යෙදුමෙන් කියවන්න

2. සීලවනාගරාජජාතකවණ‍්ණනා 72 අට‍්ඨකථා

2. සීලවනාගරාජජාතකවණ‍්ණනා (72)

2. සීලව නාගරාජ ජාතකය (72)

අකතඤ‍්ඤුස‍්ස පොසස‍්සාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. ධම‍්මසභායඤ‍්හි භික‍්ඛූ “ආවුසො, දෙවදත‍්තො අකතඤ‍්ඤූ තථාගතස‍්ස ගුණෙ න ජානාතී”ති කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො අකතඤ‍්ඤූ, පුබ‍්බෙපි අකතඤ‍්ඤූයෙව, න කදාචි මය‍්හං ගුණං ජානාතී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

“අකතඤ්ඤුස්ස පොසස්ස” යන මේ ජාතක දේශනාව බුදු රජහු වේළුවනයෙහි වැඩ වසන සේක්, දෙව්දත් අරබයා දේශනා කළහ. දම් සභාවෙහි භික්‍ෂූහු, ඇවැත්නි, දෙව්දත් තෙර කෙළෙහි ගුණ නො දත්තේය. බුදු රජුන්ගේ ගුණ නො දනිතැ යි කියමින් හුන්නාහුය. බුදු රජුන් වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් සිටියෙමු යි කී කල්හි, මහණෙනි, දෙව්දත් කෙළෙහි ගුණ නො දත්තේ දැන් පමණක් නොව පෙර ද කෙළෙහි ගුණ නො දත්තේමය. ඔහු කිසිකලෙක මගේ ගුණ නො දනිතැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලදුව අතීතය ගෙන හැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තප‍්පදෙසෙ හත්‍ථියොනියං නිබ‍්බත‍්ති. සො මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තො සබ‍්බසෙතො අහොසි රජතපුඤ‍්ජසන‍්නිභො, අක‍්ඛීනි පනස‍්ස මණිගුළසදිසානි, පඤ‍්ඤායමානානි පඤ‍්ච පසාදානි අහෙසුං, මුඛං රත‍්තකම‍්බලසදිසං, සොණ‍්ඩා රත‍්තසුවණ‍්ණබින්‍දුපටිමණ‍්ඩිතං රජතදාමං විය, චත‍්තාරො පාදා කතලාඛාරසපරිකම‍්මා විය. එවමස‍්ස දසහි පාරමීහි අලඞ‍්කතො රූපසොභග‍්ගප‍්පත‍්තො අත‍්තභාවො අහොසි. අථ නං විඤ‍්ඤුතං පත‍්තං සකලහිමවන‍්තෙ වාරණා සන‍්නිපතිත්‍වා උපට‍්ඨහන‍්තා විචරිංසු. එවං සො අසීතිසහස‍්සවාරණපරිවාරො හිමවන‍්තප‍්පදෙසෙ වසමානො අපරභාගෙ ගණෙ දොසං දිස‍්වා ගණම‍්හා කායවිවෙකාය එකකොව අරඤ‍්ඤෙ වාසං කප‍්පෙසි. සීලවන‍්තතාය ච පනස‍්ස “සීලවනාගරාජා” ත්‍වෙව නාමං අහොසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙම හිමාල වන ප්‍රදේශයේ ඇත් යෝනියේ උපන්නේය. ඔහු මව් කුසින් නික්මෙන්නේ, මුළු සිරුර ම සුදු වූයේය. රිදී ගොඩක් මෙන් විය. ඔහුගේ ඇස් මැණික් බෝල මෙන් විය. පැහැදිලි ව පෙනෙන පසිඳුරෝ වූහ. මුහුණ රත් පලසක් මෙන් විය. සොඬ රන්වන් බින්දුවලින් යුත් රිදී දමක් මෙන් විය. පා හතර ලාපිරියම් කළාක් මෙන් විය. මෙසේ ඔහුට දශ පාරමී බලයෙන් අලංකාර කළ රුවින් අගතැන් පත් ආත්ම භාවයක් විය. මුළු හිමවතෙහි ම ඇත්තු රැස්ව නැණවත් බවට පත් ඔහුට උවටැන් කැරෙමින් හැසිරුණහ. මෙසේ ඔහු අසූ දහසක් ඇතුන් පිරිවර කොට හිමිවත් පෙදෙසේ වසන්නේ, පසු කාලයේ ඔහු සමූහ වාසයෙහි දොස් දැක සමූහයා කෙරෙන් වෙන්වීමේ අනුසස් ද දැක හුදකලා ව අරණ්‍යයෙහි වාසය කළේය. සිල්වත් බැවින් ඔහුට සීලව නාග රාජ නම් නමක් විය.

අථෙකො බාරාණසිවාසිකො වනචරකො හිමවන‍්තං පවිසිත්‍වා අත‍්තනො ආජීවභණ‍්ඩකං ගවෙසමානො දිසා වවත්‍ථාපෙතුං අසක‍්කොන‍්තො මග‍්ගමූළ‍්හො හුත්‍වා මරණභයභීතො බාහා පග‍්ගය‍්හ පරිදෙවමානො විචරති. බොධිසත‍්තො තස‍්ස තං බලවපරිදෙවිතං සුත්‍වා “ඉමං පුරිසං දුක‍්ඛා මොචෙස‍්සාමී”ති කාරුඤ‍්ඤෙන චොදිතො තස‍්ස සන‍්තිකං අගමාසි. සො තං දිස‍්වාව භීතො පලායි. බොධිසත‍්තො තං පලායන‍්තං දිස‍්වා තත්‍ථෙව අට‍්ඨාසි. සො පුරිසො බොධිසත‍්තං ඨිතං දිස‍්වා අට‍්ඨාසි . බොධිසත‍්තො පුන අගමාසි, සො පුන පලායිත්‍වා තස‍්ස ඨිතකාලෙ ඨත්‍වා චින‍්තෙසි “අයං වාරණො මම පලායනකාලෙ තිට‍්ඨති, ඨිතකාලෙ ආගච‍්ඡති, නායං මය‍්හං අනත්‍ථකාමො, ඉමම‍්හා පන මං දුක‍්ඛා මාචෙතුකාමො භවිස‍්සතී”ති සූරො හුත්‍වා අට‍්ඨාසි. බොධිසත‍්තො තං උපසඞ‍්කමිත්‍වා “කස‍්මා භො ත්‍වං පුරිස, පරිදෙවමානො විචරසී”ති පුච‍්ඡි. “සාමි, දිසා වවත්‍ථාපෙතුං අසක‍්කොන‍්තො මග‍්ගමූළ‍්හො හුත්‍වා මරණභයෙනා”ති. අථ නං බොධිසත‍්තො අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා කතිපාහං ඵලාඵලෙහි සන‍්තප‍්පෙත්‍වා “භො, පුරිස, මා භායි, අහං තං මනුස‍්සපථං නෙස‍්සාමී”ති අත‍්තනො පිට‍්ඨෙ නිසීදාපෙත්‍වා මනුස‍්සපථං පායාසි.

එකල්හි එක් බරණැස් වැසි වනයෙහි හැසිරෙන්නෙක් හිමවතට පිවිස තමාට ජීවත්වීමට වස්තුවක් සොයමින් දිශාවන් තීරණය කිරීමට නො හැකිවන්නේ, මංමුළා වී මරණ බයින් තැති ගෙන හිස, අත් බැඳගෙන හඬමින් හැසිරෙයි. බෝසත්හු ඔහුගේ ඒ බලවත් වැළපීම අසා තෙමේ පුරුෂයා දුකින් මුදවමි යි කරුණාවෙන් මෙහෙයවන ලදුව ඔහු සමීපයට ගියේය. ඒ පුරුෂයා බෝසතුන් දැක ම බියපත් ව පලා ගියේය. බෝසත්හු පලායන්නා වූ ඔහු දැක එතැන ම සිටියේය. ඒ පුරුෂයා බෝසතුන් නැවතුණු බව දැක ඔහු ද සිටියේය. බෝසත්හු නැවත ඔහු වෙත ගියහ. නැවතත් දුවමින් ඇතු සිටි කල්හි තමා ද නැවතී මෙසේ සිතුවේය. මේ ඇතා මා පලායන කල්හි නැවතී සිටී. මා නැවතුණු කල ළඟට එයි. මොහු මට අනතුරක් කරනු කැමැත්තේ නො වන්නේය. මොහු මා මේ දුකින් මුදවනු කැමැත්තෙක් ම වන්නේයැ යි එඩිතර ව සිටියේය. බෝසත්හු ඔහු වෙත ගොස් පින්වත, කුමක් නිසා ඔබ හඬමින් හැසිරෙන්නෙහිදැ යි විචාළේය. ස්වාමීනි, දිශාවන් තීරණය කිරීමට නො හැකිව මංමුළා වී මරණ බය නිසායැ යි කීවේය. ඉක්බිති, බෝසත්හු පුරුෂයා තමා වසන තැනට ගෙන ගොස් දින කීපයක් ඵල වැලින් සතපවා පින්වත් පුරුෂය, බය නොවව්. මම ඔබ මිනිස් පියසට පමුණුවන්නෙමි යි තමාගේ පිටෙහි හිඳුවා මිනිස් පියසට ගියේය.

අථ ඛො සො මිත‍්තදුබ‍්භී පුරිසො “සචෙ කොචි පුච‍්ඡිස‍්සති, ආචික‍්ඛිතබ‍්බං භවිස‍්සතී”ති බොධිසත‍්තස‍්ස පිට‍්ඨෙ නිසින‍්නොයෙව රුක‍්ඛනිමිත‍්තං පබ‍්බතනිමිත‍්තං උපධාරෙන‍්තොව ගච‍්ඡති. අථ නං බොධිසත‍්තො අරඤ‍්ඤා නීහරිත්‍වා බාරාණසිගාමිමහාමග‍්ගෙ ඨපෙත්‍වා “භො පුරිස, ඉමිනා මග‍්ගෙන ගච‍්ඡ, මය‍්හං පන වසනට‍්ඨානං පුච‍්ඡිතොපි අපුච‍්ඡිතොපි මා කස‍්සචි ආචික‍්ඛී”ති තං උය්‍යොජෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානංයෙව අගමාසි. අථ සො පුරිසො බාරාණසිං ගන‍්ත්‍වා අනුවිචරන‍්තො දන‍්තකාරවීථිං පත්‍වා දන‍්තකාරෙ දන‍්තවිකතියො කුරුමානෙ දිස‍්වා “කිං පන භො, ජීවදන‍්තම‍්පි ලභිත්‍වා ගණ‍්හෙය්‍යාථා”ති? “භො, කිං වදෙසි, ජීවදන‍්තො නාම මතහත්‍ථිදන‍්තතො මහග‍්ඝතරො”ති. “තෙන හි අහං වො ජීවදන‍්තං ආහරිස‍්සාමී”ති පාථෙය්‍යං ගහෙත්‍වා ඛරකකචං ආදාය බොධිසත‍්තස‍්ස වසනට‍්ඨානං අගමාසි.

ඉක්බිති, ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා ඉදින් කිසිවෙක් මාර්ගය විචාරන්නේ නම් කිව යුතුයි. බෝසතුන්ගේ පිටෙහි හුන්නේ, ගස් නිමිති, පර්වත නිමිති සලකමින් ම යයි. ඉක්බිති, බෝධි සත්ත්වයෝ ඒ පුරුෂයා වනයෙන් පිටතට ගෙනවුත් බරණැස් නුවරට යන මහ මඟ සිටුවා පින්වත් පුරුෂය, මේ මඟන් යව. මා වසන තැන කිසිවකු ඇසුවත් නො ඇසුවත් නො කියවයි. ඔහු යවා තමාගේ වසන ස්ථානයට ම ගියේය. ඉක්බිති, ඒ පුරුෂයා බරණැස් නුවරට ගොස් හැසිරෙන්නේ, ඇත්දළ කරුවන්ගේ වීථියට පැමිණ ඇත් දළින් විසිතුරු කැටයම් කරන්නන් දැක පින්වත්නි, කිම, ජීවදත්ත හෙවත් ජීවත්ව සිටිය දී ගන්නා ලද දළ ගන්නහුදැ යි ඇසීය. පින්වත, කුමක් කියහි ද? ජීවදත්ත නම් මළ දළට වඩා ඉතා වටිනේය. එසේ නම් මම ඔබට ජීවදත්ත ගෙන එන්නෙමි යි මාර්ග උපකරණ ගෙන තියුණු කියතක් ගෙන බෝසතුන් වසන ස්ථානයට ගියේය.

බොධිසත‍්තො තං දිස‍්වා “කිමත්‍ථං ආගතොසී”ති පුච‍්ඡි. “අහං, සාමි, දුග‍්ගතො කපණො ජීවිතුං අසක‍්කොන‍්තො තුම‍්හෙ දන‍්තඛණ‍්ඩං යාචිත්‍වා සචෙ දස‍්සථ, තං ආදාය ගන‍්ත්‍වා වික‍්කිණිත්‍වා තෙන මූලෙන ජීවිස‍්සාමී”ති ආගතොති. “හොතු භො, දන‍්තං තෙ දස‍්සාමි, සචෙ දන‍්තකප‍්පනත්‍ථාය කකචං අත්‍ථී”ති. “කකචං ගහෙත්‍වා ආගතොම‍්හි සාමී”ති. “තෙන හි දන‍්තෙ කකචෙන කන‍්තිත්‍වා ආදාය ගච‍්ඡා”ති බොධිසත‍්තො පාදෙ සමිඤ‍්ජිත්‍වා ගොනිසින‍්නකං නිසීදි. සො ද‍්වෙපි අග‍්ගදන‍්තෙ ඡින්‍දි. බොධිසත‍්තො තෙ දන‍්තෙ සොණ‍්ඩාය ගහෙත්‍වා “භො පුරිස, නාහං ‘එතෙ දන‍්තා මය‍්හං අප‍්පියා අමනාපා’ති දම‍්මි, ඉමෙහි පන මෙ දන‍්තෙහි සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන සබ‍්බධම‍්මපටිවෙධනසමත්‍ථා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණදන‍්තාව පියතරා, තස‍්ස මෙ ඉදං දන‍්තදානං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපටිවිජ‍්ඣනත්‍ථාය හොතූ”ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස ආරාධනං කත්‍වා දන‍්තයුගලං අදාසි.

බෝසත්හු ඔහු දැක කුමක් නිසා ආවේදැ යි විචාළහ. ස්වාමීනි, මම ධනය නැති දිළින්දෙක් වෙමි. ජීවත්වීමට නො හැකි ව ඔබතුමන්ගෙන් දත් කැබැල්ලක් ඉල්ලමි. ඉදින්. එය දෙන්නේ නම් එය ගෙන ගොස් විකුණා ඒ මුදලින් ජීවත් වන්නෙමි යි සිතා ආවෙමි. පින්වත, එසේ වේවා. ඔබට දළ දෙමි. ඉදින්, දළ කැපීම සඳහා කියතක් තිබේ ද? ස්වාමීනි, කියතක් ගෙන ආවේ වෙමි. එසේ වී නම් දළ කියතින් කපා රැගෙන යව යි බෝසත්හු පා හකුළුවා ගවයන් ලගින්නාක් මෙන් සිටියේය. ඔහු ඇතුගේ ප්‍රධාන දළ දෙක සිඳීය. බෝසත්හු ඒ දත් සොඬින් ගෙන පින්වත් පුරුෂය, මම මේ දළ නො කැමැති නිසා හෝ අනවශ්‍ය නිසා හෝ නො දෙමි. මේ දළ දෙකට වඩා දහස් ගුණයකින් ලක්‍ෂ ගුණයකින් සියලු ධර්ම අවබෝධ කිරීමට සමත් වූ සර්වඥතා ඥාන නමැති දළ ම වඩා ප්‍රිය වෙයි. ඒ මගේ දළ දානය, සර්වඥතා ඥානය අවබෝධ කිරීම සඳහා ම වේවා යි සර්වඥතා ඥානය මෙනෙහි කොට දළ යුවළ දුන්හ.

සො තං ආදාය ගන‍්ත්‍වා වික‍්කිණිත්‍වා තස‍්මිං මූලෙ ඛීණෙ පුන බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “සාමි, තුම‍්හාකං දන‍්තෙ වික‍්කිණිත්‍වා ලද‍්ධමූලං මය‍්හං ඉණසොධනමත‍්තමෙව ජාතං, අවසෙසදන‍්තෙ දෙථා”ති ආහ. බොධිසත‍්තො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා පුරිමනයෙනෙව කප‍්පාපෙත්‍වා අවසෙසදන‍්තෙ අදාසි. සො තෙපි වික‍්කිණිත්‍වා පුන ආගන‍්ත්‍වා “සාමි, ජීවිතුං න සක‍්කොමි, මූලදාඨා මෙ දෙථා”ති ආහ. බොධිසත‍්තො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා පුරිමනයෙනෙව නිසීදි. සො පාපපුරිසො මහාසත‍්තස‍්ස රජතදාමසදිසං සොණ‍්ඩං මද‍්දමානො කෙලාසකූටසදිසං කුම‍්භං අභිරුහිත්‍වා උභො දන‍්තකොටියො පණ‍්හියා පහරන‍්තො මංසං වියූහිත්‍වා කුම‍්භං ආරුය‍්හ ඛරකකචෙන මූලදාඨා කප‍්පෙත්‍වා පක‍්කාමි. බොධිසත‍්තස‍්ස දස‍්සනූපචාරං විජහන‍්තෙයෙව පන තස‍්මිං පාපපුරිසෙ චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා ඝනපථවී සිනෙරුයුගන්‍ධරාදයො මහාභාරෙ දුග‍්ගන්‍ධජෙගුච‍්ඡානි ගූථමුත‍්තාදීනි ච ධාරෙතුං සමත්‍ථාපි තස‍්ස අගුණරාසිං ධාරෙතුං අසක‍්කොන‍්තී විය භිජ‍්ජිත්‍වා විවරං අදාසි. තාවදෙව අවීචිමහානිරයතො අග‍්ගිජාලා නික‍්ඛමිත්‍වා තං මිත‍්තදුබ‍්භිපුරිසං කුලසන‍්තකෙන කම‍්බලෙන පාරුපන‍්තී විය පරික‍්ඛිපිත්‍වා ගණ‍්හි.

ඒ පුරුෂයා දළ යුවල ගෙනගොස් විකුණා ඒ මුදල අවසන් වූ කල්හි නැවත බෝසතුන් වෙත ගොස් ස්වාමීනි, ඔබගේ දළ විකිණීමෙන් ලත් මුදල මගේ ණය ගෙවීම සඳහා පමණක් ම වූයේය. ඉතිරි දළ ද දෙනු මැනවැ යි ඉල්ලීය. බෝසත්හු මැනවැ යි පිළිවදන් දී පෙර පරිදි ම කප්පවා ඉතිරි දත් ද දුන්හ. පුරුෂයා ඒ දළ ද විකුණා නැවතත් අවුත් ස්වාමීනි, ජීවත්වීමට නොහැක්කෙමි. දළ මුල් ද දෙනු මැනවැ යි කියා පෙර පරිදි ම සිඳ ගත්තේය. බෝසත්හුගේ රිදී වැළක් ඒ පවිටු මිනිසා සමාන සොඬ වඩිමින් කෛලාසය හා සමාන වූ කුඹට නැඟී දළ කෙළවර විලුඹෙන් පහර දෙමින් මස් ඉවත්කොට කුඹට නැඟී තියුණු කියතින් දළ මුල් කපාගෙන ගියේය. බෝසතුන්ගේ පේන තෙක් මානයේ ඉක්මෙන කල්හි දෙලක්‍ෂ හතලිස් දහසක් යොදුන් ඝන වූ මහ පොළොව මහමෙර යුගන්ධර පර්වත ආදී මහා භාරයන් ද දුගඳ වූ පිළිකුල් වූ මළ මුත්‍රාදිය ද දරා සිටීමට සමත් වුවද ඒ පාප පුරුෂයාගේ අගුණ රාශිය දරා සිටීමට නො හැකි වූවාක් මෙන් සිදුරු විය. එකෙණෙහි අවීචි මහා නිරයෙන් ගිනි ජාලා නික්ම ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා කුල සන්තක පොරෝණයකින් පොරවන්නාක් මෙන් වටකොට ගත්තේය.

එවං තස‍්ස පාපපුග‍්ගලස‍්ස පථවිං පවිට‍්ඨකාලෙ තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා රුක‍්ඛදෙවතා “අකතඤ‍්ඤූ මිත‍්තදුබ‍්භී පුග‍්ගලො චක‍්කවත‍්තිරජ‍්ජං දත්‍වාපි තොසෙතුං න සක‍්කා”ති වනං උන‍්නාදෙත්‍වා ධම‍්මං දෙසයමානා ඉමං ගාථමාහ –

මෙසේ ඒ පාපී පුද්ගලයා පොළොවට පිවිසි කල්හි, එම වන ලැහැබෙහි අධිගෘහිත රුක් දෙවියා කෙළෙහි ගුණ නො දත් මිත්‍රද්‍රෝහී වූ පුද්ගලයා සක්විති රාජ්‍යය දුන්නේ වී නමුත් සතුටු කරන්නට නො හැකියැ යි මුළු වනය නාද කරමින් දම් දෙසන්නේ, මේ ගාථාව කීය.

“අකතඤ‍්ඤුස‍්ස පොසස‍්ස, නිච‍්චං විවරදස‍්සිනො; සබ‍්බං චෙ පථවිං දජ‍්ජා, නෙව නං අභිරාධයෙ”ති.

“අකතඤ්ඤුස්ස පොසස්ස නිච්චං විරෙදස්සිනො, සබ්බං චෙ පඨවිං දජ්ජා නෙව නං අභිරාධයෙති”

“කළගුණ නො දන්නා වූ තොරතුරු (අනුන්ගේ) සිදුරු දක්නා වූ පුරුෂයාට ඉදින් මුළු පොළොව හෙවත් සක්විති රජකම දුන්නේ වී නමුදු ඔහු සතුටට පමුණුවනු නො හැක්කේය.”

තත්‍ථ අකතඤ‍්ඤුස‍්සාති අත‍්තනො කතගුණං අජානන‍්තස‍්ස. පොසස‍්සාති පුරිසස‍්ස. විවරදස‍්සිනොති ඡිද‍්දමෙව ඔකාසමෙව ඔලොකෙන‍්තස‍්ස. සබ‍්බං චෙ පථවිං දජ‍්ජාති සචෙපි තාදිසස‍්ස පුග‍්ගලස‍්ස සකලං චක‍්කවත‍්තිරජ‍්ජං, ඉමං වා පන මහාපථවිං පරිවත‍්තෙත්‍වා පථවොජං දදෙය්‍ය. නෙව නං අභිරාධයෙති එවං කරොන‍්තොපි එවරූපං කතගුණවිද‍්ධංසකං කොචි පරිතොසෙතුං වා පසාදෙතුං වා න සක‍්කුණෙය්‍යාති අත්‍ථො.

එහි, “අකතඤ්ඤුස්ස”, තමාට කළගුණ නො දන්නාහට, “පොසස්ස” පුරුෂයාට, “විවරදස්සිනො” සිදුර ම අවකාශය ම බලන්නා හට, “සබ්බං චෙ පඨවිං දජ්ජා” ඉදින් එබඳු වූ පුද්ගලයාට සියලු සක්විති රාජ්‍යය හෝ මේ මහා පොළොව පෙරළා පොළොවෙහි රස දෙන්නේ නමුදු, “නෙව නං අභිරාධයෙති” එසේ කරන්නේ නමුදු මෙබඳු කළගුණ නසන කිසිවකු සතුටු කිරීමට හෝ පැහැදවීමට හෝ නො හැකි වන්නේය, යන අර්ථයි.

එවං සා දෙවතා වනං උන‍්නාදෙත්‍වා ධම‍්මං දෙසෙසි. බොධිසත‍්තො යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං අගමාසි.

මෙසේ ඒ දේවතාවා ඒ වනය නාද කරමින් දම් දෙසීය. බෝසත්හු ආයු ඇතිතාක් සිට කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව අකතඤ‍්ඤූ, පුබ‍්බෙපි අකතඤ‍්ඤූයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා මිත‍්තදුබ‍්භී පුග‍්ගලො දෙවදත‍්තො අහොසි, රුක‍්ඛදෙවතා සාරිපුත‍්තො, සීලවනාගරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු, මහණෙනි, දෙව්දත් කෙළෙහි ගුණ නො දන්නේ දැන් පමණක් නොව පෙර ද කෙළෙහි ගුණ නො දත්තේයැ යි වදාරා මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එකල්හි මිත්‍ර ද්‍රෝහී පුද්ගලයා දෙව්දත් විය. රුක් දෙවියා සැරියුත් තෙරණුවෝය. සීලව ඇත් රාජයා වනාහි මම ම වෙමි.

සීලවනාගරාජජාතකවණ‍්ණනා දුතියා.