යෙදුමෙන් කියවන්න

9. විසවන‍්තජාතකවණ‍්ණනා 69 අට‍්ඨකථා

9. විසවන‍්තජාතකවණ‍්ණනා (69)

9. විසවන්ත ජාතකය (69)

ධිරත්‍ථු තං විසං වන‍්තන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මසෙනාපතිං ආරබ‍්භ කථෙසි. ථෙරස‍්ස කිර පිට‍්ඨඛජ‍්ජකඛාදනකාලෙ මනුස‍්සා සඞ‍්ඝස‍්ස බහුං පිට‍්ඨඛාදනීයං ගහෙත්‍වා විහාරං අගමංසු, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ගහිතාවසෙසං බහු අතිරිත‍්තං අහොසි. මනුස‍්සා “භන‍්තෙ, අන‍්තොගාමගතානම‍්පි ගණ‍්හථා”ති ආහංසු. තස‍්මිං ඛණෙ ථෙරස‍්ස සද‍්ධිවිහාරිකො දහරො අන‍්තොගාමෙ හොති, තස‍්ස කොට‍්ඨාසං ගහෙත්‍වා තස‍්මිං අනාගච‍්ඡන‍්තෙ “අතිදිවා හොතී”ති ථෙරස‍්ස අදංසු. ථෙරෙන තස‍්මිං පරිභුත‍්තෙ දහරො අගමාසි. අථ නං ථෙරො “මයං, ආවුසො, තුය‍්හං ඨපිතඛාදනීයං පරිභුඤ‍්ජිම‍්හා”ති ආහ. සො “මධුරං නාම, භන‍්තෙ, කස‍්ස අප‍්පිය”න‍්ති ආහ. මහාථෙරස‍්ස සංවෙගො උප‍්පජ‍්ජි. සො ඉතො පට‍්ඨාය “පිට‍්ඨඛාදනීයං න ඛාදිස‍්සාමී”ති අධිට‍්ඨාසි. තතො පට‍්ඨාය කිර සාරිපුත‍්තත්‍ථෙරෙන පිට‍්ඨඛාදනීයං නාම න ඛාදිතපුබ‍්බං. තස‍්ස පිට‍්ඨඛාදනීයං අඛාදනභාවො භික‍්ඛුසඞ‍්ඝෙ පාකටො ජාතො. භික‍්ඛූ තං කථං කථෙන‍්තා ධම‍්මසභායං නිසීදිංසු. අථ සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “භික‍්ඛවෙ, සාරිපුත‍්තො එකවාරං ජහිතකං ජීවිතං පරිච‍්චජන‍්තොපි පුන න ගණ‍්හාතියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“ධිරත්‍ථුතං විසංවන්තං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, දම් සෙනෙවි සැරියුත් තෙරණුවන් අරබයා දෙසූහ. සැරියුත් තෙරණුවන් පිටිකැවිලි වළඳන කාලයෙහි මිනිස්සු සංඝයා උදෙසා බොහෝ පිටිකැවිලි ගෙන විහාරයට ගියාහුය. මහසඟන පිළිගත් පසු බොහෝ ඉතිරිවිය. මිනිස්සු, ස්වාමීනි, ඇතුළු ගමට ගිය භික්‍ෂු සංඝයා උදෙසා ද පිළිගන්නැ යි කීවාහුය. එවෙලාවෙහි තෙරණුවන්ගේ ශිෂ්‍ය ළදරු භික්‍ෂුවක් ඇතුළු ගමෙහි වෙයි. ඔහුගේ කොටස ගෙන ඔහු නො පැමිණි නිසා වේලාව ඉක්මෙතැ යි සිතා තෙරණුවන්ට දුන්හ. තෙරණුවෝ ඒ වැළඳූ කල්හි ළදරු භික්‍ෂුව පැමිණියේය. තෙරණුවෝ ඔහුට ඇවැත්නි, අපි ඔබ සඳහා තැබූ කොටස වැළඳුවෙමු යි කීහ. එවිට ළදරු භික්‍ෂුව, ස්වාමීනි, ඉතා මිහිරි ද? කවරකුට මිහිරි දෙය අප්‍රිය වේදැ යි කීය. තෙරණුවන්ට සංවේගය ඇතිවිය. තෙරණුවෝ එතැන් සිට පිටි ආහාර වර්ග නො වළඳමි යි ඉටා ගත්හ. එතැන් සිට තෙරණුවන් විසින් පිටිකැවිලි නො වළඳන වීරීය. උන් වහන්සේ පිටි කැවිලි නො වළඳන බව භික්‍ෂූන් අතර ප්‍රකට විය. ඔවුහු දම් සබාවෙහි ද මේ පිළිබඳ ව කථා කැරෙමින් හුන්හ. බුදු රජහු මහණෙනි, කවර කථාවකින් දැන් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින්යැ යි කී කල්හි, මහණෙනි, සැරියුත්හු එක්වරක් හළදෙය ජීවිතය අත්හළ ද නැවත නො ගනිතැ යි වදාරා ඉකුත් කථාව ගෙන හැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො විසවෙජ‍්ජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වෙජ‍්ජකම‍්මෙන ජීවිකං කප‍්පෙසි. අථෙකං ජනපදමනුස‍්සං සප‍්පො ඩංසි, තස‍්ස ඤාතකා පමාදං අකත්‍වා ඛිප‍්පං වෙජ‍්ජං ආනයිංසු . වෙජ‍්ජො ආහ “කිං තාව ඔසධෙන, පරිභාවෙත්‍වා විසං හරාමි, දට‍්ඨසප‍්පං ආවාහෙත්‍වා දට‍්ඨට‍්ඨානතො තෙනෙව විසං ආකඩ‍්ඪාපෙමී”ති. “සප‍්පං ආවාහෙත්‍වා විසං ආකඩ‍්ඪාපෙහී”ති. සො සප‍්පං ආවාහෙත්‍වා “තයා අයං දට‍්ඨො”ති ආහ. “ආම, මයා”ති . “තයා දට‍්ඨට‍්ඨානතො ත්‍වඤ‍්ඤෙව මුඛෙන විසං ආකඩ‍්ඪාහී”ති. “මයා එකවාරං ජහිතකං පුන න ගහිතපුබ‍්බං, නාහං මයා ජහිතවිසං ආකඩ‍්ඪිස‍්සාමී”ති. සො දාරූනි ආහරාපෙත්‍වා අග‍්ගිං කත්‍වා ආහ “සචෙ අත‍්තනො විසං නාකඩ‍්ඪසි, ඉමං අග‍්ගිං පවිසා”ති. සප‍්පො “අපි අග‍්ගිං පවිසිස‍්සාමි, නෙවත‍්තනා එකවාරං ජහිතවිසං පච‍්චාහරිස‍්සාමී”ති වත්‍වා ඉමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු විෂ වෛද්‍ය කුලයක ඉපිද වෙදකමින් දිවි ගෙවූහ. එකල සර්පයෙක් පිටිසර වැසියකුට දෂ්ට කළේය. ඔහුගේ ඤාතීහු ඔහු නො පමා ව වෛද්‍යවරයා වෙත ගෙන ගියහ. වෛද්‍යවරයා කිම, බෙහෙත් උපයෝගී කොට විෂ හරීම් ද, නැතිනම් සපාකෑ සර්පයා මෙහි ගෙන්වා ඌ ලවා විෂ උරා ඉවත් කැරවන්නේදැ යි සිතන්නේ, ඔහු සර්පයා ගෙන්වා තා විසින් මොහු දෂ්ට කරන ලද්දේදැ යි ඇසීය. එසේය. මා විසිනි. තෝ ඩැහැගත් තැනින් මුව තබා විෂ උරව. එවිට සර්පයා මවිසින් බැහැර කළ විෂ නැවත නො ඉරූ විය. නැවත වෛද්‍යවරයා විසින් ගෙන්වන ලදුව, දර ගිනි දල්වා මෙසේ කීය. ඉදින්, තෝ විෂ බැහැර නො කරන්නේ නම් ගින්නට පිවිසෙව. සර්පයා ද මම හළ විෂ නො උරමි. තමා එක් වරක් හළ විෂ පසු ව වමනය නො කරමි යි කියා මේ ගාථාව කීය.

“ධිරත්‍ථු තං විසං වන‍්තං, යමහං ජීවිතකාරණා; වන‍්තං පච‍්චාහරිස‍්සාමි, මතං මෙ ජීවිතා වර”න‍්ති.

“ධිරත්‍ථු තං විසං වන්තං යමහං ජීවිතකාරණා, වන්තං පච්චාවමිස්සාමි මතම්මෙ ජීවිතා වරන්ති”

“යම් විෂයක් අත්හරින ලද්දේ ද?, වමනය කළ ඒ විෂ ජීවිත පැවැත්ම සඳහාවත් නැවත හැරගැනීම් වේ ද ඒ විෂට නින්දා වේවා.”

තත්‍ථ ධිරත්‍ථූති ගරහත්‍ථෙ නිපාතො. තං විසන‍්ති යමහං ජීවිතකාරණා වන‍්තං විසං පච‍්චාහරිස‍්සාමි, තං වන‍්තං විසං ධිරත්‍ථු. මතං මෙ ජීවිතා වරන‍්ති තස‍්ස විසස‍්ස අපච‍්චාහරණකාරණා යං අග‍්ගිං පවිසිත්‍වා මරණං, තං මම ජීවිතතො වරන‍්ති අත්‍ථො.

එහි, “ධිරත්‍ථු” යනු ගැරහීම අර්ථයෙහි නිපාතයි. “තං විසන්ති යමයං ජීවිතකාරණා”, ඒ විෂ ජීවිතයේ පැවැත්ම සඳහා වමනය කළ විෂ, “පච්චාවමිස්සාමි” ඒ වමනය කළ විෂට නින්දා වේවා. “මතම්මෙ ජීවිතා වරන්ති” ඒ විෂ පසු ව වමනය නො කිරීම හේතුවෙන් ගින්නට පිවිස මරණයක් වේ ද, ඒ මරණය ජීවත් වීමට වඩා උතුම් වේ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා අග‍්ගිං පවිසිතුං පායාසි. අථ නං වෙජ‍්ජො නිවාරෙත්‍වා තං පුරිසං ඔසධෙහි ච මන‍්තෙහි ච නිබ‍්බිසං අරොගං කත්‍වා සප‍්පස‍්ස සීලානි දත්‍වා “ඉතො පට‍්ඨාය මා කඤ‍්චි විහෙඨෙසී”ති වත්‍වා විස‍්සජ‍්ජෙසි.

මෙසේ ද කියා සර්පයා ගින්නට පිවිසීමට ගියේය. එවිට වෛද්‍යවරයා වළකා දෂ්ට කරන ලද මිනිසා බෙහෙත් මන්ත්‍ර විධිවලින් විෂ රහිත කොට නීරෝගී කොට සර්පයාට සිල් දී මින්පසු කිසිවකුට දෂ්ට නො කරවයි අත් හළේය.

සත්‍ථාපි “න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො එකවාරං ජහිතකං ජීවිතම‍්පි පරිච‍්චජන‍්තො පුන ගණ‍්හාතී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා සප‍්පො සාරිපුත‍්තො අහොසි, වෙජ‍්ජො පන අහමෙව අහොසි”න‍්ති.

මහණෙනි, සැරියුත් වරක් අත්හළ දෙය දිවිය තතත් නැවත නො ගන්නේයැ යි ධර්ම දේශනය ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදා සර්පයා සැරියුත් තෙරණුවෝ වූහ. වෛද්‍යවරයා මම ම වීමි.

විසවන‍්තජාතකවණ‍්ණනා නවමා.