යෙදුමෙන් කියවන්න

2. අණ‍්ඩභූතජාතකවණ‍්ණනා 62 අට‍්ඨකථා

2. අණ‍්ඩභූතජාතකවණ‍්ණනා (62)

2. අන්ධභූත ජාතකය (62)

යං බ්‍රාහ‍්මණො අවාදෙසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතමෙවාරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ “භික‍්ඛු ඉත්‍ථියො නාම අරක‍්ඛියා, පුබ‍්බෙ පණ‍්ඩිතා ඉත්‍ථිං ගබ‍්භතො පට‍්ඨාය රක‍්ඛන‍්තාපි රක‍්ඛිතුං නාසක‍්ඛිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

“යං බ්‍රහ්මණොති” යන මේ දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, කළකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළහ. බුදුරජහු එම භික්‍ෂුවගෙන් මහණ, ඔබ උකටලී වූයේදැ යි විචාරා සත්‍යයැ යි කී කල්හි, මහණ, ස්ත්‍රීහු නම් නො රැකිය හැක්කෝය. පෙර පඬිවරු ස්ත්‍රියක ගැබෙහි පටන් ආරක්‍ෂා කරන්නාහු, නමුදු රැකීමට නො හැකි වූහැ යි කියා ඉකුත් වත දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. සො පුරොහිතෙන සද‍්ධිං ජූතං කීළති. කීළන‍්තො පන –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන නිසි වයසට පැමිණ සියලු ශිල්පයන්හි කෙළවරට පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කැරවූහ. හෙතෙම පුරෝහිතයා සමග දූ කෙළියෙහි යෙදෙයි. ක්‍රීඩා කරන විට,

“සබ‍්බා නදී වඞ‍්කගතී, සබ‍්බෙ කට‍්ඨමයා වනා; සබ‍්බිත්‍ථියො කරෙ පාපං, ලභමානෙ නිවාතකෙ”ති. (ජා· 2.21.308) –

“සබ්බා නදී වංකගතා සබ්බෙ කට්ඨමයා වනා, සබ්බිත්‍ථියො කරෙ පාපාං ලභමානා නිවාතකෙති”

“සියලු ගංගා ඇදේට ගලයි. සියලු වනයන් දැව මය. සියලු ස්ත්‍රීහු ආවරණ ස්ථානයක් ලබන්නාහු, වරදෙහි බැඳෙති.”

ඉමං ජූතගීතං ගායන‍්තො රජතඵලකෙ සුවණ‍්ණපාසකෙ ඛිපති. එවං කීළන‍්තො පන රාජා නිච‍්චං ජිනාති, පුරොහිතො පරාජීයති.

මේ දූ කෙළි ගීය ගයමින් රිදී පුවරුවෙහි රන් පස කැට දමයි. මෙසේ ක්‍රීඩා කරන කල්හි රජතුමා හැම විට ම දිනයි. පුරෝහිතයා පරදියි.

සො අනුක‍්කමෙන ඝරෙ විභවෙ පරික‍්ඛයං ගච‍්ඡන‍්තෙ චින‍්තෙසි “එවං සන‍්තෙ සබ‍්බං ඉමස‍්මිං ඝරෙ ධනං ඛීයිස‍්සති, පරියෙසිත්‍වා පුරිසන‍්තරං අගතං එකං මාතුගාමං ඝරෙ කරිස‍්සාමී”ති. අථස‍්ස එතදහොසි “අඤ‍්ඤං පුරිසං දිට‍්ඨපුබ‍්බං ඉත්‍ථිං රක‍්ඛිතුං න සක‍්ඛිස‍්සාමි, ගබ‍්භතො පට‍්ඨායෙකං මාතුගාමං රක‍්ඛිත්‍වා තං වයප‍්පත‍්තං වසෙ ඨපෙත්‍වා එකපුරිසිකං කත්‍වා ගාළ‍්හං ආරක‍්ඛං සංවිදහිත්‍වා රාජකුලතො ධනං ආහරිස‍්සාමී”ති. සො ච අඞ‍්ගවිජ‍්ජාය ඡෙකො හොති, අථෙකං දුග‍්ගතිත්‍ථිං ගබ‍්භිනිං දිස‍්වා “ධීතරං විජායිස‍්සතී”ති ඤත්‍වා තං පක‍්කොසාපෙත්‍වා පරිබ‍්බයං දත්‍වා ඝරෙයෙව වසාපෙත්‍වා විජාතකාලෙ ධනං දත්‍වා උය්‍යොජෙත්‍වා තං කුමාරිකං අඤ‍්ඤෙසං පුරිසානං දට‍්ඨුං අදත්‍වා ඉත්‍ථීනංයෙව හත්‍ථෙ දත්‍වා පොසාපෙත්‍වා වයප‍්පත‍්තකාලෙ තං අත‍්තනො වසෙ ඨපෙසි. යාව චෙසා වඩ‍්ඪති, තාව රඤ‍්ඤා සද‍්ධිං ජූතං න කීළි. තං පන වසෙ ඨපෙත්‍වා බ්‍රාහ‍්මණො “මහාරාජ, ජූතං කීළාමා”ති ආහ. රාජා “සාධූ”ති පුරිමනියාමෙනෙව කීළි. පුරොහිතො රඤ‍්ඤො ගායිත්‍වා පාසකං ඛිපනකාලෙ “ඨපෙත්‍වා මම මාණවික”න‍්ති ආහ. තතො පට‍්ඨාය පුරොහිතො ජිනාති, රාජා පරාජීයති.

ඔහු ක්‍රමයෙන් ගෙදර සියලු ධනය වැය වී යන කල්හි මෙසේ සිතීය. මෙසේ ගියහොත් මගේ ගෙදර සියලු ධනය වැය වන්නේය. පුරුෂයකු කරා නො ගිය මාගමක් සොයා මගේ නිවසෙහි රදවා ගනිමි. මේ අතර ඔහුට මෙසේ සිතුණි. අන් පුරුෂයකු දුටු විරූ ස්ත්‍රියක රැකීමට නො හැක්කෙමි. මව් කුසෙහි පටන් එක් මාගමක් රැක ඇය නිසි වයසට පැමිණි කල්හි තම වසඟයට ගෙන එක් පුරුෂයකු පමණක් ඇත්තියක කරන්නේය. ඒ පුරෝහිතයා ශරීර විෂයෙහි දක්‍ෂයෙකි. ඉක්බිති, එක් දුප්පත් ගැබිනි ස්ත්‍රියක දැක ඇය දුවක වදන්නීයැ යි දැන ඇය වැදූ කල්හි ධනය දී පිටත් කැර යවා ඒ කුමරිය කිසි ම පුරුෂයකුට දැකීමට නො දී ගැහැනුන් අතට ම දී ඇති දැඩිකොට නිසි වයසට පත් කල්හි ඇය තමාගේ වසඟෙහි තැබීය. නිසි වයසට පත්වෙන තුරු රජු සමග දූ කෙළියෙහි නො යෙදුණේය. තමාගේ වසඟයට පත් කල්හි මහරජ, දූ කෙළියෙහි යෙදෙමු යි කීවේය. රජු මැනවැ යි පෙර මෙන් ම ක්‍රීඩා කළේය. රජු ගායනාකොට පසැට දමන කල්හි පුරෝහිතයා මගේ මෙනවිය හැරයැ යි කීය. එතැන් පටන් පුරෝහිතයා දිනයි. රජ පරදියි.

බොධිසත‍්තො “ඉමස‍්ස ඝරෙ එකපුරිසිකාය එකාය ඉත්‍ථියා භවිතබ‍්බ”න‍්ති පරිග‍්ගණ‍්හාපෙන‍්තො අත්‍ථිභාවං ඤත්‍වා “සීලමස‍්සා භින්‍දාපෙස‍්සාමී”ති එකං ධුත‍්තං පක‍්කොසාපෙත්‍වා “සක‍්ඛිස‍්සසි පුරොහිතස‍්ස ඉත්‍ථියා සීලං භින්‍දිතු”න‍්ති ආහ. “සක‍්කොමි, දෙවා”ති. අථස‍්ස රාජා ධනං දත්‍වා “තෙන හි ඛිප‍්පං නිට‍්ඨාපෙහී”ති තං පහිණි. සො රඤ‍්ඤො සන‍්තිකා ධනං ආදාය ගන්‍ධධූමචුණ‍්ණකප‍්පූරාදීනි ගහෙත්‍වා තස‍්ස ඝරතො අවිදූරෙ සබ‍්බගන්‍ධාපණං පසාරෙසි. පුරොහිතස‍්සපි ගෙහං සත‍්තභූමකං සත‍්තද‍්වාරකොට‍්ඨකං හොති, සබ‍්බෙසු ද‍්වාරකොට‍්ඨකෙසු ඉත්‍ථීනංයෙව ආරක‍්ඛා. ඨපෙත්‍වා පන බ්‍රාහ‍්මණං අඤ‍්ඤො පුරිසො ගෙහං පවිසිතුං ලභන‍්තො නාම නත්‍ථි, කචවරඡඩ‍්ඩනපච‍්ඡිම‍්පි සොධෙත්‍වායෙව පවෙසෙන‍්ති. තං මාණවිකං පුරොහිතොයෙව දට‍්ඨුං ලභති. තස‍්සා ච එකා පරිචාරිකා ඉත්‍ථී අත්‍ථි. අථස‍්සා සා පරිචාරිකා ගන්‍ධපුප‍්ඵමූලං ගහෙත්‍වා ගච‍්ඡන‍්තී තස‍්ස ධුත‍්තස‍්ස ආපණසමීපෙන ගච‍්ඡති. සො “අයං තස‍්සා පරිචාරිකා”ති සුට‍්ඨු ඤත්‍වා එකදිවසං තං ආගච‍්ඡන‍්තිං දිස‍්වා ආපණා උට‍්ඨාය ගන‍්ත්‍වා තස‍්සා පාදමූලෙ පතිත්‍වා උභොහි හත්‍ථෙහි පාදෙ ගාළ‍්හං ගහෙත්‍වා “අම‍්ම, එත‍්තකං කාලං කහං ගතාසී”ති පරිදෙවි, අවසෙසාපි පයුත‍්තකධුත‍්තා එකමන‍්තං ඨත්‍වා “හත්‍ථපාදමුඛසණ‍්ඨානෙහි ච ආකප‍්පෙන ච මාතාපුත‍්තා එකසදිසායෙවා”ති ආහංසු. සා ඉත්‍ථී තෙසු තෙසු කථෙන‍්තෙසු අත‍්තනො අසද‍්දහිත්‍වා “අයං මෙ පුත‍්තො භවිස‍්සතී”ති සයම‍්පි රොදිතුං ආරභි. තෙ උභොපි කන්‍දිත්‍වා රොදිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ආලිඞ‍්ගෙත්‍වා අට‍්ඨංසු.

බෝසත්හු මොහුගේ නිවසෙහි එක් පුරුෂයකු ඇති එක ස්ත්‍රියක් විය යුතුයැ යි පරීක්‍ෂා කැරවා බලන්නේ, ඇති බැව් දැන ඇගේ ශීලය බිඳින්නෙමි යි එක් ධූර්තයකු කැඳවා පුරෝහිත බමුණාගේ බිරිඳගේ ශීලය බිඳ දැමීමට හැකිදැ යි ඇසීහ. හැකිවන්නෙමි යි දේවයන් වහන්ස, ඉක්බිති, ධනය දී එ සේ නම් වහා නිමවා පියව යි ඔහු යැවීය. ඔහු රජුගෙන් ධනය රැගෙන සුවඳ, සුවඳ දුම්, වත්සුණු, කපුරු ආදිය ගෙන ඔහුගේ නිවස සමීපයෙහි සියලු සුවද වර්‍ගවලින් යුත් කඩයක් ඇරඹීය. පුරෝහිත බමුණාගේ ගෙය ද මහල් හතකි. දොරටු කොටු හතකින් යුක්ත වෙයි. සියලු ම දොරටු කොටුවල ස්ත්‍රීන් විසින් ම ආරක්‍ෂා කරන ලදි. පුරෝහිත බමුණා හැර වෙනත් පුරුෂයකුට ගෙට පිවිසීමට ලැබෙන්නේ නැත. කසල ඉවත දමන පැස පවා පරීක්‍ෂාකොට ම ගෙට ගනිති. පුරෝහිතයා ම ඒ මානවිකාව දැකීම ලබයි. ඇයට එක් මෙහෙකාර ස්ත්‍රියක් සිටියාය. ඉක්බිති, ඇයගේ ඒ මෙහෙකාර ස්ත්‍රිය සුවඳමල්, මුල් ගෙන යන්නේ එම ධූර්තයාගේ අවන්හල ළඟින් යන්නීය. ඔහු ඇගේ සේවිකාවයැ යි නියම වශයෙන් දැන එක් දිනක් ඇය එනු දැක ම අවන්හලින් නැඟිට ගොස් ඇගේ පා මුල වැටී අත් දෙකින් ම පාගෙන මෑණියනි, මෙතෙක් කල් කොහි ගියාදැ යි හැඬීය. ඉක්බිති, සෙසු පිරිවර ධූර්තයෝ ද එකත්පසක සිට අත්පා මුව සටහන් අනුව ද හැසිරීම් අනුව ද මව් හා පුතු එක සමානයැ යි කීවාහුය. ඒ ස්ත්‍රිය ද මෙසේ ඔවුන් කියන කල්හි තමන් නො අදහා මොහු මගේ පුතා වන්නේයැ යි අඬන්න පටන් ගත්තාය. ඒ දෙදෙනා ම හඬා වැළප ඔවුනොවුන් වැළඳගෙන සිටියහ.

අථ සො ධුත‍්තො ආහ “අම‍්ම, කහං වසසී”ති? “කින‍්නරිලීලාය වසමානාය රූපසොභග‍්ගප‍්පත‍්තාය පුරොහිතස‍්ස දහරිත්‍ථියා උපට‍්ඨානං කුරුමානා වසාමි, තාතා”ති. “ඉදානි කහං යාසි, අම‍්මා”ති? “තස‍්සා ගන්‍ධමාලාදීනං අත්‍ථායා”ති. “අම‍්ම, කිං තෙ අඤ‍්ඤත්‍ථ ගතාය, ඉතො පට‍්ඨාය මමෙව සන‍්තිකා හරා”ති මූලං අග‍්ගහෙත්‍වාව බහූනි තම‍්බූලතක‍්කොලකාදීනි චෙව නානාපුප‍්ඵානි ච අදාසි. මාණවිකා බහූනි ගන්‍ධපුප‍්ඵාදීනි දිස‍්වා “කිං, අම‍්ම, අජ‍්ජ අම‍්හාකං බ්‍රාහ‍්මණො පසන‍්නො”ති ආහ. “කස‍්මා එවං වදසී”ති? “ඉමෙසං බහුභාවං දිස‍්වා”ති. න බ්‍රාහ‍්මණො බහුමූලං අදාසි, මයා පනෙතං මය‍්හං පුත‍්තස‍්ස සන‍්තිකා ආභතන‍්ති. තතො පට‍්ඨාය සා බ්‍රාහ‍්මණෙන දින‍්නමූලං අත‍්තනා ගහෙත්‍වා තස‍්සෙව සන‍්තිකා ගන්‍ධපුප‍්ඵාදීනි ආහරති. ධුත‍්තො කතිපාහච‍්චයෙන ගිලානාලයං කත්‍වා නිපජ‍්ජි. සා තස‍්ස ආපණද‍්වාරං ගන‍්ත්‍වා තං අදිස‍්වා “කහං මෙ පුත‍්තො”ති පුච‍්ඡි. “පුත‍්තස‍්ස තෙ අඵාසුකං ජාත”න‍්ති? සා තස‍්ස නිපන‍්නට‍්ඨානං ගන‍්ත්‍වා නිසීදිත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තී “කිං තෙ, තාත, අඵාසුක”න‍්ති පුච‍්ඡි. සො තුණ‍්හී අහොසි. “කිං න කථෙසි පුත‍්තා”ති? “අම‍්ම, මරන‍්තෙනාපි තුය‍්හං කථෙතුං න සක‍්කා”ති. “තාත, මය‍්හං අකථෙත්‍වා කස‍්ස කථෙය්‍යාසි, කථෙහි, තාතා”ති. “අම‍්ම, මය‍්හං අඤ‍්ඤං අඵාසුකං නත්‍ථි, තස‍්සා පන මාණවිකාය වණ‍්ණං සුත්‍වා පටිබද‍්ධචිත‍්තොස‍්මි , තං ලභන‍්තො ජීවිස‍්සාමි, අලභන‍්තො ඉධෙව මරිස‍්සාමී”ති. “තාත, මය‍්හං එස භාරො, මා ත්‍වං එතං නිස‍්සාය චින‍්තයී”ති තං අස‍්සාසෙත්‍වා බහූනි ගන්‍ධපුප‍්ඵාදීනි ආදාය මාණවිකාය සන‍්තිකං ගන‍්ත්‍වා “පුත‍්තො මෙ, අම‍්ම, මම සන‍්තිකා තව වණ‍්ණං සුත්‍වා පටිබද‍්ධචිත‍්තො ජාතො, කිං කාතබ‍්බ”න‍්ති? “සචෙ ආනෙතුං සක‍්කොථ, මයා කතොකාසොයෙවා”ති.

අනතුරුව ඒ ධූර්තයා මෙසේ කීය. මෑණියනි, කොහි වසන්නෙහි ද? දරුව, පුරෝහිතයාගේ කිඳුරි ලීලාවෙන් වසන්නා වූ රුවින් අගතැන් පත් ලාබාල ස්ත්‍රියට උවටැන් කරමින් වසමි. මෑණියනි, දැන් කොහි යන්නෙහි ද? ඇයට සුවඳ මල් ආදිය ගෙන ඒමට යමි. මෑණියනි, අන් තැනකට යාමෙන් කවර ඵලයක් ද? මෙතැන් පටන් මා වෙතින් ම ගෙන යනු මැනවි. මුදල් නො ගෙන ම බොහෝ බුලත්, කිතුල් ආදිය ද විවිධ මල් ද දුන්නේය. මානවිකාව බොහෝ සුවඳ මල් ආදිය රැගෙන එනු දැක කිම, මෑණියනි, අද අපගේ බමුණා පැහැදුණේදැ යි කීවාය. කුමක් නිසා මෙසේ කියන්නෙහි ද? මේ ද්‍රව්‍ය වැඩිපුරබව දැකය. බමුණා වැඩිපුර මුදල් නො දුන්නේය. මා විසින් වනාහි මේවා මගේ පුතා සමීපයෙන් ගෙනෙන ලදි. එතැන් පටන් බමුණා විසින් දෙන ලද මුදල් තමා ම ගෙන ධූර්තයාගේ සමීපයෙහි සුවඳ මල් ආදිය ගෙන එන්නීය. ධූර්තයා කීප දිනක් ගිය තැන ගිලන් බවක් ආරූඪ කරගෙන හොත්තේය. ඈ ඔහුගේ ආපන අවන්හලෙහි දොරටුව ළඟට ගොස් ඔහු නො දැක මගේ පුතා කොහිදැ යි විචාළාය. නුඹේ පුතාට අපහසු බවක් ඇතිවිය. ඈ ඔහු වැතිර හුන් තැනට ගොස් හිඳගෙන පිට පිරිමදින්නී, දරුව, නුඹට ඇති අපහසුව කුමක්දැ යි විචාළාය. ඔහු නිහඬ විය. දරුව, නො කියන්නේ ඇයි? මෑණියනි, මැරුණත් නුඹට නම් කියන්න නො හැකියි. මට නො කියා කාට කියන්න ද? දරුව, මෑණියනි, මට වෙන අපහසුවක් නැත. ඒ මානවිකාවගේ රූසපුව අසා ඈ පිළිබඳ සිත් ඇත්තේ වෙමි. ඇය ලබන්නේ නම් ජීවත් වන්නෙමි. නො ලබන්නේ නම් මෙහි ම මැරෙන්නෙමි. දරුව, මට එය බාරයි. නුඹ ඒ ගැන නො සිතව යි ඔහු අස්වසා බොහෝ සුවඳ මල් ආදිය රැගෙන මානවිකාවගේ ළඟට ගොස් දරුව, මගේ පුත්‍රයා මා වෙතින් නුඹේ රූ සපුව අසා ඔබ හා බැඳුනු සිත් ඇත්තෙක් වූයේය. කුමක් කටයුතු ද? ඉදින්, ඔහු රැගෙන එන්න හැක්කේ නම් මගෙන් බාධාවක් නැත.

සා තස‍්සා වචනං සුත්‍වා තතො පට‍්ඨාය තස‍්ස ගෙහස‍්ස කණ‍්ණකණ‍්ණෙහි බහුං කචවරං සඞ‍්කඩ‍්ඪිත්‍වා ආරක‍්ඛිත්‍ථියා උපරි ඡඩ‍්ඩෙසි. සා තෙන අට‍්ටීයමානා අපෙති. ඉතරා තෙනෙව නියාමෙන යා යා කිඤ‍්චි කථෙති, තස‍්සා තස‍්සා උපරි කචවරං ඡඩ‍්ඩෙසි. තතො පට‍්ඨාය පන සා යං යං ආහරති වා හරති වා, තං තං න කාචි සොධෙතුං උස‍්සහති. තස‍්මිං කාලෙ සා තං ධුත‍්තං පුප‍්ඵපච‍්ඡියං නිපජ‍්ජාපෙත්‍වා මාණවිකාය සන‍්තිකං අභිහරි. ධුත‍්තො මාණවිකාය සීලං භින්‍දිත්‍වා එකාහද‍්වීහං පාසාදෙයෙව අහොසි. පුරොහිතෙ බහි නික‍්ඛන‍්තෙ උභො අභිරමන‍්ති. තස‍්මිං ආගතෙ ධුත‍්තො නිලීයති.

සේවිකාව ඇගේ වචනය අසා එතැන් පටන් ඒ ගෙහි මුළුවල බොහෝ කසල එකතුකොට මල් පැසෙහි දමාගෙන යන්නේ පැස පරීක්‍ෂා කරන කල ආරක්‍ෂක ස්ත්‍රීන්ගේ මතුයෙහි දැමුවාය. එයින් ලජ්ජාවට පත් ඇය ඉවත් වූවාය. සේවිකාව ඒ ආකාරයෙන් ම යම් යම් ස්ත්‍රියක කිසිවක් කියත් ද ඔවුන්ගේ මතුවෙහි කසල දමයි. එතැන් පටන් ඇය යමක් ගෙන එයි ද බැහැරට ගෙන යයි ද කිසි ස්ත්‍රියක් එය පරීක්‍ෂා කිරීමට උත්සාහ නො කරයි. එකල්හි ඕ තුමූ ඒ ධූර්තයා මල් පැසෙහි හොවා මානවිකාවගේ සමීපයට ගෙනාවාය. ධූර්තයා මානවිකාවගේ සිල් බිඳ දවසක් දෙකක් එහි ම රැඳුණේය. පුරෝහිතයා බැහැර ගිය කල්හි දෙදෙනා රමණය කරත්. ඔහු ආ කල්හි ධූර්තයා සැඟවෙයි.

අථ නං සා එකාහද‍්වීහච‍්චයෙන “සාමි, ඉදානි තයා ගන‍්තුං වට‍්ටතී”ති ආහ. “අහං බ්‍රාහ‍්මණං පහරිත්‍වා ගන‍්තුකාමො”ති. සා “එවං හොතූ”ති ධුත‍්තං නිලීයාපෙත්‍වා බ්‍රාහ‍්මණෙ ආගතෙ එවමාහ “අහං, අය්‍ය, තුම‍්හෙසු වීණං වාදෙන‍්තෙසු නච‍්චිතුං ඉච‍්ඡාමී”ති. “සාධු, භද‍්දෙ, නච‍්චස‍්සූ”ති වීණං වාදෙසි. “තුම‍්හෙසු ඔලොකෙන‍්තෙසු ලජ‍්ජාමි, මුඛං පන වො සාටකෙන බන්‍ධිත්‍වා නච‍්චිස‍්සාමී”ති. “සචෙ ලජ‍්ජසි, එවං කරොහී”ති. මාණවිකා ඝනසාටකං ගහෙත්‍වා තස‍්ස අක‍්ඛීනි පිදහමානා මුඛං බන්‍ධි. බ්‍රාහ‍්මණො මුඛං බන්‍ධාපෙත්‍වා වීණං වාදෙසි. සා මුහුත‍්තං නච‍්චිත්‍වා “අය්‍ය, අහං තෙ එකවාරං සීසෙ පහරිතුකාමා”ති ආහ. ඉත්‍ථිලොලො බ්‍රාහ‍්මණො කිඤ‍්චි කාරණං අජානන‍්තො “පහරාහී”ති ආහ, මාණවිකා ධුත‍්තස‍්ස සඤ‍්ඤං අදාසි. සො සණිකං ආගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පිට‍්ඨිපස‍්සෙ ඨත්‍වා සීසෙ කප‍්පරෙන පහරි, අක‍්ඛීනි පතනාකාරප‍්පත‍්තානි අහෙසුං, සීසෙ ගණ‍්ඩො උට‍්ඨහි. සො වෙදනාට‍්ටො හුත්‍වා “ආහර තෙ හත්‍ථ”න‍්ති ආහ. මාණවිකා අත‍්තනො හත්‍ථං උක‍්ඛිපිත්‍වා තස‍්ස හත්‍ථෙ ඨපෙසි. බ්‍රාහ‍්මණො “හත්‍ථො මුදුකො, පහාරො පන ථද‍්ධො”ති ආහ . ධුත‍්තො බ්‍රාහ‍්මණං පහරිත්‍වා නිලීයි. මාණවිකා තස‍්මිං නිලීනෙ බ්‍රාහ‍්මණස‍්ස මුඛතො සාටකං මොචෙත්‍වා තෙලං ආදාය සීසං පරිසම‍්බාහි. බ්‍රාහ‍්මණෙ බහි නික‍්ඛන‍්තෙ පුන සා ඉත්‍ථී ධුත‍්තං පච‍්ඡියං නිපජ‍්ජාපෙත්‍වා නීහරි.

ඉක්බිති, මානවිකාව ඔහුට මෙසේ කීවාය. හිමියනි, දැන් ඔබට යන්නට සුදුසු වෙයි. මම බමුණාට පහර දී යන්නට කැමැත්තෙමි. ඕ තුමූ එ සේ වේවා යි ධූර්තයා සඟවා බමුණා ආ කල්හි මෙසේ කීවාය. හිමියනි, මම වීණාව වාදනය කළේය. ඔබ බලා සිටියදී නටන්න ලජ්ජා වෙමි. ඔබගේ මුහුණ සළුවකින් බැඳ නටන්නෙමි. ඉදින්, ඔබ ලජ්ජා වන්නෙහි නම් එ සේ කරව. මානවිකාව දළ සළුවක් ගෙන ඔහුගේ ඇස් වැසෙන පරිදි මුහුණ බැන්දාය. බමුණා මුහුණ බන්දවා ගෙන වීණාව වාදනය කළේය. ඈ මොහොතක් නටා ස්වාමීනි, මම නුඹට එක් වරක් හිසට පහර දෙනු කැමැත්තෙමි යි කීවාය. ස්ත්‍රී ලෝල බමුණා කිසි කරුණක් ගැන නො දන්නේ පහර දෙව යි කීවේය. මානවිකාව ධූර්තයාට ඉඟියක් කළාය. ඔහු හිමින් අවුත් බමුණාගේ පිටුපස සිට හිසට වැල මිටින් පහර දුන්නේය. ඇස් ගැළවී වැටෙන ආකාරයක් විය. හිසෙහි ගෙඩියක් මතුවිය. ඔහු වේදනාවට පත්ව ඔබේ අග ගෙනෙව යි කීවේය. මානවිකාව තමාගේ අත ඔසවා ඔහුගේ අතෙහි තැබුවාය. බමුණා අත නම් මොළොක්ය. පහර නම් තදයැ යි කීවේය. ධූර්තයා බමුණාට පහර දී සැඟවුණේය. මානවිකාව ඔහු සැඟවුණු කල්හි බමුණාගේ මුහුණෙන් සාටකය මුදා තෙල් ගෙන හිසෙහි පහර දුන් තැන පිරිමැද්දාය. බමුණා බැහැර නික්මුණු කල්හි නැවත ඒ ස්ත්‍රිය ධූර්තයා පැසෙහි හිඳුවා බැහැර කළාය. ඔහු රජු සමීපයට ගොස් ඒ සියලු පුවත් සැලකළේය.

සො රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. රාජා අත‍්තනො උපට‍්ඨානං ආගතං බ්‍රාහ‍්මණං ආහ “ජූතං කීළාම බ්‍රාහ‍්මණා”ති? “සාධු, මහාරාජා”ති. රාජා ජූතමණ‍්ඩලං සජ‍්ජාපෙත්‍වා පුරිමනයෙනෙව ජූතගීතං ගායිත්‍වා පාසකෙ ඛිපති. බ්‍රාහ‍්මණො මාණවිකාය තපස‍්ස භින‍්නභාවං අජානන‍්තො “ඨපෙත්‍වා මම මාණවික”න‍්ති ආහ. එවං වදන‍්තොපි පරාජිතොයෙව. රාජා ජිනිත්‍වා “බ්‍රාහ‍්මණ, කිං වදෙසි, මාණවිකාය තෙ තපො භින‍්නො, ත්‍වං ‘මාතුගාමං ගබ‍්භතො පට‍්ඨාය රක‍්ඛන‍්තො සත‍්තසු ඨානෙසු ආරක‍්ඛං කරොන‍්තො රක‍්ඛිතුං සක‍්ඛිස‍්සාමී’ති මඤ‍්ඤසි, මාතුගාමො නාම කුච‍්ඡියං පක‍්ඛිපිත්‍වා චරන‍්තෙනාපි රක‍්ඛිතුං න සක‍්කා, එකපුරිසිකා ඉත්‍ථී නාම නත්‍ථි, තව මාණවිකා ‘නච‍්චිතුකාමාම‍්හී’ති වත්‍වා වීණං වාදෙන‍්තස‍්ස තව සාටකෙන මුඛං බන්‍ධිත්‍වා අත‍්තනො ජාරං තව සීසෙ කප‍්පරෙන පහරාපෙත්‍වා උය්‍යොජෙසි, ඉදානි කිං කථෙසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

රජතුමා තමාගේ සේවය සඳහා පැමිණි බමුණාට කීය. බමුණ, දූ කෙළමු. මහරජ, මැනවි. රජ දූ කෙළි මණ්ඩපයක් සකසා පෙර මෙන් ම දූ කෙළි ගී ගායනයකොට පසැට දමයි. බමුණා මානවිකාව පතිවත බිඳුණු බව නො දැන මගේ මානවිකාව හැර යයි, කීය. එසේ කීවත් පරාජය වූයේ මය. රජතුමා කාරණය දැන, බමුණ, කුමක් නිසා දූ කෙළිය නැවැත්තුවෙහි ද? ඔබගේ මානවිකාවගේ පතිවත බිඳුණේය. ඔබ ස්ත්‍රියක කුසෙහි පටන් ආරක්‍ෂා කරමින් සත් ස්ථානයක ආරක්‍ෂා කරමින් රකින්න හැකි වෙමි යි හිතන්නෙහි ද? ස්ත්‍රීහු නම් කුසෙහි දමා හැසිරෙන්නාහු, නමුදු ආරක්‍ෂා කරන්න නො හැකිය. එක ම පුරුෂයකු ඇති ස්ත්‍රියක නම් නැත. ඔබගේ මානවිකාව නටනු කැමැත්තෙමි යි කියා වීණා වාදනය කරන ඔබගේ මුහුණ සළුවකින් බැඳ තමාගේ සොර සැමියා ලවා ඔබගේ හිසට වැලමිටෙන් ගස්සවා පිටත් කර හැරියාය. දැන් ඔබ කුමක් නිසා දූ කෙළිය නවත්තන්නෙහි ද, කියා මේ ගාථාව කීවේය.

“යං බ්‍රාහ‍්මණො අවාදෙසි, වීණං සමුඛවෙඨිතො; අණ‍්ඩභූතාභතා භරියා, තාසු කො ජාතු විස‍්සසෙ”ති.

“යං බ්‍රහ්මණො අවාදෙසී වීණං සම්මුඛවෙඨිතො, අණ්ඩභූතා භතා භරියා තාසු කො ජාතු විස්සසෙති”

“බමුණු තෙමේ යම් කාරණයකින් වීණාව වයයි ද මව් කුස හොත් කල්හි ම ආරක්‍ෂා කොට පෝෂණය කළා වූ භාර්යාවය. එබඳු භාර්යාවන් කෙරෙහි කවර නම් නුවණැත්තෙක් ඒකාන්තයෙන් විශ්වාස තබන්නේ ද?”

තත්‍ථ යං බ්‍රාහ‍්මණො අවාදෙසි, වීණං සමුඛවෙඨිතොති යෙන කාරණෙන බ්‍රාහ‍්මණො ඝනසාටකෙන සහ මුඛෙන වෙඨිතො හුත්‍වා වීණං වාදෙසි, තං කාරණං න ජානාතීති අත්‍ථො. තඤ‍්හි සා වඤ‍්චෙතුකාමා එවමකාසි. බ්‍රාහ‍්මණො පන තං ඉත්‍ථිං බහුමායාභාවං අජානන‍්තො මාතුගාමස‍්ස සද‍්දහිත්‍වා “මං එසා ලජ‍්ජතී”ති එවංසඤ‍්ඤී අහොසි, තෙනස‍්ස අඤ‍්ඤාණභාවං පකාසෙන‍්තො රාජා එවමාහ, අයමෙත්‍ථාධිප‍්පායො . අණ‍්ඩභූතාභතා භරියාති අණ‍්ඩං වුච‍්චති බීජං, බීජභූතා මාතුකුච‍්ඡිතො අනික‍්ඛන‍්තකාලෙයෙව ආභතා ආනීතා, භතාති වා පුට‍්ඨාති අත්‍ථො. කා සා? භරියා පජාපති පාදපරිචාරිකා. සා හි භත‍්තවත්‍ථාදීහි භරිතබ‍්බතාය, භින‍්නසංවරතාය, ලොකධම‍්මෙහි භරිතතාය වා “භරියා”ති වුච‍්චති. තාසු කො ජාතු විස‍්සසෙති ජාතූති එකංසාධිවචනං, තාසු මාතුකුච‍්ඡිතො පට‍්ඨාය රක‍්ඛියමානාසුපි එවං විප‍්පකාරං ආපජ‍්ජන‍්තීසු භරියාසු කො නාම පණ‍්ඩිතො පුරිසො එකංසෙන විස‍්සසෙ, “නිබ‍්බිකාරා එසා මයී”ති කො සද‍්දහෙය්‍යාති අත්‍ථො. අසද‍්ධම‍්මවසෙන හි ආමන‍්තකෙසු නිමන‍්තකෙසු විජ‍්ජමානෙසු මාතුගාමො නාම න සක‍්කා රක‍්ඛිතුන‍්ති.

එහි, “යං බ්‍රහ්මණො අවාදෙසී වීණං සම්මුඛවෙඨිතොති” යම් කාරණයකින් බමුණා දළ සළුවෙන් මුහුණ වෙළන ලද්දකු වී වීණාව වාදනය කළේ ද ඒ කාරණය නො දනී යන අර්ථයි. එය ද ඕ තුමූ වංචා කරනු කැමැත්තී, එ සේ කළාය. බමුණා, ඒ ස්ත්‍රියගේ බොහෝ මායම්බව නො දැන ස්ත්‍රිය අදහා මැය මා නිසා ලජ්ජාවන්නීයැ යි යන හැඟීම වූවේය. ඒ නිසා ඔහුගේ අනුවණ බව ප්‍රකාශ කරමින් රජ මෙසේ කීවේය. මෙය එහි අදහසයි. “අණ්ඩභූතා භතා භරියාති” අණ්ඩ නම් බීජයයි. බීජ නම් වූ මව් කුසින් නික්මීමට පෙර සිට ම ගෙනෙන ලද ඕ පෝෂණය කරන ලද යන අර්ථයි. ඒ කවරහු ද? භාර්යාව, පජාපති, පාද පරිචාරිකාවයි. ඕ වනාහි ආහාර, වස්ත්‍රාදියෙන් පෝෂණය කළ යුතු බැවින් ද සිඳුනු සංවර ඇති බැවින් ද ලෝ දහමෙන් ආරක්‍ෂා කළ යුතු බැවින් ද භාර්යාවයැ යි කියනු ලැබේ. “තාසු කො ජාතු විස්සසෙති” ජාතු යනු ඒකාන්ත යන අර්ථයයි. ඒ ස්ත්‍රීන් කුසින් උපන් දින පටන් ආරක්‍ෂා කරන්නේ නමුදු මෙවැනි වරදට පැමිණෙන්නා වූ භාර්යාවන් කෙරෙහි කවර නම් නුවණ ඇති පුරුෂයෙක් ඒකාන්තයෙන් විශ්වාස කරන්නේ ද, මැය මට වෙනසක් නැතැ යි කවරෙක් නම් අදහන්නේ ද, යන අර්ථයි. කාම චාර වශයෙන් අමතන කල්හි ද කැඳවන කල්හි ද මාගම්මුන් රැකීමට නො හැකිය.

එවං බොධිසත‍්තො බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මං දෙසෙසි. බ්‍රාහ‍්මණො බොධිසත‍්තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා තං මාණවිකං ආහ – “තයා කිර එවරූපං පාපකම‍්මං කත”න‍්ති? “අය්‍ය, කො එවමාහ, න කරොමි, ‘අහමෙව පහරිං, න අඤ‍්ඤො කොචි’. සචෙ න සද‍්දහථ, අහං ‘තුම‍්හෙ ඨපෙත්‍වා අඤ‍්ඤස‍්ස පුරිසස‍්ස හත්‍ථසම‍්ඵස‍්සං න ජානාමී’ති සච‍්චකිරියං කත්‍වා අග‍්ගිං පවිසිත්‍වා තුම‍්හෙ සද‍්දහාපෙස‍්සාමී”ති. බ්‍රාහ‍්මණො “එවං හොතූ”ති මහන‍්තං දාරුරාසිං කාරෙත්‍වා අග‍්ගිං කත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “සචෙ අත‍්තනො සද‍්දහසි, අග‍්ගිං පවිසාහී”ති ආහ.

මෙසේ බෝසත්හු බමුණාට දම් දෙසූහ. බමුණා බෝසතුන්ගේ ධර්ම දේශනාව අසා නිවසට ගොස් ඒ මානවිකාවට මෙසේ කීවේය. නුඹ විසින් වනාහි මෙබඳු පාප ක්‍රියාවක් කරන ලද්දී ද? ස්වාමීනි, කවරෙක් මෙසේ කීවේ ද? නො කරමි. මම ම පහර දුනිමි. අනිකෙක් නො වේ. ඉදින්, නො අදහන්නේ නම් මම ඔබ හැර අන් පුරුෂයකුගේ අත් පහසක් නො දනිමි යි සත්‍ය ක්‍රියාකොට ගින්නට පිවිස ඔබ විශ්වාස කැරවන්නෙමි. බමුණා, එ සේ වේවා යි මහත් දර රැසක් රැස්කොට ගිනි තබා ඇය ගෙන්වා තමාට තමා විශ්වාස නම් ගින්නට පිවිසව යි කීවේය.

මාණවිකා අත‍්තනො පරිචාරිකං පඨමමෙව සික‍්ඛාපෙසි “අම‍්ම, තව පුත‍්තං තත්‍ථ ගන‍්ත්‍වා මම අග‍්ගිං පවිසනකාලෙ හත්‍ථග‍්ගහණං කාතුං වදෙහී”ති. සා ගන‍්ත්‍වා තථා අවච. ධුත‍්තො ආගන‍්ත්‍වා පරිසමජ‍්ඣෙ අට‍්ඨාසි. සා මාණවිකා බ්‍රාහ‍්මණං වඤ‍්චෙතුකාමා මහාජනමජ‍්ඣෙ ඨත්‍වා “බ්‍රාහ‍්මණ, තං ඨපෙත්‍වා අඤ‍්ඤස‍්ස පුරිසස‍්ස හත්‍ථසම‍්ඵස‍්සං නාම න ජානාමි, ඉමිනා සච‍්චෙන අයං අග‍්ගි මා මං ඣාපෙසී”ති අග‍්ගිං පවිසිතුං ආරද‍්ධා. තස‍්මිං ඛණෙ ධුත‍්තො “පස‍්සථ භො පුරොහිතබ්‍රාහ‍්මණස‍්ස කම‍්මං, එවරූපං මාතුගාමං අග‍්ගිං පවෙසාපෙතී”ති ගන‍්ත්‍වා තං මාණවිකං හත්‍ථෙ ගණ‍්හි. සා හත්‍ථං විස‍්සජ‍්ජාපෙත්‍වා පුරොහිතං ආහ – “අය්‍ය, මම සච‍්චකිරියා භින‍්නා, න සක‍්කා අග‍්ගිං පවිසිතු”න‍්ති. “කිංකාරණා”ති? “අජ‍්ජ මයා එවරූපා සච‍්චකිරියා කතා ‘ඨපෙත්‍වා මම සාමිකං අඤ‍්ඤස‍්ස පුරිසස‍්ස හත්‍ථසම‍්ඵස‍්සං න ජානාමී’ති , ඉදානි චම‍්හි ඉමිනා පුරිසෙන හත්‍ථෙ ගහිතා”ති. බ්‍රාහ‍්මණො “වඤ‍්චිතො අහං ඉමායා”ති ඤත්‍වා තං පොථෙත්‍වා නීහරාපෙසි. එවං අසද‍්ධම‍්මසමන‍්නාගතා කිරෙතා ඉත්‍ථියො තාව මහන‍්තම‍්පි පාපකම‍්මං කත්‍වා අත‍්තනො සාමිකං වඤ‍්චෙතුං “නාහං එවරූපං කම‍්මං කරොමී”ති දිවසම‍්පි සපථං කුරුමානා නානාචිත‍්තාව හොන‍්ති. තෙන වුත‍්තං –

මානවිකාව තමාගේ සේවිකාව පළමුකොට දැනුවත් කළාය. මෑණියනි, ඔබගේ පුත්‍රයා වෙත ගොස් මම ගින්නට පිවිසෙන කල අතින් අල්ලා ගන්නට කියව. ඇය ද ගොස් එසේ කීවාය. ධූර්තයා අවුත් පිරිස් මැද සිටියේය. ඒ මානවිකාව බමුණා රවටනු කැමැත්තී, මහජනයා මැද සිට බමුණ, ඔබ හැර අන් පුරුෂයකුගේ අත් පහසක් නම් නො දනිමි. මේ සත්‍ය බලයෙන් ගින්න මා නො දවාවා යි ගින්නට පිවිසීමට සූදානම් වූවාය. එකෙණෙහි ධූර්තයා පුරෝහිත බමුණාගේ ක්‍රියාව බලවු. මෙබඳු මානවිකාවක ගින්න ප්‍රවේශ කරයි, ගොස් ඒ මානවිකාවගේ අතින් අල්ලා ගත්තේය. ඕ තුමූ අත හරවා ගෙන පුරෝහිතයාට මෙසේ කීවාය. ස්වාමීනි, මගේ සත්‍ය ක්‍රියාව බිඳුණේය. දැන් ගින්නට පිවිසීමට නො හැකිය. මක් නිසා ද? මම මගේ සැමියාට අන් පුරුෂයකුගේ අත්පහස නො දනිමි යි සත්‍ය ක්‍රියා කළෙමි. දැන් මේ පුරුෂයා විසින් මගේ අත් අල්ලා ගන්නා ලදි. එවිට බමුණ මැය විසින් මා රවටන ලද්දෙමි යි දැන ඇයට තලා පෙලා නිවසින් බැහැර කැරවීය. මෙසේ ස්ත්‍රීහු අදහමින් යුක්ත වූවෝ වෙති. කොතරම් මහත් වරදක් කොට ද සැමියා රැවටීම පිණිස මම එවැන්නක් නො කළෙමි යි දවසක් වුව ද දිවුරමින් වෙනත් අතකට ගිය සිත් ඇත්තෝ වෙති. එහෙයින් කියන ලදි.

“චොරීනං බහුබුද‍්ධීනං, යාසු සච‍්චං සුදුල‍්ලභං; ථීනං භාවො දුරාජානො, මච‍්ඡස‍්සෙවොදකෙ ගතං. (ජා· 2.21.347);

“චොරීනං බහුබුද්ධීනං යාසු සච්චං සුදුල්ලභං, ථීනං භාවො දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතං

“මුසා තාසං යථා සච‍්චං, සච‍්චං තාසං යථා මුසා; ගාවො බහි තිණස‍්සෙව, ඔමසන‍්ති වරං වරං.

මුසා තාසං යථා සච්චං සච්චං තාසං යථා මුසා, ගාවො බහුතිණස්සෙව ඔමසන්ති වරං වරං

“චොරියො කථිනා හෙතා, වාළා ච ලපසක‍්ඛරා; න තා කිඤ‍්චි න ජානන‍්ති, යං මනුස‍්සෙසු වඤ‍්චන”න‍්ති. (ජා· 2.21.332, 334);

චොරියො කඨිනා හෙතා වළා ච පලසක්‍ඛරා, න තා කිඤ්චි න ජානන්ති යං මනුස්සෙසු වඤ්චනන්ති”

“යම් ඒ ස්ත්‍රීන් කෙරෙහි සත්‍යය දුර්ලභාදී සොර සිත් ඇති කපටි නුවණ ඇති ස්ත්‍රීන්ගේ ස්වභාවය දත නො හැකිය. කෙසේ ද යත්, දියෙහි මත්ස්‍යයන්ගේ ගමන් මඟ මෙනි.”

“සත්‍යය ඔවුන්ට බොරුවකි. බොරුව ඔවුන්ට සත්‍යයකි. බොහෝ තණ ඇති ස්ථානයක වඩ වඩා උතුම් තණ සොයා යන ගවයන් මෙනි.”

“මේ ස්ත්‍රීන් සොරය. සැඩය. දැඩිය. චපලය. මිහිරි සතුරු වැන්නාහ. මිනිසුන් අතර යම් වංචා විඳ ඇත්තේ ද ඒවා ඔවුහු නො දනිති.”

සත්‍ථා “එවං අරක‍්ඛියො මාතුගාමො”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සත්‍ථාපි අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා බාරාණසිරාජා අහමෙව අහොසි”න‍්ති.

බුදුරජහු මෙසේ ස්ත්‍රීහු නො රැකිය හැක්කෝයැ යි මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් ප්‍රකාශ කළහ. සත්‍යය දේශනාව කෙළවර කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජහු ද අනුසන්‍ධි ගළපා මේ ජාතකය නිමවා වදාළහ. එකල බරණැස් රජ මම ම වූවෙමි.

අණ‍්ඩභූතජාතකවණ‍්ණනා දුතියා.