4. දුරාජානජාතකවණ්ණනා 64 අට්ඨකථා
4. දුරාජානජාතකවණ්ණනා (64)
4. දුරාජාන ජාතකය (64)
මාසු නන්දි ඉච්ඡති මන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උපාසකං ආරබ්භ කථෙසි. එකො කිර සාවත්ථිවාසී උපාසකො තීසු සරණෙසු පඤ්චසු ච සීලෙසු පතිට්ඨිතො බුද්ධමාමකො, ධම්මමාමකො, සඞ්ඝමාමකො, භරියා පනස්ස දුස්සීලා පාපධම්මා. යං දිවසං මිච්ඡාචාරං චරති, තං දිවසං සතකීතදාසී විය හොති, මිච්ඡාචාරස්ස පන අකතදිවසෙ සාමිනී විය හොති චණ්ඩා ඵරුසා. සො තස්සා භාවං ජානිතුං න සක්කොති, අථ තාය උබ්බාළ්හො බුද්ධූපට්ඨානං න ගච්ඡති. අථ නං එකදිවසං ගන්ධපුප්ඵාදීනි ආදාය ආගන්ත්වා වන්දිත්වා නිසින්නං සත්ථා ආහ – “කිං නු ඛො ත්වං, උපාසක, සත්තට්ඨ දිවසෙ බුද්ධූපට්ඨානං නාගච්ඡසී”ති. ඝරණී මෙ, භන්තෙ, එකස්මිං දිවසෙ සතකීතදාසී විය හොති, එකස්මිං දිවසෙ සාමිනී විය චණ්ඩා ඵරුසා. අහං තස්සා භාවං ජානිතුං න සක්කොමි, ස්වාහං තාය උබ්බාළ්හො බුද්ධූපට්ඨානං නාගච්ඡාමීති. අථස්ස වචනං සුත්වා සත්ථා “උපාසක, ‘මාතුගාමස්ස භාවො නාම දුජ්ජානො’ති පුබ්බෙපි තෙ පණ්ඩිතා කථයිංසු, ත්වං පන තං භවසඞ්ඛෙපගතත්තා සල්ලක්ඛෙතුං න සක්කොසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“මාසු නන්දි ඉච්ඡති මන්ති” යන මේ ජාතකය බුදු රජහු ජේතවනයෙහි වසන සේක්, එක් උපාසකයකු අරභයා දෙසූහ. සැවැත් නුවර වැසි උපාසකයකු තිසරණ පන්සිල්හි පිහිටියේ බුද්ධ මාමක, ධම්ම මාමක, සංඝ මාමක වූයේ විය. ඔහු ඔහුගේ බිරිය සිල් නැත්තී, පවිටු දම් ඇත්තී වූවාය. යම් දවසක මේ කාමයෙහි වරදවා හැසිරෙයි ද එදින සියයකට මිලට ගත් දාසියක මෙන් වෙයි. මිථ්‍යාචාර නො කළ දිනයෙහි ගෘහපතිනිය කමෙන් වන්නීය. සැඬය, පරුෂය, උපාසක තෙම ඇගේ ස්වභාවය දැනගන්න නො හැක්කේය. ඇය විසින් බිය ගන්වන ලද ඔහු බුදු රජුන් බැහැ දැකීමට නො යයි. දිනක් සුවඳ මල් ආදිය ගෙන බුදුරජුන් වෙත ගොස් වැඳ හුන් ඔහුගෙන් බුදුරජහු මෙසේ ඇසූහ. උපාසකය, ඔබ සත් අට දිනක් බුද්ධෝපස්ථානයට මක් නිසා ද නො පැමිණියෙහි ද? ස්වාමීනි, මගේ භාර්යාව එක දවසක සියයකට මිලට ගත් දාසියක මෙනි. තවත් දිනක ගෘහපතිනියක මෙන් සැඬය. පරුෂය. මම ඇගේ ස්වභාවය දැනීමට අසමත් වෙමි. ඇය විසින් බය කරන ලද මම බුද්ධෝපස්ථානයට නො පැමිණෙමි. එවදන් ඇසූ බුදුරජහු, උපාසකය, මාගමුන්ගේ හැඟීම්, දැනීම පහසු නො වේයැ යි පෙර පඬුවෝ ද කීහ. ඔහු විසින් අයදනා ලද බුදුරජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්ච මාණවකසතානි සිප්පං සික්ඛාපෙති. අථෙකො තිරොරට්ඨවාසිකො බ්රාහ්මණමාණවකො ආගන්ත්වා තස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හන්තො එකාය ඉත්ථියා පටිබද්ධචිත්තො හුත්වා තං භරියං කත්වා තස්මිංයෙව බාරාණසිනගරෙ වසන්තො ද්වෙ තිස්සො වෙලායො ආචරියස්ස උපට්ඨානං න ගච්ඡති. සා පනස්ස භරියා දුස්සීලා පාපධම්මා. මිච්ඡාචාරං චිණ්ණදිවසෙ දාසී විය හොති, අචිණ්ණදිවසෙ සාමිනී විය හොති චණ්ඩා ඵරුසා. සො තස්සා භාවං ජානිතුං අසක්කොන්තො තාය උබ්බාළ්හො ආකුලචිත්තො ආචරියස්ස උපට්ඨානං න ගච්ඡති. අථ නං සත්තට්ඨ දිවසෙ අතික්කමිත්වා ආගතං “කිං, මාණව , න පඤ්ඤායසී”ති ආචරියො පුච්ඡි. සො “භරියා මං, ආචරිය, එකදිවසං ඉච්ඡති පත්ථෙති, දාසී විය නිහතමානා හොති. එකදිවසං සාමිනී විය ථද්ධා චණ්ඩා ඵරුසා, අහං තස්සා භාවං ජානිතුං න සක්කොමි, තාය උබ්බාළ්හො ආකුලචිත්තො තුම්හාකං උපට්ඨානං නාගතොම්හී”ති. ආචරියො “එවමෙතං, මාණව, ඉත්ථියො නාම අනාචාරං චිණ්ණදිවසෙ සාමිකං අනුවත්තන්ති, දාසී විය නිහතමානා හොන්ති. අනාචිණ්ණදිවසෙ පන මානත්ථද්ධා හුත්වා සාමිකං න ගණෙන්ති. එවං ඉත්ථියො නාමෙතා අනාචාරා දුස්සීලා, තාසං භාවො නාම දුජ්ජානො, තාසු ඉච්ඡන්තීසුපි අනිච්ඡන්තීසුපි මජ්ඣත්තෙනෙව භවිතබ්බ”න්ති වත්වා තස්සොවාදවසෙන ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසතාණෝ දිසාපාමොක් ඇදුරව පන්සියක් මානවකයන්ට ශිල්ප උගන්වති. එකල අසල් රටවැසි බ්‍රාහ්මණ මානවකයෙක් අවුත් ඔවුන් ළඟ ශීලය උගන්නේ එක් ස්ත්‍රියක සමග බැඳුණු සිත් ඇත්තේ, ඇය බිරියකොට ගෙන එම බරණැස් නුවර ම වසන්නේ, දෙතුන් වරක් ගුරු උවටැනට යයි. ඒ ඔහුගේ බිරිය දුසිල්ය. පවිටු දම් ඇත්තීය. මිථ්‍යාචාරයෙහි හැසුරුණු දිනයෙහි දාසියක වෙයි. නොද දින ගෘහපතිනිය මෙන් සැඬය. පරුෂය. ඔහු ඇයගේ ස්වභාව දැනගන්න නො හැක්කේ, බිය ගන්වනු ලබන්නේ, ආකූල සිත් ඇති ඇත්තේ, ගරු උවටැනට නො යයි. හත් අට දවසකට පසු ගුරු වෙත පැමිණි මානවකයා අමතා මානවකය, කිම, මෙතෙක් දවස් ඔබ නො දැක්මි යි කීහ. ගුරුතුමනි, ඒ මගේ බිරිය එක් දිනක් මා කැමැති වන්නීය. මා පතන්නීය. දාසයක මෙන් නිහතමානී වන්නීය. එක දවසක් ගෘහපතිනිය මෙන් තදය. සැඩය. පරුෂය. මම ඇගේ හිතැඟි දැනීමට අසමත් වෙමි. ඇය විසින් බියට පත් කරනු ලබන මම අවුල් සිත් ඇත්තේ, ගුරු උවටැන් සඳහා නො ආමි යි කීය. එවිට ගුරුතුමා, මානවකය, ඒ එ සේ මැයි. ස්ත්‍රීන් නො සිරිතෙහි හැසුරුණු දිනයෙහි ස්වාමියාට කීකරු ව සිටී. දාසියක් මෙන් නිහතමානී වෙයි. නො හැසිරුණු දිනයෙහි උඩඟු ව ස්වාමියා නො තකන්නීය. මේ අයුරින් මෙසේ කීහ. සුසිරිත් නැත්තේය. සිල් නැත්තේය. ඔවුන්ගේ හැඟීම් දැනීමට අසීරුය. ඔවුන් කැමැති වන කල්හිත් නො කැමැති වන කල්හිත් මැදහත් ව සිටිය යුතුයැ යි කියා ඔහුට අවවාද වශයෙන් මේ ගාථාව කීහ.
“මා සු නන්දි ඉච්ඡති මං, මා සු සොචි න මිච්ඡති; ථීනං භාවො දුරාජානො, මච්ඡස්සෙවොදකෙ ගත”න්ති.
“මා සු නන්දි ඉච්ඡති මං මා සු සොචි න ඉච්ඡති, ථීනං භාවො දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතන්ති”
“මේ ස්ත්‍රිය මා කැමැති වෙයි කියා හෝ මා නො කැමැති වෙයි කියා හෝ ශෝක නො වන්න. ස්ත්රීන්ගේ ස්වභාවය දත නො හැකිය. ජලයෙහි මත්ස්‍යයාගේ ගමන මෙනි.”
තත්ථ මා සු නන්දි ඉච්ඡති මන්ති සු-කාරො නිපාතමත්තං, “අයං ඉත්ථී මං ඉච්ඡති පත්ථෙති, මයි සිනෙහං කරොතී”ති මා තුස්සි. මා සු සොචි න මිච්ඡතීති “අයං මං න ඉච්ඡතී”තිපි මා සොචි, තස්සා ඉච්ඡමානාය නන්දිං, න ඉච්ඡමානාය ච සොකං අකත්වා මජ්ඣත්තොව හොහීති දීපෙති. ථීනං භාවො දුරාජානොති ඉත්ථීනං භාවො නාම ඉත්ථිමායාය පටිච්ඡන්නත්තා දුරාජානො. යථා කිං? මච්ඡස්සෙවොදකෙ ගතන්ති යථා මච්ඡස්ස ගමනං උදකෙන පටිච්ඡන්නත්තා දුජ්ජානං, තෙනෙව සො කෙවට්ටෙ ආගතෙ උදකෙන ගමනං පටිච්ඡාදෙත්වා පලායති, අත්තානං ගණ්හිතුං න දෙති, එවමෙව ඉත්ථියො මහන්තම්පි දුස්සීලකම්මං කත්වා “මයං එවරූපං න කරොමා”ති අත්තනා කතකම්මං ඉත්ථිමායාය පටිච්ඡාදෙත්වා සාමිකෙ වඤ්චෙන්ති . එවං ඉත්ථියො නාමෙතා පාපධම්මා දුරාජානා, තාසු මජ්ඣත්තොයෙව සුඛිතො හොතීති.
“මා සු නන්දි ඉච්ඡති මං” මෙහි ‘සු’ යනු නිපාතයි. මේ ස්ත්‍රිය මා කැමැති වෙයි. මා පතයි. මට ආදරය කරයි යනුවෙන් සතුටු නො වන්නේය. “මා සු සොචි න ඉච්ඡති” මේ ස්ත්‍රිය මා නො කැමැති වෙතැ යි ශෝක නො කැරව. ඇය කැමැති වන කල්හි සතුටක්, නො කැමති වන කල්හි අසතුටක් නො කොට මැදහත්ව සිටුව යි, දක්වයි. “ථීනං භාවො දුරාජානො” ස්ත්‍රීන්, හැඟීම් නම් ස්ත්‍රී මායම්වලින් වැසී ඇති බැවින් දත නො හැකිය. යම් සේ මත්ස්‍යයන්ගේ ගමන ජලයෙන් සැඟවී ඇති බැවින් දැනීමට අපහසුය. එම නිසා ම මත්ස්‍යයෝ කෙවුලන් ආ කල්හි, ජලයෙන් ගමන් මඟ වසා පලා යති. තමන් ගැනීමට ඉඩ නොදෙති. එමෙන් ස්ත්‍රීහු මහත් දුසිරිතක් කොට අපි ඔවැනි ක්‍රියා නො කරමු යි තමා කළ ක්‍රියාව ස්ත්‍රී මායමින් වසා හිමියන් රවටත්. එම නිසා මේ ස්ත්‍රීහු නම් පාප ක්‍රියා, දුසිරිත් ඇත්තාහු ම වෙත්. ඔවුන් කෙරෙහි මැදහත් වූයේ ම සැපවත් වේය.
එවං බොධිසත්තො අන්තෙවාසිකස්ස ඔවාදං අදාසි. තතො පට්ඨාය සො තස්සා උපරි මජ්ඣත්තොව අහොසි. සාපිස්ස භරියා “ආචරියෙන කිර මෙ දුස්සීලභාවො ඤාතො”ති තතො පට්ඨාය න අනාචාරං චරි. සාපි තස්ස උපාසකස්ස ඉත්ථී “සම්මාසම්බුද්ධෙන කිර මය්හං දුරාචාරභාවො ඤාතො”ති තතො පට්ඨාය පාපකම්මං නාම න අකාසි.
මෙසේ බෝසත්හු අතවැසියාට ඔවදන් දුන්හ. එතැන් පටන් ඔහු බිරිය කෙරෙහි මැදහත් වූයේය. ඔහුගේ බිරිය ද මගේ නො සිරිත් ගුරුතුමන් විසින් දන්නා ලද්දේයැ යි එතැන් පටන් මිථ්‍යාචාරයෙහි නො හැසුරුණාය. ඒ උපාසකයාගේ බිරිය ද බුදුරජුන් විසින් මගේ නො සිරිත්බව දන්නා ලදැ යි එතැන් පටන් පව් කම් නො කළාය.
සත්ථාපි ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ සො උපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සත්ථා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා ජයම්පතිකායෙව ඉදානි ජයම්පතිකා, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. සිව්සස් කෙළවර උපාසක සෝවාන් පෙළෙහි පිහිටියේය. බුදුරජහු අනුසන්ධි ගළපා ජාතකය නිම කළහ. එදා අඹුසැමියෝ නම් දැන් අඹුසැමියෝ මය. ඇදුරුතුමාණෝ මම ම වීමි.
දුරාජානජාතකවණ්ණනා චතුත්ථා.