යෙදුමෙන් කියවන්න

7. උච‍්ඡඞ‍්ගජාතකවණ‍්ණනා 67 අට‍්ඨකථා

7. උච‍්ඡඞ‍්ගජාතකවණ‍්ණනා (67)

7. උච්ඡඞ්ග ජාතකය (67)

උච‍්ඡඞ‍්ගෙ දෙව මෙ පුත‍්තොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං ජානපදිත්‍ථිං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ කොසලරට‍්ඨෙ තයො ජනා අඤ‍්ඤතරස‍්මිං අටවිමුඛෙ කසන‍්ති. තස‍්මිං සමයෙ අන‍්තොඅටවියං චොරා මනුස‍්සෙ විලුම‍්පිත්‍වා පලායිංසු. මනුස‍්සා තෙ චොරෙ පරියෙසිත්‍වා අපස‍්සන‍්තා තං ඨානං ආගම‍්ම “තුම‍්හෙ අටවියං විලුම‍්පිත්‍වා ඉදානි කස‍්සකා විය හොථා”ති “තෙ චොරා ඉමෙ”ති බන්‍ධිත්‍වා ආනෙත්‍වා කොසලරඤ‍්ඤො අදංසු. අථෙකා ඉත්‍ථී ආගන‍්ත්‍වා “අච‍්ඡාදනං මෙ දෙථ, අච‍්ඡාදනං මෙ දෙථා”ති පරිදෙවන‍්තී පුනප‍්පුනං රාජනිවෙසනං පරියාති. රාජා තස‍්සා සද‍්දං සුත්‍වා “ගච‍්ඡථ, දෙථ ඉමිස‍්සා අච‍්ඡාදන”න‍්ති ආහ. මනුස‍්සා සාටකං ගහෙත්‍වා අදංසු. සා තං දිස‍්වා “නාහං එතං අච‍්ඡාදනං යාචාමි , සාමිකච‍්ඡාදනං යාචාමී”ති ආහ. මනුස‍්සා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචයිංසු “න කිරෙසා ඉදං අච‍්ඡාදනං කථෙති, සාමිකච‍්ඡාදනං කථෙතී”ති. අථ නං රාජා පක‍්කොසාපෙත්‍වා “ත්‍වං කිර සාමිකච‍්ඡාදනං යාචසී”ති පුච‍්ඡි. ආම, දෙව, ඉත්‍ථියා හි සාමිකො අච‍්ඡාදනං නාම, සාමිකෙ හි අසති සහස‍්සමූලම‍්පි සාටකං නිවත්‍ථා ඉත්‍ථී නග‍්ගායෙව නාම. ඉමස‍්ස පනත්‍ථස‍්ස සාධනත්‍ථං –

“උච්ඡඞ්ගෙ දෙව, මෙ පුත්තොති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා දනව් වැසි ස්ත්‍රියක අරබයා දේශනා කළහ. කොසොල් වැසි තිදෙනෙක් එක්කලෙක වනයක් අසල සී සාත්. එකල කැලෑවෙහි සිටි සොරු මිනිසුන්ගේ වස්තුව පැහැරගෙන පළා ගියහ. ඔවුහු සොරුන් සොයා නො දැක සී සාන ස්ථානයට පැමිණ තොපි වස්තු පැහැරගෙන දැන් ගොවියෝ මෙන් වන්නහුදැ යි මේ සොරුයැ යි බැඳගෙන අවුත් කොසොල් රජුට දුන්හ. ඉක්බිති, ස්ත්‍රියක අවුත් මට හඳිනා වස්ත්‍රයක් දෙනු මැනව. මට හඳිනා වස්ත්‍රයක් දෙනු මැනව යි මහත් සේ හඬමින් නැවත නැවත රජ මැදුර අබියෙස හැසිරෙයි. රජ ඇගේ හැඬීම අසා මැයට හඳනා වස්ත්‍රයක් දෙව යි කීය. ඇයට වස්ත්‍රයක් ගෙන ආහ. ඈ ඒ දැක මම මෙවැනි වස්ත්‍රයක් නො ඉල්ලමි. මම ස්වාමි වස්ත්‍රය ඉල්ලමි යි කීවාය. මිනිස්සු මැය ඉල්ලන්නී මේ වස්ත්‍රය නො වේ. රජුට සැලකළහ. ඉක්බිති, රජ ඇය ගෙන්වා තී ස්වාමි වස්ත්‍රයක් ඉල්ලන්නීදැ යි ඇසීය. එසේය, දේවයිනි, හිමියා ගැහැනියගේ වස්ත්‍රය වේ. හිමියා නැති කල්හි දහසක් වටිනා වස්ත්‍රයක් ඇන්දත් ස්ත්‍රිය නිරුවත් වන්නීය. මෙකරුණ සනාථ කරනු සඳහා,

“නග‍්ගා නදී අනූදකා, නග‍්ගං රට‍්ඨං අරාජකං; ඉත්‍ථීපි විධවා නග‍්ගා, යස‍්සාපි දස භාතරො”ති. (ජා· 2.22.1840) –

“නග්ගා නදී අනොදිකා නග්ගං රට්ඨං අරාජිකං, ඉත්‍ථීපි විධවා නග්ගා යස්සාපි දසභාතරොති”

දිය නැති ගඟ හෙළුය. රජකු නැති රට හෙළුය. යම් ස්ත්‍රියකට සොහොයුරු දශ දෙනකු සිටිය ද හෙළු වූවාය.

ඉදං සුත‍්තං ආහරිතබ‍්බං.

මේ ගාථාව ගෙනහැර දැක්වීය.

රාජා තස‍්සා පසන‍්නො “ඉමෙ තෙ තයො ජනා කෙ හොන‍්තී”ති පුච‍්ඡි. “එකො මෙ, දෙව, සාමිකො, එකො භාතා, එකො පුත‍්තො”ති. රාජා “අහං තෙ තුට‍්ඨො, ඉමෙසු තීසු එකං දෙමි, කතරං ඉච‍්ඡසී”ති පුච‍්ඡි. සා ආහ “අහං, දෙව, ජීවමානා එකං සාමිකං ලභිස‍්සාමි, පුත‍්තම‍්පි ලභිස‍්සාමියෙව, මාතාපිතූනං පන මෙ මතත‍්තා භාතාව දුල‍්ලභො, භාතරං මෙ දෙහි, දෙවා”ති. රාජා තුස‍්සිත්‍වා තයොපි විස‍්සජ‍්ජෙසි. එවං තං එකිකං නිස‍්සාය තෙ තයො ජනා දුක‍්ඛතො මුත‍්තා. තං කාරණං භික‍්ඛුසඞ‍්ඝෙ පාකටං ජාතං. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිතා “ආවුසො, එකං ඉත්‍ථිං නිස‍්සාය තයො ජනා දුක‍්ඛතො මුත‍්තා”ති තස‍්සා ගුණකථාය නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, එසා ඉත්‍ථී ඉදානෙව තෙ තයො ජනෙ දුක‍්ඛා මොචෙති, පුබ‍්බෙපි මොචෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

කොසොල් රජ ඇයට පැහැදී මේ තිදෙනා තිගේ කවුරු ද? දේවයිනි, එකකු මගේ සැමියාය. එකකු සොහොයුරුය. අනිකා මගේ පුත්‍රයාය. මම තිට පැහැදුනෙමි. මේ තිදෙනාගෙන් එකකු දෙමි. තී කවරකු කැමැත්තීදැ යි ඇසීය. දේවයිනි, මම ජීවත් වුවහොත් තවත් සැමියකු ලැබිය හැක. පුතකු ද ලැබිය හැක. එහෙත් මව්පියන් මළ බැවින් සොහොයුරකු ලැබිය නො හැකිය. එම නිසා මට සොහොයුරා දෙනු මැනවැ යි කීවාය. රජ සතුටු ව තිදෙනා ම නිදහස් කළෙය්. මෙසේ එක කතක් නිසා තිදෙනෙක් දුකින් මිදුණාහ. මෙකරුණ භික්‍ෂූන් අතර ප්‍රකට විය. දිනක් දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු, ඇවැත්නි, එක් කාන්තාවක නිසා තිදෙනෙක් දුකින් මිදුණාහුයැ යි ඇගේ ගුණ කියමින් හුන්නාහුය. බුදුහු වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් සිටියාහුදැ යි විචාරා, මෙනම් කථාවක්යැ යි කී කල්හි, මහණෙනි, මේ කත මේ තිදෙනා දුකින් මිදුවා දැන් පමණක් නො වේ. පෙර ද දුකින් මිදුවායැ යී වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ තයො ජනා අටවිමුඛෙ කසන‍්තීති සබ‍්බං පුරිමසදිසමෙව. තදා පන රඤ‍්ඤා “තීසු ජනෙසු කං ඉච‍්ඡසී”ති වුත‍්තෙ සා ආහ – “තයොපි දාතුං න සක‍්කොථ, දෙවා”ති? “ආම, න සක‍්කොමී”ති. “සචෙ තයො දාතුං න සක‍්කොථ, භාතරං මෙ දෙථා”ති. “පුත‍්තං වා සාමිකං වා ගණ‍්හ, කිං තෙ භාතරා”ති ච වුත‍්තා “එතෙ නාම දෙව සුලභා, භාතා පන දුල‍්ලභො”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි තිදෙනෙක් වන අබියෙස සී සාත්, සියල්ල පෙර මෙනි. එදා රජු තිදෙනාගෙන් කවරකු කැමැතිදැ යි ඇසූ කල්හි ඒ ස්ත්‍රිය දේවයිනි, තිදෙනා ම දිය හැකිදැ යි කී කල්හි දේවයිනි, තිදෙනා ම දිය නො හැකිදැ යි ඇසුවාය. එසේය, නො හැක්කෙමි. ඉදින්, තිදෙනා ම දෙන්ට නො හැකි නම් මගේ සොහොයුරා දෙනු මැනවි. නැත. පුත්‍රයා හෝ හිමියා ගනුව. සොහොයුරාගෙන් ඇති ඵලය කුමක්දැ යි කියන ලද්දේ, දේවයිනි, මේ දෙදෙනා පහසුවෙන් ලබාගත හැකිය. සොහොයුරා එසේ ලබාගත නො හැකියැ යි කියා මේ ගාථාව කීවාය.

“උච‍්ඡඞ‍්ගෙ දෙව මෙ පුත‍්තො, පථෙ ධාවන‍්තියා පති; තඤ‍්ච දෙසං න පස‍්සාමි, යතො සොදරියමානයෙ”ති.

“උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො පථෙ ධාවන්තියා පති, තඤ්ච දොසං න පස්සාමි යතො සොදරියමානයෙති”

“දේවයිනි, පුත්‍රයා මගේ ඇකයෙහිය. මහමඟ යන මට හිමියන් සුලභය. එහෙත් සහෝදරයකු ගෙනෙන ස්ථානය වූ මව් කුස නො දකිමි.”

තත්‍ථ උච‍්ඡඞ‍්ගෙ, දෙව, මෙ පුත‍්තොති දෙව, මය‍්හං පුත‍්තො උච‍්ඡඞ‍්ගෙයෙව. යථා හි අරඤ‍්ඤං පවිසිත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා ඩාකං උච‍්චිනිත්‍වා තත්‍ථ පක‍්ඛිපන‍්තියා උච‍්ඡඞ‍්ගෙ ඩාකං නාම සුලභං හොති, එවං ඉත්‍ථියා පුත‍්තොපි සුලභො උච‍්ඡඞ‍්ගෙ ඩාකසදිසොව. තෙන වුත‍්තං “උච‍්ඡඞ‍්ගෙ, දෙව, මෙ පුත‍්තො”ති. පථෙ ධාවන‍්තියා පතීති මග‍්ගං ආරුය‍්හ එකිකාය ගච‍්ඡමානායපි හි ඉත්‍ථියා පති නාම සුලභො, දිට‍්ඨදිට‍්ඨොයෙව හොති. තෙන වුත‍්තං “පථෙ ධාවන‍්තියා පතී”ති. තඤ‍්ච දෙසං න පස‍්සාමි, යතො සොදරියමානයෙති යස‍්මා පන මෙ මාතාපිතරො නත්‍ථි, තස‍්මා ඉදානි තං මාතුකුච‍්ඡිසඞ‍්ඛාතං අඤ‍්ඤං දෙසං න පස‍්සාමි. යතො අහං සමානෙ උදරෙ ජාතත‍්තා සඋදරියසඞ‍්ඛාතං භාතරං ආනෙය්‍යං, තස‍්මා භාතරංයෙව මෙ දෙථාති.

එහි “උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො” දේවයිනි, මගේ පුත්‍රයා ඇකයෙහි මය. යම් සේ වනයට ගොස් පළා නෙලා ඉණෙහි ලාගන්නා මට ඉණට පළා සැළවේය. එමෙන් ස්ත්‍රියට දරුවන් ද ඉණට පළා මෙන් සුලභය. එම නිසා දේවයිනි, මගේ පුත්‍රයා ඉණෙහි යි කීවාය. “පථෙ ධාවන්නියා පති” මඟට බැස හුදකලාව ගමන් කරන ස්ත්‍රියට ද හිමියෝ සුලබය. දුටු දුටු පුරුෂයා හිමියා වෙයි. ඒ නිසා මඟ යනවිට පුරුෂයන් සුලභයැ යි කියන ලදි. “තඤ්ච දොසං න පස්සාමි යතො සොදරියමානයෙති” යම් හෙයකින් මගේ මව්පියන් නැද්ද, එම නිසා ඒ මව් කුස නම් වූ අන් තැනක් නො දකිමි. යම් හෙයකින් මා හා එක කුසෙහි උපන් බැවින් සමාන කුස ඇති සොහොයුරා ගෙන්වා ගනිමි. එම නිසා මට සොහොයුරාව දෙනු මැනවි.

රාජා “සච‍්චං එසා වදතී”ති තුට‍්ඨචිත‍්තො තයොපි ජනෙ බන්‍ධනාගාරතො ආනෙත්‍වා අදාසි, සා තයොපි තෙ ගහෙත්‍වා ගතා.

රජ මැය ඇත්තක් ම කියතැ යි සතුටු ව මිනිසුන් තිදෙනා ම සිර ගෙයින් ගෙන්වා දුන්නේය. ඈ ඒ තිදෙනා ම රැගෙන ගියාය.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙසා ඉමෙ තයො ජනෙ දුක‍්ඛතො මොචෙසියෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “අතීතෙ චත‍්තාරොව එතරහි චත‍්තාරො, රාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු ද මහණෙනි, මේ ස්ත්‍රිය දැන් පමණක් නොව පෙර ද මේ තිදෙනා දුකින් මුදාගත්තායැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. පෙර සතර දෙනා මේ දවස ද ඒ සතර දෙනා මය. එ සමයෙහි රජ වනාහි මම ම වීමි.

උච‍්ඡඞ‍්ගජාතකවණ‍්ණනා සත‍්තමා.