5. මච්ඡජාතකවණ්ණනා 75 අට්ඨකථා
5. මච්ඡජාතකවණ්ණනා (75)
5. මච්ඡ ජාතකය (75)
අභිත්ථනය පජ්ජුන්නාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අත්තනා වස්සාපිතවස්සං ආරබ්භ කථෙසි. එකස්මිං කිර සමයෙ කොසලරට්ඨෙ දෙවො න වස්සි, සස්සානි මිලායන්ති, තෙසු තෙසු ඨානෙසු තළාකපොක්ඛරණිසරානි සුස්සන්ති. ජෙතවනද්වාරකොට්ඨකසමීපෙ ජෙතවනපොක්ඛරණියාපි උදකං ඡිජ්ජි. කලලගහනං පවිසිත්වා නිපන්නෙ මච්ඡකච්ඡපෙ කාකකුලලාදයො කණයග්ගසදිසෙහි තුණ්ඩෙහි කොට්ටෙත්වා නීහරිත්වා නීහරිත්වා විප්ඵන්දමානෙ ඛාදන්ති.
“අභිත්ථනය පජ්ජුන්නාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, තමන් විසින් වස්සවන ලද වර්ෂාවක් අරබයා වදාළ සේක. එක් සමයෙක්හි කොසොල් රටට වැසි නො වස්නේය. ගස් ද මැලවේ. ඒ ඒ තැන්වල ජලාශ, පොකුණු, විල් වියලේ. ජේතවන දොරටුව අසල ජේතවන පොකුණෙහි ද දිය සිඳුණේය. මඩ ගොඩෙහි ගිලී සිටි මසුන්, ඉබ්බන්, කපුටු, උකුසු ආදීහු අණින උල් ආයුධ හා සමාන හොටවලින් ඇන බැහැර කැර දඟලද්දී කති.
සත්ථා මච්ඡකච්ඡපානං තං බ්යසනං දිස්වා මහාකරුණාය උස්සාහිතහදයො “අජ්ජ මයා දෙවං වස්සාපෙතුං වට්ටතී”ති පභාතාය රත්තියා සරීරපටිජග්ගනං කත්වා භික්ඛාචාරවෙලං සල්ලක්ඛෙත්වා මහාභික්ඛුසඞ්ඝපරිවුතො බුද්ධලීලාය සාවත්ථියං පිණ්ඩාය පවිසිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සාවත්ථිතො විහාරං ගච්ඡන්තො ජෙතවනපොක්ඛරණියා සොපානෙ ඨත්වා ආනන්දත්ථෙරං ආමන්තෙසි “ආනන්ද, උදකසාටිකං ආහර, ජෙතවනපොක්ඛරණියං න්හායිස්සාමී”ති. “නනු, භන්තෙ, ජෙතවනපොක්ඛරණියං උදකං ඡින්නං, කලලමත්තමෙව අවසිට්ඨ”න්ති? “ආනන්ද, බුද්ධබලං නාම මහන්තං, ආහර ත්වං උදකසාටික”න්ති. ථෙරො ආහරිත්වා අදාසි. සත්ථා එකෙනන්තෙන උදකසාටිකං නිවාසෙත්වා එකෙනන්තෙන සරීරං පාරුපිත්වා “ජෙතවනපොක්ඛරණියං න්හායිස්සාමී”ති සොපානෙ අට්ඨාසි. තඞ්ඛණඤ්ඤෙව සක්කස්ස පණ්ඩුකම්බලසිලාසනං උණ්හාකාරං දස්සෙසි. සො “කිං නු ඛො”ති ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා වස්සවලාහකදෙවරාජානං පක්කොසාපෙත්වා “තාත, සත්ථා ‘ජෙතවනපොක්ඛරණියං න්හායිස්සාමී’ති ධුරසොපානෙ ඨිතො, ඛිප්පං සකලකොසලරට්ඨං එකමෙඝං කත්වා වස්සාපෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා එකං වලාහකං නිවාසෙත්වා එකං පාරුපිත්වා මෙඝගීතං ගායන්තො පාචීනලොකධාතුඅභිමුඛො පක්ඛන්දි. පාචීනදිසාභාගෙ ඛලමණ්ඩලමත්තං එකං මෙඝපටලං උට්ඨාය සතපටලං සහස්සපටලං හුත්වා අභිත්ථනන්තං විජ්ජුලතා නිච්ඡාරෙන්තං අධොමුඛං ඨපිතඋදකකුම්භාකාරෙන වස්සමානං සකලකොසලරට්ඨං මහොඝෙන විය අජ්ඣොත්ථරි. දෙවො අච්ඡින්නධාරං වස්සන්තො මුහුත්තෙනෙව ජෙතවනපොක්ඛරණිං පූරෙසි, ධුරසොපානං ආහච්ච උදකං අට්ඨාසි.
බුදු රජාණන් වහන්සේ මසුන්ගේ හා ඉබ්බන්ගේ ඒ විපත දැක මහා කරුණාවෙන් උත්සාහවත් කරන ලද සිත් ඇත්තේ, අද මා විසින් වැසි වස්සවන්නට වටීයැ යි රෑ පහන් වූ කල්හි සිරුර පිළිදැඟුම් කොට පිඬු සිඟා වඩින වේලාව සලකා මහා භික්ෂු සංඝයා පිරිවරන ලද්දේ, බුද්ධ ලීලාවෙන් සැවැත් නුවරට පිඬු පිණිස පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ සැවැත් නුවර සිට විහාරයට වඩින්නේ, ජේතවන පොකුණේ පඩි පෙළේ සිට ආනන්ද තෙරුන් ඇමතූහ. ආනන්දය, වැසි සළුව ගෙන එව, ජේතවන පොකුණෙන් නාන්නෙමි. ස්වාමීනි, ජේතවන පොකුණේ ජලය සිඳී මඩ පමණක් ඉතිරි ව ඇත්තේ නො වේ ද? ආනන්ද, බුද්ධ බලය නම් විශාලයි. නුඹ දිය සළුව ගෙන එව. තෙරුන් වහන්සේ ගෙනවිත් දුන් සේක. බුදු රජහු එක් කොණකින් දිය සළුව හැඳ එක් කොණකින් සිරුර පොරවා ජේතවන පොකුණෙන් නාන්නෙමි යි පඩි පෙළෙහි සිටියහ. ඒ මොහොතේ ම ශක්‍රයාගේ පඬුපුල් ගල් අසුන උණුසුම් ආකාරයෙන් දැක්වීය. හෙතෙම මේ කුමක්දැ යි මෙනෙහි කරන්නේ, ඒ කරුණ දැන වැස්සවලාහක දිව්‍ය පුත්‍රයා කැඳවා දරුව, බුදු රජහු දෙව්රම පොකුණෙහි නාන්නෙමි යි පියගැට පෙළේ මුල් පඩියෙහි සිටින සේක. වහා සියලු කොසොල් රට එක ම ජල ධාරාවක් කොට වැස්ස වනු. හෙතෙම යහපතැ යි පිළිගෙන එක් වලාකුළක් හැඳගෙන එකක් පොරවා ගෙන මේඝ ගීතිකා ගයමින් පෙරදිග ලෝක ධාතුව අභිමුඛ ව පැන්නේය. පූර්ව දිශා භාගයෙන් කලවිටක් පමණ වූ එක් වැසි වලාවක් පැන නැඟී සිය දහස් වලාවන් වී ගර්ජන කැරෙමින් විදුලිය විහිදුවන්නේ, යටිකුරු කොට තබන ලද දිය කළයක ආකාරයෙන් වසිමින් මුළු කොසොල් රට මහා සැඩ පහරක් මෙන් යට කළේය. වැස්ස නො කඩවා වසින්නේ, මොහොතකින් ම දෙව්රම් පොකුණ පිරවීය. උඩ ම පියගැටයෙහි හැපී ජලය සිටියේය.
සත්ථා පොක්ඛරණියං න්හායිත්වා සුරත්තදුපට්ටං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සුගතමහාචීවරං එකංසං කත්වා භික්ඛුසඞ්ඝපරිවුතො ගන්ත්වා ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදිත්වා භික්ඛුසඞ්ඝෙන වත්තෙ දස්සිතෙ උට්ඨාය මණිසොපානඵලකෙ ඨත්වා භික්ඛුසඞ්ඝස්ස ඔවාදං දත්වා උය්යොජෙත්වා සුරභිගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙත්වා සායන්හසමයෙ ධම්මසභායං සන්නිපතිතානං භික්ඛූනං “පස්සථාවුසො, දසබලස්ස ඛන්තිමෙත්තානුද්දයසම්පත්තිං, විවිධසස්සෙසු මිලායන්තෙසු නානාජලාසයෙසු සුස්සන්තෙසු මච්ඡකච්ඡපෙසු මහාදුක්ඛං පාපුණන්තෙසු කාරුඤ්ඤං පටිච්ච ‘මහාජනං දුක්ඛා මොචෙස්සාමී’ති උදකසාටිකං නිවාසෙත්වා ජෙතවනපොක්ඛරණියා ධුරසොපානෙ ඨත්වා මුහුත්තෙන සකලකොසලරට්ඨං මහොඝෙන ඔපිලාපෙන්තො විය දෙවං වස්සාපෙත්වා මහාජනං කායිකචෙතසිකදුක්ඛතො මොචෙත්වා විහාරං පවිට්ඨො”ති කථාය වත්තමානාය ගන්ධකුටිතො නික්ඛමිත්වා ධම්මසභං ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව මහාජනෙ කිලමන්තෙ දෙවං වස්සාපෙති, පුබ්බෙ තිරච්ඡානයොනියං නිබ්බත්තිත්වා මච්ඡරාජකාලෙපි වස්සාපෙසියෙවා”ති වත්වා අතීතං ආහරි.
බුදු රජහු පොකුණෙන් නා රතු දුහුල් සිවුරක් හැඳ පටිය බැඳ සුගත් මහා සිවුර සකස් කොට බහාලා භික්ෂු සංඝයා පිරිවරා ගොස් ගඳකිළි පිරිවෙන්හි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හිඳ භික්ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි නැඟිට මැණික් ඔබා කරන ලද පියගැට පුවරුවෙහි වැඩ සිට භික්ෂු සංඝයාට අවවාද දී පිටත්කැර යවා සුගන්ධවත් ගඳකිළියට පිවිස දකුණු ඇලයෙන් සිංහ සෙය්යාවෙන් සැතපී සවස් කාලයෙහි දම් සභාවෙහි රැස් වූ භික්ෂූන්ට මහණෙනි, දශ බලධාරීන් වහන්සේගේ කරුණා, මෛත්‍රී, අනුකම්පා සම්පත්ති බලවු. විවිධ ශස්‍යය වර්ග මැලවී යන කල්හි, නොයෙක් ජලාශ සිඳී යද්දී මසුන්, ඉබ්බන් මහා දුක් අනුභව කරද්දී, කරුණාව නිසා මහජනයා දුකින් මුදවන්නෙමි යි ජල සාටකය ඇද ජේතවනාරාමයේ පොකුණේ මුල් පඩියේ සිට මොහොතින් මුළු කොසොල් රට ම මහා වැස්සෙන් පා කරන්නාක් මෙන් වර්ෂාව වස්සවා මහජනයා කායික, චෛතසික දුකින් මුදවා වෙහෙරට පිවිසියහ යි කථාව පවත්නා කල්හි ගඳකිළියෙන් නික්ම දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහු යි කී කල්හි මහණෙනි, බුදුහු විඩාවට පත් මහජනයාට වර්ෂාව වස්වා දුකින් මුදවූයේ දැන් පමණක් නොව, පෙර තිරිසන් යෝනියෙහි ඉපිද මත්ස්යය රාජ කාලයෙහි ද වැසි වැස්ස වූයේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ ඉමස්මිංයෙව කොසලරට්ඨෙ ඉමිස්සා සාවත්ථියා ඉමස්මිංයෙව ජෙතවනපොක්ඛරණිට්ඨානෙ එකා වල්ලිගහනපරික්ඛිත්තා කන්දරා අහොසි. තදා බොධිසත්තො මච්ඡයොනියං නිබ්බත්තිත්වා මච්ඡගණපරිවුතො තත්ථ පටිවසති. යථා පන ඉදානි, එවමෙව තදාපි තස්මිං රට්ඨෙ දෙවො න වස්සි, මනුස්සානං සස්සානි මිලායිංසු, වාපිතළාකකන්දරාදීසු උදකං ඡිජ්ජි, මච්ඡකච්ඡපා කලලගහනං පවිසිංසු. ඉමිස්සාපි කන්දරාය මච්ඡකච්ඡපා කලලගහනං පවිසිත්වා තස්මිං තස්මිං ඨානෙ නිලීයිංසු. කාකාදයො තුණ්ඩෙන කොට්ටෙත්වා නීහරිත්වා ඛාදිංසු.
පෙර මෙම කොසොල් රටෙහි ම මෙම සැවැත් නුවර ම මෙම දෙව්රම් වෙහෙර පොකුණ පිහිටි තැන ම වන ලැහැබින් වට වූ දිය කඳුරක් විය. එදවස බෝසත්හු මත්ස්‍ය යෝනියෙහි ඉපිද මත්ස්‍ය ගණයා විසින් පිරිවරන ලදුව එහි වාසය කරති. මෙදවස යම් සේ වී ද එදවස ද ඒ රටෙහි වැසි නො වැස්සේය. මිනිසුන්ගේ ශස්‍යය මැළවිනි. වැව් ආදියෙහි දිය සිඳී ගියේය. මත්ස්‍ය, කැස්බෑ ආදීහු මඩෙහි සැඟවුණහ. කවුඩු ආදීහු තුඩින් කොටා බැහැරට ගෙන කෑවාහුය.
බොධිසත්තො ඤාතිසඞ්ඝස්ස තං බ්යසනං දිස්වා “ඉමං තෙසං දුක්ඛං ඨපෙත්වා මං අඤ්ඤො මොචෙතුං සමත්ථො නාම නත්ථි, සච්චකිරියං කත්වා දෙවං වස්සාපෙත්වා ඤාතකෙ මරණදුක්ඛා මොචෙස්සාමී”ති කාළවණ්ණං කද්දමං ද්විධා වියූහිත්වා නික්ඛමිත්වා අඤ්ජනරුක්ඛසාරඝටිකවණ්ණො මහාමච්ඡො සුධොතලොහිතඞ්ගමණිගුළසදිසානි අක්ඛීනි උම්මීලෙත්වා ආකාසං උල්ලොකෙත්වා පජ්ජුන්නදෙවරාජස්ස සද්දං දත්වා “භො පජ්ජුන්න, අහං ඤාතකෙ නිස්සාය දුක්ඛිතො, ත්වං මයි සීලවන්තෙ කිලමන්තෙ කස්මා දෙවං න වස්සාපෙසි? මයා සමානජාතිකානං ඛාදනට්ඨානෙ නිබ්බත්තිත්වා තණ්ඩුලප්පමාණම්පි මච්ඡං ආදිං කත්වා ඛාදිතපුබ්බො නාම නත්ථි, අඤ්ඤොපි මෙ පාණො ජීවිතා න වොරොපිතපුබ්බො, ඉමිනා සච්චෙන දෙවං වස්සාපෙත්වා ඤාතිසඞ්ඝං මෙ දුක්ඛා මොචෙහී”ති වත්වා පරිචාරකචෙටකං ආණාපෙන්තො විය පජ්ජුන්නදෙවරාජානං ආලපන්තො ඉමං ගාථමාහ –
බෝසත්හු නෑ සමූහයාගේ ඒ විනාශය දැක මොවුන් මේ දුකෙන් මිදීමට සමතකු මා හැර නැත. සත්‍යය ක්‍රියා කොට වැසි වස්සවා නෑයන් මරණ දුකින් මුදවමි යි කළුවන් මඩ දෙපසට කොට නික්මී කළුවර අරටුවක වර්ණය ඇති මහා මත්ස්‍යයා ඔප දමන ලද පද්මරාග මාණික්‍යය වැනි ඇස් හැර අහස දෙස බලා වැස්ස වලාහක දෙවියන්ට කථා කොට පුදසුම්න දෙවි රජුගේ ශබ්දය දී පින්වත් වස්ස වලාහකය, මම නෑයන් නිසා දුකට පත්වූයේ වෙමි. ශීලවන්ත වූ මා මෙසේ වෙහෙසෙන කල්හි ඔබ කුමක් නිසා වර්ෂාව නො වස්සන්නෙහි ද? මා විසින් තමා හා සමාන ජාතිකයන් අනුභව කරන තැනක ඉපදී සහල් ඇටයක් පමණ වූ ද මසෙක් ආදී කොට කිසි සතකු නො කෑ විරුවෙමි. අන් සතකු ද මා විසින් කිසි දිනක දිවි තොර නො කරන ලදි. මේ සත්‍යයෙන් වර්ෂාව වස්සවා මගේ ඤාති සමූහයා දුකින් මුදවනු මැනවැ යි කියා ළඟ හැසිරෙන සේවකයකුට අණ කරන්නාක් මෙන් වැස්ස වලාහක දිව්‍ය රාජයා අමතමින් මේ ගාථාව කීය.
“අභිත්ථනය පජ්ජුන්න, නිධිං කාකස්ස නාසය; කාකං සොකාය රන්ධෙහි, මඤ්ච සොකා පමොචයා”ති.
“අභිත්ථනය පජ්ජුන්න නිධිං කාසස්ස නාසය, කාකං සොකාය රන්ධෙහි මඤ්ච සොකා පමොචයාති”
“මේඝය, ගර්ජන කැරව. කාක සමූහයාගේ (මත්ස්යය) නිදානය නසව. කපුටු මුළු ව ශෝකයට පමුණුවව. නෑයන් හා මා ද ශෝකයෙන් මුදව.”
තත්ථ අභිත්ථනය පජ්ජුන්නාති පජ්ජුන්නො වුච්චති මෙඝො, අයං පන මෙඝවසෙන ලද්ධනාමං වස්සවලාහකදෙවරාජානං ආලපති. අයං කිරස්ස අධිප්පායො – දෙවො නාම අනභිත්ථනන්තො විජ්ජුලතා අනිච්ඡාරෙන්තො වස්සන්තොපි න සොභති, තස්මා ත්වං අභිත්ථනන්තො විජ්ජුලතා නිච්ඡාරෙන්තො වස්සාපෙහීති. නිධිං කාකස්ස නාසයාති කාකා කලලං පවිසිත්වා ඨිතෙ මච්ඡෙ තුණ්ඩෙන කොට්ටෙත්වා නීහරිත්වා ඛාදන්ති, තස්මා තෙසං අන්තොකලලෙ මච්ඡා “නිධී”ති වුච්චන්ති, තං කාකසඞ්ඝස්ස නිධිං දෙවං වස්සාපෙන්තො උදකෙන පටිච්ඡාදෙත්වා නාසෙහීති. කාකං සොකාය රන්ධෙහීති කාකසඞ්ඝො ඉමිස්සා කන්දරාය උදකෙන පුණ්ණාය මච්ඡෙ අලභමානො සොචිස්සති, තං කාකගණං ත්වං ඉමං කන්දරං පූරෙන්තො සොකාය රන්ධෙහි, සොකස්සත්ථාය මච්ඡස්ස අස්සාසත්ථාය දෙවං වස්සාපෙහි. යථා අන්තොනිජ්ඣානලක්ඛණං සොකං පාපුණාති, එවං කරොහීති අත්ථො, මඤ්ච සොකා පමොචයාති එත්ථ ච-කාරො සම්පිණ්ඩනත්ථො, මඤ්ච මම ඤාතකෙ ච සබ්බෙව ඉමම්හා මරණසොකා මොචෙහීති.
එහි, “අභිත්ථනය පජ්ජුන්නාති” හි “පජ්ජුන්න”, යනු මේඝයට නමකි. මෙසේ වර්ෂාව වශයෙන් ලැබූ නාමයෙන් වැස්ස වලාහක දෙවියන්ට අමතයි. මෙහි අදහස නම් මෙයයි. වර්ෂාව ඝෝෂා නො කැරෙමින් විදුලිය නිකුත් නො කැරෙමින් වසින්නේ, නො හොඹි. එහෙයින් ඔබ ඝෝෂා කැරෙමින් විදුලිය නිකුත් කැරෙමින් වස්සවයි. “නිධිං කාකස්ස නාසය”, කවුඩෝ මට යට සිටි මසුන් තුඩින් කොටා බැහැරට ගෙන කත්. එම නිසා ඒ කවුඩන්ට මඩෙහි ගැළී සිටි මත්ස්‍යයන් නිදානයකැ යි කියනු ලැබේ. ඒ කවුඩන්ගේ නිදානය වර්ෂාව වස්සවමින් ජලයෙන් වසා නසයි. “කාකං සොකාය රන්ධෙහි”, කවුඩෝ මේ පොකුණ ජලයෙන් පිරුණු කල්හි මසුන් නො ලැබීමෙන් ශෝක කරන්නාහ. ඒ කාක සමූහයා මේ පොකුණ පිරවීමෙන් ශෝකයෙහි රඳවා ශෝක බවට පමුණුව. යම් සේ ඇතුළත දවන ස්වභාව වූ ශෝකයට පැමිණෙයි ද එසේ කරව, යන අර්ථයි. “මඤ්ච සොකා පමොචයාති” මෙය ‘ච’ කාරය කැටි කිරීමේ අර්ථයි. මෙසේ මා ද මගේ ඤාතීන් ද සියල්ලන් ම මේ මරණ ශෝකයෙන් මුදවයි.
එවං බොධිසත්තො පරිචාරකචෙටකං ආණාපෙන්තො විය පජ්ජුන්නං ආලපිත්වා සකලකොසලරට්ඨෙ මහාවස්සං වස්සාපෙත්වා මහාජනං මරණදුක්ඛා මොචෙත්වා ජීවිතපරියොසානෙ යථාකම්මං ගතො.
මෙසේ බෝසත්හු ළඟ හැසිරෙන සේවකයකුට අණ කරන්නාක් මෙන් වැස්ස වලාහක දෙවියන් අමතා මුළු කොසොල් රටෙහි ම මහා වර්ෂාවක් වස්සවා මහජනයා මරණ දුකින් මුදවා දිවි කෙළවර කම් වූ පරිදි මිය ගියහ.
සත්ථා “න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව දෙවං වස්සාපෙති, පුබ්බෙ මච්ඡයොනියං නිබ්බත්තොපි වස්සාපෙසියෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මච්ඡගණා බුද්ධපරිසා අහෙසුං, පජ්ජුන්නදෙවරාජා ආනන්දො, මච්ඡරාජා පන අහමෙව අහොසි”න්ති.
මහණෙනි, තථාගතයෝ දැන් පමණක් ම වර්ෂාව නො වස්සවති. පෙර ද මත්ස්‍ය යෝනියෙහි උපන්නා වූ ද වැස්සවූවෝ මයැ යි වදාරා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එදවස මත්ස්‍ය ගණයා නම් බුදු පිරිස ම වූහ. වැස්ස වලාහක දෙව් රජ ආනන්ද විය. මත්ස්‍ය රාජයා නම් මම ම වීමි.
මච්ඡජාතකවණ්ණනා පඤ්චමා.