1. අසාතමන්තජාතකවණ්ණනා 61 අට්ඨකථා
1. අසාතමන්තජාතකවණ්ණනා (61)
1. අසාතමන්ත ජාතකය (61)
අසා ලොකිත්ථියො නාමාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උක්කණ්ඨිතං භික්ඛුං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු උම්මාදන්තිජාතකෙ ආවි භවිස්සති. තං පන භික්ඛුං සත්ථා “භික්ඛු ඉත්ථියො නාම අසාතා අසතියො ලාමිකා පච්ඡිමිකා, ත්වං එවරූපං ලාමිකං ඉත්ථිං නිස්සාය කස්මා උක්කණ්ඨිතොසී”ති වත්වා අතීතං ආහරි.
“අසා ලොකිත්ථියො නාමාති” යන යන මේ දේශනාව බුදුරජහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, උකටලී භික්ෂුවක් අරභයා වදාළහ. එහි කථාව උම්මදන්ති ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ භික්ෂුවගෙන් බුදුරජහු මහණ, ස්ත්‍රීහු නම් වංක ගති ඇත්තෝය. ඔවුන්ගෙන් සැප නැත්තෝය. කෙළවර සිටින්නෝය. නුඹ මෙවැනි පහත් ගති ඇති ස්ත්‍රියක නිසා කුමකට කලකිරුණේදැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගන්ධාරරට්ඨෙ තක්කසිලායං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො තීසු වෙදෙසු සබ්බසිප්පෙසු ච නිප්ඵත්තිං පත්තො දිසාපාමොක්ඛො ආචරියො අහොසි. තදා බාරාණසියං එකස්මිං බ්රාහ්මණකුලෙ පුත්තස්ස ජාතදිවසෙ අග්ගිං ගහෙත්වා අනිබ්බායන්තං ඨපයිංසු. අථ නං බ්රාහ්මණකුමාරං සොළසවස්සකාලෙ මාතාපිතරො ආහංසු “පුත්ත, මයං තව ජාතදිවසෙ අග්ගිං ගහෙත්වා ඨපයිම්හ. සචෙ බ්රහ්මලොකපරායණො භවිතුකාමො, ත්වං අග්ගිං ආදාය අරඤ්ඤං පවිසිත්වා අග්ගිං භගවන්තං නමස්සමානො බ්රහ්මලොකපරායණො හොහි. සචෙ අගාරං අජ්ඣාවසිතුකාමො, තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හිත්වා කුටුම්බං සණ්ඨපෙහී”ති. මාණවො “නාහං සක්ඛිස්සාමි අරඤ්ඤෙ අග්ගිං පරිචරිතුං, කුටුම්බමෙව සණ්ඨපෙස්සාමී”ති මාතාපිතරො වන්දිත්වා ආචරියභාගං සහස්සං ගහෙත්වා තක්කසිලං ගන්ත්වා සිප්පං උග්ගණ්හිත්වා පච්චාගමාසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු ගන්ධාර රට තක්ෂලාවෙහි බමුණු කුලයක ඉපද වැඩිවියට පත්වූවෝ, තුන් වේදයෙහි ද සියලු ශිල්පයන්හි ද කෙළවරට පැමිණියාහු, දිසාපාමොක් ඇදුරු වූහ. එකල බරණැස් නුවර බමුණු කුලයක පුතකු උපන් දිනයෙහි ගිනි දල්වා නො නිවෙන සේ තැබූහ. ඉන්පසු ඒ බමුණු කුමරා සොළොස් වියට පැමිණි කල්හි මව්පියෝ මෙසේ කීහ. පුත්‍රය, අපි ඔබ උපන් දිනයේ ගිනි දල්වා තැබුවෙමු. ඉදින්, ඔබ බඹලොව යනු කැමැති නම් ඒ ගිනි ගෙන වනයට පිවිස ගිනි දෙවියන් නමදිමින් බඹලොවට යව. ඉදින්, ගිහි ගෙයි වසනු කැමැති නම් තක්සලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ශිල්ප හදාරා පවුල් ජීවිතය සකසනු මැනවි. මානවකයා මට වනයෙහි ගිනි පිදීමට නො හැක්කෙමි. ගෘහ ජීවිතය ම සකස් කැර ගනිමි යි මව්පියන් වැඳ ගුරු පඬුරු වශයෙන් දහසක් ගෙන තක්සලාවට ගොස් සිප් සතර හදාරා ආපසු ආවේය.
මාතාපිතරො පනස්ස අනත්ථිකා ඝරාවාසෙන, අරඤ්ඤෙ අග්ගිං පරිචරාපෙතුකාමා හොන්ති. අථ නං මාතා ඉත්ථීනං දොසං දස්සෙත්වා අරඤ්ඤං පෙසෙතුකාමා “සො ආචරියො පණ්ඩිතො බ්යත්තො සක්ඛිස්සති මෙ පුත්තස්ස ඉත්ථීනං දොසං කථෙතු”න්ති චින්තෙත්වා ආහ – “උග්ගහිතං තෙ, තාත, සිප්ප”න්ති. “ආම, අම්මා”ති. “අසාතමන්තොපි තෙ උග්ගහිතො”ති. “න උග්ගහිතො, අම්මා”ති. “තාත, යදි තෙ අසාතමන්තො න උග්ගහිතො, කිං නාම තෙ සිප්පං උග්ගහිතං, ගච්ඡ, උග්ගණ්හිත්වා එහී”ති. සො “සාධූ”ති පුන තක්කසිලාභිමුඛො පායාසි. තස්සපි ආචරියස්ස මාතා මහල්ලිකා වීසතිවස්සසතිකා. සො තං සහත්ථා න්හාපෙන්තො භොජෙන්තො පායෙන්තො පටිජග්ගති. අඤ්ඤෙ මනුස්සා නං තථා කරොන්තං ජිගුච්ඡන්ති. සො චින්තෙසි “යංනූනාහං අරඤ්ඤං පවිසිත්වා තත්ථ මාතරං පටිජග්ගන්තො විහරෙය්ය”න්ති. අථෙකස්මිං විවිත්තෙ අරඤ්ඤෙ උදකඵාසුකට්ඨානෙ පණ්ණසාලං කාරෙත්වා සප්පිතණ්ඩුලාදීනි ආහරාපෙත්වා මාතරං උක්ඛිපිත්වා තත්ථ ගන්ත්වා මාතරං පටිජග්ගන්තො වාසං කප්පෙසි.
මව්පියෝ ඔහුට ගිහි ගෙයින් වැඩක් නැත. වනයෙහි ගිනි දෙවියන් පුදවනු කැමැත්තෝ වූහ. ඉක්බිති, ඔහුගේ මව ස්ත්රීන්ගේ දොස් දක්වා වනයට යවනු කැමැත්තී, ඒ ඇදුරුතුමා නැණවත්ය. දක්ෂය, මගේ පුතුට ස්ත්රීන්ගේ දොස් දැක්වීමට සමත් වන්නේයැ යි සිතා මෙසේ කීවාය. දරුව, ඔබ විසින් ශිල්ප හදාරන ලද්දේ ද? මෑණියනි, එ සේය. දරුව, ඔබ විසින් අසාත මන්ත්‍රය හදාරන ලද්දේ ද? නැත මෑණියනි, දරුව, ඔබ අසාත මන්ත්‍රය නො හදාළේ නම් කවර ශිල්පයක් හදාළේ ද? යව, එය හදාරා එවයි. මානවකයා ද මැනවැ යි පිළිගෙන නැවත තක්සලා දිශාවට ගියේය. ඒ දිසාපාමොක් ඇදුරුතුමාගේ මව, මැහැළියකි. එකසිය විසි වයස් ඇත්තීය. ඒ ඇදුරුතුමා ඇය සියතින් නාවා කවමින් පොවමින් පිළිදැගුම් කරයි. අනිත් මිනිස්සු මෙසේ කරන මහ පිළිකුල් කරත්. ඔහු මෙසේ සිතීය. මම වනයට පිවිස එහි දී මගේ මවට පිළිදැහැමි කරමින් වසන්නේ නම් මැනවි. ඉක්බිති, ඔහු හුදෙකලා ජල පහසුව ඇතිවන පියසක පන්සලක් කැරවා ගිතෙල් සහල් ආදිය ගෙන්වා මව ඔසවාගෙන එහි ගොස් මවට පිළිදැගුම් කැරෙමින් වාසය කෙළේය.
සොපි ඛො මාණවො තක්කසිලං ගන්ත්වා ආචරියං අපස්සන්තො “කහං ආචරියො”ති පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා තත්ථ ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි. අථ නං ආචරියො “කිං නු ඛො, තාත, අතිසීඝං ආගතොසී”ති? “නනු අහං තුම්හෙහි අසාතමන්තො නාම න උග්ගණ්හාපිතො”ති? “කො පන තෙ අසාතමන්තෙ උග්ගණ්හිතබ්බෙ කත්වා කථෙසී”ති? “මය්හං මාතා ආචරියා”ති. බොධිසත්තො චින්තෙසි “අසාතමන්තො නාම කොචි නත්ථි, ඉමස්ස පන මාතා ඉමං ඉත්ථිදොසෙ ජානාපෙතුකාමා භවිස්සතී”ති. අථ නං “සාධු, තාත, දස්සාමි තෙ අසාතමන්තෙ, ත්වං අජ්ජ ආදිං කත්වා මම ඨානෙ ඨත්වා මම මාතරං සහත්ථා න්හාපෙන්තො භොජෙන්තො පායෙන්තො පටිජග්ගාහි, හත්ථපාදසීසපිට්ඨිසම්බාහනාදීනි චස්සා කරොන්තො ‘අය්යෙ ජරං පත්තකාලෙපි තාව තෙ එවරූපං සරීරං, දහරකාලෙ කීදිසං අහොසී’ති හත්ථපාදපරිකම්මාදිකරණකාලෙ හත්ථපාදාදීනං වණ්ණං කථෙය්යාසි. යඤ්ච තෙ මම මාතා කථෙති, තං අලජ්ජන්තො අනිගුහන්තො මය්හං ආරොචෙය්යාසි, එවං කරොන්තො අසාතමන්තෙ ලච්ඡසි, අකරොන්තො න ලච්ඡසී”ති ආහ. සො “සාධු ආචරියා”ති තස්ස වචනං සම්පටිච්ඡිත්වා තතො පට්ඨාය සබ්බං යථාවුත්තවිධානං අකාසි.
ඒ මානවකයා ද තක්සලාවට ගොස් ගුරුතුමන් නො දක්නේ එතුමා කොහිදැ යි විචාරා එපවත් අසා, ඔහු වෙසෙන වන පියසට ගොස් වැඳ සිටියේය. එවිට ඇදුරු, දරුව, කුමක් නිසා ඉතා ඉක්මණින් ආපසු ආයෙහි ද? ගුරුතුමනි, ඔබතුමා මට අසාත මන්ත්‍රය නො ඉගැන්නුවෙහිය. දරුව, අසාත මන්ත්‍ර ඉගෙන ගත යුත්තක් කොට ඔබට කියන ලද්දේ කවරෙක් ද? ඇදුරුතුමනි, මගේ මවය. බෝසත්හු මෙසේ සිතූහ. ආසාත මන්ත්රයයැ යි දෙයක් නැත. මොහුගේ මව ස්ත්‍රී දෝෂයන් මොහුට දන්වනු කැමැති වූවා වන්නීය. දරුව, මැනවි. මම ඔබට අසාත මන්ත්‍රයත් දෙමි. ඔබ අද සිට මගේ තැන සිට මගේ මව සියතින් නහවමින් කවමින් පොවමින් උවටැන් කැරව. ඇගේ අත්, පා, හිස, පිට පිරිමැදීම් ආදිය කරන කල්හි, ආර්යාවනි, වයස්ගත වූ පසුත් ඔබගේ මේ රූපය මෙසේ නම් තරුණ කාලයේ දී කෙබඳු වී ද? එසේ ම අත් පා මෙහෙවර කරන කල්හි අත් පා ආදිය වර්ණනා කැරව. තව ද, ඒ අතර මගේ මව යමක් කියන්නේ ද එය ද ලජ්ජා නො වී නො සඟවමින් මට කියව. මෙසේ කළ කල්හි අසාත මන්ත්‍ර ලබන්නෙහිය. එ සේ නො කළහොත් නො ලබන්නෙහියැ යි කීවේය. මානවකයා ඇදුරුතුමනි, මැනවැ යි ඔහුගේ වචනය පිළිගෙන එතැන් පටන් කියන ලද පරිදි ඒ සියල්ල කෙළේය.
අථස්සා තස්මිං මාණවෙ පුනප්පුනං වණ්ණයමානෙ “අයං මයා සද්ධිං අභිරමිතුකාමො භවිස්සතී”ති අන්ධාය ජරාජිණ්ණාය අබ්භන්තරෙ කිලෙසො උප්පජ්ජි. සා එකදිවසං අත්තනො සරීරවණ්ණං කථයමානං මාණවං ආහ “මයා සද්ධිං අභිරමිතුං ඉච්ඡසී”ති? “අය්යෙ, අහං තාව ඉච්ඡෙය්යං, ආචරියො පන ගරුකො”ති. “සචෙ මං ඉච්ඡසි, පුත්තං මෙ මාරෙහී”ති. “අහං ආචරියස්ස සන්තිකෙ එත්තකං සිප්පං උග්ගණ්හිත්වා කිලෙසමත්තං නිස්සාය කින්ති කත්වා ආචරියං මාරෙස්සාමී”ති. “තෙන හි සචෙ ත්වං මං න පරිච්චජසි, අහමෙව නං මාරෙස්සාමී”ති. එවං ඉත්ථියො නාම අසාතා ලාමිකා පච්ඡිමිකා, තථාරූපෙ නාම වයෙ ඨිතා රාගචිත්තං උප්පාදෙත්වා කිලෙසං අනුවත්තමානා එවං උපකාරකං පුත්තං මාරෙතුකාමා ජාතා. මාණවො සබ්බං තං කථං බොධිසත්තස්ස ආරොචෙසි.
ඉක්බිති, ඒ මානවකයා ඇය වර්ණනා කරනු ලබන කල්හි, මොහු මා සමග අභිරමණය කිරීමට කැමැති වන්නේය. අඳ වූ මහලු වූ ඇගේ සිත තුළ කෙලෙස් උපන්නේය. දිනක් ඕ තුමූ තමාගේ සිරුර වර්ණනා කරන මානවකයාගෙන් මෙසේ ඇසුවාය. ඔබ මා සමග රමණය කරන්න කැමැත්තෙහි ද? ආර්යාවනි, මම නම් කැමැත්තෙමි. එහෙත් ගුරුතුමා වනාහි ගරු කළ යුත්තේය. ඉදින්, මා කැමැත්තේ නම් මගේ පුත්‍රයා මරව. මම ගුරුතුමා ළඟ මෙපමණ සිප්සතර හදාරා කෙලෙස් මාත්‍රයක් නිසා කෙසේ නම් ගුරුතුමා මරම් ද? එ සේ නම් ඉදින්, ඔබ මා අත් නො හරින්නේ නම් මම ම ඔහු මරන්නෙමි. මෙසේ ස්ත්‍රීහු නම් වංකය, පහත්ය, අන්තිමය, මෙබඳු වයසෙහි සිටියදීත් රාග සිත් උපදවා කෙලෙස් ගැතිව මෙබඳු උපකාරක පුත්‍රයා මරනු කැමැති වූවාය. මානවකයා ඒ සියලු පුවත් බෝසතුන්ට සැලකළේය.
බොධිසත්තො “සුට්ඨු තෙ, මාණව, කතං මය්හං ආරොචෙන්තෙනා”ති වත්වා මාතු ආයුසඞ්ඛාරං ඔලොකෙන්තො “අජ්ජෙව මරිස්සතී”ති ඤත්වා “එහි, මාණව, වීමංසිස්සාම න”න්ති එකං උදුම්බරරුක්ඛං ඡින්දිත්වා අත්තනො පමාණෙන කට්ඨරූපකං කත්වා සසීසං පාරුපිත්වා අත්තනො සයනට්ඨානෙ උත්තානං නිපජ්ජාපෙත්වා රජ්ජුකං බන්ධිත්වා අන්තෙවාසිකං ආහ – “තාත, ඵරසුං ආදාය ගන්ත්වා මම මාතු සඤ්ඤං දෙහී”ති. මාණවො ගන්ත්වා “අය්යෙ, ආචරියො පණ්ණසාලායං අත්තනො සයනට්ඨානෙ නිපන්නො, රජ්ජුසඤ්ඤා මෙ බද්ධා, ඉමං ඵරසුං ආදාය ගන්ත්වා සචෙ සක්කොසි, මාරෙහි න”න්ති ආහ. “ත්වං පන මං න පරිච්චජිස්සසී”ති? “කිංකාරණා පරිච්චජිස්සාමී”ති? සා ඵරසුං ආදාය පවෙධමානා උට්ඨාය රජ්ජුසඤ්ඤාය ගන්ත්වා හත්ථෙන පරාමසිත්වා “අයං මෙ පුත්තො”ති සඤ්ඤාය කට්ඨරූපකස්ස මුඛතො සාටකං අපනෙත්වා ඵරසුං ආදාය “එකප්පහාරෙනෙව මාරෙස්සාමී”ති ගීවායමෙව පහරිත්වා “ධ”න්ති සද්දෙ උප්පන්නෙ රුක්ඛභාවං අඤ්ඤාසි. අථ බොධිසත්තෙන “කිං කරොසි, අම්මා”ති වුත්තෙ සා “වඤ්චිතාම්හී”ති තත්ථෙව මරිත්වා පතිතා. අත්තනො කිර පණ්ණසාලාය නිපන්නායපි තඞ්ඛණඤ්ඤෙව තාය මරිතබ්බමෙව.
බෝසත්හු මානවකය, මට මෙම කරුණ දැන්වීම ඉතා යහපති යි කියා මවගේ ආයු ප්‍රමාණය බලන්නේ අද ම මියයන බව දැන මානවකය එනු මැනවි. ඇය විමසන්නේමි යි දිඹුල් ගසක් කපා තමාගේ ප්‍රමාණයට දැව රුවක් කොට හිසෙහි සිට පොරවා තමාගේ නිදන තැන උඩු බැල්ලෙන් තබවා රැහැනකින් බැඳ අතවැසියාට මෙසේ කීහ. දරුව, පොරවක් ගෙන මගේ මවට ඉඟියක් දෙන්න. මානවකයා ගොස් ආර්ය මුනිතුමා පන්සලෙහි තමාගේ වසන ස්ථානයෙහි නිදා සිටියි. රැහැන් සලකුණක් යොදා ඇත. මේ පොරව ගෙන ගොස් හැකි නම් ඔහු මරව යි කීවේය. එවිට මැහැලිය ඔබ මා අත් නො හරින්නෙහි ද? මම කුමකට නුඹ අත් හරින්න ද? ඕ පොරව ගෙන වෙවුලමින් නැඟිට රැහැන් සලකුණෙන් ගොස් අතින් පිරිමැද මේ මගේ පුත්‍රයා යන හැඟීමෙන් දැව රූපයේ මුහුණෙන් සළුව ඉවත්කොට පොරොවෙන් එක පහරින් ම මරන්නෙමි යි ගෙලට පහර දී ‘ටං’ යන ශබ්දය නිකුත් වූ කල්හි ලීයක් බව දැන ගත්තාය. ඉක්බිති, බෝසත්හු මෑණියනි, කුමක් කරන්නෙහිදැ යි කී කල්හි රැවටෙන ලද්දී වෙමි යි එතැන ම මැරී වැටුණාය. එදින ඇය තමාගේ පන්සලෙහි නිදා සිටිය ද එකෙණෙහි මරණය සිදුවිය යුතුමය.
සො තස්සා මතභාවං ඤත්වා සරීරකිච්චං කත්වා ආළාහනං නිබ්බාපෙත්වා වනපුප්ඵෙහි පූජෙත්වා මාණවං ආදාය පණ්ණසාලද්වාරෙ නිසීදිත්වා “තාත, පාටියෙක්කො අසාතමන්තො නාම නත්ථි, ඉත්ථියො අසාතා නාම, තව මාතා ‘අසාතමන්තං උග්ගණ්හා’ති මම සන්තිකං පෙසයමානා ඉත්ථීනං දොසං ජානනත්ථං පෙසෙසි. ඉදානි පන තෙ පච්චක්ඛමෙව මම මාතු දොසො දිට්ඨො, ඉමිනා කාරණෙන ‘ඉත්ථියො නාම අසාතා ලාමිකා පච්ඡිමිකා’ති ජානෙය්යාසී”ති තං ඔවදිත්වා උය්යොජෙසි. සොපි ආචරියං වන්දිත්වා මාතාපිතූනං සන්තිකං අගමාසි. අථ නං මාතා පුච්ඡි “තාත, උග්ගහිතො තෙ අසාතමන්තො”ති? “ආම, අම්මා”ති. “ඉදානි කිං කරිස්සසි, පබ්බජිත්වා අග්ගිං වා පරිචරිස්සසි, අගාරමජ්ඣෙ වා වසිස්සසී”ති? මාණවො “මයා, අම්ම, පච්චක්ඛතො ඉත්ථීනං දොසා දිට්ඨා , අගාරෙන මෙ කිච්චං නත්ථි, පබ්බජිස්සාමහ”න්ති අත්තනො අධිප්පායං පකාසෙන්තො ඉමං ගාථමාහ –
බෝසත්හු ඇය මළ බව දැන මළ සිරුර පිළිබඳ ව කටයුතු කැර දර සෑය නිවා වන මලින් පුදා මානවකයා රැගෙන පන්සල් දොරටුවෙහි හිඳ, දරුව, වෙන ම අසාත මන්ත්‍රයක් නැත. අසාත නම් ස්ත්‍රීහුය. නුඹගේ මව අසාත මන්ත්‍ර ඉගෙනීම පිණිස මා වෙත එවන ලද්දේ ස්ත්රීන්ගේ දොස් දැන ගැනීම සඳහාය. දැන් වනාහි මගේ මවගේ මරණින් ඒ අසාත මන්ත්‍රයත් ප්රත්යක්ෂය වශයෙන් දක්නා ලදි. මෙකරුණෙන් ස්ත්‍රීන් නම් වංකය පහත්යැ යි දැන ගනුව යි ඔහුට අවවාද දී පිටත්කොට හැරියේය. මානවකයා ද ගුරුතුමා වැඳ මව්පියන් සමීපයට ගියේය. ඉක්බිති, මව, දරුව, ඔබ අසාත මන්ත්‍ර ඉගෙන ගත්තෙහි ද? එ සේය, මෑණියනි, දැන් ඔබ කුමක් කරන්නෙහි ද? පැවිදි වී ගිනි පුදන්නෙහි ද? නැතිනම් ගිහිගෙයි වසන්නෙහි ද? එවිට මානවකයා, මෑණියනි, මා විසින් ප්රත්යක්ෂ වශයෙන් ස්ත්රීන්ගේ දොස් දක්නා ලදි. ගිහි ගෙයින් මට වැඩක් නැත. මම පැවිදි වන්නෙමි ය. තමාගේ අදහස ප්‍රකාශ කරමින් මේ ගාථාව කීහ.
“අසා ලොකිත්ථියො නාම, වෙලා තාසං න විජ්ජති; සාරත්තා ච පගබ්භා ච, සිඛී සබ්බඝසො යථා; තා හිත්වා පබ්බජිස්සාමි, විවෙකමනුබ්රූහය”න්ති.
“අසා ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති, සාරත්තා ච පගබ්භා ච සිඛී සබ්බඝසො යථා, තා හිත්වා පබ්බජිස්සාමි විවෙකමනුබ්රෑහයන්ති”
“ලෝකයෙහි ස්ත්‍රීන් නම් ලාමකය. නොහොත් තමන් කෙරෙහි ඇලුණවුන්ට දුක් දෙන්නාහුය. ඔවුන්ට සීමාවක් නැත. සංරත්තයහ. ප්රගල්භයහ. සියල්ල කා දමන ගින්න මෙන් පුරුෂයන් විශේෂයෙන් සෙවුණාහ. ඔවුන් හැර විවේකය වඩන්නෙමි පැවිදි වෙමි.”
තත්ථ අසාති අසතියො ලාමිකා. අථ වා සාතං වුච්චති සුඛං, තං තාසු නත්ථි. අත්තනි පටිබද්ධචිත්තානං අසාතමෙව දෙන්තීතිපි අසා, දුක්ඛා දුක්ඛවත්ථුභූතාති අත්ථො. ඉමස්ස පනත්ථස්ස සාධනත්ථාය ඉදං සුත්තං ආහරිතබ්බං –
එහි, “අසාති” සැප නැත්තෝය, පහත් ගති ඇත්තෝය, නොහොත් “සාති” යන්නෙන් සැපය කියනු ලැබේ. ඒ සැපය ඔවුන් කෙරෙහි නැත. තමා පිළිබඳ සිත් ඇත්තවුන්ට දුක ම දෙන්නේහු “අසාත” නමි. දුකය, දුකට හේතු වූවෝය යන අර්ථයි. මේ කාරණය තහවුරු කිරීමට මේ සූත්‍රය ගෙනහැර දැක්විය යුතුයි.
“මායා චෙතා මරීචී ච, සොකො රොගො චුපද්දවො; ඛරා ච බන්ධනා චෙතා, මච්චුපාසා ගුහාසයා; තාසු යො විස්සසෙ පොසො, සො නරෙසු නරාධමො”ති. (ජා· 2.21.118);
“මායා චෙ සා මරීචීව සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධනා චෙතා මච්චුපාසො ගුහාසයො, තාසු යො විස්සසෙ පොසො සො නරෙසු නරාධමොති”
“මේ ස්ත්‍රීන් මායාවකි. මිරිඟුවකි. ශෝකයකි. රෝගයකි. උවදුරකි. කෲර බන්ධනයකි. මොවුන් ගුහාවක වාසය කරන මළ පුඬුවකි. යම් කෙනෙක් ඔවුන් විශ්වාස කැරෙත් ද ඔවුහු මිනිසුන් අතර අධම මිනිස්සුය.”
ලොකිත්ථියොති ලොකෙ ඉත්ථියො. වෙලා තාසං න විජ්ජතීති අම්ම, තාසං ඉත්ථීනං කිලෙසුප්පත්තිං පත්වා වෙලා සංවරො මරියාදා පමාණං නාම නත්ථි. සාරත්තා ච පගබ්භා චාති වෙලා ච එතාසං නත්ථි, පඤ්චසු කාමගුණෙසු සාරත්තා අල්ලීනා, තථා කායපාගබ්භියෙන, වාචාපාගබ්භියෙන, මනොපාගබ්භියෙනාති තිවිධෙන පාගබ්භියෙන සමන්නාගතත්තා පගබ්භා චෙතා. එතාසඤ්හි අබ්භන්තරෙ කායද්වාරාදීනි පත්වා සංවරො නාම නත්ථි, ලොලා කාකපටිභාගාති දස්සෙති. සිඛී සබ්බඝසො යථාති අම්ම, යථා ජාලසිඛාය “සිඛී”ති සඞ්ඛං ගතො අග්ගි නාම ගූථගතාදිභෙදං අසුචිම්පි, සප්පිමධුඵාණිතාදිභෙදං සුචිම්පි, ඉට්ඨම්පි අනිට්ඨම්පි යං යදෙව ලභති, සබ්බං ඝසති ඛාදති, තස්මා “සබ්බඝසො”ති වුච්චති. තථෙව තා ඉත්ථියොපි හත්ථිමෙණ්ඩගොමෙණ්ඩාදයො වා හොන්තු හීනජච්චා හීනකම්මන්තා, ඛත්තියාදයො වා හොන්තු උත්තමකම්මන්තා, හීනුක්කට්ඨභාවං අචින්තෙත්වා ලොකස්සාදවසෙන කිලෙසසන්ථවෙ උප්පන්නෙ යං යං ලභන්ති, සබ්බමෙව සෙවන්තීති සබ්බඝසසිඛිසදිසා හොන්ති. තස්මා සිඛී සබ්බඝසො යථා, තථෙවෙතාති වෙදිතබ්බා.
“ලොකිත්ථියොති” ලොවෙහි ස්ත්‍රීන්, “වෙලා තාසං න විජ්ජතීති” ඒ ස්ත්රීන්ට කෙලෙස් ඉපදීමක් වූ කල්හි වේලාවක් හෝ සංයමයක් හෝ සීමාවක් හෝ ප්‍රමාණයක් හෝ යන මේවා නැත. “සාරත්තා ච පගබ්භා චාති” ඔවුන්ට වේලාවක් නැත. පඤ්ච කාම සම්පතෙහි ඇලුනාහු, ගැලුනාහු, එ සේ ම කාය, වාක්, මනෝ යන ත්‍රිවිධ අසංවරයෙන් යුක්ත බැවින් මොවුහු “පගබ්භ” නම් වෙති. මොවුන් කෙරෙහි කාය ද්වාරාදියට පැමිණ සංවරයක් නම් නැත. කෑදර කපුටකුට සමානකොට දක්වයි. “සිඛී සබ්බඝසො යථාති” මෑණියනි, යම් සේ ගිනි ජාලාවෙහි සිඛී නම් ගණයට ගියා වූ ගිනි සිළුව ද අසූචි ආදී වශයෙන් ප්‍රභේද වූ අපිරිසිදු දෙය ද ගිතෙල්, මී පැණි ආදී භේද වූ පිරිසිදු දෙය ද කැමැති දෙය ද අකැමැති දෙය ද යම් යම් දෙයක් ලබයි ද ඒ සියල්ල කා දමයි. එම නිසා “සබ්බත්ථ” යැයි කියනු ලැබේ. එ සේ ම ඒ ස්ත්‍රීහු ඇත්, ගොවු, ගොපලු ආදීහු වෙත්වා, හීන කුල ඇත්තෝ හෝ වෙත්වා, හීන ක්‍රියා ඇත්තෝ හෝ වෙත්වා, රජ ආදීහු හෝ වෙත්වා, උසස් ක්‍රියා ඇත්තෝ හෝ වෙත්වා, උසස් පහත් බවක් නො සලකා කාමාශ්වාද වශයෙන් කෙලෙස් හැඟීම් ඇති වූ කල්හි යම් යම් අයකු ලබත් ද ඒ සියල්ලක්ම සේවනය කරත්. සියල්ල කා දමන ගිනි සිළුව මෙන් වෙත්. එහෙයින් මෙය ද ගිනි සිළුව යම් සේ ද එ සේයැ යි දත යුතුයි.
තා හිත්වා පබ්බජිස්සාමීති අහං තා ලාමිකා දුක්ඛවත්ථුභූතා ඉත්ථියො හිත්වා අරඤ්ඤං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිස්සාමි. විවෙකමනුබ්රූහයන්ති කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකොති තයො විවෙකා, තෙසු ඉධ කායවිවෙකොපි වට්ටති චිත්තවිවෙකොපි. ඉදං වුත්තං හොති – අහං, අම්ම, පබ්බජිත්වා කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො ච පඤ්චාභිඤ්ඤා ච උප්පාදෙත්වා ගණතො කායං, කිලෙසෙහි ච චිත්තං විවෙචෙත්වා ඉමං විවෙකං බ්රූහෙන්තො වඩ්ඪෙන්තො බ්රහ්මලොකපරායණො භවිස්සාමි, අලං මෙ අගාරෙනාති. එවං ඉත්ථියො ගරහිත්වා මාතාපිතරො වන්දිත්වා හිමවන්තං පවිසිත්වා පබ්බජිත්වා වුත්තප්පකාරං විවෙකං බ්රූහෙන්තො බ්රහ්මලොකපරායණො අහොසි.
“තා හිත්වා පබ්බජිස්සාමීති” මම ඒ පහත් වූ දුකට හේතු භූත වූ ස්ත්‍රීන් අත්හැර වනයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වන්නෙමි. “විවෙකමනුබ්රෑහයන්ති” කාය, චිත්ත, උපධි වශයෙන් වෙන්වීම් තුනකි. එයින් මෙහි කාය විවේකය ද සුදුසුය. චිත්ත විවේකය ද සුදුසුය. මෙයින් කියන ලද්දේ, මෑණියනි, මම පැවිදි ව තියුණු පිරිකම්කොට සමවත් අට උපදවා පස් අභිඥා උපදවා ගණයා කෙරෙන් කය ද ක්ලේශයන් කෙරෙන් සිත ද වෙන්කොට මේ ත්‍රිවිධ විවේකයන් වඩමින් බඹලොව බලා යන්නෙමි. මේ ගිහි ගෙයින් මට වැඩක් නැත. මෙසේ ස්ත්රීන්ට ගරහා මව්පියන් වැඳ පැවිදි ව කියන ලද ආකාරයෙන් විවේකය වඩන්නේ බඹලොව පිහිටකොට ඇත්තෙක් වූයේය.
සත්ථාපි “එවං භික්ඛු ඉත්ථියො නාම අසාතා ලාමිකා පච්ඡිමිකා දුක්ඛදායිකා”ති ඉත්ථීනං අගුණං කථෙත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සත්ථා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මාතා භද්දකාපිලානී, පිතා මහාකස්සපො අහොසි, අන්තෙවාසිකො ආනන්දො, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජහු ද මහණ, ස්ත්‍රීන් නම් වංකය, පහත්ය, දුක්ගෙන දෙන්නෝය. ගැහැණුන්ගේ අගුණ වදාරා සිව්සස් වදාළහ. සත්‍යය කෙළවර ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. මෙසේ බුදුරජහු අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එකල මව නම් කාපිලානී වූවාය. පියා මහා කාශ්‍යප විය. අතවැසියා ආනන්දය. ගුරුහු වනාහි මම ම වීමි.
අසාතමන්තජාතකවණ්ණනා පඨමා.