යෙදුමෙන් කියවන්න

4. රුක‍්ඛධම‍්මජාතකවණ‍්ණනා 74 අට‍්ඨකථා

4. රුක‍්ඛධම‍්මජාතකවණ‍්ණනා (74)

4. රුක්ඛධම්ම ජාතකය (74)

සාධූ සම‍්බහුලා ඤාතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උදකකලහෙ අත‍්තනො ඤාතකානං මහාවිනාසං පච‍්චුපට‍්ඨිතං ඤත්‍වා ආකාසෙන ගන‍්ත්‍වා රොහිණීනදියා උපරි පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා නීලරංසිං විස‍්සජ‍්ජෙත්‍වා ඤාතකෙ සංවෙජෙත්‍වා ආකාසා ඔරුය‍්හ නදීතීරෙ නිසින‍්නො තං කලහං ආරබ‍්භ කථෙසි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන කුණාලජාතකෙ (ජා· 2.21.කුණාලජාතක) ආවි භවිස‍්සති. තදා පන සත්‍ථා ඤාතකෙ ආමන‍්තෙත්‍වා “මහාරාජා , තුම‍්හෙ ඤාතකා, ඤාතකෙහි නාම සමග‍්ගෙහි සම‍්මොදමානෙහි භවිතුං වට‍්ටති. ඤාතකානඤ‍්හි සාමග‍්ගියා සති පච‍්චාමිත‍්තා ඔකාසං න ලභන‍්ති, තිට‍්ඨන‍්තු තාව මනුස‍්සභූතා, අචෙතනානං රුක‍්ඛානම‍්පි සාමග‍්ගිං ලද‍්ධුං වට‍්ටති. අතීතස‍්මිඤ‍්හි හිමවන‍්තප‍්පදෙසෙ මහාවාතො සාලවනං පහරි, තස‍්ස පන සාලවනස‍්ස අඤ‍්ඤමඤ‍්ඤං රුක‍්ඛගච‍්ඡගුම‍්බලතාහි සම‍්බන්‍ධත‍්තා එකරුක‍්ඛම‍්පි පාතෙතුං අසක‍්කොන‍්තො මත්‍ථකමත්‍ථකෙනෙව අගමාසි. එකං පන අඞ‍්ගණෙ ඨිතං සාඛාවිටපසම‍්පන‍්නම‍්පි මහාරුක‍්ඛං අඤ‍්ඤෙහි රුක‍්ඛෙහි අසම‍්බන්‍ධත‍්තා උම‍්මූලෙත්‍වා භූමියං පාතෙසි, ඉමිනා කාරණෙන තුම‍්හෙහිපි සමග‍්ගෙහි සම‍්මොදමානෙහි භවිතුං වට‍්ටතී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

“සාධු සම්බහුලා ඤාතීති” යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ජලය බෙදා ගැනීමේ කලහයෙහි තමන්ගේ නෑයන්ට මහා විනාශයක් එළැඹි බව දැන අහසින් වැඩමවා රෝහිණී ගංගාවෙහි මත්තෙහි පලක් බැඳ වැඩ හිඳ නිල් රැස් විහිදුවා නෑයන් සංවේගයට පමුණුවා අහසින් බැස ගංතෙරෙහි වැඩසිටි සේක. ඒ කලහය අරබයා මේ ජාතකය දේශනා කළහ. මේ එහි සැකෙවින් දැක්වීමයි. මෙහි විස්තර කථාව කුණාල ජාතකයෙහි ප්‍රකට වන්නේය. එකල්හි බුදු රජහු නෑයන් අමතා මහරජවරුනි, ඔබ හැම නෑයෝය. නෑයෝ නම් සමගි ව සතුටින් සිටිය යුත්තෝය. නෑයන්ගේ සමගිය ඇති කල්හි සතුරෝ ඉඩක් නො ලබති. මිනිස්සු සිටිත්වා’ සිත් පිත් නැති ගස්වලට පවා සමගිය ලැබීම වටී. පෙර හිමවත් පෙදෙසෙහි මහා සුළඟක් සල් වනයට ම පහර ගැසීය. ඒ සල් වනය ඔවුනොවුන් ගස්, වැල්, ලැහැබ් එකට සම්බන්ධ ව පැවැති බැවින් එක් ගසක් හෝ හෙළන්නට නො හැකි ව ගස් මතු මත්තෙන් හමා ගියේය. හිස් භූමියක පිහිටි එක් ගසක් අතු රිකිලිවලින් යුක්ත වූ මහා ගසක් වුව ද අනිත් ගස් හා සම්බන්ධ නැති බැවින් සහමුලින් ඉදිරී බිම හෙළීය. මෙකරුණෙන් ඔබලා ද සමගි ව සතුටු ව විසිය යුතුයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලද බුදු රජහු අතීත කතාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ පඨමං උප‍්පන‍්නො වෙස‍්සවණො මහාරාජා චවි, සක‍්කො අඤ‍්ඤං වෙස‍්සවණං ඨපෙසි. එතස‍්මිං වෙස‍්සවණෙ පරිවත‍්තෙ පච‍්ඡා නිබ‍්බත‍්තවෙස‍්සවණො “රුක‍්ඛගච‍්ඡගුම‍්බලතානං අත‍්තනො අත‍්තනො රුච‍්චනට‍්ඨානෙ විමානං ගණ‍්හන‍්තූ”ති සාසනං පෙසෙසි. තදා බොධිසත‍්තො හිමවන‍්තප‍්පදෙසෙ එකස‍්මිං සාලවනෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. සො ඤාතකෙ ආහ “තුම‍්හෙ විමානානි ගණ‍්හන‍්තා අඞ‍්ගණෙ ඨිතරුක‍්ඛෙසු මා ගණ‍්හථ, ඉමස‍්මිං පන සාලවනෙ මයා ගහිතවිමානං පරිවාරෙත්‍වා ඨිතවිමානානි ගණ‍්හථා”ති. තත්‍ථ බොධිසත‍්තස‍්ස වචනකරා පණ‍්ඩිතදෙවතා බොධිසත‍්තස‍්ස විමානං පරිවාරෙත්‍වා ඨිතවිමානානි ගණ‍්හිංසු. අපණ‍්ඩිතා පන දෙවතා “කිං අම‍්හාකං අත්‍ථො අරඤ‍්ඤවිමානෙහි, මයං මනුස‍්සපථෙ ගාමනිගමරාජධානිද‍්වාරෙසු විමානානි ගණ‍්හිස‍්සාම. ගාමාදයො හි උපනිස‍්සාය වසමානා දෙවතා ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තා හොන‍්තී”ති මනුස‍්සපථෙ අඞ‍්ගණට‍්ඨානෙ නිබ‍්බත‍්තමහාරුක‍්ඛෙසු විමානානි ගණ‍්හිංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි උපන් වෙසමුණි මහරජ චුත වූයේය. සක් දෙවිඳු අනිකකු වෛශ්‍රවණ පදවියෙහි පිහිටුවීය. මේ වෛශ්‍රවණයන් මාරු වනවිට පසු ව උපන් වෛශ්‍රවණ රූක්‍ෂ ගස්, වන, ලැහැබ්, ලියවැල්වලට අරක් ගත් දෙවියන් තම තමන් කැමැති ස්ථානවල විමාන ගන්නා ලෙස පණිවිඩ යැවූහ. එකල්හි බෝසත්හු හිමවත් පෙදෙසෙහි එක් සල් වනයක රුක් දෙවියෙක් වී උපන්නහ. එතුමෝ නෑයන් අමතා මෙසේ කීහ. ඔබ විමාන ගන්නා කල්හි හිස් භූමිවල පිහිටි ගස්වල නො ගනිවු. මේ සල් වනයෙහි මා ගත් විමානය පිරිවර කොට ම ගනිවු. එහි දී බෝසතුන්ගේ වචන පිළිගත්තා වූ නුවණ ඇති දෙවියෝ බෝසතුන්ගේ විමන පිරිවරා ම විමාන ගත්හ. නුවණ නැති දෙවියෝ අපට මහා වනයෙහි විමානවලින් කවර වැඩක් ද? අපි මිනිස් පියසෙහි ගම්, නියම් ගම්, රාජධානි දොරටුවල විමාන ගන්නෙමු. ගම් ආදිය ඇසුරුකොට වසන දෙවියෝ ලාභයෙන් හා කීර්තියෙන් අග තැන්පත් වෙති. මිනිස් පියසෙහි හිස් භූමිවල වැඩුණු මහා ගස්වල විමාන ගත්තාහුය.

අථෙකස‍්මිං දිවසෙ මහතී වාතවුට‍්ඨි උප‍්පජ‍්ජි. වාතස‍්ස අතිබලවතාය දළ‍්හමූලා වනජෙට‍්ඨකරුක‍්ඛාපි සංභග‍්ගසාඛාවිටපා සමූලා නිපතිංසු. තං පන අඤ‍්ඤමඤ‍්ඤං සම‍්බන්‍ධනෙන ඨිතං සාලවනං පත්‍වා ඉතො චිතො ච පහරන‍්තො එකරුක‍්ඛම‍්පි පාතෙතුං නාසක‍්ඛි. භග‍්ගවිමානා දෙවතා නිප‍්පටිසරණා දාරකෙ හත්‍ථෙසු ගහෙත්‍වා හිමවන‍්තං ගන‍්ත්‍වා අත‍්තනො පවත‍්තිං සාලවනදෙවතානං කථයිංසු. තා තාසං එවං ආගතභාවං බොධිසත‍්තස‍්ස ආරොචෙසුං. බොධිසත‍්තො “පණ‍්ඩිතානං වචනං අග‍්ගහෙත්‍වා නිප‍්පච‍්චයට‍්ඨානං ගතා නාම එවරූපාව හොන‍්තී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

එක් දවසක් මහා වැස්සක් වට. සුළඟ වේගවත් බැවින් දැඩි මුල් ඇති වන දෙටු ගස් පවා බිඳුණු අතුරිකිලි ඇති ව සහමුලින් ම ඇද වැටිණි. එම මහා සුළඟ ඔවුනොවුන් සම්බන්ධ වී ඇති සල් වනයට පැමිණ ඔබිමොබ පහර දුන්න ද එක ගසක්වත් හෙළන්නට නො හැකි විය. සිඳී ගිය විමන් ඇති දෙවියෝ පිළිසරණක් නැති ව දරුවන් අතින් ගෙන හිමවතට ගොස් තමන් පිළිබඳ පුවත සල් වනයෙහි දෙවියන්ට කීවාහුය. සල් වන වැසි දෙවියෝ සෙසු දෙවියන් මෙසේ ආ බව බෝසතුන්ට සැලකළහ. බෝසත්හු නුවණ ඇත්තන්ගේ වචන නො ගෙන පිහිටක් නැති තැනට ගියාහු. මෙබඳු ම වෙත්යැ යි කියා දම් දෙසමින් මේ ගාථාව කීහ.

“සාධූ සම‍්බහුලා ඤාතී, අපි රුක‍්ඛා අරඤ‍්ඤජා; වාතො වහති එකට‍්ඨං, බ්‍රහන‍්තම‍්පි වනප‍්පති”න‍්ති.

“සාධු සම්බහුලා ඤාතී අපි රුක්‍ඛා අරඤ්ඤජා, වාතො වහති එකට්ඨං බ්‍රහන්තම්පි වනස්පතින්ති”

“බොහෝ වූ නෑයෝ (සමග ව වෙසෙන්නාහු) සෝභමාන වෙති. ආරණ්‍යයෙහි හටගත් වෘක්‍ෂයෝ පවා (ඝනව සිටියාහු) සෝභමාන වෙත්. වාතය එකලා ව සිටියා වූ අතුපතර ඇති මහත් වූ වන දෙටු රුක ද මුලිනුපුටා හෙළයි.”

තත්‍ථ සම‍්බහුලා ඤාතීති චත‍්තාරො උපාදාය තතුත‍්තරි සතසහස‍්සම‍්පි සම‍්බහුලා නාම, එවං සම‍්බහුලා අඤ‍්ඤමඤ‍්ඤං නිස‍්සාය වසන‍්තා ඤාතකා. සාධූති සොභනා පසත්‍ථා, පරෙහි අප‍්පධංසියාති අත්‍ථො. අපි රුක‍්ඛා අරඤ‍්ඤජාති තිට‍්ඨන‍්තු මනුස‍්සභූතා, අරඤ‍්ඤෙ ජාතරුක‍්ඛාපි සම‍්බහුලා අඤ‍්ඤමඤ‍්ඤූපත්‍ථම‍්භෙන ඨිතා සාධුයෙව. රුක‍්ඛානම‍්පි හි සපච‍්චයභාවො ලද‍්ධුං වට‍්ටති. වාතො වහති එකට‍්ඨන‍්ති පුරත්‍ථිමාදිභෙදො වාතො වායන‍්තො අඞ‍්ගණට‍්ඨානෙ ඨිතං එකට‍්ඨං එකකමෙව ඨිතං බ්‍රහන‍්තම‍්පි වනප‍්පතිං සාඛාවිටපසම‍්පන‍්නං මහාරුක‍්ඛම‍්පි වහති, උම‍්මූලෙත්‍වා පාතෙතීති අත්‍ථො. බොධිසත‍්තො ඉමං කාරණං කථෙත්‍වා ආයුක‍්ඛයෙ යථාකම‍්මං ගතො.

එහි “සම්බහුලා ඤාතී” හතරේ සිට ලක්‍ෂය දක්වා සම්බහුලා නමි. මෙසේ බොහෝ දෙනෙක් ඔවුනොවුන් ඇසුරු කොට වසන්නාහු, නෑයෝය. “සාධුති”, සෝභමාන, පැසසිය යුතු, අනුන් විසින් නො නැසිය හැක්කේය යන අර්ථයි. “අපි රුක්‍ඛා අරඤ්ඤජා”, මිනිසුන් තිබේවා. වනයෙහි හටගත් ගස් පවා බහුල ව ඔවුනොවුන්ට පිහිටවෙමින් තිබුණේ නම් යහපත්ය. ගස්වලට ද පිහිට ඇති බව ම ලැබීමට සුදුසුයි. “වාතො වහති එකට්ඨං”, පෙර දිශාව ආදී වශයෙන් හමන සුළඟ හිස් බිමක එකලා ව සිටි, “බ්‍රහන්තම්පි වනස්පතින්ති”, අතුරිකිලි ආදියෙන් සම්පූර්ණ වූ මහා ගසක් පවා මැඩ පවත්වයි. සහමුලින් හෙළයි, යන අර්ථයි.

සත්‍ථාපි “එවං, මහාරාජා, ඤාතකානං තාව සාමග‍්ගියෙව ලද‍්ධුං වට‍්ටති, සමග‍්ගා සම‍්මොදමානා පියසංවාසමෙව වසථා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දෙවතා බුද‍්ධපරිසා අහෙසුං, පණ‍්ඩිතදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බෝසත්හු මේ කාරණය කියා ආයු කෙළවර කම් වූ පරිදි මිය ගියාහුය. බුදු රජහු ද මහරජවරුනි, ඒ එසේ මය. ඤාතීන්ගේ සමගි බව ම තිබිය යුතුය. එම නිසා සමගි ව සතුටු වෙමින් සුහද ව වාසය කරවු. මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙවියෝ බුදු පිරිස වූහ. නුවණ ඇති දෙවියා නම් මම ම වීමි.

රුක‍්ඛධම‍්මජාතකවණ‍්ණනා චතුත්‍ථා.