1. වරුණජාතකවණ්ණනා 71 අට්ඨකථා
1. වරුණජාතකවණ්ණනා (71)
1. වරණ ජාතකය (71)
යො පුබ්බෙ කරණීයානීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කුටුම්බිකපුත්තතිස්සත්ථෙරං ආරබ්භ කථෙසි. එකස්මිං කිර දිවසෙ සාවත්ථිවාසිනො අඤ්ඤමඤ්ඤසහායකා තිංසමත්තා කුලපුත්තා ගන්ධපුප්ඵවත්ථාදීනි ගහෙත්වා “සත්ථු ධම්මදෙසනං සුණිස්සාමා”ති මහාජනපරිවුතා ජෙතවනං ගන්ත්වා නාගමාළකසාලමාළකාදීසු ථොකං නිසීදිත්වා සායන්හසමයෙ සත්ථරි සුරභිගන්ධවාසිතාය ගන්ධකුටිතො නික්ඛමිත්වා ධම්මසභං ගන්ත්වා අලඞ්කතබුද්ධාසනෙ නිසින්නෙ සපරිවාරා ධම්මසභං ගන්ත්වා සත්ථාරං ගන්ධපුප්ඵෙහි පූජෙත්වා චක්කඞ්කිතතලෙසු ඵුල්ලපදුමසස්සිරිකෙසු පාදෙසු වන්දිත්වා එකමන්තං නිසින්නා ධම්මං සුණිංසු.
“යො පුබ්බෙ කරණීයානී” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, කුටිම්බියපුත්ත තිස්ස තෙරුන් අරබයා වදාළහ. එක් දවසක සැවැත් නුවර වාසීහු ඔවුනොවුන් හා යහළු වූ කුල පුත්‍රයෝ තිස් දෙනෙක් සුවඳ මල් වස්ත්‍රාදිය ගෙන බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නෙමු යි මහ ජනයා පිරිවරා දෙව්රමට ගොස් නා මළුවල හා සල් මළුවල මඳ වේලාවක් හිඳ සවස් කාලයෙහි බුදු රජුන් සුවඳ ගල්වන ලද ගඳ කිළියෙන් නික්ම දම් සභාවට වැඩමවා අලංකාර කළ බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි, පිරිවර සහිත ව දම් සභාවට ගොස් බුදු රජුන් සුවඳ මලින් පුදා සක් ලකුණෙන් විසිතුරු වූ පිපුණු නෙළුම් මලක් බඳු පාදයන් වැඳ එකත් පසෙක හිඳ දහම් ඇසූහ.
අථ නෙසං එතදහොසි “යථා යථා ඛො මයං භගවතා ධම්මං දෙසිතං ආජානාම, පබ්බජෙය්යාමා”ති. තෙ තථාගතස්ස ධම්මසභාතො නික්ඛන්තකාලෙ තථාගතං උපසඞ්කමිත්වා වන්දිත්වා පබ්බජ්ජං යාචිංසු, සත්ථා තෙසං පබ්බජ්ජං අදාසි. තෙ ආචරියුපජ්ඣායෙ ආරාධෙත්වා උපසම්පදං ලභිත්වා පඤ්ච වස්සානි ආචරියුපජ්ඣායානං සන්තිකෙ වසිත්වා ද්වෙ මාතිකා පගුණං කත්වා කප්පියාකප්පියං ඤත්වා තිස්සො අනුමොදනා උග්ගණ්හිත්වා චීවරානි සිබ්බෙත්වා රජිත්වා “සමණධම්මං කරිස්සාමා”ති ආචරියුපජ්ඣායෙ ආපුච්ඡිත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිත්වා “මයං, භන්තෙ, භවෙසු උක්කණ්ඨිතා ජාතිජරාබ්යාධිමරණභයභීතා, තෙසං නො සංසාරපරිමොචනත්ථාය කම්මට්ඨානං කථෙථා”ති යාචිංසු. සත්ථා තෙසං අට්ඨතිංසාය කම්මට්ඨානෙසු සප්පායං විචිනිත්වා කම්මට්ඨානං කථෙසි. තෙ සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා සත්ථාරං වන්දිත්වා පදක්ඛිණං කත්වා පරිවෙණං ගන්ත්වා ආචරියුපජ්ඣායෙ ඔලොකෙත්වා පත්තචීවරමාදාය “සමණධම්මං කරිස්සාමා”ති නික්ඛමිංසු.
ඉක්බිති, ඔවුන්ට මෙබඳු සිතක් ඇති විය. බුදු රජුන් දෙසූ දහම යම් සේ අපි අවබෝධ කැර ගතිමු. ඒ නිසා අපි පැවිදි වෙමු. ඔවුහු බුදු රජුන් දම් සභාවෙන් නික්ම වැඩි කල්හි බුදු රජුන් වෙත එළැඹ වැඳ පැවිද්ද ඉල්ලූහ. බුදු රජහු ඔවුන්ට පැවිද්ද දුන්හ. ඔවුහු භික්ෂූහු ආචාර්ය උපාධ්‍යායන්ගේ සිත් ගෙන උපසම්පදාව ලැබ පස් වසක් ආචාර්ය උපාධ්‍යායන් සමීපයෙහි වැස උභය ප්රාතිමෝක්ෂය ප්‍රගුණ කොට කැප අකැප දේ දැන ත්‍රිවිධ අනුමෝදනා බණ ඉගෙන සිවුරු මසා පඬු පොවා මහණ දම් පුරන්නෙමු යි ආචාර්ය උපාධ්‍යායයන් විචාරා බුදු රජුන් වෙත එළැඹ වැඳ එකත් පසෙක හිඳ ස්වාමීනි, අපි සසරෙහි කළකිරුණෝ වෙමු. ජාති, ජරා, ව්‍යාධි, මරණ බියෙන් බියපත් වූවෝ වෙමු. ඒ අපට සසරින් මිදීම සඳහා කමටහනක් කියාදෙනු මැනවැ යි ඉල්ලූහ. බුදු රජහු ඔවුන්ට අටතිස් කර්ම ස්ථාන අතුරෙන් සුදුසු කර්ම ස්ථානයක් තෝරා ප්‍රකාශ කළහ. ඒ භික්ෂූහු බුදුන් වෙතින් කර්ම ස්ථාන ගෙන බුදු රජුන් වැඳ පැදකුණු කොට පිරිවෙනට ගොස් ආචාර්ය උපාධ්‍යායයන් බලා පාසිවුරු ගෙන මහණ දම් පුරන්නෙමු යි නික්මුණහ.
අථ නෙසං අබ්භන්තරෙ එකො භික්ඛු නාමෙන කුටුම්බිකපුත්තතිස්සත්ථෙරො නාම කුසීතො හීනවීරියො රසගිද්ධො. සො එවං චින්තෙසි “අහං නෙව අරඤ්ඤෙ වසිතුං, න පධානං පදහිතුං, න භික්ඛාචරියාය යාපෙතුං සක්ඛිස්සාමි, කො මෙ ගමනෙන අත්ථො, නිවත්තිස්සාමී”ති සො වීරියං ඔස්සජිත්වා තෙ භික්ඛූ අනුගන්ත්වා නිවත්ති. තෙපි ඛො භික්ඛූ කොසලෙසු චාරිකං චරමානා අඤ්ඤතරං පච්චන්තගාමං ගන්ත්වා තං උපනිස්සාය එකස්මිං අරඤ්ඤායතනෙ වස්සං උපගන්ත්වා අන්තොතෙමාසං අප්පමත්තා ඝටෙන්තා වායමන්තා විපස්සනාගබ්භං ගාහාපෙත්වා පථවිං උන්නාදයමානා අරහත්තං පත්වා වුත්ථවස්සා පවාරෙත්වා “පටිලද්ධගුණං සත්ථු ආරොචෙස්සාමා”ති තතො නික්ඛමිත්වා අනුපුබ්බෙන ජෙතවනං පත්වා පත්තචීවරං පටිසාමෙත්වා ආචරියුපජ්ඣායෙ දිස්වා තථාගතං දට්ඨුකාමා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා නිසීදිංසු. සත්ථා තෙහි සද්ධිං මධුරපටිසන්ථාරං අකාසි. තෙ කතපටිසන්ථාරා අත්තනා පටිලද්ධගුණං තථාගතස්ස ආරොචෙසුං, සත්ථා තෙ භික්ඛූ පසංසි. කුටුම්බිකපුත්තතිස්සත්ථෙරො සත්ථාරං තෙසං ගුණකථං කථෙන්තං දිස්වා සයම්පි සමණධම්මං කාතුකාමො ජාතො. තෙපි ඛො භික්ඛූ “මයං, භන්තෙ, තමෙව අරඤ්ඤවාසං ගන්ත්වා වසිස්සාමා”ති සත්ථාරං ආපුච්ඡිංසු. සත්ථා “සාධූ”ති අනුජානි. තෙ සත්ථාරං වන්දිත්වා පරිවෙණං අගමංසු.
ඉක්බිති, ඔවුනතුරෙන් නමින් කෙළඹිපුත් තිස්ස තෙර නම් භික්ෂුව කුසීතය. වීර්යයෙන් තොරව. රසෙහි ගිජු වූයේය. ඔහු මෙසේ සිතීය. මම වනයෙහි විසීමට හෝ මහා වීර්යය කිරීමට හෝ පිඬු සිඟීමෙන් යැපීමට හෝ නො හැක්කෙමි. මේ ගමනින් මට කවර ප්‍රයෝජනයක් ද? නවතිමි යි, ඔහු වීර්යය අත්හැර ඒ භික්ෂූන්ට පසුගමන් කොට නැවතුණේය. ඒ භික්ෂූහු ද කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙමින් එක්තරා පසල් ගමකට ගොස් එගම ඇසුරු කොට වන සෙනසුනක වස් එළැඹ තෙමස ඇතුළත උත්සාහයෙන් කමටහන් වඩන්නාහු, විදර්ශනාව ගැබ්ගන්වා පොළොව නාද කැරෙමින් රහත්බවට පත්ව එළැඹි වස් ඇත්තාහු, පවාරණය කොට තමා ලැබූ නැණ විශේෂය බුදු රජුන් සැල කරන්නෙමුයි එයින් නික්ම පිළිවෙලින් දෙව්රමට වැඩ පාසිවුරු තැන්පත් කොට ආචාර්ය උපාධ්‍යායන් දැක බුදු රජුන් දකිනු කැමැති ව බුදු රජුන් වෙත ගොස් වැඳ හිඳ ගත්හ. බුදු රජහු ඔවුන් සමග මිහිරි පිළිසඳර කළහ. කළ පිළිසඳර ඇත්තාහු, තමන් විසින් ලබන ලද ගුණය බුදු රජුන්ට සැල කළහ. බුදු රජහු ඒ භික්ෂූන් පැසසූහ. කෙළඹි පුත් තිස්ස තෙර බුදු රජුන් ඔවුන්ගේ ගුණ කථා කරනු දැක තෙමේ ද මහණ දම් පුරනු කැමැත්තේ වූයේය. ඒ රහත් භික්ෂූහු ද ස්වාමීනි, අපි ද එම අරණ්‍යය වාසයට ම ගොස් වසන්නෙමි යි බුදුරජුන් විචාළහ. බුදු රජහු මැනවැ යි අවසර දුන්හ. උන් වහන්සේලා බුදුන් වැඳ පිරිවෙනට ගියහ.
අථ සො කුටුම්බිකපුත්තතිස්සත්ථෙරො රත්තිභාගසමනන්තරෙ අච්චාරද්ධවීරියො හුත්වා අතිවෙගෙන සමණධම්මං කරොන්තො මජ්ඣිමයාමසමනන්තරෙ ආලම්බනඵලකං නිස්සාය ඨිතකොව නිද්දායන්තො පරිවත්තිත්වා පති, ඌරුට්ඨිකං භිජ්ජි, වෙදනා මහන්තා ජාතා. තෙසං භික්ඛූනං තං පටිජග්ගන්තානං ගමනං න සම්පජ්ජි. අථ නෙ උපට්ඨානවෙලායං ආගතෙ සත්ථා පුච්ඡි “නනු තුම්හෙ, භික්ඛවෙ, ‘ස්වෙ ගමිස්සාමා’ති හිය්යො ආපුච්ඡිත්ථා”ති? “ආම, භන්තෙ, අපිච ඛො පන අම්හාකං සහායකො කුටුම්බිකපුත්තතිස්සත්ථෙරො අකාලෙ අතිවෙගෙන සමණධම්මං කරොන්තො නිද්දාභිභූතො පරිවත්තිත්වා පතිතො, ඌරුට්ඨිස්ස භින්නං, තං නිස්සාය අම්හාකං ගමනං න සම්පජ්ජී”ති. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙවෙස අත්තනො හීනවීරියභාවෙන අකාලෙ අතිවෙගෙන වීරියං කරොන්තො තුම්හාකං ගමනන්තරායං කරොති, පුබ්බෙපෙස තුම්හාකං ගමනන්තරායං අකාසියෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
ඉක්බිති, ඒ කෙළඹි පුත් තිස්ස තෙර ද මුළු රාත්‍රී කාලයෙහි ම පටන් ගන්නා ලද දැඩි වීර්යය ඇත්තෙක් වී, ඉතා වේගයෙන් මහණ දම් පුරන්නේ, මධ්‍යම යාමයේ එළැඹෙන පුවරුව නිසා හිටගෙන නින්දට පැමිණියේ, පෙරළී වැටී උකුල් ඇටය බිඳුණේය. දැඩි වේදනා ඇති විය. ඔහුට උපස්ථාන කළ ඒ භික්ෂූන්ගේ ගමන ද සඵල නො වීය. බුදු රජහු උපස්ථාන ශාලාවට පැමිණි ඒ භික්ෂූන්ගෙන්, මහණෙනි, තෙපි හෙට යමු යි ඊයේ මාගෙන් අවසර ගත්තා නො වේදැ යි විචාළහ. එසේය. ස්වාමීනි, එසේ වුවත් අපගේ මේ යහළු කෙළඹිපුත් තිස්ස තෙර නුසුදුසු වේලාවෙහි ඉතා වේගයෙන් මහණ දම් පුරන්නේ, නින්දෙන් මඩනා ලද්දේ, පෙරළී වැටුණේ, උකුල් ඇටය බිඳුණේය. ඔහු නිසා අපගේ ගමන සිදු නො වීය. මහණෙනි, හෙතෙම තමාගේ හීන වීර්යය ඇති බව නිසා නුසුදුසු වෙලාවෙහි පමණ ඉක්මවා වීර්යය කරන්නේ, තොපගේ ගමනට බාධා කරනුයේ දැන් පමණක් නො වේ. පෙර ද තොපගේ ගමනට අනතුරු කළේයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ ගන්ධාරරට්ඨෙ තක්කසිලායං බොධිසත්තො දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්ච මාණවකසතානි සිප්පං උග්ගණ්හාපෙසි. අථස්ස තෙ මාණවා එකදිවසං දාරුං ආහරණත්ථාය අරඤ්ඤං ගන්ත්වා දාරූනි උද්ධරිංසු. තෙසං අන්තරෙ එකො කුසීතමාණවො මහන්තං වරුණරුක්ඛං දිස්වා “සුක්ඛරුක්ඛො එසො”ති සඤ්ඤාය “මුහුත්තං තාව නිපජ්ජිත්වා පච්ඡා රුක්ඛං අභිරුහිත්වා දාරූනි පාතෙත්වා ආදාය ගමිස්සාමී”ති උත්තරිසාටකං පත්ථරිත්වා නිපජ්ජිත්වා කාකච්ඡමානො නිද්දං ඔක්කමි. ඉතරෙ මාණවකා දාරුකලාපෙ බන්ධිත්වා ආදාය ගච්ඡන්තා තං පාදෙන පිට්ඨියං පහරිත්වා පබොධෙත්වා අගමංසු. කුසීතමාණවො උට්ඨාය අක්ඛීනි පුඤ්ඡිත්වා පුඤ්ඡිත්වා අවිගතනිද්දොව වරුණරුක්ඛං අභිරුහිත්වා සාඛං ගහෙත්වා අත්තනො අභිමුඛං ආකඩ්ඪිත්වා භඤ්ජන්තො භිජ්ජිත්වා උට්ඨිතකොටියා අත්තනො අක්ඛිං භින්දාපෙත්වා එකෙන හත්ථෙන තං පිධාය එකෙන හත්ථෙන අල්ලදාරූනි භඤ්ජිත්වා රුක්ඛතො ඔරුය්හ දාරුකලාපං බන්ධිත්වා උක්ඛිපිත්වා වෙගෙන ගන්ත්වා තෙහි පාතිතානං දාරූනං උපරි පාතෙසි.
පෙර ගාන්ධාර රටේ තක්සලා නුවර බෝසත් තෙමේ දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වයි. ඉක්බිති, ඔහුගේ ඒ මානවකයෝ එක් දිනක් දර ගෙන ඒම සඳහා වනයට ගොස් දර ඉදුරූහ. ඔවුන් කෙරෙහි එක් කම්මැලි මානවකයෙක් ලොකු ලුනුවරණ ගසක් දැක මේ වියලි ගසක්යැ යි හැඟීමෙන් මොහොතක් වැතිර හිඳ පසු ව ගසට නැඟ දර පහත හෙළා රැගෙන යන්නෙමි යි උතුරු සළුව අතුරා මැද හොවා දත්කමින් නින්දට බටුයේය. අනිත් මානවකයෝ දර මිටි බැඳගෙන යන්නේ, ඔහුගේ පිටට පයින් පහර දී අවදි කොට ගියාහුය. කම්මැලි මානවකයා නැඟිට ඇස් පිසමින් පහ නො වූ නිදිමත ඇතිව ම ඒ ගසට නැඟී අත්තක් ගෙන තමා දෙසට ඇද කඩන්නේ, නැගුණු කෙළවරින් තම ඇස බිඳවාගෙන එක අතකින් ඒ ඇස වසාගෙන එක් අතකින් තෙත් දර බිඳ ගසින් බැස දර මිටිය බැඳ ඔසවා වේගයෙන් ගොස් ඔවුන් දැමූ දර මත්තෙහි හෙළීය.
තං දිවසඤ්ච ජනපදගාමකෙ එකං කුලං “ස්වෙ බ්රාහ්මණවාචනකං කරිස්සාමා”ති ආචරියං නිමන්තෙසි. ආචරියො මාණවකෙ ආහ “තාතා, ස්වෙ එකං ගාමකං ගන්තබ්බං, තුම්හෙ පන නිරාහාරා න සක්ඛිස්සථ ගන්තුං, පාතොව යාගුං පචාපෙත්වා තත්ථ ගන්ත්වා අත්තනා ලද්ධකොට්ඨාසඤ්ච අම්හාකං පත්තකොට්ඨාසඤ්ච සබ්බමාදාය ආගච්ඡථා”ති. තෙ පාතොව යාගුපචනත්ථාය දාසිං උට්ඨාපෙත්වා “ඛිප්පං නො යාගුං පචාහී”ති ආහංසු. සා දාරූනි ගණ්හන්තී උපරි ඨිතානි අල්ලවරුණදාරූනි ගහෙත්වා පුනප්පුනං මුඛවාතං දදමානාපි අග්ගිං උජ්ජාලෙතුං අසක්කොන්තී සූරියං උට්ඨාපෙසි. මාණවකා “අතිදිවා ජාතො, ඉදානි න සක්කා ගන්තු”න්ති ආචරියස්ස සන්තිකං අගමිංසු. ආචරියො “කිං, තාතා, න ගතත්ථා”ති? “ආම, ආචරිය න ගතම්හා”ති. “කිංකාරණා”ති? “අසුකො නාම කුසීතමාණවො අම්හෙහි සද්ධිං දාරූනමත්ථාය අරඤ්ඤං ගන්ත්වා වරුණරුක්ඛමූලෙ නිද්දායිත්වා පච්ඡා වෙගෙන රුක්ඛං ආරුය්හ අක්ඛිං භින්දාපෙත්වා අල්ලවරුණදාරූනි ආහරිත්වා අම්හෙහි ආනීතදාරූනං උපරි පක්ඛිපි. යාගුපාචිකා තානි සුක්ඛදාරුසඤ්ඤාය ගහෙත්වා යාව සූරියුග්ගමනා උජ්ජාලෙතුං නාසක්ඛි. ඉමිනා නො කාරණෙන ගමනන්තරායො ජාතො”ති. ආචරියො මාණවෙන කතකම්මං සුත්වා “අන්ධබාලානං කම්මං නිස්සාය එවරූපා පරිහානි හොතී”ති වත්වා ඉමං ගාථං සමුට්ඨාපෙසි –
එදවස ම පිටිසර කුඩා ගමක එක් කුලයක් හෙට බමුණු ඇදුරන්ට පූජාවක් කරන්නෙමු යි ගුරුවරයාට ආරාධනා කළහ. ගුරුවරයා මානවකයන්ට මෙසේ කීය. දරුවනි, හෙට එක් ගමකට යා යුතුයි. තොපි නිරාහාර ව යා නො හැක්කහු. උදෙන් ම කැඳ පිසවා එහි ගොස් තම තමන් ලැබූ කොටස් ද අපගේ කොටස ද රැගෙන එවු. ඔවුහු අළුයම කැඳ පිසීම සඳහා දාසිය නැගිටුවා වහා අපට කැඳ පිසව යි කීවාහුය. ඕ දර ගන්නී, මත්තෙහි තිබුණා වූ තෙත දර ගෙන නැවත නැවත කටින් පිඹින්නී, හිරු උදාවන තුරු ම ගිනි දැල්වීමට නො හැකි වූවාය. මානවකයෝ දැන් ඉතා දවල් විය. දැන් යන්නට නො හැකියැ යි ගුරුවරයාගේ සමීපයට ගියහ. ගුරුවරයා කිම දරුවනි, නො ගියහු ද? එසේය ගුරුතුමනි, නො ගියෙමු. මක්නිසා ද? අසවල් කම්මැලි මානවකයා අප සමග දර කැලයට ගොස් ලුනුවරණ ගස මුල නිදා පසුව වේගයෙන් ගසට නැඟ ඇස ද බිඳගෙන තෙත ලුනුවරණ දර ගෙනවුත් අප ගෙන ආ දර මත්තෙහි දැමුවේය. කැඳ පිසින දාසිය වියලි දර යන හැඟීමෙන් ඒවා ගෙන හිරු උදාවන තුරු ම ගිනි දල්වන්නට නො හැකි වූවාය. මෙකරුණෙන් අපගේ ගමනට බාධා විය. ගුරුවරයා මානවකයා විසින් කරන ලද ක්‍රියාව අසා නුවණ නැත්තන්ගේ ක්‍රියා නිසා මෙවැනි පිරිහීම් වේයැ යි කියා මේ ගාථාව ඉදිරිපත් කළේය.
“යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති; වරුණකට්ඨභඤ්ජොව, ස පච්ඡා මනුතප්පතී”ති.
“යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති, වරණකට්ඨභඤ්ජොව සපච්ඡා මනුතප්පතීති”
“යමෙක් පළමුකොට යුතු දෑ පසුව කරන්නට කැමැති වේ ද, හෙතෙමේ ලුනුවරණ දඬු බිඳි මානවකයා මෙන් පසුතැවෙයි. (ශෝක කරයි.)”
තත්ථ ස පච්ඡා මනුතප්පතීති යො කොචි පුග්ගලො “ඉදං පුබ්බෙ කත්තබ්බං, ඉදං පච්ඡා”ති අවීමංසිත්වා පුබ්බෙ කරණීයානි පඨමමෙව කත්තබ්බකම්මානි පච්ඡා කරොති, අයං වරුණකට්ඨභඤ්ජො අම්හාකං මාණවකො විය සො බාලපුග්ගලො පච්ඡා අනුතප්පති සොචති පරිදෙවතීති අත්ථො.
එහි, “සපච්ඡා මනුතප්පතීති”, යම්කිසි පුද්ගලයකු මෙය පළමු ව කළ යුතුයි. මෙය පසු ව කළ යුතුයැ යි නො විමසා, “පුබ්බෙ කරණීයානි”, පළමු ව කළයුතු දෙය, “පච්ඡා”, පසු ව කරයි ද, “වරණකට්ඨභඤ්ජො”, මේ ලුනුවරණ දර කැඩුවා වූ අපගේ මානවකයා මෙන්, “සො”, ඒ බාල පුද්ගල තෙම, “පච්ඡා අනුතප්පති” පසු ව තැවෙයි. ශෝක කරයි. හඬයි යන අර්ථයි.
එවං බොධිසත්තො අන්තෙවාසිකානං ඉමං කාරණං කථෙත්වා දානාදීනි පුඤ්ඤානි කරිත්වා ජීවිතපරියොසානෙ යථාකම්මං ගතො.
මෙසේ ඒ බෝධි සත්ත්වයෝ අතවැසියන්ට මේ කාරණය කියා දානාදී පිංකොට දිවි කෙළවර කම් වූ පරිදි මිය ගියෝය.
සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙවෙස තුම්හාකං අන්තරායං කරොති, පුබ්බෙපි අකාසියෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි “තදා අක්ඛිභෙදං පත්තො මාණවො ඌරුභෙදං පත්තභික්ඛු අහොසි, සෙසමාණවා බුද්ධපරිසා, ආචරියබ්රාහ්මණො පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මහණෙනි, මෙතෙම ඔබට බාධා කැරනුයේ දැන් පමණක් නොව පෙර ද කළේමැ යි වදාරා මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමා කළහ. එදින ඇස් බිද ගත් මානවකයා උකුල් ඇටය බිඳගත් භික්ෂුව ම වූයේය. සෙසු මානවකයෝ බුදු පිරිස වූහ. ගුරු වූ බ්‍රාහ්මණයා නම් මම ම වූයෙමි.
වරුණජාතකවණ්ණනා පඨමා.