5. අනභිරතිජාතකවණ‍්ණනා 65 අට‍්ඨකථා
5. අනභිරතිජාතකවණ‍්ණනා (65)
5. අනභිරති ජාතකය (65)
යථා නදී ච පන්‍ථො චාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තථාරූපංයෙව උපාසකං ආරබ‍්භ කථෙසි. සො පන පරිග‍්ගණ‍්හන‍්තො තස‍්සා දුස‍්සීලභාවං ඤත්‍වා භණ‍්ඩිතො චිත‍්තබ්‍යාකුලතාය සත‍්තට‍්ඨ දිවසෙ උපට‍්ඨානං නාගමාසි. සො එකදිවසං විහාරං ගන‍්ත්‍වා තථාගතං වන්‍දිත්‍වා නිසින‍්නො “කස‍්මා සත‍්තට‍්ඨ දිවසානි නාගතොසී”ති වුත‍්තෙ “භරියා මෙ, භන‍්තෙ, දුස‍්සීලා, තස‍්සා උපරි බ්‍යාකුලචිත‍්තතාය නාගතොම‍්හී”ති ආහ. සත්‍ථා “උපාසක, ඉත්‍ථීසු ‘අනාචාරා එතා’ති කොපං අකත්‍වා මජ‍්ඣත‍්තෙනෙව භවිතුං වට‍්ටතීති පුබ‍්බෙපි තෙ පණ‍්ඩිතා කථයිංසු, ත්‍වං පන භවන‍්තරෙන පටිච‍්ඡන‍්නත‍්තා තං කාරණං න සල‍්ලක‍්ඛෙසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.
“යථා නදී ච පත්‍ථො චාති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එබඳු ම උපාසකයකු අරබයා දේශනා කළහ. ඔහු තම බිරිය පරීක්‍ෂා කරන්නේ, ඇගේ දුසිල්බව දැන කලහ කරන ලද්දේ, අවුල් වියවුල් වූ සිත් ඇතිව සත් අට දිනක් බුදුරජුන් බැහැ දැකීමට නො ගියේය. දිනක් ඔහු වෙහෙරට ගොස් බුදුරජුන් වැඳ හුන්නේ, කුමක් නිසා සත් අට දිනක් නො ආවෙහිදැ යි ඇසූ කල්හි, ස්වාමීනි, මගේ බිරිය සිල් නැත්තීය. ඇය කෙරෙහි අවුල් සිත් ඇති හෙයිනි. නො ආවෙමි යි කීය. බුදුරජහු, උපාසකය, ස්ත්‍රීන් කෙරෙහි මොවුන් අනචාරීයැ යි කෝප නො කොට මැදහත් වීම සුදුසුය. පෙරත් පඬිවරු ඒ කීහ. ඔබ භවාන්තරයෙන් වැසී ගිය බැවින් එකරුණ නො සලකතැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදුරජහු ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පුරිමනයෙනෙව දිසාපාමොක‍්ඛො ආචරියො අහොසි. අථස‍්ස අන‍්තෙවාසිකො භරියාය දොසං දිස‍්වා බ්‍යාකුලචිත‍්තතාය කතිපාහං අනාගන‍්ත්‍වා එකදිවසං ආචරියෙන පුච‍්ඡිතො තං කාරණං නිවෙදෙසි. අථස‍්ස ආචරියො “තාත, ඉත්‍ථියො නාම සබ‍්බසාධාරණා , තාසු ‘දුස‍්සීලා එතා’ති පණ‍්ඩිතා කොපං න කරොන‍්තී”ති වත්‍වා ඔවාදවසෙන ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු පෙර මෙන් දිසාපාමොක් ඇදුරු වූහ. ඔහුගේ අතවැසියා බිරියගේ දොස් දැක අවුල් සිතින් දින කීපයක් ඇදුරන් වෙත නො ගොස් එක් දවසක් ඇදුරන් විසින් විචාරණ ලද ඔහු, එකරුණ සැල කළේය. ඉක්බිති, ආචාර්යවරයා, දරුව, ස්ත්‍රීන් සියල්ලන්ට සාධාරණය. ඔවුන් කෙරෙහි මොවුන් සිල් නැතැ යි, පඬිවරු කෝප නො කරතැ යි වදාරා අවවාද වශයෙන් මේ ගාථාව කීහ.
“යථා නදී ච පන‍්තො ච, පානාගාරං සභා පපා; එවං ලොකිත්‍ථියො නාම, නාසං කුජ්ඣන්ති පණ‍්ඩිතා”ති.
“යථා නදී ච පන්‍ථො ච පාණාගාරං සභා පපා, එවං ලොකිත්‍ථියො නාම නාසං කුජ්ඣන්ති පණ්ඩිතාති”
“යම් සේ ගංගාව මහමඟ, සුරා හල, ඉසුබු හල, පින්තාලිය සියල්ලකට ම සාධාරණ ද ලෝකයෙහි ස්ත්‍රීන් ද එසේ මැයි. නුවණැත්තෝ ඔවුන්ට නො කිපෙත්.”
තත්‍ථ යථා නදීති යථා අනෙකතිත්‍ථා නදී න‍්හානත්‍ථාය සම‍්පත‍්තසම‍්පත‍්තානං චණ‍්ඩාලාදීනම‍්පි ඛත‍්තියාදීනම‍්පි සාධාරණා, න තත්‍ථ කොචි න‍්හායිතුං න ලභති නාම. “පන්‍ථො”තිආදීසුපි යථා මහාමග‍්ගොපි සබ‍්බෙසං සාධාරණො , න කොචි තෙන ගන‍්තුං න ලභති. පානාගාරම‍්පි සුරාගෙහං සබ‍්බෙසං සාධාරණං, යො යො පාතුකාමො, සබ‍්බො තත්‍ථ පවිසතෙව. පුඤ‍්ඤත්‍ථිකෙහි තත්‍ථ තත්‍ථ මනුස‍්සානං නිවාසත්‍ථාය කතා සභාපි සාධාරණා, න තත්‍ථ කොචි පවිසිතුං න ලභති. මහාමග‍්ගෙ පානීයචාටියො ඨපෙත්‍වා කතා පපාපි සබ‍්බෙසං සාධාරණා, න තත්‍ථ කොචි පානීයං පිවිතුං න ලභති. එවං ලොකිත්‍ථියො නාමාති එවමෙව තාත මාණව ඉමස‍්මිං ලොකෙ ඉත්‍ථියොපි සබ‍්බසාධාරණාව, තෙනෙව ච සාධාරණට‍්ඨෙන නදීපන්‍ථපානාගාරසභාපපාසදිසා. තස‍්මා නාසං කුජ්ඣන්ති පණ‍්ඩිතා, එතාසං ඉත්‍ථීනං “ලාමිකා එතා අනාචාරා දුස‍්සීලා සබ‍්බසාධාරණා”ති චින‍්තෙත්‍වා පණ‍්ඩිතා ඡෙකා බුද‍්ධිසම‍්පන‍්නා න කුජ‍්ඣන‍්තීති.
එහි, “යථා නදී” නොයෙක් තොට ඇති ගඟ නෑම සඳහා පැමිණි සැඬොල් රජු ආදීන්ට ද සාධාරණය. එහි කිසිවකු නෑම නො ලබන්නෝ නො වේ. “පන්‍ථො” මාර්ගාදියෙහි ද මහමඟ සියල්ලන්ට ම සාධාරණය. කිසිවෙක් එහි ගමන් කිරීමට නො ලබන්නේ නො වෙයි. සුරා ගෘහය ද සියල්ලන්ට ම සාධාරණය. බොනු කැමැති සියල්ලෝ එහි පැමිණෙත්. පින් කැමැත්තන් විසින් මිනිසුන්ට විසීම සඳහා ඒ ඒ තැන කළ ශාලා ද සාධාරණය. සියල්ලෝම එහි පිවිසීම ලබන්නෝය. “එවං ලොකිත්‍ථියො නාම” දරුව, මානවකය, මේ ලෝකයෙහි ස්ත්‍රීන් ද සියල්ලන්ට ම සාධාරණය. මේ සාධාරණ යන අරුතින් ගංගා, මාර්ග, අවන්හල්, ශාලා, පැන්තාලි සමානය. එහෙයින් “නාසං කුජ්ඣන්ති පණ්ඩිතා” මේ ස්ත්‍රීන්ගේ පහත් බව, නො සිරිත් බව, දුසිල් බව සියල්ලන්ට සාධාරණ බව සිතා නුවණැත්තෝ, දක්‍ෂයෝ නො කිපෙත්.
එවං බොධිසත‍්තො අන‍්තෙවාසිකස‍්ස ඔවාදං අදාසි, සො තං ඔවාදං සුත්‍වා මජ‍්ඣත‍්තො අහොසි. භරියාපිස‍්ස “ආචරියෙන කිරම‍්හි ඤාතා”ති තතො පට‍්ඨාය පාපකම‍්මං න අකාසි. තස‍්සපි උපාසකස‍්ස භරියා “සත්‍ථාරා කිරම‍්හි ඤාතා”ති තතො පට‍්ඨාය පාපකම‍්මං න අකාසි.
මෙසේ බෝසත්හු අතවැසියාට අවවාද දුන්හ. ඔහු ඒ අවවාද අසා මැදහත් විය. ඔහුගේ භාර්යාව ද ගුරුතුමන් විසින් දක්නා ලද්දේ වෙමි යි එතැන් සිට පව් කම් නො කළාය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සත්‍ථාපි අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජයම‍්පතිකාව එතරහි ජයම‍්පතිකා, ආචරියබ්‍රාහ‍්මණො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. උපාසක සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජහු අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදින අඹු සැමියෝ දැන් අඹුසැමියෝ වූහ. ඇදුරු බමුණාහු මම ම වීමි.
අනභිරතිජාතකවණ‍්ණනා පඤ‍්චමා.