යෙදුමෙන් කියවන්න

8. සාකෙතජාතකවණ‍්ණනා 68 අට‍්ඨකථා

8. සාකෙතජාතකවණ‍්ණනා (68)

8. සාකේත ජාතකය (68)

යස‍්මිං මනො නිවිසතීති ඉදං සත්‍ථා සාකෙතං නිස‍්සාය අඤ‍්ජනවනෙ විහරන‍්තො එකං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. භගවතො කිර භික‍්ඛුසඞ‍්ඝපරිවුතස‍්ස සාකෙතං පිණ‍්ඩාය පවිසනකාලෙ එකො සාකෙතනගරවාසී මහල‍්ලකබ්‍රාහ‍්මණො නගරතො බහි ගච‍්ඡන‍්තො අන‍්තරද‍්වාරෙ දසබලං දිස‍්වා පාදෙසු පතිත්‍වා ගොප‍්ඵකෙසු ගාළ‍්හං ගහෙත්‍වා “තාත, නනු නාම පුත‍්තෙහි ජිණ‍්ණකාලෙ මාතාපිතරො පටිජග‍්ගිතබ‍්බා, කස‍්මා එත‍්තකං කාලං අම‍්හාකං අත‍්තානං න දස‍්සෙසි? මයා තාව දිට‍්ඨොසි, මාතරං පන පස‍්සිතුං එහී”ති සත්‍ථාරං ගහෙත්‍වා අත‍්තනො ගෙහං අගමාසි. සත්‍ථා තත්‍ථ ගන‍්ත්‍වා නිසීදි පඤ‍්ඤත‍්තෙ ආසනෙ සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. බ්‍රාහ‍්මණීපි ආගන‍්ත්‍වා සත්‍ථු පාදෙසු පතිත්‍වා “තාත, එත‍්තකං කාලං කහං ගතොසි, නනු නාම මාතාපිතරො මහල‍්ලකකාලෙ උපට‍්ඨාතබ‍්බා”ති පරිදෙවි. පුත‍්තධීතරොපි “එථ, භාතරං වන්‍දථා”ති වන්‍දාපෙසි. උභො තුට‍්ඨමානසා මහාදානං අදංසු. සත්‍ථා භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා තෙසං ද‍්වින‍්නම‍්පි ජනානං ජරාසුත‍්තං (සු· නි· 810 ආදයො) කථෙසි. සුත‍්තපරියොසානෙ උභොපි අනාගාමිඵලෙ පතිට‍්ඨහිංසු. සත්‍ථා උට‍්ඨායාසනා අඤ‍්ජනවනමෙව අගමාසි.

“යස්මිං මනො නිවිසතී” යන මේ ජාතක දේශනාව බුදු රජහු සාකේත නුවර ඇසුරු කොට අඳුන් වනයෙහි වැඩවසන සේක්, එක්තරා බමුණකු අරබයා දෙසූහ. බුදු රජහු මහසඟන පිරිවරා සාකේත නුවර ඇසුරු කොට අඳුන් වනයට පිවිසෙන කල්හි, සාකේත නුවර වැසි එක්තරා මහළු බමුණෙක් නුවරින් බැහැරට යන්නේ, දොරටුව අබියෙස බුදු රජුන් දැක පාමුල වැටී ගොප්මස දැඩි ව අල්ලාගෙන දරුව මව්පියන් මහළු දුබල වූ කල්හි පුතුන් විසින් බලාගත යුත්තේ නො වේ ද? කුමක් නිසා මෙතෙක් කලක් අපට තමන් නො දැක්වුවෙහි ද? මා විසින් නම් අද ඔබ දන්නා ලද්දෙහිය. ඔබ මව්තුමිය දැකීමට එනු මැනවැ යි බුදු රජුන් රැගෙන තම ගෙදරට ගොස් බුදු රජහු එහි පැනවූ අසුනෙහි වැඩ හුන්හ. බැමිණිය ද පැමිණ බුදුන් පාමුල වැටී දරුව, මෙතෙක් කල් කොහි ගියෙහිද? මහළු මව්පියෝ උවටැන් කළ යුත්තෝ නො වෙත්දැ යි වැළපුණාය. දූදරුවන් ලවා ද එව්, සොහොයුරා වඳින්නැ යි බුදුන් වැන්දවූහ. දෙදෙනා ම සතුටු ව මහදන් දුන්හ. බුදු රජහු මෙත්සිත නිමවා ඒ දෙදෙනාට ම ජරා සූත්‍රය දෙසූහ. දේශනා සූත්‍රය අවසානයෙහි ඒ දෙදෙනා ම අනාගාමී ඵලයෙහි පිහිටියහ. බුදු රජහු ද වැඩසිටි අසුනින් නැඟිට අඳුන් වනයට වැඩියහ.

භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිසින‍්නා කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, බ්‍රාහ‍්මණො ‘තථාගතස‍්ස පිතා සුද‍්ධොදනො, මාතා මහාමායා’ති ජානාති, ජානන‍්තොව සද‍්ධිං බ්‍රාහ‍්මණියා තථාගතං ‘අම‍්හාකං පුත‍්තො’ති වදති, සත්‍ථාපි අධිවාසෙති. කිං නු ඛො කාරණ”න‍්ති? සත්‍ථා තෙසං කථං සුත්‍වා “භික‍්ඛවෙ, උභොපි තෙ අත‍්තනො පුත‍්තමෙව ‘පුත‍්තො’ති වදන‍්තී”ති වත්‍වා අතීතං ආහරි.

භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව කථාවක් ඉපදවූහ. ඇවැත්නි, බමුණා බුදු රජුන්ගේ මව්පියන් සුද්ධෝදන, මහාමායා දෙදෙන බව දනී. එසේ දැන දැනත් බැමිණිය සමග බුදු රජුන් අපගේ පුත්‍රයා යි කියයි. බුදුහු ද ඒ ඉවසති. හේතුව කිම ද? මේ කථාව ඇසූ බුදුහු, මහණෙනි, ඒ දෙදෙනා ම තමන්ගේ පුත්‍රයාට ම පුත්‍රයා යි කියති යි ඉකුත් වත ගෙනහැර දැක්වූහ.

භික‍්ඛවෙ, අයං බ්‍රාහ‍්මණො අතීතෙ නිරන‍්තරං පඤ‍්ච ජාතිසතානි මය‍්හං පිතා අහොසි, පඤ‍්ච ජාතිසතානි චූළපිතා, පඤ‍්ච ජාතිසතානි මහාපිතා. එසාපි බ්‍රාහ‍්මණී නිරන‍්තරමෙව පඤ‍්ච ජාතිසතානි මාතා අහොසි, පඤ‍්ච ජාතිසතානි චූළමාතා, පඤ‍්ච ජාතිසතානි මහාමාතා. එවාහං දියඩ‍්ඪජාතිසහස‍්සං බ්‍රාහ‍්මණස‍්ස හත්‍ථෙ සංවඩ‍්ඪො, දියඩ‍්ඪජාතිසහස‍්සං බ්‍රාහ‍්මණියා හත්‍ථෙ සංවඩ‍්ඪොති තීණි ජාතිසහස‍්සානි කථෙත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

මහණෙනි, මේ බමුණා අතීතයෙහි අතරක් නැති ව පන්සියයක් අත් බැව්හි එසේ පියා වූයේය. පන්සියයක් අත්බැව්හි සුළු පියා විය. පන්සියයක් අත්බැව්හි මහපියා විය. මේ බැමිණිය ද අතරක් නැති ව පන්සියයක් අත්බැව්හි මව වූවාය. පන්සියයක් අත්බැව්හි සුළු මව වූවාය. පන්සියයක් අත්බැව්හි මහමව වූවාය. මෙසේ මම එක්දහස් පන්සියයක් අත්බැව්හි මේ බමුණා අතෙහි වැඩුණෙමි. එක් දහස් පන්සියයක් බැමිණිය අතෙහි වැඩුණෙමි. තුන්දහසක් ඇත්තෙමි යි වදාරා මේ ගාථාව වදාළහ.

“යස‍්මිං මනො නිවිසති, චිත‍්තඤ‍්චාපි පසීදති; අදිට‍්ඨපුබ‍්බකෙ පොසෙ, කාමං තස‍්මිම‍්පි විස‍්සසෙ”ති.

“යස්මිං මනො නිවිසති චිත්තං වාපි පසීදති, අදිට්ඨපුබ්බකෙ පොසෙ කාමං තස්මිම්පි විස්සසෙති”

“යමකු කෙරෙහි සිත පිහිටා ද සිත පහදී ද පෙර නුදුටුවිරූ ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේය.”

තත්‍ථ යස‍්මිං මනො නිවිසතීති යස‍්මිං පුග‍්ගලෙ දිට‍්ඨමත‍්තෙයෙව චිත‍්තං පතිට‍්ඨාති. චිත‍්තඤ‍්චාපි පසීදතීති යස‍්මිං දිට‍්ඨමත‍්තෙ චිත‍්තං පසීදති, මුදුකං හොති. අදිට‍්ඨපුබ‍්බකෙ පොසෙති පකතියා තස‍්මිං අත‍්තභාවෙ අදිට‍්ඨපුබ‍්බෙපි පුග‍්ගලෙ. කාමං තස‍්මිම‍්පි විස‍්සසෙති අනුභූතපුබ‍්බසිනෙහෙනෙව තස‍්මිම‍්පි පුග‍්ගලෙ එකංසෙන විස‍්සසෙ, විස‍්සාසං ආපජ‍්ජතියෙවාති අත්‍ථො.

එහි, “යස්මිං මනො නිවිසති” යම් පුද්ගලයකු දුටුමතින් ම සිත පිහිටයි ද “චිත්තං වාපි පසීදති” යමකු දුටුමතින් සිත පහදී ද මෘදු වේ ද “අදිට්ඨපුබ්බකෙ පොසෙ” සාමාන්‍යයෙන් එම අත්බැව්හි දී පෙර නුදුටු පුද්ගලයා කෙරෙහි, “කාමං තස්මිම්පි විස්සසෙ” පෙර පුරුදු සෙනෙහසින් ම ඒ පුද්ගලයා කෙරෙහි ද විශ්වාසය තබන්නේය. හිතවත් බවට පත්වන්නේය, යන අර්ථයි.

එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණො ච බ්‍රාහ‍්මණී ච එතෙ එව අහෙසුං, පුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල බමුණා සහ බැමිණිය මේ දෙදෙනා ම වූහ. පුත්‍රයා මම ම වීමි.

සාකෙතජාතකවණ‍්ණනා අට‍්ඨමා.