යෙදුමෙන් කියවන්න

10. කුද‍්දාලජාතකවණ‍්ණනා 70 අට‍්ඨකථා

10. කුද‍්දාලජාතකවණ‍්ණනා (70)

10. කුද්දාල ජාතකය (70)

න තං ජිතං සාධු ජිතන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චිත‍්තහත්‍ථසාරිපුත‍්තං ආරබ‍්භ කථෙසි. සො කිර සාවත්‍ථියං එකො කුලදාරකො. අථෙකදිවසං කසිත්‍වා ආගච‍්ඡන‍්තො විහාරං පවිසිත්‍වා එකස‍්ස ථෙරස‍්ස පත‍්තතො සිනිද‍්ධං මධුරං පණීතභොජනං ලභිත්‍වා චින‍්තෙසි “මයං රත‍්තින්‍දිවං සහත්‍ථෙන නානාකම‍්මානි කුරුමානාපි එවරූපං මධුරාහාරං න ලභාම, මයාපි සමණෙන භවිතබ‍්බ”න‍්ති . සො පබ‍්බජිත්‍වා මාසඩ‍්ඪමාසච‍්චයෙන අයොනිසො මනසිකරොන‍්තො කිලෙසවසිකො හුත්‍වා විබ‍්භමිත්‍වා පුන භත‍්තෙන කිලමන‍්තො ආගන‍්ත්‍වා පබ‍්බජිත්‍වා අභිධම‍්මං උග‍්ගණ‍්හි. ඉමිනාව උපායෙන ඡ වාරෙ විබ‍්භමිත්‍වා පබ‍්බජිතො. තතො සත‍්තමෙ භික‍්ඛුභාවෙ සත‍්තප‍්පකරණිකො හුත්‍වා බහූ භික‍්ඛූ ධම‍්මං වාචෙන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. අථස‍්ස සහායකා භික‍්ඛූ “කිං නු ඛො, ආවුසො චිත‍්තහත්‍ථ, පුබ‍්බෙ විය තෙ එතරහි කිලෙසා න වඩ‍්ඪන‍්තී”ති පරිහාසං කරිංසු. “ආවුසො, අභබ‍්බො දානි අහං ඉතො පට‍්ඨාය ගිහිභාවායා”ති.

“න තං ජිතං සාධු ජිතන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වසන්නාහු, චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් අරබයා වදාළහ. ඔහු වනාහි සැවැත් නුවර එක් කුල දරුවෙකි. එක් දවසක් ඔහු සී සා එන්නේ විහාරයට ගොස් එක් තෙර නමකගේ පාත්‍රයෙන් සිනිඳු, මියුරු, ප්‍රණීත අහර ලැබ මෙසේ සිතීය. අපි, රෑ දවල් සියතින් නොයෙක් කර්මාන්ත කරන නමුදු මෙවැනි මිහිරි ආහාරයක් නො ලබමු. මා ද පැවිද්දකු විය යුතුය. පැවිදි ව එක මසක් ඇවෑමෙන් නුනුවණින් සිතන්නේ, ක්ලේශයන්ට වසඟ වූවෙක් වී සිවුරු හැර නැවත ආහාරයෙන් ක්ලාන්ත වන්නේ, අවුත් පැවිදි ව අභිධර්මය උගත්තේය. මේ ආකාරයෙන් සය වරක් උපැවිදි ව පැවිදි වූයේය. ඉක්බිති, සත් වැනි භික්‍ෂු භාවයෙහි සිට සප්ත ප්‍රකරණය ප්‍රගුණ කරන්නෙක් වී බොහෝ භික්‍ෂූන්ට ධර්මය උගන්වමින් විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේය. එකල්හි ඔහුගේ යහළු භික්‍ෂූහු ඇවැත්නි චිත්තය, කිම, ඔබ පෙර මෙන් ගිහි වීමට සුදුසු නො වෙයි.

එවං තස‍්මිං අරහත‍්තං පත‍්තෙ ධම‍්මසභායං කථා උදපාදි “ආවුසො, එවරූපස‍්ස නාම අරහත‍්තස‍්ස උපනිස‍්සයෙ සති ආයස‍්මා චිත‍්තහත්‍ථසාරිපුත‍්තො ඡක‍්ඛත‍්තුං උප‍්පබ‍්බජිතො, අහො මහාදොසො පුථුජ‍්ජනභාවො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “භික‍්ඛවෙ, පුථුජ‍්ජනචිත‍්තං නාම ලහුකං දුන‍්නිග‍්ගහං, ආරම‍්මණවසෙන ගන‍්ත්‍වා අල‍්ලීයති, එකවාරං අල‍්ලීනං න සක‍්කා හොති ඛිප‍්පං මොචෙතුං, එවරූපස‍්ස චිත‍්තස‍්ස දමථො සාධු. දන‍්තමෙව හි තං සුඛං ආවහති.

මෙසේ මේ තෙරණුවන් රහත් බවට පැමිණි කල්හි දම් සභාවෙහි මේ කථාව මතුවිය. ඇවැත්නි, මෙබඳු රහත් වීමට හේතු සම්පත් ඇති කල්හිත් චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් සයවරක් උපැවිදි වූහ. අනේ! පුහුදුන් බව මහත් දෝෂයකි. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, පුහුදුන් සිත නම් වහා වෙනස් වන්නේය. පාලනය කැර ගැනීම අපහසුය. අරමුණු වශයෙන් ගොස් ඇලෙයි. එක වරක් ඇලුණු දෙය අත් හැරීමට අපහසු වන්නේය. මෙබඳු සිත දමනය කැරගැනීම යහපත් වන්නේය. දමනය කැරගත් ඒ සිත සැප එළවයි.

“දුන‍්නිග‍්ගහස‍්ස ලහුනො, යත්‍ථකාමනිපාතිනො; චිත‍්තස‍්ස දමථො සාධු, චිත‍්තං දන‍්තං සුඛාවහං”. (ධ· ප· 35);

“දුන්නිග්ගස්ස ලහුනො යත්‍ථ කාමනිපාතින, චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං”

“පාලනය කිරීමට අපහසු වූ ඉක්මන් ගමන් ඇත්තා වූ කැමැති තැනක එල්බ ගන්නා වූ සිත දමනය කිරීම යහපති. දමනය කළ සිත සැප එළවන්නේය.”

තස‍්ස පන දුන‍්නිග‍්ගහතාය පුබ‍්බෙ පණ‍්ඩිතා එකං කුද‍්දාලකං නිස‍්සාය තං ජහිතුං අසක‍්කොන‍්තා ලොභවසෙන ඡක‍්ඛත‍්තුං උප‍්පබ‍්බජිත්‍වා සත‍්තමෙ පබ‍්බජිතභාවෙ ඣානං උප‍්පාදෙත්‍වා තං ලොභං නිග‍්ගණ‍්හිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

මේ සිතෙහි පාලනය කිරීම අපහසු නිසා පෙර පඬිවරු එක් උදැල්ලක් නිසා එය අත් හැරීමට නො හැකි ව එහි ආශාව නිසා සයවරක් උපැවිදි ව සත් වැනි වර පැවිදි වූ කල්හි ධ්‍යාන උපදවා ඒ ලෝභයට නිග්‍රහ කළහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පණ‍්ණිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පාපුණි, “කුද‍්දාලපණ‍්ඩිතො”තිස‍්ස නාමං අහොසි. සො කුද‍්දාලකෙන භූමිපරිකම‍්මං කත්‍වා ඩාකඤ‍්චෙව අලාබුකුම‍්භණ‍්ඩඑළාලුකාදීනි ච වපිත්‍වා තානි වික‍්කිණන‍්තො කපණජීවිකං කප‍්පෙසි. තඤ‍්හිස‍්ස එකං කුද‍්දාලකං ඨපෙත්‍වා අඤ‍්ඤං ධනං නාම නත්‍ථි. සො එකදිවසං චින‍්තෙසි “කිං මෙ ඝරාවාසෙන, නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. අථෙකදිවසං කුද‍්දාලකං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඨපෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තං කුද‍්දාලකං අනුස‍්සරිත්‍වා ලොභං ඡින්‍දිතුං අසක‍්කොන‍්තො කුණ‍්ඨකුද‍්දාලකං නිස‍්සාය උප‍්පබ‍්බජි. එවං දුතියම‍්පි, තතියම‍්පීති ඡ වාරෙ තං කුද‍්දාලකං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ නික‍්ඛිපිත්‍වා පබ‍්බජිතො චෙව උප‍්පබ‍්බජිතො ච.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ පලා විකුණන කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියේය. කුද්දාල පණ්ඩිතයා යි මොහුට නමක් විය. උදැල්ලෙන් පොළොව සකස්කොට පලා, ලබු, කොමඩු, පුහුල්, කැකිරි ආදිය වපුරා ඒවා විකිණීමෙන් දුගී ජීවිතයක් ගෙවීය. ඔහුට උදැල්ල හැර වෙන ධනයක් නොවීය. ඔහු එක් දිනක් මෙසේ සිතීය. මට ගිහි ගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? ගිහි ගෙයින් නික්මී පැවිදි වන්නෙමි. ඉක්බිති, එක් දවසක් උදැල්ල සැඟවුණු තැනක තබා තාපස පැවිද්දෙන් පැවිදි ව ඒ උදැල්ල නැවත සිහිකොට ආශාව සිඳීමට නො හැකි ව වකුටු උදැල්ල නිසා උපැවිදි විය. මෙසේ දෙවැනි තෙවැනි වාර වශයෙන් හය වරක් ඒ උදැල්ල සඟවා තබා පැවිදි වූයේ ද උපැවිදි වූයේ ද විය.

සත‍්තමෙ පන වාරෙ චින‍්තෙසි “අහං ඉමං කුණ‍්ඨකුද‍්දාලකං නිස‍්සාය පුනප‍්පුනං උප‍්පබ‍්බජිතො, ඉදානි නං මහානදියං පක‍්ඛිපිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති නදීතීරං ගන‍්ත්‍වා “සචස‍්ස පතිතට‍්ඨානං පස‍්සිස‍්සාමි, පුනාගන‍්ත්‍වා උද‍්ධරිතුකාමතා භවෙය්‍යා”ති තං කුද‍්දාලකං දණ‍්ඩෙ ගහෙත්‍වා නාගබලො ථාමසම‍්පන‍්නො සීසස‍්ස උපරිභාගෙ තික‍්ඛත‍්තුං ආවිජ‍්ඣිත්‍වා අක‍්ඛීනි නිම‍්මීලෙත්‍වා නදීමජ‍්ඣෙ ඛිපිත්‍වා “ජිතං මෙ ජිතං මෙ”ති තික‍්ඛත‍්තුං සීහනාදං නදි. තස‍්මිං ඛණෙ බාරාණසිරාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගතො නදියා සීසං න‍්හායිත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො හත්‍ථික‍්ඛන්‍ධෙන ගච‍්ඡමානො තං බොධිසත‍්තස‍්ස සද‍්දං සුත්‍වා “අයං පුරිසො ‘ජිතං මෙ ජිතං මෙ’ති වදති, කො නු ඛො එතෙන ජිතො, පක‍්කොසථ න”න‍්ති පක‍්කොසාපෙත්‍වා “භො පුරිස, අහං තාව විජිතසඞ‍්ගාමො ඉදානි ජයං ගහෙත්‍වා ආගච‍්ඡාමි, තයා පන කො ජිතො”ති පුච‍්ඡි. බොධිසත‍්තො “මහාරාජ, තයා සඞ‍්ගාමසතම‍්පි සඞ‍්ගාමසහස‍්සම‍්පි සඞ‍්ගාමසතසහස‍්සම‍්පි ජිනන‍්තෙන දුජ‍්ජිතමෙව කිලෙසානං අජිතත‍්තා. අහං පන මම අබ‍්භන‍්තරෙ ලොභං නිග‍්ගණ‍්හන‍්තො කිලෙසෙ ජිනි”න‍්ති කථෙන‍්තොයෙව මහානදිං ඔලොකෙත්‍වා ආපොකසිණාරම‍්මණං ඣානං නිබ‍්බත‍්තෙත්‍වා සම‍්පත‍්තානුභාවො ආකාසෙ නිසීදිත්‍වා රඤ‍්ඤො ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

සත් වැනි වර මෙසේ සිතීය. මම මේ වකුටු උදැල්ල නිසා නැවත නැවත උපැවිදි වීමි. දැන් මම උදැල්ල ගඟට දමා පැවිදි වන්නෙමි. ගංතෙරට ගොස් ඉදින් ඒ උදැල්ල වැටුණු තැන දකින්නේ නම් නැවත අවුත් ගොඩ ගනු කැමැති බවක් වන්නේය. ඒ උදැල්ල මිටෙන් ගෙන ඇතකුගේ ශක්තිය ඇති ඔහු හිස වටා තුන්වරක් කරකවා ඇස් වසා ගඟ මැදට විසිකොට මා විසින් දිනන ලද්දේයැ යි තුන් වරක් සිංහ නාද කෙළේය. එකෙණෙහි බරණැස් රජ පසල් දනව්වක් සංසිඳුවා පැමිණියේ ගඟෙන් දිය නා සියලු ආභරණයෙන් සැරසී ඇතුපිටින් යන්නේ, ඒ බෝසතුන්ගේ ශබ්දය අසා මේ පුරුෂයා මා විසින් දිනන ලදැ යි කියයි. මොහු විසින් දිනන ලද්දේ කුමක් ද? ඔහු කැඳවනු. ඔහු කැඳවා පින්වත් පුරුෂය, මම වනාහි දිනන ලද සංග්‍රාම ඇති ව දැන් ජය ගෙන එමි. නුඹ විසින් කුමක් දිනන ලදදැ යි විචාළේය. බෝසතාණන් වහන්සේ, මහරජ, නුඹ විසින් යුද්ධ දහසක්, ලක්‍ෂයක් දිනුවත් එය දිනන ලද්දක් නො වේ. කෙළෙස් නො දිනන ලද බැවිනි. මම වනාහි මගේ ඇතුළත (සිතෙහි, ලෝභය යටපත් කරමින් කෙළෙස් දිනුවෙමි යි කියමින් ම ගඟ දෙස බලා ආපෝ කසිණය අරමුණු කොටගෙන ධ්‍යාන උපදවා ලබන ලද ආනුභාව ඇත්තේ, අහසෙහි හිඳ රජුට දහම් දෙසමින් මේ ගාථාව කීවේය.

“න තං ජිතං සාධු ජිතං, යං ජිතං අවජීයති; තං ඛො ජිතං සාධු ජිතං, යං ජිතං නාවජීයතී”ති.

“න තං ජිතං සාධු ජිතං යං ජිතං අවජීයති, තං ඛො ජිතං සාධු ජිතං යං ජිතං නාවජීයතී”

“යම් ජයක් (සතුරන් පරදවනු ලැබ) ලැබේ ද, ඒ දිනුම මනාකොට දිනුවා නම් නො වේ. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු නො ලැබේ ද, ඒ දිනුම ම මනාකොට දිනුවා නම් වේ.”

තත්‍ථ න තං ජිතං සාධු ජිතං, යං ජිතං අවජීයතීති යං පච‍්චාමිත‍්තෙ පරාජිනිත්‍වා රට‍්ඨං ජිතං පටිලද‍්ධං පුනපි තෙහි පච‍්චාමිත‍්තෙහි අවජීයති, තං ජිතං සාධුජිතං නාම න හොති. කස‍්මා? පුන අවජීයනතො. අපරො නයො – ජිතං වුච‍්චති ජයො. යො පච‍්චාමිත‍්තෙහි සද‍්ධිං යුජ‍්ඣිත්‍වා අධිගතො ජයො පුන තෙසු ජිනන‍්තෙසු , පරාජයො හොති, සො න සාධු න සොභනො. කස‍්මා? යස‍්මා පුන පරාජයොව හොති. තං ඛො ජිතං සාධු ජිතං, යං ජිතං නාවජීයතීති යං ඛො පන පච‍්චාමිත‍්තෙ නිම‍්මථෙත්‍වා ජිතං පුන තෙහි නාවජීයති, යො වා එකවාරං ලද‍්ධො ජයො න පුන පරාජයො හොති, තං ජිතං සාධු ජිතං සොභනං, සො ජයො සාධු සොභනො නාම හොති. කස‍්මා? පුන නාවජීයනතො. තස‍්මා, ත්‍වං මහාරාජ, සතක‍්ඛත‍්තුම‍්පි සහස‍්සක‍්ඛත‍්තුම‍්පි සතසහස‍්සක‍්ඛත‍්තුම‍්පි සඞ‍්ගාමසීසං ජිනිත්‍වාපි සඞ‍්ගාමයොධො නාම න හොසි. කිංකාරණා? අත‍්තනො කිලෙසානං අජිතත‍්තා. යො පන එකවාරම‍්පි අත‍්තනො අබ‍්භන‍්තරෙ කිලෙසෙ ජිනාති, අයං උත‍්තමො සඞ‍්ගාමසීසයොධොති ආකාසෙ නිසින‍්නකොව බුද‍්ධලීලාය රඤ‍්ඤො ධම‍්මං දෙසෙසි. උත‍්තමසඞ‍්ගාමයොධභාවො පනෙත්‍ථ –

එහි, “න තං ජිතං සාධු ජිතං යං ජිතං අවජීයති” යි සතුරන් පරාජය කොට දිනන ලද රට නැවත පරාජය වූ සතුරන් විසින් පරාජය කරනු ලැබේ. ඒ දිනීම යහපත් දිනීමක් නො වේ. මක්නිසා ද, නැවත පරාජය කරනු ලබන හෙයිනි. වෙනත් ක්‍රමයකින් “ජිත” යන්නෙන් ජය කියනු ලැබේ. යමකු සතුරන් සමග යුද්ධ කොට ලබන ලද ජය නැවත ඒ සතුරන් අතින් පරාජය වේ. එම නිසා ඒ ජය යහපත් නො වේ. නො මැනවි. කුමක් නිසා ද, නැවත පරාජය වන හෙයිනි. “තං ඛො ජිතං සාධු ජිතං යං ජිතං නාවජීයතී” පසමිතුරන් මැඩපවත්වා යමක් දිනන ලද ද, නැවත ඔවුන් විසින් පරාජය කරනු නො ලැබේ ද? යම් ඒ එක වරක් ලැබූ ජය නැවත පරාජය නො වේ ද? ඒ දිනීම යහපත් දිනීමකි. සාර්ථක දිනීමකි. ඒ ජය යහපත්ය. සාර්ථකය. මක්නිසා ද යත්, නැවත පරාජය කරනු නො ලබන හෙයිනි. එහෙයින් මහරජ, ඔබ දහස්වරක් සූතිස් වරක් යුද්ධයක් දිනුව ද සංග්‍රාම යෝධයකු නො වේ. මක් නිසා ද, තමාගේ කෙලෙස් සතුරන් නො දිනූ බැවිනි. යමෙක් එක් වරක් මෙන් තමාගේ සිතෙහි වූ ක්ලේශයන් දිනත් ද ඔහු උසස් සංග්‍රාම යෝධයෙකැ යි අහසෙහි ම හුන්නේ, බුදු රජුන්ගේ ආකාරයෙන් රජුට දම් දෙසූහ. මෙහි උසස් රණ ශූරත්වය වනාහි,

“යො සහස‍්සං සහස‍්සෙන, සඞ‍්ගාමෙ මානුසෙ ජිනෙ; එකඤ‍්ච ජෙය්‍යමත‍්තානං, ස වෙ සඞ‍්ගාමජුත‍්තමො”ති. (ධ· ප· 103) –

“යො සහස්සං සහස්සෙන සඞ්ගාමෙ මානුසෙ ජිණෙ, එකං ච ජෙය්‍ය අත්තානං ස වෙ සඞ්ගාමජුත්තමො”

“යමකු යුද්ධයක දී දහසින් ගුණකළ දහසක් මිනිසුන් ජය ගනී ද, යමක තමාගේ එක ම ආත්මය ජය ගනී ද ඒ පුද්ගලයා සංග්‍රාමයෙන් උපන් උත්තම පුරුෂයා වෙයි”

ඉදං සුත‍්තං සාධකං.

මේ සූත්‍රය උදාහරණයි.

රඤ‍්ඤො පන ධම‍්මං සුණන‍්තස‍්සෙව තදඞ‍්ගප‍්පහානවසෙන කිලෙසා පහීනා, පබ‍්බජ‍්ජාය චිත‍්තං නමි. රාජබලස‍්සපි තථෙව කිලෙසා පහීයිංසු. රාජා “ඉදානි තුම‍්හෙ කහං ගමිස‍්සථා”ති බොධිසත‍්තං පුච‍්ඡි. “හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිස‍්සාමි, මහාරාජා”ති. “තෙන හි අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති බොධිසත‍්තෙනෙව සද‍්ධිං නික‍්ඛමි, බලකායො බ්‍රාහ‍්මණගහපතිකා සබ‍්බා සෙනියොති සබ‍්බොපි තස‍්මිං ඨානෙ සන‍්නිපතිතො මහාජනකායො රඤ‍්ඤා සද‍්ධිංයෙව නික‍්ඛමි. බාරාණසිවාසිනොපි “අම‍්හාකං කිර රාජා කුද‍්දාලපණ‍්ඩිතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජ‍්ජාභිමුඛො හුත්‍වා සද‍්ධිං බලකායෙන නික‍්ඛන‍්තො, මයං ඉධ කිං කරිස‍්සාමා”ති ද‍්වාදසයොජනිකාය බාරාණසියා සකලනගරවාසිනො නික‍්ඛමිංසු. ද‍්වාදසයොජනිකා පරිසා අහොසි. තං ආදාය බොධිසත‍්තො හිමවන‍්තං පාවිසි.

රජු දහම් අසමින් සිටිය දී ම තදඞ්ග වශයෙන් හොත් තාවකාලික කෙළෙස් ප්‍රහීණ වී පැවිද්දට සිත නැමුණේය. එසේ ම බල සේනාවගේ කෙළෙස් තදඞ්ග වශයෙන් ප්‍රහීණ විය. රජ, දැන් ඔබ කොහි යන්නෙහිදැ යි බෝසතුන්ගෙන් විචාළේය. මහරජ, මම හිමවතට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වන්නෙමි. එසේ නම් මම ද පැවිදි වන්නෙමි යි බෝසතුන් සමග නික්මුණේය. බල සෙනඟ ද බමුණු ගැහැවියෝ ද වෙනත් සිටු ආදී ශ්‍රේණිහු ද සියලු එහි රැස්වූ ජන සමූහයෝ ද රජු සමග ම නික්මුණහ. බරණැස් වැසියෝ ද, අපගේ රජ කුද්දාල පණ්ඩිතයන්ගේ දම් දෙසුම අසා පැවිද්දට නැඹුරු වී බල සෙනඟ සමග ම නික්මුණහ. අපි මෙහි කුමක් කරමුදැ යි දොළොස් යොදුනක් වූ බරණැස් නුවර සියලු වැසියෝ ද නික්මුණහ. සියලු පිරිස දොළොස් යොදුනක් විය. බෝසත්හු ඒ සියලු පිරිස ගෙන හිමවතට පිවිසියහ.

තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො නිසින‍්නාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජමානො “කුද‍්දාලපණ‍්ඩිතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො”ති දිස‍්වා “මහාසමාගමො භවිස‍්සති, වසනට‍්ඨානං ලද‍්ධුං වට‍්ටතී”ති විස‍්සකම‍්මං ආමන‍්තෙත්‍වා “තාත, කුද‍්දාලපණ‍්ඩිතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො , වසනට‍්ඨානං ලද‍්ධුං වට‍්ටති, ත්‍වං හිමවන‍්තප‍්පදෙසං ගන‍්ත්‍වා සමෙ භූමිභාගෙ දීඝතො තිංසයොජනං විත්‍ථාරතො පන‍්නරසයොජනං අස‍්සමපදං මාපෙහී”ති ආහ. සො “සාධු, දෙවා”ති පටිස‍්සුණිත්‍වා ගන‍්ත්‍වා තථා අකාසි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන හත්‍ථිපාලජාතකෙ ආවි භවිස‍්සති. ඉදඤ‍්ච හි තඤ‍්ච එකපරිච‍්ඡෙදමෙව. විස‍්සකම‍්මොපි අස‍්සමපදෙ පණ‍්ණසාලං මාපෙත්‍වා දුස‍්සද‍්දෙ මිගෙ ච සකුණෙ ච අමනුස‍්සෙ ච පටික‍්කමාපෙත්‍වා තෙන තෙන දිසාභාගෙන එකපදිකමග‍්ගං මාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමාසි. කුද‍්දාලපණ‍්ඩිතොපි තං පරිසං ආදාය හිමවන‍්තං පවිසිත්‍වා සක‍්කදත‍්තියං අස‍්සමපදං ගන‍්ත්‍වා විස‍්සකම‍්මෙන මාපිතං පබ‍්බජිතපරික‍්ඛාරං ගහෙත්‍වා පඨමං අත‍්තනා පබ‍්බජිත්‍වා පච‍්ඡා පරිසං පබ‍්බාජෙත්‍වා අස‍්සමපදං භාජෙත්‍වා අදාසි. සත‍්ත රාජානො සත‍්ත රජ‍්ජානි ඡඩ‍්ඩයිංසු. තිංසයොජනං අස‍්සමපදං පූරි. කුද‍්දාලපණ‍්ඩිතො සෙසකසිණෙසුපි පරිකම‍්මං කත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා පරිසාය කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සබ‍්බෙ සමාපත‍්තිලාභිනො හුත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණා අහෙසුං. යෙ පන තෙසං පාරිචරියං අකංසු, තෙ දෙවලොකපරායණා අහෙසුං.

එකෙණෙහි සක් දෙවිඳු හුන් අසුන උණුසුම් බවක් දැක්වීය. ඔහු මෙනෙහි කරන්නේ, කුද්දාල පණ්ඩිතයන් ගිහි ගෙයින් නික්මුණු බව දැක එහි මහත් ජන සමූහයක් වන්නේය. වසන ස්ථානයක් ලැබීමට වටී යි, විස්කම් දෙවිපුත් අමතා දරුව, කුද්දාල පණ්ඩිතයෝ ගිහි ගෙයින් නික්මුණහ. ඔහුට විසීමට තැනක් ලැබීමට වටියි. ඔබ හිමවත් පෙදෙසට ගොස් සමබිම් කොටසක දිගින් තිස් යොදුනක් ද පළලින් පසළොස් යොදුනක් පමණ වූ ද පන්සලක් මවනු යි කීය. ඔහු ද දේවයිනි, මැනව යි පිළිවදන් දී ගොස් එසේ කෙළේය. මේ මෙහි සැකෙවින් දැක්වීමකි. විස්තර වනාහි හත්‍ථිපාල ජාතකයේ මතු සඳහන් වන්නේය. එද මෙද එක පරිච්ඡේදයක් ම වේ. විශ්ව කර්මයා ද ආශ්‍රමයෙහි පන්සල් මවා අසූහ ශබ්ද ඇති සිවුපාවුන් හා පක්‍ෂීන් ද අමනුෂ්‍යයන් ද බැහැර කැරවා ඒ ඒ දිශාවලින් යාහැකි අඩිපාරක් වෙන්කැරවා තමන්ගේ වසන තැනට ම ගියේය. කුද්දාල පඬිතුමා ද ඒ පිරිස ගෙන හිමාල වනයට පිවිස ශක්‍රයා විසින් දෙන ලද අසපුවට ගොස් විශ්ව කර්මයා විසින් මවන ලද පැවිදි පිරිකර ගෙන පළමු ව තමා පැවිදි ව පසුව පිරිස පැවිදි කැරවා අසපුව බෙදා දුන්නේය. රාජ්‍යය හතක් අත්හැරියහ. තිස් යොදුන් අසපුව පිරුණේය. කුද්දාල පඬිතුමා ද සෙසු කසිණයන් පිරියම් කොට බ්‍රහ්මවිහාරයන් වඩා පිරිසට කමටහන් කියා දුන්නේය. සියල්ලෝ සමාපත්ති ලාභීන් වී බ්‍රහ්මවිහාරයන් වඩා බඹලොව උපන්නාහුය. යමෙක් ඔවුන්ගේ ආවතේව කළාහු ද ඔවුහු ද දෙව්ලොව උපන්නාහුය.

සත්‍ථා “එවං, භික‍්ඛවෙ, චිත‍්තං නාමෙතං කිලෙසවසෙන අල‍්ලීනං දුම‍්මොචයං හොති, උප‍්පන‍්නා ලොභධම‍්මා දුප‍්පජහා, එවරූපෙපි පණ‍්ඩිතෙ අඤ‍්ඤාණෙ කරොන‍්තී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහත‍්තං පාපුණිංසු. සත්‍ථාපි අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, පරිසා බුද‍්ධපරිසා, කුද‍්දාලපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මෙසේ මහණෙනි, මේ සිත වනාහි කෙළෙස් වශයෙන් ඇලීමට, මුදාහැරීමට නො හැකි වෙයි. උපන්නා වූ ලෝභා ධර්මයන් දුරුකිරීමට අපහසුය. මෙබඳු වූ පණ්ඩිත පුරුෂයන් ද අනුවණයන් කරත්යැ යි, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් දේශනා කළ සේක. සත්‍යය දේශනාව කෙළවර සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමී වූහ. සමහරෙක් අනාගාමී වූහ. සමහරෙක් රහත් භාවයට පැමිණියාහුය. බුදු රජහු ද පූර්වාපර සන්ධින් ගළපා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජ ආනන්ද විය. පිරිස බුදු පිරිසයි. කුද්දාල පඬිතුමා වනාහි මම ම වෙමි.

කුද‍්දාලජාතකවණ‍්ණනා දසමා.

ඉත්‍ථිවග‍්ගො සත‍්තමො.

සත් වැනි ස්ත්‍රී වර්ගයයි.

තස‍්සුද‍්දානං –

අසාතමන‍්තණ‍්ඩභූතං, තක‍්කපණ‍්ඩි දුරාජානං; අනභිරති මුදුලක‍්ඛණං, උච‍්ඡඞ‍්ගම‍්පි ච සාකෙතං; විසවන‍්තං කුද‍්දාලකන‍්ති.