6. මුදුලක්ඛණජාතකවණ්ණනා 66 අට්ඨකථා
6. මුදුලක්ඛණජාතකවණ්ණනා (66)
6. මුදුලක්ඛණ ජාතකය (66)
එකා ඉච්ඡා පුරෙ ආසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො සංකිලෙසං ආරබ්භ කථෙසි. එකො කිර සාවත්ථිවාසී කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා රතනසාසනෙ උරං දත්වා පබ්බජිත්වා පටිපන්නකො යොගාවචරො අවිස්සට්ඨකම්මට්ඨානො හුත්වා එකදිවසං සාවත්ථියං පිණ්ඩාය චරන්තො එකං අලඞ්කතපටියත්තං ඉත්ථිං දිස්වා සුභවසෙන ඉන්ද්රියානි භින්දිත්වා ඔලොකෙසි. තස්ස අබ්භන්තරෙ කිලෙසො චලි, වාසියා ආකොටිතඛීරරුක්ඛො විය අහොසි. සො තතො පට්ඨාය කිලෙසවසිකො හුත්වා නෙව කායස්සාදං න චිත්තස්සාදං ලභති, භන්තමිගසප්පටිභාගො සාසනෙ අනභිරතො පරූළ්හකෙසලොමනඛො කිලිට්ඨචීවරො අහොසි. අථස්ස ඉන්ද්රියවිකාරං දිස්වා සහායකා භික්ඛූ “කිං නු ඛො තෙ, ආවුසො, න යථා පොරාණානි ඉන්ද්රියානී”ති පුච්ඡිංසු. අනභිරතොස්මි, ආවුසොති.
“එකා ඉච්ඡා පූරේ ආසීති” යන මේ ජාතක දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් භික්ෂුවක් තුළ ඇති වූ කෙළෙස් සිතුවිල්ලක් අරබයා දේශනා කළහ. සැවැත්නුවර වැසි කුල පුත්‍රයෙක් බුදු රජුන්ගේ ධර්ම දේශනාව අසා සම්බුදු සසුනට දිවිපුදා පැවිදි පිළිවෙතින් සරුව භාවනාවේ යෙදුණේ කමටහන් අත් නොහැර දිනක් සැවැත් නුවර පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේ මනාව හැඳ පැළඳගත් ස්ත්‍රියක් දැක ඉඳුරන් බිඳ සුබ වශයෙන් බැලුවේය. ඔහු සිතෙහි කෙළෙස් සැලිණි. පොරොවෙන් ගැසූ කිරි ගසක් මෙන් විය. ඔහු එතැන් සිට කෙළෙස් වසඟ ව, කායික හෝ මානසික සුවයක් නො ලබයි. තැතිගත් මුවකු සමාන විය. සසුනෙහි කළකිරී වැඩුණු කෙස් නියලොම් ඇතිව කිළිටි සිවුරුධාරීව සිටියේය. ඔහුගේ මේ ඉඳුරන්ගේ වෙනස්වීම දුටු යහළු භික්ෂූහු ඇවැත්නි, ඔබගේ ඉන්ද්රිය ප්‍රසන්නතාවය දැන් නැත. හේතුව කුමක්දැයි ඇසූහ. ඇවැත්නි, සසුනෙහි සිත් නො ඇලුණේ වෙමි.
අථ නං තෙ සත්ථු සන්තිකං නයිංසු. සත්ථා “කිං, භික්ඛවෙ, අනිච්ඡමානං භික්ඛුං ආදාය ආගතත්ථා”ති පුච්ඡි. “අයං, භන්තෙ, භික්ඛු අනභිරතො”ති? “සච්චං භික්ඛූ”ති. “සච්චං භගවා”ති. “කො තං උක්කණ්ඨාපෙසී”ති? “අහං, භන්තෙ, පිණ්ඩාය චරන්තො එකං ඉත්ථිං දිස්වා ඉන්ද්රියානි භින්දිත්වා ඔලොකෙසිං, අථ මෙ කිලෙසො චලි, තෙනම්හි උක්කණ්ඨිතො”ති. අථ නං සත්ථා “අනච්ඡරියමෙතං භික්ඛු, යං ත්වං ඉන්ද්රියානි භින්දිත්වා විසභාගාරම්මණං සුභවසෙන ඔලොකෙන්තො කිලෙසෙහි කම්පිතො, පුබ්බෙ පඤ්චාභිඤ්ඤා අට්ඨසමාපත්තිලාභිනො ඣානබලෙන කිලෙසෙ වික්ඛම්භෙත්වා විසුද්ධචිත්තා ගගනතලචරා බොධිසත්තාපි ඉන්ද්රියානි භින්දිත්වා විසභාගාරම්මණං ඔලොකයමානා ඣානා පරිහායිත්වා කිලෙසෙහි කම්පිතා මහාදුක්ඛං අනුභවිංසු. න හි සිනෙරුඋප්පාටනකවාතො හත්ථිමත්තං මුණ්ඩපබ්බතං, මහාජම්බුඋම්මූලකවාතො ඡින්නතටෙ විරූළ්හගච්ඡකං, මහාසමුද්දං වා පන සොසනකවාතො ඛුද්දකතළාකං කිස්මිඤ්චිදෙව ගණෙති, එවං උත්තමබුද්ධීනං නාම විසුද්ධචිත්තානං බොධිසත්තානං අඤ්ඤාණභාවකරා කිලෙසා තයි කිං ලජ්ජිස්සන්ති, විසුද්ධාපි සත්තා සංකිලිස්සන්ති, උත්තමයසසමඞ්ගිනොපි ආයසක්‍යං පාපුණන්තී”ති වත්වා අතීතං ආහරි.
ඉක්බිති, භික්ෂූහු ඔහු රැගෙන බුදුරදුන් වෙත ගියහ. මහණෙනි, කිම අකැමැති භික්ෂුවක් ගෙන ආවහුදැ යි වදාළහ. ස්වාමීනි, මේ භික්ෂුව සසුනෙහි නො ඇලෙන්නේය. මහණ, ඇත්ත ද? එසේය, ස්වාමීනි. ඔබ උකටලී බවට පත් කළේ කවරෙක් ද? ස්වාමීනි, මම පිඬු පිණිස හැසිරෙන්නෙමි. ඉන්ද්රිය සංවරය බිඳ ස්ත්‍රියක දෙස බැලීමි. එවිට මගේ සිත තුළ කෙළෙස් සැළිනි. එම නිසා මම උකටලී වීමි. ඉක්බිති, බුදුරදහු, මහණ, ඔබ අසංවර ඉඳුරන් ඇති ව විරුද්ධ ලිංගික අරමුණක් ශුභ වශයෙන් බලා කෙලෙසුන්ගෙන් කම්පා වීම අසිරියක් නො වේ. පෙර පඤ්ච අභිඤ්ඤා අෂ්ට සමාපත්තිලාභී, ධ්‍යාන බලයෙන් කෙළෙස් යටපත්කොට පිරිසිදු සිත් ඇති ආකාශගාමී බෝසත්හු පවා ඉන්ද්රිය සංවරය බිඳ විරුද්ධ ලිංගික අරමුණක් දැක ධ්‍යානයෙන් පිරිහී කෙළෙස් වසඟ ව මහත් දුකක් වින්දාහ. මහමෙර පෙරළන සුළඟ ඇතකු පමණ කුඩා පර්වතයක් පැකිළීයේ ද? මහදඹ රුකක් ඉදිරීමට සමත් සුළඟ බිඳී ගිය ඉවුරක හටගත් කුඩා ගසක පැකිළීයේ ද? මහමුහුද වියලීමට සමත් සුළඟ වැද ගොන්නක දිය වියලා නො යාවි ද? එමෙන් උසස් බුද්ධික ප්‍රභා ඇති පිරිසිදු සිත් ඇති බෝසතුන් අඤාණ අන්ථයන් කරන්නා වූ ක්ලේෂයෙන් ඔබ කෙරෙහි කුමක් පිණිස ලජ්ජා වෙයි ද? ඒ පිරිසිදු සත්ත්වයෝ පවා කිලිටි වෙත්. උසස් කීර්තියෙන් යුක්ත වූවෝ ද නින්දාවට පත් වෙති යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ එකස්ස මහාවිභවස්ස බ්රාහ්මණස්ස කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සබ්බසිප්පානං පාරං ගන්ත්වා කාමෙ පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කසිණපරිකම්මං කත්වා පඤ්ච අභිඤ්ඤා ච අට්ඨ සමාපත්තියො ච උප්පාදෙත්වා ඣානසුඛෙන වීතිනාමෙන්තො හිමවන්තප්පදෙසෙ වාසං කප්පෙසි. සො එකස්මිං කාලෙ ලොණම්බිලසෙවනත්ථාය හිමවන්තා ඔතරිත්වා බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ කතසරීරපටිජග්ගනො රත්තවාකමයං නිවාසනපාරුපනං සණ්ඨාපෙත්වා අජිනචම්මං එකස්මිං අංසෙ කත්වා ජටාමණ්ඩලං බන්ධිත්වා භික්ඛාභාජනමාදාය බාරාණසියං භික්ඛාය චරමානො රඤ්ඤො ඝරද්වාරං සම්පාපුණි. රාජා තස්ස ඉරියාපථෙයෙව පසීදිත්වා පක්කොසාපෙත්වා මහාරහෙ ආසනෙ නිසීදාපෙත්වා පණීතෙන ඛාදනීයභොජනීයෙන සන්තප්පෙත්වා කතානුමොදනං උය්යානෙ වසනත්ථාය යාචි. සො සම්පටිච්ඡිත්වා රාජගෙහෙ භුඤ්ජිත්වා රාජකුලං ඔවදමානො තස්මිං උය්යානෙ සොළස වස්සානි වසි.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු කසී රට මහත් සම්පත් ඇති එක් බමුණු කුලයක ඉපිද නැණවත් බවට පැමිණියාහ. සියලු සිප්සතර පරතෙරට ගොස් පඤ්ච කාමයන් හැර සෘෂි පැවිද්දෙන් පැවිදි ව කිසිණු පිරියම් කොට පංච අභිඤ්ඤා සමග අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් හිමවත් පෙදෙසෙහි වාසය කළහ. ලුණු ඇඹුල් ලබාගැනීම සඳහා හිමවතින් බැස බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වැසූ දෙවැනි දවස් සිරුර පිළිදැඟුම් කොට රත් වැහැරියෙන් කළ හඳන සිවුරු හැඳ පොරවා අලුත් දිවි සම එක උරයක කොට ජටා මඬුල්ල බැඳ තවුස් කද ගෙන බරණැස් නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු, රජ මැදුරට පැමිණියහ. රජ ද බෝසතුන්ගේ හැසිරීම් විහරණයෙහි පැහැද කැඳවා මාහැඟි අසුනක වඩා හිඳුවා මිහිරි ආහාර පානයෙන් සතපවා අනුමෙවෙනි බණ අවසානයෙහි උයනෙහි වසන පිණිස ඉල්ලීය. එතුමෝ ද පිළිගෙන රජ මැදුරෙහි දී වළඳා රජ කුලයට උපදෙස් දෙමින් එම උයනෙහි සොළොස් මසක් විසූහ.
අථෙකදිවසං රාජා කුපිතං පච්චන්තං වූපසමෙතුං ගච්ඡන්තො මුදුලක්ඛණං නාම අග්ගමහෙසිං “අප්පමත්තා අය්යස්ස උපට්ඨානං කරොහී”ති වත්වා අගමාසි. බොධිසත්තො රඤ්ඤො ගතකාලතො පට්ඨාය අත්තනො රුච්චනවෙලාය රාජගෙහං ගච්ඡති. අථෙකදිවසං මුදුලක්ඛණා බොධිසත්තස්ස ආහාරං සම්පාදෙත්වා – “අජ්ජ අය්යො චිරායතී”ති ගන්ධොදකෙන න්හායිත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා මහාතලෙ චූළසයනං පඤ්ඤාපෙත්වා බොධිසත්තස්ස ආගමනං ඔලොකයමානා නිපජ්ජි. බොධිසත්තොපි අත්තනො වෙලං සල්ලක්ඛෙත්වා ඣානා වුට්ඨාය ආකාසෙනෙව රාජනිවෙසනං අගමාසි. මුදුලක්ඛණා වාකචීරසද්දං සුත්වාව “අය්යො, ආගතො”ති වෙගෙන උට්ඨහි, තස්සා වෙගෙන උට්ඨහන්තියා මට්ඨසාටකො භස්සි. තාපසොපි සීහපඤ්ජරෙන පවිසන්තො දෙවියා විසභාගරූපාරම්මණං ඉන්ද්රියානි භින්දිත්වා සුභවසෙන ඔලොකෙසි. අථස්ස අබ්භන්තරෙ කිලෙසො චලි, වාසියා පහටඛීරරුක්ඛො විය අහොසි. තාවදෙවස්ස ඣානං අන්තරධායි, ඡින්නපක්ඛො කාකො විය අහොසි. සො ඨිතකොව ආහාරං ගහෙත්වා අභුඤ්ජිත්වාව කිලෙසකම්පිතො පාසාදා ඔරුය්හ උය්යානං ගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා ඵලකත්ථරණසයනස්ස හෙට්ඨා ආහාරං ඨපෙත්වා විසභාගාරම්මණෙන බද්ධො කිලෙසග්ගිනා ඩය්හමානො නිරාහාරතාය සුස්සමානො සත්ත දිවසානි ඵලකත්ථරණෙ නිපජ්ජි.
බඹදත් රජු කිපුණු පසල් දනව්වක් සංසිඳවීමට යන්නේ, මුදුලක්ඛණා නම් අග මෙහෙසියට තවුස් උතුමාණන්ට උවටැන් කරන්නැ යි කියා ගියේය. බෝසත්හු රජු ගිය කාලයෙහි පටන් තමන්ට කැමැති කැමැති වේලාවල ගෙට යයි. දිනක් මුදුලක්ඛණ බිසව බෝසතුන්ට ආහාර පිළියෙල කොට අද තවුසා පමාවෙතැ යි දැන සුවඳ දියෙන් නා සිව්බරණින් සැරසී උඩු මහළෙහි කුඩා සයනයක් පනවා බෝසතුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වැද හොත්තෙහිය. බෝසත්හු ද තමන්ගේ වේලාව සලකා දැහැනින් නැඟී අහසින් ම රජ නිවසට ගියහ. බිසව වැහැරී සිවුරු හඬ අසා ම තවුසාණන් වැඩියහ යි සිතා, වහා නැඟී සිටියාය. ඇය නැඟිටිත් ම සිනිඳු සළුව ඇද වැටිණි. තවුසාණෝ සිහ මැදුරු කවුළුවෙන් පිවිසෙන්නේ දේවියගේ නිරුවත් රූපාරම්මණය, ඉන්ද්රිය සංවරය බිඳ ශුභ වශයෙන් බැලූහ. ඔහු ඇතුළත කෙලෙස් සැලිණි. කිරි ගසකට පහර දුන්නාක් මෙනි. එකෙණෙහි ම ඔවුන්ගේ දැහැන් අතුරුදහන් විය. සිඳුණු පියා ඇති කපුටකු මෙන් විය. හේ සිටියේ ම ආහාර පිළිගෙන අනුභව නො කොට කෙළෙසින් සැලී පහයෙන් බැස උයනට ගොස් පන්සලට පැමිණියේය. කෙලෙස් ගින්නෙන් දැවෙමින් අහර නැති බැවින් වියලෙමින් පුවරු ඇඳෙහි වැතිරී සත් දවසක් හොත්තේය.
සත්තමෙ දිවසෙ රාජා පච්චන්තං වූපසමෙත්වා ආගතො නගරං පදක්ඛිණං කත්වා නිවෙසනං අගන්ත්වාව “අය්යං පස්සිස්සාමී”ති උය්යානං ගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා තං නිපන්නකං දිස්වා “එකං අඵාසුකං ජාතං මඤ්ඤෙ”ති පණ්ණසාලං සොධාපෙත්‍වා පාදෙ පරිමජ්ජන්තො “කිං, අය්ය, අඵාසුක”න්ති පුච්ඡි. “මහාරාජ අඤ්ඤං මෙ අඵාසුකං නත්ථි, කිලෙසවසෙන පනම්හි පටිබද්ධචිත්තො ජාතො”ති. “කහං පටිබද්ධං තෙ, අය්ය, චිත්ත”න්ති? “මුදුලක්ඛණාය, මහාරාජා”ති. “සාධු අය්ය, අහං මුදුලක්ඛණං තුම්හාකං දම්මී”ති තාපසං ආදාය නිවෙසනං පවිසිත්වා දෙවිං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කත්වා තාපසස්ස අදාසි. දදමානොයෙව ච මුදුලක්ඛණාය සඤ්ඤමදාසි “තයා අත්තනො බලෙන අය්යං රක්ඛිතුං වායමිතබ්බ”න්ති. “සාධු, දෙව, රක්ඛිස්සාමී”ති. තාපසො දෙවිං ගහෙත්වා රාජනිවෙසනා ඔතරි.
සත් වැනි දවස රජ පසල් ගම සංසිඳවා පැමිණියේ නගරය පැදකුණු කොට මැඳුරට නො ගොස් ම තවුසාණන් දකිනු පිණිස උයනට ගොස් පන්සලට පිවිස වැදහොත් තවුසාණන් දැක රෝගයක් උපන්නේදැ යි සිතීය. පන්සල පිවිතුරු කොට පා පිරිමදිමින් ස්වාමීනි, රෝගී වූවෙහිදැ යි විචාළේය. මහරජ, මට වෙනත් රෝගයක් නැත. කෙළෙස් වසඟ වීමෙන් බැඳුණු සිතක් ඇත්තකු විය. උතුමාණෙනි, කවරකු පිළිබඳ ඔබ සිත් බැඳුණේ ද? මහරජ, මුදුලක්ඛණා දේවිය කෙරෙහිය. මැනවි උතුමාණනි, මම මුදුලක්ඛණ ඔබට දෙමි යි තවුසා රැගෙන ඇතුළු ගෙට පිවිස ඇය සිව්බරණින් සරසා තවුසාට පාවාදුන්නේය. ඒ සමග ම තමාගේ උපාය ඥානයෙන් තවුසා රැක ගන්ට වෑයම් කළ යුතුයැ යි මුදුලක්ඛණා වෙත රජු සංඥාවක් කළේය. එසේය. දේවයිනි, මම තවුසා රැක ගනිමි. තවුසා දේවිය සමග පහයෙන් බටුයේය.
අථ නං මහාද්වාරතො නික්ඛන්තකාලෙ “අය්ය, අම්හාකං එකං ගෙහං ලද්ධුං වට්ටති, ගච්ඡ, රාජානං ගෙහං යාචාහී”ති ආහ. තාපසො ගන්ත්වා ගෙහං යාචි. රාජා මනුස්සානං වච්චකුටිකිච්චං සාධයමානං එකං ඡඩ්ඩිතගෙහං දාපෙසි. සො දෙවිං ගහෙත්වා තත්ථ අගමාසි, සා පවිසිතුං න ඉච්ඡති. “කිංකාරණා න පවිසසී”ති? “අසුචිභාවෙනා”ති. ඉදානි “කිං කරොමී”ති. “පටිජග්ගාහි න”න්ති වත්වා රඤ්ඤො සන්තිකං පෙසෙත්වා “ගච්ඡ, කුද්දාලං ආහර, පච්ඡිං ආහරා”ති ආහරාපෙත්වා අසුචිඤ්ච සඞ්කාරඤ්ච ඡඩ්ඩාපෙත්වා ගාමයං ආහරාපෙත්වා ලිම්පාපෙත්වා පුනපි “ගච්ඡ, මඤ්චං ආහර, පීඨං ආහර, අත්ථරණං ආහර, චාටිං ආහර, ඝටං ආහරා”ති එකමෙකං ආහරාපෙත්වා පුන උදකාහරණාදීනං අත්ථාය ආණාපෙසි. සො ඝටං ආදාය උදකං ආහරිත්වා චාටිං පූරෙත්වා න්හානොදකං සජ්ජෙත්වා සයනං අත්ථරි. අථ නං සයනෙ එකතො නිසින්නං දාඨිකාසු ගහෙත්වා “තව සමණභාවං වා බ්රාහ්මණභාවං වා න ජානාසී”ති ඔණමෙත්වා අත්තනො අභිමුඛං ආකඩ්ඪි. සො තස්මිං කාලෙ සතිං පටිලභි, එත්තකං පන කාලං අඤ්ඤාණී අහොසි. එවං අඤ්ඤාණකරණා කිලෙසා නාම. “කාමච්ඡන්දනීවරණං, භික්ඛවෙ, අන්ධකරණං අඤ්ඤාණකරණ”න්තිආදි (සං· නි· 5.221) චෙත්ථ වත්තබ්බං.
ඔහු දෙදෙන මහ වාසලින් නික්මුණු කල්හි හිමියනි, අපට ගෙයක් අවශ්‍ය වේ. යව, රජුගෙන් ඉල්ලව යි තවුසාට කීවාය. තවුසා ද රජු වෙත ගොස් ගෙයක් ඉල්ලීය. රජු ද මිනිසුන් විසින් වැසිකිළි කැර අත්හරින ලද ගෙයක් දෙවීය. ඔහු ද දේවිය සමග එහි ගියේය. දේවිය ගෙට පිවිසීමට නො කැමැතිය. තවුසා, නො පිවිසීමට හේතු කිම? අපිරිසිදු හෙයිනි. දැන් කුමක් කරම් ද? ගෙය පිරිසිදු කරනු. යව. රජු වෙත යවා උදැල්ලක් සහ පැසක් ඉල්ලා ගෙන එනු. දේවිය තවුසා ලවා අසූචි ද කසල ද බැහැර කැරවා ගොම ගාන්නයැ යි ගෙය ගොම ආලේප කොට නැවතත් ඇඳක් ගෙන එව. පහනක් ගෙන එව. ඇතිරිල්ලක් ගෙන එව. සැළියක් ගෙන එව. කළයක් ගෙන එව ආදී වශයෙන් වෙන වෙන ම ගෙන්වා නැවත දිය ආදිය ගෙන ඒමට අණ කළාය. තවුසා ද කළය ගෙන දිය ඇද සැළිය පුරවා නහන දිය සකසා සයනය ඇතුරුවේය. ඉක්බිති, යහනෙහි එකට හිඳගත් තවුසාණන්ගේ රවුලු දෑතින් මිරිකා අල්ලාගෙන ඔබගේ මහණ බව හේ බමුණු බව නොදන්නෙහිදැ යි තමා වෙතට ඇද්දාය. තවුසාණන්ට එවේලෙහි සිහිය ලැබිණි. මෙතෙක් කල් මුළා වී සිටියහ. ක්ලේශයෝ මෙසේ මුළා කරන්නාහුය. මහණෙනි, කාමාශාව නමැති නීවරණය නොහොත් සිතෙහි වැස්ම, නැණැස අඳ කිරීමකි. මුළා කිරීමකි ආදිය මෙහි දී කිය යුතුය. ඔහු සිහිය ලැබ මෙසේ සිතීය.
සො සතිං පටිලභිත්වා චින්තෙසි “අයං තණ්හා වඩ්ඪමානා මම චතූහි අපායෙහි සීසං උක්ඛිපිතුං න දස්සති, අජ්ජෙව මයා ඉමං රඤ්ඤො නිය්යාදෙත්වා හිමවන්තං පවිසිතුං වට්ටතී”ති. සො තං ආදාය රාජානං උපසඞ්කමිත්වා “මහාරාජ, තව දෙවියා මය්හං අත්ථො නත්ථි, කෙවලං මෙ ඉමං නිස්සාය තණ්හා වඩ්ඪිතා”ති වත්වා ඉමං ගාථමාහ –
මසිතෙහි වැඩෙන මේ කාමාශාව සිව් අපායෙන් හිස එසවීමට ඉඩ නො දෙයි. අද ම මම මේ දේවිය නැවත රජුට ම පාවා දී හිමවතට යන්ට සුදුසු වන්නේය. එතුමෝ ඇය රැගෙන රජු වෙත ගොස් මහරජ ඔබගේ දේවියගෙන් මට වැඩක් නැත. සිදුවූයේ මැය නිසා මා තුළ තණ්හාව වැඩීම පමණකැ යි ප්‍රකාශ කොට මේ ගාථාව කීහ.
“එකා ඉච්ඡා පුරෙ ආසි, අලද්ධා මුදුලක්ඛණං; යතො ලද්ධා අළාරක්ඛී, ඉච්ඡා ඉච්ඡං විජායථා”ති.
“එකා ඉච්ඡා පුරෙ ආසි අලද්ධා මුදුලක්ඛණං, යතො ලද්ධා අළාරක්ඛී ඉච්ඡා ඉච්ඡං විජායථාති”
“පෙර එක ම ආශාවක් (මුදුලක්ඛණා ලැබීම) විය. විශාල ඇස් ඇති ඇය යම් දිනක ලැබුවා ද එතැන් පටන් ආශාවෙන් ආශාව ඉපද වීය.”
තත්රායං පිණ්ඩත්ථො – මහාරාජ, මය්හං ඉමං තව දෙවිං මුදුලක්ඛණං අලභිත්වා පුරෙ “අහො වතාහං එතං ලභෙය්ය”න්ති එකා ඉච්ඡා ආසි, එකාව තණ්හා උප්පජ්ජි. යතො පන මෙ අයං අළාරක්ඛී විසාලනෙත්තා සොභනලොචනා ලද්ධා, අථ මෙ සා පුරිමිකා ඉච්ඡා ගෙහතණ්හං උපකරණතණ්හං උපභොගතණ්හන්ති උපරූපරි අඤ්ඤං නානප්පකාරං ඉච්ඡං විජායථ ජනෙසි උප්පාදෙසි. සා ඛො පන මෙ එවං වඩ්ඪමානා ඉච්ඡා අපායතො සීසං උක්ඛිපිතුං න දස්සති, අලං මෙ ඉමාය, ත්වඤ්ඤෙව තව භරියං ගණ්හ, අහං පන හිමවන්තං ගමිස්සාමීති තාවදෙව නට්ඨං ඣානං උප්පාදෙත්වා ආකාසෙ නිසින්නො ධම්මං දෙසෙත්වා රඤ්ඤො ඔවාදං දත්වා ආකාසෙනෙව හිමවන්තං ගන්ත්වා පුන මනුස්සපථං නාම නාගමාසි, බ්රහ්මවිහාරෙ පන භාවෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ නිබ්බත්ති.
එහි කෙටි අදහස මෙසේ ය. මහරජ මේ ඔබගේ “මුදුලක්ඛණං”, එනම් දේවිය නො ලැබ, “පුරෙ”, අහෝ, ඇය ලැබෙන්නේ නම් යන, “එකා ඉච්ඡා ආසි” එක ම තෘෂ්ණාවක් උපණ. “යතො” යම්හෙයකින් “අළාරක්ඛී” විශාල ඇස් ඇති, මනහර ඇස් ඇති මේ දේවිය “ලද්ධා” ලබන ලද ද, එවිට ඒ පෙර පැවැති “ඉච්ඡා” ගෘහ ආශාව, උපකරණ ආශාව, පරිභෝග කටයුතු පිළිබඳ ආශාව මතු මත්තෙහි එක එක බැගින් ආශා ඉපදවීය. ඒ මගේ වැඩෙමින් පවතින ආශාව අපායෙන් හිස එසවීමට නො දෙයි. මැය ගෙන් මට ප්‍රයෝජනයක් නැත. ඔබ ම ඔබේ බිරිය ගනු මැනව. මම හිමවතට ම යමි. එකෙණෙහි ම නැති වී ගිය දැහැන් උපදවා, අහසෙහි හුන්නේ, දම් දෙසා රජුට අවවාද දී අහසින් ම හිමවතට ගොස් ඉන් පසු යම් දිනක මිනිස් පියසට නො පැමිණියහ. බඹ විහරණ වඩා නො පිරිහුණු ධ්‍යාන ඇත්තාහු, බඹලොව උපන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු අරහත්තඵලෙ පතිට්ඨහි. සත්ථාපි අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, මුදුලක්ඛණා උප්පලවණ්ණා, ඉසි පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මෙම දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් වදාළහ. සිව්සස් කෙළවර ඒ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. බුදුහු අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එකල රජ ආනන්ද තෙරණුවෝය. මුදුලක්ඛණාව උප්පලවණ්ණාවෝය. තවුසාණෝ මම ම වීමි.
මුදුලක්ඛණජාතකවණ්ණනා ඡට්ඨා.