6. අසඞ්කියජාතකවණ්ණනා 76 අට්ඨකථා
6. අසඞ්කියජාතකවණ්ණනා (76)
6. අසඞ්කිය ජාතකය (76)
අසඞ්කියොම්හි ගාමම්හීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං සාවත්ථිවාසිං උපාසකං ආරබ්භ කථෙසි. සො කිර සොතාපන්නො අරියසාවකො කෙනචිදෙව කරණීයෙන එකෙන සකටසත්ථවාහෙන සද්ධිං මග්ගං පටිපජ්ජිත්වා එකස්මිං අරඤ්ඤට්ඨානෙ සකටානි මොචෙත්වා ඛන්ධාවාරබන්ධෙ කතෙ සත්ථවාහස්ස අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ චඞ්කමති. අථත්තනො කාලං සල්ලක්ඛෙත්වා පඤ්චසතා චොරා “ඛන්ධාවාරං විලුම්පිස්සාමා”ති ධනුමුග්ගරාදිහත්ථා තං ඨානං පරිවාරයිංසු. උපාසකොපි චඞ්කමතියෙව. චොරා නං දිස්වා “අද්ධා එස ඛන්ධාවාරරක්ඛකො භවිස්සති, ඉමස්ස නිද්දං ඔක්කන්තකාලෙ විලුම්පිස්සාමා”ති අජ්ඣොත්ථරිතුං අසක්කොන්තා තත්ථ තත්ථෙව අට්ඨංසු. සොපි උපාසකො පඨමයාමෙපි මජ්ඣිමයාමෙපි පච්ඡිමයාමෙපි චඞ්කමන්තොයෙව අට්ඨාසි. පච්චූසකාලෙ ජාතෙ චොරා ඔකාසං අලභන්තා ගහිතෙ පාසාණමුග්ගරාදයො ඡඩ්ඩෙත්වා පලායිංසු.
“අසඞ්කියොම්හි ගාමම්හි” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, සැවැත් නුවර වාසී උපාසකයෙකු අරබයා දෙසූහ. ඔහු සෝවාන් වූ ආර්යය ශ්‍රාවකයෙකි. කිසියම් කටයුත්තක් සඳහා එක් ගැල් නායකයකු සමග මහමඟට පිවිස එක් අරණ්‍යායතනයක ගැල් මුදවා කඳවුරු බැඳගත් කල්හි, ඒ ගැල් නායකයාට නුදුරින් ගසක් මුලක සක්මන් කරයි. ඉක්බිති, පන්සියයක් සොරු තමා හට සුදුසු කාලය සලකා කඳවුර පැහැර ගන්නෙමැ යි දුනු, මුගුරු ආදිය ගත් අත් ඇති ව එම ස්ථානය වට කළහ. උපාසකයා ද සක්මන් කළේමය. සොරු ඔහු දැක ඒකාන්තයෙන් මෙතෙම කඳවුර රකින්නා වන්නේයැ යි සිතා මොහු නිදිගත් කල්හි පැහැර ගන්නෙමු යි කඩාපැනීමට නො හැකි ව ඒ ඒ තැන සිටියහ. ඒ උපාසක ද පළමු යාමෙහි ද මැදියම්හි ද පැසුළුයාමෙහි ද සක්මණෙහි ම නියලී සිටියේය. ඉතා අළුයම් වේලෙහි සොරු ඉඩක් නො ලැබ ගන්නා ලද ගල්, මුගුරු ආදිය දමා පලා ගියහ.
උපාසකොපි අත්තනො කම්මං නිට්ඨාපෙත්වා පුන සාවත්ථිං ආගන්ත්වා සත්ථාරං උපසඞ්කමිත්වා “භන්තෙ, අත්තානං රක්ඛමානා පරරක්ඛකා හොන්තී”ති පුච්ඡි. “ආම, උපාසක, අත්තානං රක්ඛන්තො පරම්පි රක්ඛති, පරං රක්ඛන්තො අත්තානම්පි රක්ඛතී”ති. සො “යාව සුභාසිතඤ්චිදං, භන්තෙ, භගවතා, අහං එකෙන සත්ථවාහෙන සද්ධිං මග්ගං පටිපන්නො රුක්ඛමූලෙ චඞ්කමන්තො ‘මං රක්ඛිස්සාමී’ති සකලසත්ථං රක්ඛි”න්ති ආහ. සත්ථා “උපාසක, පුබ්බෙපි පණ්ඩිතා අත්තානං රක්ඛන්තා පරං රක්ඛිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
උපාසක ද තම කිස නිමවා නැවත සැවැත් නුවරට අවුත් බුදු රජුන් වෙත එළැඹ ස්වාමීනි, තමා රකින්නට මෙරමාගේ ආරක්ෂකයන් විය හැකිදැ යි විචාළේය. උපාසක, එසේය, තමා ආරක්ෂා කරන්නා මෙරමා ද රකී. මෙරමා රකින්නා තමා ද රකියි. ස්වාමීනි, බුදු රජුන් විසින් කරන ලද ප්‍රකාශය සුභාෂිතයකි. මම එක්තරා ගැල් නායකයකු සමග මහමඟට පිවිස ගසක් මුල සක්මන් කැරෙමින් මා රකිමි යි මුළු ගැල් සාත්තුව ම ආරක්ෂා කළෙමි යි කීවේය. බුදු රජහු උපාසකය, පෙර නුවණ ඇත්තෝ ද තමා රකිමින් මෙරමා ද රැක්කාහ යි වදාරා ඔහු විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කාමෙසු ආදීනවං දිස්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො ලොණම්බිලසෙවනත්ථාය ජනපදං ආගන්ත්වා ජනපදචාරිකං චරන්තො එකෙන සත්ථවාහෙන සද්ධිං මග්ගං පටිපජ්ජිත්වා එකස්මිං අරඤ්ඤට්ඨානෙ සත්ථෙ නිවිට්ඨෙ සත්ථතො අවිදූරෙ ඣානසුඛෙන වීතිනාමෙන්තො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ චඞ්කමන්තො අට්ඨාසි. අථ ඛො පඤ්චසතා චොරා “සායමාසභත්තස්ස භුත්තකාලෙ තං සකටසත්ථං විලුම්පිස්සාමා”ති ආගන්ත්වා පරිවාරයිංසු. තෙ තං තාපසං දිස්වා “සචෙ අයං අම්හෙ පස්සිස්සති, සත්ථවාසිකානං ආරොචෙස්සති, එතස්ස නිද්දූපගතවෙලාය විලුම්පිස්සාමා”ති තත්ථෙව අට්ඨංසු. තාපසො සකලම්පි රත්තිං චඞ්කමියෙව. චොරා ඔකාසං අලභිත්වා ගහිතගහිතෙ මුග්ගරපාසාණෙ ඡඩ්ඩෙත්වා සකටසත්ථවාසීනං සද්දං දත්වා “භොන්තො, සත්ථවාසිනො සචෙ එස රුක්ඛමූලෙ චඞ්කමනකතාපසො අජ්ජ නාභවිස්ස, සබ්බෙ මහාවිලොපං පත්තා අභවිස්සථ, ස්වෙ තාපසස්ස මහාසක්කාරං කරෙය්යාථා”ති වත්වා පක්කමිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද නිසි වයසට පැමිණ කාමයන්හි ආදීනව දැක තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි ම වසන්නාහු, ලුණු ඇඹුල් සෙව්නා පිණිස මිනිස් පියසට අවුත් ඒ ජනපදයෙහි හැසිරෙන්නෝ, එක්තරා ගැල් නායකයකු සමග මහමඟට පිවිස එක් අරණ්‍යායතනයක ගැල් නැවතුම් ගත් කල්හි ඊට නුදුරින් දැහැන් සුවයෙන් කල්ගත කරන්නාහු, එක්තරා ගසක් මුලක සක්මනෙහි යෙදුණාහ. ගැල් කරුවන් රාත්‍රී භෝජනය අනුභව කළ කල්හි පන්සියයක් සොරු ඒ ගැල් සාත්තුව පැහැර ගන්නෙමු යි අවුත් වට කළහ. ඔවුහු ඒ තාපසයන් දැක ඉදින් මොහු අප දකිත් නම්, ගැල් සාත්තුවෙහි සිටින්නන්ට කියන්නේය. මොහු නිදිගත් කල්හි පැහැර ගන්නෙමු යි එහි ම සිටියාහුය. තවුසා ද මුළු රාත්‍රිය ම සක්මන් කළේමය. සොරු අවකාශයක් නො ලැබ ගන්නා ලද මුගුරු, ගල් හැරදමා ගැල් සාත්තුවෙහි සිටින්නන්ට ශබ්ද නඟා පින්වත් ගැල් කරුවනි, ඉදින්, මේ ගස මුල සක්මන් කරන තාපසයා අද නො සිටියේ නම්, ඔබ හැම මහත් විනාශයකට පත්වන්නට තිබුණේය. හෙට තවුසාට මහත් සත්කාර කරවු යි කියා ගියාහුය.
තෙ පභාතාය රත්තියා චොරෙහි ඡඩ්ඩිතෙ මුග්ගරපාසාණාදයො දිස්වා භීතා බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා “භන්තෙ, දිට්ඨා වො චොරා”ති පුච්ඡිංසු. “ආමාවුසො, දිට්ඨා”ති. “භන්තෙ, එත්තකෙවො චොරෙ දිස්වා භයං වා සාරජ්ජං වා න උප්පජ්ජී”ති? බොධිසත්තො “ආවුසො චොරෙ දිස්වා භයං නාම සධනස්ස හොති, අහං පන නිද්ධනො, ස්වාහං කිං භායිස්සාමි. මය්හඤ්හි ගාමෙපි අරඤ්ඤෙපි වසන්තස්ස භයං වා සාරජ්ජං වා නත්ථී”ති වත්වා තෙසං ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඔවුහු රාත්‍රිය ඉක්ම ගිය කල්හි සොරුන් විසින් අත්හරින ලද මුගුරු, ගල් ආදිය දැක බිය පත් ව බෝසතුන් වෙත ගොස් වැඳ ස්වාමීනි, ඔබ විසින් සොරු දක්නා ලද්දෝ දැ යි ඇසූහ. සගයිනි, එසේය, දක්නා ලද්දේය. ස්වාමීනි, මෙපමණ සොරුන් දැක ඔබතුමන්ට බියක් හෝ තැති ගැන්මක් හෝ නූපන්නේ ද? එවිට බෝසත්හු, සගයිනි, සොරුන් දැක බය උපදින්නේ ධනවතුන් හටය. මම ධන නැත්තෙක්මි යි. ඒ මම කුමකට බිය වන්නෙම් ද? මට ගමෙහි හෝ වනයෙහි විසුවත් බයක් හෝ තැති ගැන්මක් නැතැ යි කියා ඔවුනට දහම් දෙසමි යි මේ ගාථාව කීහ.
“අසඞ්කියොම්හි ගාමම්හි, අරඤ්ඤෙ නත්ථි මෙ භයං; උජුමග්ගං සමාරුළ්හො, මෙත්තාය කරුණාය චා”ති.
“අසඞ්කියොම්හි ගාමම්හි අරඤ්ඤෙ නත්ථි මෙ භයං, උජුමග්ගං සමාරූළ්හො මෙත්තාය කරුණාය චාති”
“ගමෙහි ද සැක නැත්තේ වෙමි. අරණ්‍යයෙහි මට බියක් නැත. මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද සෘජු වූ (බ්‍රහ්ම ලෝක හා දිව්‍ය ලෝකගාමී) මාර්ගයට නැංගෙමි.”
තත්ථ අසඞ්කියොම්හි ගාමම්හීති සඞ්කාය නියුත්තො පතිට්ඨිතොති සඞ්කියො, න සඞ්කියො අසඞ්කියො. අහං ගාමෙ වසන්තොපි සඞ්කාය අප්පතිට්ඨිතත්තා අසඞ්කියො නිබ්භයො නිරාසඞ්කොති දීපෙති. අරඤ්ඤෙති ගාමගාමූපචාරවිනිමුත්තෙ ඨානෙ. උජුමග්ගං සමාරුළ්හො, මෙත්තාය කරුණාය චාති අහං තිකචතුක්කජ්ඣානිකාහි මෙත්තාකරුණාහි කායවඞ්කාදිවිරහිතං උජුං බ්රහ්මලොකගාමිමග්ගං ආරුළ්හොති වදති. අථ වා පරිසුද්ධසීලතාය කායවචීමනොවඞ්කවිරහිතං උජුං දෙවලොකමග්ගං ආරුළ්හොම්හීති දස්සෙත්වා තතො උත්තරි මෙත්තාය කරුණාය ච පතිට්ඨිතත්තා උජුං බ්රහ්මලොකමග්ගම්පි ආරුළ්හොම්හීතිපි දස්සෙති. අපරිහීනජ්ඣානස්ස හි එකන්තෙන බ්රහ්මලොකපරායණත්තා මෙත්තාකරුණාදයො උජුමග්ගා නාම.
එහි, “අසඞ්කියොම්හි ගාමම්හිති”, සැකයෙහි නියුතු වූයේ - පිහිටියේ “සඞ්කිය” නමි. සංකිය නො වූයේ “අසඞ්කිය” යි. මම ගමෙහි වසන්නේ නමුදු සැකයෙහි නො පිහිටි බැවින් සැක නැත්තේ වෙමි. නිර්භය වෙමි. සැක නැති බව මෙයින් දක්වයි. “අරඤ්ඤෙ”, ගම හා ශාමෝප චාරයෙන් මිදුණේ, මිදුණු ස්ථානයයි. “උජුමග්ගං සමාරූළ්හො මෙත්තාය කරුණාය චාති”, මම තුන් වැනි සතර වැනි ධ්‍යානවලින් ද මෙත්තා, කරුණා, කායිකාදී වැරදිවලින් ද මිදුණා වූ ඇද නැති බඹ ලොව යන මඟට පැමිණියෙහි යි කියයි. නොහොත් පිරිසිදු සිල් ඇති බැවින් කය, වචන, හිත යන තුන් දොරින් වැරදි රහිත වූ ඇද නැති දෙව් ලොව මඟට නෑයෝ වෙමි. මෙසේ දක්වා එයින් මත්තෙහි මෙත්, කරුණා පිහිටි බැවින් සෘජුව ම බ්‍රහ්ම ලෝක මඟට නැංගේ වෙමි යි දක්වයි. නො පිරිහුණු ධ්‍යාන ඇත්තා ඒකාන්තයෙන් බඹ ලොව උපදින බැවින් මෙත්තා, කරුණා ආදිය සෘජු මාර්ග නමි.
එවං බොධිසත්තො ඉමාය ගාථාය ධම්මං දෙසෙත්වා තුට්ඨචිත්තෙහි තෙහි මනුස්සෙහි සක්කතො පූජිතො යාවජීවං චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්ති.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසන්නේ, සතුටු සිත් ඇති ඒ මිනිසුන් විසින් පුදන ලද්දාහු, සතර බ්‍රහ්ම විහරණ වඩා බඹ ලොව උපන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා සත්ථවාසිනො බුද්ධපරිසා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිම කළහ. එදවස ගැල් සාත්තු වැසියෝ බුදු පිරිස වූහ. තාපසයාණෝ වනාහි මම ම වීමි ය.
අසඞ්කියජාතකවණ්ණනා ඡට්ඨා.