යෙදුමෙන් කියවන්න

3. තක‍්කපණ‍්ඩිතජාතකවණ‍්ණනා 63 අට‍්ඨකථා

3. තක‍්කපණ‍්ඩිතජාතකවණ‍්ණනා (63)

3. තක්ක ජාතකය (63)

කොධනා අකතඤ‍්ඤූ චාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුඤ‍්ඤෙවාරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ “ඉත්‍ථියො නාම භික‍්ඛු අකතඤ‍්ඤූ මිත‍්තදුබ‍්භා, කස‍්මා තා නිස‍්සාය උක‍්කණ‍්ඨිතොසී”ති වත්‍වා අතීතං ආහරි.

“කොධනා අකතඤ්ඤූචාති” යන මෙය බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, කළකිරුණු භික්‍ෂුවක් අරභයා වදාළහ. බුදුරජහු ඔහුගෙන් ඔබ උකටලී වූවෙහිදැ යි විචාරා සත්‍යයැ යි කී කල්හි ස්ත්‍රීහු නම් කෙළෙහි ගුණ නො දන්නෝය. මිතුරන්ට අවැඩ කරන්නෝය. ඔබ කුමක් නිසා ඔවුන් වෙනුවෙන් කළකිරුණෙහිදැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ගඞ‍්ගාතීරෙ අස‍්සමං මාපෙත්‍වා සමාපත‍්තියො චෙව අභිඤ‍්ඤායො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානසුඛෙන විහරති. තස‍්මිං සමයෙ බාරාණසිසෙට‍්ඨිනො ධීතා දුට‍්ඨකුමාරී නාම චණ‍්ඩා අහොසි ඵරුසා, දාසකම‍්මකරෙ අක‍්කොසති පරිභාසති පහරති. අථ නං එකදිවසං පරිවාරමනුස‍්සා ගහෙත්‍වා “ගඞ‍්ගාය කීළිස‍්සාමා”ති අගමංසු. තෙසං කීළන‍්තානඤ‍්ඤෙව සූරියත්‍ථඞ‍්ගමනවෙලා ජාතා, මෙඝො උට‍්ඨහි, මනුස‍්සා මෙඝං දිස‍්වා ඉතො චිතො ච වෙගෙන පලායිංසු. සෙට‍්ඨිධීතායපි දාසකම‍්මකරා “අජ‍්ජ අම‍්හෙහි එතිස‍්සා පිට‍්ඨිං පස‍්සිතුං වට‍්ටතී”ති තං අන‍්තොඋදකස‍්මිංයෙව ඡඩ‍්ඩෙත්‍වා උත‍්තරිංසු. දෙවො පාවස‍්සි, සූරියොපි අත්‍ථඞ‍්ගතො, අන්‍ධකාරො ජාතො. තෙ තාය විනාව ගෙහං ගන‍්ත්‍වා “කහං සා”ති වුත‍්තෙ “ගඞ‍්ගාතො තාව උත‍්තිණ‍්ණා, අථ නං න ජානාම කහං ගතා”ති. ඤාතකා විචිනිත්‍වාපි න පස‍්සිංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන සමයෙහි බෝසත්හු තවුස් පැවිද්දෙන් පැවිදි ව ගංතෙර අසපුවක් කොට සමාපත්ති ද අභිඥා ද උපදවා ධ්‍යාන ගෙන ඇලීම් සැපයෙන් වාසය කරති. එසමයෙහි බරණැස් සිටුහුගේ දියණිය දුෂ්ට කුමාරි නම් වූවාය. ඕ ඉතා දරුණුය. දැසි දස් කම්කරුවන්ට බැණ වදියි. පහර දෙයි. දිනක් ඇය රැගෙන ජල ක්‍රීඩා කරන්නෙමැ යි ගඟට ගියහ. ඔවුන් ක්‍රීඩා කරද්දී ම හිරු බැස යන වේලාව පැමිණියේය. වැහි වලා ගැසිණි. මිනිස්සු වැහි වලා දැක වේගයෙන් ඔබිමොබ පලා ගියහ. සිටු දුවගේ දැසි කම්කරුවෝ අද අප මැය පිටු දැකීමට සුදුසුයැ යි ඇය ජලයෙහි සිටියදී ම අත්හැර ගොඩ ආහ. වර්ෂාව වසින්න පටන් ගත්තේය. හිරු ද අවරට ගියේය. අන්‍ධකාරය විය. ඒ මිනිස්සු ඇය හැර ගෙට ගොස් සිටු දුව කොහිදැ යි ඇසූ කල්හි ඇය ගඟින් ගොඩට ආවාය. ඉන් පසු අපි නො දනිමු. ඇගේ නෑයෝ සොයා ද නො දුටහ.

සා මහාවිරවං විරවන‍්තී උදකෙන වුය‍්හමානා අඩ‍්ඪරත‍්තසමයෙ බොධිසත‍්තස‍්ස පණ‍්ණසාලාසමීපං පාපුණි. සො තස‍්සා සද‍්දං සුත්‍වා “මාතුගාමස‍්ස සද‍්දො එසො, පරිත‍්තාණමස‍්සා කරිස‍්සාමී”ති තිණුක‍්කං ආදාය නදීතීරං ගන‍්ත්‍වා තං දිස‍්වා “මා භායි, මා භායී”ති අස‍්සාසෙත්‍වා නාගබලො ථාමසම‍්පන‍්නො බොධිසත‍්තො නදිං තරමානො ගන‍්ත්‍වා තං උක‍්ඛිපිත්‍වා අස‍්සමපදං ආනෙත්‍වා අග‍්ගිං කත්‍වා අදාසි. සීතෙ විගතෙ මධුරානි ඵලාඵලානි උපනාමෙසි. තානි ඛාදිත්‍වා ඨිතං “කත්‍ථ වාසිකාසි, කථඤ‍්ච ගඞ‍්ගාය පතිතාසී”ති පුච‍්ඡි. සා තං පවත‍්තිං ආරොචෙසි. අථ නං “ත්‍වං ඉධෙව වසා”ති පණ‍්ණසාලාය වසාපෙන‍්තො ද‍්වීහතීහං සයං අබ‍්භොකාසෙ වසිත්‍වා “ඉදානි ගච‍්ඡා”ති ආහ. සා “ඉමං තාපසං සීලභෙදං පාපෙත්‍වා ගහෙත්‍වා ගමිස‍්සාමී”ති න ගච‍්ඡති. අථ ගච‍්ඡන‍්තෙ කාලෙ ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථිලීලං දස‍්සෙත්‍වා තස‍්ස සීලභෙදං කත්‍වා ඣානං අන‍්තරධාපෙසි. සො තං ගහෙත්‍වා අරඤ‍්ඤෙයෙව වසති. අථ නං සා ආහ “අය්‍ය, කිං නො අරඤ‍්ඤවාසෙන, මනුස‍්සපථං ගමිස‍්සාමා”ති? සො තං ආදාය එකං පච‍්චන‍්තගාමකං ගන‍්ත්‍වා තක‍්කභතියා ජීවිකං කප‍්පෙත්‍වා තං පොසෙති. තස‍්ස තක‍්කං වික‍්කිණිත්‍වා ජීවතීති “තක‍්කපණ‍්ඩිතො”ති නාමං අකංසු. අථස‍්ස ගාමවාසිනො පරිබ‍්බයං දත්‍වා “අම‍්හාකං සුයුත‍්තදුයුත‍්තකං ආචික‍්ඛන‍්තො එත්‍ථ වසා”ති ගාමද‍්වාරෙ කුටියං වාසෙසුං.

සිටු දුව මහත් සේ විලාප දෙන්නී, ජලයෙන් ගසාගෙන යනු ලබන්නී, මැදියම් රැයෙහි බෝසතුන්ගේ පන්සල සමීපයට පැමිණියාය. බෝසත්හු ඇගේ ශබ්දය අසා මේ ස්ත්‍රියකගේ ශබ්දයෙකි. ඇයට ආරක්‍ෂාවක් කරන්නෙමි යි තණ හුලක් ගෙන ගංතෙරට ගොස් ඇය දැක බය නො වන්න, බය නො වන්නයැ යි අස්වසා ඇතෙක්ගේ බල ඇති ශක්තිමත් තවුසාණෝ ගඟ තරණය කරමින් ගොස් ඇය ඔසවා තම අසපුවට ගෙනවුත් ගිනි දල්වා දුන්නේය. සීතල පහ වූ කල්හි මිහිරි ඵලවැල දුන්හ. ඒවා අනුභවකොට සිටි ඇයගෙන් ඔබ කොහි වසන්නියක් වෙහි ද? කෙසේ නම් ගංගාවට වැටුණේදැ යි විචාළහ. එ සේ නම් ඔබ මෙහි ම වසන්නැ යි පන්සලෙහි රඳවා ගෙන දෙතුන් දිනක් තමා එළිමහනෙහි වැස දැන් යව යි කීහ. එවිට සිටු දුව මම මේ තවුසා ශීල භේදයට පමුණුවා ඔහු රැගෙන ම යමි යි නො ගියාය. මෙසේ කල්යත් ම සිටු දුව ස්ත්‍රීන්ගේ ආකල්ප ස්ත්‍රීන්ගේ මායම් දක්වා ඔහුගේ ශීල භේදයකොට ධ්‍යානයන් අතුරුදහන් කැර වූවාය. තවුසාණෝ ඇය පාවාගෙන වනයෙහි ම වසති. අනතුරුව ඕ තවුසාට හිමියනි, මේ වන වාසයෙන් කවර ඵලක් ද? මිනිස් පියසට යමු යි කීවාය. ඔහු ද ඇය රැගෙන එක්තරා කුඩා පසල් ගමකට අවුත් මෝරු, මී කිරි විකුණා ජීවිකාව කොට ඇය ද පෝෂණය කළහ. මෝරු විකුණා ජීවත් වන නිසා ඔවුන්ට තක්ක පණ්ඩිතයැ යි නම් කළහ. ඒ ගම් වාසීහු ඔහුට අපට යුතු අයුතුකම් කියමින් මෙහි ම වාසය කරනු මැනවැ යි වියදම් දී ගම් දොර කුටියක් කොට වාසය කැරවූහ.

තෙන ච සමයෙන චොරා පබ‍්බතා ඔරුය‍්හ පච‍්චන‍්තං පහරන‍්ති. තෙ එකදිවසං තං ගාමං පහරිත්‍වා ගාමවාසිකෙහියෙව භණ‍්ඩිකා උක‍්ඛිපාපෙත්‍වා ගච‍්ඡන‍්තා තම‍්පි සෙට‍්ඨිධීතරං ගහෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා සෙසජනෙ විස‍්සජ‍්ජෙසුං. චොරජෙට‍්ඨකො පන තස‍්සා රූපෙ බජ‍්ඣිත්‍වා තං අත‍්තනො භරියං අකාසි. බොධිසත‍්තො “ඉත්‍ථන‍්නාමා කහ”න‍්ති පුච‍්ඡි. “චොරජෙට‍්ඨකෙන ගහෙත්‍වා අත‍්තනො භරියා කතා”ති ච සුත්‍වාපි “න සා තත්‍ථ මයා විනා වසිස‍්සති, පලායිත්‍වා ආගච‍්ඡිස‍්සතී”ති තස‍්සා ආගමනං ඔලොකෙන‍්තො තත්‍ථෙව වසි.

එසමයෙහි සොරු පර්වතයෙන් බැස අවුත් පසල් දනව්වට පහර දෙත්. ඔවුහු එක් දිනක් ඒ ගමට පහර දී ගම් වාසීන් ලවා ම බඩු පොදි ඔසවවා යන්නාහු, එම සිටු දියණිය ද ගෙන තමන් වසන තැනට ගොස් සෙසු ජනයා හැර යැවූහ. සොර දෙටුවා ඇගේ රූපයෙහි බැඳී ඇය තමාගේ බිරිඳ කළේය. බෝසත්හු මෙනම් ඇත්තී, කොහිදැ යි විචාළහ. සොර දෙටුවා විසින් ඇය ගෙන තමාගේ බිරිය කරන ලදැ යි ඇසුව ද ඕ මා හැර එහි නො වසන්නීය. එයින් පලා යන්නීයැ යි ඇගේ නැවත පැමිණීම බලමින් එහි ම විසූහ.

සෙට‍්ඨිධීතාපි චින‍්තෙසි “අහං ඉධ සුඛං වසාමි, කදාචි මං තක‍්කපණ‍්ඩිතො කිඤ‍්චිදෙව නිස‍්සාය ආගන‍්ත්‍වා ඉතො ආදාය ගච‍්ඡෙය්‍ය, අථ එතස‍්මා සුඛා පරිහායිස‍්සාමි, යන‍්නූනාහං සම‍්පියායමානා විය තං පක‍්කොසාපෙත්‍වා ඝාතාපෙය්‍ය”න‍්ති. සා එකං මනුස‍්සං පක‍්කොසිත්‍වා “අහං ඉධ දුක‍්ඛං ජීවාමි, තක‍්කපණ‍්ඩිතො ආගන‍්ත්‍වා මං ආදාය ගච‍්ඡතූ”ති සාසනං පෙසෙසි. සො තං සාසනං සුත්‍වා සද‍්දහිත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා ගාමද‍්වාරෙ ඨත්‍වා සාසනං පෙසෙසි. සා නික‍්ඛමිත්‍වා තං දිස‍්වා “අය්‍ය, සචෙ මයං ඉදානි ගච‍්ඡිස‍්සාම, චොරජෙට‍්ඨකො අනුබන්‍ධිත්‍වා උභොපි අම‍්හෙ ඝාතෙස‍්සති, රත‍්තිභාගෙ ගච‍්ඡිස‍්සාමා”ති තං ආනෙත්‍වා භොජෙත්‍වා කොට‍්ඨකෙ නිසීදාපෙත්‍වා සායං චොරජෙට‍්ඨකස‍්ස ආගන‍්ත්‍වා සුරං පිවිත්‍වා මත‍්තකාලෙ “සාමි, සචෙ ඉමාය වෙලාය තව සත‍්තුං පස‍්සෙය්‍යාසි, කින‍්ති නං කරෙය්‍යාසී”ති ආහ. “ඉදඤ‍්චිදඤ‍්ච කරිස‍්සාමීති”. “කිං පන සො දූරෙ, නනු කොට‍්ඨකෙ නිසින‍්නො”ති? චොරජෙට‍්ඨකො උක‍්කං ආදාය තත්‍ථ ගන‍්ත්‍වා තං දිස‍්වා ගහෙත්‍වා ගෙහමජ‍්ඣෙ පාතෙත්‍වා කප‍්පරාදීහි යථාරුචිං පොථෙසි. සො පොථියමානොපි අඤ‍්ඤං කිඤ‍්චි අවත්‍වා “කොධනා අකතඤ‍්ඤූ ච, පිසුණා මිත‍්තභෙදිකා”ති එත‍්තකමෙව වදති. චොරො තං පොථෙත්‍වා බන්‍ධිත්‍වා නිපජ‍්ජාපෙත්‍වා සායමාසං භුඤ‍්ජිත්‍වා සයි. පබුද‍්ධො ජිණ‍්ණාය සුරාය පුන තං පොථෙතුං ආරභි, සොපි තානෙව චත‍්තාරි පදානි වදති.

සිටු දුව ද මෙසේ සිතුවාය. මොහු මෙහි අවුත් මෙතනින් මා රැගෙන යන්නේය. එවිට මම මේ සැපතින් පිරිහෙන්නෙමි. එම නිසා මම සෙනෙහසින් මෙන් ඔහු මෙහි කැඳවා මරවන්නේ නම් මැනවි. ඕ තුමූ එක් මිනිසකු කැඳවා මම මෙහි දුක සේ වෙසෙමි. පණ්ඩිතයෝ අවුත් මා රැගෙන යත්වා යි හසුනක් යැව්වාය. හෙතෙම ඒ හසුන අසා අදහා එහි ගොස් ගම් දොර සිට හසුනක් යැව්වේය. ඈ නික්මී ඔහු දැක ස්වාමීනි, ඉදින්, අපි දැන් යන්නෙමු නම් සොර දෙටුවා ලුහුබැඳ අපි දෙදෙනා ම ඝාතනය කරන්නේය. රාත්‍රී කාලයේ යන්නෙමු යි. ඔහු කැඳවා කවා කාමරයක හිඳුවා සවස සොර දෙටුවා අවුත් සුරා මත් වූ කල්හි ස්වාමීනි, මේ වේලාවෙහි ඔබගේ සතුරකු දකින්නේ නම් ඔහුට ඔබ කුමක් කරන්නේදැයි ඇසුවාය. මේ මේ දේ කරමි යි කී කල්හි ඒ සතුරා දුර සිටින්නකු නැත. කොටුවෙහි හිඳින්නේය. සොර දෙටුවා ගිනි හුළක් ගෙන එහි ගොස් ඔහු දැක ගෙන ගේ මැද හෙළා වැලමිට ආදියෙන් කැමති පරිදි ගැසුවේය. තවුසාණෝ එ සේ පහර දෙනු ලබද්දීත් අන් කිසිවක් නො කියා ස්ත්‍රීහු ක්‍රෝධ ඇත්තෝය. කෙළෙහි ගුණ නො දන්නෝය, කේලාම් කියන්නෝය, මිතුරන්ට අහිත කරන්නෝය, මෙපමණක් කියති. සොරා ඔහුට ගසා බැඳ හොවා රාත්‍රී භෝජනය අනුභව කොට සයනය කළේය. පිබිදුණු ඔහු සුරා මදය නැති වූ කල්හි නැවතත් ඔහුට ගසන්න පටන් ගත්තේය. එවිට ද ඒ තවුසාණෝ ඒ සතර පද ම කියති.

චොරො චින‍්තෙසි “අයං එවං පොථියමානොපි අඤ‍්ඤං කිඤ‍්චි අවත්‍වා ඉමානෙව චත‍්තාරි පදානි වදති, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති තස‍්සා සුත‍්තභාවං ඤත්‍වා තං පුච‍්ඡි “අම‍්භො ත්‍වං එවං පොථියමානොපි කස‍්මා එතානෙව පදානි වදසී”ති? තක‍්කපණ‍්ඩිතො “තෙන හි සුණාහී”ති තං කාරණං ආදිතො පට‍්ඨාය කථෙසි. “අහං පුබ‍්බෙ අරඤ‍්ඤවාසිකො එකො තාපසො ඣානලාභී, ස‍්වාහං එතං ගඞ‍්ගාය වුය‍්හමානං උත‍්තාරෙත්‍වා පටිජග‍්ගිං. අථ මං එසා පලොභෙත්‍වා ඣානා පරිහාපෙසි, ස‍්වාහං අරඤ‍්ඤං පහාය එතං පොසෙන‍්තො පච‍්චන‍්තගාමකෙ වසාමි, අථෙසා චොරෙහි ඉධානීතා ‘අහං දුක‍්ඛං වසාමි, ආගන‍්ත්‍වා මං නෙතූ’ති මය‍්හං සාසනං පෙසෙත්‍වා ඉදානි තව හත්‍ථෙ පාතෙසි, ඉමිනා කාරණෙනාහං එවං කථෙමී”ති. චොරො චින‍්තෙසි “යා එසා එවරූපෙ ගුණසම‍්පන‍්නෙ උපකාරකෙ එවං විප‍්පටිපජ‍්ජි, සා මය‍්හං කතරං නාම උපද‍්දවං න කරෙය්‍ය, මාරෙතබ‍්බා එසා”ති සො තක‍්කපණ‍්ඩිතං අස‍්සාසෙත්‍වා තං පබොධෙත්‍වා ඛග‍්ගං ආදාය නික‍්ඛම‍්ම “එතං පුරිසං ගාමද‍්වාරෙ ඝාතෙස‍්සාමී”ති වත්‍වා තාය සද‍්ධිං බහිගාමං ගන‍්ත්‍වා “එතං හත්‍ථෙ ගණ‍්හා”ති තං තාය හත්‍ථෙ ගාහාපෙත්‍වා ඛග‍්ගං ආදාය තක‍්කපණ‍්ඩිතං පහරන‍්තො විය තං ද‍්විධා ඡින්‍දිත්‍වා සසීසං න‍්හාපෙත්‍වා තක‍්කපණ‍්ඩිතං කතිපාහං පණීතෙන භොජනෙන සන‍්තප‍්පෙත්‍වා ඉදානි කහං ගමිස‍්සසී”ති ආහ. තක‍්කපණ‍්ඩිතො “ඝරාවාසෙන මෙ කිච‍්චං නත්‍ථි, ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තත්‍ථෙව අරඤ‍්ඤෙ වසිස‍්සාමී”ති ආහ. “තෙන හි අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති උභොපි පබ‍්බජිත්‍වා තං අරඤ‍්ඤායතනං ගන‍්ත්‍වා පඤ‍්ච අභිඤ‍්ඤා අට‍්ඨ ච සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා ජීවිතපරියොසානෙ බ්‍රහ‍්මලොකූපගා අහෙසුං.

සොරා මෙසේ සිතීය. මේ තෙමේ මෙසේ පහර දෙනු ලබන කල්හි වෙන කිසිවක් නො කියා මේ සතර පද ම කියයි. ඔහුගෙන් මේ ගැන විචාරමි. ඇය නිදි බව දැන ඔහුගෙන් මෙසේ විචාළේය. පින්වත, ඔබ මෙසේ ගසනු ලබන කල්හිත් මේ සතර පදය ම කියන්නෙහි. එවිට තක්ක පණ්ඩිතයෝ, එ සේ නම් අසනු මැනවි යි ඒ කාරණය මුල පටන් කීහ. මම පෙර අරණ්‍ය වාසී වූ එක් තාපසයෙක්මි. ධ්‍යාන ලාභී වීමි. ඒ මම ගංගාවෙහි ගසා ගෙන යන මේ ස්ත්‍රිය ගොඩට ගෙන පෝෂණය කළෙමි. මැය මා පොළඹවා ධ්‍යානයෙන් ද පහ කළාය. ඒ මම වන වාසය අත්හැර මැය පෝෂණය කරමින් කුඩා පසල් ගමක වාසය කරමි. ඉක්බිති, මැය සොරුන් විසින් මෙහි ගෙනෙන ලදි. මම දුක සේ වසමි. අවුත් මා ගෙන යන්නැ යි මට හසුනක් එවා දැන් නුඹේ අතට පත් කළේය. මේ කරුණ නිසා මම මෙසේ කියමි. සොරා සිතුවේය. යම් බඳු ස්ත්‍රියක මෙබඳු ගුණවත්, උදව් උපකාර කළ කෙනකුටත් මෙසේ විරුද්ධව පිළිපැද්දා නම් ඈ මට කොයි ආකාර උවදුරක් නො කරන්නී ද? මෑ පන්නා හැරිය යුතුයි. හෙතෙම තක්ක පඬිතුමා අස්වසා ඔහු සතුටු කැරවා කඩුව ගෙන නික්මී මේ පුරුෂයා ගම් දොර දී ඝාතනය කරන්නෙමි යි කියා ඇය සමග ගමින් බැහැරට ගොස් මොහු අතින් ගනිවු යි ඔහු ලවා ඇගේ අතින් අල්ලවා ගෙන කඩුව ගෙන තක්ක පඬිතුමාට පහර දෙන්නාක් මෙන් ඇය දෙපළුකොට හිස් සෝදා නා තක්ක පඬිතුමාට කීප දිනක් ප්‍රණීත ආහාරයෙන් සංග්‍රහ කරන්නේ, දැන් කොහි යන්නෙහිදැ යි කීවේය. තක්ක පඬිතුමා ගිහි ගෙයි විසීමෙන් මට කාරියක් නැත. තවුස් පැවිද්දෙන් පැවිදි ව ඒ අරණ්‍යයෙහි ම වසන්නෙමි යි කීවේය. එ සේ නම් මම ද පැවිදි වන්නෙමි යි දෙදෙනා ම පැවිදි වී ඒ අරණ්‍යායතනයට ගොස් අභිඥා පහ ද සමාපත්ති අට ද උපදවා ගෙන දිවි කෙළවර බඹලොව උපන්නාහ.

සත්‍ථා ඉමානි ද‍්වෙ වත්‍ථූනි කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජහු මේ කථා වස්තු දෙක වදාරා පූර්වාපර සන්‍ධි ගළපා අභිසම්බුදු ව මේ ගාථාව වදාළහ.

“කොධනා අකතඤ‍්ඤූ ච, පිසුණා මිත‍්තභෙදිකා; බ්‍රහ‍්මචරියං චර භික‍්ඛු, සො සුඛං න විහාහිසී”ති.

“කොධනා අකතඤ්ඤූ ච පිසුණා ච විභෙදිකා, බ්‍රහ්මචරියං චර භික්‍ඛු සො සුඛං න විහාහිසීති”

“ස්ත්‍රීහු නම් කිපෙන්නාහ. කළ ගුණ නො දන්නෝ ද වෙති. මිත්‍රයන් භේද කරන්නා වූ කථා ස්වභාව ඇත්තාහුය. මහණ, බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙව. බඹසර හැසිරෙන තෝ සුවයෙන් නො පිරිහෙන්නෙහිය.”

තත්‍රායං පිණ‍්ඩත්‍ථො – භික‍්ඛු ඉත්‍ථියො නාමෙතා කොධනා, උප‍්පන‍්නං කොධං නිවාරෙතුං න සක‍්කොන‍්ති. අකතඤ‍්ඤූ ච, අතිමහන‍්තම‍්පි උපකාරං න ජානන‍්ති. පිසුණා ච, පියසුඤ‍්ඤභාවකරණමෙව කථං කථෙන‍්ති. මිත‍්තභෙදිකා, මිත‍්තෙ භින්‍දන‍්ති, මිත‍්තභෙදනකථං කථනසීලායෙව , එවරූපෙහි පාපධම‍්මෙහි සමන‍්නාගතා එතා. කිං තෙ එතාහි, බ්‍රහ‍්මචරියං චර භික‍්ඛු, අයඤ‍්හි මෙථුනවිරති පරිසුද‍්ධට‍්ඨෙන බ්‍රහ‍්මචරියං නාම, තං චර. සො සුඛං න විහාහිසීති සො ත්‍වං එතං බ්‍රහ‍්මචරියවාසං වසන‍්තො ඣානසුඛං මග‍්ගසුඛං ඵලසුඛඤ‍්ච න විහාහිසි, එතං සුඛං න විජහිස‍්සති, එතස‍්මා සුඛා න පරිහායිස‍්සසීති අත්‍ථො. “න පරිහාහිසී”තිපි පාඨො, අයමෙවත්‍ථො.

මේ එහි පිඬු කරන ලද අරුතයි. මහණ, මේ ස්ත්‍රීහු නම් “කොධනා” උපන්නා වූ ක්‍රෝධය වළක්වා ගන්න නො හැකි වෙත්. “අකතඤ්ඤූ ච” ඉතා මහත් උපකාරයක් කළත් නො දනිත්. “පිසුණා ච” ප්‍රිය භාවය ශූන්‍යය කරන්නා වූ කථා කියත්. “විභෙදිකා” මිත්‍රයන් බිඳවත්. මිත්‍රයන් භේද කැර වන කථා කියන ස්වභාවය ඇත්තෝය. මෙබඳු වූ පව්කම්වලින් යුක්තාහුය. මොවුන්ගෙන් ඔබට ඇති ඵලය කුමක් ද? “බ්‍රහ්මචරියං චර භික්‍ඛු” මෙය වනාහි මෙවුන් දම් සෙවුමෙන් වළකින නිසා පිරිසිදු අර්ථයෙන් බ්‍රහ්ම චරියා වාසය නම් වෙයි. එහි හැසිරෙව. “සො සුඛං න විහාහිසීති” ඒ නුඹ මේ බඹසර වසන්නේ, ධ්‍යාන සැපය ද මාර්ග සැපය ද ඵල සැපය ද නො පිරිහෙළන්නෙහිය. මේ සැපය අත් නො හරින්නෙහිය. මේ සැපයෙන් නො පිරිහෙන්නෙහිය, යන අර්ථයි. “න පරිහාහිසිති” යනු පාඨයි. මෙය එහි අර්ථයයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සත්‍ථා ජාතකං සමොධානෙසි – “තදා චොරජෙට‍්ඨකො ආනන්‍දො අහොසි, තක‍්කපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය දෙසූහ. සත්‍යය දේශනාව කෙළවර කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජහු ද ජාතකය නිමවා වදාළහ. එකල සොර දෙටුවා ආනන්ද තෙරණුවෝය. තක්ක පණ්ඩිතයා වනාහි මම ම වෙමි.

තක‍්කපණ‍්ඩිතජාතකවණ‍්ණනා තතියා.