද‍්දානං –

මහාසීලවජනකං, පුණ‍්ණපාති ච කිංඵලං; පඤ‍්චාවුධකඤ‍්චනක‍්ඛන්‍ධං, වානරින්‍දං තයොධම‍්මං; භෙරිවාදසඞ‍්ඛධමන‍්ති.