යෙදුමෙන් කියවන්න

7. මහාසුපිනජාතකවණ‍්ණනා 77 අට‍්ඨකථා

7. මහාසුපිනජාතකවණ‍්ණනා (77)

7. මහා සුපින ජාතකය (77)

ලාබූනි සීදන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සොළස මහාසුපිනෙ ආරබ‍්භ කථෙසි. එකදිවසං කිර කොසලමහාරාජා රත‍්තිං නිද‍්දූපගතො පච‍්ඡිමයාමෙ සොළස මහාසුපිනෙ දිස‍්වා භීතතසිතො පබුජ‍්ඣිත්‍වා “ඉමෙසං සුපිනානං දිට‍්ඨත‍්තා කිං නු ඛො මෙ භවිස‍්සතී”ති මරණභයතජ‍්ජිතො සයනපිට‍්ඨෙ නිසින‍්නකොව රත‍්තිං වීතිනාමෙසි.

“ලාපූනි සීදන්තීති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, සොළොස් මහා සිහිනයන් අරබයා වදාළහ. එක් දවසක් කොසොල් මහරජතුමා රාත්‍රියේ නිදිගත වූයේ, පැසුළු යාමයෙහි සොළොස් මහා සිහිනයක් දැක බියෙන් තැති ගත්තේ, පිබිදී මේ සිහිනයන් දුටු බැවින් මට කුමක් වන්නේදැ යි මරණ බියෙන් තැතිගෙන යහනේ වැතිරුණේ ම කල්ගත කළේය.

අථ නං පභාතාය රත‍්තියා බ්‍රාහ‍්මණපුරොහිතා උපසඞ‍්කමිත්‍වා “සුඛං සයිත්‍ථ, මහාරාජා”ති පුච‍්ඡිංසු. “කුතො මෙ ආචරියා සුඛං, අජ‍්ජාහං පච‍්චූසසමයෙ සොළස මහාසුපිනෙ පස‍්සිං, සොම‍්හි තෙසං දිට‍්ඨකාලතො පට‍්ඨාය භයප‍්පත‍්තො”ති. “වදෙථ, මහාරාජ, සුත්‍වා ජානිස‍්සාමා”ති වුත‍්තං බ්‍රාහ‍්මණානං දිට‍්ඨසුපිනෙ කථෙත්‍වා “කිං නු ඛො මෙ ඉමෙසං දිට‍්ඨකාරණා භවිස‍්සතී”ති පුච‍්ඡි. බ්‍රාහ‍්මණා හත්‍ථෙ විධුනිංසු. “කස‍්මා හත්‍ථෙ විධුනථා”ති ච වුත‍්තෙ “කක‍්ඛළා, මහාරාජ, සුපිනා”ති. “කා තෙසං නිප‍්ඵත‍්ති භවිස‍්සතී”ති? “රජ‍්ජන‍්තරායො ජීවිතන‍්තරායො භොගන‍්තරායොති ඉමෙසං තිණ‍්ණං අන‍්තරායානං අඤ‍්ඤතරො”ති. “සප‍්පටිකම‍්මා, අප‍්පටිකම‍්මා”ති? “කාමං එතෙ සුපිනා අතිඵරුසත‍්තා අප‍්පටිකම‍්මා, මයං පන තෙ සප‍්පටිකම‍්මෙ කරිස‍්සාම, එතෙ පටික‍්කමාපෙතුං අසක‍්කොන‍්තානං අම‍්හාකං සික‍්ඛිතභාවො නාම කිං කරිස‍්සතී”ති. “කිං පන කත්‍වා පටික‍්කමාපෙස‍්සථා”ති? “සබ‍්බචතුක‍්කෙන යඤ‍්ඤං යජිස‍්සාම, මහාරාජා”ති. රාජා භීතතසිතො “තෙන හි ආචරියා මම ජීවිතං තුම‍්හාකං හත්‍ථෙ හොතු, ඛිප‍්පං මෙ සොත්‍ථිං කරොථා”ති ආහ. බ්‍රාහ‍්මණා “බහුං ධනං ලභිස‍්සාම, බහුං ඛජ‍්ජභොජ‍්ජං ආහරාපෙස‍්සාමා”ති හට‍්ඨතුට‍්ඨා “මා චින‍්තයිත්‍ථ, මහාරාජා”ති රාජානං සමස‍්සාසෙත්‍වා රාජනිවෙසනා නික‍්ඛමිත්‍වා බහිනගරෙ යඤ‍්ඤාවාටං කත්‍වා බහූ චතුප‍්පදගණෙ ථූණූපනීතෙ කත්‍වා පක‍්ඛිගණෙ සමාහරිත්‍වා “ඉදඤ‍්චිදඤ‍්ච ලද‍්ධුං වට‍්ටතී”ති පුනප‍්පුනං සඤ‍්චරන‍්ති.

ඉක්බිති, රාත්‍රිය ඉක්මගිය කල්හි පුරෝහිත බමුණෝ රජු වෙත පැමිණ මහරජ, සැප සේ සැතපුණේදැ යි විචාළහ. ගුරුතුමනි, මට සැපයක් නම් කොයින් ද? අද මම අළුයම් කාලයෙහි සොළොස් මහසුපිනයක් දුටහැ යි බමුණන්ට කියා, කිමෙක් දැ යි ඇසූ කල්හි, දුටු සිහින පවසා මේ සිහින දුටු බැවින් මට කුමක් වන්නේදැ යි විචාළේය. බමුණෝ අත් සැලූහ. කුමක් නිසා අත් සලන්නහුදැ යි විචාළ කල්හි මහරජ, සිහින නම් ඉතා නපුරුය. එහි ප්‍රතිඵලය කුමක් වන්නේ ද? රජයට අනතුරක්, ජීවිතයට අනතුරක්, ධනයට අනතුරක් යන මේ තුන් අනතුරෙන් එක්තරා අනතුරක් වන්නේය. එයට පිළියම් ඇත්තේ ද? නැත්තේ ද? මේ සිහින ඉතාමත් අසුභ බැවින් පිළියම් රහිතය. එහෙත් අපි ඒ සිහිනයන් පිළියම් සහිත බවට පැමිණවීමට නො හැක්කේ නම් අප උගත් ශිල්පයෙන් කවර වැඩක් ද ගුරුතුමනි, කුමක් කොට පිළියම් රහිත කරන්නහු ද? මහරජ, සබ්බ චතුක්ක යාගය කරන්නෙමු. (සියල්ල හතර බැගින් ගෙන කරන යාගය) රජතුමා බියෙන් තැති ගත්තේ, එසේ නම් ගුරුතුමනි, මගේ ජීවිතය ඔබතුමන්ගේ අතෙහිය. මට වහා යහපත කරනු මැනවැ යි කීයේය. බමුණෝ අපි බොහෝ ධනය ලබන්නෙමු. බොහෝ කන බොන දෑ ගෙන්වා ගන්නෙමු යි, තුටු පහටු ව, මහරජ, සැකයක් නො සිතනු. මැනවි. රජු සනසා රජ මැදුරෙන් නික්ම නගරයෙන් පිටත යාග වළක් සාරා බොහෝ සිව්පා වර්ගයන් කණු ළඟට ගෙන්වා පක්ෂි වර්ග එකතු කොට මේ මේ දේ ලැබිය යුතුයැ යි නැවත නැවත සිහි කරවත්.

අථ ඛො මල‍්ලිකා දෙවී තං කාරණං ඤත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි “කිං නු ඛො, මහාරාජ, බ්‍රාහ‍්මණා පුනප‍්පුනං සඤ‍්චරන‍්තී”ති? “සුඛිතා, ත්‍වං භද‍්දෙ, අම‍්හාකං කණ‍්ණමූලෙ ආසීවිසං චරන‍්තං න ජානාසී”ති. “කිං එතං, මහාරාජා”ති? මයා එවරූපා දුස‍්සුපිනා දිට‍්ඨා, බ්‍රාහ‍්මණා “තිණ‍්ණං අන‍්තරායානං අඤ‍්ඤතරො පඤ‍්ඤායතී”ති වත්‍වා “‘තෙසං පටිඝාතාය යඤ‍්ඤං යජිස‍්සාමා’ති වත්‍වා පුනප‍්පුනං සඤ‍්චරන‍්තී”ති. “කිං පන තෙ, මහාරාජ, සදෙවකෙ ලොකෙ අග‍්ගබ්‍රාහ‍්මණො සුපිනපටිකම‍්මං පුච‍්ඡිතො”ති? “කතරො පනෙස, භද‍්දෙ, සදෙවකෙ ලොකෙ අග‍්ගබ්‍රාහ‍්මණො”ති. “සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලං සබ‍්බඤ‍්ඤුං විසුද‍්ධං නික‍්කිලෙසං මහාබ්‍රාහ‍්මණං න ජානාසි. සො හි භගවා සුපිනන‍්තරං ජානෙය්‍ය, ගච‍්ඡ ත්‍වං පුච‍්ඡ තං, මහාරාජා”ති. “සාධු, දෙවී”ති රාජා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදි.

එකල්හි මල්ලිකා දේවි තොමෝ මේ කාරණය දැන රජු වෙත එළැඹ මෙසේ ඇසුවාය. මහරජතුමනි, බමුණෝ පුන පුනා සිහිකැඳවන්නේ කුමක් නිසාද? එවිට රජතුමා ඔබ අපගේ කණ මුල සර්පයකු හැසිරෙන බව නො දන්නීය. මහරජතුමනි, ඒ කිමෙක් ද? මා විසින් මෙබඳු වූ නපුරු සිහිනයක් දක්නා ලදි. තුන් ආකාර අනතුරුවලින් එකක් පෙනේයැ යි කියා අපල නැති කිරීම සඳහා යාගයක් කරමු යි කියා නැවත නැවත සිහි කැඳවත්. මහරජතුමනි, දෙවියන් සහිත ලෝකයෙහි අග බමුණන්ගෙන් සිහින ප්‍රතිකර්ම පිළිබඳ විමසන ලද්දේ ද? සොඳුර, දෙවියන් සහිත ලෝකයෙහි අග බමුණු තෙමේ කවරෙක් ද? දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ සියල්ල දක්නා වූ පිරිසිදු වූ මහා බමුණු නො දන්නෙහි ද? ඒ භාග්‍යවත් බුදු රජහු සිහින පිළිබඳ විවිධත්වය දන්නාහ. යනු මැන. මහරජතුමනි, එතුමන්ගෙන් විචාරන්න. රජ ඉතා යහපති යි විහාරයට ගොස් බුදු රජුන් වැඳ හුන්නේය.

සත්‍ථා මධුරස‍්සරං නිච‍්ඡාරෙත්‍වා “කිං නු ඛො, මහාරාජ, අතිප‍්පගොව ආගතොසී”ති ආහ. අහං, භන‍්තෙ, පච‍්චූසසමයෙ සොළස මහාසුපිනෙ දිස‍්වා භීතො බ්‍රාහ‍්මණානං ආරොචෙසිං. බ්‍රාහ‍්මණා “කක‍්ඛළා, මහාරාජ , සුපිනා, එතෙසං පටිඝාතත්‍ථාය සබ‍්බචතුක‍්කෙන යඤ‍්ඤං යජිස‍්සාමා”ති යඤ‍්ඤං සජ‍්ජෙන‍්ති, බහූ පාණා මරණභයතජ‍්ජිතා, තුම‍්හෙ ච සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලා, අතීතානාගතපච‍්චුප‍්පන‍්නං උපාදාය නත්‍ථි සො ඤෙය්‍යධම‍්මො, යො වො ඤාණමුඛෙ ආපාථං නාගච‍්ඡති. “එතෙසං මෙ සුපිනානං නිප‍්ඵත‍්තිං කථෙථ භගවා”ති. “එවමෙතං, මහාරාජ, සදෙවකෙ ලොකෙ මං ඨපෙත්‍වා අඤ‍්ඤො එතෙසං සුපිනානං අන‍්තරං වා නිප‍්ඵත‍්තිං වා ජානිතුං සමත්‍ථො නාම නත්‍ථි, අහං තෙ කථෙස‍්සාමි, අපිච ඛො ත්‍වං දිට‍්ඨදිට‍්ඨනියාමෙනෙව සුපිනෙ කථෙහී”ති. “සාධු, භන‍්තෙ”ති රාජා දිට‍්ඨනියාමෙනෙව කථෙන‍්තො –

බුදු රජහු මිහිරි හඬ නිකුත්කොට මහරජ, උදෑසන ම කුමක් නිසා ආවෙහිදැ යි වදාළහ. ස්වාමීනි, මම ඉතා අළුයම් වේලෙහි සොළොස් මහා සිහින දැක බිය වූයේ, බමුණන්ට දැන්වීමි. බමුණෝ, මහරජ, මේ සිහින ඉතා නපුරුය. මෙහි උවදුරු නැති කිරීම සඳහා සබ්බ චතුක්ක යාගය කරන්නෙමු යි යාගයට සැරසෙත්. බොහෝ ප්‍රාණීහු මරණ බයින් තැති ගත්තාහ. ඔබ වහන්සේ ද දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයෝය. අතීත, අනාගත, වර්තමානයෙහි ඔබ වහන්සේගේ ඤාණයට හමු නො වන කිසි ම දතයුතු දෙයක් නැත්තේය. මට මේ සිහිනවල වැඩ අවැඩ කියනු මැනව. මහරජ, එසේ මයි. දෙවියන් සහිත ලෝකයේ මා හැර මේ සිහිනවල විවිධත්වය හා වැඩ අවැඩ දැනීමට අන් සමතෙක් නැත්තේය. මම ඔබට කියා දෙන්නෙම් දැන් ඔබ දුටු ආකාරයෙන් ම සිහින කියන්න. ස්වාමීනි, මැනවි. රජතුමා දුටු ආකාරයෙන් ම සිහින සඳහන් කරන්නේ,

“උසභා රුක‍්ඛා ගාවියො ගවා ච, අස‍්සො කංසො සිඞ‍්ගාලී ච කුම‍්භො; පොක‍්ඛරණී ච අපාකචන්‍දනං.

“උසභා රුක්‍ඛා ගාවියො ගාවා ච, අස්සො කංසො සිගාලී ච කුම්භො, පොක්‍ඛරණී ච අපාක චන්‍දනං

“ලාබූනි සීදන‍්ති සිලා ප‍්ලවන‍්ති, මණ‍්ඩූකියො කණ‍්හසප‍්පෙ ගිලන‍්ති; කාකං සුවණ‍්ණා පරිවාරයන‍්ති, තසා වකා එළකානං භයා හී”ති. –

ලාපූනි සීදන්ති සිලා ප්ලවන්ති, මණ්ඩූකියො කණ්හසප්පො ගිලන්ති, කාකං සුවණ්ණා පරිවාරයන්ති, තසාවකා එළකානං භයාහීති”

“(යුද නො කොට ගිය) වෘෂභයෝය, (මල්ඵල ගත් කුඩා) වෘක්‍ෂයෝය, (එදවස උපන් වස්සන්ගේ කිරි බොන) දෙන්නුය. (වියෙහි යොදන නහඹු) ගවයෝය, (දෙපස මුඛ ඇති) අශ්වයෝය. (පෙර සිවලකුට මෙහි වූ කැරව යි පෑ සිය දහසක් අගනා) රන්තැලිය, (අඹරන රැහන කාදමන) සීවලී, (හිස් කළ අතුරෙහි තුබූ දිය පිරුණු) කළය, (ගැඹුරු තැන දිය කැළඹුණු) පොකුණු. (එක් ම සැලෙහි නිසි සේ) නො පැසුණු බතය, (කුණු මෝරුවලට විකුණන සිය දහසක් අගනා) සත් සඳුන් හරය.”

“හිස් ලබු කබල් දියෙහි ගැටෙයි. ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති. මැඬි පැටියෝ කෘෂ්ණා සර්පයන් ගිලිති. ස්වර්ණ හංසයෝ කවුඩුවකු පිරිවරති. ව්‍යාඝ්‍රයෝ එළුවන්ට බියෙන් තැති ගනිත්. මෙසේ විපර්යාසයක් පවතී. වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමෙක් නැතියි.”

ඉමං මාතිකං නික‍්ඛිපිත්‍වා කථෙසි.

මේ සිහින මාතෘකා තබා ප්‍රකාශ කළේය.

(1) අහං, භන‍්තෙ, එකං තාව සුපිනං එවං අද‍්දසං – චත‍්තාරො අඤ‍්ජනවණ‍්ණා කාළඋසභා “යුජ‍්ඣිස‍්සාමා”ති චතූහි දිසාහි රාජඞ‍්ගණං ආගන‍්ත්‍වා “උසභයුද‍්ධං පස‍්සිස‍්සාමා”ති මහාජනෙ සන‍්නිපතිතෙ යුජ‍්ඣනාකාරං දස‍්සෙත්‍වා නදිත්‍වා ගජ‍්ජිත්‍වා අයුජ‍්ඣිත්‍වාව පටික‍්කන‍්තා. ඉමං පඨමං සුපිනං අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? “මහාරාජ, ඉමස‍්ස විපාකො නෙව තව, න මම කාලෙ භවිස‍්සති, අනාගතෙ පන අධම‍්මිකානං කපණරාජූනං අධම‍්මිකානඤ‍්ච මනුස‍්සානං කාලෙ ලොකෙ විපරිවත‍්තමානෙ කුසලෙ ඔස‍්සන‍්නෙ, අකුසලෙ උස‍්සන‍්නෙ, ලොකස‍්ස පරිහායනකාලෙ දෙවො න සම‍්මා වස‍්සිස‍්සති, මෙඝපාදා පච‍්ඡිජ‍්ජිස‍්සන‍්ති, සස‍්සානි මිලායිස‍්සන‍්ති, දුබ‍්භික‍්ඛං භවිස‍්සති, වස‍්සිතුකාමා විය චතූහි දිසාහි මෙඝා උට‍්ඨහිත්‍වා ඉත්‍ථිකාහි ආතපෙ පත්‍ථටානං වීහිආදීනං තෙමනභයෙන අන‍්තොපවෙසිතකාලෙ පුරිසෙසු කුද‍්දාලපිටකහත්‍ථෙසු ආළිබන්‍ධනත්‍ථාය නික‍්ඛන‍්තෙසු වස‍්සනාකාරං දස‍්සෙත්‍වා ගජ‍්ජිත්‍වා විජ‍්ජුලතා නිච‍්ඡාරෙත්‍වා තෙ උසභා විය අයුජ‍්ඣිත්‍වා අවස‍්සිත්‍වාව පලායිස‍්සන‍්ති. අයමෙතස‍්ස විපාකො. තුය‍්හං පන තප‍්පච‍්චයා කොචි අන‍්තරායො නත්‍ථි, අනාගතං ආරබ‍්භ දිට‍්ඨො සුපිනො එස, බ්‍රාහ‍්මණා පන අත‍්තනො ජීවිතවුත‍්තිං නිස‍්සාය කථයිංසූ”ති එවං සත්‍ථා සුපිනස‍්ස නිප‍්ඵත‍්තිං කථෙත්‍වා ආහ “දුතියං කථෙහි, මහාරාජා”ති.

ස්වාමීනි, කෙසේ ද? මම එක් සිහිනයක් මෙසේ දුටුවෙමි. අඳුන්වන් කළු ගොන්නු සිව් දෙනෙක් යුද්ධ කරමු යි සතර දිශාවෙන් පැමිණියහ. ගොන් යුද්ධය බලමු යි මහජනයා රැස්වූ කල්හි යුද්ධ කරන ආකාරය පමණක් දක්වා නාද කොට ගර්ජන කොට යුද්ධ නො කොට ම පැන ගියහ. මම මේ පළමු වැනි සිහිනය මෙසේ දුටුවෙමි. මේ සිහිනයේ විපාක කවරේ ද? මහරජ, මේ සිහිනයේ විපාක ඔබගේ කාලයේ හෝ මගේ කාලයේ නො වන්නේ ය. අනාගතයෙහි නො දැහැමි දිළිඳු රජුන්ගේ කාලයෙහි හා නො දැහැමි මිනිසුන්ගේ කාලයෙහි ලෝකය වෙනස් වන කල්හි කුසල් යටපත් ව අකුසල් මතු ව ලෝකය පිරිහෙන කල්හි වර්ෂාව නිසි ලෙස නො වසී. වැසි වලාකුළු සිඳී යන්නේය. ඒ මැළවෙන්නේය. ආහාර හිඟයක් වන්නේය. වැසි වසින්නාක් මෙන් සතර දිශාවෙන් වලාපටල නැඟී ස්ත්‍රී අඳුන් අවුවෙහි වැනූ වී ආදිය තෙමේය යන බියෙන් ගෙය තුළට ගන්නා කල්හි, පුරුෂයන් උදළු, කූඩ අතැති ව නියර බැඳීමට නික්මුණු කල්හි, වසින ආකාරය දක්වා ගර්ජනා කොට විදුලිය පතුරුවා ඒ ගොනුන් යුද්ධ නො කොට ගියාක් මෙන් වැසි නො වැස ම පලා යයි. මේ එහි විපාකයයි. ඔබට මේ නිසා කිසි අනතුරක් නැත. මේ සිහිනය අනාගත කාලය සඳහා දුටු සිහිනයකි. බමුණෝ තමන්ගේ දිවි පැවැත්ම සඳහා එසේ කීහ. මෙසේ බුදු රජහු සිහිනෙහි විපාක වදාරා මහරජ, දෙවැනි සිහිනය කියව යි වදාළහ.

(2) දුතියාහං, භන‍්තෙ, එවං අද‍්දසං – ඛුද‍්දකා රුක‍්ඛා චෙව ගච‍්ඡා ච පථවිං භින්‍දිත්‍වා විදත්‍ථිමත‍්තම‍්පි රතනමත‍්තම‍්පි අනුග‍්ගන‍්ත්‍වාව පුප‍්ඵන‍්ති චෙව ඵලන‍්ති ච. ඉමං දුතියං අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? මහාරාජ, ඉමස‍්සාපි විපාකො ලොකස‍්ස පරිහායනකාලෙ මනුස‍්සානං පරිත‍්තායුකකාලෙ භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි සත‍්තා තිබ‍්බරාගා භවිස‍්සන‍්ති, අසම‍්පත‍්තවයාව කුමාරියො පුරිසන‍්තරං ගන‍්ත්‍වා උතුනියො චෙව ගබ‍්භිනියො ච හුත්‍වා පුත‍්තධීතාහි වඩ‍්ඪිස‍්සන‍්ති. ඛුද‍්දකරුක‍්ඛානං පුප‍්ඵං විය හි තාසං උතුනිභාවො, ඵලං විය ච පුත‍්තධීතරො භවිස‍්සන‍්ති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, තතියං කථෙහි, මහාරාජාති.

ස්වාමීනි, මම දෙවැනි හීනය මෙසේ දුටුවෙමි. කුඩා ගස් ද පැළ ගස් ද පොළොව පලා වියතක් පමණ රියනක් පමණ පැන නැඟී මල් පිපේ. ඵල දරයි. මේ දෙවැනි සිහිනය දුටුවෙමි. මෙහි විපාක කවරේ ද? මහරජ, මේ හීනයේ විපාක ලොව පිරිහෙන කල්හි මිනිසුන්ගේ ආයු ප්‍රමාණය අඩු වන කල්හි වන්නේය. අනාගතේ සත්ත්වයෝ තියුණු රාගය ඇත්තෝ වන්නාහුය. නිසි වයසට නො පැමිණි කුමරියෝ පුරුෂයන් අතරට ගොස් ඔසප් ඇත්තියෝ ද ගැබිණියෝ ද වී දූපුතුන් සමග වැඩෙන්නාහ. කුඩා ගස්වල මල් මෙන් ඔවුන්ගේ ඔසප් භාවය ද ඵල මෙන් දූ දරුවෝ ද වන්නෝය. මේ හේතු කොට ගෙන තොපට බියක් නැත. මහරජ, මේ හේතුවෙනි. මහරජ, තුන් වැනි සිහිනය කියව.

(3) ගාවියො, භන‍්තෙ, තදහුජාතානං වච‍්ඡකානං ඛීරං පිවන‍්තියො අද‍්දසං. අයං මෙ තතියො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි විපාකො අනාගතෙ එව මනුස‍්සානං ජෙට‍්ඨාපචායිකකම‍්මස‍්ස නට‍්ඨකාලෙ භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි සත‍්තා මාතාපිතූසු වා සස‍්සුසසුරෙසු වා ලජ‍්ජං අනුපට‍්ඨාපෙත්‍වා සයමෙව කුටුම‍්බං සංවිදහන‍්තාව ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි මහල‍්ලකානං දාතුකාමා දස‍්සන‍්ති, අදාතුකාමා න දස‍්සන‍්ති. මහල‍්ලකා අනාථා අසයංවසී දාරකෙ ආරාධෙත්‍වා ජීවිස‍්සන‍්ති තදහුජාතානං වච‍්ඡකානං ඛීරං පිවන‍්තියො මහාගාවියො විය. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, චතුත්‍ථං කථෙහි, මහාරාජාති.

ස්වාමීනි, දෙනුන් එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි බොනු දිටිමි. මේ මගේ තුන්වැනි සිහිනයයි. මෙහි විපාක කුමක් ද? මෙහි විපාක ද අනාගතයෙහි ම මිනිසුන් අතර කුල දෙටුවන් පිදීමේ සිරිත අභාවයට ගිය කල්හි වන්නේය. අනාගතයෙහි සත්ත්වයෝ මව්පියන් කෙරෙහි හෝ නැදි මයිලන් කෙරෙහි හෝ ලජ්ජා නූඋපදවා තුමූ ම ආවාහ විවාහ ආදී හවුලේ කටයුතු සංවිධාන කරන්නාහු, ආහාර පාන, වස්ත්‍ර පමණකුදු දෙනු කැමැත්තෝ දෙත්. නො දෙනු කැමැත්තෝ නො දෙත්. මහල්ලෝ අසරණ ව ස්වාධීන ව විසිය නො හැකි ව දරුවන් සතුටුකොට ජීවත්වෙත්. එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි බොන දෙනුන් මෙනි. මහරජ, මේ හේතුකොට ඔබට බයක් නැත. සතර වැනි හීනය කියව.

(4) ධුරවාහෙ, භන‍්තෙ, ආරොහපරිණාහසම‍්පන‍්නෙ මහාගොණෙයුගපරම‍්පරාය අයොජෙත්‍වා තරුණෙ ගොදම‍්මෙ ධුරෙ යොජෙන‍්තෙ අද‍්දසං. තෙ ධුරං වහිතුං අසක‍්කොන‍්තා ඡඩ‍්ඩෙත්‍වා අට‍්ඨංසු, සකටානි නප‍්පවට‍්ටිංසු. අයං මෙ චතුත්‍ථො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි විපාකො අනාගතෙ එව අධම‍්මිකරාජූනං කාලෙ භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි අධම‍්මිකකපණරාජානො පණ‍්ඩිතානං පවෙණිකුසලානං කම‍්මං නිත්‍ථරණසමත්‍ථානං මහාමත‍්තානං යසං න දස‍්සන‍්ති. ධම‍්මසභායං විනිච‍්ඡයට‍්ඨානෙපි පණ‍්ඩිතෙ වොහාරකුසලෙ මහල‍්ලකෙ අමච‍්චෙ න ඨපෙස‍්සන‍්ති, තබ‍්බිපරීතානං පන තරුණතරුණානං යසං දස‍්සන‍්ති, තථාරූපෙ එව විනිච‍්ඡයට‍්ඨානෙ ඨපෙස‍්සන‍්ති, තෙ රාජකම‍්මානි චෙව යුත‍්තායුත‍්තඤ‍්ච අජානන‍්තා නෙව තං යසං උක‍්ඛිපිතුං සක‍්ඛිස‍්සන‍්ති, න රාජකම‍්මානි නිත්‍ථරිතුං. තෙ අසක‍්කොන‍්තා කම‍්මධුරං ඡඩ‍්ඩෙස‍්සන‍්ති, මහල‍්ලකාපි පණ‍්ඩිතාමච‍්චා යසං අලභන‍්තා කිච‍්චානි නිත්‍ථරිතුං සමත්‍ථාපි “කිං අම‍්හාකං එතෙහි, මයං බාහිරකා ජාතා, අබ‍්භන‍්තරිකා තරුණදාරකා ජානිස‍්සන‍්තී”ති උප‍්පන‍්නානි කම‍්මානි න කරිස‍්සන‍්ති, එවං සබ‍්බථාපි තෙසං රාජූනං හානියෙව භවිස‍්සති, ධුරං වහිතුං අසමත්‍ථානං වච‍්ඡදම‍්මානං ධුරෙ යොජිතකාලො විය, ධුරවාහානඤ‍්ච මහාගොණානං යුගපරම‍්පරාය අයොජිතකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, පඤ‍්චමං කථෙහි, මහාරාජාති.

ගැල ඉසිලීමට සමත් උස මහතින් යුත් ගොනුන් විය ගසෙහි නො යොදා තරුණ වූ නුපුහුණු ගොනුන් ගැල්හි යොදනු දුටිමි. උන් ගැල ඉසිලීමට නො හැකි ව අතහැර සිටියහ. ගැල් ගමන් නො කළේය. මේ මගේ සිව් වැනි සිහිනයයි. මේ සිහිනයෙහි විපාක කුමක් ද? මේ සිහිනයේ විපාක ද අනාගතයෙහි නො දැහැමි රජුන්ගේ කාලයෙහි ම වන්නේය. අනාගත කාලයෙහි නො දැහැමි දිළිඳු රජවරු නුවණැති පරම්පරා වශයෙන් කටයුතු දැනීමෙහි දක්‍ෂ යුක්තිය පසිඳලීමෙහි සමත් මහඇමැතියන්ට තනතුරු නො දෙත්. දම් සභාවෙහි ද විනිසුරු මඬුල්ලෙහි ද නැණවත් වෙළඳ ව්‍යාපාරයෙහිත් දක්‍ෂ වැඩිහිටි ඇමැතියන් නො පිහිටුවත්. මීට හාත්පසින් විරුද්ධ වූ නව යෞවනයන්ට පදවි දෙත්. එවැනි අය ම විනිසුරු මඬුල්ලෙහි පිහිටුවත්. ඔවුහු රජයේ කාර්යය මෙන් ම යුතු අයුතු ද නො දන්නාහු, එම පදවිය දරන්ට නො හැකි වෙත්. රාජ්‍යය කාර්යය ද තීරණය කිරීමට නො හැක්කාහු, කාර්යය භාරය බැහැර කරත්. වැඩිහිටි නුවණැති ඇමැතියන් තනතුරු නො ලබන්නාහු, කටයුතු පසිඳලීමට සමත් වුව ද මොවුන්ගෙන් අපට කිම? අපි පිටත වූවෝ වෙමු. ඇතුළත සිටින තරුණ දරුවෝ ඒ දැනගනිතැ යි පැමිණි කාර්යය නො කරත්. මේ ආකාරයෙන් ඒ රජුන්ට පිරිහීමක් ම වන්නේය. පදවිය ඉසිලීමට අසමතුන් තනතුරුවල යෙදවීම, නුපුහුණු තරුණ ගොනුන් ගැලෙහි යෙදීම මෙනි. හීය ඉසිලීමට සමත් ශක්තිමත් ගොනුන් ගැලෙහි නො යෙදූ කාලය මෙන් වන්නේය. මේ නිසා ද ඔබට බයක් නො වන්නේය. පස් වැනි හීනය කියව.

(5) භන‍්තෙ, එකං උභතොමුඛං අස‍්සං අද‍්දසං, තස‍්ස ද‍්වීසු පස‍්සෙසු යවසං දෙන‍්ති, සො ද‍්වීහි මුඛෙහි ඛාදති. අයං මෙ පඤ‍්චමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙ අධම‍්මිකරාජකාලෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි අධම‍්මිකා බාලරාජානො අධම‍්මිකෙ ලොලමනුස‍්සෙ විනිච‍්ඡයෙ ඨපෙස‍්සන‍්ති, තෙ පාපපුඤ‍්ඤෙසු අනාදරා බාලා සභායං නිසීදිත්‍වා විනිච‍්ඡයං දෙන‍්තා උභින‍්නම‍්පි අත්‍ථපච‍්චත්‍ථිකානං හත්‍ථතො ලඤ‍්ජං ගහෙත්‍වා ඛාදිස‍්සන‍්ති අස‍්සො විය ද‍්වීහි මුඛෙහි යවසං. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, ඡට‍්ඨං කථෙහි, මහාරාජාති.

ස්වාමීනි, මම දෙපසින්ම මුව ඇති අශ්වයකු දුටිමි. ඌට දෙපසින් ම ගව ආහාර දෙති. ඌ මුව දෙකින් ම කයි. මේ මගේ පස් වැනි සිහිනයයි. මෙහි විපාක කවරේ ද? මෙහි විපාක ද අනාගතයෙහි නො දැහැමි රජුන්ගේ කාලයෙහි ම වන්නේය. එකල නො දැහැමි අඳබාල රජවරු නො දැහැමි චපල මිනිසුන් විනිසුරුවන් ලෙස තබත්. ඔවුහු පින්පව් නො සලකන, නුවණ නැති ඔවුහු විනිසුරු මඬුල්ලෙහි හිඳ තීරණ දෙන්නාහු, විත්ති පැමිණිලි දෙපසින් ම අල්ලස් ගෙන කත්. දෙපසින් ම ගව තණ කන අශ්වයා මෙනි. මේ හේතු කොටගෙන ඔබට බියක් නැත. සවැනි හීනය කියව.

(6) භන‍්තෙ, මහාජනො සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං සම‍්මජ‍්ජිත්‍වා “ඉධ පස‍්සාවං කරොහී”ති එකස‍්ස ජරසිඞ‍්ගාලස‍්ස උපනාමෙසි, තං තත්‍ථ පස‍්සාවං කරොන‍්තං අද‍්දසං. අයං මෙ ඡට‍්ඨො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි විපාකො අනාගතෙයෙව භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි අධම‍්මිකා විජාතිරාජානො ජාතිසම‍්පන‍්නානං කුලපුත‍්තානං ආසඞ‍්කාය යසං න දස‍්සන‍්ති, අකුලීනානංයෙව දස‍්සන‍්ති. එවං මහාකුලානි දුග‍්ගතානි භවිස‍්සන‍්ති, ලාමකකුලානි ඉස‍්සරානි. තෙ ච කුලීනපුරිසා ජීවිතුං අසක‍්කොන‍්තා “ඉමෙ නිස‍්සාය ජීවිස‍්සාමා”ති අකුලීනානං ධීතරො දස‍්සන‍්ති, ඉති තාසං කුලධීතානං අකුලීනෙහි සද‍්ධිං සංවාසො ජරසිඞ‍්ගාලස‍්ස සුවණ‍්ණපාතියං පස‍්සාවකරණසදිසො භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, සත‍්තමං කථෙහීති.

ස්වාමීනි, මහජනතාව එක්ව ලක්‍ෂයක් අගනා රන් තැලියක් පිරිමැද මෙහි මුත්‍ර කැරවයි. එක් මහලු හිවලකුට දුන්හ. එහි මුත්‍ර කරන මහලු හිවලා ද දුටුවෙමි. මේ මගේ සවැනි සීනයයි. මෙහි විපාක කවරේ ද? මෙහි විපාක ද අනාගත කාලයෙහි ම වන්නේය. අනාගතයෙහි අසමජාති රජවරු කුලවතුන්ගේ පුතුන්ට සලකා තනතුරු නො දෙන්නාහ. කුලහීනයෝ උසස් කරන්නාහ. මෙම නිසා කුලවත්හු දුගී වෙත්. ලාමක කුලිකයෝ අධිපති වෙත්. එවිට ඒ කුලවත්හු දිවිරැකීමට නො හැකිව, මොවුන් නිසා ජීවත්වන්නේය. කුලහීනයන්ට තම දියණියන් පාවා දෙන්නාහ. මෙසේ ඒ කුලකතුන් කුලහීනයන් සමග විවාහ වීම, මහලු සිවලා රන් තලියෙහි මුත්‍ර කිරීමට සමාන වන්නේය. මෙයින් ද ඔබට බයක් නො වේ. සත් වැනි සීනය කියව.

(7) භන‍්තෙ, එකො පුරිසො රජ‍්ජුං වට‍්ටෙත්‍වා වට‍්ටෙත්‍වා පාදමූලෙ නික‍්ඛිපති, තෙන නිසින‍්නපීඨස‍්ස හෙට‍්ඨා සයිතා එකා ඡාතසිඞ‍්ගාලී තස‍්ස අජානන‍්තස‍්සෙව තං ඛාදති, එවාහං අද‍්දසං. අයං මෙ සත‍්තමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි ඉත්‍ථියො පුරිසලොලා සුරාලොලා අලඞ‍්කාරලොලා විසිඛාලොලා ආමිසලොලා භවිස‍්සන‍්ති දුස‍්සීලා දුරාචාරා, තා සාමිකෙහි කසිගොරක‍්ඛාදීනි කම‍්මානි කත්‍වා කිච‍්ඡෙන කසිරෙන සම‍්භතං ධනං ජාරෙහි සද‍්ධිං සුරං පිවන‍්තියො මාලාගන්‍ධවිලෙපනං ධාරයමානා අන‍්තොගෙහෙ අච‍්චායිකම‍්පි කිච‍්චං අනොලොකෙත්‍වා ගෙහෙ පරික‍්ඛෙපස‍්ස උපරිභාගෙනපි ඡිද‍්දට‍්ඨානෙහිපි ජාරෙ උපධාරයමානා ස‍්වෙ වපිතබ‍්බයුත‍්තකං බීජම‍්පි කොට‍්ටෙත්‍වා යාගුභත‍්තඛජ‍්ජකාදීනි සම‍්පාදෙත්‍වා ඛාදමානා විලුම‍්පිස‍්සන‍්ති හෙට‍්ඨාපීඨකෙ නිපන‍්නඡාතසිඞ‍්ගාලී විය වට‍්ටෙත්‍වා වට‍්ටෙත්‍වා පාදමූලෙ නික‍්ඛිත‍්තරජ‍්ජුං. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, අට‍්ඨමං කථෙහීති.

ස්වාමීනි, පුරුෂයෙක් රැහැනක් අඹර අඹරා පාමුල තබයි. ඔහු හිඳ සිටි පුටුව යට ලැග සිටි බඩසයින් පීඩිත සිවලියක් පුරුෂයාට නො දැනෙන්නට එය කා දමයි. මම මෙසේ දිටිමි. මේ සත් වැනි සීනයයි. මෙහි විපාක කවරේද? මෙහි විපාක ද අනාගතයෙහි වන්නේය. අනාගතයෙහි ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහි තදින් ඇලුනෝ, වෙත්. එසේ ම සුරාවෙහි ඇලුනෙන් අලංකාරයට ඇලුනෝ, වීථි සංචාරයෙහි ඇලුනෝ, පස්කම්හි ඇලුනෝ වන්නෝය. දුස්සීලය පහත් හැසිරීම් ඇත්තා ඇත්තෝ වෙත්. ඒ ස්ත්‍රීහු ඔවුන්ගේ හිමියන් විසින් වගා කිරීම්, ගවයන් රැකීම් ආදී රැකියාවලින් දුක සේ ඉතා අමාරුවෙන් රැස්කරන ලද ධනය තම සොර සැමියන් සමග සුරා බොමින් මල්, ගඳ විලවුන් දරමින් සිය ගෙදර ඉතා අවැසිය පවා නො සොයා ගෙබිත්තියෙහි උඩ සිදුරෙන් ද සොර සැමියන් හා සබඳතා පවත්වමින් හෙට දිනයෙහි වැපිරිය යුතුව තිබුණු ධාන්‍ය හෝ කොටා කැඳබත් කැවිලි පිස කමින් සිය හිමියා වනසන්නේය. පුටුව යට සිටි සිවලිය අඹර අඹරා පාමුල ඇට රැහැන කන්නාක් මෙනි. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. අට වැනි සිහිනය කියව.

(8) භන‍්තෙ, රාජද‍්වාරෙ බහූහි තුච‍්ඡකුම‍්භෙහි පරිවාරෙත්‍වා ඨපිතං එකං මහන‍්තං පූරිතකුම‍්භං අද‍්දසං. චත‍්තාරොපි පන වණ‍්ණා චතූහි දිසාහි චතූහි අනුදිසාහි ච ඝටෙහි උදකං ආහරිත්‍වා ආහරිත්‍වා පූරිතකුම‍්භමෙව පූරෙන‍්ති, පූරිතපූරිතං උදකං උත‍්තරිත්‍වා පලායති, තෙපි පුනප‍්පුනං තත්‍ථෙව උදකං ආසිඤ‍්චන‍්ති, තුච‍්ඡකුම‍්භෙ පන ඔලොකෙන‍්තාපි නත්‍ථි. අයං මෙ අට‍්ඨමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි ලොකො පරිහායිස‍්සති, රට‍්ඨං නිරොජං භවිස‍්සති, රාජානො දුග‍්ගතා කපණා භවිස‍්සන‍්ති. යො ඉස‍්සරො භවිස‍්සති, තස‍්ස භණ‍්ඩාගාරෙ සතසහස‍්සමත‍්තා කහාපණා භවිස‍්සන‍්ති, තෙ එවං දුග‍්ගතා සබ‍්බෙ ජානපදෙ අත‍්තනොව කම‍්මෙ කාරෙස‍්සන‍්ති, උපද‍්දුතා මනුස‍්සා සකෙ කම‍්මන‍්තෙ ඡඩ‍්ඩෙත්‍වා රාජූනඤ‍්ඤෙව අත්‍ථාය පුබ‍්බණ‍්ණාපරණ‍්ණානි වපන‍්තා රක‍්ඛන‍්තා ලායන‍්තා මද‍්දන‍්තා පවෙසෙන‍්තා උච‍්ඡුඛෙත‍්තානි කරොන‍්තා යන‍්තානි කරොන‍්තා යන‍්තානි වාහෙන‍්තා ඵාණිතාදීනි පචන‍්තා පුප‍්ඵාරාමෙ ච ඵලාරාමෙ ච කරොන‍්තා තත්‍ථ තත්‍ථ නිප‍්ඵන‍්නානි පුබ‍්බණ‍්ණාදීනි ආහරිත්‍වා රඤ‍්ඤො කොට‍්ඨාගාරමෙව පූරෙස‍්සන‍්ති, අත‍්තනො ගෙහෙසු තුච‍්ඡකොට‍්ඨෙ ඔලොකෙන‍්තාපි න භවිස‍්සන‍්ති, තුච‍්ඡකුම‍්භෙ අනොලොකෙත්‍වා පූරිතකුම‍්භෙ පූරණසදිසමෙව භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, නවමං කථෙහීති.

ස්වාමීනි, රජ මිදුලෙහි හිස් භාජන මැද තැබූ ජලය පිරි මහසැළියක් දුටුවෙමි. රජ ආදී සතර කුලයට අයත් මිනිස්සු සතර දිශාවෙන් හා සතර අනුදිශාවෙන් කළවලින් දිය ගෙනවුත් පිරුණු භාජනය ම පුරවත්. එසේ පුරවනු ලබන ජලය උතුරා ගලා යයි. එහෙත් නැවත නැවතත් ජලය පුරවති. හිස් භාජන දෙස බලන්නෙක් ද නැත. මේ මාගේ අට වැනි සිහිනයයි. මෙහි විපාක කවරේ ද? මේ සිහිනයෙහි විපාක ද අනාගතයෙහි ම වන්නේය. අනාගතයෙහි මේ ලෝකය පිරිහෙන්නේය. එට අභාග්‍යය වන්නේය. රජවරු නිර්ධන දිළින්දෝ වන්නාහ. යමෙක් උපොහොසත් වෙත් ද, ඔහුගේ භාණ්ඩාගාරයේ කහවණු ලක්‍ෂයක් පමණ වේ. මෙසේ ධනහීන වූ ඔවුහු සියලු ජනපදියන් ලවා තම තමන්ගේ කාර්යය කැරවත්. මෙයින් පීඩාවට පත් මිනිස්සු සිය රැකියා කටයුතු අතහැර රජු සඳහා ම යල මහ වපුරමින් මුං, උඳු ආදී ධාන්‍ය වගා කැරෙමින් ඒ රකිමින් කපමින් මඩිමින් තැන්පත් කරමින් උක්වතු වවමින්, රකිමින් යන්ත්‍ර මඟින් මඬිමින් පෙරමින් පැණි ආදිය පිසමින් මල් උයන් ඵල උයන් සදමින් එහි හටගත් පළමු ගෙඩි ආදිය ගෙන අවුත් රජුගේ ගබඩා ආදිය පුරවන්නාහ. තම තමන්ගේ ගෙවල හිස්කොටු බලන්නේ ද නො වෙත්. හිස් භාජන නො බලා පිරුණු සැළිය ම පුරවන්නාක් මෙන් වන්නේය. මෙයින් ඔබට බියක් නැත. නව වැනි හීනය කියව.

(9) භන‍්තෙ, එකං පඤ‍්චවණ‍්ණපදුමසඤ‍්ඡන‍්නං ගම‍්භීරං සබ‍්බතො තිත්‍ථං පොක‍්ඛරණිං අද‍්දසං. සමන‍්තතො ද‍්විපදචතුප‍්පදා ඔතරිත්‍වා තත්‍ථ පානීයං පිවන‍්ති. තස‍්සා මජ‍්ඣෙ ගම‍්භීරට‍්ඨානෙ උදකං ආවිලං, තීරප‍්පදෙසෙසු ද‍්විපදචතුප‍්පදානං අක‍්කමට‍්ඨානෙ අච‍්ඡං විප‍්පසන‍්නං අනාවිලං. එවාහං අද‍්දසං. අයං මෙ නවමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි රාජානො අධම‍්මිකා භවිස‍්සන‍්ති, ඡන්‍දාදිවසෙන අගතිං ගච‍්ඡන‍්තා රජ‍්ජං කාරෙස‍්සන‍්ති, ධම‍්මෙන විනිච‍්ඡයං නාම න දස‍්සන‍්ති, ලඤ‍්ජවිත‍්තකා භවිස‍්සන‍්ති ධනලොලා, රට‍්ඨවාසිකෙසු නෙසං ඛන‍්තිමෙත‍්තානුද‍්දයා නාම න භවිස‍්සන‍්ති, කක‍්ඛළා ඵරුසා උච‍්ඡුයන‍්තෙ උච‍්ඡුගණ‍්ඨිකා විය මනුස‍්සෙ පීළෙන‍්තා නානප‍්පකාරෙන බලිං උප‍්පාදෙන‍්තා ධනං ගණ‍්හිස‍්සන‍්ති. මනුස‍්සා බලිපීළිතා කිඤ‍්චි දාතුං අසක‍්කොන‍්තා ගාමනිගමාදයො ඡඩ‍්ඩෙත්‍වා පච‍්චන‍්තං ගන‍්ත්‍වා වාසං කප‍්පෙස‍්සන‍්ති, මජ‍්ඣිමජනපදො සුඤ‍්ඤො භවිස‍්සති, පච‍්චන‍්තො ඝනවාසො සෙය්‍යථාපි පොක‍්ඛරණියා මජ‍්ඣෙ උදකං ආවිලං පරියන‍්තෙ විප‍්පසන‍්නං. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, දසමං කථෙහීති.

ස්වාමීනි, පස් පියුමින් ගැවසුණු හැම පැත්තෙන් ම තොට ඇති පොකුණක් දුටිමි. දෙපා, සිව්පා සත්තු වටෙන් ම පොකුණට බැස පැන් බොති. ඒ පොකුණෙහි මැද ගැඹුරු නැත. ජලය කැළැඹී ඇත. දෙපා, සිව්පා වැනි පා තුබූ පෙදෙසෙහි ඉතා පැහැදිලිය. නිශ්චලය ඉතා පිරිසිදුය. මේ මගේ නව වැනි සිහිනයයි. මෙහි විපාක කවරේ ද? මෙහි විපාක ද අනාගතයෙහි ම වන්නේය. මතු කළ රජවරු අධාර්මික වන්නාහුය. ජන්‍දා ආදියෙන් නො මඟට ගොස් රාජ්‍යය කරන්නාහුය. දැහැමින් විසඳුමක් නො දෙන්නාහ. අල්ලසට ධනය කොට ඇත්තෝ ධනයෙහි ගිජුවූවෝ වෙන්නාහුය. රට වැසියන් කෙරෙහි ඉවසීමක්, මෛත්‍රියක්, අනුකම්පාවක් නම් නැත. ඉතා සැර පරුෂය. උක් යන්ත්‍රයක මිරිකෙන උක් පුරුකක් මෙන් රට වැසියන් පෙළ පෙළා නොයෙක් විධියෙන් අයබදු පනවා ධනය ගන්නාහුය. රට වැසියෝ බදු බරින් පීඩිත ව ඒ ගෙවාගත නො හැකිව ගම්, නියම්ගම් අතහැර පිටිසරට ගොස් ජීවත් වන්නේය. මධ්‍යම ජනපදය හිස්වන්නේය. පිටිසර පෙදෙස් ඝන ජනාවාස වේ. යම් සේ පොකුණු මැද ජලය කැළඹී අවට ජලය ප්‍රසන්න වූයේ ද, එමෙනි. මේ හේතුකොට ඔබට බයක් නැත. දශ වැනි හීනය කියව.

(10) භන‍්තෙ, එකිස‍්සායෙව කුම‍්භියා පච‍්චමානං ඔදනං අපාකං අද‍්දසං “අපාක”න‍්ති විචාරෙත්‍වා විභජිත්‍වා ඨපිතං විය තීහාකාරෙහි පච‍්චමානං, එකස‍්මිං පස‍්සෙ අතිකිලින‍්නො හොති, එකස‍්මිං උත‍්තණ‍්ඩුලො, එකස‍්මිං සුපක‍්කොති. අයං මෙ දසමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි රාජානො අධම‍්මිකා භවිස‍්සන‍්ති, තෙසු අධම‍්මිකෙසු රාජයුත‍්තාපි බ්‍රාහ‍්මණගහපතිකාපි නෙගමජානපදාපීති සමණබ්‍රාහ‍්මණෙ උපාදාය සබ‍්බෙ මනුස‍්සා අධම‍්මිකා භවිස‍්සන‍්ති, තතො තෙසං ආරක‍්ඛදෙවතා, බලිපටිග‍්ගාහිකා දෙවතා, රුක‍්ඛදෙවතා, ආකාසට‍්ඨදෙවතාති එවං දෙවතාපි අධම‍්මිකා භවිස‍්සන‍්ති. අධම‍්මිකරාජූනඤ‍්ච රජ‍්ජෙ වාතා විසමා ඛරා වායිස‍්සන‍්ති, තෙ ආකාසට‍්ඨවිමානානි කම‍්පෙස‍්සන‍්ති, තෙසු කම‍්පිතෙසු දෙවතා කුපිතා දෙවං වස‍්සිතුං න දස‍්සන‍්ති, වස‍්සමානොපි සකලරට‍්ඨෙ එකප‍්පහාරෙන න වස‍්සිස‍්සති, වස‍්සමානොපි සබ‍්බත්‍ථ කසිකම‍්මස‍්ස වා වප‍්පකම‍්මස‍්ස වා උපකාරකො හුත්‍වා න වස‍්සිස‍්සති. යථා ච රට‍්ඨෙ, එවං ජනපදෙපි ගාමෙපි එකතළාකෙපි එකසරෙපි එකප‍්පහාරෙනෙව න වස‍්සිස‍්සති, තළාකස‍්ස උපරිභාගෙ වස‍්සන‍්තො හෙට‍්ඨාභාගෙ න වස‍්සිස‍්සති, හෙට‍්ඨා වස‍්සන‍්තො උපරි න වස‍්සිස‍්සති. එකස‍්මිං භාගෙ සස‍්සං අතිවස‍්සෙන නස‍්සිස‍්සති, එකස‍්මිං අවස‍්සනෙන මිලායිස‍්සති, එකස‍්මිං සම‍්මා වස‍්සමානො සම‍්පාදෙස‍්සති. එවං එකස‍්ස රඤ‍්ඤො රජ‍්ජෙ වුත‍්තසස‍්සා තිප‍්පකාරා භවිස‍්සන‍්ති එකකුම‍්භියා ඔදනො විය. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, එකාදසමං කථෙහීති.

ස්වාමීනි, එක ම සැළියෙහි පිසෙන බත නො පිසෙනු දුටිමි. නොපිසුණේ වුව ද බෙදා වෙන් කළාක් මෙන් තුන් ආකාරයකින් පැසෙමින් එක් කොටසක් ඉතා තෙත් විය. එක් කොටසක් සහල් ගතිය ඉක්මුණා පමණි. එක් කොටසක් මනාව පිසී තිබිණි. මේ මගේ දශවැනි හීනයයි. මෙහි විපාක කවරේ ද? මෙහි විපාක ද අනාගතයෙහි වන්නේය. මතු කාලයෙහි රජවරු අධාර්මික වන්නේය. ඔවුන් අධාර්මික වූ කල්හි රාජකාරියෙහි යෙදුණේ ද, බමුණු ගැහැවියෝ ද ගම්, නියම්ගම් දනව් වැසියෝ ද මහණ බමුණන් ඇතුළු සියල්ලෝ ද අධාර්මික වන්නාහුය. ඉක්බිති, ඔවුන්ට අරක්ගත් දෙවියෝ ද බලි පිළිගත්හ. දෙවියෝ ද රුක් දෙවියෝ ද අහසෙහි වසනා දෙවියෝ ද අධාර්මික වන්නාහුය. එම රාජ්‍යයෙහි සුදට සිනිඳු ව නොව විෂම ලෙස දරුණු ව හමන්නේය. මේ විෂම වායුව අහසෙහි වෙසෙන දෙවියන්ගේ විමාන සොළවන්නේය. මේ නිසා කිපුණු දෙවියෝ වැසි නො වස්වන්නාහුය. වැසි වැස්ස ද රටපුරා එකවර නො වසන්නේය. එම වැස්ස හැම තැන කෘෂිකර්මයට හෝ ධාන්‍යය වැපිරීමට සුදුසු සේ නො වසින්නේය. දනව්වලද, ගම්වල ද වැව් පොකුණු ආදියට ද එකවර ජලය නො ලැබෙන්නේය. වැව් ආදියෙහි ඉහත්තාවේ වැසි වසින කල්හි යට කොටසට නො වසින්නේය. යට කොටසට වසින කල්හි මතු කොටසට නො වසින්නේය. මේ නිසා එක් කොටසක සශ්‍යය අධික වර්ෂාව නිසා නැසෙන්නේය. අනික් කොටස වර්ෂාව නැති නිසා වියලෙන්නේය. සම ව වැසි වට කොටස මනාව පැසෙන්නේය. මෙසේ එක ම රජුගේ රාජ්‍යය තුළ සශ්‍යය ත්‍රිවිධාකාර වන්නේය. එක් සැළියෙහි පිසුණු බත් මෙනි. මේ නිසා ද ඔබට බයක් නො වන්නේය. එකොළොස් වැනි හීනය කියව.

(11) භන‍්තෙ, සතසහස‍්සග‍්ඝනිකං චන්‍දනසාරං පූතිතක‍්කෙන වික‍්කිණන‍්තෙ අද‍්දසං. අයං මෙ එකාදසමො සුපිනො, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙයෙව මය‍්හං සාසනෙ පරිහායන‍්තෙ විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි පච‍්චයලොලා අලජ‍්ජී භික‍්ඛූ බහූ භවිස‍්සන‍්ති, තෙ මයා පච‍්චයලොලුප‍්පං නිම‍්මථෙත්‍වා කථිතධම‍්මදෙසනං චීවරාදිචතුපච‍්චයහෙතු පරෙසං දෙසෙස‍්සන‍්ති, පච‍්චයෙහි මුච‍්ඡිතා නිස‍්සරණපක‍්ඛෙ ඨිතා නිබ‍්බානාභිමුඛං කත්‍වා දෙසෙතුං න සක‍්ඛිස‍්සන‍්ති, කෙවලං “පදබ්‍යඤ‍්ජනසම‍්පත‍්තිඤ‍්චෙව මධුරසද‍්දඤ‍්ච සුත්‍වා මහග‍්ඝානි චීවරාදීනි දස‍්සන‍්ති” ඉච‍්චෙවං දෙසෙස‍්සන‍්ති. අපරෙ අන‍්තරවීථිචතුක‍්කරාජද‍්වාරාදීසු නිසීදිත්‍වා කහාපණඅඩ‍්ඪකහාපණපාදමාසකරූපාදීනිපි නිස‍්සාය දෙසෙස‍්සන‍්ති. ඉති මයා නිබ‍්බානග‍්ඝනකං කත්‍වා දෙසිතං ධම‍්මං චතුපච‍්චයත්‍ථාය චෙව කහාපණඩ‍්ඪකහාපණාදීනං අත්‍ථාය ච වික‍්කිණිත්‍වා දෙසෙන‍්තා සතසහස‍්සග‍්ඝනකං චන්‍දනසාරං පූතිතක‍්කෙන වික‍්කිණන‍්තා විය භවිස‍්සන‍්ති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, ද‍්වාදසමං කථෙහීති.

ස්වාමීනි, ලක්ෂයක් වටිනා සඳුන් අරටුවක් කුණු වූ මෝරුවලට විකුණනු දුටිමි. මගේ මේ එකොළොස් වැනි සීනයයි. මෙහි විපාක කවරේ ද? මෙහි විපාක ද මගේ ශාසනය පිරිහෙන කල්හි වන්නේය. මතුකල සිව්පසයෙහි ලොල් වූ විළි නැති භික්‍ෂු බොහෝ වන්නේය. මවිසින් සිව්පස ලෝලත්වය පහත්කොට දෙසන ලද ධර්මය, සිවුරු ආදී සිව්පසය ලබාගැනීම සඳහා අනුන්ට දේශනා කරන්නේය. සිව්පස ලාභය හැර සසරින් එතැරවීමේ කොටසෙහි සිට නිවන අරමුණුකොට දෙසීමට නො හැකි වන්නෝය. මගේ වචන මාලාවක් මිහිරි හඬත් අසා වටිනා සිවුරු ආදිය දෙන්නාහ. එසේ ම දෙනු කැමැත්තෝ ද වෙති යි දේශනා කරන්නාහුය. සමහරු නුවර ඇතුළත, සතර මංසන්ධි, රජ‌දොරටු ආශ්‍රිත ව හිද කහවණු, අඩ කහවණු, මසු ආදී මුදල් නිසා දේශනා කරන්නාහ. මෙසේ මා නිවන අගය කොට දෙසන ලද ධර්මය සිව්පස ලැබීම, කහවණු, අඩ කහවණු පිණිස විකුණා දම් දෙසීම ලක්‍ෂයක් වටිනා හඳුන් හර කුණු මෝරු සඳහා විකිණීමක් වැනි වන්නේය. මේ නිසා ද ඔබට බයක් නැත. දොළොස් වැනි හීනය කියව.

(12) භන‍්තෙ, තුච‍්ඡලාබූනි උදකෙ සීදන‍්තානි අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සපි අනාගතෙ අධම‍්මිකරාජකාලෙ ලොකෙ විපරිවත‍්තන‍්තෙයෙව විපාකො භවිස‍්සති. තදා හි රාජානො ජාතිසම‍්පන‍්නානං කුලපුත‍්තානං යසං න දස‍්සන‍්ති, අකුලීනානංයෙව දස‍්සන‍්ති, තෙ ඉස‍්සරා භවිස‍්සන‍්ති, ඉතරෙ දලිද‍්දා. රාජසම‍්මුඛෙපි රාජද‍්වාරෙපි අමච‍්චසම‍්මුඛෙපි විනිච‍්ඡයට‍්ඨානෙපි තුච‍්ඡලාබුසදිසානං අකුලීනානංයෙව කථා ඔසීදිත්‍වා ඨිතා විය නිච‍්චලා සුප‍්පතිට‍්ඨිතා භවිස‍්සති. සඞ‍්ඝසන‍්නිපාතෙසුපි සඞ‍්ඝකම‍්මගණකම‍්මට‍්ඨානෙසු චෙව පත‍්තචීවරපරිවෙණාදිවිනිච‍්ඡයට‍්ඨානෙසු ච දුස‍්සීලානං පාපපුග‍්ගලානංයෙව කථා නිය්‍යානිකා භවිස‍්සති, න ලජ‍්ජිභික‍්ඛූනන‍්ති එවං සබ‍්බථාපි තුච‍්ඡලාබුසීදනකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, තෙරසමං කථෙහීති.

ස්වාමීනි, ලබු කබල් දියෙහි ගිලෙනු දුටිමි. මෙහි විපාකය කිමෙක් ද? අනාගතයේ නො දැහැමි රජුන්ගේ කල කාලයෙහි පරිවර්තනය වනවිට වන්නේය. කුල පුත්‍රයන්ට තනතුරු නො දෙන්නාහ. කුල හීනයන්ට ම දෙන්නාහ. ඔවුහු ප්‍රධානියෝ වන්නාහුය. දිළිඳු කුලවත්හු රජු ඉදිරියෙහි හෝ රජ දොරටුවෙහි හෝ ඇමතියන් ඉදිරියෙහි විනිසුරු මඬුල්ලෙහි, කුල හීනයන්ගේ කථාවෙහි ගිලී යන්නාක් මෙන් නිසොල්මන් වූවෝ වන්නාහ. සතුන් එකතුවන තැන්හි ද ගණ කර්ම කරන තැන්වල ද පාසිවුරු විහාරාරාම පිළිබඳ විශේෂත්වය දෙන තැන්වල ද දුසිල් පවිටු පුද්ගලයන්ගේ කථා පරම සත්‍යය වන්නේය. සුපේක්ශල භික්‍ෂූන්ගේ නො වේ. මෙසේ හැම අයුරින්ම හිස් ලබු කබලක ගිලීයන කාලය මෙනි. මේ නිසා ද ඔබට බයක් නැත. තෙළේස වැනි හීනය කියව.

(13) භන‍්තෙ, මහන‍්තමහන‍්තා කූටාගාරප‍්පමාණා ඝනසිලා නාවා විය උදකෙ ප‍්ලවමානා අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සපි තාදිසෙයෙව කාලෙ විපාකො භවිස‍්සති. තදා හි අධම‍්මිකරාජානො අකුලීනානං යසං දස‍්සන‍්ති, තෙ ඉස‍්සරා භවිස‍්සන‍්ති, කුලීනා දුග‍්ගතා. තෙසු න කෙචි ගාරවං කරිස‍්සන‍්ති, ඉතරෙසුයෙව කරිස‍්සන‍්ති. රාජසම‍්මුඛෙ වා අමච‍්චසම‍්මුඛෙ වා විනිච‍්ඡයට‍්ඨානෙ වා විනිච‍්ඡයකුසලානං ඝනසිලාසදිසානං කුලපුත‍්තානං කථා න ඔගාහිත්‍වා පතිට‍්ඨහිස‍්සති. තෙසු කථෙන‍්තෙසු “කිං ඉමෙ කථෙන‍්තී”ති ඉතරෙ පරිහාසමෙව කරිස‍්සන‍්ති. භික‍්ඛුසන‍්නිපාතෙසුපි වුත‍්තප‍්පකාරෙසු ඨානෙසු නෙව පෙසලෙ භික‍්ඛූ ගරුකාතබ‍්බෙ මඤ‍්ඤිස‍්සන‍්ති, නාපි තෙසං කථා පරියොගාහිත්‍වා පතිට‍්ඨහිස‍්සති, සිලානං ප‍්ලවනකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, චුද‍්දසමං කථෙහීති.

ස්වාමීනි, මහත් මහත් කළුගෙවල් පමණ කළුගල් නැවක් මෙන් ජලයෙහි පාවෙනු දුටිමි. මෙහි විපාක කෙසේ ද? මෙහි විපාක ද කියන ලද කාලයට සමාන කාලයෙහි ම වන්නේය. එකල නො දැහැමි රජවරු කුලහීනයන්ට පදවි දෙත්. ඔවුහු අධිපතියෝ වෙත්. කුලවත්හු දිළිඳු වෙත්. කිසිවෙක් ඔවුන්ට හරසර නො දකින්නාහුය. කුලහීනයන්ට ම හරසර දක්වන්නෝය. කුලහීනයන්ට ම ගරු බුහුමන් කරත්. රජු ඉදිරියෙහි හෝ ඇමැතියන් ඉදිරියෙහි හෝ යුක්තිය පසිඳන ස්ථානයෙහි හෝ යුක්ති පසිඳලීමෙහි දක්‍ෂ වූ ගල් පර්වත වැනි කුලපූන්ගේ කථා සැලකිය යුතු ලෙස නො පිහිටන්නේය. ඔවුන් කථා කරන කල්හි මේ කුමන කථාදැ යි උපහාස කරන්නේය. සංඝ රැස්වීම්වල දී ද ඉහත කී ආකාර ස්ථානවල දී සුපේක්ශල භික්‍ෂූන් ගරු කළ යුත්තන් සේ නො හඟිත්. ඔවුන්ගේ කථා සිතට වැදී නො සිටිත්. කළු ගල් පර්වත කාලය මෙන් වෙයි. මේ හේතුකොට ඔබට බියක් නැත. තුදුස් වැනි හීනය කියව.

(14) භන‍්තෙ , ඛුද‍්දකමධුකපුප‍්ඵප‍්පමාණා මණ‍්ඩූකියො මහන‍්තමහන‍්තෙ කණ‍්හසප‍්පෙ වෙගෙන අනුබන්‍ධිත්‍වා උප‍්පලනාළෙ විය ඡින්‍දිත්‍වා ඡින්‍දිත්‍වා මංසං ඛාදිත්‍වා ගිලන‍්තියො අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සපි ලොකෙ පරිහායන‍්තෙ අනාගතෙ එව විපාකො භවිස‍්සති. තදා හි මනුස‍්සා තිබ‍්බරාගජාතිකා කිලෙසානුවත‍්තකා හුත්‍වා තරුණතරුණානං අත‍්තනො භරියානං වසෙ වත‍්තිස‍්සන‍්ති, ගෙහෙ දාසකම‍්මකරාදයොපි ගොමහිංසාදයොපි හිරඤ‍්ඤසුවණ‍්ණම‍්පි සබ‍්බං තාසඤ‍්ඤෙව ආයත‍්තං භවිස‍්සති. “අසුකං හිරඤ‍්ඤසුවණ‍්ණං වා පරිච‍්ඡදාදිජාතං වා කහ”න‍්ති වුත‍්තෙ “යත්‍ථ වා තත්‍ථ වා හොතු, කිං තුය‍්හිමිනා බ්‍යාපාරෙන, ත්‍වං මය‍්හං ඝරෙ සන‍්තං වා අසන‍්තං වා ජානිතුකාමො ජාතො”ති වත්‍වා නානප‍්පකාරෙහි අක‍්කොසිත්‍වා මුඛසත‍්තීහි කොට‍්ටෙත්‍වා දාසචෙටකෙ විය අත‍්තනො වසෙ කත්‍වා අත‍්තනො ඉස‍්සරියං පවත‍්තෙස‍්සන‍්ති. එවං මධුකපුප‍්ඵප‍්පමාණානං මණ‍්ඩූකපොතිකානං ආසීවිසෙ කණ‍්හසප‍්පෙ ගිලනකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, පන‍්නරසමං කථෙහීති.

ස්වාමීනි, කුඩා මීපූප් පමණ වූ ගෙඹි දෙන්නු වේගයෙන් ලුහුබැඳ නාගයන් අල්ලා උපුල් මෙන් කඩ කඩා මස් බුදිනි දිටිමි. මෙහි විපාක කවරේද? මෙහි විපාක ද ලෝකය පිරිහෙන කල්හි මතු කාලයේ ම වන්නේය. එකල්හි මිනිස්සු තීව්‍ර කාමාශාවෙන් පෙලුනහු කෙළෙස් වසඟ ව නව යොවුන් තම බිරියන්හි වසඟයෙහි පවතින්නෝය. ගෙදර දැසි දස් කම්කරුවෝ ද ගව මීගව ආදී සතුන් ද රන් රිදී ආදී ධනය ද ඒ බිරියන්ට ම අයත් දේ වෙති. රන්රිදී හෝ වෙනයම් උපකරණයක් හෝ කොහිදැ යි ඇසූ කල්හි එය එතැන තිබුණත් මෙතැන තිබුණත් තට මොකද? මේ මගේ ගෙදර ඇති නැති දේ දැන ගැනීමට තට අයිතිය කුමක්දැ යි කියා නොයෙක් අයුරින් පරිභව කොට මුව අවියෙන් කොටා දැසිදස් කම්කරුවන් මෙන් තම යටතට ගෙන තම ආධිපත්‍යය පවත්වයි. මෙසේ මීපුප් පමණ වූ මැඩි දෙනුන් නාගයන් ගිල දමන කල මෙන් වන්නේය. මෙයින් ඔබට බියක් නො වේ. පසළොස් වැනි හීනය කියව.

(15) භන‍්තෙ, දසහි අසද‍්ධම‍්මෙහි සමන‍්නාගතං ගාමගොචරං කාකං කඤ‍්චනවණ‍්ණතාය “සුවණ‍්ණා”ති ලද‍්ධනාමෙ සුවණ‍්ණරාජහංසෙ පරිවාරෙන‍්තෙ අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සාපි අනාගතෙ දුබ‍්බලරාජකාලෙයෙව විපාකො භවිස‍්සති. අනාගතස‍්මිඤ‍්හි රාජානො හත්‍ථිසිප‍්පාදීසු අකුසලා යුද‍්ධෙසු අවිසාරදා භවිස‍්සන‍්ති, තෙ අත‍්තනො රජ‍්ජවිපත‍්තිං ආසඞ‍්කමානා සමානජාතිකානං කුලපුත‍්තානං ඉස‍්සරියං අදත්‍වා අත‍්තනො පාදමූලිකන‍්හාපකකප‍්පකාදීනං දස‍්සන‍්ති, ජාතිගොත‍්තසම‍්පන‍්නා කුලපුත‍්තා රාජකුලෙ පතිට‍්ඨං අලභමානා ජීවිකං කප‍්පෙතුං අසමත්‍ථා හුත්‍වා ඉස‍්සරියෙ ඨිතෙ ජාතිගොත‍්තහීනෙ අකුලීනෙ උපට‍්ඨහන‍්තා විචරිස‍්සන‍්ති, සුවණ‍්ණරාජහංසෙහි කාකස‍්ස පරිවාරිතකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි, සොළසමං කථෙහීති.

ස්වාමීනි, අගුණාංග දහයකින් යුත් ගම ගොදුරු කොට ඇති කවුඩන් රන්වන් පැහැ ඇති බැවින් සුවණ්ණ හංස නාමය ලැබූ හංසයන් පිරිවරා සිටිනු දුටිමි. මෙහි විපාක කෙසේද? මෙහි විපාක ද අනාගතයෙහි රජවරු හස්ති ශිල්පාදියෙහි අදක්‍ෂ ව යුද්ධයන්හි එඩිතර නො වූවෝ වන්නෝය. ඒ රජවරු තම රාජ්‍යයට විපතක් වේය යන සැකයෙන් ජාති වශයෙන් තමා හා සම නො වූ කුලපුතුන්ට යස ඉසුරු නො දී පාද දෙවීම, නැහැවීම, කෙස් රැවුල් කපල සේවකාදීන්ට දෙන්නෝය. උසස් කුලගොත් ඇති පුරුෂයෝ රජුගෙන් පිහිටක් නොලැබ දිවිරැක ගැනීමට නො හැකිව, නො ඉසුරුමත් ව, කුලගොතින් හීන වූවන්ට උවටැන් කරන්නාහ. රන් හසුන් විසින් කවුඩා පරිවරණ ලද කාලය මෙනි. මේ නිසා ද ඔබට බියක් නැත. සොළොස් වැනි හීනය කියව.

(16) භන‍්තෙ, පුබ‍්බෙ දීපිනො එළකෙ ඛාදන‍්ති, අහං පන එළකෙ දීපිනො අනුබන්‍ධිත්‍වා මුරුමුරූති ඛාදන‍්තෙ අද‍්දසං. අථඤ‍්ඤෙ තසා වකා එළකෙ දූරතොව දිස‍්වා තසිතා තාසප‍්පත‍්තා හුත්‍වා එළකානං භයාපලායිත්‍වා ගුම‍්බගහනාදීනි පවිසිත්‍වා නිලීයිංසු, එවාහං අද‍්දසං, ඉමස‍්ස කො විපාකොති? ඉමස‍්සපි අනාගතෙ අධම‍්මිකරාජකාලෙයෙව විපාකො භවිස‍්සති. තදා හි අකුලීනා රාජවල‍්ලභා ඉස‍්සරා භවිස‍්සන‍්ති, කුලීනා අපඤ‍්ඤාතා දුග‍්ගතා. තෙ රාජවල‍්ලභා රාජානං අත‍්තනො කථං ගාහාපෙත්‍වා විනිච‍්ඡයට‍්ඨානාදීසු බලවන‍්තො හුත්‍වා කුලීනානං පවෙණිආගතානි ඛෙත‍්තවත්‍ථාදීනි “අම‍්හාකං සන‍්තකානි එතානී”ති අභියුඤ‍්ජිත්‍වා තෙසු “න තුම‍්හාකං, අම‍්හාක”න‍්ති ආගන‍්ත්‍වා විනිච‍්ඡයට‍්ඨානාදීසු විවදන‍්තෙසු වෙත‍්තලතාදීහි පහරාපෙත්‍වා ගීවායං ගහෙත්‍වා අපකඩ‍්ඪාපෙත්‍වා “අත‍්තනො පමාණං න ජානාථ, අම‍්හෙහි සද‍්ධිං විවදථ, ඉදානි වො රඤ‍්ඤො කථෙත්‍වා හත්‍ථපාදච‍්ඡෙදනාදීනි කාරෙස‍්සාමා”ති සන‍්තජ‍්ජෙස‍්සන‍්ති. තෙ තෙසං භයෙන අත‍්තනො සන‍්තකානි වත්‍ථූනි “තුම‍්හාකංයෙවෙතානි ගණ‍්හථා”ති නිය්‍යාදෙත්‍වා අත‍්තනො ගෙහානි පවිසිත්‍වා භීතා නිපජ‍්ජිස‍්සන‍්ති. පාපභික‍්ඛූපි පෙසලෙ භික‍්ඛූ යථාරුචි විහෙඨෙස‍්සන‍්ති, තෙ පෙසලා භික‍්ඛූ පටිසරණං අලභමානා අරඤ‍්ඤං පවිසිත්‍වා ගහනට‍්ඨානෙසු නිලීයිස‍්සන‍්ති. එවං හීනජච‍්චෙහි චෙව පාපභික‍්ඛූහි ච උපද‍්දුතානං ජාතිමන‍්තකුලපුත‍්තානඤ‍්චෙව පෙසලභික‍්ඛූනඤ‍්ච එළකානං භයෙන තසවකානං පලායනකාලො විය භවිස‍්සති. ඉතොනිදානම‍්පි තෙ භයං නත්‍ථි. අයම‍්පි හි සුපිනො අනාගතංයෙව ආරබ‍්භ දිට‍්ඨො. බ්‍රාහ‍්මණා පන න ධම‍්මසුධම‍්මතාය තයි සිනෙහෙන කථයිංසු, “බහුධනං ලභිස‍්සාමා”ති ආමිසාපෙක‍්ඛතාය ජීවිතවුත‍්තිං නිස‍්සාය කථයිංසූති.

ස්වාමීනි, පෙර සිට කොටි, එළුවන් කති. එහෙත් මම කොටින් ලුහුබැඳ මුරුමුර හඬ නඟා කන එළුවන් දුටිමි. ඉක්බිති, බියට පත් ව්‍යාඝ්‍රයෝ එළුවන් දුර දීම දැක පලා ගොස් වන ලැහැබට පිවිස සැඟවන්නාහ. (ගාථාවෙහි හි යනු නිපාතයක් පමණි) මම මෙසේ සොළොස් වැනි සිහිනය දුටිමි. මෙහි විපාකය කවරේ ද? මෙහි විපාක ද අනාගතයෙහි නොදැහැමි රජවරුන්ගේ කාලයෙහිම වන්නේය. එකල කුලහීනයෝ රජු හා විශ්වාස ව තම කථාව රජුන්ට ඒත්තු ගන්වා විනිසුරු මඬුලු ආදියෙහි බලවත් වී පරම්පරාගත කුලවතුන්ගේ කෙත්වතු ආදිය මේවා අප සතු යි අභියෝග කොට මේ කෙත්වතු අපටයැ, තොපට නො වේ යි විනිශ්චය ශාලාවල විවාදකොට වේවැල් ආදියෙන් පහර දී ගෙලෙන් ගෙන අප සමග වාද කරන්නහු තම පමණ දැන ගනිවු. නැතිනම් රජු ලවා අත්පා කිලිටි කරවන්නෙමු යි තර්ජනය කරන්නාහ. කුලවත්හු ද ඔවුන්ට බයින් තමා සතු වස්තුව, මේවා ඔබලා සතුමය. ගනු මැනවැ යි ඔවුන්ට ම පාවා දී තම ගෙවලට ගොස් බයින් නිදන්නාහුය. මේ අයුරින් සසුනෙහි දුශ්ශීල මහණහු සුපේක්ෂල භික්‍ෂූන් කැමැති පරිදි වෙහෙසන්නාහ. සුපේක්ෂල භික්‍ෂූහු පිළිසරණක් නොලැබ වනයෙහි සැඟවෙන්නාහ. මෙසේ හීන කුලිකයන් විසිනුත් පවිටු මහණුන් විසිනුත් පීඩා කරන ලද උසස් කුලවතුන් ද සුපේක්ෂල භික්‍ෂූන් ද එළුවන්ට බියෙන් ව්‍යාඝ්‍රයන් පලායන කාලයට සමානය. මේ සිහිනය ද අනාගත කාලය සඳහා ම දක්නා ලද්දකි. බමුණෝ වනාහි තම හිතැති පරිදි ඔබට ආදරයෙන් කීවාහු නො වෙත්. ධනයෙහි බැඳුණු ඇස් ඇති බැවින් බොහෝ ධනය ලබා තම දිවි පැවැත්ම සඳහා ම කීවාහුය.

එවං සත්‍ථා සොළසන‍්නං මහාසුපිනානං නිප‍්ඵත‍්තිං කථෙත්‍වා “න ඛො, මහාරාජ, එතරහි ත්‍වඤ‍්ඤෙව ඉමෙ සුපිනෙ අද‍්දස, පොරාණකරාජානොපි අද‍්දසංසු. බ්‍රාහ‍්මණාපි නෙසං එවමෙව ඉමෙ සුපිනෙ ගහෙත්‍වා යඤ‍්ඤමත්‍ථකෙ ඛිපිංසු, තතො පණ‍්ඩිතෙහි දින‍්නනයෙන ගන‍්ත්‍වා බොධිසත‍්තං පුච‍්ඡිංසු. පොරාණකා පණ‍්ඩිතාපි නෙසං ඉමෙ සුපිනෙ කථෙන‍්තා ඉමිනාව නියාමෙන කථෙසු”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

මෙසේ බුදු රජහු සොළොස් මහා සිහිනයන්ගේ විපාක දක්වා මහරජ, දැන් ඔබ ම මේ සිහින දුටුවේ නො වේ. පෙර රජවරු ද දුටුවාහුය. එදින ද බමුණෝ මේ සිහින ගෙන යාග මතුයෙහි ම තැබූහ. එහෙත් නුවණැත්තන් විසින් දෙන ලද උපදෙස් අනුව බෝසතුන්ගෙන් ඇසූහ. බෝසත්හු ද මේ අයුරින් ම සිහින තෝරා දුන්හ යි වදාරා කොසොල් රජු විසින් අයදනා ලදුව ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා චෙව සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ ඣානකීළං කීළන‍්තො විහරති. තදා බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො ඉමිනාව නියාමෙන ඉමෙ සුපිනෙ දිස‍්වා බ්‍රාහ‍්මණෙ පුච‍්ඡි. බ්‍රාහ‍්මණා එවමෙව යඤ‍්ඤං යජිතුං ආරභිංසු. තෙසු පුරොහිතස‍්ස අන‍්තෙවාසිකමාණවො පණ‍්ඩිතො බ්‍යත‍්තො ආචරියං ආහ – “ආචරිය, තුම‍්හෙහි මයං තයො වෙදෙ උග‍්ගණ‍්හාපිතා, නනු තෙසු එකං මාරෙත්‍වා එකස‍්ස සොත්‍ථිකම‍්මස‍්ස කාරණං නාම නත්‍ථී”ති. තාත, ඉමිනා උපායෙන අම‍්හාකං බහුධනං උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං පන රඤ‍්ඤො ධනං රක‍්ඛිතුකාමො මඤ‍්ඤෙති. මාණවො “තෙන හි, ආචරිය, තුම‍්හෙ තුම‍්හාකං කම‍්මං කරොථ, අහං තුම‍්හාකං සන‍්තිකෙ කිං කරිස‍්සාමී”ති විචරන‍්තො රඤ‍්ඤො උය්‍යානං අගමාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත් ව තාපස පැවිද්දෙන් පැවිදි ව අභිඤ්ඤා සමාපත්ති උපදවා හිමවත් පෙදෙසෙහි ධ්‍යාන සැප විඳිමින් වෙසෙති. එදවස බරණැස් රජ මේ අයුරින් ම සිහින දැක බමුණන්ගෙන් විචාළේය. බමුණෝ පෙර මෙන් ම යාග ඇරඹූහ. ඔවුනතුරින් පුරෝහිත බමුණුගේ අතවැසි මානවක නැණවත්ය. දක්‍ෂය. ඔහු බමුණාට මෙසේ කීය. ගුරුතුමනි, ඔබතුමන් විසින් අපි තුන් වේදය උගන්වන ලද්දෝ වෙමු. එකකු මරා අයකුටයෙත් ශාන්ති කිරීමක් එම වේදයන්හි නැත්තේ නො වේද? දරුව, මේ උපායෙන් අපට බොහෝ ධනය ලැබෙන්නේය. ඔබ රජුගේ ධනය රකිනු කැමැත්තේ ද? එවිට මානවකයා ගුරුතුමනි, ඔබ ඔබගේ කාර්යය කරනු මැනවි. ඔබ ළඟ සිටීමෙන් මට වැඩක් නැතැ යි ඒ මේ තැන ඇවිදිමින් රජුගේ උයනට ගියේය.

තං දිවසමෙව බොධිසත‍්තොපි තං කාරණං ඤත්‍වා “අජ‍්ජ මයි මනුස‍්සපථං ගතෙ මහාජනස‍්ස බන්‍ධනා මොක‍්ඛො භවිස‍්සතී”ති ආකාසෙන ගන‍්ත්‍වා උය්‍යානෙ ඔතරිත්‍වා සුවණ‍්ණපටිමා විය මඞ‍්ගලසිලාතලෙ නිසීදි. මාණවො බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා පටිසන්‍ථාරමකාසි. බොධිසත‍්තොපි තෙන සද‍්ධිං මධුරපටිසන්‍ථාරං කත්‍වා “කිං නු ඛො, මාණව, රාජා ධම‍්මෙන රජ‍්ජං කාරෙතී”ති පුච‍්ඡි. “භන‍්තෙ, රාජා නාම ධම‍්මිකො, අපිච ඛො තං බ්‍රාහ‍්මණා අතිත්‍ථෙ පක‍්ඛන්‍දාපෙ”න‍්ති. රාජා සොළස සුපිනෙ දිස‍්වා බ්‍රාහ‍්මණානං ආරොචෙසි. බ්‍රාහ‍්මණා “යඤ‍්ඤං යජිස‍්සාමා”ති ආරද‍්ධා. කිං නු ඛො, භන‍්තෙ, “අයං නාම ඉමෙසං සුපිනානං නිප‍්ඵත‍්තී”ති රාජානං සඤ‍්ඤාපෙත්‍වා තුම‍්හාකං මහාජනං භයා මොචෙතුං න වට‍්ටතීති. මයං ඛො, මාණව, රාජානං න ජානාම, රාජාපි අම‍්හෙ න ජානාති. සචෙ පන ඉධාගන‍්ත්‍වා පුච‍්ඡෙය්‍ය, කථෙය්‍යාමස‍්ස මයන‍්ති. මාණවො “අහං, භන‍්තෙ, තං ආනෙස‍්සාමි, තුම‍්හෙ මමාගමනං උදික‍්ඛන‍්තා මුහුත‍්තං නිසීදථා”ති බොධිසත‍්තං පටිජානාපෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “මහාරාජ, එකො ආකාසචාරිකො තාපසො තුම‍්හාකං උය්‍යානෙ ඔතරිත්‍වා ‘තුම‍්හෙහි දිට‍්ඨසුපිනානං නිප‍්ඵත‍්තිං කථෙස‍්සාමී’ති තුම‍්හෙ පක‍්කොසතී”ති ආහ.

එදවස ම බෝසත්හු ඒ කාරණය දැන අද මා මිනිස් පියසට ගියකල්හි මහජනයාට බන්‍ධනයෙන් මිදීම වන්නේය. අහසින් ගොස් උයනෙහි බැස රන් පිළිමයක් මෙන් මඟුල් ගල් තලාවෙහි වැඩ උන්හ. මානවකයා බෝසතුන් වෙත ගොස් වැඳ එකත්පසෙක හිඳ පිළිසඳර කථා කළේය. බෝසත්හු ද ඔහු සමග ප්‍රිය තෙපුල් බෙණෙමින් මානවකය, කිම, රජ දැහැමින් රාජ්‍යය කැරවයිදැ යි විචාළහ. ස්වාමීනි, රජ නම් දැහැමිය. එසේ වුවත් බමුණන් ඔහු නො මඟ යොමු කරති. රජ සොළොස් මහා සිහිනයන් දැක බමුණන්ට දැන්වීය. බමුණෝ ඒ සඳහා යාගයක් කරන්නෙමු යි මහා යාගයක් පටන් ගත්හ. ස්වාමීනි, මේ සිහින විපාක වේයැ යි රජු දැනුවත් කොට මහජනයා බියෙන් මුදවන්ට ඔබතුමන්ට සුදුසු නො වන්නේ ද? මානවකය, අපි රජ නො හඳුනමු. රජ අප ද නො දනී. ඉදින්, ඔහු මෙහි අවුත් අපගෙන් විචාරන්නේ නම් ඔහුට හීන ප්‍රතිඵල කියමු. ස්වාමීනි, මම රජු මෙහි ගෙන එන්නෙමි. ඔබතුමා මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මඳ වේලාවක් සිටිනු මැනවි. බෝසතුන්ගෙන් ප්‍රතිඥා ගෙන, රජු වෙත ගොස්, මහරජතුමනි, එක්තරා අහසින් ගමන් කරන තවුසෙක් ඔබතුමාගේ උයනෙහි වැස ඔබතුමා දුටු සිහිනවල ප්‍රතිඵල කියන්නෙමි යි ඔබතුමන් කැඳවති යි කීය.

රාජා තස‍්ස කථං සුත්‍වා තාවදෙව මහන‍්තෙන පරිවාරෙන උය්‍යානං ගන‍්ත්‍වා තාපසං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො පුච‍්ඡි “තුම‍්හෙ කිර, භන‍්තෙ, මයා දිට‍්ඨසුපිනානං නිප‍්ඵත‍්තිං ජානාථා”ති? “ආම, මහාරාජා”ති. “තෙන හි කථෙථා”ති. “කථෙමි, මහාරාජ, යථාදිට‍්ඨෙ තාව සුපිනෙ මං සාවෙහී”ති. “සාධු, භන‍්තෙ”ති රාජා –

මානවකයාගේ වදන් ඇසූ රජ එකෙණෙහි ම උයනට ගොස් තවුසාණන් වැඳ එකත්පසෙක සිට ස්වාමීනි, මා දුටු සිහිනයන්ගේ විපාක ඔබතුමා දන්නහුදැ යි විමසීය. එසේය. මහරජ, දනිමි. ස්වාමීනි, එසේ නම් කියනු මැනවි. පළමු කොට ඔබ දුටු පිළිවෙලින් සිහින කියනු. දෙවනු ව මම විපාක කියමි.

“උසභා රුක‍්ඛා ගාවියො ගවා ච, අස‍්සො කංසො සිඞ‍්ගාලී ච කුම‍්භො; පොක‍්ඛරණී ච අපාකචන්‍දනං.

“උසභා රුක්‍ඛා ගාවියො ගවා ව, අස්සො කංසො සිගාලී ච කුම්භො, පොක්‍ඛරණී ච අපාක චන්‍දනං

“ලාබූනි සීදන‍්ති සිලා ප‍්ලවන‍්ති, මණ‍්ඩූකියො කණ‍්හසප‍්පෙ ගිලන‍්ති; කාකං සුවණ‍්ණා පරිවාරයන‍්ති, තසා වකා එළකානං භයා හී”ති. –

ලාපූනි සීදන්ති සිලා පලවන්ති, මණ්ඩූකියො කණ්හසප්පෙ ගිලන්ති, කාකං සවුණ්ණා පරිවාරයන්ති, තසාවකා එළකානං භයා භීති”

“යුද නො කොට ගිය ගවයෝ, මල්ඵල හටගත් කුඩා ගස්, වස්සන්ගෙන් කිරි බොන දෙන්නු, ගැලෙහි සාදන නහඹු ගවයෝ, දෙපස මුව ඇති අශ්වයෝ, මහලු සිවල් දෙනක් මුත්‍ර කරන රන් තලිය, රැහැන කා දමන හිවල් දෙන, හිස් කළ ගෙඩි පිරුවරා පිරුණු කළය, ගැඹුරු තැන දිය කැළඹුණු පොකුණු, නො පැසුණු බත, රත් හඳුන්, හර හිස් ලබු කැබලි දියෙහි ගිලෙයි. කළු ගල් දියෙහි පාවෙයි. මැඩි දෙන නාගයන් ගිලිති. කවුඩුවන් විසින් පරිවරන ලද සුවර්ණ හංසයෙක්, එළුවන්ට බියෙන් දුවන ව්‍යාඝ්‍රයෝය.”

වත්‍වා පසෙනදිරඤ‍්ඤා කථිතනියාමෙනෙව සුපිනෙ කථෙසි.

මෙසේ කොසොල් රජ බුදු රජුන්ට කියන ලද අයුරින් සිහින ප්‍රකාශ කළේය.

බොධිසත‍්තොපි තෙසං ඉදානි සත්‍ථාරා කථිතනියාමෙනෙව විත්‍ථාරතො නිප‍්ඵත‍්තිං කථෙත්‍වා පරියොසානෙ සයං ඉදං කථෙසි –

බෝසත්හු සිහින ඵල බුදු රජුන් දේශනා කරන ලද අයුරින් ම ප්‍රකාශ කොට අවසන මෙසේත් ප්‍රකාශ කළහ.

“විපරියාසො වත‍්තති නයිධ මත්‍ථී”ති;

පෙරළියක් ඇත. එහෙත් ඒ මේ යුගයෙහි නො වේ.

තත්‍රායමත්‍ථො – අයං, මහාරාජ, ඉමෙසං සුපිනානං නිප‍්ඵත‍්ති. යං පනෙතං තෙසං පටිඝාතත්‍ථාය යඤ‍්ඤකම‍්මං වත‍්තති, තං විපරියාසො වත‍්තති විපරීතතො වත‍්තති, විපල‍්ලාසෙන වත‍්තතීති වුත‍්තං හොති. කිංකාරණා? ඉමෙසඤ‍්හි නිප‍්ඵත‍්ති නාම ලොකස‍්ස විපරිවත‍්තනකාලෙ, අකාරණස‍්ස කාරණන‍්ති ගහණකාලෙ, කාරණස‍්ස අකාරණන‍්ති ඡඩ‍්ඩනකාලෙ, අභූතස‍්ස භූතන‍්ති ගහණකාලෙ, භූතස‍්ස අභූතන‍්ති ජහනකාලෙ, අලජ‍්ජීනං උස‍්සන‍්නකාලෙ, ලජ‍්ජීනඤ‍්ච පරිහීනකාලෙ භවිස‍්සති. නයිධ මත්‍ථීති ඉදානි පන තව වා මම වා කාලෙ ඉධ ඉමස‍්මිං පුරිසයුගෙ වත‍්තමානෙ එතෙසං නිප‍්ඵත‍්ති නත්‍ථි. තස‍්මා එතෙසං පටිඝාතාය වත‍්තමානං යඤ‍්ඤකම‍්මං විපල‍්ලාසෙන වත‍්තති, අලං තෙන. නත්‍ථි තෙ ඉතොනිදානං භයං වා ඡම‍්භිතත‍්තං වාති මහාපුරිසො රාජානං සමස‍්සාසෙත්‍වා මහාජනං බන්‍ධනා මොචෙත්‍වා පුන ආකාසෙ ඨත්‍වා රඤ‍්ඤො ඔවාදං දත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා “ඉතො පට‍්ඨාය, මහාරාජ, බ්‍රාහ‍්මණෙහි සද‍්ධිං එකතො හුත්‍වා පසුඝාතයඤ‍්ඤං මා යජී”ති ධම‍්මං දෙසෙත්‍වා ආකාසෙනෙව අත‍්තනො වසනට‍්ඨානං අගමාසි. රාජාපි තස‍්ස ඔවාදෙ ඨිතො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙහි අදහස මෙසේය. මහරජතුමනි, මේ සිහිනවල දුර්විපාකය ඇත. එය වැළකීම සඳහා යම් ආකාරයක යාග කර්මයක් පවතී ද එය “විපරියාසො” වන්නකි. පෙරළියකි. විපරිතයකි. වෙනස් ආකාරයකින් පවතී යි කියන ලදි. කුමක් නිසා ද? මේ සිහින විපාක ලෝකය පරිණාමය වන කල්හි හෙවත් අයුක්තිය යුක්තියයැ යි ගන්නා කාලයෙහි, යුක්තිය අයුක්තියයැ යි බැහැර කරන කාලයෙහි, අසත්‍යය සත්‍යයැ යි ගන්නා කාලයෙහි, සත්‍යය අසත්‍යයැ යී අත්හරින කාලයෙහි, අලජ්ජීන් බලවත් කල්හි, ලජ්ජීන්ගේ බලය පිරිහෙන කාලයෙහි වන්නේය. “නයිධමත්‍ථී” දැන් හෝ මගේ හෝ ඔබගේ කාලයෙහි, මේ පුරුෂ යුගයෙහි පවත්නා කල්හි මේ සිහිනයන්ගේ විපාක නො වන්නේය. එම නිසා දුර්විපාක නැති කිරීම සඳහා පවත්වන යාග කර්ම පෙරළියක් සේ පවතී. එහි ප්‍රයෝජනයක් නැත. මෙයින් බියක් හෝ තැති ගැන්මක් නැතැ යි, මෙසේ බෝසත්හු රජු සනසා බන්ධනගත සත්ත්වයන් මුදාහැර නැවත අහසෙහි සිට රජුට අවවාද කොට පන්සිල්හි පිහිටුවා මහරජ, මෙතැන් සිට බමුණන් හා එකතු ව සත්ත්ව ඝාතන යාග නො කැරෙවයි, දහම් දෙසා අහසින් ම තමන් වසන තැනට ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “සුපිනපච‍්චයා තෙ භයං නත්‍ථි, හරෙතං යඤ‍්ඤ”න‍්ති යඤ‍්ඤං හාරෙත්‍වා මහාජනස‍්ස ජීවිතදානං දත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, මාණවො සාරිපුත‍්තො, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

රජ ද බෝසතුන්ගේ අවවාදයෙහි සිට දානාදී පින්කොට කම් වූ පරිදි මිය ගියේය. බුදුහු ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිහින හේතුවෙන් රජුට බියක් නැත. එම නිසා මේ යාගය නවත්වනු යි, යාගය නවත්වා මහජනයාට දානය දී අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදා රජ ආනන්‍ද තෙරණුවෝය. මානවකයා සැරියුත් තෙරණුවෝය. තාපසයාණෝ මම ම වීමි.

පරිනිබ‍්බුතෙ පන භගවති සඞ‍්ගීතිකාරකා “උසභා”තිආදීනි තීණි පදානි අට‍්ඨකථං ආරොපෙත්‍වා “ලාබූනී”තිආදීනි චත‍්තාරි පදානි එකං ගාථං කත්‍වා එකකනිපාතපාළිං ආරොපෙසුන‍්ති.

බුදු රජුන් පිරිනිවි කල්හි සංගීත් කාරක මහා තෙරවරු “රුක්‍ඛ” ආදී එකොළොස් පද අටුවාවට නඟා “ලාපූනි” ආදි පද පස එක ගාථාවක් වශයෙන් ගෙන ජාතක ඒකක නිපාත පාළියට ඇතුළත් කළහ.

මහාසුපිනජාතකවණ‍්ණනා සත‍්තමා.