යෙදුමෙන් කියවන්න

8. තයොධම‍්මජාතකවණ‍්ණනා 58 අට‍්ඨකථා

8. තයොධම‍්මජාතකවණ‍්ණනා (58)

8. තයෝධම්ම ජාතකය (58)

යස‍්ස එතෙ තයො ධම‍්මාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනමෙවාරබ‍්භ කථෙසි.

“යස්ස එතෙති” යන මේ දේශනාව ද බුදු රජහු වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්, ඝාතන ප්‍රයත්නයක් ම අරබයා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ දෙවදත‍්තො වානරයොනියං නිබ‍්බත‍්තිත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ යූථං පරිහරන‍්තො අත‍්තානං පටිච‍්ච ජාතානං වානරපොතකානං “වුඩ‍්ඪිප‍්පත‍්තා ඉමෙ යූථං පරිහරෙය්‍යු”න‍්ති භයෙන දන‍්තෙහි ඩංසිත්‍වා තෙසං බීජානි උප‍්පාටෙති. තදා බොධිසත‍්තොපි තඤ‍්ඤෙව පටිච‍්ච එකිස‍්සා වානරියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. අථ සා වානරී ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා අත‍්තනො ගබ‍්භං අනුරක‍්ඛමානා අඤ‍්ඤං පබ‍්බතපාදං අගමාසි. සා පරිපක‍්කගබ‍්භා බොධිසත‍්තං විජායි. සො වුඩ‍්ඪිමන්‍වාය විඤ‍්ඤුතං පත‍්තො ථාමසම‍්පන‍්නො අහොසි. සො එකදිවසං මාතරං පුච‍්ඡි “අම‍්ම, මය‍්හං පිතා කහ”න‍්ති? “තාත, අසුකස‍්මිං නාම පබ‍්බතපාදෙ යූථං පරිහරන‍්තො වසතී”ති. “අම‍්ම, තස‍්ස මං සන‍්තිකං නෙහී”ති. “තාත, න සක‍්කා තයා පිතු සන‍්තිකං ගන‍්තුං. පිතා හි තෙ අත‍්තානං පටිච‍්ච ජාතානං වානරපොතකානං යූථපරිහරණභයෙන දන‍්තෙහි ඩංසිත්‍වා බීජානි උප‍්පාටෙතී”ති. “අම‍්ම, නෙහි මං තත්‍ථ, අහං ජානිස‍්සාමී”ති. සා පුත‍්තං ආදාය තස‍්ස සන‍්තිකං අගමාසි.

පෙර බරණැස නුවර බඹදත් රජු රජ කරද්දී දෙව්දත් වඳුරු යෝනියෙහි ඉපදී හිමවත් පෙදෙසෙහි වඳුරු රැළක් පරිහරණය කරන්නේ තමන් නිසා උපන් වඳුරු පොව්වන්ගෙන් වැඩිවියට පත් වූවෝ වඳුරු රැළ පරිහරණය කරති යි බියෙන් දතින් සපා ඔවුන්ගේ අණ්ඩ කෝෂ උපුටා දමයි. එකල බෝධි සත්ත්වයෝ ද එම වඳුරු නායකයා නිසා ම එක් වැඳිරිය කුසෙහි පිළිසිඳ ගත්හ. එකල්හි ඒ වැඳිරිය ගැබ පිහිටි බව දැන ගැබ රැක ගන්නී, වෙනත් පර්වත පාදයකට ගියාය. පිරිපුන් ගැබ් ඇති ඇය බෝසතුන් වැදුවාය. හෙතෙම වැඩිවියට පැමිණ නුවණ ඇති වූයේ ශක්ති සම්පන්න වූයේය. බෝසත්හු එක් දවසක් මවගෙන් මෙසේ විචාළහ. මෑණියනි, මගේ පියා කොහිද? දරුව, අසවල් පර්වත පාදයෙහි වඳුරු රැළ පාලනය කරමින් වාසය කරයි. මෑණියනි, එසේ නම් මා ඔහු වෙත පමුණුවනු මැනවි. දරුව, පියා වෙත පැමිණවිය නො හැකිය. එහි ගිය විට ඔබගේ පියා තමා නිසා උපන් වානර පොව්වන් රළ පාලනය කරති යි බියෙන් දතින් සපා අණ්ඩ කෝෂ කඩා දමයි. මෑණියනි, මා ඔහු වෙත පමුණුවනු මැනවි. මම කළ යුත්ත දනිමි.

සො වානරො අත‍්තනො පුත‍්තං දිස‍්වාව “අයං වඩ‍්ඪන‍්තො මය‍්හං යූථං පරිහරිතුං න දස‍්සති, ඉදානෙව මාරෙතබ‍්බො”ති “එතං ආලිඞ‍්ගන‍්තො විය ගාළ‍්හං පීළෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “එහි, තාත, එත‍්තකං කාලං කහං ගතොසී”ති බොධිසත‍්තං ආලිඞ‍්ගන‍්තො විය නිප‍්පීළෙසි. බොධිසත‍්තො පන නාගබලො ථාමසම‍්පන‍්නො, සොපි නං නිප‍්පීළෙසි, අථස‍්ස අට‍්ඨීනි භිජ‍්ජනාකාරප‍්පත‍්තානි අහෙසුං. අථස‍්ස එතදහොසි “අයං වඩ‍්ඪන‍්තො මං මාරෙස‍්සති, කෙන නු ඛො උපායෙන පුරෙතරඤ‍්ඤෙව මාරෙය්‍ය”න‍්ති. තතො චින‍්තෙසි “අයං අවිදූරෙ රක‍්ඛසපරිග‍්ගහිතො සරො අත්‍ථි, තත්‍ථ නං රක‍්ඛසෙන ඛාදාපෙස‍්සාමී”ති. අථ නං එවමාහ “තාත, අහං මහල‍්ලකො, ඉමං යූථං තුය‍්හං නිය්‍යාදෙමි, අජ‍්ජෙව තං රාජානං කරොමි, අසුකස‍්මිං නාම ඨානෙ සරො අත්‍ථි, තත්‍ථ ද‍්වෙ කුමුදිනියො, තිස‍්සො උප‍්පලිනියො, පඤ‍්ච පදුමිනියො ච පුප‍්ඵන‍්ති, ගච‍්ඡ, තතො පුප‍්ඵානි ආහරා”ති. සො “සාධු, තාත, ආහරිස‍්සාමී”ති ගන‍්ත්‍වා සහසා අනොතරිත්‍වා සමන‍්තා පදං පරිච‍්ඡින්‍දන‍්තො ඔතිණ‍්ණපදඤ‍්ඤෙව අද‍්දස, න උත‍්තිණ‍්ණපදං. සො “ඉමිනා සරෙන රක‍්ඛසපරිග‍්ගහිතෙන භවිතබ‍්බං, මය‍්හං පිතා අත‍්තනා මාරෙතුං අසක‍්කොන‍්තො රක‍්ඛසෙන මං ඛාදාපෙතුකාමො භවිස‍්සති , අහං ඉමඤ‍්ච සරං න ඔතරිස‍්සාමි, පුප‍්ඵානි ච ගහෙස‍්සාමී”ති නිරුදකට‍්ඨානං ගන‍්ත්‍වා වෙගං ගහෙත්‍වා උප‍්පතිත්‍වා පරතො ගච‍්ඡන‍්තො නිරුදකෙ ඔකාසෙ ඨිතානෙව ද‍්වෙ පුප‍්ඵානි ගහෙත්‍වා පරතීරෙ පති. පරතීරතොපි ඔරිමතීරං ආගච‍්ඡන‍්තො තෙනෙවුපායෙන ද‍්වෙ ගණ‍්හි. එවං උභොසු පස‍්සෙසු රාසිං කරොන‍්තො පුප‍්ඵානි ච ගණ‍්හි, රක‍්ඛසස‍්ස ච ආණට‍්ඨානං න ඔතරි.

වැඳිරිය පුත්‍රයා රැගෙන ඔහු වෙත ගියාය. ඒ වඳුරු නායකයා තමාගේ පුතා දැක මොහු වැඩිවිය පත් කල්හි මට වඳුරු රැළ පාලනය කිරීමට ඉඩ නොදෙයි. දැම්ම ඔහු බැහැර කළ යුතුයැ යි ඔහු, පුත්‍රයා වැළඳ ගන්නාක් මෙන් දැඩි සේ ගෙන දිවි තොර කරමි යි සිතා දරුව, එන්න, මෙතෙක් කල් කොහි ගියේ දැයි බෝසතුන් වැළඳ ගන්නා මුවාවෙන් තෙරපීය. බෝසත්හු වනාහි ඇතකුගේ ශක්ති ඇත්තාහ. ඔහු ද වඳුරු නායකයා තෙරපීය. වඳුරාගේ ඇට බිඳෙනා ආකාරයට පත්විය. අනතුරුව ඔහුට මෙසේ සිතුණි. මොහු වැඩුණේ නම් මා මරන්නේය. ඊට පෙරාතුව ම කෙසේ හෝ මොහු මරන්නෙමි. ඔහුට මෙසේ සිතුණි. මේ ළඟ රාක්ෂයා අධිගෘහිත විලක් ඇත. එහි රකුසා ලවා මොහු විනාශ කරමි. ඉක්බිති, පුත්‍රයාට මෙසේ කීවේය. දරුව, මම දැන් මහල්ලෙක්මි. මේ වඳුරු රැළ ඔබට පවරා දෙමි. අද ම ඔබ රජ කරවමි. අසවල් තැන විලක් ඇත. එහි කුමුදු මල් දෙකක් ද උපුල් මල් තුනක් ද පියුම් මල් පහක් ද පිපේ. දරුව, එව. එයින් මල් ගෙන එව. පියාණෙනි, මැනවි. ගෙන එන්නෙමි. බෝසත්හු එහි ගොස් වහා විලට නො බැස අවට පිය සටහන් විමසන්නේ විලට බට පියවර ම දුටහ. ගොඩනැඟි පියවර නො දුටහ. ඔහු මේ විල රකුසකු විසින් අරක් ගත් විලක් විය යුතුයි. මගේ පියා මා මැරීමට නො හැකි වූ නිසා රකුසාට මා බිළි දෙනු කැමැත්තේ වන්නේය. මම මේ විලට ද නො බසිමි. මල් ද ගනිමි යි වතුර නැති තැනකට ගොස් වේග ගන්වා උඩට පැන එතරට යන්නේ දිය නැති අහසෙහි පිහිටියා වූ මල් දෙකක් ගෙන එතරට පැන්නේය. එතර සිට මෙතරට එන්නේ ඒ අයුරෙන් ම මල් දෙකක් ගත්තේය. මෙසේ දෙපසෙහි රැස් කරන්නේ මල් ද ගත්තේය. රකුසාගේ අණසකට යටත් වූ ප්‍රදේශයකට නො බැස්සේය.

අථස‍්ස “ඉතො උත‍්තරි උක‍්ඛිපිතුං න සක‍්ඛිස‍්සාමී”ති තානි පුප‍්ඵානි ගහෙත්‍වා එකස‍්මිං ඨානෙ රාසිං කරොන‍්තස‍්ස සො රක‍්ඛසො “මයා එත‍්තකං කාලං එවරූපො පඤ‍්ඤවා අච‍්ඡරියපුරිසො න දිට‍්ඨපුබ‍්බො, පුප‍්ඵානි ච නාම යාවදිච‍්ඡකං ගහිතානි, මය‍්හඤ‍්ච ආණට‍්ඨානං න ඔතරී”ති උදකං ද‍්විධා භින්‍දන‍්තො උදකතො උට‍්ඨාය බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “වානරින්‍ද, ඉමස‍්මිං ලොකෙ යස‍්ස තයො ධම‍්මා අත්‍ථි, සො පච‍්චාමිත‍්තං අභිභවති, තෙ සබ‍්බෙපි තව අබ‍්භන‍්තරෙ අත්‍ථි මඤ‍්ඤෙ”ති වත්‍වා බොධිසත‍්තස‍්ස ථුතිං කරොන‍්තො ඉමං ගාථමාහ –

ඉක්බිති, ඒ මල් ගෙන එක් තැනකට රැස් කරන කල්හි ඒ රකුසා මම මෙතෙක් කලකට මෙබඳු වූ නැණවත් අසිරිමත් පුරුෂයකු නුදුටු විරූය. ඔහු විසින් මල් ද කැමති තාක් ගන්නා ලදි. මගේ අණ පවතින අඩවියට ද නො බැස්සේයැ යි ජලය දෙබෑකොට ජලයෙන් උඩට අවුත් බෝසතුන් වෙත එළඹ වඳුරු රජතුමනි, මේ ලෝකයෙහි යමකුට ධර්ම තුනක් ඇත්තේ ද ඔහු සියලු සතුරන් මැඩ පවත්වයි. ඔබගේ ඇතුළත මේ සියලු ගුණ ධර්ම ඇතැ යි සිතමි යි, කියා බෝසතුන්ට ස්තුති කරමින් මේ ගාථාව කීවේය.

“යස‍්ස එතෙ තයො ධම‍්මා, වානරින්‍ද යථා තව; දක‍්ඛියං සූරියං පඤ‍්ඤා, දිට‍්ඨං සො අතිවත‍්තතී”ති.

“යස්ස එතෙ තයො ධම්මා වානරින්‍ද යථා තව, දක්‍ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සො අතිවත්තතීති”

“වානරය, දක්‍ෂතාවය ද නිර්භය භාවය ද උපාය කෞශල්‍යය ඥානය ද යන මේ ත්‍රිවිධ ධර්මයෝ තමාට මෙන් යමකුට ඇත් ද හෙතෙම සතුරා ඉක්මවා යේ.”

තත්‍ථ දක‍්ඛියන‍්ති දක‍්ඛභාවො, සම‍්පත‍්තභයං විධමිතුං ජානනපඤ‍්ඤාය සම‍්පයුත‍්තඋත‍්තමවීරියස‍්සෙතං නාමං. සූරියන‍්ති සූරභාවො, නිබ‍්භයභාවස‍්සෙතං නාමං. පඤ‍්ඤාති පඤ‍්ඤාපදට‍්ඨානාය උපායපඤ‍්ඤායෙතං නාමං.

එහි, “දක්‍ඛියන්ති” හැකි බව, පැමිණි බව, නැති කිරීමට දන්නා වූ නුවණින් යුක්ත ඇත්තාට මේ නමකි. “සූරියන්ති” ශූර භාවය, බිය නැති භාවයට මේ නමකි. “පඤ්ඤාය” කටයුතු පනවන්න නිසි වූ තැනට සුදුසු වූ නුවණට මේ නමකි.

එවං සො දකරක‍්ඛසො ඉමාය ගාථාය බොධිසත‍්තස‍්ස ථුතිං කත්‍වා “ඉමානි පුප‍්ඵානි කිමත්‍ථං හරසී”ති පුච‍්ඡි. “පිතා මං රාජානං කාතුකාමො, තෙන කාරණෙන හරාමී”ති. “න සක‍්කා තාදිසෙන උත‍්තමපුරිසෙන පුප‍්ඵානි වහිතුං අහං වහිස‍්සාමී”ති උක‍්ඛිපිත්‍වා තස‍්ස පච‍්ඡතො පච‍්ඡතො අගමාසි. අථස‍්ස පිතා දූරතොව තං දිස‍්වා “අහං ඉමං ‘රක‍්ඛසභත‍්තං භවිස‍්සතී’ති පහිණිං, සො දානෙස රක‍්ඛසං පුප‍්ඵානි ගාහාපෙන‍්තො ආගච‍්ඡති, ඉදානිම‍්හි නට‍්ඨො”ති චින‍්තෙන‍්තො සත‍්තධා හදයඵාලනං පත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තො. සෙසවානරා සන‍්නිපතිත්‍වා බොධිසත‍්තං රාජානං අකංසු.

මෙසේ ඒ දිය රකුසා මේ ගාථාවෙන් බෝසතුන්ට ස්තුතිකොට මේ මල් කුමක් සඳහා ගෙන යන්නෙහිදැ යි විචාළේය. මගේ පියා මා රජ කරවනු කැමැත්තේහි, මේ මල් ඒ සඳහා ගෙන යමි. ඔබ වැනි වූ උතුම් පුරුෂයකු විසින් මල් ගෙන යාම සුදුසු නො වෙයි. මම ගනිමි යි මල් ඔසවා ගෙන ඔහුගේ පසු පස ගියෝය. ඉක්බිති, ඔහුගේ පියා දුර දී ම ඔහු දැක මම මොහු රකුසාට ගොදුරු වන්නේයැ යි යැවීමි. හේ දැන් රකුසා ලවා මල් ගෙන්වා ගෙන එයි. දැන් මම නටුවේ වෙමි යි සිතත් ම හදවත හත් කඩකට පැලී එහි ම මරණයට පත්විය. සෙසු වඳුරෝ රැස්ව බෝසතුන් රජ කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා යූථපති දෙවදත‍්තො අහොසි, යූථපතිපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා නිමවූහ. එදා වඳුරු නායකයා දෙව්දත් විය. ඔහුගේ පුත්‍රයා මම ම වීමි.

තයොධම‍්මජාතකවණ‍්ණනා අට‍්ඨමා.