යෙදුමෙන් කියවන්න

8. වරණවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

8. වරුණ වර්‍ගය

71. යො පුබ‍්බෙ කරණීයානි පච‍්ඡා සො කාතුමිච‍්ඡති, වරණ කට‍්ඨභඤ‍්ජොව ස පච‍්ඡාමනුතප‍්පතීති.

71. යමෙක් පළමු කටයුතු දෑ පසුව කරන්නට කැමැති වේ ද හෙතෙමේ ලුණුවරණදඬු බිඳි මාණවකයා මෙන් පසුව තැවෙයි. (ශෝක කරයි.)

1. වරණජාතකං.

1. වරණ ජාතකය.

72. අකතඤ‍්ඤුස‍්ස පොසස‍්ස නිච‍්චං විවරදස‍්සිනො, සබ‍්බඤ‍්චෙ පඨවිං දජ‍්ජා නෙව නං අභිරාධයෙති.

72. කළ ගුණ නො දන්නා වූ නිරතුරු (අනුන්ගේ) සිදුරු (වැරැදි) දක්නා වූ පුරුෂයාට ඉඳින් මුළු පොළොව හෙවත් සක්විති රජකම දුන්නේ වී නමුදු ඔහු සතුටට පමුණුවනු නො හැක්කේ ය.

2. සීලවනාගරාජජාතකං.

2. සීලවනාගරාජ ජාතකය.

73. සච‍්චං කිරෙවමාහංසු නරා එකච‍්චියා ඉධ, කට‍්ඨං විප‍්ලාවිතං සෙය්‍යො නත්‍වෙවෙකච‍්චියො නරොති.

73. ගඟදියෙහි පාවෙන දරදඬු (නගා ගොඩ තබන ලද්දේ) උතුම් වේ. (කළ ගුණ නො දන්නා) සමහර පුරුෂයෙක් (නගා ගොඩ තබන ලද්දේ) උතුම් නො වේ මැ යි. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් සැබවක් ම කීහු ල.

3. සච‍්චංකිරජාතකං.

3. සච්චංකිර ජාතකය.

74. සාධු සම‍්බහුලා ඤාතී අපි රුක‍්ඛා අරඤ‍්ඤජා, වාතො වහති එකට‍්ඨං බ්‍රහන‍්තම‍්පි වනස‍්පතින‍්ති.

74. බොහෝ වූ නෑයෝ (සමඟ වැ වෙසෙන්නාහු) ශෝභන වෙති. අරණ්‍යයෙහි හට ගත් වෘක්‍ෂයෝ පවා (ඝන වැ සිටියාහු) ශෝභන වෙත්, වාතය එකලා වැ සිටියා වූ අතුපතර ඇති මහත් වූ වනදෙටු රුක ද මුලිනුපුටා හෙළයි.

4. රුක‍්ඛධම‍්මජාතකං.

4. රුක්ඛධම්ම ජාතකය.

75. අභිත්‍ථනය පජ‍්ජුන‍්න නිධිං කාකස‍්ස නාසය, කාකං සොකාය රන්‍ධෙහි මඤ‍්ච සොකා පමොචයා’ති.

75. මේඝය ගර්‍ජනා කරව. කාක සමූහයාගෙ (මත්ස්‍ය) නිධානය නසව. කපුටුමුළුව ශෝකයට පමුණුවව. නෑයන් හා මා ද ශෝකයෙන් මුදව.

5. මච‍්ඡජාතකං.

5. මච්ඡ ජාතකය.

76. අසඞ‍්කියොම‍්භි ගාමම‍්භි අරඤ‍්ඤෙ නත්‍ථි මෙ භයං, උජුමග‍්ගං සමාරූළ‍්හො මෙත‍්තාය කරුණාය චාති.

76. ගමෙහි ද නිසැකයෙම් වෙමි. අරණ්‍යයෙහි මට බියෙක් නැත. මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද ඍජු වූ (බ්‍රහ්මලෝක හා දිව්‍යලෝකගාමි) මාර්‍ගයට නැංගෙමි.

6. අසඞ‍්කියජාතකං.

6. අසංකිය ජාතකය.

77. උසභා රුක‍්ඛා ගාමියො ගාවා ච, අස‍්සො කංසො සිගාලී ච තුම‍්භො, පොක‍්ඛරණී ච අපාකචන්‍දනං

77. (යුද නො කොට ගිය) වෘෂභයෝ යැ, (මල් පලගත් කුඩා) වෘක්‍ෂයෝ යැ, (එදවස උපන් වස්සන්ගේ කිරි බොන) දෙන්නු යැ, (වියෙහි යොදන නහඹු ) ගවයෝ යැ, (දෙපස මුඛ ඇති) අශ්ව යැ, (ජර සිවලකුට මෙහි මූ කරව යි පෑ සිය දහසක් අගනා) රන්තලිය යැ, (අඹරන රැහැන කාදමන) සිවලී යැ, (හිස් කළ අතුරෙහි තුබූ දිය පිරිණු) කළය යැ, (ගැඹුරු තැන දිය කැලැඹුණු) පොකුණ යැ, (එක් මැ සැළෙහි නිසි සේ) නො පැසුණු බත යැ, (කුණුමෝරු වලට විකුණන සියදහසක් අගනා) රත්සඳුන්හර යැ, යන සිහින ද -

ලාපූනි සීදන‍්ති සිලා ප‍්ලවන‍්ති. මණ‍්ඩුකියො කණ‍්හසප‍්පෙ ගිලන‍්ති. කාකං සුවණ‍්ණා පරිවාරයන‍්ති. තසාවකා ඵළකානං භයා හි විපරියාසො වත‍්තති න ඉධමත්‍ථීති.

හිස් ලබුකබල්හු දියෙහි ගැලෙති, ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති, මැඬිපැටියෝ කෘෂ්ණ සර්‍පයන් ගිලිති, ස්වර්‍ණ හංසයෝ කවුඩුවකු පිරිවරති, වෘකයෝ එළුවන්ට බියෙන් තැති ගනිත්. මෙසේ විපර්‍ය්‍යාසයෙක් පවතී, දැන් වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමෙක් නැති යි.

7. මහාසුපිනජාතකං.

7. මහාසුපින ජාතකය.

78. උභො ඛඤ‍්ජා උභො කුණී උභො විසමචක‍්ඛුකා, උභින‍්නං පිළකා ජාතා නාහං පස‍්සාමි ඉල‍්ලිසන‍්ති.

78. දෙදෙනා ම පිළු ය. දෙදෙනාම කොරු ය. දෙදෙනාම වමරැසි ය. දෙදෙනාගේ ම හිස (සමාන වූ) පිළිකාවෝ ජාතයහ. (එහෙයින්) මම ඉල්ලීස නො දකිමි.

8. ඉල‍්ලීසජාතකං.

8. ඉල්ලීස ජාතකය.

79. යතො විලුත‍්තා ච හතා ච ගාවො දඩ‍්ඪානි ගෙහානි ජනො ච නීතො, අථාගමා පුත‍්තහතාය පුත‍්තො ඛරස‍්සරං දෙණ‍්ඩිමං වාදයන‍්තොති.

79. යම් කලෙක් හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහු ද, (මස් පිණිස) නසන ලද්දාහු ද, ගෘහයෝ දවන ලද්දාහු ද, ජනයෝ ද බැඳැ ගෙන යන ලද්දාහු, එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්‍රයා අමධුර වූ ශබ්ද ඇති පටහබෙරය වාදනය කෙරෙමින් ආවේ ය.

9. ඛරස‍්සරජාතකං.

9. ඛරස්සර ජාතකය.

80. යන‍්තෙ පවිකත්‍ථිතං පුරෙ අථ තෙ පූතිඝරා සරන‍්ති පච‍්ඡා. උභයං න සමෙති භීමසෙන යුද‍්ධකථා ච ඉදං ච තෙ විහඤ‍්ඤන‍්ති.

80. හීමසේනය, තොප විසින් පෙර සංග්‍රාමයෙහි යමක් කියන ලද ද නැවත පසුව හෙවත් යුද්ධයෙහි දී තාගේ පූතිඝර නම් වූ සිරුරමල වැගිරෙති. තොපගේ යුද්ධ (පිළිබඳ ඔදවැඩි) කතා ද මේ පීඩාව ද යන දෙ කරුණ සම නො වේ.

10. භීමසෙනජාතකං.

10. භීමසේන ජාතකය.

වරණවග‍්ගො අට‍්ඨමො.

අටවැනි වර්‍ණ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දාන:

වරණා අකතඤ‍්ඤූවරෙසුසච‍්චවරං සවනප‍්පතිනා ච අභිත්‍ථනය, කරුණායසිලාප‍්ලවඉත්‍ථිසතො පුන දෙණ‍්ඩිමපූතිසරෙන දස.

වරණ අකතඤ්ඤ (සීලවනාගරාජ) සච්චචර (සච්චංකිර) වනස්පති (රුක්ඛධම්ම) අහිත්‍ථනය (මච්ඡ) කරුණාය (අසඞ්කිය) සිලාප්ලව (මහාසුපින) ඉත්‍ථී (ඉල්ලීස) දෙණ්ඩිම (ඛරස්සර) පූතිඝර (හීමසේන) යන දසය යි.