යෙදුමෙන් කියවන්න

3. සච‍්චංකිරජාතකවණ‍්ණනා 73 අට‍්ඨකථා

3. සච‍්චංකිරජාතකවණ‍්ණනා (73)

3. සච්චංකිර ජාතකය (73)

සච‍්චං කිරෙවමාහංසූති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. භික‍්ඛුසඞ‍්ඝස‍්මිඤ‍්හි ධම‍්මසභායං නිසීදිත්‍වා “ආවුසො, දෙවදත‍්තො සත්‍ථු ගුණං න ජානාති, වධායයෙව පරිසක‍්කතී”ති දෙවදත‍්තස‍්ස අගුණං කථෙන‍්තෙ සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“සච්චං කිරෙවමාහංසූති” යන මේ ජාතකය බුදු රජහු වේළුවනයෙහි වසන සේක්, බුදු රජුන් ඝාතනයට ගත් උත්සාහයක් අරබයා දේශනා කළහ. භික්‍ෂූන් දම් සභාවෙහි හිඳ ඇවැත්නි, දෙව්දත් බුදු ගුණ නො දනී. වධය පිණිස ම උත්සාහ කරයි යනුවෙන් දෙව්දත්ගේ අගුණ කියමින් සිටි කල්හි බුදු රජහු මහණෙනි, දැන් කවර කථාවක් කැරෙමින් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, දෙව්දත් මා ඝාතනයට උත්සාහ කරන්නේ දැන් පමණක් නො වෙයි. පෙරත් උත්සාහ කළේමැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ තස‍්ස දුට‍්ඨකුමාරො නාම පුත‍්තො අහොසි කක‍්ඛළො ඵරුසො පහටාසීවිසූපමො, අනක‍්කොසිත්‍වා වා අපහරිත්‍වා වා කෙනචි සද‍්ධිං න කථෙති. සො අන‍්තොජනස‍්ස ච බහිජනස‍්ස ච අක‍්ඛිම‍්හි පතිතරජං විය, ඛාදිතුං ආගතපිසාචො විය ච අමනාපො අහොසි උබ‍්බෙජනීයො. සො එකදිවසං නදීකීළං කීළිතුකාමො මහන‍්තෙන පරිවාරෙන නදීතීරං අගමාසි. තස‍්මිං ඛණෙ මහාමෙඝො උට‍්ඨහි, දිසා අන්‍ධකාරා ජාතා. සො දාසපෙස‍්සජනං ආහ “එථ භණෙ, මං ගහෙත්‍වා නදීමජ‍්ඣං නෙත්‍වා න‍්හාපෙත්‍වා ආනෙථා”ති. තෙ තං තත්‍ථ නෙත්‍වා “කිං නො රාජා කරිස‍්සති, ඉමං පාපපුරිසං එත්‍ථෙව මාරෙමා”ති මන‍්තයිත්‍වා “එත්‍ථ ගච‍්ඡ කාළකණ‍්ණී”ති උදකෙ නං ඔපිලාපෙත්‍වා පච‍්චුත‍්තරිත්‍වා තීරෙ අට‍්ඨංසු. “කහං කුමාරො”ති ච වුත‍්තෙ “න මයං කුමාරං පස‍්සාම, මෙඝං උට‍්ඨිතං දිස‍්වා උදකෙ නිමුජ‍්ජිත්‍වා පුරතො ආගතො භවිස‍්සතී”ති. අමච‍්චා රඤ‍්ඤො සන‍්තිකං අගමංසු. රාජා “කහං මෙ පුත‍්තො”ති පුච‍්ඡි. න ජානාම දෙව, මෙඝෙ උට‍්ඨිතෙ “පුරතො ආගතො භවිස‍්සතී”ති සඤ‍්ඤාය ආගතම‍්හාති. රාජා ද‍්වාරං විවරාපෙත්‍වා “නදීතීරං ගන‍්ත්‍වා විචිනථා”ති තත්‍ථ තත්‍ථ විචිනාපෙසි, කොචි කුමාරං නාද‍්දස.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි ඒ රජුට දුෂ්ඨ කුමාර නම් පුතකු විය. ඔහු රළුය. පරුෂය. පහර කෑ සර්පයකු මෙනි. අපහාස නො කොට හෝ පහර නො දී කිසිවකු සමග කථා නො කරයි. ඔහු ඇතුළත ජනයාගේ හා පිටත ජනයාගේ ඇසෙහි වැටුණු දූවිල්ලක් මෙන් ද තමා කෑමට ආ පිසාචයකු මෙන් ද නො කැමති වූවකු විය. බය ජනක කෙනකු විය. ඔහු එක් දවසක් ක්‍රීඩා දිය කෙළි කෙළිනු කැමැත්තෝ, මහත් පිරිවරින් ගංතෙරට ගියෝය. එකෙණෙහි ම මහත් වැසි වලාකුළක් නැඟිණි. සියලු දිශාවෝ අන්ධකාර වූහ. ඔහු දාස දූත ජනයන්ට මෙසේ කීය. එම්බා සේවකයිනි, මා ගඟ මැදට ගෙන ගොස් නහවා ගෙන එවු. ඒ සේවකයෝ ද කුමරා එහි ගෙනගොස් රජ අපට කුමක් කරන්නේ ද? මේ පවිටු පුරුෂයා මෙහි දී ම මරා දමමු යි කුමන්ත්‍රණ කොට කාලකණ්ණිය, මෙතනින් යවයි. දියෙහි ගිල්වා එතැර වී ගං ඉවුරෙහි සිටියහ. කුමාරයා කොහිදැ යි ඇසූ කල්හි අපි ඔහු නො දකිමු. වැසි වලාව නැඟෙනු දැක කුමරා දියෙහි ගිලී පළමුකොට ආවේ වන්නේය. ඇමැතියෝ රජුගේ සමීපයට ගියාහුය. රජ, මගේ පුත්‍රයා කොහිදැ යි ඇසීය. දේවයිනි, නො දනිමු. වැසි වලාව නැඟි කල්හි පළමු ව ආවෝයැ යි සිතා අපි ආවෙමු. රජ නුවර දොර හරවා ගංතෙරට ගොස් සොයවු. ඒ ඒ තැන සොයා කිසිවෙක් කුමරා නො දැක්කෝය.

සොපි ඛො මෙඝන්‍ධකාරෙ දෙවෙ වස‍්සන‍්තෙ නදියා වුය‍්හමානො එකං දාරුක‍්ඛන්‍ධං දිස‍්වා තත්‍ථ නිසීදිත්‍වා මරණභයතජ‍්ජිතො පරිදෙවමානො ගච‍්ඡති. තස‍්මිං පන කාලෙ බාරාණසිවාසී එකො සෙට‍්ඨි නදීතීරෙ චත‍්තාලීසකොටිධනං නිදහිත්‍වාව මරන‍්තො ධනතණ‍්හාය ධනපිට‍්ඨෙ සප‍්පො හුත්‍වා නිබ‍්බත‍්ති. අපරො තස‍්මිංයෙව පදෙසෙ තිංස කොටියො නිදහිත්‍වා ධනතණ‍්හාය තත්‍ථෙව උන්‍දූරො හුත්‍වා නිබ‍්බත‍්ති. තෙසං වසනට‍්ඨානං උදකං පාවිසි. තෙ උදකස‍්ස පවිට‍්ඨමග‍්ගෙනෙව නික‍්ඛමිත්‍වා සොතං ඡින්‍දන‍්තා ගන‍්ත්‍වා තං රාජකුමාරෙන අභිනිසින‍්නං දාරුක‍්ඛන්‍ධං පත්‍වා එකො එකං කොටිං, ඉතරො ඉතරං ආරුය‍්හ ඛන්‍ධපිට‍්ඨෙයෙව නිපජ‍්ජිංසු. තස‍්සායෙව ඛො පන නදියා තීරෙ එකො සිම‍්බලිරුක‍්ඛො අත්‍ථි, තත්‍ථෙකො සුවපොතකො වසති. සොපි රුක‍්ඛො උදකෙන ධොතමූලො නදීපිට‍්ඨෙ පති, සුවපොතකො දෙවෙ වස‍්සන‍්තෙ උප‍්පතිත්‍වා ගන‍්තුං අසක‍්කොන‍්තො ගන‍්ත්‍වා තස‍්සෙව ඛන්‍ධස‍්ස එකපස‍්සෙ නිලීයි. එවං තෙ චත‍්තාරො ජනා එකතො වුය‍්හමානා ගච‍්ඡන‍්ති.

ඒ කුමරා ද වලාකුළින් අඳුරු ව වැස්ස වසින කල්හි ගසාගෙන යද්දී එක් ලී කොටයක් දැක එහි හිඳ මරණ බයින් බිය පත්ව හඬමින් යයි. එකල එක් බරණැස් වැසි සිටුවරයෙක් ගං තෙරෙහි හතලිස් කෙළක් ධනය නිධන්කොට ධනාශාවෙන් එහි ම සර්පයෙක් වී උපන්නේය. තවත් සිටුවරයෙක් එම ප්‍රදේශයෙහි ම තිස් කෙළක් ධනය නිධන්කොට ධනාශාවෙන් එහි ම මීයෙක් වී උපන්නේය. ඔවුන් වසන තැනට ද ජලය ගලා ආවේය. ඒ දෙදෙනා ද ජලය ආ මඟින් ම නික්මී සැඩ පහර මඬිමින් ගොස් පැමිණ ඒ රජකුමරා සිටි ලී කොටයට නැඟ එකෙක් එක් කෙළවරක ද අනිකා අනිත් කෙළවරට ද නැඟ ලී කොටය මත හොත්තාහ. එම ගං ඉවුරෙහි ම ඉඹුල් ගසක් ඇත. එහි එක් ගිරා පැටවෙක් වසයි. එම ගස ද දිය පහරින් මුල් සේදී යාම නිසා ගඟ මතට ඇද වැටිණි. ගිරා පැටවා ද වැසි වස්නා කල්හි ඉගිලී යන්නට නො හැකි ව ගොස් එම ලී කඳෙහි එක් පසෙක සැඟවුණේය. මෙසේ මේ සතර දෙනා එකට පාවෙමින් යත්.

බොධිසත‍්තොපි ඛො තස‍්මිං කාලෙ කාසිරට‍්ඨෙ උදිච‍්චබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වුඩ‍්ඪිප‍්පත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා එකස‍්මිං නදීනිවත‍්තනෙ පණ‍්ණසාලං මාපෙත්‍වා වසති. සො අඩ‍්ඪරත‍්තසමයෙ චඞ‍්කමමානො තස‍්ස රාජකුමාරස‍්ස බලවපරිදෙවනසද‍්දං සුත්‍වා චින‍්තෙසි “මාදිසෙ නාම මෙත‍්තානුද‍්දයසම‍්පන‍්නෙ තාපසෙ පස‍්සන‍්තෙ එතස‍්ස පුරිසස‍්ස මරණං අයුත‍්තං, උදකතො උද‍්ධරිත්‍වා තස‍්ස ජීවිතදානං දස‍්සාමී”ති. සො තං “මා භායි, මා භායී”ති අස‍්සාසෙත්‍වා උදකසොතං ඡින්‍දන‍්තො ගන‍්ත්‍වා තං දාරුක‍්ඛන්‍ධං එකාය කොටියා ගහෙත්‍වා ආකඩ‍්ඪන‍්තො නාගබලො ථාමසම‍්පන‍්නො එකවෙගෙන තීරං පත්‍වා කුමාරං උක‍්ඛිපිත්‍වා තීරෙ පතිට‍්ඨාපෙසි. තෙපි සප‍්පාදයො දිස‍්වා උක‍්ඛිපිත්‍වා අස‍්සමපදං නෙත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා “ඉමෙ දුබ‍්බලතරා”ති පඨමං සප‍්පාදීනං සරීරං සෙදෙත්‍වා පච‍්ඡා රාජකුමාරස‍්ස සරීරං සෙදෙත්‍වා තම‍්පි අරොගං කත්‍වා ආහාරං දෙන‍්තොපි පඨමං සප‍්පාදීනංයෙව දත්‍වා පච‍්ඡා තස‍්ස ඵලාඵලානි උපනාමෙසි. රාජකුමාරො “අයං කූටතාපසො මං රාජකුමාරං අගණෙත්‍වා තිරච‍්ඡානගතානං සම‍්මානං කරොතී”ති බොධිසත‍්තෙ ආඝාතං බන්‍ධි.

බෝධි සත්ත්වයන් වහන්සේ ද වනාහි ඒ කාලයේ කසී රට උසස් බමුණු කුලයක ඉපිදී වැඩිවියට පත්වූයේ, තවුස් පැවිද්දෙන් පැවිදි ව එක්තරා ගඟේ නැම්මක (වක්කලමක) පන්සලක් කොට වසන සේක. හෙතෙම මැදියම් රැයෙහි සක්මන් කරන්නේ, ඒ රාජ කුමාරයාගේ බලවත් සේ වැළපෙන ශබ්දය අසා සිතීය. මා වැනි මෛත්‍රී අනුකම්පාවෙන් යුත් තාපසයකු බලාසිටිද්දී මේ පුරුෂයාට මැරෙන්නට හැරීම යුතු නැත. දියෙන් ගොඩට ගෙන ඔහුට ජීවිතය දෙන්නෙමි යි හෙතෙම ඔහුට බිය නො වන්න. බිය නොවන්නැ යි සනසා දිය පාර කපාගෙන ගොස් ඒ දර කඳ එක් කොණකින් ගෙන අදින්නේ, ඇත්බල ඇත්තේ, ශක්තිමත් වූයේ, එක් පහරින් ම ගං තෙරට පැමිණ කුමාරයා ඔසවා ඉවුරෙහි තැබුවේය. ඒ සර්ප ආදීන් ද දැක ඔසවා ගෙන අසපුවට පමුණුවා ගිනි දල්වා මොවුන් වඩා දුර්වලයැ යි පළමු ව සර්ප ආදීන්ගේ සිරුර තෙත සිඳුවා පසු ව රජ කුමරාගේ සිරුර තෙත සිඳුවා ඔහු ද නිරෝගී කොට ආහාර දෙන්නේ ද පළමු ව සර්ප ආදීන්ට ම දී පසුව ඔහුට පිරිනැමීය. රජකුමරා මේ කපටි තවුසා රාජ කුමාරයකු වන මා ගණන් නොගෙන තිරිසනුන්ට ගරු කරන්නේයැ යි බෝසතුන් කෙරෙහි වෛර බැන්දේය.

තතො කතිපාහච‍්චයෙන සබ‍්බෙසුපි තෙසු ථාමබලප‍්පත‍්තෙසු නදියා ඔඝෙ පච‍්ඡින‍්නෙ සප‍්පො තාපසං වන්‍දිත්‍වා ආහ “භන‍්තෙ, තුම‍්හෙහි මය‍්හං මහාඋපකාරො කතො, න ඛො පනාහං දලිද‍්දො, අසුකට‍්ඨානෙ මෙ චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො නිදහිත්‍වා ඨපිතා, තුම‍්හාකං ධනෙන කිච‍්චෙ සති සබ‍්බම‍්පෙතං ධනං තුම‍්හාකං දාතුං සක‍්කොමි, තං ඨානං ආගන‍්ත්‍වා ‘දීඝා’ති පක‍්කොසෙය්‍යාථා”ති වත්‍වා පක‍්කාමි. උන්‍දූරොපි තථෙව තාපසං නිමන‍්තෙත්‍වා “අසුකට‍්ඨානෙ ඨත්‍වා ‘උන්‍දූරා’ති පක‍්කොසෙය්‍යාථා”ති වත්‍වා පක‍්කාමි. සුවපොතකො පන තාපසං වන්‍දිත්‍වා “භන‍්තෙ, මය‍්හං ධනං නත්‍ථි, රත‍්තසාලීහි පන වො අත්‍ථෙ සති අසුකං නාම මය‍්හං වසනට‍්ඨානං, තත්‍ථ ගන‍්ත්‍වා ‘සුවා’ති පක‍්කොසෙය්‍යාථ, අහං ඤාතකානං ආරොචෙත්‍වා අනෙකසකටපූරමත‍්තා රත‍්තසාලියො ආහරාපෙත්‍වා දාතුං සක‍්කොමී”ති වත්‍වා පක‍්කාමි. ඉතරො පන මිත‍්තදුබ‍්භී “ධම‍්මසුධම‍්මතාය කිඤ‍්චි අවත්‍වා ගන‍්තුං අයුත‍්තං, එවං තං අත‍්තනො සන‍්තිකං ආගතං මාරෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “භන‍්තෙ, මයි රජ‍්ජෙ පතිට‍්ඨිතෙ ආගච‍්ඡෙය්‍යාථ, අහං වො චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමී”ති වත්‍වා පක‍්කාමි. සො ගන‍්ත්‍වා න චිරස‍්සෙව රජ‍්ජෙ පතිට‍්ඨාසි.

එයින් දින කීපයකට පසු ඒ සියල්ලන්ම ශක්ති සම්පන්න බවට පැමිණි කල්හි, ගඟෙහි සැඩ පහර සිඳුණු කල්හි, සර්පයා තාපසයන් වැඳ මෙසේ කීය. ස්වාමීනි, ඔබතුමා විසින් මට මහත් උපකාර කරන ලද්දේය. මම දුගියෙක් නො වෙමි. අසවල් තැන හතලිස් කෙළක් කහවණු නිධන්කොට තබන ලද්දේය. ඔබතුමාට ධනය අවශ්‍ය වූ කල්හි මේ සියලු ධනය ඔබතුමාට දෙන්නට හැක්කේ වෙමි. ඒ ස්ථානයට ගොස් ‘දීඝ’ යි කැඳවනු මැනවි. මෙසේ කියා ගියේය. මීයා ද එසේ ම තාපසයාට ආරාධනා කොට අසවල් තැන සිට ‘උන්දූර’ කියා කැඳවවයි කියා ගියේය. ගිරවා වනාහි තාපසයාට වැඳ ස්වාමීනි, මට ධනයක් නැත. රත් ඇල් හාල් තොපට අවශ්‍ය වූ විටක අසවල් නම් මගේ වාසස්ථානයයි. එහි ගොස් ‘සුව’ යි කැඳවනු මැනවි. මම නෑයන්ට කියා නොයෙක් ගැල් පුරවන ලද රත් ඇල් හාල් ගෙන්වා දෙන්නට හැකි වන්නෙමි යි කියා ගියේය. අනික් මිත්‍ර ද්‍රෝහියා සිත ඇති සැටියේ කිසිවක් නො කියා ම ඔහු තමා සමීපයට ආ කල්හි මරන්නෙමි යි සිතා ස්වාමීනි, මා රාජ්‍යයෙහි පිහිටි කල්හි එනු මැනවි. මම තොපට සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමි යි කියා ගියේය. ඔහු ගොස් නොබෝ දවසකින් ම රාජ්‍යයෙහි පිහිටියේය.

බොධිසත‍්තො “වීමංසිස‍්සාමි තාව නෙ”ති පඨමං සප‍්පස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අවිදූරෙ ඨත්‍වා “දීඝා”ති පක‍්කොසි. සො එකවචනෙනෙව නික‍්ඛමිත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො, තා සබ‍්බාපි නීහරිත්‍වා ගණ‍්හථා”ති ආහ. බොධිසත‍්තො “එවමත්‍ථු, උප‍්පන‍්නෙ කිච‍්චෙ ජානිස‍්සාමී”ති තං නිවත‍්තෙත්‍වා උන්‍දූරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සද‍්දමකාසි. සොපි තථෙව පටිපජ‍්ජි. බොධිසත‍්තො තම‍්පි නිවත‍්තෙත්‍වා සුවස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “සුවා”ති පක‍්කොසි. සොපි එකවචනෙනෙව රුක‍්ඛග‍්ගතො ඔතරිත්‍වා බොධිසත‍්තං වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, මය‍්හං ඤාතකානං සන‍්තිකං ගන‍්ත්‍වා හිමවන‍්තප‍්පදෙසතො තුම‍්හාකං සයංජාතසාලී ආහරාපෙමී”ති පුච‍්ඡි. බොධිසත‍්තො “අත්‍ථෙ සති ජානිස‍්සාමී”ති තම‍්පි නිවත‍්තෙත්‍වා “ඉදානි රාජානං පරිග‍්ගණ‍්හිස‍්සාමී”ති ගන‍්ත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ ආකප‍්පසම‍්පත‍්තිං කත්‍වා භික‍්ඛාචාරවත‍්තෙන නගරං පාවිසි. තස‍්මිං ඛණෙ සො මිත‍්තදුබ‍්භී රාජා අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරගතො මහන‍්තෙන පරිවාරෙන නගරං පදක‍්ඛිණං කරොති. සො බොධිසත‍්තං දූරතොව දිස‍්වා “අයං සො කූටතාපසො මම සන‍්තිකෙ භුඤ‍්ජිත්‍වා වසිතුකාමො ආගතො, යාව පරිසමජ‍්ඣෙ අත‍්තනො මය‍්හං කතගුණං නප‍්පකාසෙති, තාවදෙවස‍්ස සීසං ඡින්‍දාපෙස‍්සාමී”ති පුරිසෙ ඔලොකෙසි. “කිං කරොම, දෙවා”ති ච වුත‍්තෙ “එස කූටතාපසො මං කිඤ‍්චි යාචිතුකාමො ආගච‍්ඡති මඤ‍්ඤෙ, එතස‍්ස කාළකණ‍්ණිතාපසස‍්ස මං පස‍්සිතුං අදත්‍වාව එතං ගහෙත්‍වා පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා චතුක‍්කෙ චතුක‍්කෙ පහරන‍්තා නගරා නික‍්ඛාමෙත්‍වා ආඝාතනෙ සීසමස‍්ස ඡින්‍දිත්‍වා සරීරං සූලෙ උත‍්තාසෙථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ගන‍්ත්‍වා නිරපරාධං මහාසත‍්තං බන්‍ධිත්‍වා චතුක‍්කෙ චතුක‍්කෙ පහරන‍්තා ආඝාතනං නෙතුං ආරභිංසු. බොධිසත‍්තො පහටපහටට‍්ඨානෙ “අම‍්ම, තාතා”ති අකන්‍දිත්‍වා නිබ‍්බිකාරො ඉමං ගාථමාහ –

බෝසත්හු ඔවුන් විමසන්නෙමි යි පළමු ව සර්පයාගේ සමීපයට ගොස් නුදුරෙහි සිට ‘දීඝ’ යි කැඳවීය. ඌ එක වචනයෙන් ම නික්මී බෝසතාණන් වහන්සේට වැඳ ස්වාමීනි, මේ ස්ථානයේ හතලිස් කෙළක් අරමු රන් ඇත. ඒ සියල්ල බැහැරට ගෙන ගනු මැනවැ යි කීවේය. බෝසත්හු මෙසේ අවස්ථාවක් එළැඹි කල්හි කටයුතු දනින්නෙමි. එය නවතා මීයා සමීපයට ගොස් ශබ්ද කළහ. ඔහු ද එසේ ම පිළිපැද්දේය. බෝසත්හු එය ද නවතා ගිරවා සමීපයට ගොස් සුවයයි කැඳවීය. ඔහු ද එක වචනයෙන් ම ගස මුදුනෙන් බැස බෝසතාණන් වැඳ කිම, ස්වාමීනි, මගේ නෑයන්ට කියා හිමාල වන පියසෙන් නුඹ වහන්සේට ඉබේ හටගත් ඇල් වී ගෙනෙන්නදැ යි විචාළේය. බෝසත්හු අවශ්‍ය වූ විටක දන්වන්නෙමි යි එය ද නවතා දැන් රජතුමා පරීක්‍ෂා කරන්නෙමි යි ගොස් රජ උයනෙහි වැස දෙවැනි දින ඉරියව් සැපත්කොට පිඬුසිඟා යන ව්‍රතයෙන් නගරයට පිවිසියේය. ඒ අවස්ථාවෙහි ඒ මිත්‍රද්‍රෝහී රජ සරසන ලද උතුම් ඇතු පිට නැඟී මහත් පිරිවරින් නගරය පැදකුණු කරයි. හෙතෙම බෝධි සත්ත්වයන් දුර දී ම දැක මේ කපටි තවුසා මගේ සමීපයෙහි බත් කකා වසනු කැමැති ව ආවේය. මේ තාක් පිරිස් මැද ඔහු විසින් මට කළගුණ ප්‍රකාශ නො කරයි ද එකෙණෙහි ම මොහු හිස සිඳින්නෙමි යි පුරුෂයන් දෙස බැලුවේය. දේවයන් වහන්ස, කුමක් කරමුදැ යි කී කල්හි මේ කපටි තාපසයා මගෙන් කිසිවක් ඉල්ලහු කැමැත්තේ ආයේ වනැ යි සිතමි. මේ කාලකණ්ණි තවුසාට මා දකින්නට නො දී ම මොහු ගෙන ගොස් පිටිතලය බැඳ හතර මං සන්‍ධිවල දී පහර දෙමින් නගරයෙන් බැහැර කරවා දං ගෙඩියෙහි දී මොහුගේ හිස සිඳ සිරුර උළ හිඳුවව් යි කීවේය. ඔවුහු යහපතැයි පිළිගෙන ගොස් අපරාධයක් නැති මහ සත්ත්වයන් බැඳ සතර මංසන්‍ධියක් ගානේ පහර දෙමින් වධක ස්ථානයට ගෙන යාමට පටන් ගත්තාහුය. බෝසත්හු පහර දුන් දුන් තැන දී නො හඬා විපිළිසර නො වී මේ ගාථාව කීය.

“සච‍්චං කිරෙවමාහංසු, නරා එකච‍්චියා ඉධ; කට‍්ඨං නිප‍්ලවිතං සෙය්‍යො, න ත්‍වෙවෙකච‍්චියො නරො”ති.

“සච්චං කිරෙවමාහංසු නරා එතච්චියා ඉධ, කට්ඨං විපලාවිතං සෙය්‍යො නත්වෙවෙකච්චියා නරොති”

“ගඟ දියෙහි පාවෙන දරදඬු (නඟා ගොඩ තබන ලද්දේ) උතුම් වේ. (කළගුණ නො දන්නා) ඇතැම් පුරුෂයන් (නඟා ගොඩ තබන ලද්දේ) උතුම් නො වේමැ යි. මේ ලොව ඇතැම් පණ්ඩික කෙනෙක් සැබෑවක් ම කීවාහුය.”

තත්‍ථ සච‍්චං කිරෙවමාහංසූති අවිතථමෙව කිර එවං වදන‍්ති. නරා එකච‍්චියා ඉධාති ඉධෙකච‍්චෙ පණ‍්ඩිතපුරිසා. කට‍්ඨං නිප‍්ලවිතං සෙය්‍යොති නදියා වුය‍්හමානං සුක‍්ඛදාරුං නිප‍්ලවිතං උත‍්තාරෙත්‍වා ථලෙ ඨපිතං සෙය්‍යො සුන්‍දරතරො. එවඤ‍්හි වදමානා තෙ පුරිසා සච‍්චං කිර වදන‍්ති. කිංකාරණා? තඤ‍්හි යාගුභත‍්තාදීනං පචනත්‍ථාය, සීතාතුරානං විසිබ‍්බනත්‍ථාය, අඤ‍්ඤෙසම‍්පි ච පරිස‍්සයානං හරණත්‍ථාය උපකාරං හොති. න ත්‍වෙවෙකච‍්චියො නරොති එකච‍්චො පන මිත‍්තදුබ‍්භී අකතඤ‍්ඤූ පාපපුරිසො ඔඝෙන වුය‍්හමානො හත්‍ථෙන ගහෙත්‍වා උත‍්තාරිතො න ත්‍වෙව සෙය්‍යො. තථා හි අහං ඉමං පාපපුරිසං උත‍්තාරෙත්‍වා ඉමං අත‍්තනො දුක‍්ඛං ආහරින‍්ති. එවං පහටපහටට‍්ඨානෙ ඉමං ගාථමාහ.

එහි, “සච්චං කිරෙවමාහංසු”, (ඔවුහු) මෙසේ ඇත්තක් ම කියති. “නරා එකච්චියා ඉධ”, මේ ලෝකයෙහි සමහර පණ්ඩිත පුරුෂයෝ, “කට්ඨං විප්ලාවිතං සෙය්‍යො”, ගඟෙහි ගසාගෙන යන වියලි දර කඩක් ගොඩට ගෙන ගොඩ බිම තබන ලද්දේ උසස්ය. වඩාත් යහපත්ය. මෙසේ කියන්නා වූ ඒ පුරුෂයෝ ඇත්තක් ම කියති. ඊට හේතු කිම? එසේ තබන ලද දරකඩ කැඳ, බත් ආදිය පිසීම සඳහා ද ශීතලෙන් පීඩිත වූවන්ට ගිනි තැපීම සඳහා ද අනෙක් සමහරුන්ට උවදුරු නැති කැර ගැනීම සඳහා ද උපකාර වේ. “නත්වෙවෙකච්චියා නරොති”, සමහර මිත්‍රද්‍රෝහී කෙළෙහි ගුණ නො දත් පාපී පුරුෂයකු සැඩ පහරින් ගසාගෙන යන කල්හි අතින් ගෙන ගොඩට ගැනීම උතුම් නො වේ. ඒ එසේමැ යි. මම මේ පාපී පුරුෂයා ගොඩට ගෙන මේ මහා දුක ලබා ගතිමි. මෙසේ ගැසූ ගැසූ තැනේ දී ම මේ ගාථාව කීහ.

තං සුත්‍වා යෙ තත්‍ථ පණ‍්ඩිතපුරිසා, තෙ ආහංසු “කිං පන, භො පබ‍්බජිත, තයා අම‍්හාකං රඤ‍්ඤො අත්‍ථි කොචි ගුණො කතො”ති? බොධිසත‍්තො තං පවත‍්තිං ආරොචෙත්‍වා “එවමිමං මහොඝතො උත‍්තාරෙන‍්තො අහමෙව අත‍්තනො දුක‍්ඛං අකාසිං, ‘න වත මෙ පොරාණකපණ‍්ඩිතානං වචනං කත’න‍්ති අනුස‍්සරිත්‍වා එවං වදාමී”ති ආහ. තං සුත්‍වා ඛත‍්තියබ්‍රාහ‍්මණාදයො නගරවාසිනො “ස‍්වායං මිත‍්තදුබ‍්භී රාජා එවං ගුණසම‍්පන‍්නස‍්ස අත‍්තනො ජීවිතදායකස‍්ස ගුණමත‍්තම‍්පි න ජානාති, තං නිස‍්සාය කුතො අම‍්හාකං වුඩ‍්ඪි, ගණ‍්හථ න”න‍්ති කුපිතා සමන‍්තතො උට‍්ඨහිත්‍වා උසුසත‍්තිපාසාණමුග‍්ගරාදිප‍්පහාරෙහි හත්‍ථික‍්ඛන්‍ධගතමෙව නං ඝාතෙත්‍වා පාදෙ ගහෙත්‍වා කඩ‍්ඪිත්‍වා පරිඛාපිට‍්ඨෙ ඡඩ‍්ඩෙත්‍වා බොධිසත‍්තං අභිසිඤ‍්චිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙසුං.

ඒ අසා එහි යම් පණ්ඩිත පුරුෂයෝ වූවාහු ද ඔවුහු මෙසේ කීහ. පින්වත් පැවිදිතුමනි, ඔබ විසින් අපගේ රජතුමාට කිසියම් උපකාරයක් කරන ලද්දේ ද? බෝසත්හු ඒ සියලු පුවත් සැලකොට මම මොහු සැඩ පහරින් උඩට ගත්තෙමි. මේ සියලු දුක් මම ම ළඟාකැර ගතිමි. පැරණි පඬිවරුන්ගේ වචන නම් නො කරන ලදැ යි සීමා කොට මෙසේ කියමි යි කීහ. මේ අසා බමුණු ආදීහු ද නගර වාසීහු ද මේ මිත්‍රද්‍රෝහී රජ මෙසේ ගුණවත් වූ තමාගේ ජීවිත දානය දුන් තවුසාගේ සුළු වූ ද ගුණයක් නො දනී. ඔහු නිසා අපට යහපතක් කෙසේ වේදැ යි කිපිණු මහජනයා හාත්පසින් වටකොට ඊතල, අඩියටි, කල්, මුගුරු ආදී ප්‍රහාරවලින් ඇත් කඳ මත සිටිය දී ම ඔහු ඝාතනය කොට පයින් ඇද දමා දිය අගල මත දමා බෝසතුන් අභිෂේක කොට රාජ්‍යයෙහි පිහිටවූහ.

සො ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො පුන එකදිවසං සප‍්පාදයො පරිග‍්ගණ‍්හිතුකාමො මහන‍්තෙන පරිවාරෙන සප‍්පස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා “දීඝා”ති පක‍්කොසි. සප‍්පො ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා “ඉදං තෙ සාමි ධනං ගණ‍්හා”ති ආහ. රාජා චත‍්තාලීසහිරඤ‍්ඤකොටිධනං අමච‍්චෙ පටිච‍්ඡාපෙත්‍වා උන්‍දූරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “උන්‍දූරා”ති පක‍්කොසි. සොපි ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා තිංසකොටිධනං නිය්‍යාදෙසි. රාජා තම‍්පි අමච‍්චෙ පටිච‍්ඡාපෙත්‍වා සුවස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා “සුවා”ති පක‍්කොසි. සොපි ආගන‍්ත්‍වා පාදෙ වන්‍දිත්‍වා “කිං, සාමි, සාලිං ආහරාමී”ති ආහ. රාජා “සාලීහි අත්‍ථෙ සති ආහරිස‍්සසි, එහි ගච‍්ඡාමා”ති සත‍්තතියා හිරඤ‍්ඤකොටීහි සද‍්ධිං තෙ තයොපි ජනෙ ගාහාපෙත්‍වා නගරං ගන‍්ත්‍වා පාසාදවරෙ මහාතලං ආරුය‍්හං ධනං සඞ‍්ගොපෙත්‍වා සප‍්පස‍්ස වසනත්‍ථාය සුවණ‍්ණනාළිං, උන්‍දූරස‍්ස ඵලිකගුහං, සුවස‍්ස සුවණ‍්ණපඤ‍්ජරං කාරාපෙත්‍වා සප‍්පස‍්ස ච සුවස‍්ස ච භොජනත්‍ථාය දෙවසිකං කඤ‍්චනතට‍්ටකෙ මධුලාජෙ, උන්‍දූරස‍්ස ගන්‍ධසාලිතණ‍්ඩුලෙ දාපෙසි, දානාදීනි ච පුඤ‍්ඤානි කරොති. එවං තෙ චත‍්තාරොපි ජනා යාවජීවං සමග‍්ගා සම‍්මොදමානා විහරිත්‍වා ජීවිතක‍්ඛයෙ යථාකම‍්මං අගමංසු.

බෝසත්හු දැහැමින් රාජ්‍යය කරන්නාහු, නැවත එක් දවසක් සර්පාදීන් පරීක්‍ෂා කරනු කැමැති ව මහත් පිරිවරින් සර්පයා වසන තැනට ගොස් ‘දීඝ’ කියා කැඳවූහ. සර්පයා අවුත් වැඳ ස්වාමීනි “මේ ඔබගේ ධනය ගනු මැනවි යි කීවේය. බෝසත් රජහු හතලිස් කෙළක් අමු රන් ඇමැතියන්ට පවරා දී මීයා සිටි තැනට ගොස් ‘උන්දූර’ යි කැඳවූහ. ඔහු ද අවුත් වැඳ තිස් කෙළක් ධනය පාවා දුන්නේය. රජහු එය ද ඇමැතියන්ට පවරා ගිරවා හුන් තැනට ගොස් ‘සුව’ යි කැඳවූහ. ඔහු ද අවුත් පා වැද ස්වාමීනි “කිම, ඇල් සහල් ගෙන එව්දැ යි ඇසීය. රජහු ඇල් හාලින් ප්‍රයෝජනයක් ඇති කල්හි ගෙන ආ හැකිය. එව. මා සමග යමු යි සැත්තෑ කෝටියක් ධනය සමග ඔවුන් තිදෙනා ගෙන නගරයට ගොස් උතුම් පහයෙහි උඩුමහල් තලයට නැඟ ඒ සියලු ධනය සඟවා සර්පයාට විසීම සඳහා රන් නළයක් ද මීයාට පළිඟු ගුහාවක් ද ගිරවාට රන් කූඩුවක් ද කැරවා සර්පයාට ද ගිරවාට ද අනුභව කිරීම පිණිස දිනපතා රන් තැටියක මී හා විළඳ ද මීයාට සුවඳ ඇල් සහල් ද දෙවීය. දානාදී පිංකම් ද කරති. මෙසේ ඒ සතර දෙන දිවි ඇතිතාක් සමගි ව සතුටුවෙමින් වාසය කොට දිවි කෙළවර කම් වූ පරිදි මිය ගියහ.

සත්‍ථා “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව මය‍්හං වධාය පරිසක‍්කති, පුබ‍්බෙපි පරිසක‍්කියෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දුට‍්ඨරාජා දෙවදත‍්තො අහොසි, සප‍්පො සාරිපුත‍්තො, උන්‍දූරො මොග‍්ගල‍්ලානො, සුවො ආනන්‍දො, පච‍්ඡා රජ‍්ජප‍්පත‍්තො ධම‍්මරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මහණෙනි දෙව්දත් මා ඝාතනය සඳහා දැන් පමණක් උත්සාහ නො කරයි. පෙර ද උත්සාහ කළේයැ යි වදාරා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදා පවිටු රජ දෙව්දත් විය. සර්පයා සැරියුත්ය. මීයා මහා මුගලන්ය. ගිරවා ආනන්ද විය. රජ පැමිණි දැහැමි රජ වනාහි මම ම වීමි.

සච‍්චංකිරජාතකවණ‍්ණනා තතියා.