9. ඛරස්සරජාතකවණ්ණනා 79 අට්ඨකථා
9. ඛරස්සරජාතකවණ්ණනා (79)
9. ඛරස්සර ජාතකය (79)
යතො විලුත්තා ච හතා ච ගාවොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං අමච්චං ආරබ්භ කථෙසි. කොසලරඤ්ඤො කිර එකො අමච්චො රාජානං ආරාධෙත්වා පච්චන්තගාමෙ රාජබලිං ලභිත්වා චොරෙහි සද්ධිං එකතො හුත්වා “අහං මනුස්සෙ ආදාය අරඤ්ඤං පවිසිස්සාමි, තුම්හෙ ගාමං විලුම්පිත්වා උපඩ්ඪං මය්හං දදෙය්යාථා”ති වත්වා පගෙව මනුස්සෙ සන්නිපාතෙත්වා අරඤ්ඤං ගන්ත්වා චොරෙසු ආගන්ත්වා ගාවියො ඝාතෙත්වා මංසං ඛාදිත්වා ගාමං විලුම්පිත්වා ගතෙසු සායන්හසමයෙ මහාජනපරිවුතො ආගච්ඡති. තස්ස න චිරස්සෙව තං කම්මං පාකටං ජාතං. මනුස්සා රඤ්ඤො ආරොචෙසුං. රාජා තං පක්කොසාපෙත්වා දොසං පතිට්ඨාපෙත්වා සුනිග්ගහිතං නිග්ගහෙත්වා අඤ්ඤං ගාමභොජකං පෙසෙත්වා ජෙතවනං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසි. භගවා “න, මහාරාජ, ඉදානෙව එස එවංසීලො, පුබ්බෙපි එවංසීලොයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
“යතො විලුත්තා ච හතා ච ගාවොති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා ඇමැතියෙකු අරබයා වදාළහ. කොසොල් රජුගේ වනාහි එක් ඇමැතියෙක් රජතුමාගේ හිත් දිනාගෙන පසල් ගමක අයබදු ලැබ සොරුන් සමග එක් වී මම මිනිසුන් රැගෙන කැලයට පිවිසෙන්නෙමි. තෙපි ගම් පැහැර ගෙන ඉන් බාගයක් මට දෙන්නේ නම් මැනවැ යි කියා කල් ඇති ව මිනිසුන් රැස් කැරවා වනයට ගොස් සොරුන් අවුත් ගවයන් මරා මස් කා ගම් පැහැර ගෙන ගිය කල්හි සවස් කාලයෙහි මහජනයා විසින් පිරිවරන ලද්දේ එයි. ඔහුගේ ඒ ක්‍රියාව නොබෝ දිනකින් ප්‍රකට විය. මිනිස්සු රජුට සැලකළාහුය. රජතුමා ද ඔහු කැඳවා දොස් පමුණුවා තදින් නිග්‍රහ කොට වෙනත් ගම්මුලාදෑනියකු යවා, දෙව්රමට ගොස් භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ සැලකළේය. බුදු රජහු, මහරජ, මෙතෙම මෙබඳු ස්වභාව ඇත්තේ දැන් පමණක් නොව, පෙරත් මෙබඳු ස්වභාව ඇත්තේයැ යි වදාරා ඔහු විසින් අයැදින ලද්දේ අතීතය ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ එකස්ස අමච්චස්ස පච්චන්තගාමං අදාසි. සබ්බං පුරිමසදිසමෙව. තදා පන බොධිසත්තො වණිජ්ජාය පච්චන්තෙ විචරන්තො තස්මිං ගාමකෙ නිවාසං කප්පෙසි. සො තස්මිං ගාමභොජකෙ සායන්හසමයෙ මහාජනපරිවාරෙන භෙරියා වජ්ජමානාය ආගච්ඡන්තෙ “අයං දුට්ඨගාමභොජකො චොරෙහි සද්ධිං එකතො හුත්වා ගාමං විලුම්පාපෙත්වා චොරෙසු පලායිත්වා අටවිං පවිට්ඨෙසු ඉදානි උපසන්තූපසන්තො විය භෙරියා වජ්ජමානාය ආගච්ඡතී”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී රජතුමා එක් ඇමැතියකු හට පසල් ගමක් දුන්නේය. සියල්ල පෙර පරිදි ම විය. එකල්හි වනාහි බෝසත්හු වෙළඳාම් පිණිස පසල් ගමෙහි හැසිරෙන්නේ එහි කුඩා ගමක නවාතැන් ගත්තේය. හෙතෙමේ ඒ ගම්මුලාදෑනියා සවස් කාලයෙහි මහජනයා පිරිවරා බෙර හසුරුවමින් එන කල්හි මේ දුෂ්ට ගම්මුලාදෑනියා සොරුන් හා එක්ව ගම පහරවා සොරුන් පලා ගොස් කැලයට පිවිසි කල්හි දැන් උපශාන්තයකු මෙන් බෙර වයමින් එන්නේයැ යි මේ ගාථාව කීවේය.
“යතො විලුත්තා ච හතා ච ගාවො, දඩ්ඪානි ගෙහානි ජනො ච නීතො; අථාගමා පුත්තහතාය පුත්තො, ඛරස්සරං ඩිණ්ඩිමං වාදයන්තො”ති.
“යතො විලුත්තා ච හතා ච ගාවො, දඩ්ඪානි ගෙහානි ජනො ච නීතො, අථාගමා පුත්තහතාය පුත්තො, ඛරස්සරං දෙණ්ඩිමං වාදයන්තොති”
“යම් කලෙක්හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහු ද (මස් පිණිස) නසනු ලද්දාහු ද ගෘහයෝ දවන ලද්දාහු ද ජනයෝ ද බැඳ ගෙන යන ලද්දාහු ද එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්‍රයා, අමධුර වූ ශබ්ද ඇති, පටහ බෙරය වාදනය කැරෙමින් ආවේය.”
තත්ථ යතොති යදා. විලුත්තා ච හතා චාති විලුම්පිත්වා බන්ධිත්වා ච නීතා, මංසං ඛාදනත්ථාය ච හතා. ගාවොති ගොරූපානි. දඩ්ඪානීති අග්ගිං දත්වා ඣාපිතානි. ජනො ච නීතොති කරමරග්ගාහං ගහෙත්වා නීතො. පුත්තහතාය පුත්තොති හතපුත්තාය පුත්තො, නිල්ලජ්ජොති අත්ථො. ඡින්නහිරොත්තප්පස්ස හි මාතා නාම නත්ථි, ඉති සො තස්සා ජීවන්තොපි හතපුත්තට්ඨානෙ තිට්ඨතීති හතපුත්තාය පුත්තො නාම හොති. ඛරස්සරන්ති ථද්ධසද්දං. ඩිණ්ඩිමන්ති පටහභෙරිං.
එහි, “යතො” යනු යම් කලෙක, “විලුත්තා ච හාතා චාති”, පැහැරගෙන එන ලද, මස් කෑම පිණිස නසන ලද, “ගාවොති”, ගවයන්, “දඩ්ඪානිති”, ගිනි දල්වා දවන ලද, “ජනො ච නීතොති”, බලහත්කාරයෙන් ගෙන යන ලද්දේ, “පුත්තහතාය පුත්තොති”, නසන ලද පුත්‍රයන් ඇත්තියගේ පුතා, ලජ්ජා නැති යන අර්ථයි. විලිබිය නැත්තහුට මවක නැත. එම නිසා ඔහු මව ජීවත් ව සිටිය ද නැසුණු පුත්‍රයන් ඇත්තීයැ යි කියන ලදි. එම නිසා මොහු නැසුණු පුත්‍රයන් ඇත්තියගේ පුතා නම් වේ. “ඛරස්සරං”, යනු නො මිහිරි ශබ්දයයි. “දෙණ්ඩිමං”, යනු පටහ නම් බෙර විශේෂයකි.
එවං බොධිසත්තො ඉමාය ගාථාය තං පරිභාසි. න චිරෙනෙව ච තස්ස තං කම්මං පාකටං ජාතං, අථස්ස රාජා දොසානුරූපං නිග්ගහං අකාසි.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් ඔහුට උපහාස කළහ. ටික දිනකින් ම ඔහුගේ ඒ ක්‍රියාව ප්‍රකට විය. ඉක්බිති, රජු ඔහුගේ වරදට සමාන වූ දඬුවම් කළේය.
සත්ථා “න, මහාරාජ, ඉදානෙවෙස එවංසීලො, පුබ්බෙපි එවංසීලොයෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා අමච්චො ඉදානි අමච්චොයෙව, ගාථාය උදාහාරකපණ්ඩිතමනුස්සො පන අහමෙව අහොසි”න්ති.
බුදු රජහු, මහරජ, මොහු මෙබඳු ස්වභාව ඇත්තකු වනුයේ දැන් පමණක් නොව පෙර ද එසේ ම වීයැ යි වදාරා මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමා කළහ. එදා ඇමැතියා නම් දැන් ඇමැතියා මය. ගාථාව ගෙනහැර දැක්වූ නුවණ ඇති පුරුෂයා නම් මම ම වීමි.
ඛරස්සරජාතකවණ්ණනා නවමා.