යෙදුමෙන් කියවන්න

7. වානරින්‍දජාතකවණ‍්ණනා 57 අට‍්ඨකථා

7. වානරින්‍දජාතකවණ‍්ණනා (57)

7. වානරින්‍ද ජාතකය (57)

යස‍්සෙතෙ චතුරො ධම‍්මාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි සමයෙ සත්‍ථා “දෙවදත‍්තො වධාය පරිසක‍්කතී”ති සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙව, තාසමත‍්තම‍්පි පන කාතුං නාසක‍්ඛී”ති වත්‍වා අතීතං ආහරි.

“යස්සෙතෙ චතුරො ධම්මාති” යන මේ ජාතක දේශනාව බුදුරජහු වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන්ගේ ඝාතන ප්‍රයත්නයක් අරබයා දෙසූහ. එසමයෙහි බුදු රජහු දෙව්දත් තමා මැරීමට උත්සාහ කරතැ යි අසා මහණෙනි, දෙව්දත් මා මැරීමට උත්සාහ කළේ දැන් පමණක් නො වෙයි. පෙරත් උත්සාහ කෙළේ මය. එහෙත් තැති ගැන්වීම් පමණකුදු කිරීමට ඔහු අසමත් වීයැ යි වදාරා ඉකුත් වත දෙසූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා වුඩ‍්ඪිමන්‍වාය අස‍්සපොතකප‍්පමාණො ථාමසම‍්පන‍්නො එකචරො හුත්‍වා නදීතීරෙ විහරති. තස‍්සා පන නදියා වෙමජ‍්ඣෙ එකො දීපකො නානප‍්පකාරෙහි අම‍්බපනසාදීහි ඵලරුක‍්ඛෙහි සම‍්පන‍්නො. බොධිසත‍්තො නාගබලො ථාමසම‍්පන‍්නො නදියා ඔරිමතීරතො උප‍්පතිත්‍වා දීපකස‍්ස ඔරතො නදීමජ‍්ඣෙ එකො පිට‍්ඨිපාසාණො අත්‍ථි, තස‍්මිං නිපතති, තතො උප‍්පතිත්‍වා තස‍්මිං දීපකෙ පතති. තත්‍ථ නානප‍්පකාරානි ඵලානි ඛාදිත්‍වා සායං තෙනෙව උපායෙන පච‍්චාගන‍්ත්‍වා අත‍්තනො වසනට‍්ඨානෙ වසිත්‍වා පුනදිවසෙපි තථෙව කරොති. ඉමිනා නියාමෙන තත්‍ථ වාසං කප‍්පෙති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරවන කල්හි බෝසත් තෙම වඳුරු යෝනියේ ඉපදී වැඩිවියට පත්ව අශ්ව පෝතකයකුගේ ප්‍රමාණ ශක්ති සම්පන්න වූයේ ඒකචාරී ව ගංතෙර වාසය කරයි. ඒ ගඟෙහි මැද කුඩා දූපතක් නොයෙක් ආකාර අඹ, කොස් ආදී ගෙඩි සහිත ගස්වලින් යුක්ත වූයේය. බෝසත් තෙම ඇත් බල ඇත්තේ ශක්ති සම්පන්න වූයේ ගඟේ මෙගොඩ සිට උඩ පැන ගඟ මැද එක් ගල් තලාවක් මතට එක්වර ම පනී. එතැනින් උඩ පැන ඒ දූපතට පනියි. එහි නොයෙක් ආකාර පලතුරු කා සවස ඒ ක්‍රමයට ම ආපසු ඇවිත් තමාගේ වාසස්ථානයේ වාසයකොට දෙවැනි දවසෙත් එ සේම කරයි. මේ ක්‍රමයට එහි වාසය කරයි.

තස‍්මිං පන කාලෙ එකො කුම‍්භීලො සපජාපතිකො තස‍්සා නදියා වසති. තස‍්ස භරියා බොධිසත‍්තං අපරාපරං ගච‍්ඡන‍්තං දිස‍්වා බොධිසත‍්තස‍්ස හදයමංසෙ දොහළං උප‍්පාදෙත්‍වා කුම‍්භීලං ආහ – “මය‍්හං ඛො, අය්‍ය, ඉමස‍්ස වානරින්‍දස‍්ස හදයමංසෙ දොහළො උප‍්පන‍්නො”ති. කුම‍්භීලො “සාධු, භද‍්දෙ, ලච‍්ඡසී”ති වත්‍වා “අජ‍්ජ තං සායං දීපකතො ආගච‍්ඡන‍්තමෙව ගණ‍්හිස‍්සාමී”ති ගන‍්ත්‍වා පිට‍්ඨිපාසාණෙ නිපජ‍්ජි.

එකල එක් කිඹුලෙක් තම අඹුව සමග ඒ ගඟෙහි වාසය කරයි. ඔහුගේ ඒ බිරිඳ එහා මෙහා යන බෝසතුන් දැක බෝසත්හුගේ හෘදය මාංශය ගැන දොළ දුකක් උපදවාගෙන කිඹුලාට කීවාය. හිමියනි, මට වනාහි, මේ වඳුරාගේ හෘදය මාංශය පිළිබඳ දොළක් උපන්නේය. කිඹුලා යහපත සොඳුරිය, ලබන්නීයැ යි කියා අද සවස ඌ කුඩා දූපතෙන් එන ගමන් ම අල්ලා ගන්නෙමි යි ගොස් ගල් තලාව මත හොත්තේය.

බොධිසත‍්තො දිවසං චරිත්‍වා සායන‍්හසමයෙ දීපකෙ ඨිතොව පාසාණං ඔලොකෙත්‍වා – “අයං පාසාණො ඉදානි උච‍්චතරො ඛායති, කිං නු ඛො කාරණ”න‍්ති චින‍්තෙසි. තස‍්ස කිර උදකප‍්පමාණඤ‍්ච පාසාණප‍්පමාණඤ‍්ච සුවවත්‍ථාපිතමෙව හොති. තෙනස‍්ස එතදහොසි “අජ‍්ජ ඉමිස‍්සා නදියා උදකං නෙව හායති, න ච වඩ‍්ඪති, අථ ච පනායං පාසාණො මහා හුත්‍වා පඤ‍්ඤායති, කච‍්චි නු ඛො එත්‍ථ මය‍්හං ගහණත්‍ථාය කුම‍්භීලො නිපන‍්නො”ති. සො “වීමංසාමි තාව න”න‍්ති තත්‍ථෙව ඨත්‍වා පාසාණෙන සද‍්ධිං කථෙන‍්තො විය “භො පාසාණා”ති වත්‍වා පටිවචනං අලභන‍්තො යාවතතියං “භො පාසාණා”ති ආහ. පාසාණො කිං පටිවචනං දස‍්සති. පුනපි වානරො “කිං භො පාසාණ, අජ‍්ජ මය‍්හං පටිවචනං න දෙසී”ති ආහ. කුම‍්භීලො “අද‍්ධා අඤ‍්ඤෙසු දිවසෙසු අයං පාසාණො වානරින්‍දස‍්ස පටිවචනං අදාසි, දස‍්සාමි දානිස‍්ස පටිවචන”න‍්ති චින‍්තෙත්‍වා “කිං, භො වානරින්‍දා”ති ආහ. “කොසි ත්‍ව”න‍්ති? “අහං කුම‍්භීලො”ති. “කිමත්‍ථං එත්‍ථ නිපන‍්නොසී”ති? “තව හදයමංසං පත්‍ථයමානො”ති. බොධිසත‍්තො චින‍්තෙසි “අඤ‍්ඤො මෙ ගමනමග‍්ගො නත්‍ථි, අජ‍්ජ මයා එස කුම‍්භීලො වඤ‍්චෙතබ‍්බො”ති. අථ නං එවමාහ “සම‍්ම කුම‍්භීල, අහං අත‍්තානං තුය‍්හං පරිච‍්චජිස‍්සාමි, ත්‍වං මුඛං විවරිත්‍වා මං තව සන‍්තිකං ආගතකාලෙ ගණ‍්හාහී”ති. කුම‍්භීලානඤ‍්හි මුඛෙ විවටෙ අක‍්ඛීනි නිම‍්මීලන‍්ති. සො තං කාරණං අසල‍්ලක‍්ඛෙත්‍වා මුඛං විවරි, අථස‍්ස අක‍්ඛීනි පිථීයිංසු. සො මුඛං විවරිත්‍වා අක‍්ඛීනි නිම‍්මීලෙත්‍වා නිපජ‍්ජි. බොධිසත‍්තො තථාභාවං ඤත්‍වා දීපකා උප‍්පතිතො ගන‍්ත්‍වා කුම‍්භීලස‍්ස මත්‍ථකෙ අක‍්කමිත්‍වා තතො උප‍්පතිතො විජ‍්ජුලතා විය විජ‍්ජොතමානො පරතීරෙ අට‍්ඨාසි.

බෝසත් තෙම, දවසේ සැරිසරා සවස් කාලයෙහි කුඩා දූපතේ සිටිමින් ගල්තලාව බලා මේ ගල දැන් උස්ව පෙනෙයි. කුමන කාරණයක් නිසාදැ යි සිතුවේය. එහි වනාහි ජලය ප්‍රමාණය ද ගල් තලාවේ ප්‍රමාණය ද මනාව පිහිටි පරිදි ම වෙයි. ඒ නිසා මොහුට මෙබඳු අදහස් විය. අද මේ ගඟෙහි ජලය අඩු නො වෙයි. වැඩෙන්නේ ද නැත. එසේ නමුත් මේ ගල් තලාව ලොකු වී පෙනෙයි. කෙසේ හෝ මෙහි මා අල්ලා ගැනීමට කිඹුලෙක් හොත්තේ වෙයි. ඔහු විමසන්නෙමි යි එහි ම සිට ගල සමග කථා කරන්නාක් මෙන් එම්බා ගල, කියා පිළිතුරක් නො ලබන්නේ තුන් වරක් දක්වා ගලයැ යි කීවේය. කිම, ගල පිළිතුරක් දෙයි ද? නැවතත් ගලට වදාරා කිම, එම්බා ගල, අද මට පිළිතුරක් නො දෙන්නේදැ යි කීවේය. කිඹුලා අන් දිනවල ඒකාන්තයෙන් මේ ගල වඳුරාට පිළිතුරු දුන්නේය. දැන් මොහුට පිළිතුරක් දෙන්නෙමි යි සිතා කිම, පින්වත් වඳුර රජ යි කීවේය. නුඹ කවරෙක් ද? මම කිඹුලෙක්මි. කුමක් සඳහා මෙහි හුන්නේදැ යි නුඹේ හදවත බලාපොරොත්තුවෙනි. බෝසත් තෙමේ සිතුවේය. මට වෙන ගමන් මාර්ගයක් නැත. අද මා විසින් මේ කිඹුලා වංචා කළ යුතුයැ යි, ඉක්බිති, ඌට මෙසේ කීවේය. යහළු කිඹුලාණෙනි, මම ආත්මය නුඹට පරිත්‍යාග කරන්නෙමි. නුඹ කට දල්වාගෙන (විවරකොට) මා නුඹ සමීපයට ආ කල්හි ගන්නැ යි කිඹුලා කට විවර කළ කල්හි ඇස් පියවෙයි. හෙතෙම ඒ කාරණය නො සලකා කට විවර කෙළේය. ඉක්බිති, ඌගේ ඇස් වැසුණේය. හෙතෙම කට විවරකොට ඇස් පියාගෙන වැතුරුණේය. බෝසත් තෙමේ එසේ කළ බව දැන දූපතෙන් පැන ගොස් කිඹුලාගේ හිස පාගා එතැනින් පැන විදුලියක් මෙන් බබළන්නේ පරතෙර සිටියේය.

කුම‍්භීලො තං අච‍්ඡරියං දිස‍්වා “ඉමිනා වානරින්‍දෙන අතිඅච‍්ඡෙරකං කත”න‍්ති චින‍්තෙත්‍වා “භො වානරින්‍ද, ඉමස‍්මිං ලොකෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො පච‍්චාමිත‍්තෙ අධිභවති. තෙ සබ‍්බෙපි තුය‍්හං අබ‍්භන‍්තරෙ අත්‍ථි මඤ‍්ඤෙ”ති වත්‍වා ඉමං ගාථමාහ –

කිඹුලා ඒ අසිරිය දැක මේ වඳුරු රජු විසින් ඉතා පුදුම ක්‍රියාවක් කරන ලදැයි සිතා එම්බා වඳුරු රජ, මේ ලෝකයෙහි කරුණු සතරකින් යුක්ත වූ පුද්ගලයා පස මිතුරන් මැඩලයි. ඒ කරුණු සියල්ල ඔබ තුළ ඇතැ යි සිතමි යි කියා මේ ගාථාව කීවේය.

“යස‍්සෙතෙ චතුරො ධම‍්මා, වානරින්‍ද යථා තව; සච‍්චං ධම‍්මො ධිති චාගො, දිට‍්ඨං සො අතිවත‍්තතී”ති.

“යස්සෙතෙ චතුරො ධම්මා වානරින්‍ද! යථා තව, සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතිවත්තතීති”

“වානරේන්ද්‍රය, වාක් සත්‍යය, පරීක්‍ෂා ඥානය, ධෛර්යය, ත්‍යාගය යන මේ සතර ධර්මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්‍යාමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)”

තත්‍ථ යස‍්සාති යස‍්ස කස‍්සචි පුග‍්ගලස‍්ස. එතෙති ඉදානි වත‍්තබ‍්බෙ පච‍්චක‍්ඛතො නිද‍්දිසති. චතුරො ධම‍්මාති චත‍්තාරො ගුණා. සච‍්චන‍්ති වචීසච‍්චං, “මම සන‍්තිකං ආගමිස‍්සාමී”ති වත්‍වා මුසාවාදං අකත්‍වා ආගතොයෙවාති එතං තෙ වචීසච‍්චං. ධම‍්මොති විචාරණපඤ‍්ඤා, “එවං කතෙ ඉදං නාම භවිස‍්සතී”ති එසා තෙ විචාරණපඤ‍්ඤා අත්‍ථි. ධිතීති අබ‍්බොච‍්ඡින‍්නං වීරියං වුච‍්චති, එතම‍්පි තෙ අත්‍ථි. චාගොති අත‍්තපරිච‍්චාගො, ත්‍වං අත‍්තානං පරිච‍්චජිත්‍වා මම සන‍්තිකං ආගතො. යං පනාහං ගණ‍්හිතුං නාසක‍්ඛිං, මය‍්හමෙවෙස දොසො. දිට‍්ඨන‍්ති පච‍්චාමිත‍්තං. සො අතිවත‍්තතීති යස‍්ස පුග‍්ගලස‍්ස යථා තව, එවං එතෙ චත‍්තාරො ධම‍්මා අත්‍ථි, සො යථා මං අජ‍්ජ ත්‍වං අතික‍්කන‍්තො, තථෙව අත‍්තනො පච‍්චාමිත‍්තං අතික‍්කමති අභිභවතීති. එවං කුම‍්භීලො බොධිසත‍්තං පසංසිත්‍වා අත‍්තනො වසට‍්ඨානං ගතො.

එහි “යස්සෙතෙ” යම්කිසි පුද්ගලයකුට, “එතෙ” දැන් කියයුතු දෙය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වයි. “චතුරො ධම්මා” ගුණ ධර්මයෝ සතරකි. “සච්චං” වාක් සත්‍යය, මගේ ළඟට එමි යි බොරු නො කියා ආවේ වෙමි යි, මෙය ඔබගේ වාග් සත්‍යයයි. “ධම්මො” විමසුම් නුවණයි. මෙසේ කළ කල්හි මෙනම් ප්‍රතිඵලයක් වන්නේයැ යි, එය ඔබගේ විමසුම් නුවණ වන්නේය. “ධිතී” නො සිඳුණු වීර්යයැයි කියනු ලැබේ. මේ ගුණය ද ඔබට ඇත්තේය. “චාගො” ආත්ම පරිත්‍යාගයයි. ඔබ ආත්මය පරිත්‍යාගකොට මා ළගට ආවෙහිය. එහෙත් මම ඔබ අල්ලා ගැනීමට නො සමත් වීමි. ඒ මගේ ම දෝෂයයි. “දිට්ඨන්ති” පස මිතුරාය. “සො අතිවත්තතීති” යම් පුද්ගලයකුට ඔබට මෙන් මේ ගුණ ධර්ම සතර ඇත්තේ ද හෙතෙම ඔබ මා ඉක්ම වූවාක් මෙන් තමාගේ පස මිතුරා ඉක්මවයි. මැඩ පවත්වයි.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කුම‍්භීලො දෙවදත‍්තො අහොසි, භරියාස‍්ස චිඤ‍්චමාණවිකා, වානරින්‍දො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ කිඹුලා බෝසතුන්ට ප්‍රශංසාකොට තමාගේ වාසස්ථානයට ම ගියේය. බුදුරජහු මහණෙනි, දෙව්දත් මා නැසීමට උත්සාහ කළේ දැන් පමණක් නො වේ. පෙර ද උත්සාහ කළේ මයැ යි මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල කිඹුලා නම් දෙව්දත්ය. ඔහුගේ බිරිඳ චිඤ්චා මානවිකාව වූවාය. වඳුරු රජ වනාහි මම ම වීමි.

වානරින්‍දජාතකවණ‍්ණනා සත‍්තමා.