යෙදුමෙන් කියවන්න

9. භෙරිවාදකජාතකවණ‍්ණනා 59 අට‍්ඨකථා

9. භෙරිවාදකජාතකවණ‍්ණනා (59)

9. භේරිවාද ජාතකය (59)

ධමෙ ධමෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං දුබ‍්බචභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු දුබ‍්බචොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භගවා”ති වුත‍්තෙ “න ත්‍වං භික‍්ඛු ඉදානෙව දුබ‍්බචො, පුබ‍්බෙපි දුබ‍්බචොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“ධමෙ ධමෙති” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන්නේ, එක්තරා අකීකරු භික්‍ෂුවක් අරභයා වදාළ සේක. ඒ භික්‍ෂුවගෙන් බුදුරජහු ඇත්ත ද? මහණ, නුඹ අකීකරුදැ යි විමසා, ස්වාමීනි, ඇත්තැ යි කී කල්හි මහණ, නුඹ දැන් පමණක් නොව අකීකරු වූයේ පෙරත් අකීඛරු වූයේයැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො භෙරිවාදකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ගාමකෙ වසති. සො “බාරාණසියං නක‍්ඛත‍්තං ඝුට‍්ඨ”න‍්ති සුත්‍වා “සමජ‍්ජමණ‍්ඩලෙ භෙරිං වාදෙත්‍වා ධනං ආහරිස‍්සාමී”ති පුත‍්තං ආදාය තත්‍ථ ගන‍්ත්‍වා භෙරිං වාදෙත්‍වා බහුධනං ලභි. සො තං ආදාය අත‍්තනො ගාමං ගච‍්ඡන‍්තො චොරාටවිං පත්‍වා පුත‍්තං නිරන‍්තරං භෙරිං වාදෙන‍්තං වාරෙසි “තාත, නිරන‍්තරං අවාදෙත්‍වා මග‍්ගපටිපන‍්නස‍්ස ඉස‍්සරස‍්ස භෙරිං විය අන‍්තරන‍්තරා වාදෙහී”ති සො පිතරා වාරියමානොපි “භෙරිසද‍්දෙනෙව චොරෙ පලාපෙස‍්සාමී”ති වත්‍වා නිරන‍්තරමෙව වාදෙසි. චොරා පඨමඤ‍්ඤෙව භෙරිසද‍්දං සුත්‍වා “ඉස‍්සරභෙරී භවිස‍්සතී”ති පලායිත්‍වා අති විය එකාබද‍්ධං සද‍්දං සුත්‍වා “නායං ඉස‍්සරභෙරී භවිස‍්සතී”ති ආගන‍්ත්‍වා උපධාරෙන‍්තා ද‍්වෙයෙව ජනෙ දිස‍්වා පොථෙත්‍වා විලුම‍්පිංසු. බොධිසත‍්තො “කිච‍්ඡෙන වත නො ලද‍්ධං ධනං එකාබද‍්ධං කත්‍වා වාදෙන‍්තො නාසෙසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු බෙර වයන කුලයෙහි ඉපදී කුඩා ගමක වසයි. හෙතෙම බරණැස් නුවර නැකත් සැණකෙළියට ඝෝෂා කළායැ යි අසා රඟහලේ දී බෙර වයා ධනය ගෙන එන්නෙමි යි පුතා රැගෙන එහි ගොස් බෙර වයා බොහෝ ධනය ලැබීය. එය රැගෙන තමන්ගේ ගමට යන්නේ සොරුන් ගැවසෙන වනයකට පැමිණ නිතර බෙර වයන පුත්‍රයා වැළැක්වීය. දරුව, නිරතුරු වාදනය නො කොට මඟට පිළිපන් ඉසුරුමතුන් වෙනුවෙන් වයන බෙරයක් මෙන් වරින් වර වාදනය කැරව. පියා විසින් වළක්වනු ලබද්දීත් බෙර හඬින් ම සොරුන් පලවා හරිමි යි කියා නිරතුරුව ම වාදනය කළේය. සොරු පළමුකොට ම බෙර හඬ අසා ඉසුරුමතුන් සඳහා වයන බෙරයක්යැ යි සලකා පලා ගොස් මේ බෙර ශබ්දය නිරතුරුව ම අසා ඉසුරුමතුන්ගේ බෙර හඬ නො වේයැ යි අවුත් විමසා දෙදෙනෙකු පමණක් දැක ඔවුන් පෙලා ධනය පැහැර ගත්හ. බෝසත්හු අප මේ ධනය ලද්දේ මහත් ආයාසයෙනි. නිරතුරුව බෙර වාදනය නිසා ධනය විනාශ කළේයැ යි කියා මේ ගාථාව කීහ.

“ධමෙ ධමෙ නාතිධමෙ, අතිධන‍්තඤ‍්හි පාපකං; ධන‍්තෙන හි සතං ලද‍්ධං, අතිධන‍්තෙන නාසිත”න‍්ති.

“ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං හි පාපකං, ධන්තෙන සතං ලද්ධං අතිධන්තෙන නාසිතන්ති”

“බෙර වයන්න. බෙර වයන්න. (ප්‍රමාණය ඉක්මවා) අතිශයින් නො වයන්න. නිරන්තරයෙන් බෙර වැයීම ලාමකය. (අනර්ථය) බෙර වයන්නහු විසින් කහවණු සියයක් ලබන ලද ද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නාහු විසින් නසන ලදි.”

තත්‍ථ ධමෙ ධමෙති ධමෙය්‍ය නො න ධමෙය්‍ය, භෙරිං වාදෙය්‍ය නො න වාදෙය්‍යාති අත්‍ථො. නාතිධමෙති අතික‍්කමිත්‍වා පන නිරන‍්තරමෙව කත්‍වා න වාදෙය්‍ය. කිංකාරණා? අතිධන‍්තඤ‍්හි පාපකං, නිරන‍්තරං භෙරිවාදනං ඉදානි අම‍්හාකං පාපකං ලාමකං ජාතං. ධන‍්තෙන හි සතං ලද‍්ධන‍්ති නගරෙ ධමන‍්තෙන භෙරිවාදනෙන කහාපණසතං ලද‍්ධං. අතිධන‍්තෙන නාසිතන‍්ති ඉදානි පන මෙ පුත‍්තෙන වචනං අකත්‍වා යදිදං අටවියං අතිධන‍්තං, තෙන අතිධන‍්තෙන සබ‍්බං නාසිතන‍්ති.

එහි, “ධමෙ ධමෙති” වාදනය කරන්නෙහිය. වාදනය නො කොට නො සිටින්නේය, යන අර්ථයි. “නාතිධමෙති” පමණ ඉක්මවා නිරතුරුව ම වාදනය නො කරන්නේය. කුමක් නිසා ද යත්, “අතිධන්තං හි පාපකං” නිරතුරු බෙර වාදනය දැන් අපට පවිටු විය. “ධන්තෙන සතං ළද්ධං” නගරයෙහි බෙර වැයීම නිසා කහවණු සියයක් ලබන ලදි. “අතිධන්තෙන නාසිතන්ති” දැන් වනාහි මගේ පුත්‍රයා විසින් මගේ වචන නො අසා වනයෙහි නො කඩවා වාදනය කරන ලදි. ඒ නිරතුරු වාදනය නිසා සියල්ල නසන ලදීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පුත‍්තො දුබ‍්බචභික‍්ඛු අහොසි, පිතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතක දේශනාව නිම කළහ. එකල පුත්‍රයා අකීකරු භික්‍ෂුව විය. පියා වනාහි මම ම වීමි.

භෙරිවාදකජාතකවණ‍්ණනා නවමා.