යෙදුමෙන් කියවන්න

8. ඉල‍්ලිසජාතකවණ‍්ණනා 78 අට‍්ඨකථා

8. ඉල‍්ලිසජාතකවණ‍්ණනා (78)

8. ඉල්ලීස ජාතකය (78)

උභො ඛඤ‍්ජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මච‍්ඡරියකොසියසෙට‍්ඨිං ආරබ‍්භ කථෙසි. රාජගහනගරස‍්ස කිර අවිදූරෙ සක‍්කාරං නාම නිගමො අහොසි, තත්‍ථෙකො මච‍්ඡරියකොසියො නාම සෙට‍්ඨි අසීතිකොටිවිභවො පටිවසති. සො තිණග‍්ගෙන තෙලබින්‍දුමත‍්තම‍්පි නෙව පරෙසං දෙති, න අත‍්තනා පරිභුඤ‍්ජති. ඉති තස‍්ස තං විභවජාතං නෙව පුත‍්තදාරාදීනං, න සමණබ්‍රාහ‍්මණානං අත්‍ථං අනුභොති, රක‍්ඛසපරිග‍්ගහිතපොක‍්ඛරණී විය අපරිභොගං තිට‍්ඨති.

“උභො ඛඤ්ජාති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, මසුරු කෝසිය සිටාණන් අරබයා වදාළහ. රජගහ නුවර අබියස සක්ඛර නම් නියම් ගමක් වෙයි. එහි අසූ කෙළ්ක ධනය ඇති කෝසිය නම් මසුරු සිටුවරයෙක් වසයි. හෙතෙම තණ අගින් තෙල් බිඳුවක්වත් අනුන්ට නො දෙයි. තමා ද පරිභෝග නො කරයි. මෙසේ ඔහුගේ ඒ මහා ධනස්කන්ධය දූදරුවන්ට ප්‍රයෝජනයක් නො වෙයි. මහණ බමුණන්නට ද ප්‍රයෝජනයක් නො වෙයි. රකුසන් විසින් අරක් ගන්නා ලද පොකුණක් මෙන් ප්‍රයෝජනයට ගත නො හැකි ව තිබේ.

සත්‍ථා එකදිවසං පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය සකලලොකධාතුයං බොධනෙය්‍යබන්‍ධවෙ ඔලොකෙන‍්තො පඤ‍්චචත‍්තාලීසයොජනමත්‍ථකෙ වසන‍්තස‍්ස තස‍්ස සෙට‍්ඨිනො සපජාපතිකස‍්ස සොතාපත‍්තිඵලස‍්ස උපනිස‍්සයං අද‍්දස. තතො පුරිමදිවසෙ පන රාජානං උපට‍්ඨාතුං රාජගෙහං ගන‍්ත්‍වා රාජූපට‍්ඨානං කත්‍වා ආගච‍්ඡන‍්තො එකං ඡාතජ‍්ඣත‍්තං ජනපදමනුස‍්සං කුම‍්මාසපූරං කපල‍්ලපූවං ඛාදන‍්තං දිස‍්වා තත්‍ථ පිපාසං උප‍්පාදෙත්‍වා අත‍්තනො ඝරං ගන‍්ත්‍වා චින‍්තෙසි “සචාහං ‘කපල‍්ලපූවං ඛාදිතුකාමොම‍්හී’ති වක‍්ඛාමි, බහූ මයා සද‍්ධිං ඛාදිතුකාමා භවිස‍්සන‍්ති, එවං මෙ බහූනි තණ‍්ඩුලසප‍්පිමධුඵාණිතාදීනි පරික‍්ඛයං ගමිස‍්සන‍්ති, න කස‍්සචි කථෙස‍්සාමී”ති තණ‍්හං අධිවාසෙන‍්තො විචරති. සො ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ උප‍්පණ‍්ඩුපණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො ජාතො . තතො තණ‍්හං අධිවාසෙතුං අසක‍්කොන‍්තො ගබ‍්භං පවිසිත්‍වා මඤ‍්චකං උපගූහිත්‍වා නිපජ‍්ජි. එවංගතොපි ධනහානිභයෙන කස‍්සචි කිඤ‍්චි න කථෙසි.

බුදු රජහු එක් දවසක් අළුයම් වේලෙහි මහා කරුණා සමවතින් නැඟිට සියලු ලොව ම ධර්මාවබෝධ කළ හැකි බන්ධුන් බලන්නාහු, පන්සාළිස් යොදුනක් දුර වසන්නා වූ භාර්යාව සහිත ඒ සිටුවරයාගේ සෝවාන් ඵලය පසක් කිරීමට හේතු සම්පත් දුටහ. මීට පෙර දිනක ඒ සිටුවරයා රාජ සේවයට රජ ගෙදරට ගොස් රාජ සේවය කොට ආපසු එන්නේ, බඩසයින් පීඩිත වූ එක් ජනපද වැසි මිනිසකු කොපිඬු පිරවූ තැටි කැවුම් කනු දැක ඒ පිළිබඳ ආසා උපදවා තමාගේ ගෙට ගොස් මෙසේ සිතීය. ඉදින් ම තැටි කැවුම් කනු කැමැති වෙමි යි කීවේ නම් බොහෝ දෙනා මා සමග කනු කැමැත්තෝ වන්නාහ. එසේ වූ කල්හි මගේ බොහෝ සහල්, ගිතෙල්, පැනි ආදිය වැයවීමට යන්නේය. එම නිසා කිසිවකුට නො කියන්නෙමි යි ආසාව ඉවසාගෙන සිටී. මෙසේ කල්යත් ම පඬුවන් පැහැ ඇත්තේ නහර වැල් පතළ සිරුරු ඇත්තේ විය. තව දුරටත් ආසාව ඉවසා සිටීමට නො හැක්කේ ගේ තුළට පිවිස ඇඳ වැළඳ ගෙන හොත්තේය. මෙසේ වුව ද ධන හානි බයින් කිසිවකුට නො කීවේය.

අථ නං භරියා උපසඞ‍්කමිත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජිත්‍වා “කිං තෙ සාමි, අඵාසුක”න‍්ති පුච‍්ඡි. “න මෙ කිඤ‍්චි අඵාසුකං අත්‍ථී”ති. “කිං නු ඛො තෙ රාජා කුපිතො”ති? “රාජාපි මෙ න කුප‍්පතී”ති. “අථ කිං තෙ පුත‍්තධීතාහි වා දාසකම‍්මකරාදීහි වා කිඤ‍්චි අමනාපං කතං අත්‍ථී”ති? “එවරූපම‍්පි නත්‍ථී”ති. “කිස‍්මිඤ‍්චි පන තෙ තණ‍්හා අත්‍ථී”ති? එවං වුත‍්තෙපි ධනහානිභයෙන කිඤ‍්චි අවත්‍වා නිස‍්සද‍්දොව නිපජ‍්ජි. අථ නං භරියා “කථෙහි, සාමි, කිස‍්මිං තෙ තණ‍්හා”ති ආහ. සො වචනං පරිගිලන‍්තො විය “අත්‍ථි මෙ එකා තණ‍්හා”ති ආහ. “කිං තණ‍්හා, සාමී”ති? “කපල‍්ලපූවං ඛාදිතුකාමොම‍්හී”ති. “අථ කිමත්‍ථං න කථෙසි, කිං ත්‍වං දලිද‍්දො, ඉදානි සකලසක‍්කාරනිගමවාසීනං පහොනකෙ කපල‍්ලපූවෙ පචිස‍්සාමී”ති? “කිං තෙ එතෙහි, තෙ අත‍්තනො කම‍්මං කත්‍වා ඛාදිස‍්සන‍්තී”ති? “තෙන හි එකරච‍්ඡවාසීනං පහොනකෙ පචාමී”ති. ජානාමහං තව මහද‍්ධනභාවන‍්ති. “තෙන හි ඉමස‍්මිං ගෙහමත‍්තෙ සබ‍්බෙසං පහොනකං කත්‍වා පචාමී”ති. “ජානාමහං තව මහජ‍්ඣාසයභාව”න‍්ති. “තෙන හි තෙ පුත‍්තදාරමත‍්තස‍්සෙව පහොනකං කත්‍වා පචාමී”ති. “කිං පන තෙ එතෙහී”ති? “තෙන හි තුය‍්හඤ‍්ච මය‍්හඤ‍්ච පහොනකං කත්‍වා පචාමී”ති. “ත්‍වං කිං කරිස‍්සසී”ති? “තෙන හි එකස‍්සෙව තෙ පහොනකං කත්‍වා පචාමී”ති. “ඉමස‍්මිං ඨානෙ පච‍්චමානං බහූ පච‍්චාසීසන‍්ති, සකලතණ‍්ඩුලෙ ඨපෙත්‍වා භින‍්නතණ‍්ඩුලෙ ච උද‍්ධනකපල‍්ලාදීනි ච ආදාය ථොකං ඛීරසප‍්පිමධුඵාණිතඤ‍්ච ගහෙත්‍වා සත‍්තභූමිකස‍්ස පාසාදස‍්ස උපරිමතලං ආරුය‍්හ පච, තත්‍ථාහං එකකොව නිසීදිත්‍වා ඛාදිස‍්සාමී”ති. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා ගහෙතබ‍්බං ගාහාපෙත්‍වා පාසාදං ආරුය‍්හ දාසියො විස‍්සජ‍්ජෙත්‍වා සෙට‍්ඨිං පක‍්කොසාපෙසි. සො ආදිතො පට‍්ඨාය ද‍්වාරානි පිදහන‍්තො සබ‍්බද‍්වාරෙසු සූචිඝටිකානි දත්‍වා සත‍්තමතලං අභිරුහිත්‍වා තත්‍ථපි ද‍්වාරං පිදහිත්‍වා නිසීදි. භරියාපිස‍්ස උද‍්ධනෙ අග‍්ගිං ජාලෙත්‍වා කපල‍්ලකං ආරොපෙත්‍වා පූවෙ පචිතුං ආරභි.

ඉක්බිති, ඔහුගේ බිරිය ඔහු වෙත එළැඹ පිට පිරිමැද ස්වාමීනි, ඔබට කිම, අපහසුවක්දැ යි විචාළාය. මට කිසි අපහසුවක් නැත. එසේ නම් රජතුමා ඔබට කිපුණේ ද? නැත. මට රජතුමා කිපෙන්නේ නැත. එසේ නම් කිම. ඔබගේ දූපුතුන් විසින් හෝ, දස් කම්කරුවන් විසින් හෝ කිසියම් නො මනා දෙයක් කරන ලද්දේ ද? එවැන්නක් ද නැත. කිසියම් දෙයක් පිළිබඳ ඔබට ආශාවක් ඇත්තේ ද? මෙසේ කී කල්හි ද ධන හානි බයින් කිසිවක් නො කියා නිහඬ ව හොත්තේය. එවිට ඔහුගේ භාර්යාව හිමියනි, කියනු මැනවි. ඔබට කිසියම් ආසාවක් ඇත්තේ ද? ඒ වචනය ඇසූ සිටු වචන ගිලින්නාක් මෙන් මට එක් ආශාවක් ඇත්තේය. හිමියනි, කිනම් ආශාවක් ද? තැටි කැවුම් කනු කැමැත්තේ වෙමි. එසේ නම් කුමක් නිසා නොකීවෙහි ද? කිම, ඔබ දිළින්දෙක් ද? දැන් සියලු සක්ඛර ගම් වාසීන්ට පොහොනා පරිදි තැටි කැවුම් දෙමු ඔවුන්ට දීමෙන් ඇති ඵලය කුමක් ද? ඔවුහු තමන්ගේ කටයුතු කැරගෙන කන්නාහ. එසේ නම් එක වීථියක වසන ජනයාට පොහෝනා පරිදි පිසමි. මම ඔබගේ ධන මහත බව දනිමි. එසේ නම් මේ ගෙහි වසන සැමට ප්‍රමාණවත් වන සේ පිසමි. තිගේ සිතේ මහත් බව මම දනිමි. එසේ නම් ඔබගේ අඹුදරුවන් සඳහා පමණක් පිසමි. ඔවුන්ගෙන් ඇති ඵලය කුමක් ද? එසේ නම් ඔබටත් මටත් ප්‍රමාණවත් වන සේ පිසමි. තිගෙන් මට ඇති ඵලය කිම. එසේ නම් ඔබට පමණක් පිසමි. මේ ගෙහි පිසන කල බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. නොබිඳුණු සහල් ඉවත් කර සුන් සහල් පමණක් ගෙන ලිපි සහ භාජන ද රැගෙන ස්වල්ප වශයෙන් කිරි, ගිතෙල්, මී පැණි ද ගෙන සත් මහල් ප්‍රාසාදයෙහි උඩුමහල් තලයට නැඟ පිසව. මම එහි සිට එකලා ව හිද තැටි කැවුම් කන්නෙමි. ඇය ද මැනවැ යි පිළිවදන් දී ගතයුතු දේ ගෙන්වාගෙන පහයට නැඟ දාසියන් බැහැර යවා සිටුවරයා කැඳවූවාය. ඔහු ද මුලපටන් දොරවල් වසමින් සියලු දොරවල් අගුළු දමා සත් වැනි මහලට නැඟ එහි ද දොර වසා හුන්නේය. ඔහුගේ බිරිය ද ලිපෙහි ගිනි මොළවා බඳුන තබා කැවුම් පිසීමට ආරම්භ කළාය.

අථ සත්‍ථා පාතොව මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං ආමන‍්තෙසි, “එසො, මොග‍්ගල‍්ලාන, රාජගහනගරස‍්ස අවිදූරෙ සක‍්කාරනිගමෙ මච‍්ඡරියකොසියසෙට‍්ඨි ‘කපල‍්ලපූවෙ ඛාදිස‍්සාමී’ති අඤ‍්ඤෙසං දස‍්සනභයෙන සත‍්තභූමිකෙ පාසාදෙ කපල‍්ලපූවෙ පචාපෙති. ත්‍වං තත්‍ථ ගන‍්ත්‍වා තං සෙට‍්ඨිං දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා උභොපි ජයම‍්පතිකෙ පූවෙ ච ඛීරසප‍්පිමධුඵාණිතාදීනි ච ගාහාපෙත්‍වා අත‍්තනො බලෙන ජෙතවනං ආනෙහි. අජ‍්ජාහං පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං විහාරෙයෙව නිසීදිස‍්සාමි, පූවෙහෙව භත‍්තකිච‍්චං කරිස‍්සාමී”ති. ථෙරො “සාධු, භන‍්තෙ”ති සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තාවදෙව ඉද‍්ධිබලෙන තං නිගමං ගන‍්ත්‍වා තස‍්ස පාසාදස‍්ස සීහපඤ‍්ජරද‍්වාරෙ සුනිවත්‍ථො සුපාරුතො ආකාසෙයෙව මණිරූපකං විය අට‍්ඨාසි.

ඉක්බිති, බුදු රජහු අළුයම් වේලෙහි මහා මුගලන් තෙරුන් ඇමතූහ. මොග්ගල්ලාන, රජගහ නුවර අබියස සක්‍ඛර නම් නියම් ගමෙහි කෝසිය නම් මසුරු සිටු තැටි කැවුම් කමි යි මෙරමා දකිතැ යි යන බියෙන් සත්මහල් ප්‍රාසාදයෙහි තැටි කැවුම් පිසවයි. ඔබ එහි ගොස් ඒ සිටු දමනය කොට ඔද බිඳ අඹු සැමි දෙදෙනා ම ද කැවුම් ද කිරි, ගිතෙල්, මීපැණි ආදිය ද ඔවුන් ලවා ගෙන්වා ගෙන තමාගේ බලයෙන් ජේතවනයට ම රැගෙන එන්න. මම ද අද පන්සියයක් භික්‍ෂූන් සමග වෙහෙරෙහි රැඳෙන්නෙමි. අද තැටි කැවුම්වලින් ම බත් කිසි කරන්නෙමි යි වදාළහ. තෙරහු ද ස්වාමීනි, යහපතැ යි බුදු රජුන්ගේ වචනය පිළිගෙන එකෙණෙහි ම සෘද්ධියෙන් ඒ නියම් ගමට වඩමවා එම ප්‍රාසාදයෙහි සිහිමැදුරු දොරටුව අබියස මනාව හැඳ පොරවා අහසෙහි ම මිණි රුවක් මෙන් සිටියහ.

මහාසෙට‍්ඨිනො ථෙරං දිස‍්වාව හදයමංසං කම‍්පි. සො “අහං එවරූපානඤ‍්ඤෙව භයෙන ඉමං ඨානං ආගතො, අයඤ‍්ච ආගන‍්ත්‍වා වාතපානද‍්වාරෙ ඨිතො”ති ගහෙතබ‍්බගහණං අපස‍්සන‍්තො අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තලොණසක‍්ඛරා විය දොසෙන තටතටායන‍්තො එවමාහ “සමණ, ආකාසෙ ඨත්‍වා ත්‍වං කිං ලභිස‍්සසි, ආකාසෙ අපදෙ පදං දස‍්සෙත්‍වා චඞ‍්කමන‍්තොපි නෙව ලභිස‍්සසී”ති. ථෙරො තස‍්මිංයෙව ඨානෙ අපරාපරං චඞ‍්කමි. සෙට‍්ඨි “චඞ‍්කමන‍්තො කිං ලභිස‍්සසි, ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදමානොපි න ලභිස‍්සසියෙවා”ති ආහ. ථෙරො පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. අථ නං “නිසින‍්නො කිං ලභිස‍්සසි, ආගන‍්ත්‍වා වාතපානඋම‍්මාරෙ ඨිතොපි න ලභිස‍්සසී”ති ආහ. අථ ථෙරො උම‍්මාරෙ අට‍්ඨාසි. අථ නං “උම‍්මාරෙ ඨිතො කිං ලභිස‍්සසි, ධූමායන‍්තොපි න ලභිස‍්සසියෙවා”ති ආහ. ථෙරො ධූමායි, සකලපාසාදො එකධූමො අහොසි, සෙට‍්ඨිනො අක‍්ඛීනං සූචියා විජ‍්ඣනකාලො විය ජාතො. ගෙහජ‍්ඣායනභයෙන පන නං “පජ‍්ජලන‍්තොපි න ලභිස‍්සසී”ති අවත්‍වා චින‍්තෙසි “අයං සමණො සුට‍්ඨු ලග‍්ගො, අලද‍්ධා න ගමිස‍්සති, එකමස‍්ස පූවං දාපෙස‍්සාමී”ති භරියං ආහ – “භද‍්දෙ, එකං ඛුද‍්දකපූවං පචිත්‍වා සමණස‍්ස දත්‍වා උය්‍යොජෙහි න”න‍්ති. සා ථොකඤ‍්ඤෙව පිට‍්ඨං කපල‍්ලපාතියං පක‍්ඛිපි, මහාපූවො හුත්‍වා සකලපාතිං පූරෙත්‍වා උද‍්ධුමාතො අට‍්ඨාසි.

තෙරුන් දකිත් ම මහා සිටුගේ හදවත සැළිණි. සිටුවරයා මම මෙවැනි අයට ම බියෙන් මෙතැනට පැමිණියෙමි. මොහු ද අවුත් වා කවුළු දොරෙහි ම සිටියේය. වෙන කළ යුතු දෙයක් නොමැති ව ගින්නෙහි ලූ ලුණු කැට සේ කෝපයෙන් සැළෙමින් මෙසේ කීය. ශ්‍රමණය, අහසෙහි සිට කුමක් ලබන්නෙහි ද? පියවර නො පිහිටන අහසෙහි පියවර දක්වා සක්මන් කළේ වී නමුත් නො ලබන්නෙහිය යි කීවේය. තෙරහු ද එම ස්ථානයෙහි ම ඔබිමොබ සක්මන් කළහ. එවිට සිටු සක්මන් කිරීමෙන් කුමක් ලබන්නෙහි ද? අහසෙහි පළඟින් සිටියේ ද නො ලබන්නෝමැ යි කීවේය. තෙරහු පළක් බැඳ අහසෙහි වැඩ හුන්හ. එවිට සිටු ඉඳීමෙන් කුමක් ලබන්නෙහි ද? අවුත් වා කවුළුවෙහි එළිපත්තෙහි සිටිය ද නො ලබන්නේයැ යි කීවේය. ඉක්බිති, තෙරතහු එළිපත්තෙහි වැඩ සිටියහ. ඉක්බිති, සිටු එළිපත්තෙහි සිට කුමක් ලබන්නෙහි ද? දුම පිඹිමින් සිටියේ ද, නො ලබන්නේ මය. එවිට තෙරහු දුම් පිට කළහ. සියලු ප්‍රසාදය දුමින් පිරී ගියේය. එහෙත් ගෙය දැවෙතැ යි යන බියෙන්, දැල්වුණත් නො ලබන්නෙහියැ යි නො කියා මෙසේ සිතීය. මේ ශ්‍රමණයා ලැගගෙන ම සිටී. තැටි කැවුම් නො ලැබ නො යන්නේය. එම නිසා මොහුට එක් කැවුමක් දෙවන්නෙමි යි බිරිය අමතා මෙසේ කීය. සොඳුර, එක් කුඩා කැවුමක් පිස ශ්‍රමණයාට දී ඔහු පිටත් කැර හරිනු. බිරිය ද පිටි ස්වල්පයක් තැටියට දැම්මාය. ඒ සමගම මහා කැවුමක් වී මුළු තැටිය ම පිරී පිපී ගියේය.

සෙට‍්ඨි තං දිස‍්වා “බහු තයා පිට‍්ඨං ගහිතං භවිස‍්සතී”ති සයමෙව දබ‍්බිකණ‍්ණෙන ථොකතරං පිට‍්ඨං ගහෙත්‍වා පක‍්ඛිපි, පූවො පුරිමපූවතො මහන‍්තතරො ජාතො. එවං යං යං පචති, සො සො මහන‍්තමහන‍්තොව හොති. සො නිබ‍්බින‍්නො භරියං ආහ “භද‍්දෙ, ඉමස‍්ස එකං පූවං දෙහී”ති. තස‍්සා පච‍්ඡිතො එකං පූවං ගණ‍්හන‍්තියා සබ‍්බෙ එකාබද‍්ධා අල‍්ලීයිංසු. සා සෙට‍්ඨිං ආහ “සාමි, සබ‍්බෙ පූවා එකතො ලග‍්ගා, විසුං කාතුං න සක‍්කොමී”ති. “අහං කරිස‍්සාමී”ති සොපි කාතුං නාසක‍්ඛි. උභො ජනා කොටියං ගහෙත්‍වා කඩ‍්ඪන‍්තාපි වියොජෙතුං නාසක‍්ඛිංසුයෙව. අථස‍්ස පූවෙහි සද‍්ධිං වායමන‍්තස‍්සෙව සරීරතො සෙදා මුච‍්චිංසු, පිපාසා ච පච‍්ඡිජ‍්ජි. තතො භරියං ආහ “භද‍්දෙ, න මෙ පූවෙහි අත්‍ථො , පච‍්ඡියා සද‍්ධිංයෙව ඉමස‍්ස භික‍්ඛුස‍්ස දෙහී”ති. සා පච‍්ඡිං ආදාය ථෙරං උපසඞ‍්කමිත්‍වා සබ‍්බෙ පූවෙ ථෙරස‍්ස අදාසි. ථෙරො උභින‍්නම‍්පි ධම‍්මං දෙසෙසි, තිණ‍්ණං රතනානං ගුණෙ කථෙසි, “අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨ”න‍්ති දානාදීනං ඵලං ගගනතලෙ පුණ‍්ණචන්‍දං විය දස‍්සෙසි.

සිටු ඒ දැක තී වැඩිපුර පිටි ගත්තා විය යුතුය යි. තෙමේ ම හැඳි කොණකින් පිටි ස්වල්පයක් ගෙන තැටියට දැම්මේය. එවිට පෙර කැවුමටත් වඩා විශාල වූයේය. මෙසේ පිසින පිසින කැවුම පෙරට වඩා විශාල ම වෙයි. එවිට සිටු කළකිරී භාර්යාව අමතා සොඳුර, මෙයින් එක කැවුමක් දෙව යි කීවේය. කැවුම් පැසින් එක කැවුමක් ගනිත් ම සියලු ම කැවුම් එකට ඇලී තිබුණේය. ඈ සිටුවරයාට මෙසේ කීවාය. හිමියනි, සියලු ම කැවුම් එකටම ඇලී තිබේ. වෙන්කළ නො හැක්කෙමි. සිටු ද මම වෙන් කරන්නෙමි යි උත්සාහ කළ ද නො හැකි විය. දෙදෙනා ම දෙකෙළවරින් ගෙන අදිමින් උත්සාහ කළ ද වෙන් කිරීමට නො හැකි වූවාහුය. මෙසේ දෙදෙනා කැවුම් වෙන් කිරීමට උත්සාහ කරත් ම සිරුරෙන් දහදිය පිටවිය. කැවුම් ආසාව ද සිඳී ගියේය. ඉක්බිති, බිරියට මෙසේ කීවේය. සොඳුර, මට කැවුමෙන් වැඩක් නැත. පැස සමග ම භික්‍ෂුවට දෙව. ඇය ද ගෙන තෙරුන් වෙත පැමිණියාය. තෙරහු දෙදෙනාට ම දම් දෙසූහ. තෙරුවන් ගුණ වදාළහ. දීමෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත ආදී වශයෙන් දානයෙහි ආනිශංස අහසෙහි සඳ මඬල මෙන් දැක්වූහ.

තං සුත්‍වා පසන‍්නචිත‍්තො සෙට‍්ඨි “භන‍්තෙ, ආගන‍්ත්‍වා ඉමස‍්මිං පල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා පූවෙ පරිභුඤ‍්ජථා”ති ආහ. ථෙරො “මහාසෙට‍්ඨි, සම‍්මාසම‍්බුද‍්ධො ‘පූවෙ ඛාදිස‍්සාමී’ති පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං විහාරෙ නිසින‍්නො, තුම‍්හාකං රුචියා සති සෙට‍්ඨිභරියං පූවෙ ච ඛීරාදීනි ච ගණ‍්හාපෙථ, සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමා”ති ආහ. “කහං පන, භන‍්තෙ, එතරහි සත්‍ථා”ති? “ඉතො පඤ‍්චචත‍්තාලීසයොජනමත්‍ථකෙ ජෙතවනමහාවිහාරෙ”ති. “භන‍්තෙ, කාලං අනතික‍්කමිත්‍වා එත‍්තකං අද‍්ධානං කථං ගමිස‍්සාමා”ති? “මහාසෙට‍්ඨි තුම‍්හාකං රුචියා සති අහං වො අත‍්තනො ඉද‍්ධිබලෙන නෙස‍්සාමි, තුම‍්හාකං පාසාදෙ සොපානසීසං අත‍්තනො ඨානෙයෙව භවිස‍්සති, සොපානපරියොසානං පන ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ භවිස‍්සති, උපරිපාසාදා හෙට‍්ඨාපාසාදං ඔතරණකාලමත‍්තෙන වො ජෙතවනං නෙස‍්සාමී”ති. සො “සාධු, භන‍්තෙ”ති සම‍්පටිච‍්ඡි. ථෙරො සොපානසීසං තත්‍ථෙව කත්‍වා “සොපානපාදමූලං ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ හොතූ”ති අධිට‍්ඨාසි, තථෙවාහොසි.

ඒ අසා පහන් සිත් ඇති සිටුවරයා ස්වාමීනි, පැමිණ මේ අසුනෙහි වැඩ හිඳ කැවුම් වළඳනු මැනවැ යි ඉල්ලා සිටියේය. තෙරණුවෝ, මහා සිටුවරය, බුදු රජහු කැවුම් වළඳමි යි පන්සියයක් භික්‍ෂූන් සමග විහාරයෙහි ම වැඩ සිටිති. බුදු රජහු කොහි වෙසෙත් ද? සිටුවරය, පන්සාළිස් යොදුනක් දුරින් පිහිටි දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටිති. ස්වාමීනි, කාලය නොඉක්මෙයි. ඔබගේ කැමැත්ත තිබේ නම් මම ඔබ හැම දෙන තම සෘද්ධි බලයෙන් ගෙන යන්නෙමි. තොපගේ පහයෙහි ඉණිමන් මුල තිබූ ස්ථානයෙහි ම වන්නේය. ඉණිමන් කෙළවර දෙව්රම් වෙහෙර දොරටුවෙහි වන්නේය. පහයේ උඩුමහලේ සිට පහත මහලට බසින කාල ප්‍රමාණයෙන් තොප දෙව්රම් වෙහෙරට පමුණුවන්නෙමි. හෙතෙම ස්වාමීනි, මැනවැ යි පිළිගත්තේය. තෙරණුවෝ හිණිමං හිස එහි ම සිටින සේ කොට හිණිමං මුල දෙව්රම් වෙහෙර දොරටුවෙහි වේවා යි අධිෂ්ඨාන කළහ. ඒ එසේ ම විය.

ඉති ථෙරො සෙට‍්ඨිඤ‍්ච සෙට‍්ඨිභරියඤ‍්ච උපරිපාසාදා හෙට‍්ඨාඔතරණකාලතො ඛිප‍්පතරං ජෙතවනං සම‍්පාපෙසි. තෙ උභොපි සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා කාලං ආරොචෙසුං. සත්‍ථා භත‍්තග‍්ගං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. මහාසෙට‍්ඨි බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දක‍්ඛිණොදකං අදාසි, සෙට‍්ඨිභරියා තථාගතස‍්ස පත‍්තෙ පූවෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථා අත‍්තනො යාපනමත‍්තං ගණ‍්හි, පඤ‍්චසතා භික‍්ඛූපි තථෙව ගණ‍්හිංසු. සෙට‍්ඨි ඛීරසප‍්පිමධුඵාණිතසක‍්ඛරාදීනි දදමානො අගමාසි. සත්‍ථා පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙසි. මහාසෙට‍්ඨිපි සද‍්ධිං භරියාය යාවදත්‍ථං ඛාදි, පූවානං පරියොසානමෙව න පඤ‍්ඤායති, සකලවිහාරෙ භික‍්ඛූනඤ‍්ච විඝාසාදානඤ‍්ච දින‍්නෙපි න පරියන‍්තො පඤ‍්ඤායති. “භන‍්තෙ, පූවා පරික‍්ඛයං න ගච‍්ඡන‍්තී”ති භගවතො ආරොචෙසුං. තෙන හි ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ ඡඩ‍්ඩෙථාති. අථ නෙ ද‍්වාරකොට‍්ඨකස‍්ස අවිදූරෙ පබ‍්භාරට‍්ඨානෙ ඡඩ‍්ඩයිංසු. අජ‍්ජතනාපි තං ඨානං “කපල‍්ලපූවපබ‍්භාරො”ත්‍වෙව පඤ‍්ඤායති. මහාසෙට‍්ඨි සද‍්ධිං භරියාය භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. භගවා අනුමොදනං අකාසි. අනුමොදනාපරියොසානෙ උභොපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය සත්‍ථාරං වන්‍දිත්‍වා ද‍්වාරකොට‍්ඨකෙ සොපානං ආරුය‍්හ අත‍්තනො පාසාදෙයෙව පතිට‍්ඨහිංසු . තතො පට‍්ඨාය මහාසෙට‍්ඨි අසීතිකොටිධනං බුද‍්ධසාසනෙයෙව විකිරි.

මෙසේ තෙරණුවෝ සිටු ද සිටු බිරිය ද මතු මහළෙහි සිටි යට මහළට බසින කාලයට වඩා ඉක්මණින් ජේතවන විහාරයට පැමිණ වූහ. ඒ දෙදෙනා ම බුදු රජුන් වෙත එළැඹ දානයට කල් දැන්වූහ. බුදු රජහු දන්හලට වඩමවා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි මහභික් සඟන සමග වැඩ සිටියහ. සිටු, බුදු පාමොක් මහ සඟනට පැන් පිළිගැන්වීය. සිටු බිරිය බුදු රජුන්ගේ පාත්‍රයට කැවුම් පිළිගැන්වූවාය. බුදු රජහු තමාට යැපීමට ප්‍රමාණවත් සේ කැවුම් පිළිගත්හ. පන්සියයක් භික්‍ෂූහු ද එසේ ම තම තමන්ට ප්‍රමාණවත් සේ පිළිගත්හ. සිටු, කිරි, ගිතෙල්, මී හකුරු ආදිය පිළිගන්වමින් ගියේය. බුදු රජහු පන්සියයක් භික්‍ෂූන් සමග බත් කිස නිමවූහ. මහා සිටු ද බිරිය සමග කැමැතිතාක් කැවුම් අනුභව කළේය. කැවුම්වල නිමාවක් නො පෙනේ. විහාරයේ සියලු භික්‍ෂූන්ට ද යාචකාදීන්ට ද දුන් කල්හි ද නිමාවක් නො පෙනේ. ස්වාමීනි, කැවුම් නිමාවක් නැතැ යි බුදු රජුන්ට සැලකළහ. එසේ නම් ජේතවන විහාර දොරටුව අබියස දමනු. ඉක්බිති, ඔවුහු දොරටුව අබියස බෑවුම් ස්ථානයෙහි දැමූහ. අද ද ඒ ස්ථානය තැටි කැවුම් බෑවුම නමින් හඳුන්වනු ලැබේ. මහසිටු බිරිය සමග බුදුන් වෙත එළැඹ එකත් පසක සිටියේය. බුදු රජහු අනුමෝදනා කළහ. අනුමෝදනා කෙළවර දෙදෙනා ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. අනතුරු ව බුදුන් වැඳ දොරටුව අසල දී හිණිමඟට නැඟ තමාගේ ප්‍රාසාදයට ම පැමිණියහ.

පුනදිවසෙ සම‍්මාසම‍්බුද‍්ධෙ සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා ජෙතවනං ආගම‍්ම භික‍්ඛූනං සුගතොවාදං දත්‍වා ගන්‍ධකුටිං පවිසිත්‍වා පටිසල‍්ලීනෙ සායන‍්හසමයෙ ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ “පස‍්සථාවුසො, මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්සානුභාවං, අනුපහච‍්ච සද‍්ධං අනුපහච‍්ච භොගෙ මච‍්ඡරියසෙට‍්ඨිං මුහුත‍්තෙනෙව දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා පූවෙ ගාහාපෙත්‍වා ජෙතවනං ආනෙත්‍වා සත්‍ථු සම‍්මුඛං කත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි, අහො මහානුභාවො ථෙරො”ති ථෙරස‍්ස ගුණකථං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “භික‍්ඛවෙ, කුලදමකෙන නාම භික‍්ඛුනා කුලෙ අවිහෙඨෙත්‍වා අකිලමෙත්‍වා පුප‍්ඵතො රෙණුං ගණ‍්හන‍්තෙන භමරෙන විය උපසඞ‍්කමිත්‍වා බුද‍්ධගුණෙ ජානාපෙතබ‍්බ”න‍්ති වත්‍වා ථෙරං පසංසන‍්තො –

එතැන් පටන් මහසිටු අසූ කෙළක් ධනය බුදු සසුනෙහි විසුරුවේය. දෙවැනි දවස්හි බුදු රජුන් සැවැත් නුවර පිඬු පිණිස හැසිර භික්‍ෂූන්ට සුගතෝවාදය දී ගඳ කිළියට පිවිස විවේකීව වැඩ සිට සවස් භාගයෙහි දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු ඇවැත්නි, බලනු මැනවි. මහා මුගලන් තෙරණුවන්ගේ සෘද්ධි ආනුභාවය බලනු මැනවි. මසුරු සිටාණන් සුළු කාලයක දී දමනය කොට හික්මවා තැටි කැවුම් ඔහු ලවා ම ගෙන්වා දෙව්රම් වෙහෙරට ගෙනවුත් බුදු රජුන්ට හඳුන්වා දී සෝවාන් ඵලයෙහි පිහිටවූහ. අනේ! මුගලන් තෙරුන්ගේ බල මහිමයැ යි තෙරුන්ගේ ගුණ කථා කරමින් සිටියාහ. බුදු රජුන් එතැනට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් යුතු හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, කුලයන් පහදවන්නා වූ භික්‍ෂුව විසින් කුලය නො වෙහෙසා පීඩා නො කොට මලකින් රොන් ගන්නා වූ බඹරකු මෙන් කුලයන් වෙත එළැඹ බුදු ගුණ අවබෝධ කැරවිය යුතු යි වදාරා තෙරණුවන් පසසමින්,

“යථාපි භමරො පුප‍්ඵං, වණ‍්ණගන්‍ධමහෙඨයං; පලෙති රසමාදාය, එවං ගාමෙ මුනී චරෙ”ති. (ධ· ප· 49) –

“යථාපි භමරො පුප්ඵං වණ්ණගන්‍ධං අහෙඨයං, පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ”

“යම් සේ බඹරෙක් මලෙහි පැහැය හා සුවඳ නො නසා මල් පැණි ගෙන ඉගිලේ ද? එමෙන් බුදු සව් තෙම කුලයෙහි හැසිරෙන්නේය.

ඉමං ධම‍්මපදෙ ගාථං වත්‍වා උත‍්තරිපි ථෙරස‍්ස ගුණං පකාසෙතුං “න භික‍්ඛවෙ, ඉදානෙව මොග‍්ගල‍්ලානෙන මච‍්ඡරියසෙට‍්ඨි දමිතො, පුබ‍්බෙපි තං දමෙත්‍වා කම‍්මඵලසම‍්බන්‍ධං ජානාපෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ධම්ම පදයෙහි මේ ගාථාව වදාරා තව දුරටත් තෙරුන්ගේ ගුණ පවසමින් මහණෙනි, මොග්ගල්ලාන විසින් මසුරු සිටු දමනය කරනු ලැබුවේ දැන් පමණක් නොව, පෙර ද ඔහු දමනය කොට කම් ඵල දැනවූයේයැ යි වදාරා අතීත කථාව ගෙන හැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසියං ඉල‍්ලිසො නාම සෙට‍්ඨි අහොසි අසීතිකොටිවිභවො පුරිසදොසසමන‍්නාගතො ඛඤ‍්ජො කුණී විසමක‍්ඛිමණ‍්ඩලො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො මච‍්ඡරී, නෙව අඤ‍්ඤෙසං දෙති, න සයං පරිභුඤ‍්ජති. රක‍්ඛසපරිග‍්ගහිතපොක‍්ඛරණී වියස‍්ස ගෙහං අහොසි. මාතාපිතරො පනස‍්ස යාව සත‍්තමා කුලපරිවට‍්ටා දායකා දානපතිනො. සො සෙට‍්ඨිට‍්ඨානං ලභිත්‍වායෙව කුලවංසං නාසෙත්‍වා දානසාලං ඣාපෙත්‍වා යාචකෙ පොථෙත්‍වා නික‍්කඩ‍්ඪිත්‍වා ධනමෙව සණ‍්ඨාපෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන සමයෙහි ඉල්ලීස නම් සිටු කෙනෙක් වූහ. අසූ කෙළක් ධනයට හිමි වූ ඔහු පුරුෂ දෝෂයන්ගෙන් යුක්ත වූයේය. කොරය, වපරය, ඇස් මඬල සමව නො පිහිටියේය. සැදැහැ නැත්තේය. අප්‍රසන්නය, මසුරුය, අනිකකුට කිසිවක් නො දෙයි. තමා ද පරිභෝග නො කරයි. ඔහුගේ ගෘහය රකුසන් අරක් ගත් පොකුණක් මෙන් විය. ඔහුගේ මව්පියෝ වනාහි සත් මුතු පරම්පරාව දක්වා දායකයෝය. මහා දන් පවත්වන්නෝය. හෙතෙම සිටු තනතුර ලැබ ම කුල සිරිත් වනසා දන් හල් ගිනි තබා යාචකයන් තලාපෙළා බැහැර කොට ධනය ම රැස් කළේය.

සො එකදිවසං රාජූපට‍්ඨානං ගන‍්ත්‍වා අත‍්තනො ඝරං ආගච‍්ඡන‍්තො එකං මග‍්ගකිලන‍්තං ජානපදමනුස‍්සං, එකං සුරාවාරකං, ආදාය පීඨකෙ නිසීදිත්‍වා අම‍්බිලසුරාය කොසකං පූරෙත්‍වා පූරෙත්‍වා පූතිමච‍්ඡකෙන උත‍්තරිභඞ‍්ගෙන පිවන‍්තං දිස‍්වා සුරං පාතුකාමො හුත්‍වා චින‍්තෙසි “සචාහං සුරං පිවිස‍්සාමි, මයි පිවන‍්තෙ බහූ පිවිතුකාමා භවිස‍්සන‍්ති, එවං මෙ ධනපරික‍්ඛයො භවිස‍්සතී”ති. සො තණ‍්හං අධිවාසෙන‍්තො විචරිත්‍වා ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ අධිවාසෙතුං අසක‍්කොන‍්තො විහතකප‍්පාසො විය පණ‍්ඩුසරීරො අහොසි ධම‍්මනිසන්‍ථතගත‍්තො ජාතො. අථෙකදිවසං ගබ‍්භං පවිසිත්‍වා මඤ‍්චකං උපගූහිත්‍වා නිපජ‍්ජි. තමෙනං භරියා උපසඞ‍්කමිත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජිත්‍වා “කිං තෙ, සාමි, අඵාසුක”න‍්ති පුච‍්ඡි. සබ‍්බං හෙට‍්ඨා කථිතනියාමෙනෙව වෙදිතබ‍්බං. “තෙන හි එකස‍්සෙව තෙ පහොනකං සුරං කරොමී”ති පන වුත‍්තෙ “ගෙහෙ සුරාය කාරියමානාය බහූ පච‍්චාසීසන‍්ති, අන‍්තරාපණතො ආහරාපෙත්‍වාපි න සක‍්කා ඉධ නිසින‍්නෙන පිවිතු”න‍්ති මාසකමත‍්තං දත්‍වා අන‍්තරාපණතො සුරාවාරකං ආහරාපෙත්‍වා චෙටකෙන ගාහාපෙත්‍වා නගරා නික‍්ඛම‍්ම නදීතීරං ගන‍්ත්‍වා මහාමග‍්ගසමීපෙ එකං ගුම‍්බං පවිසිත්‍වා සුරාවාරකං ඨපාපෙත්‍වා “ගච‍්ඡ ත්‍ව”න‍්ති චෙටකං දූරෙ නිසීදාපෙත්‍වා කොසකං පූරෙත්‍වා සුරං පාතුං ආරභි.

දිනක් හෙතෙම රාජ්‍ය සේවයට ගොස් තමාගේ ගෙදරට එන්නේ, අතර මග ක්ලාන්ත වූ ජනපද වැසියෙක් සුරා සැළියක් ගෙන පුටුවක හිඳ පැසුණු සුරා සරළුවක් පුරවා කුණුමස් කටගැස්මක් සමග බොනු දැක තමා ද සුරා බොනු කැමැත්තේ වී මෙසේ සිතීය. ඉදින් මම සුරා බොන්නේ නම් බොහෝ දෙනා බොනු කැමැත්තෝ වන්නාහුය. එවිට මගේ ධනය ක්‍ෂයවීමට යන්නේය. හෙතෙම ආසාව ඉවසමින් සිටිය ද, කල් යත් යත් ම ඉවසීමට නො හැකි ව පෙළන ලද පුළුන් රොදක් මෙන් පඬුවන් සිරුර ඇත්තේ විය. නහරවලින් වෙළුණු ශරීර ඇත්තෙක් වූයෝය. එක් දවසක් ඔහු යහන් ගැබට පිවිස ඇද වැළඳ ගෙන හොත්තේය. ඔහුගේ බිරිය ළඟට අවුත් පිට පිරිමැද ස්වාමීනි, කිම අපහසුවක්දැ යි විචාළාය. සියල්ල යට කියන ලද ආකාරයෙන් ම දත යුතුයි. එසේ වී නම් හුදෙකලා ඔබට පමණක් ප්‍රමාණවත් වන සේ සුරා කැනන්නෙමි යි කී කල්හි ගෙය තුළ සුරාව පිළියෙල කරන කල්හි බොහෝ දෙනා බලාපොරොත්තු වන බැවින් සුරා සැලකින් සුරා බඳුනක් සේවකයකු ලවා ගෙන්වා ගෙන මෙහි සිට බොන්නට නො හැකිය. මස්සක් පමණ මුදල් දී සුරා සැලකින් සුරා ගොටුවක් ගෙන්වා සේවකයකු මගින් නගරයෙන් නික්ම ගං තෙරට ගොස් මහ මඟ සමීපයෙහි එක් ලැහැබකට පිවිස සුරා ගොටුව තබවා හේ යවයි. සේවකයා ඈතින් හිඳුවා සරළුවක් පුරවා සුරා බොන්නට පටන් ගත්තේය.

පිතා පනස‍්ස දානාදීනං පුඤ‍්ඤානං කතත‍්තා දෙවලොකෙ සක‍්කො හුත්‍වා නිබ‍්බත‍්ති. සො තස‍්මිං ඛණෙ “පවත‍්තති නු ඛො මෙ දානග‍්ගං, උදාහු නො”ති ආවජ‍්ජෙන‍්තො තස‍්ස අප‍්පවත‍්තිං ඤත්‍වා, පුත‍්තස‍්ස කුලවංසං නාසෙත්‍වා දානසාලං ඣාපෙත්‍වා යාචකෙ නික‍්කඩ‍්ඪිත්‍වා මච‍්ඡරියභාවෙ පතිට‍්ඨාය “අඤ‍්ඤෙසං දාතබ‍්බං භවිස‍්සතී”ති භයෙන ගුම‍්බං පවිසිත්‍වා එකකස‍්සෙව සුරං පිවනභාවඤ‍්ච දිස‍්වා “ගච‍්ඡාමි, නං සඞ‍්ඛොභෙත්‍වා දමෙත්‍වා කම‍්මඵලසම‍්බන්‍ධං ජානාපෙත්‍වා දානං දාපෙත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තනාරහං කරොමී”ති මනුස‍්සපථං ඔතරිත්‍වා ඉල‍්ලිසසෙට‍්ඨිනා සදිසං ඛඤ‍්ජං කුණිං විසමචක‍්ඛුමණ‍්ඩලං අත‍්තභාවං නිම‍්මිනිත්‍වා බාරාණසිනගරං පවිසිත්‍වා රඤ‍්ඤො නිවෙසනද‍්වාරෙ ඨත්‍වා අත‍්තනො ආගතභාවං ආරොචාපෙත්‍වා “පවිසතූ”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා අට‍්ඨාසි. රාජා “කිං, මහාසෙට‍්ඨි, අවෙලාය ආගතොසී”ති ආහ. “ආම, ආගතොම‍්හි, දෙව ඝරෙ මෙ අසීතිකොටිමත‍්තං ධනං අත්‍ථි, තං දෙවො ආහරාපෙත්‍වා අත‍්තනො භණ‍්ඩාගාරං පූරාපෙතූ”ති. “අලං මහාසෙට‍්ඨි, තව ධනතො අම‍්හාකං ගෙහෙ බහුතරං ධන”න‍්ති. “සචෙ, දෙව, තුම‍්හාකං කම‍්මං නත්‍ථි, යථාරුචියා ධනං ගහෙත්‍වා දානං දම‍්මී”ති. “දෙහි, මහාසෙට‍්ඨී”ති. සො “සාධු, දෙවා”ති රාජානං වන්‍දිත්‍වා නික‍්ඛමිත්‍වා ඉල‍්ලිසසෙට‍්ඨිනො ගෙහං අගමාසි, සබ‍්බෙ උපට‍්ඨාකමනුස‍්සා පරිවාරෙසුං, එකොපි “නායං, ඉල‍්ලිසො”ති ජානිතුං සමත්‍ථො නාම නත්‍ථි.

ඔහුගේ පියා වනාහි දානාදී පිං කළ බැවින් දෙව්ලොව ශක්‍රයා වී උපන්නේය. ඔහු එකෙණෙහි මගේ දන් වැට පවත්නේ ද, නො පවත්නේදැ යි සලකා බලන්නේ, එය නො පවතිනා බවත් ඔහුගේ පුත්‍රයා කුලසිරිත් නසා දන් හල ගිනි තබා යාචකයන් බැහැර කොට මසුරු බවෙහි පිහිටා අනිකකුට දිය යුතු වන්නේයැ යි බයින් ලැහැබකට පිවිස එකලා ව සුරා බොන බව දැක මම යමි. ඔහු කැඳවා දමනය කොට කම් ඵල සබඳතා අවබෝධ කොට දන් දෙවා දෙව්ලොව ඉපදීමට සුදුස්සකු කරමි යි මිනිස් පියසට බැස ඉල්ලීස සිටු හා කිසි ම වෙනසක් නැති කොර වූ, වපර වූ සමව නො පිහිටි ඇස් මඬල ඇති ශරීරයක් මවා රජගහ නුවරට පිවිස රජ නිවස දොරටුවෙහි සිට තමා ආ බව දන්වා පිවිසෙන්නයැ යි කී කල්හි, පිවිස රජු වැඳ සිටියේය. රජ, මහා සිටුතුමනි, කුමක් නිසා අවේලාවෙහි පැමිණියේදැ යි ඇසුවේය. දේවයිනි, මම ආවේ වෙමි. මගේ ගෘහයෙහි අසූ කෙළක් පමණ ධනය ඇත්තේය. ඔබතුමා ඒ ධනයගෙන්වා තමාගේ භාණ්ඩාගාරය පුරවනු මැනවි. මහා සිටුවරය, මට එයින් වැඩක් නැත. ඔබගේ ධනයට වඩා මගෙ ගෘහයෙහි බොහෝ ධනය ඇත්තේය. දේවයිනි, ඔබතුමාට මේ ධනයෙන් වැඩක් නැති නම් මම කැමැති පරිදි ඒ ධනය ගෙන දන් දෙමි. මහසිටුවරය, දන් දෙව. හෙතෙම දේවයිනි, මැනවැ යි රජුන් වැඳ නික්ම ඉල්ලීස සිටුහුගේ ගෙට ගියේය. සියලු සේවක ජනයෝ ඔහු පිරිවරා ගත්හ. කිසිවකු මේ ඉල්ලීස සිටු නො වේයැ යි දැනීමට සමතකු නො වීය.

සො ගෙහං පවිසිත්‍වා අන‍්තොඋම‍්මාරෙ ඨත්‍වා දොවාරිකං පක‍්කොසාපෙත්‍වා “යො අඤ‍්ඤො මයා සමානරූපො ආගන‍්ත්‍වා ‘මමෙතං ගෙහ’න‍්ති පවිසිතුං ආගච‍්ඡති, තං පිට‍්ඨියං පහරිත්‍වා නීහරෙය්‍යාථා”ති වත්‍වා පාසාදං ආරුය‍්හ මහාරහෙ ආසනෙ නිසීදිත්‍වා සෙට‍්ඨිභරියං පක‍්කොසාපෙත්‍වා සිතාකාරං දස‍්සෙත්‍වා “භද‍්දෙ, දානං දෙමා”ති ආහ. තස‍්ස තං වචනං සුත්‍වාව සෙට‍්ඨිභරියා ච පුත‍්තධීතරො ච දාසකම‍්මකරා ච “එත‍්තකං කාලං දානං දාතුං චිත‍්තමෙව නත්‍ථි, අජ‍්ජ පන සුරං පිවිත්‍වා මුදුචිත‍්තො හුත්‍වා දාතුකාමො ජාතො භවිස‍්සතී”ති වදිංසු. අථ නං සෙට‍්ඨිභරියා “යථාරුචියා දෙථ, සාමී”ති ආහ. තෙන හි භෙරිවාදකං පක‍්කොසාපෙත්‍වා “‘සුවණ‍්ණරජතමණිමුත‍්තාදීහි අත්‍ථිකා ඉල‍්ලිසසෙට‍්ඨිස‍්ස ඝරං ගච‍්ඡන‍්තූ’න‍්ති සකලනගරෙ භෙරිං චරාපෙහී”ති. සා ච තථා කාරෙසි. මහාජනො පච‍්ඡිපසිබ‍්බකාදීනි ගහෙත්‍වා ගෙහද‍්වාරෙ සන‍්නිපති. සක‍්කො සත‍්තරතනපූරෙ ගබ‍්භෙ විවරාපෙත්‍වා “තුම‍්හාකං දම‍්මි, යාවදිච‍්ඡකං ගහෙත්‍වා ගච‍්ඡථා”ති ආහ. මහාජනො ධනං නීහරිත්‍වා මහාතලෙ රාසිං කත්‍වා ආභතභාජනානි පූරෙත්‍වා ගච‍්ඡති.

හෙතෙම ගෙට පිවිස එළිපත්තෙන් ඇතුළත සිට දොරටුපාලයා කැඳවා මා සමාන රුව ඇති අනිකෙක් අවුත් මේ මගේ ගෙයයැ යි පිවිසීමට එයි ද ඔහු පිටට පහර දී බැහැර කරවු යි කියා පහයට නැඟ මාහැඟි ආසනයේ හිඳ බිරිය කැඳවා සිනා ආකාරයක් දක්වා සොඳුර, දන් දෙමු යි කීවේය. ඔහුගේ ඒ වචනය අසා සිටු බිරිය ද දූ පුත්හු ද දැසි දස් කම්කරුවෝ ද සිටුතුමාට මෙතෙක් කල් දන් දීමට සිතක් පවා නො වීය. අද වනාහි සුරා බී මෘදු සිත් ඇති වී දන් දෙනු කැමැත්තෙක් වූයේයැ යි කීවාහුය. ඉක්බිති, සිටු බිරිය ස්වාමීනි, කැමැති පරිදි දන් දෙනු මැනවි යි ඔහුට කීවාය. එසේ වී නම් බෙර වාදකයකු ගෙන්වා රන්, රිදී, මුතු, මැණික් ආදිය කැමැත්තෝ ඉල්ලීස සිටුහුගේ ගෙදර යත්වා යි මුළු නගරයෙහි බෙර හසුරුවනු. ඕ එසේ කළාය. මහජනයා පැසි, මලු, පසිම්බු ආදිය ගෙන දොරටුවෙහි රැස්විය. ශක්‍රයා සත් රුවන් පිරවූ ගබඩා අරවා මේවා ඔබලාට දෙමි. කැමැතිතාක් රැගෙන යනු යි කීවේය. මහජනයා ගබඩාවලින් ධනය බැහැරකොට මිදුලෙහි ගොඩ ගසා ගෙන ආ භාජන පුරවා ගෙන යයි.

අඤ‍්ඤතරො ජනපදමනුස‍්සො ඉල‍්ලිසසෙට‍්ඨිනො ගොණෙ තස‍්සෙව රථෙ යොජෙත්‍වා සත‍්තහි රතනෙහි පූරෙත්‍වා නගරා නික‍්ඛම‍්ම මහාමග‍්ගං පටිපජ‍්ජිත්‍වා තස‍්ස ගුම‍්බස‍්ස අවිදූරෙන රථං පෙසෙන‍්තො “වස‍්සසතං ජීව, සාමි, ඉල‍්ලිසසෙට‍්ඨි, තං නිස‍්සාය ඉදානි මෙ යාවජීවං කම‍්මං අකත්‍වා ජීවිතබ‍්බං ජාතං, තවෙව රථො, තවෙව ගොණා, තවෙව ගෙහෙ සත‍්ත රතනානි, නෙව මාතරා දින‍්නානි, න පිතරා, තං නිස‍්සාය ලද‍්ධානි, සාමී”ති සෙට‍්ඨිනො ගුණකථං කථෙන‍්තො ගච‍්ඡති. සො තං සද‍්දං සුත්‍වා භීතතසිතො චින‍්තෙසි “අයං මම නාමං ගහෙත්‍වා ඉදඤ‍්චිදඤ‍්ච වදති, කච‍්චි නු ඛො මම ධනං රඤ‍්ඤා ලොකස‍්ස දින‍්න”න‍්ති ගුම‍්බා නික‍්ඛමිත්‍වා ගොණෙ ච රථඤ‍්ච සඤ‍්ජානිත්‍වා “අරෙ, චෙටක, මය‍්හං ගොණා, මය‍්හං රථො”ති වත්‍වා ගන‍්ත්‍වා ගොණෙ නාසාරජ‍්ජුයං ගණ‍්හි, ගහපතිකො රථා ඔරුය‍්හ “අරෙ, දුට‍්ඨචෙටක, ඉල‍්ලිසමහාසෙට‍්ඨි සකලනගරස‍්ස දානං දෙති, ත්‍වං කිං අහොසී”ති පක‍්ඛන්‍දිත්‍වා අසනිං පාතෙන‍්තො විය ඛන්‍ධෙ පහරිත්‍වා රථං ආදාය අගමාසි. සො පුන කම‍්පමානො උට‍්ඨාය පංසුං පුඤ‍්ඡිත්‍වා පුඤ‍්ඡිත්‍වා වෙගෙන ගන‍්ත්‍වා රථං ගණ‍්හි, ගහපතිකො රථා ඔතරිත්‍වා කෙසෙසු ගහෙත්‍වා ඔණාමෙත්‍වා කප‍්පරපහාරෙහි කොට‍්ටෙත්‍වා ගලෙ ගහෙත්‍වා ආගතමග‍්ගාභිමුඛං ඛිපිත්‍වා පක‍්කාමි. එත‍්තාවතාස‍්ස සුරාමදො ඡිජ‍්ජි. සො කම‍්පමානො වෙගෙන නිවෙසනද‍්වාරං ගන‍්ත්‍වා ධනං ආදාය ගච‍්ඡන‍්තෙ මහාජනෙ දිස‍්වා “අම‍්භො කිං නාමෙතං, කිං රාජා මම ධනං විලුම‍්පාපෙතී”ති තං තං ගන‍්ත්‍වා ගණ‍්හාති, ගහිතගහිතා පහරිත්‍වා පාදමූලෙයෙව පාතෙන‍්ති. සො වෙදනාප‍්පත‍්තො ගෙහං පවිසිතුං ආරභි. ද‍්වාරපාලා “අරෙ, දුට‍්ඨගහපති, කහං පවිසසී”ති වංසපෙසිකාහි පොථෙත්‍වා ගීවායං ගහෙත්‍වා නීහරිංසු.

එක්තරා ජනපද වැසි මිනිසෙක් ඉල්ලීස සිටාණන්ගේ ගොනුන් ඔහුගේ ම රථයෙහි යොදා සත් රුවනින් පුරවා නුවරින් නික්මී මහමඟට පිවිස ඔහු සිටි ලැහැබ අසලින් රථය පදවමින් ස්වාමිනි, ඉල්ලීස සිටුතුමනි, අවුරුදු සියයක් ජීවත් වනු මැනවි. ඔබ නිසා දැන් මට දිවි ඇති තෙක් කර්මාන්ත නොකට ජීවත් වීමට මඟක් උපන්නේය. ඔබේ ම රථය, ඔබේ ම ගොන්නු, ඔබේ ම ගෙයි සත්රුවන්, මව් විසින් දෙන ලද්දක් නො වේ. පියා විසින් දෙන ලද්දක් ද නො වේ. ඔබ නිසා ම ලබන ලද්දෙමි යි සිටුතුමාගේ ගුණ කථාව කියමින් යයි. හෙතෙම ඒ ශබ්දය අසා බියෙන් තැතිගෙන සිතුවේය. මේ තෙම මගේ නම ගෙන මේ මේ දේ කියයි. කිම, රජතුමා විසින් මගේ ධනය ලෝකයාට දෙන ලද්දේ ද? ලැහැබින් නික්මී ගොනුන් ද රථය ද හැඳින ගෙන එම්බා සේවකය, මගේ ගොන්නු, මගේ රථයැ යි කියා ගොස් ගොනුන් නාසි ලණුවෙන් අල්ලා ගත්තේය. ගෘහපතියා රථයෙන් බැස එම්බා දුෂ්ට සේවකය, ඉල්ලීස මහ සිටු මුළු නගරය ම දන් දෙයි. ඔබ කවරෙක්දැ යි පැන කඳට පහර දී රථය ගෙන ගියේය. හෙතෙම නැවත වෙවුලමින් නැඟිට පස් පිස දමා වේගයෙන් ගොස් රථය අල්ලා ගත්තේය. ගෘහපතියා බැස කෙස්වලින් අල්ලා ගෙන නවා වැලමිටි පහරින් ඇන තලා බෙල්ලෙන් අල්ලා ගෙන ආ මඟට අභිමුඛ ව දමා ගියේය. එපමණකින් ඔහුගේ සුරා මදය සිඳී ගියේය. ඔහු වෙවුලමින් වේගයෙන් ගෙදර දොරටුව ළඟට ගොස් ධනය රැගෙන යන්නවුන් ගෙන් එම්බල, මේ කුමක් ද? රජු මගේ ධනය පැහැර ගන්වතැ යි, ගොස් ඒ ඒ අය අල්වා ගනිමු යි ගත් ගත් අයට පහර දී පා මුලෙහි ම හෙළත්. හෙතෙම වේදනාවෙන් පීඩිත වූයේ ගෙට පිවිසීමට පටන් ගත්තේය. දොරටු පාලයෝ එම්බල දුෂ්ට ගෘහපතිය, කොහි ඇතුළු වන්නෙහිදැ යි හුණ පතුරුවලින් තලා බෙල්ලෙන් ගෙන බැහැර කළහ.

සො “ඨපෙත්‍වා ඉදානි රාජානං නත්‍ථි මෙ අඤ‍්ඤො කොචි පටිසරණො”ති රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “දෙව, මම ගෙහං තුම‍්හෙ විලුම‍්පාපෙථා”ති ආහ. නාහං සෙට‍්ඨි විලුම‍්පාපෙමි, නනු ත්‍වමෙව ආගන‍්ත්‍වා “සචෙ තුම‍්හෙ න ගණ‍්හථ, අහං මම ධනං දානං දස‍්සාමී”ති නගරෙ භෙරිං චරාපෙත්‍වා දානං අදාසීති. නාහං , දෙව, තුම‍්හාකං සන‍්තිකං ආගච‍්ඡාමි, කිං තුම‍්හෙ මය‍්හං මච‍්ඡරියභාවං න ජානාථ, අහං තිණග‍්ගෙන තෙලබින්‍දුම‍්පි න කස‍්සචි දෙමි. යො දානං දෙති, තං පක‍්කොසාපෙත්‍වා වීමංසථ, දෙවාති. රාජා සක‍්කං පක‍්කොසාපෙසි, ද‍්වින‍්නං ජනානං විසෙසං නෙව රාජා ජානාති, න අමච‍්චා. මච‍්ඡරියසෙට‍්ඨි “කිං, දෙව, අයං සෙට‍්ඨි, අහං සෙට‍්ඨී”ති ආහ. “මයං න සඤ‍්ජානාම, අත්‍ථි තෙ කොචි සඤ‍්ජානනකො”ති? “භරියා මෙ, දෙවා”ති. භරියං පක‍්කොසාපෙත්‍වා “කතරො තෙ සාමිකො”ති පුච‍්ඡිංසු. සා “අය”න‍්ති සක‍්කස‍්සෙව සන‍්තිකෙ අට‍්ඨාසි. පුත‍්තධීතරො දාසකම‍්මකරෙ ච පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡිංසු, සබ‍්බෙපි සක‍්කස‍්සෙව සන‍්තිකෙ තිට‍්ඨන‍්ති.

සිටු, මට දැන් රජු හැර වෙන පිළිසරණක් නැතැ යි රජු වෙත ගොස්, දේවයිනි, මගේ ගෙය ඔබතුමා පැහැර ගන්නහු ද? සිටුවරය, මම පැහැර ගන්නෙම් නො වෙමි. ඔබ ම මා වෙත අවුත් ඉදින්, ඔබ නො ගන්නහු නම් මම ධනය දන් දෙමි යි නගරයෙහි බෙර හසුරුවා දන් දුන්නේ නො වේ ද? දේවයිනි, මම ඔබ වෙත නො ආමි. කිම, ඔබතුමා මගේ මසුරු බව නො දන්නහු ද? මම තණඟින් තෙල් බිංදුවක් පමණකුදු කිසිවකුට නො දෙමි. යමෙක් දන් දෙයි ද, ඔහු මෙතනට කැඳවා විමසනු මැනවි. රජතුමා ශක්‍රයා කැඳවීය. දෙදෙනාගේ වෙනස රජ නො දනී. ඇමැතියෝ ද නො දකිති. මසුරු සිටු දේවයිනි, කිමෙක් ද? මේ සිටුවරයා මම සිටු වෙමි යි කීය. අපි නො හඳුනමු. කිසියම් හඳුනන කෙනෙක් ඔබට ඇත්තේ ද? ස්වාමීනි, මගේ භාර්යාව සිටින්නීය. එවිට රජු භාර්යාව කැඳවා තිගේ ස්වාමියා කවරෙක්දැ යි ඇසීය. ඕ තොමෝ මේ මගේ හිමියායැ යි ශක්‍රයාගේ සමීපයෙහි ම සිටියාය. දූ දරුවන් ද දැසි දස් කම්කරු ආදීන් ද එතැනට කැඳවා ඔවුන්ගෙන් ද විචාළේය. ඒ සියල්ලෝ ම ශක්‍රයාගේ සමීපයෙහි ම සිටිති.

පුන සෙට‍්ඨි චින‍්තෙසි “මය‍්හං සීසෙ පිළකා අත්‍ථි, කෙසෙහි පටිච‍්ඡන‍්නා, තං ඛො පන කප‍්පකො එව ජානාති, තං පක‍්කොසාපෙස‍්සාමී”ති. සො “කප‍්පකො මං, දෙව, සඤ‍්ජානාති, තං පක‍්කොසාපෙථා”ති ආහ. තස‍්මිං පන කාලෙ බොධිසත‍්තො තස‍්ස කප‍්පකො අහොසි. රාජා තං පක‍්කොසාපෙත්‍වා “ඉල‍්ලිසසෙට‍්ඨිං ජානාසී”ති පුච‍්ඡි. “සීසං ඔලොකෙත්‍වා ජානිස‍්සාමි, දෙවා”ති. “තෙන හි ද‍්වින‍්නම‍්පි සීසං ඔලොකෙහී”ති. තස‍්මිං ඛණෙ සක‍්කො සීසෙ පිළකං මාපෙසි. බොධිසත‍්තො ද‍්වින‍්නම‍්පි සීසං ඔලොකෙන‍්තො පිළකා දිස‍්වා “මහාරාජ, ද‍්වින‍්නම‍්පි සීසෙ පිළකා අත්‍ථෙව, නාහං එතෙසු එකස‍්සාපි ඉල‍්ලිසභාවං සඤ‍්ජානිතුං සක‍්කොමී”ති වත්‍වා ඉමං ගාථමාහ –

නැවත සිටුවරයා මෙසේ සිතීය. මගේ හිසෙහි පිලිකාවක් ඇත. එය කෙස්වලින් වැසී තිබේ. එය දන්නේ කපුවා පමණය. ඔහු කැඳවමි යි දේවයිනි, කපුවා මා හඳුනයි. ඔහු කැඳවනු මැනවැ යි කීය. ඒ කාලයෙහි බෝසත්හු ඔහුගේ කපුවා වෙයි. රජු ඔහු කැඳවා ඉල්ලීස සිටුවරයා දන්නෙහිදැ යි විචාළේය. දේවයිනි, හිස බලා හැඳින ගනිමි. එසේ නම් දෙදෙනාගේ ම හිස් බලව. එකෙණෙහි ශක්‍රයා හිසෙහි පිළිකාවක් මැවීය. බෝසත්හු දෙදෙනාගේ ම හිස් බලා පිළිකා දැක මහරජ, දෙදෙනාගේ ම හිසෙහි පිළිකා ඇත. එම නිසා එක් අයකුගේවත් ඉල්ලීස සිටු බව දැන ගන්නට නො හැක්කෙමි යි කියා මේ ගාථාව කීහ.

“උභො ඛඤ‍්ජා උභො කුණී, උභො විසමචක‍්ඛුකා; උභින‍්නං පිළකා ජාතා, නාහං පස‍්සාමි ඉල‍්ලිස”න‍්ති.

“උභො ඛඤ්ජා උභො කුණි උභො විසමචක්‍ඛුලා, උභින්නං පිළකා ජාතා නාහං පස්සාමි ඉල්ලිසන්ති”

“දෙදෙනා ම පිළුය. දෙදෙනා ම කොරුය. දෙදෙනා ම වපරය. දෙදෙනාගේ ම හිස පිළිකාවෝ ඇතියහ. මම ඉල්ලීස නො දකිමි.”

තත්‍ථ උභොති ද‍්වෙපි ජනා. ඛඤ‍්ජාති කුණ‍්ඨපාදා. කුණීති කුණ‍්ඨහත්‍ථා. විසමචක‍්ඛුකාති විසමක‍්ඛිමණ‍්ඩලා කෙකරා. පිළකාති ද‍්වින‍්නම‍්පි එකස‍්මිංයෙව සීසපදෙසෙ එකසණ‍්ඨානාව පිළකා ජාතා. නාහං පස‍්සාමීති අහං “ඉමෙසු අයං නාම ඉල‍්ලිසො”ති න පස‍්සාමි, එකස‍්සාපි ඉල‍්ලිසභාවං න ජානාමීති අවොච.

එහි, “උභොපි”, දෙදෙනා ම, “ඛඤ්ජාති”, කොර වූ පා ඇත්තෝ, “කුණි”, කොරය. “විසමචක්‍ඛුලා”, සම ව නො පිහිටි ඇස් ගුලි ඇත්තෝ, වපර ඇස් ඇත්තෝය. “පිළකා ජාතා”, දෙදෙනාගේ ම එක ම හිස් ප්‍රදේශයක එක ම ආකාර වූ පිළිකා හට ගත්තේය. “නාහං පස්සාමි”, මම මොවුනතුරෙන් මොහු ඉල්ලීසයැ යි නො දකිමි. එක් අයකුගේවත් ඉල්ලීස සිටු බව නො දිනිමි යි කීවේය.

බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා සෙට‍්ඨි කම‍්පමානො ධනසොකෙන සතිං පච‍්චුපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව පති. තස‍්මිං ඛණෙ සක‍්කො “නාහං, මහාරාජ , ඉල‍්ලිසො, සක‍්කොහමස‍්මී”ති මහතියා සක‍්කලීලාය ආකාසෙ අට‍්ඨාසි. ඉල‍්ලිසස‍්ස මුඛං පුඤ‍්ඡිත්‍වා උදකෙන සිඤ‍්චිංසු, සො උට‍්ඨාය සක‍්කං දෙවරාජානං වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං සක‍්කො ආහ “ඉල‍්ලිස, ඉදං ධනං මම සන‍්තකං, න තව. අහඤ‍්හි තෙ පිතා, ත්‍වං මම පුත‍්තො. අහං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සක‍්කත‍්තං පත‍්තො, ත්‍වං පන මෙ වංසං උපච‍්ඡින්‍දිත්‍වා අදානසීලො හුත්‍වා මච‍්ඡරියෙ පතිට‍්ඨාය දානසාලායො ඣාපෙත්‍වා යාචකෙ නික‍්කඩ‍්ඪිත්‍වා ධනමෙව සණ‍්ඨාපෙසි. තං නෙව ත්‍වං පරිභුඤ‍්ජසි, න අඤ‍්ඤෙසං දෙසි, රක‍්ඛසපරිග‍්ගහිතං විය තිට‍්ඨති. සචෙ මෙ දානසාලා පාකතිකා කත්‍වා දානං දස‍්සසි, ඉච‍්චෙතං කුසලං. නො චෙ දස‍්සසි, සබ‍්බං තෙ ධනං අන‍්තරධාපෙත්‍වා ඉමිනා ඉන්‍දවජිරෙන තෙ සීසං ඡින්‍දිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සාමී”ති. ඉල‍්ලිසසෙට‍්ඨි මරණභයෙන සන‍්තජ‍්ජිතො “ඉතො පට‍්ඨාය දානං දස‍්සාමී”ති පටිඤ‍්ඤං අදාසි. සක‍්කො තස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා ආකාසෙ නිසින‍්නොව ධම‍්මං දෙසෙත්‍වා තං සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා සකට‍්ඨානමෙව අගමාසි. ඉල‍්ලිසොපි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි.

බෝසතාණන් වහන්සේගේ වචනය අසා සිටු කම්පා වෙමින් ධන ශෝකයෙන් සිහිය එළවා ගැනීමට නො හැකි වන්නේ එහි ම වැටුණේය. ඒ අවස්ථාවෙහි ශක්‍රයා මහරජ, මම ඉල්ලීස නො වෙමි මම ශක්‍රයා නො වෙමි යි මහත් ශක්‍ර ලීලාවෙන් අහසෙහි සිටියේය. ඉල්ලීසගේ මුහුණ පිනිදිය ඉස්සේය. ඔහු නැඟිට සක් දෙවිඳුන් වැඳ සිටියේය. ඉක්බිති, ශක්‍රයා ඔහුට මෙසේ කීවේය. ඉල්ලීසය, මේ ධනය මා සතුය. ඔබ සතු නො වේ. මම ඔබගේ පියා වෙමි. ඔබ මගේ පුත්‍රයාය. මම දානාදී පිංකොට ශක්‍ර බවට පැමිණියෙමි. ඔබ මගේ කුල සිරිත් සිඳ නො දෙන ස්වභාව ඇත්තෙක් ව මසුරු බවෙහි පිහිටා දන් හල දවා යාචකයන් පිටමං කොට ධනය ම තර කළෙහිය. ඒ ධනය ඔබ ද පරිභෝග නො කරන්නෙහිය. මෙරමා හට ද නො දෙන්නෙහිය. රකුසන් අරක් ගත්තාක් මෙන් පවතී. ඉදින්, ඔබ මගේ දාන ශාලා යථා තත්ත්වයට පමුණුවා දන් දෙන්නෙහි නම් ඒ ඉතා මැනවි. ඉදින් නො දෙන්නෙහි නම් ඒ සියලු ධනය අතුරුදන් කොට මේ වජිරායුධයෙන් හිස සිඳ මරණයට පත් කරන්නෙමි යි කීවේය. ඉල්ලීස සිටු මරණ බයෙන් බියපත්ව මෙතැන් පටන් දන් දෙමි යි ප්‍රතිඥා දුන්නේය. ශක්‍රයා ඔහුගෙන් ප්‍රතිඥාගෙන අහසෙහි සිට ම දම් දෙසා ඔහු ශීලයෙහි පිහිටුවා ස්වකීය ස්ථානයට ම ගියේය. ඉල්ලීස සිටු ද දානාදී පිංකම් කොට ස්වර්ගය පිහිට කොට ඇත්තකු විය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව මොග‍්ගල‍්ලානො මච‍්ඡරියසෙට‍්ඨිං දමෙති, පුබ‍්බෙපෙස ඉමිනා දමිතොයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ඉල‍්ලිසො මච‍්ඡරියසෙට‍්ඨි අහොසි, සක‍්කො දෙවරාජා මහාමොග‍්ගල‍්ලානො, රාජා ආනන්‍දො, කප‍්පකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මහණෙනි, මුගලන් මසුරු සිටාණන් දමනය කැරෙනුයේ දැන් පමණක් නොව, මෙතෙම මුගලන් විසින් පෙර ද දමනය කරන ලද්දේ මයැ යි වදාරා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල්හි ඉල්ලීස සිටු මෙකල්හි කෝසිය මසුරු සිටු විය. සක් දෙව් රජ මහා මුගලන් විය. රජ ආනන්දය. කපුවා නම් මම වීමි.

ඉල‍්ලිසජාතකවණ‍්ණනා අට‍්ඨමා.